මානස (Completed)

Da NirMad238

58.7K 11.2K 11.2K

ඔයා වෙනුවෙන් මං හැමදාමත් ඉන්නවා.... Altro

Introduction
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
පසුවදන

41

504 102 118
Da NirMad238

අයියා මේ සැරේ ඇත්තටම ගිහින්!!

'I'm on my way Snowdrop!
Will call you at the airport!'

ඒ තමයි මුලින්ම ආපු msg එක.
ඊට පස්සෙ පැය ගානක් ගිහින් තමයි එයා කෝල් කලේ.
ඒත් ඒ වෙද්දි මට හුස්ම ගන්නවත් බෑ.
කවදා කොහේ හැංගිලා තිබ්බ කඳුළුද මං දන්නෑ. මගේ මූණ පුරාම ගලාගෙන යනවා.

නහය හිර වෙලා.
ඔළුව තද වෙලා.
මේක මහා වදයක්!
ඇයි මං අඬන්නෙ?
මං කෙල්ලෙක් නෙමෙයි.
මට මේක දරාගන්න පුළුවන්.
අයියා ආයෙම එනවනෙ.
අනික එයා මට වෙනදා වගේම කතා කරනවත් කිව්වනෙ.
මේක තාවකාලික ඈත් වීමක් විතරයි!
ඉතින් ඇයි මං අඬන්නෙ?

අඬන්න එපා තඹරු!
අයියා කිව්වනෙ එයා හැමවෙලාවෙම ඔයා ලඟ ඉන්නවා කියලා.
ඉතින් පේන්න හිටියෙ නැති වුනත් එයා ඉන්නවා.
ඔයා ඔහොම ඉන්නවා දැක්කොත් එයාටත් ගොඩක් දුක හිතෙයි.

තනියෙන්ම කියව කියව කොච්චර හිත හදාගන්න හැදුවත් එතකොට හිත රිදෙනවා තවත් වැඩියි.
අයියා වගේ වෙන කවුද මට මේ ලෝකෙ ඉන්නෙ?
තඹරු කියන කිසිම වැදගැම්මකට නැති, කිසිම කෙනෙකුට පෙන්නන්නත් බැරි මනුස්සයා ලෝකෙ ඉස්සරහා මේ තරමට හරි ලස්සනට ඉන්නෙ අයියා නිසාම විතරයි.

ඉස්සර හිටපු කොල්ලා එහෙම්මම ලොකු වුනා නම් සමහරවිට මේ වෙද්දි මං හැමදේම දමලා ගහලා ගෙදරින් පැනලා ගිහින් තියෙන්න ලොකුම ලොකු ඉඩක් තිබුනා.
එහෙම ගිහින් පාතාලෙ මැරයෙක් වෙලා ඉඳීද,
ඉබාගාතෙ යන රස්තියාදුකාරයෙක් වෙලා ඉඳීද,
අවයව ජාවරම් කාරයෙකුටවත් අහුවෙලා මැරිලා ඉඳීද,
කවුද දන්නෙ?

අයියා තමයි ලස්සනට මගේ ජීවිතේ පාට කලේ. පාට කරගන්න හැටි මටත් කියලා දුන්නෙ.

ඒ වුනාට අයියෙ ඔයාට ටිකෙන් ටික මාව අමතක වෙලා ගියොත් මං මොකද කරන්නෙ?
අඩුම ගානෙ පාරෙ යන බඩු ලොරියක හරි නැගලා ඔයාව හොයාගෙන එන්න පුළුවන් තැනක හරි හිටියා නම්?!

"Snowdrop,
පැටියෝ...
It's ok to cry.
But everything's gonna be ok.
We just need a few days and we'll adapt.
මොකුත්ම වෙනස් වෙන්නෙ නෑ පැටියො.
අපි තව අඩියක් ඉස්සරහට තිබ්බා විතරයි.
ඇත්තටම නම් අපි සතුටු වෙන්න ඕනෙ නේද?
Now we can walk faster towards our dream.
A dream of a perfect future."

"හ..හ්!
ම්...."

"Take some rest today.
Cry! Sleep! Watch a movie!
Do whatever that makes you feel better.
But from tomorrow I need your help Snowdrop.
This is teamwork remember?
We both need to give our best!"

"ම්.....
හ...හ්!"

"Ok පැටියො.
I'll hang up then.
Sleep a bit more.
You'll start feeling better once you wake up."

"Nooooooo!!!
හ....හ්!
Please...h!
Just..... just keep...h talking to me ayye...h!
Or just keep the call and do your things.
I... I want to be with you Happy Pill.
I want to be with you all the time."

ඉතින් අයියා plane එකට නගිනකල්ම phone එක කනේ තියාගෙන මං එයා කරන දේවල් අහගෙන හිටියා. අනේ ඉතින් එයා යනවා බලාගෙන හරි ඉන්න ලැබුනා නම් මට!
මගේ අයියෙ මං ආවෙ නැති නිසා ඔයාට දුකයිද?
මට කොහොමහරි ඔයාගෙ පස්සෙන් දුවගෙන දුවගෙන එන්න තිබුනද?
ඔයා යද්දි kiss එකක් දීලා ඔයාව බදාගෙන පරිස්සමින් ගිහිල්ලා එන්න කියන්න තිබුනද?

ඔව්!
මට එහෙම කරන්න තිබුනනෙ.
තඹරු!
උඹ මහා මෝඩයෙක්!
ආදරෙයි ආදරෙයි කියලා බොරුවට කිව්වට ඒ මනුස්සයා යන වෙලාවෙ එතන ඉන්න ඕනෙ කියලාවත් හිතුවද?

"Ayye..h!
Ayye..h!
When's the flight?
How many more hours are left?"

"Well only like half an hour patiyo."

අනේ...හ්!

"Ayye I want to see you.
I want to hug and kiss you before you leave.
Please ayye please...
Can I come?
I'll do anything to be near you!"

"Patiyo....
Even if you come you aren't allowed beyond the check-in area.
You don't get to come near where I am.
So don't get upset ok.
I'll switch on the video so you can see me."

අනේ මගේ චූටියා!
එයත් අඬලා.
පව් මගෙ හිනාමල.

"Ayye!
Please don't cry.
We can do this.
I'll give you my best.
So don't worry ok?
You have to keep smiling always.
I'll do anything for you!"

"I know!
I know I have the best companion.
Thank you my Snowdrop!
Thank you for giving me hope and strength!
I too will give my best for you!
Love you so..... much!"
.
.
.
.
.
.
.
.
.
.
අයියා ඊට පස්සෙ transit එකේදි එක පාරක් call කලා.
Flight එක මාරු වෙන නිසා අනිත් එකට නැගගන්න දුවන්න ඕනෙ කියලා ගොඩක් වෙලා කතා කලේ නෑ.
පව් එයා!
තනියෙන්ම ඔක්කොම කරගන්න වෙනවනෙ.
උදව් කරන්න මටත් එයාගෙ ලඟ ඉන්න තිබුනා නම්!

UK වලින් බැස්සට පස්සෙ නම් අයියා දිගම දිග කෝල්ස් ගත්තෙ. එයා මට මුළු airport එකම පෙන්නුවා.
එලියෙ buildings!
පාරවල්!
මිනිස්සු!
සත්තු!
හැමදේම.
මේ එයාලගෙ autumn එකලු.
ඉතින් ගස් රතු පාටයි.
කහ පාටයි,
තැඹිලි පාටයි.
හරිම ලස්සනයි.

පහුවදා එයා එයාගෙ මුළු university එකමත් පෙන්නුවා. ඒකත් හරිම ලස්සනයි.
පුංචි කාලෙ ටීවී එකේ බලපු සුරංගනා ලෝකයක් මතක් වෙන්නෙ දැක්කම.

"You too can study in this fairy world Thambaru.
As soon as you finish your A/Ls I'll take you to me!"

ඔව් ඒක තමයි.
දැන් ඉතින් 10 ඉවර වෙන්නත් මාස තුනක්වත් නෑ.
ඊට පස්සෙ O/L.
අයියට ඕනෙ results ගන්නවා කියන්නෙ ලේසි වැඩක් නෙමෙයිනෙ.
ඉතින් සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා.
එතකොට මට කල්පනා කර කර දුක් වෙවී ඉන්න වෙලාවක් කොහොමත් නැති වෙයි. අනික ඉතින් දුක් වෙන්න දේකුත් නෑ.
අයියා කියනවා වගේ මේ අමාරු දවස් ටික පුළුවන් උපරිම හොඳින් ගෙවාගන්න එකෙන් වෙන්නෙ අපිට ඊටපස්සෙ හැමදාමත් එකටම ඉන්න පුළුවන් විදිහක් හැදෙන එකනෙ.

ඉතින් මං ඉස්සරටත් වඩා මහන්සි වුනා.
පන්තියෙ හොඳම ලකුණු තියෙන ළමයෙක් වෙන්න මටත් ඕනෙ කලේ.
අනේ අනේ ඉතින් කාණුවක් හාරගෙන පතලක් කොටාගෙන ඉන්න හිටපු superman කොල්ලෙකුටත් වෙච්ච දෙයක්!
මේ චූටියෙක් ඇවිත් ඒකව කණපිට ගහලා!

ඇත්තටම ඉතින් Uk university එකකට යන්න scholarship එකක් ගන්න පුළුවන් තරම් හොඳට වැඩ කරගන්න පුළුවන් වුනොත් අයියා ලඟට යන්න තවත් ලේසි වෙයි.
මොකද අම්මලා වුනත් මාව යවන එක ගැන එතකොට සලකා බලයිනෙ.
රණ්ඩු වෙලා හොරෙන් යන්න හදනවට වඩා එයාලගෙත් කැමැත්තෙන්ම යන එක හැම අතින්ම ලේසියි.
මං නම් නෙමෙයි, අයියා තමයි මේ සේරම plan කරන්නෙ.

හැබැයි අම්මලා මාව යවන්න අකමැති වුනත් මං අයියා ලඟට යනවම තමයි. කොහොමත් අම්මලගෙ සල්ලි කිසිම දේකට ඕන වෙන්නෙ නෑ කියලත් අයියා කිව්වනෙ. මට ඉගෙනගන්න ඕනෙ කරන ගානට සල්ලි අයියා ලඟ තියෙනවලු.
එයාගෙ ආච්චි අම්මගෙ සල්ලි ටිකත් තාම ඉතුරුයිනෙ.
අනික අයියට ඒ වෙද්දි job එකක් කරන්නත් පුළුවන්ලු.

මාත් ඉතින් ගිහිල්ලා part time jobs හරි කරනවා. මගේ චූටියට සේරම කරදර ටික බාර දීලා මොකාද වගේ උඩ බලාගෙන ඉන්න බෑනෙ මට.
හැබැයි මං රස්සාවක් කරන කාලෙක නම් එයාට ඇති වෙන්න නිවාඩු අරන් ආස කරන හැමදේම කරන්න කියන්න ඕනෙ.
මං ඉන්නෙ එයාව බලාගන්නනෙ කොහොමත්.
.
.
.
.
.
.
හිතුව තරම්ම අමාරු නැතුව දවස් ගෙවුනා.
හැමදාම රෑට නිදාගන්න ගියාම පැය ගානක් අයියයි මායි කයිය ගැහුවා.
තාමත් මගෙ චූටියා ඉස්සර වගේම ලස්සන හිනා මලක්!
පොඩ්ඩක් විහිළු කලාම රතුම රතු වෙන ජම්බු ගෙඩියක්!

මගේ birthday එකට අයියා cake එකක් එක්ක ipad එකක් එවලා තිබුනා.

All education is important!
But school work comes first.
Remember,
We have a mission!

From the Sunflower to my Sun ❤

Happy birthday 🎂

ඔන්න ඔහොමයි ඇතුලෙ note එකක් දාලා තිබුනෙ.

Wow!
මේක නම් මරු දෙයියනේ!

ඒත් හැබැයි අම්මා නම් මගේ දිහා බැලුවෙ අමුතුවට.

"ඇයි ipad එකක් උඹට එවන්නෙ?
ඕවා සෑහෙන ගණන්නෙ.
උඹ ඒ ළමයට වද දුන්නද අරන් දෙන්න කියලා?"

"නෑ අයියෝ..
නිකං ඉතින් යාළු ෆිට් එකට එවන්නැති!"

මං ipad එක on කරගෙන අසිහියෙන් ඒ උත්තර දුන්නෙ.
අම්මා මගේ මූණ දිහාම බලාගෙන ඉද්දි තමයි මට මොකක්ම හරි අවුලක් තියෙනවා කියලා තේරුනේ.

ඔහොම නම් බෑ තඹරු.
කල්පනා කරලා බලලා වැඩ කරන්න ඉගෙන ගන්න වෙනවා.
ඉස්සරහට ඒක සෑහෙන්නම වැදගත්.

"නෑ ඉතින්!
මං මේ ipad වල ගණන් එහෙම ඇහුවා.
එකක් තියෙනවා නම් ඉස්කෝලෙ වැඩ වලට වුනත් ලේසියිනේ.
ලාබෙට වගේ ගන්න second hand ඒවා තිබුනොත් එවන්න කිව්වා මං පොඩ්ඩ පොඩ්ඩ pocket money එකතු කරගෙන ගෙවන්නම් කියලා.
ඒකයි එවලා තියෙන්නෙ.
මේක මේ අලුත්ම එකක් නෙමෙයි.
Second hand එකක්!"

එහෙමයි අයියගෙ barnd new ipad එක කුණු කොල්ලෙට දැම්මෙ මං.
සමාවෙන්න අයියෙ!
ආදරේ නාමෙන් මෙහෙම දේවලුත් කරන්න වෙනවා.

"එහෙනම් මේ පෙට්ටියකුත් තියෙන්නෙ?"

"ඉතින් එහෙම තමයි අම්මෙ ඒ වගේ පෝසත් රටවල්.
හැමදේම ලස්සනට කරනවා!"

"හ්ම්...
දැන් ඒ ළමයට වදයක් වෙන්න එහෙම ලෑස්ති වෙන්න එපා.
අනික තැන තැන කියවන්න යන්නත් එපා ඕවා ගැන.
දන්නවනෙ අර මහ මනුස්සයගෙ හැටි.
ඔය සල්ලි ටිකත් කීයද කියලා අහලා මට කියනවා. මං දෙන්නම්!"

අම්මෝ....
යාන්තම් බේරුනා.
දැන් ඉතින් සල්ලි කීයක් හරි ඉල්ලගන්නත් පුළුවන්.
නැත්තම් අයියගෙ birthday එකට මේ පාර නම් ඇත්තටම ඇ# දෙක නැත්තම් ශුක්‍ර තරලයවත් විකුණලා කීයක් හරි හොයා ගන්න පුළුවන් වෙයිද කියලා හිත හිත හිටියෙ මං.
.
.
.
.
අන්තිම Termtest එකේ මං පන්තියෙ තුන් වෙනියා වුනා.
Section එකේ 10.
ඒ කිව්වෙ ළමයි හාරසීයකින් විතර.
ඉස්කෝලෙම එවුන්ගෙ කටවල් ගුද මාර්ගය දක්වා ඇරිලා තිබුනෙ.
මොකද අන්තිම football, cricket matches දෙකේමත් best player වුනේ මං.
ඉස්සර මොකාද වගේ හිටපු තඹරුවාටත් වෙච්ච දෙයක්.
ඇත්තටම මාත් හොල්මන් වෙලා ඉන්නෙ.
චූටියා නම් ඇත්තටම magic එකක්වත් කරලා වගේ.

නිවාඩු කාලෙත් කරන්න දෙයක් තිබුනෙ නෑ.
අයියා නම් ඇවිද ඇවිද එහේ christmas decorations පෙන්නුවා. මාරම ලස්සනයි.
එහේ හිම වැටෙනවත් එක්ක.

"Ayye, when I come,
Let's buy an XXXL jacket and wrap it around both of us to walk in the snow.
I want to get the warmth from your body and
Make you warm from my body!"

"Mmm....
But there are other ways to do that too Snowdrop!...
Without a jacket or anything that can be easily done you know!"

මගෙ අම්මෝ...
මෙයා හැදිලා තියෙන තරමක්!
ලංකාවෙ ඉද්දි kiss එකක් කියන වචනෙටත් බය වෙලා හිටපු හාදයා නේද මේ?

"Well,
People do it over video calls too...
Wanna try?"

හී හී...
ඔන්න මෙයා රතු වෙලා ඇඹරිලා යන වෙලාව!
පව් ඉතින්!

"So...... Snowdrop!
What how's your friend Dinal?"

කපටිම නෑ මෙයා මාව අවුස්සලා හෙමීට කතා මාරු කරන්න!
.
.
.
.
.
.
.
.
.
.
.
අලුත් අවුරුද්දෙ මල් වෙඩි පත්තු කරනවත් අයියා මට පෙන්නුවා. හැබැයි tv එකේ!
හී හී...
මගේ මෝඩ පැටියා.
ඕක ඉතින් මටත් ටීවී එක දාගෙන බලන්න තිබුනා.
ඒත් ඉතින් එයත් එක්ක එකට ටීවී එක බලනවා කියන එකත් අමුතුම ෆන් එකක්.

ඒ මල් වෙඩි පුපුරන තැනට යන එක ඔළුව විකාර වෙන වැඩක්ලු අයියට නම්.
සෙනග පිරිලලු කලින් දවසෙ ඉඳන්.
අර අපේ පෙරහැර බලන්න යනවා වගේ ඇති ඉතින්.
කවදාහරි job එකක් කරද්දි එතන තියෙන hotel එකක නැවතිලා ඒකක balcony එකේ ඉඳන් බලමු කියලා අයියා කිව්වෙ. හැබැයි වැඩේ කියන්නෙ ඒ අස්ප ගණන් හොටෙල්ස් ඔක්කොම මේ වෙද්දිත් අවුරුදු ගානක් ඉස්සරහට book වෙලා ඉවරයිලු.
ඒත් ඉතින් බලමුකො.
අපිට ඕනෙ නම් ඕනෙම වැඩක් කරගන්න විදියක් හම්බ වෙනවම තමයි!
.
.
.
.
.
.
.
.
.
.
මං 11ටත් ගියා.
අයියාගෙත් පළවෙනි exam set එකේ results ඇවිත් තිබුනා.
එයා කිව්වෙ ලංකාවෙ විභාග කරපු අපිට සුද්දොන්ගෙ විභාග nothing කියලා.
ඇත්තටම එයාට හොඳටම results තිබුනා.
එයා කොහොමත් ගොඩක් දක්ශයිනෙ.
ඉස්කෝලෙ ගිහින් ඉවර වෙලා ගොඩක් කල් වුනත් තාමත් teachersලා එයාව මතක් කරනවා.
අනික හරිම ආදරෙයිත් එක්ක.
ඇත්තටම ඉතින් එයාට ආදරේ නොවී ඉන්න පුළුවන් මේ ලෝකෙ කාටද?

මේ අතරෙ ඩිනාලයා පතාර බූටක් කෑවා. අර හොල්මන අපේ ඉස්කෝලෙම වෙන එකෙක් එක්ක සෙට් වුනා.
වේ# ගෑණු!
මූ බලාගත්ත අත බලාගෙන වැඩක් කරන්නෙත් නැතුව කාලකණ්ණි වෙලා යද්දි මං හිටියෙ ඒකිව ගිහින් මරන තරම් තරහින්.
ඒත් ඉතින් අයියා කිව්වෙ වෙනම කතාවක්!

"Patiyo,
We all have the right to leave a relationship.
Especially if we don't feel we belong with them.
Relationship එකක් පටන් ගන්න පළවෙනි කෙනා එක්කම හැමදාම ඉන්න ඕනෙ කියලා එකක් නෑනෙ.
If they both are not compatible, it's better to find their own paths separately.
නැත්තම් හැමදාම දෙන්නම සතුටින් නෙමෙයි ඉන්නෙ.
So what she did is good.
For a while Dinal would be upset.
But he'd be ok too in a while.
Till then give him some support.
We all have good and bad times in life!"

"Ayye.
What if that happens to you too?
What if you start feeling I'm not the one?"

"That won't happen!"

"How do you know?"

"I just know Snowdrop!
That's never gonna happen!
You are carved into my heart!!
Now tell me about your Science project.
It seems so interesting!"

මෙයා දැන් මගේ නිමක් නැති ප්‍රශ්න වලින් ගානට බේරිලා යන ක්‍රමේ අල්ලගෙන තියෙන්නෙ.
පිස්සු කෝච්චිය මගේ.

"I'll go find that වශී ගුරුකම් guy you if start changing අයියෙ.
I already have some of your hair.
So if you feel a change of heart let me know asap!!"

තාමත් ඉස්සර වගේම ඇස් හීනි කරගෙන හිනා වෙන මගේ ලස්සනම ලස්සන හිනා මල.
මං දන්නවා ඔයා කවදාවත් වෙනස් වෙන්නෙ නෑ.
මාත් එහෙමයි.
අනිත් කාගෙ ආදර කතා කොහොම ගෙවුනත් අපි දෙන්නගෙ කතාව කවදාවත්ම වෙනස් වෙන්නෙ නෑ.
අපි අපේම විතරයි හැමදාමත්.
.
.
.
.
.
.
.
.
දැන් ඉස්සර යාළුවො සෙට් එකෙන් මාත් එක්ක හිටියෙ ඩිනාල් විතරයි.
අනික් වුන් පොඩ්ඩ පොඩ්ඩ කැඩුනා.
මොකද ඉතින් ඉස්සර හිටපු නසරානි තඹරුවා වෙනුවට දැන් ඉන්නෙ ඇල් වතුරත් නිවලා බොන හාදයෙක් වගේ එකෙක්නෙ.
ඉතින් උන්ට මාව සෙට් නෑ.
ඒකට නම් කමක් නෑ.
කාට මාව සෙට් නැතත් අයියට මාව සෙට් නම් ඒ හොඳටම ඇති.
.
.
.
.
.
අපේ ඉස්කෝලෙ සාමාන්‍යෙන් මාස දෙක තුනකට සැරයක් කොල්ලො සේරමලව පන්තියෙන් එලියට දාලා උන්ගෙ බෑග් චෙක් කලා.
Prefectsලා තමයි එක පාරටම කඩා පනින හමුදාවෙන් වගේ ඇවිත් section එකක් පිටින් ground එකට දාලා මේ වැඩේ කරන්නෙ.
එදත් එහෙම දවසක්.
12 සෙට් එකක් තමයි අපේ බෑග්ස් බැලුවෙ.

"තඹරු!
මේ මොනවද?"

ටිකකින් sectional head sir ඇවිත් මගෙන් අහද්දි මං උඩ ගියා.
ඒක පොඩි පාර්සලයක්.
එහෙම එකක් නම් මං ජීවිතේටවත් දැකලා නෑ.

"මොකක් හරි පාර්සලයක් නේද සර්?"

"ඔව්,
මේක තිබුනෙ තඹරුගෙ බෑග් එක ඇතුලෙ.
කොහොමද ඒක බෑග් එක ඇතුලට ආවෙ කියන්න දන්නවද?"

මොකක්?
මගේ බෑග් එකේ?

"නෑ!
මං ඕක දැක්කෙත් අදමයි!"

"හරි එහෙනම් තඹරු එන්න මාත් එක්ක යන්න.
අනිත් ළමයි දැන් පන්තියට යන්න."

මාත් ඉතින් සර්ගෙ පස්සෙන් ඇවිදගෙන ගියා.
ඔය පාර්සලයක් අල්ලගෙන ඔච්චර දඟලන්නෙ ඇයි මෙයා?
බැරි වෙලාවත් ඒ මං හිතන දේමද?
ඔව් වෙන්නත් පුළුවන්!
ඕවා ඉස්කෝලෙ ඇතුලෙ එහා මෙහා යනවා කියලා දන්න නිසාම තමයි ඔහොම හදිසි වැටලීම් කරන්නෙත්.
ඒත් ඉතින් එහෙම දෙයක් කොහොමද මගේ බෑග් එකට ආවෙ?

මාව කෙලින්ම ගෙනිච්චෙ principal sir ලඟට.
අම්මත් අඬාගෙන ටිකකින් ආවා.
ඒ මං හිතපු දේම තමයි.
ඒත් ඇත්තටම ඒක කොහොමද මගෙ බෑග් එකේ තිබුනෙ කියන්න මං දන්නෙ නෑ.

මේ වෙද්දි මං ඉස්කොලෙ ටිකක් ජනප්‍රිය චරිතයක් නිසා කවුරුත් මට ලොකුවට කෑගැහුවෙ නෑ.
හැබැයි පරණ තඹරු හිටියා නම් මේ වෙද්දි ඌට මේ මිනිස්සු ටික එකතු වෙලා මොනවා කරලා තියෙයිද දන්නෙත් නෑ.
චූටියො ඔයා තමයි හැමදාමත් මාව බේරගන්න මගේ angel.
ලඟ හිටියත් නැතත් හැම තැනකදිම ඔයා මං වෙනුවෙන් ඉන්න හැටි ගැන වෙලාවකට මටම පුදුමයි.

අන්තිමේදි තීරණේ වුනේ මේක කලේ කවුද කියලා හොයාගන්නකල් මට අද ගෙදර යන්න කියන්න.
කවුරුත් එහෙම ලොකුවට බැන්නෙ නෑ.
කවුරුහරි ගෙනාපු ළමයා මගේ බෑග් එකට දාන්නැති කියන එක තමයි හැමෝම කිව්වෙ.
ඉතින් මං පන්තියට ගිහින් බෑග් එකත් අරන් ගෙදර යන්න ලෑස්ති වුනා.

පන්තියෙ එවුන්ගෙ හෙන ඕපෙ මොකද්ද වුනේ කියලා අහගන්න. ඔය බොරුවට ඇහුවට උන් සේරම මේ වෙද්දිත් සීන් එක දන්නවා.
මං ඉතින් වටින් ගොඩින් ශේප් වෙන උත්තර දීලා එලියට බැස්සා.
ඒත් ටිකක් දුර ඇවිදගෙන එද්දි කවුද මගේ පස්සෙන් එනවා කියන එක මට දැනුනා.
හැරිලා බලද්දි අපේ පන්තියෙ එකෙක්.

"තඹරු!
ඒ... ඒක මගේ!"

මොකක්?

"ඊයෙ... ඊයෙ රෑට කන්නත් මොකුත් තිබුනෙ නෑ.
අද ඉස්කෝලෙ ගේන්නවත් තිබුනෙ නෑ.
අයියා කෙනෙක් කිව්වා මේක ඉස්කෝලෙ ලඟ කඩේට දුන්නොත් සල්ලි දෙනවා කියලා.
ඉතින්... ඉතින් මම හිතුවෙ නෑ!"

මේකා හොඳටම බය වෙලා.
ගොත ගහනවා.
මං මූව දන්නවා.
පන්තියේ ඉන්න දුප්පත්ම එකා කියන්න පුළුවන්.
කහ ගැහිච්ච ඇඟට මදි ශර්ට් එකක් එක්ක කැඩිච්ච සපත්තු දෙකක් දාගෙන ඉස්කෝලෙ එන්නෙත්.
තාත්තා මාළු අල්ලන්න යනවා කියලා කියන්නෙ.

"උඹ... උඹ මාව අල්ලලා දෙනවද?"

"නෑ.
උඹ ඒවා ගහනවද?"

"නෑ!
මට ඕනෙ නෑ තාත්තා වගේ වෙන්න.
මට ඕනෙ මේකෙන් ගැලවිලා යන්න.
ඒත්.... ඒත්...
කවුරුහරි දැනගත්තොත් මාව අස්කරයි.
මටත් තාත්තා වගේ වෙන්න වෙයි!"

"නෑ!
එහෙම වෙන්නෙ නෑ.
උඹයි මායි ඇරෙන්න වෙන කවුරුහරි මේක දන්නවද?"

"මං දන්නෙ නෑ.
කවුරුහරි මං මේක උඹේ බෑග් එකට දානවා දැක්කද දන්නෑ!"

"හරි කමක් නෑ.
එහෙම අවුලක් වුනොත් මං කියන්නම් මට උඹව විශ්වාසයි කියලා.
හැබැයි ආයි මෙහෙම මෝඩ වැඩ කරන්න එපා.
උඹට හිරේ යන්න වෙයි සේරම අතෑරලා!"

කොල්ලගෙ හිත හදලා අඩි දෙක තුනයි යන්න වුනේ. ආයෙම එකෙක් දුවගෙන ආවා.

"තඹරු!
තඹරූ...
Sectional head එන්න කිව්වා.
අරක දාපු එකා අපේ එකෙක් දැකලා තිබුනා වෙලාවට.
ඒ නිසා උඹට බේරෙන්න පුළුවන්!"
.
.
.
.
.
.
.
.
.
Sir ආයෙම මාවත් ඇදගෙන principal ලඟට ගියා.
තිමිර ඒ කිව්වෙ පාර්සලේ ගෙනාපු එකත් අපි එක්ක ආවා.
අම්මත් ඇවිල්ලා හිටුයා.
දැන් නම් එයා ඉන්නෙ හිනා වෙවී.
ආරංචිය මුලින්ම ලැබුන වෙලේ ඔයාගෙ මූණයි දැන් මූණයි දකිද්දි ඔයා ඇත්තටම මාව විශ්වාස කලේ නෑ කියන්න මං දන්නවා අම්මෙ.

"Sir මෙන්න මේ ළමයා තමයි තඹරුගෙ bag එකට අරවා දාලා තියෙන්නෙ.
පන්තියෙ කීප දෙනෙක්ම දැකලා තියෙනවා."

Sectional head sir කතාව පටන් ගත්තා.
පව්! තිමිරයා හොඳටම බය වෙලා.
වෙව්ලනවා.

"නෑ සර්!
මට තිමිරව විශ්වාසයි.
එයා එහෙම කරන ළමයෙක් නෙමෙයි!"

මං ඉතින් මැදින් පැන්නා.

"පුතා!
හතර පස් දෙනෙක් තමන්ගෙ ඇස් වලටම දැක්ක දේවල් බොරු වෙන්න විදියක් නෑනෙ.

මේ ළමයගෙ නම මොකද්ද?"

"ති... තිමිර සර්.."

"හොඳයි තිමිරට මොකද්ද මේ ගැන කියන්න තියෙන්නෙ?"

"..............................................."

"ලැබිලා තියෙන සේරම සාක්ශි එක්ක බලද්දි මෙහෙම ළමයෙක් තව දුරටත් අපේ ඉස්කෝලෙ තියාගන්න එක නුසුදුසුයි.
ඒ නිසා......"

"නෑ සර් එපා!
තිමිර වැරදි නෑ.
අර මගේ යාළුවො මාව බේරගන්න එහෙම කියන්න ඇත්තෙ.
ඇත්තටම අද ඉස්කෝලෙ එද්දි ඒ පාරසලේ බිම වැටිලා තියෙනවා දැකලා මංමයි ඒක මගෙ බෑග් එකට දාගත්තෙ.
එතකොට තිමිර ඉස්කෝලෙට ඇවිල්ලාවත් හිටියෙ නෑ!"

..........................................................................................................

කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Continua a leggere

Ti piacerà anche

206 61 27
SHARE YOUR OWN FEELINGS FOR THEM _______♡°•° ♡ The Husky and His White Cat Shizun ➡️ Immortality ♡ Heaven's Official Blessing ➡️ Eternal Faith ♡ Mo...
1.3M 21.6K 30
ယော.. ကျွန်တော်ကလူတော်..ဒါပေမယ့် လူကောင်းမဟုတ်ဘူး။ စာရေးသူ၏ စိတ်ကူးယဥ်မှုဖြင့် ရေးသောကြောင့် အပြင်လောကနှင့်ကွဲပြားနိုင်သည်ကို သတိချပ်ပေးစေလိုပါသည်။ လ...
4.4K 1K 16
වැටෙන්න වැටෙන්න... නැගිටින්න... ආයෙත් නොවැටි ඉන්න අත දෙන්න... මං ඉන්නව ඔබේ අසලම... ජීවිතේ සමහර දේවල් තියෙනවා දෛවයටත් පිටින් යන..අන්න එහෙමයි මං ආයෙත්...
607K 48K 51
မင်ရန်ရှင်း💓ဝမ်ယွမ် {ဝမ်ယင်}