බෝපතක පිනි කඳුලු ❦( MalexMal...

BLinkergurl

26.1K 3.4K 763

සඳක් 𖥔 ࣪ ᥫ᭡ꗃ⋆࣪. බෝ පතක පිනි කඳුලු.. ❦ පොත් දෙකක් තියෙනවා මේකෙ.. තව ඒව පටන් ගන්නවනම් මේකෙ තමා දාන්නෙ.. Еще

- INTRODUCTION -
බෝ පතක පිනි කඳුලු - 01
බෝ පතක පිනි කඳුලු - 02
බෝ පතක පිනි කඳුලු - 03
බෝ පතක පිනි කඳුලු - 04
බෝ පතක පිනි කඳුලු - 05
බෝ පතක පිනි කඳුලු - 06
බෝ පතක පිනි කඳුලු - 07 -
බෝ පතක පිනි කඳුලු - 08 -
- බෝ පතක පිනි කඳුලු - 09 -
- බෝ පතක පිනි කඳුලු - 10 -
බෝ පතක පිනි කඳුලු - 11 -
- බෝ පතක පිනි කඳුලු ✨ - 12 - ( republish කරනව නෙවෙයි අලුත් චැපියක් 🤐🖤 )
බෝ පතක පිනි කඳුලු 💚✨ - 13 -
- බෝ පතක පිනි කඳුලු ❦ - 14 -
- ❦ බෝ පතක පිනි කඳුලු ❦ - 15 -
- බෝ පතක පිනි කඳුලු - 16 -
බෝ පතක පිනි කඳුලු 💚✨ - 17 -
- බෝ පතක පිනි කඳුලු 💚✨ - 18 -
- මචකද 👉👈💚✨ -
- INTRODUCTION -
සඳක්.. ☪︎ ִ ֶ֢࣪⋆ - 01
සඳක්.. ☪︎ ִ ֶ֢࣪⋆ - 03
සඳක්.. ☪︎ ִ ֶ֢࣪⋆ - 04
සඳක්.. ☪︎ ִ ֶ֢࣪⋆ - 05
සඳක්.. ☪︎ ִ ֶ֢࣪⋆ - 06 -
සඳක් ☪︎ ִ ֶ֢࣪⋆ - 07 -
ස‍ඳක් ☪︎ ִ ֶ֢࣪⋆ - 08 -
- සඳක්☪︎ ִ ֶ֢࣪⋆ - 09 -
සඳක් 🌙 - 10 -
සඳක් 🌙 - 11 -
සඳක් ☪︎ ִ ֶ֢࣪⋆ - 12 -
සඳක් 🌙 - 13 -
- සඳක් -
සඳක් ✨ - 14 -
- සඳක් ✨ - 15 -
සඳක් 🌙✨ - 16 -
සඳක් ✨ - 17 -
- IFLY - 01 -
- බෝ පතක පිනි කඳුලු 💚✨ - 19 -
- බෝ පතක පිනි කඳුලු 💚✨ - The Last Chapter -
- Author's note එකක් පමණයි 💔 Interested නැති අය බලන්නෙපා -

සඳක්.. ☪︎ ִ ֶ֢࣪⋆ - 02

809 113 18
BLinkergurl


සඳක්.. ☪︎ ִ ֶ֢࣪⋆

" අර කෑල්ලනං පට්ට ආරුශයො.. දැනට දාගෙන තොට එපානං පස්සෙ හිමීට මට ලයින් කරකො හු ත්ත! "

මිහිරාන් ඇගිල්ලෙන් ඇන්න උරහිස අතගාගනිමින් ආරුශ් රැව්වේය. සඳක් ඔහු පසෙකට වී නුරුස්මෙන් දුරකථන තිරයට දස වද දෙනු ඔහු ඇස කොනින් යන්තම් දුටුවේය. හේතු එකකට වඩා තිබුණි. ගෑවී නොගෑවී සිට ත් ආරුශ්ගේ අතේ සිය අතැඟිලි පටලාගන්නට නැතිකමින් ඔහු අඩපනව යමින් සිටියේය. මිහිරාන් ඒ අල්ලපනල්ලේ සිය පෙම්වතාට මඟුල් ජෝඩු කරන්නට තැත් කිරීම ඔහුගේ හදවත ගිනි තැබුවේය. ආරුශ් ඔහු දෙස බලන තත්පරයක් පාසා සඳක් රැව්වේ ආරුශ්ට ය. ආරුශ් මිතුරන් හා පෙම්වතා මැද ගිරයට හසු වූ අසරණ පුවක් ගෙඩියක් බවට පත්ව තිබුණි.


" සඳා... උබ දිහත් ඒකි බලනවා සුද්දා.. අඩේ තොපෙ නගින්නැද්ද බොලව්... ?! "

සඳක් නැගිට්ටේ හොදකට නොවන බව ආරුශ් සක්සුදක් සේ දැන සිටියේය. බස් නැවතුමේ සිටි පාසල් වියේ යුවතියන් දෙසට ඔහු පය ඉක්මන් කරන විට මිහිරාන්ගේ ද උගුර වියලී කෙල ගිලුණේය.

" නංගි.. අර අතන ඉන්න සුදු ශර්ට් එක ඇදන් ඉන්න සුදු උස අයියට තමුසෙ දැකලා නැගලලු. ගිහින් පුලුවන් උදව්වක් කරලා දෙනවද අපිට කනක්කැහිල ඉන්න.. "

" මොනවද හුත්තො අරූ අර කියන්නෙ? " රිශාන් තම කමිසය දෙස බලා සැනසුම් සුසුමක් හෙලුවේය. සුදු ඇද සිටින්නේ ආරුශ් හා ලවන් පමණකි. තරුණයන් හය දෙනා දෙස බස් නැවතුමේ සිටි වැඩිහිටියන් විටින් විට බලමින් කුටු කුටු ගාන්නට විය. සඳක් කතා කළ දැරිය රතුව ගියාය. ඇගේ මිතුරියන් ඇයට ඇගිලිවලින් අනිමින් තොල් නෑර මුමුණමින් මොන මොනවාදෝ කීහ. ඇය මිතුරියකගේ අතක් ගසා දමමින් බිම බලාගත්තාය.

" විනාසයි හුත්තො විනාසයි.. අහක බලපං ආරුශ්... ලොකු ප කක් අල්ලලා කටේ ඔබන්නෙපැයි මේ නසරානි වේසිගෙ පුතාගෙ.. කැපෙමු මෙතනින්.. " ආරුශ්ගේ අතකින් ඇදගෙන දැරියන් අසලින්ම ඔවුන් පසුකර මිහිරාන් කඩිනම් කරන අතරේ සඳක්ගේ අතින් අල්ලාගන්නට ආරුශ් සමත් විය. විශ්වවිද්‍යාල සිසුන් හය දෙනා නතර වූයේ බස් නැවතුම්පොළ නොපෙනෙන මානයේ ය.

ලවන් සඳක්ගේ හිස පිටුපසට අත්ලෙන් ගැහුවේය. ඒ සමඟම තව අත්ල පහර දෙකක් වෙනස් අත්වලින් වැදුණ ද හතර වෙනි අතකට ඔහු රිදවන්නට නොදී ආරුශ්ගේ පිට අත්ල ඔහු වෙනුවට ඒ පහරවල් විඳගත්තේය. මෘදුව ඔහුගේ හිස අතගෑව ද සඳක් ඒ අත තල්ලු කළේය.

" මොකද්ද හුත්තො ඒ කරේ? "

" යකෝ උං ඕලෙවල් ක්ලාස්වලද කොහෙද! රොත්ත පිටින් හිරේ ලග්ගවන්නද දගලන්නෙ ගොං පකයා! "

" අපේ ගමේ ආන්ටි කෙනෙකුත් හිටියා හුත්ත.. ගම කයි දැන් "

සඳක් කිසිත් නොකීවේය. ඊලඟ නැවතුමේ නවතා තිබූ බස් රථයක් දැක අඩියට දෙකට ඒ වෙත ගිය ඔහු යන්තම් අද්දන්නට පෙර දොරේ එල්ලුණේය.

" සඳක්! " ආරුශ් සුසුම් ලෑවේය. ඉදිරියට තැබූ පය ආපස්සට ගන්නට සිදු වූයේ ලවන් ඔහුගේ කරට දැමූ අත නිසාවෙනි.

" මොකද්ද බං අර පිස්සු හුකන්නට වෙලා තියෙන්නෙ? " විමසුවේ මිහිරාන් වුවද තරුණයන් සියලු දෙනා විටින් විට සඳක්ගේ මෙම හැසිරීම නිසා වික්ශිප්ත වූ අවස්ථා තිබුණි. ආරුශ් පමණක් ඒ සෑම විටෙකම නිහඩ විය.

" උදේ ඉදන් ඔලුව කැක්කුමයි ගගා හිටියෙ. සඳක්ට මිග්‍රේන් නෙ. " ඔහු සෑම විටෙකම නිදහසට කරුණු ගෙතුවේය.

මිතුරන්ගෙන් මඟහැරී තනි වන්නට උපායක් සිතමින් ඔහු දුරකථනය අතට ගත්තේය. " තව පොඩ්ඩෙන් අමතක වෙනවා. අම්මා තක්කාලි ගේන්න කිව්වනෙ. මචංලා මං එහෙනම් කැපුණා..! ෆුඩ් සිටියට දුවලා එහෙම්ම මං බයික් එක ගන්නවා උබලා ඉන්න ඕන්නෑ. "

ඔහු දිවූ ෆුඩ් සිටියක් හෝ අම්මාට ගත් තක්කාලියක් නැත. යතුරුපැදිය නවතා තිබූ රථගාල වෙත පය ඉක්මන් කළ ඔහු මිතුරන් පේන මානයේ තවදුරටත් නැති බව තහවුරු කරගෙන සඳක්ගේ අංකයට ඇමතුමක් ලබාගත්තේය.

සඳක් ඔහුගේ ඇමතුම ප්‍රතික්ෂේප කළේය. වරදක් නොකර දුශ්ටයෙක් වූ වැඩිමල් තරුණයා සිත යටින් කන්කෙදිරි ගෑවේය.

මේ වනවිට ඔහු බස් රථයෙන් බැස ඇතුවාදැයි නිගමනයකට ඒමට තැත් කළ ඔහු යතුරුපැදිය කඩිනමින් පාරට දැමුවේය. බස් රථයට ගමන් නොකලැකි කෙටි පාරවලින් සඳක් බැසීමට නියමිත නැවතුම වෙත ඉගිල්ලුණු ඔහුට අතරමඟදී හමූ වූ බසය පසුකර ගොස් බස් නැවතුම අසල නවතිනවාත් සමඟම පාහේ බසය ඔහු අසල නැවතුණි.

ඔහුට රවමින් සඳක් බස් රථයෙන් පිටතට බැස්සේය. ඔහු මඟහැර ඉදිරියට යාමට පෙර ආරුශ් සඳක්ගේ අතකින් අල්ලාගත්තේ බසය පිටව ගොස් ඔවුන් තනිවන තෙක් ය.

" අතෑරපං මගෙ මාරයා අවුස්සන්නැතුව! "

" අනේ සුදුමැනික.! මං මොකද්ද කරපු වැරැද්ද දෙයියනේ? ඇයි මට පුප්පන්නෙ කියනවකො.. "

" උං උබට ගෑනු සෙට් කරන්න දගලද්දි කට පියන් ඉන්න එක වරදක් නෙවෙයිද?! " සඳක්ගේ ඇස් බොඳව ගියේය. ඉකිගැසුණු ඔහු සිය පපුව මතට බලහත්කාරයෙන් තුරුල් කරගත් ආරුශ් ඔහුගේ නළල් තලය සිපගත්තේය.

" අනේ බොරුවට අඩන්නෙ ඇයි මැනික?! ඔලුවෙ කැක්කුම වැඩි වෙයි. කිව්වම අහන්නකො.. අඩන්නැතුව ඉන්න.. "

" ඔහ්.. ඔය විදියට ගියොත් අන්තිමට අප්පච්චි මට කෙල්ලෙක් හොයලා, එයාලට මේව කියන්න බෑනෙ මැනික අපි බ්‍රේකප් වෙමු කිව්වත් මට බකමූණා වගේ හුම් කියලා අත පිහදගෙන පැත්තකට වෙන්න වෙන්නෙ! "

" උබ එක්ක වලපල්ලට යන්න වුණත් උබව මං අතාරින්නෙ නෑ. දැන දැන ඇයි ඔහොම කියන්නෙ?! ඕන මට රිද්දන්න නං ගහල දානවකො කන පැලෙන්න. රෙද්ද... මේක ලේ මස්වලින් හැදිච්ච පපුවක් සඳක්.. ගල් ගෙඩියක් නෙවෙයි මාත් ඔය හැම වචනයක් ගානෙම උහුලන්න. "

" ඇයි උන්ට කියන්න බැරි?... හරි.. ගෙදරට ඕන්නෑ, රටට කියන්න ඕන්නෑ, ඒත් යාලුවන්ට?.. උන්ගෙන් මේක හංගන එක මහ කරුමයක් ඕයි... මට දරාගන්න බෑ උං තමුසෙට කෙල්ලො ගැන හින්ට් කරද්දි.. තමුසෙ ඒවට මොකුත් නොකියා ඉද්දි මට ඊටවඩා දුකයි.. "

" ඕක කිව්වට පස්සෙ වෙන දේවල්වලට කොහොමද මැනික මූණදෙන්නෙ? ඒක මීටවඩා ගොඩක් අමාරු වෙයි.. මං කැමැත්තෙන් ඉවසනවා කියලද හිතන්නෙ? "

" කියන්න තියෙන්නෙ මෙච්චරයි... තමුසෙ මහ කොන්දක් නැති පින්.නයෙක්. මට තියෙන කොන්ද තොට නෑ. "

" ඕන තරම් බැනලා හිතේ තියෙන pressure එක පිට කරගන්න, කමන්නෑ සුදූ.. ඒත් ඕව මේ අස්සෙ කියන්න ගිහින් වෙන්නෙ අපිට නැති ප්‍රශ්න ගොඩකට මූණදෙන්න. මොන දේ කරන්නත් අපි ෆයිනෑන්ශියලි ස්ටේබල් වෙලා ඉන්න ඕන. එන දේකට මූණදෙන්න අපිට සල්ලි තියෙන්න ඕන. අපි තාම යැපෙන්නෙ ගෙවල්වලින්.. ඒක තේරුම් ගන්න මැනික.. අපි අවුරුදු කීයක් ඉවසුවද කියන්නකො. "

" ඒක තමයි අහන්නෙ. මං අවුරුදු කීයක් ඉවසුවද?.. මට තවත් ඉවසන්න බෑ. මට තමුසෙ ඉන්නවනං තමුසෙට මං ඉන්නවනම් අනිත් ඔක්කොම බොරු බයිලා විතරයි අයියෙ. තමුසෙ බයයි. යාලුවන්ට බයයි සමාජෙට බයයි අප්පච්චිට බයයි චැලේන්ජ් එකක් බාරගන්න බයයි, මුලු ලෝකෙටම ඕන විදියට නැටවෙන රූකඩයක් තමුසෙ. "

" තව අවුරුදු තුනක් ඉවසන්න මගෙ මැනික.. ඉගෙනගෙන ජොබ් එකකට කියලා ගෙදරට කියලා අපි හෝමෝසෙක්ශුවල් මැරේජස් ලීගල් රටකට යමු.. ඊටපස්සෙ මේ අයියා තමුසෙට ඕන හැමෝටම කියන්නම් මගෙ සඳක් අයිති මට විතරයි කියලා.. මුලු ලෝකෙටම කෑගහල කියන්නං සඳක් කියන්නෙ මගෙ වස්තුව කියලා.. මටත් ආසයි මැනික.. මැනික මගෙ කියලා මුලු ලෝකෙටම කියලා මුලු ලෝකෙම ඉස්සරහා තමුසෙව ලඟට අරන් කිස් කරන්න.. තමුසෙට වඩා මං ඒ හීනෙ ජීවත් වෙනවා සඳක්.. ඒත් ඒකට මං පින් කරලා මදි.. ලස්සන හඳක් මටම කියලා ඉදලත් ඒ හඳ ගැන කාටවත් දැනගන්න නොදී මං නිකන්ම නිකමෙක් කියලා විතරක් දන්න ලෝකෙක ජීවත් වෙන්න වෙලා මට. "


" ඔහොම කියන කටින්ම තමයි ටටා බායි කියලා යන්නෙ ඕයි.. මට තවත් කවි කියන්න එපා.. ආදරේ වචනවල විතරක් තිබිලා මදි.. "

" මගෙ ආදරේ තියෙන්නෙ වචනවල විතරද සඳක්?.. "

" මංදා.. සමාජෙට බයේ අපිට ජීවත් වෙන්න බෑ අයියෙ ඇයි තේරුම් ගන්නැත්තෙ? "

" ඔයාට තවත් තේරුම් කරන්න මට තේරෙන්නෑ මැනික.. "

" මට ආදරෙයි නං අරුන් ටිකට විතරක් අපි දෙන්නා ගැන කියමු.. "

" අනේ එපා මැණික.- "

" මටත් අයිතියක් තියෙනවා අපේ රිලේශන්ශිප් එක ගැන ඩිසිශන්ස් අරගන්න. මං උන්ට කියනවා මං gay , මගෙ බෝයිෆ්‍රෙන්ඩ්ගෙ නම ආරුශ් කියලා. "

"ආහ් හරී කැමති දෙයක් කරගන්න. දෙන්නම එකටනෙ වලේ වැටෙන්නෙ කමන්නෑ. තව කියවලා වැඩක් නෑ සුදූ ඔයා එක්ක. "

" කියනවා තමා.. "

" නගින්නකො.. මිනිස්සු දකී.. " සඳක් ආරුශ්ගේ දැනටමත් තෙත් කමිසය මත කදුලු පිසදමා ඔහුගෙන් ඈත් විය. " ගෙදර අය දැක්කොත් ආය එකක්.. බීච් එක්ක යන්න කියලා වද දීල දීල අන්තිමට ගෙදර දුවන් ආවා.. යමු.. තව වෙලා තියෙනවනෙ.. "

" දැන් බීච් යන්න බෑ.. හොටෙල් රූම් එක්කට එක්ක යන්න. "

" ආහ් තව? "

" යන ගමන් කියන්නං ඉතුරු හරිය. "

" බඩ වුණොත්? "

" කොන්ඩම් තියෙන්නෙ මේස් වෙනුවට දාන්න නෙවේනෙ.. "

" මූ හැදිල ඉවරයි.. "

ආරුශ් සඳක්ගේ හිසකේ ඇවිස්සුවේය. තාමත් යන්තම් තෙත කම්මුල් අත්ලෙන් මෘදු ම ලෙස පිසදැමූ ඔහු වටපිටාව පරීක්ෂා කොට නලල් තලය මත හාදුවක් තැබුවේය..

" මගෙ මැනිකට මං ආදරෙයි.. ඒක විතරක් දැනන් ඉන්නවා හරිද? " ඔහු බොරුවට සැර කළේය.. සඳක් නාසය උඩට අදිමින් ආරුශ්ගේ පපුවට නැවත වරක් බර විය.. කෙතරම් ඈත් වීමට දැගලුවත් කාන්දමකට යකඩ කුඩු සේ ඔහුගේ කම්මුල සෙව්වේම ඒ පපුතුරේ උනුහුමම ය.



☪︎ ִ ֶ֢࣪⋆

Продолжить чтение

Вам также понравится

දඬු මොණරු yuchi

Документальная проза

39.9K 5.3K 51
"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින්න දඟලන ඇටි කිච්චන්ව පේන්න බෑ. ඒ නිසා මට...
13K 1.4K 15
මේක Supernatural category එකට යන කොටස් කිහිපයක BL කෙටි කතාවක්. මේ කතාවෙ එන නම් ගම් ස්ථාන සිදුවීම් සියල්ලම මනඃකල්පිත වන අතර කතාවෙ ඇතුලත් මන්තර පාඨ...
2.1K 381 8
𝑫𝒂𝒕𝒆 𝑾𝒊𝑻𝒉 𝑴𝒀 𝑳𝑶𝑽𝑬 ♡︎ 𝑌𝑖𝑍ℎ𝑎𝑛 𝑆ℎ𝑜𝑟𝑡 𝑆𝑡𝑜𝑟𝑦 - 𝑆𝑖𝑛ℎ𝑎𝑙𝑎 - COMPL...
45.5K 7.8K 28
විහිලුවක් ගිය දුරක්...... දගකාර හදවතක් ලඟ නැවතුන අහිංසකයෙක්...