මතක කදුළු ( Complete ) ✔️✅

By MAYESHA_RASANGI

29.5K 2.7K 341

මතක කදුලු අතරින් නැවත ආදරෙ සෝයා........... 🌻 More

01. කොටස
02. කොටස
03. කොටස
04. කොටස
05. කොටස
06. කොටස
07. කොටස
08. කොටස
09. කොටස
10. කොටස
11. කොටස
12. කොටස
13. කොටස
14. කොටස
15. කොටස
16. කොටස
17. කොටස
18. කොටස
19. කොටස
20. කොටස
21. කොටස
22. කොටස
23. කොටස
24. කොටස
25. කොටස
26. කොටස
A/N
27. කොටස
28. කොටස
30 අවසන් කොටස

29. කොටස

836 78 7
By MAYESHA_RASANGI




දීර්ඝ සිප ගැනිමකට පස්සෙ මගෙ තොල් වලින් ඇත් උන එයා එයාගෙ ඇගිල්ලකින් මගෙ තොල් හිමිහිට පිහ දැම්මා. තොල් දැවිල්ලයි පුපුරු ගහනවා. අනිවාරෙන් රතු වෙලා ඉදිමිලා ඇති. මගෙ තොල් දිහා බලන් හිටිය දෙව් මගෙ ඇස් දිහා කෙලින් බැලුවා.

"එක මගෙ පලවෙනි කිස් එක සහස්......."

"මගෙත්........ එත් හැබැයි ඔයා කිස් කරපු විදිහටනම් මට එහෙම හිතුනේ නැ........"

එක එයාගෙ පලවෙනි හාදුවලු ඉතින් දෙයියනේ මගෙත් එහෙම තමා. මමත් මේ ආවට ගියාට එක එකාගෙ කට කන්න ගියේ නැනේ. හැබැයි මුන්දා කිස් කරේ හෙන පලපුරුදු කාරයෙක් වගේ.

"ඔයා මට ආදරෙයි කිව්ව එක හිනයක් වගෙ සහස්......"

"එත් ඉතින් ඔයා මට කිව්වේ නැනේ....."

"මොකක්ද?......."

"නැ නැ මුකුත් නැ..... කෝ අයින් වෙනවා ගිහින් ඉද ගන්න......"

ඇත්තනේ ඉතින් මම ආදරෙයි කිව්වට මේ මිනිහා එක කිව්වෙ නැනේ ම්හුක්. මම එයාටත් ගස්සන් ගිහින් ආපහු වැව් බැම්මෙ කකුල් දිග ඇරලා වතුරට කකුල් දාන් ඉද ගත්තා. එයත් බෙල්ල පිටි පස්සේ කස කස මහා මනමාල හිනාවක් දාන් ඇවිත් මන් ලගින් ඉද ගත්තා.

"මොකද තවුසේ හිනා වෙන්නේ....."

"නැ නැ බන් නිකම්....."

"නිකම්නම් රෙදි ඇද ගන්නවා..... නැත්තම් වැවට එන ගැනුන්ට නූල් බදින්න වෙයි......."

"සහස්ටත් නූල් බදින්න වෙයිද......"

"ඈ ඇයි මට නුල් බදින්න වෙන්නේ......."

"නැ ඉතින් දැන් ආදරෙයිත් කිව්ව එකේ...."

"ඔව් ඉතිම් ආදරෙයිත් කිව්ව එකේ මොකක්ද...... හොව් හොව් පොඩ්ඩක් ඉන්නවා..... මට හිතෙන එක ගැනද දැන් තවුසෙ ඔය කිව්වේ දෙව්......"

"මොනවද ඔයාට හිතුනේ සහස්......"

තොල අගත් හපන් දෙව් මට මහා වලත්ත බැල්මක් දුන්නා මගෙ ඇගත් හිරි වැටිලා ගියා.

"තමුසෙ මහා වලෙක්නේ බලන් ගියාම දෙව්....."

"මට ලාදුරු නැනෙ සහස්....."

"එව්ව්ව් තමුසෙ..... එන්න එපා මගෙ ලගට.... අහකට යනවා ලග ඉන්නත් බයයි....."

"සහස් මට බය වෙන්න එපා.... ඔයාගෙ අකමැත්තෙන් මන් ඔයාගෙ ඇගටවත් අත තියන්නේ නැ....."

හෙන සිරියස් මුඩ් එකක් අරන් එයා එක මන් දිහාවට හැරිලා කිව්වේ

"කට කැවේ මන් කැමැත්ත දිලා වෙන්න ඇති....."


එයාට නැහෙන ගානට එහෙම කිව්ව මන් මගෙ දිහා බලන් ඇහි බැමකුත් උස්සන් බලන් ඉන්න එයාට දත් ටික ඔක්කොම පෙන්නලා හිනාවක් දුන්නා.

"මොනවද කුටු කුටු ගාන්නේ......"

"මුකුත් නැ...... මේ එක නෙවෙයි ඇයි එදා ඔයා නොකියා යන්න ගියේ දෙව්......"

"ඔයා දැනටමත් දන්නවා ඇතිනේ..... අපි දෙන්නට ගිය ආත්මයක් තිබ්බා කියලා......"

"ඔව් විහග අයියා මට හැමදේම කිව්වා......"

"මටත් ඌ කිව්වා ඔයාට කිව්වා කියලා...... ඉතින් එදා රැ ඔයා මගෙ කලින් ආත්මේ නම කියලා බය වෙලා කැ ගැහුව නිසා මට ඔනි උනා..... අපිට එ ආත්මේ ඇත්තටම මොකද උනේ කියලා දැන ගන්න..... මොකද මේ අත්මෙත් එයාලා ප්‍රශ්නයක් උනොත් කලින් දැනගෙන ඉන්න......"

"මමනම් ඔය ආත්ම සීන් විස්වාස කරන්නෙ නැ දෙව්..... රැට පොඩි පොඩි හින කැලි පෙනිලා බය වෙනවා තමා.... මට එතනින් එහාට ගිහින් ඒ ගැන හොයන්න ඔනි උනෙ නැ..... එත් ඔයා මන් වගෙ කට්ටියට කියලා ඇදගෙන කාමරයක් පිරෙන්න පුරවන් ඉන්න ඩ්‍රොවින්ස් එහෙම දැක්කම මට චුට්ටක් එ ගැන විස්වාස කරන්න උනා.... මම මෙහෙම කියනවට මුකුත් හිතන්න එපා දෙව්.... පුලුවන්නම් අපේ ඔය කියන ගිය ආත්මෙට එහෙම්මම වැලලෙන්න දෙන්න...... එවා හාර අව්ස්සලා හොයන්න ගියොත් ඔයා ඔය කියනවා වගෙ ප්‍රශ්න අපිට එන්න පුලුවන්..... මොකද මන් හොදටම දන්නවා දැන් අපිට ප්‍රශ්නයක් වෙන්න කවුරුත් නැ කියලා.... එ නිසා ගිය ආත්මේ අපිට සම්බන්ධ දෙවල් හොයන්නෙ නැතුව ඉන්න පුලුවන්ද.... මටනම් ඔය දෙවල් අදාලම නැ මම ඔයාට ආදරෙයි එච්චරයි...."

මම කියන හැමදේම හොදින් අහන් හිටිය දෙව් වැව දිහා බලන් බර හුස්මක් අත් ඇරලා මන් දිහාට හැරුනා.

"ඔයා කියන දේ ඇත්ත සහස්...... එක නෙවෙයි ගෙදර යමුද මට බඩගිනි අනේ....."

"හහ් හා..... මොඩයා කන්නෙවත් නැතුවද මෙතනට ආවේ....."

"නැනෙ මම ඉතින් උදේම ආවේ ඔයාව බලන්න.... එත් ඉතින් දකින්න උනේ වෙන දෙයක්.... ඒ වෙලේ දැක්ක දෙත් එක්ක ඉතින් මට මතක් උනේ මෙතන විතරයි...."

"හරි හරි එනවා යන්න මැට්ටා....."

දෙව්ගෙ කොන්ඩෙත් අව්ස්සන් මන් ගිහින් බයික් එකට නැන්ගම එයාත් හිනා වෙලා ගිහින් කාර් එකට නැන්ගා. ඊට පස්සෙ ඉතින් දෙන්නා එක්කම ආවේ ගෙදර. ආවට ඉතින් මෙකෙ ඇති එකෙන් නැ තාම ස්කොල ඇරෙන්නත් ටයිම් එකක් නැනෙ අප්පච්චිවත් ගෙදර එන්න. ගෙදර ආව මන් දෙව්ට ඉද ගන්න කියලා කෙලින්ම ගියේ කුස්සියට උයලා තියෙන්නෙ මොනවාද බලන්න. ම්ම්ම් පරිප්පු කිරට හදලා අල තෙල් දලා මෙවම දෙනවා ආය උයන්න මට බැ අනේ. එත් කුරුස් ගලා හැපෙන්න කන්න දෙයක් නැනේ. එහෙම හිතපු මන් හැම තැනම පිරලා පපඩම් පැකට් එකක් හොයන් බදින්න ගත්තා. පපඩම් ටික බැදලා බත් බෙදන ගමන් ඉද්දි එක පාර ඉන වටෙ අත් දෙක පටලන් දෙව් මාව පිටි පස්සෙන් බදාගෙන උරහිස උඩින් නිකට තියා ගත්තා. මුලින්ම ගැස්සුනත් මම හිනා වෙලා එයාට එහෙම්මම ඉද්දි බත් බෙදන්න ගත්තා.

"බබි එදා වගෙ කවන්න බැරිද....."

"ඇහ්....."

"මොකද අනේ පුදුම වෙලා බලන් ඉන්නෙ.... එදා ඔයා මට කැව්වේ....."

"අහ් නැ නැ එකට නෙවෙයි කිව්ව නම එක්ක මම පුදුම උනේ....."

"හරි හරි ඉතින් ඉස්සරහට ඔවාට පුරුදු වෙන්න කෝ.... දැන් එනෝ බත් බෙදන් මට කවන්න....."

මගෙන් ඇත් උන එයා ගිහින් කැම මෙසෙ පුටුවක ඉද ගද්දි මට බෙදා ගත්ත බත් එක වහල මමත් එයා ලගින් පුටුවක් ඇදල ඉද ගන්න ගියා. එත් එක පාර මෙකා මාව ඇදලා අරන් උකුලෙන් ඉන්දව ගද්දි මන් එයා දිහා කටත් ඇරන් බලන් හිටියා. අනේ මට මෙවා පුරුදු නැ දෙයියනේ.

"කවන්නකෝ සහස්..... කට ඇරන් බලන් ඉන්නෙ නැතුව......"

දැන් ඉතින් ඉස්සරහට මීට වඩා පුදුම වෙන්න වෙයි කියලා හිත හදන් එයාට මන් බත් අනලා කැව්වා. එත් මෙකා ආදරෙයි කියලා තාම කිව්වෙ නැ නෙද කියලා මතක් වෙලා අල එකට දලා තිබ්බ නයි මිරිසි කැල්ලක් එක්ක බත් ටිකක් හොදට අනලා කැව්වා. අන්තිමට ඉතින් එයාට දැවිල්ල ඇල්ලුව නිසා එයා කන්න බැ කියලා අයිස් ක්‍රිම් කන්න ගත්තා. මම මගෙ බත් එක කන ගමන් අයිස් කන එයා දිහා බලන් හිටියේ රවාගෙන. ඇයි ඉතින් දෙයියනේ මේ ලමයගේ අයිස් කිරිම් ගෙදර අයවත් කන්නෙ නැනෙ ම්හුක්. මමත් කලා ඉවර වෙලා තිබ්බ අයිස් ක්‍රිම් ඔක්කොමත් එක්ක කප් එක අරන් එයාටත් ගස්සන් සොෆා එකට ගිහින් ටිවි එකත් දාන් ඉදගෙන කන්න ගත්තා.

"ඔච්චර කන්න එපා සහස් ඔවා..... අසනිප වෙයි....."

"කමක් නැ මමනේ......"

මම ලගින් වාඩිවෙන ගමන් ඔච්චර අයිස් කන්න එපා කිව්ව එයාටත් ගස්සලා තඩි අයිස් හැන්දක් අරන් මම කටෙ ඔබා ගත්තා. සැක් කට වටෙත් බෙරුනා. අයිස් කප් එක මෙසෙ උඩි තිබ්බ මන් හැදුවේ කට වට පිහිද ගන්න උනත් කට ලගට ලන් කරපු මගෙ අතත් අල්ලන් මාව එය ලගට ඇදලා ගත්ත දෙව් මගෙ තොල් එ දිවෙන් ලෙව කන්න ගත්තෙ දෙවෙනි වතාවටත් අද දවසෙ මට හික් ගැ වෙද්දි. මේ මිනිහා එක්ක බැ අයියෝ. අපරාදේ මන් ආදරෙයි කිව්වේ. මගෙ කට වටෙ තිබ්බ අයිස් ලේව කැව එයා ආයෙත් මගෙ තොල් අල්ල ගත්තේ බොරුවට හිතින් කැ ගැහුවත් එකට ආස මමත් එයාගෙ කර වටෙ අත් බැද ගද්දි...........................



..................................................................................



ඔන්න කතාව අරන් ආවෝ.

හොදමේ දේ තමා කතා රීඩස්ලා 3k වෙලා. එ ඉතින් කියවන ඔයාලා නිසාම තමා. Thank you එයිලා.

අපි මතක කදුළු ඉක්මනට ඉවර කරමු නෙත.

ආයෙත් කොටසකින් එනකම් පරිස්සමින් ඉන්ඩෝ....... ආදරෙයි එයිලා ❤️😁

Continue Reading

You'll Also Like

1.1K 79 4
අහම්බෙන් දැක්ක අහංකාර ඇස් අස්සේ අතරමං උනේ මන් මටත් නොදැනීම.... දිලිසෙන ඇස්වලින් හොරෙන් කී කතාවෙ තේරුම අදටත් හොයනවා මන් තාම.... දනිමි මන් අහසක් තරම් ව...
46.6K 7.9K 28
විහිලුවක් ගිය දුරක්...... දගකාර හදවතක් ලඟ නැවතුන අහිංසකයෙක්...
4.1M 262K 100
What will happen when an innocent girl gets trapped in the clutches of a devil mafia? This is the story of Rishabh and Anokhi. Anokhi's life is as...
2.7K 276 4
නිල් ඇස් දෙකක් හොයන් යන එක ආදරවන්තයෙක්.... අදුරේ උන්නු ජිවිතේකට එලිය ලබාදුන් එක සුර සුතයෙක්.... සීතල හදවතකට වසන්තය අරන් ආපු පුංචි කුමාරයෙක්.... අසම්ම...