ඩේසි මල (Daisies) 🌼 (Sinhal...

By JaiNez__CooLer

2.5K 186 42

මම වැඩිපුර මල් ගැන දන්නෙ නෑ.. හැබැයි මම මල් වලට ආසයි.. සුවද උනත් නැති උනත්.. මම මල් වලට මාර ආසයි.. මම කැමතියි... More

හැදින්වීම......
part 1
part 2
part 3
part 4
part 6
part 7
part 8
part 9
part 10

part 5

173 16 2
By JaiNez__CooLer

" මේ මෙන්න මේ කෑල්ලත් බලාගෙන පලයං.. "

" කෝ.. "

" ඊළගට මෙන්න මේක... "

" ම්.. "

" මේ.. මට චූ බරයි බං.. "

" මොකක්ද බල්ලෝ නැගිටපු වෙලේ... ඉදං.. සුළු දිය පහවෙනවා.. අර අපේ අප්පච්චිට කියලා.. බටයක් දා ගනිං පැකට් එකක් එල්ලගෙන තියා ගන්න.. නැත්තං තෝ එස්සෑම් එක අස්සෙ මැරිලා වැටෙයි.. "

" ඉදපංකො පොඩ්ඩක්.. "

නෑ මෙහෙමයි චූ බර හැදෙනවා තමයි.. ඉතිං අද එස්සෑම්නෙ..

පාඩම් කළා.. ඒත් අර හිතට දැනෙන කාලකණ්ණි ගතිය යන්නෙ නෑනෙ ඒකයි අවුල..
ඔවේනෙයයි මායි අද උදෑසන ආරම්භ වීමට නියමිත සාපෙ ට සූදානම් වෙන ගමං ඉන්නෙ දැං වෙලාව උදේ තුනයි.... මූත් එක්ක කාමරේට වෙලා පාඩං කරනවට වඩා හොදයි.. කොමඩ් එකේ ඉදං පාඩං කරා නං.. සිරාවට මූට දියවැඩියාව ද දන්නෙ නෑ.. නෑ නෑ ඔය තියෙන්නෙ විභාග පීඩනේ.... මුගේ හිත පොඩ්ඩක් හැදුවනං හරි පව් අහින්සකයා.. වීණත් මොනව කරනවද දන්නෙ නෑ.... ඒකිට අපේ ගෙදර එන්න කිව්වට ඒකි එන්නේ නෑනෙ.. ලැජ්ජයිලු.. අනේ පක තමා..

අද ආගම.. හෙට ජාතිය.. අනිද්දා ඉතිහාසය.. හරි අගෙයි ඉතිං..... කොහොම හරි කරල මේ මගුල ඉවර කරගන්න ඕනි වලාමේ.. මම ඔව්ව කල්පනා කරන වෙලේ ඔවේන් ෂිපර් එකත් දාන ගමං කාමරේට ආවා.. මුට කිසි ලැජ්ජාවක් නැති හැටි අම්මපා.... මේවා මගේ වැරදි මටත් තිබ්බෙ අර අනික් ගෑනු වගේ හෑයි හූයි ගගා ඉන්න..

" මේ... සිරාවට එක්සෑම් හෝල් එකේ ළමයෙක් මැරුණොත් හරි මොකක් හරි ලොකු අනතුරක් උනොත් හරි.. ඒ හෝල් එකේ උං ඔක්කොම ඒ විෂයෙන් පාස් කරනවා කියන්නෙ ඇත්තද බං.. "

" තෝ දැං චූ දාන්න ගිහිං ඕකද කල්පනා කරේ.. "

" නෑ නෑ.... ඒ උනාට.. ඔව් හැබැයි මට ඕක තමා කල්පනා උනේ..

" මාත් හරියට දන්නෙ නෑ.. ඔව්ද කොහෙද හැබැයි.. මේ තෝ අද ඒම මැරෙන්න එපා හොදේව්.. "

" උබට දුකයි නේද.. "

" පකක් නෙමේ.. බුද්ධාගම තියෙන දවසට මැරුණට වැඩක් නෑ.. ඔටුවෝ.. ගණං වගේ තියෙන දවසට මැරියං.. අනික් උන්ට වාසී එතකොට...."

" තොට මං.... "

" ඕඉ ඕඉ..
ඇද අවුස්සන්නෙපා පකෝ.. තියහං ඔය කොට්ටෙ ඇදෙං.. "

" ඉදා පගෙයට තව එකක්.. "

මුං ඔක්කොගෙංම මම ගුටි කනවා දෙයියනේ.. ඇයි මේ හිංසා....

කාමරේ ජනේලෙන් ඩිංග ඩිංග එළිය වැටෙනවා පේද්දි.. පපුව අමුතුවට ගැහුනා.. මම හිතන්නෑ ඒ මගේ විතරයි කියලා.. ඔවේනෙයත් හෙන කලබලෙන් හිටයෙ.. ඒ අස්සෙ මට ඇහුනා අපේ අම්මා කුස්සියෙ උයන සද්දෙ..

" ළමායි... දැං ලෑස්ති වෙලා ඉන්න.. ලෑස්ති වෙලා ඉවර වෙලා බලන්න තියෙන එකක් බලා ගන්න.. "

අම්මා කුස්සියෙ ඉදං බෙරිහං දුන්නු හින්දා අපි දෙන්නා.. බෑග් හදලා ලෑස්ති වෙන්න ගත්තා... ඕවේනුත් අද අපේ ගෙදර ඉදංම ලෑස්ති වෙන්න, රෙදිත් අරං ඇවිල්ලා තිබ්බෙ.. මම ඌව අයියාගෙ කාමරේට තල්ලු කරල ඇරියා.. ඒකෙ ඉදං ලෑස්ති වෙයං කියලා.. ඇයි වලාමේ මේකෙ අපි දෙන්නෙක් ඇදුං අදින්නෙ කෝමද.. ගෑනී මීනිහයි ඈ.. රෙද්ද... ඒ උනාට ඌ අයියගෙ කාමරේට ගියේ නිකං ඒක අස්සෙ අතවර කරන්න එකෙක් ඉන්නවා වගේ.... මල විකාර..

" සුදු නෝනා.. මෙහාට එන්න පොඩ්ඩක්.. "

ඔන්න ඔන්න මහාචාර්ය තුමා දේසනේ දෙන්න අඩගහනවා.. අපේ අප්පච්චි වාර විභාගෙට කලිං දවසෙත් ඕමයි.. ලගට ගෙන්නලා හිත හදල යවන්නෙ.. වාර විභාග වලදිනං මට ගානක් තිබුනෙ නෑ මෙයා මේ දේසන දුන්නට.. ඒ උනාට.. අද නං ඒක අවශ්‍යයි වගේ දැනෙනවා.. ඒ නිසා මම ඔවේනෙයාවත් එක්ක ගෙනම යන්න ඕනි කියලා හිතන් අයියගෙ කාමරේ ලගට ගියා.. කැත පුරුදු යවන්න බෑ කියලා කතාවක් අහල තියෙනවද.. නෑ නෑ ඒක ඒම නෙමේ තියෙන්නෙ.. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි.. කියලා.. මම ඉතිං දොරට කන තියලා පොඩ්ඩක් ඇතුලෙ මොකක්ද වෙන්න කියලා අහගෙන හිටයා.. මුං දෙන්නා මුණු මුණු ගානවා හරියට ඇහෙනිනෙත් නෑ...

" බය නැතුව එක්සෑම් ලියන්න.. ම්.. "
අද විතරයි ඔය කලබලේ... එකක් ලියලා ආවට පස්සෙ හිත හරියනවා.. "

" හ්ම්"

" I will reward you something after you finish your all subjects okay "

" ම්.. "

" දැං යන්න මට ඇහුනා අපේ අප්පච්චි කතා කරනවා "

" හ්ම් තව ටිකක් නිදා ගන්න ඔයා.. "

" හ්ම්.. බලමු.... "

මුං බකමූණොද.. හ්ම් ම්.. ම් හ්ම්.. ම්.. එව්... දැං එතකොට මුට මාව වටින්නෑ.. අර ඔටුවට තමා ඔක්කොම පුදන්නෙ.. ඉදහංකො අයියෙ..

ඒ උනාට මට හිතෙනවා.. නිකමට වගේ.. මෙතන සහෝදර කමට එහාගිය වෙන හුටපටයක් තියෙනවා වගේ.. නෑ නෑ හේගා ඒ උබේ හිත..

අඩි සද්දෙයක් ඇහුන නිසා මම ටක් ගාලා එහාට පැනලා මේ දැං ආවා වගේ.. දොරට තට්ටුවක් දාන්න හදනකොට දොර ඇරුණා.. යකෝ මුගේ මූණ බලහල්ලකො.... ඇතුලට යද්දි බෙරි වෙච්චි මූණ නේද මේ.. මට මුගේ මූණෙං දේදුන්නකුත් පේනවා.. මක් වෙලා ද මේ හිපාටුවාට..

" අහ්.. මං මේ ආවෙ උබව එක්කං යන්න.. අප්පච්චි කතා කරා..
මෙහෙ බලහං.. "

මම උගේ නිකටින් අල්ලල මූණ මගේ දිහාට හරෝගත්තා..බුදු අම්මේ.. මුගේ හිනාව.. අඩෝ ඒකෙ මම කවදාවත් දැකල නැති අමුතු මල් පාටක් පේනවනෙ.. නැ නෑ හේගා ඒ උබේ හිත.. ඌ ටක් ගාලා මූණ අහකට හැරෙව්වෙ හිනා වෙන ගමං මයි.. එව්.. මට නිකං අමුතු ලැජ්ජාවක් ආවා.. නිකං මම උගේ මිනිහ ඌ මගේ ගෑනි වගේ ගතියක්... මම ටක් ගාලා අත ගත්තා.. අරගෙන ඒ අතින්ම හොදවයින් එකක් පිට මැද්දෑවට දීලා අතෑරියා..

" ආව්වා බල්ලො.. "

" මෙන්න මෙහෙ වරෙං යන්න.. ඇඹරෙන්නෙපා උබට ඒක සෙට් නෑ.. "

" පලයං යන්න වැස්සි.."

ඔවේනෙයා මගේ ඔලූවට එකක් ගහගෙන.. කලිසම ඉනෙන් හදන ගමං කෑම කාමරේ දිහාවට ගියා.. මගේ කොණ්ඩෙත් ඇවිස්සෙනවා..
මම කොණ්ඩෙත් හද හද ගිහිං කෑම මේසෙන් වාඩි වෙලා අම්ම බෙදල දීපු බත් එකත් කන ගමං අප්පච්චි කියන එව්වට කන දී ගෙන හිටියා.. සිරාවටම ඒ වචන වලට හිත සැහැල්ලු උනා සත්තයි..

එස්සෑම් එක වෙලේ නං වෙන මගුල් නොහිතා මම ලෙසටම පේපර් එක ලිව්වා.. ඔවේනෙයත් හොදට ලිව්වා කියලා කිව්වා.. හොදට ලියන්න එපැයි ඇයි අපේ සහෝදරයා කිව්වනෙ උට මොකක්ද එකක් reward කරනවා ය.. යැයි යැයි කියලා..

විෂයන් නමේම හරියට සැහැල්ලුවෙන් ලියා ගත්තා.. කාණ්ඩ විෂයං පාඩම් කරද්දිත් අපිට ලේසි උනේ අපි දෙන්නම එකම ටික කරපු නිසා.. Tamil , Drama , IT

විභාගෙ ලියපු අන්තිම දවසෙ , අනික් උන් නං හෙන ආතල් එකේ නට නට බලිව්වාට.. මායි වීණායි ඇතුළුව සෞන්දර්ය විෂයන් කරපු උං හිටියෙ ආතල් එකේ නෙමේ.. මොකද ඊළගට තමා.. හොදම ටික තියෙන්නෙ " ප්‍රැක්ටිකල් "..
අන්තිම දවසෙ අපේ වර්ෂා මිස් ඉස්කෝලෙට ඇවිල්ලා ඩ්‍රාමා ළමයි ටික එක්කහු කර ගෙන ප්‍රැක්ටිකල් ප්‍රැක්ටිස් වෙන්න දිනයක් දුන්නා.... දැං ඉතිං ඕකටත් ඉස්කෝලෙ ගාටපංකො..

එස්සෑම් ඉවර වෙලා ගෙදර එද්දි අමුතු මෙව්ව එකක් හිතට එනවා.. ඔවේනෙයත් වෙනද වගේ මා එක්කමයි ගෙදර ආවෙ.. ඌ එන ගමං එක දිගට කියවනවා.. ඌ රිසාල්ට් එනකල් කරන්න ඉන්න එව්වා ගැන.. කොණ්ඩෙ වවනවලු.. රැවුල වවනවලු එක්කෝටි පනස්වෙනි වතාවටත් සිරීපාදෙ යන්නෝනලු.. ඊට පස්සෙ අම්බුලුවාවෙ.. මාළිගාවෙ.. මල්වත්තෙ.. නුවරඑළියෙ.. නකල්ස්.. see more තව තව මගුල් කියෙව්වා.. දැං මූ යනවා කියන්නෙ මාත් ඔව්වයෙ යන්නෙපැයි.. මෙව්වා සංසාර ණය ගනුදෙනු..

" මේ තව කොහෙද බං යන්නෝනි.. ආ යාපනෙත් යමු ඈ.. "

" ඔක්කොටම කලිං ගෙදර යමං.. ගිහිල්ලා පොත් ටික අස් කරලා කාමරේ සුද්ද කරන්න ඕනි.. ඊට පස්සෙ ආතල් එකේ ෆිල්ම් එකක් බලමූ.. හාද ?"

" අඩෝ ඒක අමතක උනානෙ මට.. "

" තොට තව එකක් මතක් කරන්න ද "

" ඒ මොකක්ද "

" කෑල්ල බලන්න යන්නැද්ද.. "

"යනවා යනවා... කෑල්ල ඉන්නෙ උබලගෙ ගෙදරනෙ.. ?"

" ඈ..!?"

" ඈ ?"

" කෑල්ල අපේ ගෙදර කිව්වෙ.. ?"

" මගේ කෑලි හුගක් එහෙ නෙ තියෙන්නෙ බං ඉතිං.. සිරාවට කවුද දැං උබ ඔය මෙන්ෂන් කළේ.. "

" ආ දන්නෙම නෑ.. "

" ඒයියා බං යෂින්කා ද "

" ආසයි නේ.. "

" ඈයියා ඈයියා ආස නෑ.. "

යෂින්කා කියන්නෙ තනි බඩුවක්.. ඒකිගෙ පුප තියෙනවා අක්කරයක් විතර එහාට.. අනික පපුව හම්මෝ හංසමාලි පරාදයි.. ඒ ඔක්කොම හරි කියමුකො.. කී දෙනෙක්ට කියලා ඇර ගෙන ඇද්ද.. ඈයියා.... මම අපේ ඔවේනෙයාට ඒකි ගැන කියලා විහිලු කරන්නෙ ඒකමයි..

සිරාවට මේ ඔටුවට ඇයි තාම කෙල්ලෙක් නැත්තෙ.. මුගෙ අඩුවක් නෑනෙ..

ඔවේනෙයාට ලස්සන හැන්ඩ්සම් මූණක් තෙයෙනවා.. perfect figure එකක් තියෙනවා.. ගැම්මට ඉන්නවා.. ඌ වැඩිය දගලන්නෙ ඒමත් නෑ.. අනික් උන් එක්ක ඉද්දි පාඩූවෙ පැත්තකට වෙලා ඉන්නවා.. වැඩිය රෝන්දෙ ගහ්නන යන්නෙත් නෑ.. හැබැයි මායි වීණායි එක්ක නං මූ යන්නෙ නැත්තෙ සක්වල ගලේ විතරයි.. හැබැයී ලගකදි ඉදං.. අපෙ අයියත් එක්ක මූ රවුං ගහනවා.. අපේ අයියා නිකං පොඩි එකෙක්ට වගේ මුට සලකන්නේ.. අහන්නෝන මගෙං වෙනස් කමක් වත් උනාද කියලා.. මෙතන මොකක් හරි තියේ.. නෑ නෑ හේගා ඒ උබේ හිත..

අපි ගෙදර එද්දි ගෙවල් වල කවුරුත් හිටියෙ නෑ.. අපේ අප්පච්චි නං වැඩනෙ.. අම්ම රාධා ආන්ටි එක්ක ෂොපින් යනවා කිව්වා.. ෂවේන් අයියයි අපේ අයියයි අද English course එකේ.. අපි දෙන්නා ගිය ගමං පොත් අස් කළා.. ඔක්කොම සාපෙ පොත් ටික පෝර කවර වල දාලා ගබඩා කාමරේට දැම්මා.. ඊට පස්සෙ කාමරේ අස් කළා.. ඊ ළගට.. ඔවේනෙයාගෙ ගෙදර ගිහිං.. ඒ කාමරෙත් අස් කළා.. ඊට පස්සෙ... මම ගෙදර ගිහිං වොෂ් එකක් දා ගත්තා අරූටත් වොෂ් එකක් දා ගන්න කියලා.. ඊට පස්සෙ මම ආයෙම ඔවේනෙයගෙ ගෙදර ගිහිං අපි දෙන්නටම කොත්තු මී නූඩ්ල් දෙකක් හදලා... ෂවේන් අයියගෙ sun crush කෑන් collection එකෙන් grapes කෑන් දෙකක් අර ගෙන ඒ ටික ඔක්කොම dinning table එක උඩිං තියලා... පුටුවක් ඇදලා ඉදගෙන කකුල් දෙකත් උඩට අරං..අපේ අයියගෙ ලැප් එක දිගෑරගෙන ෆිල්ම් එකක් හෙව්වා.. ඒ අස්සෙ ඔටුවා.. ඔලුව පිහ දදා ඇවිත් ඉදගත්තා...

" මොකක්ද බලන ෆිල්ම් එක.. "

" Thriller series එකක් හොදයි නේද.. "

" අනේ romance එකක් බලමු බං.. "

" තොටයි මටයි මොන romance ද බං.. "

" ඔව් හැබැයී ඒ උනාට උබට නැති උනාට මට තියනවා.. "

" අනේ පලයං.. "

මම දන්නැති මුගෙ ලව්.. හිතා ගෙන ඇති මට හොරෙං ලව් කොරන්න.. පුප පලනව මං මුගෙ..

කෝම හරි අපි අන්තිමේ එකගතාවකට ඇවිල්ලා.. the dark Knight බලන්න එකග උනා.. ඊට පස්සෙ ඒක බලලා ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා අයියලා දෙන්නා ආවා.. උං දෙන්න නා කියා ගෙන ඔක්කොම කරල ඉවර වෙලා අපි ඉස්සරහිං ඉද ගත්තා.. අපි එවෙලෙ.. යෂින්කා ගැන කියව කියව හිටියෙ. එක වෙලාවකට මට හිතෙනවා අපිටත් ඕනි නැති පුකක් නෑ කියලා..

" දැං උබල මොනවද a/l වලට කරන්න හිතා ගෙන ඉන්නෙ.. "

" අර බලහං ඔවේනෙයා.. එක්සෑම් ඉවර වෙලා නිදහසේ හුස්ම ගන්නවත් නෑ.. "

" හිතා ගෙන ඇති නිදහසේ හුස්ම ගන්න නේද බං.. "

" මම දන්නෑ.... ඕ කුන්ට පාඩුවෙ ඉන්න දියං නිගේෂයා... "

" ආන්න ඒම ඉන්නවකො තමුසෙත්.. මෙතන අපිට වද දෙන්න එන්නෙ.. "

" නෑ නෑ සිරාවටම කියන්නෙ.. මොනවද බං උබ කරන්න හිතාගෙන ඉන්නෙ.. "

" මට.. රට යන්න ආසාවකුත් තියෙනවා... Professor කෙනෙක් වෙන්නත් ආසාවක් තියෙනවා.."

" මොනවයින්ද.. ? "

" Drama or English literature "

" ම්... හොදා හොදා.. "

" එතකොට මල්ලි.. "

මැල්ලි යැයි යැයි තමා... ඔවේන් එක්ක කතා කරද්දි මුගෙ මූණ බලහංකො.. හද වගේ.. මෙතන මොකක් හරි තියෙනවා..

" මම ද "

" ම්.. "

" මේ මේ පොඩ්ඩක් ඉන්නවා.. මට දැවැන්ත ප්‍රශ්නයක් තියෙනවා.. "

මම අපේ නැගිටලා ගිහිල්ලා පුටුවක් ඇදල අරං අපේ අයියගෙ ලගිං වාඩි උනා..

" ම්ම්මොකද.. ? "

" ඔයා ඔයා තෝ.. "

මම අපේ අයියගෙ ඉදල ඔටුවා ගාවට යනකල් පිළිවෙලට ඇගිල්ල දික් කළා..

" ඔය තුන් දෙනා දන්න මම නොදන්න දෙයක් තියෙනවද නැද්ද ?.. "

" න්නෑ.. " (ඔවේන් )

" නෑ !!!!" (හේෂ් )

" තියෙනවා.. " (ෂවේන්)

" ආං දැක්කද ආං දැක්කද උබල දෙන්න මට බොරු කරනවා කියලා මම දැනගෙන හිටයා.. "

" නංගි මේ අහනවකො.. "

" ඔව් මට අහන්න ඕනි තමයි.. මුං දෙන්නා කියන්නෙ නෑනෙ මට ඔයාගෙං හරි අහගන්න ඕනි.. "

" හරි හරි මම කියන්නං.. "

" අනේ පලයං යන්න ඔවේන්.. "

ලොකු දෙයක් නෙමෙයි වෙනින ඇති ඒත් ඇයි මට විතරක් හංගන්නෙ...
මම ඉදගෙන හිටපු තැනිං නැගිටලා කිචන් එකෙං එළියට ඇවිල්ලා පඩි පෙළ දිගේ නැගල රූෆ් ටොප් එකට ආවා.. මට කේන්තී.. ඇයි මුං මට නොකියන්නේ.. මං දැනගත්තා මොකක් හරි තියෙනවා කියලා.. මම මුංට එකක් නෑර හැම එකම කියනවා.. අරුං දෙන්නා ඕන්නෑ.. ෂවේන් අයියට තිබ්බා කියන්න.. මට ඕන්නෑ ඔය එකෙක්වත්..

මම නියපොතු කකා.. බැම්මට හේත්තු වෙලා එළිය බලාගෙන ඉද්දි මට දැනුනා කවුරු හරි එනවා.. මම තව ටිකක් හයියෙන් නියපොතූ කන්න ගත්තා.. මේක කේන්තියක්ම නෙමේ.. දුකක් වගේ එකක්.. හිත රිදෙනවනෙ.. අනුංගෙ එකක් නං කමක් නෑ.. අයියගෙ එකක්නෙ.. මං හිතන්නෙ ඔවේනෙයගෙයි අයියාගෙයි අතර මොකක් හරි තියෙනවා..

" නංගී.. "

"_____"

" අහපංකො ඉතිං.. "

" මොනවා අහන්නද ? ඕන්නෑ.. ඕගොල්ලොත් මට හැම එකම නොකියා ඉන්න මාත් නොකියා ඉන්නං ඉවරයිනෙ.. "

" මහ දෙයක් නෙමේ බං.. හේෂ් ආස්ක් අවුට් කළා.. "

" ඉතිං ඕක මහ දෙයක්ද.. මට කියන්න තිබ්බනෙ.. හංගන්නෙ මගුලටද.."

යකෝ මාර වැඩක්නෙ.. ඉතිං ඕක නොකියා ඉන්නෙ මොන ලබ්බටද...

" කෙල්ලෙක්ට නෙමේ.. ඒකයි කියන්න අදි මදි කලේ ඌ"

" කාටද කවද්ද.. "

" හසරංගි බූට් එක තිව්වට උට ගානක් නැතුව හිටියම ඇති උන සැකේට තමා මාත් ඇහුවෙ.. එතකල් මටත් ඌ කිව්වෙ නෑ.. "

" මොකක් ගැනද කිව්වෙ නැත්තෙ.. "

" අපේ... මල්ලිගෙන් ඌ ආස්ක් අවුට් කළා කියලා "

දැං මුං මට ඕක කිව්වෙ නැත්තෙ බයේද එතකොට.. මම මෙතන නටලා වැලලිලා ඔවේන්ගෙ කම්මුලට ගහල බැනලා තරහවෙලා මගුල් නටයි කියලා මුං හිතන්න ඇති.... ඕක ඉතිං මහ දෙයක්ද..

" ඉතිං ඇයි කිව්වෙ නැත්තෙ.. "

" Are you ok with it? "

" Why what's wrong with that huh ?

" කෙල්ලො ටිකක් අමුතුයිනෙ.. ඒකයි ඌ නංගිට උනත් නොකියා ඉන්න හැදුවෙ.. "

" ආ ඒමද.. දැං මමත් ඒ අනික් කෙල්ලො වගේ නටයි.. දගලයි .. වැලලෙයි කියලා හිතුවා.. "

" ම්.. "

" හරිම අගෙයි.. "

" දැං දන්නවනෙ ඉතිං.. නෙහ්.. "

"ම්.. "

" මොකද හිතන්නෙ.. "

" මොනා හිතන්නද මම ඔවේන් එක්කයි අපෙ අයියා එක්කයි කතා කරන්නෑ ආයෙ දවසක් දෙකක් යනකල්.. "

" ඇයි ඒ.. "

" ලැජ්ජයි ඕඉ.. "

" උබ ලැජ්ජ වෙන්නෙ මක්කටද.. ? "

" ඒක ඔයාට තේරෙන්නෑ..
මේ.. ඒක නෙමේ බ්‍රද..ලබන සතියෙ අපිට ඩ්‍රාමා ප්‍රැක්ටිකල් ප්‍රැක්ටිස් පටං ගන්නවා.. ආවොත් මීට් වෙන්න පුළුවන්.. "

" කාවද.. ? "

" හම්මේ.. මූණ... අනේ යනවා හලෝ.. තමුසෙ දන්නෑ.. බාබානෙ.. "

" එහෙනං ඔන්න මම උබව පික් කරන්න එන්නං.. හානෙ.. "

" එල එල... "

අරුං දෙන්න එක්ක මං කතා කරන්නෙ කෝමද යකුනේ.. දැං උං දෙන්න මගේ ඉස්සරහ නිදහසේ ඉන්න පටං ගනී.. ඒ කියන්නෙ මම එව්වා බලා ගෙන ඉන්නෙපැයි.. සංසාරේ... තරහයි වගේ ඉන්න ඕනි... ඒ උනාට හෙටයි අනිද්දයි දවස් දෙකක් ගෙදර යකෝ... සදුදා නෙ ප්‍රැක්ටිකල් ප්‍රැක්ටිස් පටං ගන්නෙ..

මායි ෂවේන් අයියයි කයියක් ගහ ගහා ඉදල එහෙමම පහලට ආවා.. පහලට කිව්වෙ මැද තට්ටුවට.. මට දැං යා ගන්න කාමරයක් හොයා ගන්න බෑ.. ෂවේන් අයියා කාමරේට යන්න යද්දි මම ටක් ගාලා උගේ අතින් අල්ල ගත්තා..

" මොකද බං.. "

" ලැජ්ජයි ඕඉ.. "

" උබට ඒම එකක් තියේද.. ? "

" ඔව්...... "

" මෙන්න මෙහෙ වරෙං.. "

ෂවේන් අයියා මාව ඉස්සරහට කල්ලා පිටට තල්ලුවක් දැම්මම.. බාගෙට වහල තිබ්බ දොරත් ඇරගෙන මාව ඇතුලට තල්ලු උනා.. මම ටක් ගාලා වහලෙ දිහා බැලුවා.. මට මුංගෙ මුණු බලන්න බෑ.. අම්මේ...

"මේ බිත්ති ටික පිහදාලා දානවකො ෂවේන් අයියේ. බලනව මකුළු දැල් තියෙන තරමම්හ්ක් අම්මෙහ් සුලැගිල්ල.. "

හත්තික්කේ වැදුනා නේද සුලැගිල්ල.. ආපු වේදනාවට මම එහෙමම ඩ්‍රෙසින් ටේබල් එකට හේත්තු උනා..

" වද්ද ගත්තා නේද ?.. "

"කෝ ඉදහං බලන්න.. "

" මොනා බලන්නද පලයං යන්න.. ෂවේන් අයියා බලයි.. ඔයත් ඉන්න ඔහාට්ට වෙලා එන්නෙපා.. "

ආවා මෙතන බලන්න... හාල්පාරුවො දෙන්නා.. පෙන්නනවා පකක්.. ගස් වදුරො දෙන්නට..

" ආ කෝ ඉන්න එහෙනං.. මම බලන්නං.. "

" ආව්වා ආව්වා... "

" මහ දෙයක් වෙලා නෑ.. බං.. කැඩිලද කොහෙද.. ? "

" හෑ.. ?!!!! "

" නෑ නෑ බං.. තැලිලා තියෙන්නෙ පොඩ්ඩක්..
ඉදහං මම ජෙල් එකක් අරං එන්නං.. "

දැං තමුසෙ ගිහාම මම තනි වෙනවා.. යන්න එපා.. මම ටක් ගාලා ෂවේන් අයීයව අතින් අල්ලල කන ගාවට ඇදල ගත්තා..

" යන්න නං එපා අයියේ.. පිං අයිති වෙයී.. "

ඊට පස්සෙ ෂවේන් අයියා මා දිහා බලල මහ කැත හිනාවක් දාලා.. අතත් අතාරවගෙන යන්න ගියා.. රාධා ඇන්ටී... මාව අතුරුදහන් කරන්න බැයිද ඔයාට.. එයා ගියාට පස්සෙ මම නැගිටලා ගිහිං මේසෙ ලග තිබ්බ පුටුව ඇදල ඉද ගත්තා..

"අහ්ම්.. "

" ක්හැම්.. "

" මොකද ? "

" ඔවේන් එක්ක නං කතා නොකර ඉන්න පුළුවන් වෙයි.. උබට මා එක්ක කතා නොකර ඉන්න තමා.. ගේම ගහන්න වෙන්නෙ.. "

" ඇනේ යැනවා හලෝ යන්න.. මම කතා කරන්නෑ කිව්වෙ නෑනෙ.. "

" යැයි යැයි තමා"

ඔවේනෙයා මූණත් එල්ලගෙන ඇදේ එහා කොනට වෙලා නියපොත්තක් හපනවා තියා ගෙන.. මම ඌ දිහා බලල අර මොනිටිසෝරි ළමයි තරහ උනාම කට ඇද කරනවා වගේ කට ඇද කළා.. ඌත් ඒකම කළා.. මුට යකෝ... ඌද මංද තරහ වෙන්න ඕනි.. ඒ එක්කම ෂවේන් අයියා එකපාරටම කාමරේට ආවා...ඊට පස්සෙ සුළැගිල්ලෙ මොනවද මන්දන්නෑ කූල් වෙන ක්‍රීම් එකක් ගාලා.. පිම්බා.. අම්මො සනීපයි...........

ඊට පස්සෙ වැඩිහිටි උදවිය ගෙදර ආවට පස්සෙ රෑට කන ගමං කයියක් ගහල අපි අපේ ගෙදට්ට කැපුනා.ඒ එනකොටත් රෑ 11:45 යි.. කවදානම් අපිට රෑ 8 ට 9 ට නිදා ගන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ..

Heish + Sasvin

අහම්බෙන් හම්බෙන දේවල් අපේ විදියට ගලපගන්න හැකියාවක් අපිට තියෙන්න ඕනි..

- ඩේසි -

Double update guys... 🌼👇🏼👉🏼👈🏼

Continue Reading

You'll Also Like

610K 63.9K 25
في وسط دهليز معتم يولد شخصًا قاتم قوي جبارً بارد يوجد بداخل قلبهُ شرارةًُ مُنيرة هل ستصبح الشرارة نارًا تحرق الجميع أم ستبرد وتنطفئ ماذا لو تلون الأ...
31.3K 1.1K 32
All Han Jisung has known is life in the mafia. From stealing on frozen streets to living the high life of a talented informant, he's been able to tak...
32.1K 730 15
On a trip to Paris, a young Chinese girl named Y/n meets a boy named Huaze Lei who was with his girlfriend Jing. Its love at first sight, but then he...
3.4M 144K 61
The story of Abeer Singh Rathore and Chandni Sharma continue.............. when Destiny bond two strangers in holy bond accidentally ❣️ Cover credit...