Author's Note:
මාස තුනකට පමණ පසු මෙය පළ කරන බැවින් 08 වන පරිච්ජේදයෙහි අවසානය නැවත වරක් කියවා පැමිණෙන්න!
----
"හ්ම්ම්.....මන් යන්නම් එහෙනම්.ඔයා නිදාගන්න.."
"හරි...ගුඩ් නයිට්..පරිස්සමට යන්න.."
ආද්විනු නැගිටලා එළියට ගියා.මන් ආපහු බිත්තිය පැත්ත හැරුනේ එවෙලෙවත් මට එයාට ආදරෙයි කියන්න හිතිලත් නොකියපු නිසායි.ඔයා හිත හදාගනිවී ආදී.අපි අන්තිමට හම්බෙන දවසත් ඉක්මනට එවී!
ටිකක් වෙලා ඉදලා මන් සේපාලිකා ගහ ලගට යන්න හිතාගෙන එළියට බැස්සා.ඒත් එළියේ කාමරේ පැත්තෙන් ඇහුනේ කවුරු හරි අඩන සද්දයක්.ආද්විනු ගිහින් නැද්ද? ඒ එයාද?
ආපහු මගේ ඇස් වලින් කදුලු එන්න ගත්තේ මොන දේ උනත් ඒ මන් ආදරේ කරන එකා කියලා මතක් වෙද්දි.සාධාරණ හේතු නෑ කියන්න බෑ මට.ඒත් එකපාරක් හරි ඌව නිවෙන්න කතා කරන්න තිබ්බා මට.
මන් හෙමිහිට ගිහින් බලද්දි එතන හිටියෙ ආද්විනු තමා.බිම ඉදගෙන කකුල් දෙක අස්සෙ මූණ හංගගෙන අඩනවා.මට ලගට යන්න පුලුවන්කමක් තිබ්බේ නැහැ.මන් යන්නේ කොහොමද? හැමදේටම පස්සෙ එයා හිත හදාගනී කියලා මට හිතෙනවා.නිකන් බොරුවට ප්‍රශ්න ඇතිකරගන්න උවමනා නෑ මට.කොහොමත් අවසානෙදි අපිට වෙන්නේ වෙන් වෙන්න විතරයි.
එත් හිතේ තව පැත්තක් කිව්වෙම අතාරින්න එපා කියලා.එයා ළගට යන්න කියලා.මොනා කරන්නද නොකරන්නද කියලා කල්පනා කරලා වැඩක් ඇත්තේ නැහැ.දෙපැත්තට වැනි වැනි ඉන්නෙ නැතුව මන් තීරණයක් ගන්න ඕන.ආරො අම්මගෙ පවුල ගැන හිතලා මගේ ආදරේ නැතිකරගන්නෙ ඇයි මම? එයා ආත්මාර්තකාමි උනා වගේ මට වෙන්න බැරිද? අනේ එයාට ඕන මගුලක් වෙච්චාවෙ...මන් ආදරේ කරේ එයාගෙ දෙවෙනි කසාදෙ දරුවට නෙමෙයි මම දැකපු,මට දැනුනු ආද්විනුට!
මෙච්චරකල් ආරෝ අම්මා දුක්වෙයි කියලා හිතලා,එයාලගේ පවුලේ බැදීම පළුදු වෙයි කියලා හිතලයි මන් මේවගෙ පාඩුවේ හිටියේ.තවත් නම් මොකටද ඇත්තට? මෙච්චර කාලයක් මන් ආදරේ කරපු කොල්ලා මන් වෙනුවෙන් අඩද්දි මාව අවුරුදු ගාණකට කලින් දාලා ගියපු කෙනෙක් නිසා ඇයි මන් එයාවත් නැතිකරගන්නේ?
මන් ආද්විනු ලගට ගිහින් එයාව තුරුල් කරගත්තා.එයා හොදටම අඩනවා.හයියෙන් ඉකිගහද්දි පපුවට තියලා තදකරගත්තේ මේ වේලාවේ මොනවා කරන්නද කියලා මටත් සිහියක් නොතිබුනු නිසා.එයා මට තුරුල් වෙලා ඉන්න ඇති.විනාඩි කීයක්ද ? පැය කීයක්ද කියලා මන් දන්නේ නැහැ.මගේ ඇස් දෙක ඇරගෙන ඉන්න බැරි තරමටම රිදෙන්න ගන්නකොට මන් බිත්තියට ඔලුව හේත්තු කරගත්තා.ආදී තාමාත් කලින් හිටපු විදිහටම ඔහේ ඉන්නවා.
"ඇතුළට යමුද??.."
"හ්ම්ම්..."
කතා කරන්නවත් පණක් මන් හිතන්නෙ අපි දෙන්නටම තිබ්බේ නැහැ.ඔහෙ ඇවිත් මන් ඇදේ කොනටම රෝල් උනා.ආදී මන් දිහා බලන් හිටියේ තාමාත් ඇස් වල කදුලු පුරෝගෙන.මන් කලිනුත් කීවා මෙයා ලගකදි ඉදන් කොයිවෙලෙත් අඩන්න පටන් අරන්.අනූප තමා මෙයාව හුරතල් කරලා නරක් කරන්නේ!
"ආදී...."
"හ්ම්ම්.."
"කවදාවත් මොනම හේතුවකටවත් දාලා යන්නෙ නැතුව...පුලුවන්ද මගේම වෙන්න?.."
"ආරු..."
මෙලෝම එළියක් නැති අදුරක කවදාවත් ආදීගෙන් මේවගෙ දෙයක් අහන්න නෙමෙයි මන් හිටියේ.ඒ උනාට කරන්න දෙයක් නැහැ.හිතයි මොළෙයි එකග වුනු විගස මේවගෙ ප්‍රශ්න අහන්නම ඕන..!!
"වෙන්නම්...ඔයාගේම වෙලා ඉන්නම්...හැබැයි ආයේ කවදාවත් තීරණේ වෙනස් වෙන්න බෑ.."
"මේක උබෙන් ඇහුවේ දහස්පාරක් හිතලා...මන් වෙනස් වෙන්නෑ මැරුවත්! "
"මන් ආදරෙයි.....වචන කරන්න ඕන ඒත් බැහැ..තේරෙන්නේ නැහැ.."
"ඉතින් නොකර ඉන්න...මන් ආදරේ බව ඔයා දන්නවනේ..එදා කියපු වචනවල වෙනසක් අදටත් වෙලා නැහැ..ආද්විනු දිව්‍යදර මගෙ හිතේ කෙටිලා හුගක් කල්..."
එයා මන් දිහා බලලා ලස්සනට හිනා උනා.මොන විදිහට හිනාඋනාත් ලස්සනයි.මගෙ පිස්සු ආඩම්බරකාරයා....
මන් සිවිලිම දිහා බලාගෙන මතක් කරේ අපේ අතීතේ...අවුරුදු ගාණකට කලින් අපි හම්බුනු තැන ඉදන් අපෙ අතීතේ...!
-----
වෙනදාවගේම මන් ගියේ අරලිය ගහ යටට.අප්පෝ අද භූගෝලය මැඩම්ගේ කෙරුවාව අහන් ඉදලා මට සංසාරේම කලකිරුනා.'අපි දගයි,උගන්නන බෑලු එයාට,විනයක් නෑලු,හොම්වර්ක් කරන්නැලු' වගෙ වැදි බණ කියවලා මැඩම් යන්න ගියා.අනෙ ඉතින් එන්නෙම නැතුව ඉන්නවා නම් හොදා.කෝමත් දහයෙදි මගෙ බල්ලෙක්වත් කරන්නේ නැහැ භූගෝලය.අපි බලයි ඔය මැඩම්ලගෙ රැස්.තීශේන් සුපුරුදු ලෙස කැන්ටිමට රින්ගගත්තා.ඕකා ඔතන අයියා කෙනෙක් එක්කවත් කෙළ ගත්තේ නැත්තේ නම් මන් අර අලුතෙන් ටීම් එකට එනවයි කියපු එකාගෙ මූණ මැදට හාද්දක් දෙනවා ගිහින්..
අරලිය ගහ යට නම් කවුරුත් හිටියෙ නැහැ.මන් හිමින්සීරුවේ බංකුවට නැගලා පාත අත්තක මලක් ගලවන් බුදුමැදුර පැත්තට ගියා.වහින්නද මන්දා.වැස්ස වහිනවා කලුතර ගග උතුරනවා......ටීම් එකට එන අලුත් කොල්ලා නානවා..කොල්ලව ගහගෙන යනවා!!!
අලුත් එකා මොකා උනත් ඌව දකින්න තියා උගෙ පලවෙනි නම දැනගන්නත් කලින් මට ඌව පේන්න බැරිවෙලා තියෙන්නේ...
මන් ගිහින් බුද්ධ රූපේ දිහා බලන් ඉන්න ගත්තා.අනේ මෙන්න මේක තමා සැනසීම..භූගෝල මැඩම්ගේ ආච්චිට හාල් ගරන සිතියමුයි අපේ සයන්ස් සර්ගෙ ක්ෂුද්‍ර ජිවීයොයි එකෙක්වත් නැති තැන තමා සැනසීම!
කොච්චර බැලුවත් බුද්ධ රූපේ දිහා බලන් හිටියට එපාවෙන්නෑ.ඒනිසාම මන් පැය භාගයක්වත් බලන් ඉන්නැති.සයන්ස් සර්ගෙ පිරීයඩ් එක.මාව හොයනවද දන්නෙත් නැහැ.අවුලක් නැ මන් කොල්ලො ටිකට කිව්වා මන් ආවේ නෑ කියන්න කියලා.යස අගේ ඇති ප්‍රිෆටෙක් තමා මාත්.බැච් එක කොයිවෙලෙ ගහලා යයිද කියලා සැකයි.
එකපාරටම වහින සද්දයක් ආවා! මන් වම්පැති දොරෙන් ඔලුව දාද්දි තමා දැක්කෙ අපෙ ග්‍රවුන්ඩ් එක..අම්නේ ඉතින් වතුර පිරිලා ජබුං ගහන්න නම් සෝයී!! යකෝ එ කියන්නෙ වහින්න පටන් අරන් ටික වේලාවක්ද? හෝ ගනා පොකුණ වගේ සෝයි වතුර ටික!
දකුණු පැති දොරෙන් එලියට ගිහින් පුස්තකාල පේමන්ට් එකටවත් ගොඩ වෙන්න කියලා මන් දකුණු පැත්තෙ දොරෙන් ඔලුව දාද්දි දැක්ක දර්ශනේට මාව ගැස්සුනා වගෙ..
අළු පාට ඇස් දෙකක්!!
සුදු කුඩයක් අතේ තියාගෙන අපෙ ක්‍රිකට් ටීම් එකෙ කිට් එක ඇදගෙන අතේ ෆයිල් එකකුත් උස්සන් පුස්තකාල පේමන්ට් එකෙ ඉන්න කොල්ලව! කවුද මේ? මන් මීට කලින් දැකලා නෑනේ....
පොඩ්ඩක් ඉන්න...මේ අර දිව්‍යදර පුත්‍රයද? මූද එතකොට අලුතෙන් ටීම් එකට එනවයි කිව්වේ? සැහ්ක් බොක්සින් ප්ලේයර් ලයින් එකක් තියෙන්නේ.අනෙ අපි බය වෙයි ඕවාට...
හැබැයි පොර ලස්සනයි..හැන්ඩි ලුක් එකක් තියේ.බාලිකාවේ කෙල්ලන්ට ගුණ බුස! අටේ උනාට මොකද බොසා අපෙ උනුත් දැන් ලව් කරනවා.ඔව් මටත් දැන් එච්චරයි අඩු කියලා අපෙ සයන්ස් සර් කිව්වා.ඔලුවට ගහලා නැත්තේ මනමාලකම විතරලු..
අනේ ඔය සර්ට පිස්සු.ඔය සයන්ස්-භූගෝලය දෙන්නට තාම මගේ ඇද පේන්නේ...අනිත් ගුරුවරුන්ට මන් හොද එකා..
අර අළු ඇස් ඩයල් එක මන් දිහා බලන් ඉන්නවා.මොන එහෙකටද දන්නෑ? මූ අපෙ වයසේ බව නම් ඇත්ත.ඒත් ක්ලාස් එක මොකද්ද? සැහ්ක් මූ ඉන්ග්ලිශ් මිඩියම් එකෙවත්ද?
"ඒයි.....ඔතන ඉන්නේ නැතුව කුඩේ අරන් ටිකක් එනවද..."
මන් ඉතින් කැගැහුවා.යකෝ පේනමානෙ ඉන්න එකෙක් අතේ කුඩයක් තියෙද්දි මන් මොකටද තෙමීගෙන එතෙන්ට යන්නේ.හිතුවට ඌගෙ ආඩම්බරකම කියලා ඌ ආවානේ....
නම අහගන්න බැරිවෙයිද දන්නෑ....
ඕන නෑ එක්කෝ...
ඔය අළු ඇස් දෙක අදුරගන්න බැරිවෙන්නෑ....
-- අවසානයි --
10 වන පරිච්ඡේදයෙන් හමුවෙමු!