නිදුක්

By ja-n-je23

74.3K 8.8K 1.5K

" නිදු උබ මට ආදරේ නොකරට කමක් නෑ.. මම උබට පණ ඇරලා ආදරෙයි...... උබට ප්‍රශ්නේ මම කොල්ලෙක් උනු එකනම් කමක් නෑ ..ඒ... More

introduction
1st episode
episode 02
episode 03 ♡
episode 04 ♡
episode 05 ♡
episode 06
episode 07
episode 08
episode 09
episode 10
episode 11
episode 12
episode 13
episode 14
episode 15
episode 16
episode 17
episode 18
episode 19
episode 20
episode 21
episode 22
episode 23
episode 24
episode 25
episode 26
episode 27
episode 28
episode 29
episode 31
episode 32
last episode
කතු සටහන
special author note

episode 30

1.5K 197 36
By ja-n-je23

" ආදරය කියන්නෙත් වෙනම රහක්. රාගය කියන්නෙත් වෙනම රහක්.
ඒ දෙක වෙන වෙනම විදින්නත් පුලුවන්.
මොකද රාගයක් තියා ස්පර්ශයක්වත් නැතුව මිනිස්සු ආදරේ කරනවා වගේම ආදරෙ කැටි වුනු එකම එක අකුරක් නොකියත් මිනිස්සු ඇදන් උඩ නිදි වදිනවා ..
ආදරයයි රාගයයි එකතු වුනා ම තමයි නියම ම රහ එන්නෙ ....
ඒකත් හරි ම තැනේදී හරිම වෙලාවට ම වෙන්න ඕන ...

උබ මට කට වචනෙන් ආදරෙයි නොකියන තාක් මම උබව ඉඳුල් කරන්නෙ නෑ ...
ආදරයක් නැතුව නිදි වදින්න තරම් මට එච්චර අසහනයක් නෑ ....."

උබ කියන්නෙම ආදරයට නිර්වචනයක්.
මට එදා එහෙම හිතුනා..
එදා තමයි උබට බය නැතුව ආදරය කරන්න මම හිතා ගත්තේ ..
ඉරණම අපි හිතනවට වඩා කුරිරුයි මගේ රත්තරනෙ. මට කරන්න දෙයක් ඉතුරු කරන්නවත් උන් ඉඩ තිබ්බේ නෑ ..
මට මාව මරලා දාන එක හැර වෙන විකල්පයක් තිබුනේ නෑ .උබට තිබුනු ආදරේ මරන්න බැරි වෙනකොට මම මරන්න දත කෑවේ මාවම ...උන් අපිව එක වලක වල දැම්මා නම් මීට වඩා සැනසීමයී මට ..

මං කිව්වා හරි. සතුටු ම කාල ඊයක වේගයෙන් පියාබලා ඉක්මනට ගෙවෙනවා...
මට මම විතරක් දැනෙන තරමටම අසරණ වෙන කාලවල තත්පරය පවා ගෙවුනේ කල්ප කාලාන්තරයක් තරම් හෙමින්  ..

දෙනුවන් අයියගෙ විභාගය ඉවර වුනාට පස්සෙත් දෙනුවන් අයියා මෙහෙම ඉදියා.හිරුක ඇවිත් දෙතුන් පාරක් අඩගැහුවත් ගියේ නෑ ...
ප්‍රශ්නයක් නැති තැනක් තිබුනා නම් ඒ දෙනුවන් අයියා ලග විතරමයි. මම සමීරලා චතුරලා එක්ක ආසරේ පුලුවන් තරම් අඩු කරා .
මොකද උන් හොදම යාලුවෝ මට ඉදපු.කවදහරි දවසක මම ආදරය කරන මනුස්සයා හන්දා උන්ට දීලා තියෙන ඒ හිතේ ඉඩ අතුරුදහන් වෙනවට මම කැමති නෑ. උන්ට වැරැද්දක් කියන්න බෑ අපිට මිනිස්සු වෙනස් කරන්න බෑ .
හැබැයි මමවත් අයියවත් වැරදිත් නෑ ..
ඒක හන්දා රිදෙන තැන්වලින් අයින් වෙනවා හැර විසඳුමක් නෑ ...

යුරේශා එදා කෑ ගහල ගිය දා ඉදන් මාව මගෑරියා. ඒත් හැබැයි මගේ හිතේ එයාට තරහක් නෑ .මොකද එයා කෑ ගැහුවේ ආදරෙන් එයා rejecte වුන එක දරා ගන්න බැරුව මිසක් එහෙම තරහකට නෙවෙයි. හැමෝම රහත් වෙලා නෑනේ තමන් ආදරය කරන කෙනා වෙන කෙනෙක් ට ආදරෙයි කියල දැනගත්තම කමක් නෑ උබලා සතුටින් ඉදහන් කියන්න..
යුරේශා ටික කාලයක් යද්දී මේ දේවල් තේරුම් ගනිවී. ඒකීට මට වඩා හොදට ආදරය කරන කෙනෙක් හම්බ වේවී ..
අනිවාර්යෙන් ම එහෙම වේවී .ඒකී වාසනාවන්තයි ..
යුරේශට ඕලෙවල් ලියන්න තිබුනේ මාසයක් විතර කාලයක් හන්දා එයාලට දවස ගානේ සෙමිනා වැටුනා . හුගක් වුන් පාඩම් කරන්න ගෙදර නැවතිලා.යුරේශත් නැවතුනා..

මට ඊටපස්සේ එකොලහ හෝල් එක දිහා බැලුනට එයා ඉදියේ නෑ .
ඉස්සර බිත්ති අයිනෙ ඩෙස්ක් එකකට වාරු වෙලා අහස දිහා බලන් ඉන්න මලානික ගෑනු ලමයා වාඩි වුනු තැන හිස් වෙලා තිබුනා..
වෙනදට ඉන්ටර්වල් එකට වරදින්නැතුව මං ලගට එන පැටිස් එක ,වඩේ එක වෙනුවට මට කැන්ටිමෙන් ඒ තෙල් සුවද විතරක් දැනුනා.එතකොට නා මල් ගහට වදකරදරකාරයන්ගෙන් එක්කෙනෙක් අඩු වුනා .මම තනියම නා ගහ ලග පාලු මැකුවා. නා මල් සුවද මට විතරක් තනිකමක දුකක සුවදක් ගෙනාවා.  මට දුකක් නොදැනුනා ම නෙවෙයි. ඒ මගේ නංගි මට නැති වුනා කියලා දැනෙද්දි..
එයාලට ඇඩ්මිශන් දෙන දවසත් ආවා.
මම එදා පුලුවන් තරම් සාමාන්‍ය විදිහට ඉන්න මාර කට්ටක් කෑවේ. හිත කිව්වෙ ලගට ගිහින් නංගි හොදට විභාගෙ ලියන්න කියල හරි කියන්න.
ඒත් හදිසියේ හරි මම කතා කරන එකත් ඒකීගේ මූඩ් අවුල් යන්න හේතුවක් වුනොත්...

ඕලෙවල් ඇඩ්මිශන් දෙන්න පොඩි උත්සවයක් තිබ්බා. ගොඩක් වුන් එතන .මම ගියේ නෑ මට යන්න හිතුනෙත් නෑ ..
හිනා වෙල අතෑරල දාන්න ...
හිත කිව්වේ එහෙම. මම මෙච්චර කල් මිනිස්සුන්ගෙන් ඈත් වෙලා හිත හදා ගත්තේ ඒ වාක්‍යයට අනුව ...
මම නා ගහ ලග අයිනෙ තිබුන ගල් බැම්ම උඩ වාඩිවෙලා වටේටම හෙවණ කරන් ඉන්න නා ගහ මුදුන දිහා බලන් ඉදියා. නා කොල අතරින් පතරින් මගේ මූණට එබෙන හිරු එලිය ඇගට සනීපයක් ගෙනාවා ...
නා ගහ ලග හෙවනෙ තිබුනෙ පුදුමාකාර සීතලක්. මොකක්ද හේතුවකට මම මෙතන නිවෙනවා. ඒත් හිත අවුලුවන කාරණා බෝමයි...
ඇහේ කදුලක් උනන්නැතුව වේලිලා ඉන්න එකත් පුදුමයක්...
දෙනුවන් අයියා මගේ ජීවිතේ වගේ වෙද්දි මට එයාව නැති වෙන ලකුණු කීයක් නම් දැනටම පහල වෙලාද...

පුරුදු කියන්නෙ ඇබ්බැහියක්
වෙනකොට
පුරුදු වෙන්න හොද නැත්තෙම
මිනිස්සුන්ට....
එහෙම කිව්වට මිනිස්සු ඇබ්බැහි වෙන්න පුරුදු වුනේම මිනිස්සුන්ට ..
ඉතින් ඇබ්බැහි වුන මිනිස්සුන්ගෙන් තොර ජීවිතයක් ගැන උන්ට හීනෙන්වත් නොහිතෙන තරමට බැදුණූ දවසක උන්ට උරුම අර ගිනි දැල්ල වටේට පියාබන පලගැටියෙක් වගේ උදේ වෙද්දි ආදරේ කරපු ගින්නෙන් ම පිච්චිලා මැරෙන්න...

" අයියේ ..."

මම ඉදපු කල්පනා ලෝකෙ අතුරුදහන් වුනේ හුරුපුරුදු ගැහැණු කටහඩින්.
තාමත් එදා පලවෙනි වතාවට මේ නා ගහ ලග දැක්කා වගේමයි. ඒ හිනාව ඒ දිලිහෙන ඇස් ඒ හැමදේම ඒ වගේම යි .
මට දැන් හිතෙනව ආයෙමත් එදා යුරේශා මේ නා ගහ ලග මූණගැහුනු දවසට යන්න...
යුරේශා එදා වගේම අදත් හිනා වුනා .එතකොට මේ මමත් ඊට පෙරලා හිනාවක් නොදී ඉන්න තරම් ලෝබයෙක් වුනේ නෑ ...

" කාලෙකින්..."

" ඔව් සෑහෙන්න කාලෙකින්..."

" දැන් පාඩම් කරනවද...?"

" ඔව්.."

" එහෙනම් හොදට පාඩම් කරල විභාගය ලියන්න..."

මම එහෙම කියලා ගල් බැම්මෙන් නැගිට්ටේ යන්න කියල හිතාගෙන.මොකද කාලයා විසින් කතා කරන්න තරම් දෙයක්වත් අපිට ඉතුරු වෙලා තිබුනා ද කියලවත් මට සැක හිතුනා. මම නැගිට්ටහම මං දැක්කා යුරේශගෙ ඇස් ගැස්සුනා .එයාට තව මොනවමහරි කියන්න ඇති .මටත් තිබුන හුගක් දේවල් කියන්න. ඒත් වඩා හොද කමට මුකුත් නොකියම යන්න හිතුනා..

" අයියේ ...."

" ම් ...."

"මට සමා වෙන්න මම එදා හැසිරැනු විදිහට. මම එදා ඔයාට කියපු හැම වචනයක් ම අමතක කරල දාන්න. මම අද වෙනකන් ඒ ගැන ගොඩක් පසු තැවෙනවා.මම මහ ආත්මාර්ථකාමී එකියක්.  පුලුවන් නම් මට සමාව දෙන්න. ඔයාලා දෙන්නටම හදවතින් ම විශ් කරනවා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න..."

" තෑන්ක් යූ නංගි. මම ඒ හැමදේම අමතක කරන්නම්.."

"සුවද දෙන මල් කොහේ පිපුනා ම මොකද ..."

" මොකක්ද...."

" ම් මොකුත් නෑ මම යන්නම්. "

" හරි බුදු සරණයි හොදට විභාගය කරගන්න..."

මෙච්චර වෙලා අතෙ ගුලි කරන් ඉදපු පැටිස් එකක් මගේ අතෙ තියලා කොණ්ඩ කරල් දෙකත් ගස්ස ගස්ස යුරේශා දිව්වා . මම එතනම ගල් වෙලා වගේ ඉදියා .හිතුව වගේම යුරේශා නැවතිලා ආයෙමත් මං දිහා හැරිල බැලුවා .ලස්සනට හිනා වුනා...
මමත් හිනා වෙලා අත වැනුවා ...
කෙල්ල නොපෙනී යනකන් ම බලන් ඉදපු මගෙ පපුව දිග හුස්මක් පහල දැම්මා. හිතට මොකක්දෝ සැනසීමක් දැනෙනවා..මේ විදිහටම ඉතුරු ප්‍රශ්නත් විසදෙනවා නම්....
කොච්චර දෙයක් ද ...

මොකද යුරේශට වගේ මට කියා ගන්න බෑ සුවද දෙන මල් කොහේ පිපුනා ම මොකද කියලා. බෑ මට හිතන්නවත් බෑ .
මොකද මට කියලා පිපුනේ ඒ මල විතරමයි. මගේ කාන්තාර ජීවිතේ රෝස මල් පිපුනෙ නෑ කවදාවත් ...
කවදාවත් මල් නොපිපුන කාන්තාරයට මලක් පිපුනම උහුලන්න අමාරු ම ඒ මල පර වෙන එක බලන් ඉන්න වෙන එක ..

ඉඩෝරෙට නොමැරුණු
ගහකටත් සිද්ධ වෙනවා
කොයි වෙලේ හරි
මැරෙන්න...

තරුවකට පුලුවන් ද
කඩන් වැටෙනකොට
අහස අතාරින්න බෑ
කියල හැරෙන්න..

සඳක් විදිහට ඔයා කැමති අහසක දිලෙන්න ...

- copid...

____________________________

මගේ පපුව කෑලි එකසිය අටකට කැඩිලා වෙන් වුනත් මම දැන් පුදුම වෙන්නෑ ..
මට මම ගැනම පුදුම අසරණ හැගීමක් දැනෙනවා.
අද දෙනුවන් අයියා හදිසි වැඩකට කියල උදේ ගිය පාර තාම ආවේ නෑ .
මේ ටිකේ මුණසිංහ කෑ ගගහා ඉන්නෙ නුවර පැත්තේ තියෙන උන්ගේ වත්තක් බලාගන්න කවුරුත් නෑ අරකයි මේකයි ගගා. දෙනුවන් අයියා ගත් කටටම බෑ කිව් වට පස්සෙ මිනිහට තවත් කේන්ති යන්න ඇති ...
මම එනකොට අම්මා ඇවිත් ඉදියා..
හැබැයි අම්මගේ මූණ දැකපු ගමන් මගෙ මූණට වැහි මන්දාරමක් වැටුනා...

අම්මව බාප්පා එක්ක ඇවිත් එක්කන් යනකන් ඒ පැය ගාණ මම පපුව පැලිලා මැරුනේ නැති එක විතරයි..

" මට බෑ නයනා ඔයාව එක රැයක්වත් මෙහෙ තියන්න.තමන්ගේ අසහනෙ හොද කරන්න පිරිමි එක්කම නිදා ගන්න මුන් වගේ වනචරයන්ට තමන්ගේ අම්මා අප්පා පවා අදුර ගන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ..අංගොඩටවත් ගිහින් දාමු මුන් එක්ක ඉදලා අපිට පිස්සු බෝ වෙන්න බැරි නෑ මන්ද මානසික ලෙඩ්ඩු.."

බාප්පා අන්තිමට කියපු වචන මගේ ඔලුව පුපුරන්න තරම් වේදනාවක් දෙන්න හේතු වුනා.
දෙවියනෙ ඒක ඒ තරමටම මානසික ලෙඩක් ද ..මට මගේ අම්මව අදුර ගන්න බැරි තරම් මං අසහනකාරයෙක් කියල ඌ එහෙම කිව්වේ කොහොමද..
මට තේරෙන්නේ නෑ මොකද මට උන්ට දෙන්න උත්තර නෑ .ඒ වුනාට මට මේ ලෝකෙට ම ඇහෙන්න කෑ ගහන්න හිතෙනවා. මගේ උගුර ලේ රහ වෙනකන් කෑ ගහල කියන්න හිතෙනවා ඒක එහෙම නෙවෙයි කියලා. ඒත් මට වචන නෑ ...

" නිදුක ඔහොම නැවතියන් තෝ මොකක්ද වේස බල්ලෝ මේ කරන ලැජ්ජ නැති වැඩ ..."

මාව එතනම ගල් ගැහුනා .අම්මා කියන්නෙ මොකක්ද කියල මම දැනන් ඉදියත් බාප්පා ඕක කිව්වේ මොනවා වැඩි කරලද මොනව අඩු කරලද  කියල මට තාම හිතා ගන්න බෑ...

" තෝත් තොගෙ මහ එකා වගේනේ බොල.ඒ තිරිසන් ලේ නේ ඇගේ දුවන්නෙ .ඒ දවස්වල මට සද්දේ දැම්මෙ කොහොමද ගේ අයිතිකාරයා එක්ක නිදි වැද්දා කියල තෝ මට පලු යන්න බැන්නා තොට මතකද .එතකොට තෝ උගෙම පුතා එක්ක ඇද උඩ දඟලන්නෙ ඕවා අමතක කරලද ...
සිද්ධ පත්තිනි කතා කියෙව්වට තෝ මට වඩා අන්ත වේස බඩුවක් නෙ බොල ..."

" දෙවියන්ගේ නාමෙට කට වහගන්න අම්මෙ .මොනවද මේ කියවන විකාර. මේ අහල පහල වුන් හිනස්සන්නද ඔයාට ඕන ..
මොනවද ඔය කියවන ජරා කතා ..."

මගේ ඇස්වල කදුලු පිරෙන්න මහ වෙලාවක් ගියේ නෑ ...මගේ පපුව ඇදුම් කනවා .හුස්ම හිර වෙන්න වගේ ඇවිත් කියල මට දැනෙනවා. සමහර විට වචනවලින් මිනිහෙක් මරනවා කී යන්නෙ මේකට වෙන්න බැරිද ..?

" හම්මට සිරි මූ යකෝ තෝ දැන් තොත්ත බබා...දැන් තෝ කියන්නේ උබ අර කොල්ලව දපනෙ දා ගෙන ඌට කියල තොගෙ අහවල් වැඩ කරගත්තේ නෑ කියලද ....ආආආ....කියපන් ඉතින් තෝ ගෑනී වගේ අඩන්නැතුව කියපිය මට ...නපුංසකයා තෝ හත්මුතු පරම්පරාවම කන්න ඉපදුනු එකෙක්...
කියපන් ඉතින් ගොලුව වගේ ඉන්නෙ..."

" නෑ දෙවියනෙ නෑ මම ඌ එක්ක නිදා ගත්තේ නැ ..
දැන්වත් ඕක නතර කරන්නකෝ අම්මෙ ..."

" එතකොට තෝ දැන් කියන්නේ අර මනුස්සයගෙ ඇස් පොට්ටයි කියලද ...
එතකොට මේ මොනවද .."

අම්මා එයාගේ පෝන් එක අරන් පෙන්නුවේ දෙනුවන් අයියා මාව ඇදේ බදාගෙන ඉන්න පොටෝ එකක්. ඒක දැක්කම මාව වෙව්ලන්න ගත්තා. අර වේසාවා පොටෝ පවා ගහගෙන මාව මරන් කන්න ආපු කාලකන්නි බල්ලා ..
මට දෙන්න උත්තර නැති කොට කේන්තියයි දුකයි එක්කහු වුන කදුලු කැට සට සට ගාලා ඇස් වලින් පල්ලම් බැස්සා...

" අ..ම්..මේ.....අයි..යා..නර..ක ..කෙනෙක් නෙ..වෙ..යි.ම.න්..එයාට ආදරෙ..යි.."

වචන එක්කහු කර කර මම කියල ඉවර වෙද්දි අම්මා එයා දාගෙන ඉදපු සෙරෙප්පුත් ගලවලා මට හොදටම ගහගෙන ගහගෙන ගියා.

" තොට අමු කැවිලද පොන්නයෝ...
තෝ හදන්නෙ මට මෙහෙත් ලැජ්ජ කරල මට එල්ලෙන්න හිතෙන තැනට වැඩ කරන්න ද ..තෝ කියපිය කියපිය මට මොනවා කරලද ඒ අසරණ කොල්ලව තොගෙ දැලේ දා ගත්තේ. තෝව හොදයි අර පිටකොටුවේ ගණිකා මඩමකට විකුණන්න...කාලයක් කිව්වා මගේ මනුස්සයා තොට කරදර කරා කිය කිය.තෝ එදත් අද වගේම අගර දගර මායම් දාලා ඌව අල්ල ගන්න බලන්නැති.ඒකට මොලයක් තියෙන හන්දා මට අද මනුස්සයෙක් ඉතුරු වෙලා ඉන්නවා..අවලමා තෝ මැරිලවත් යන්නෑනේ මොන කරුමයක් ද මන්ද. මේ වගේ පොන්න පැටියෙක් මගේ බඩේ මොකට ඉපදුනාද මන්ද...
මේ බවක් දන්නවා නම් තෝ බඩට ආපු දවසෙම මම ගල් අන්නාසි ගැටයක් කනවා..."

මට කියන්න දෙයක් ඉතුරු නොකර අම්මා එකදිගටම කියවගෙන කියවගෙන ගියා .මම සුදු ඇදුම පිටින්ම මල් පෝච්චි පේලිය ලග වැටිලා අම්මා කියන හැම වචනයක් ගානේම ගහන හැම පයින් පාරක් ගානේම දරාගෙන ඉදියා .වෙනදා වගේ ගහන්නෙපා අම්මෙ කියල මට කියන්න හිත දුන්නෙ නෑ ..තවදුරටත් මට එහෙම ගහන පාරවල් රිදෙන්නෙ නෑ..
මගේ ඇස් වලින් පොලොවට කදුලු කාන්දු වෙන එක නම් අම්මා ගිහින් පැයකටවත් පස්සෙ අඩු වුනේ නෑ ..
බාප්පත් අද හිතේ හැටියට මමම වැටට ඉන්දපු වැටමාර පොල්ලක් කඩාගෙන ඒක කැඩෙනකල්ම ගැහුවා. මම නෙවෙයි වචනයක් කියන්නවත් ඒකා දිහා බැලුවේ ...
ඇග අත පය කපලා දැම්මත් ඊට වඩා වේදනාවක් මගේ හිතේ තිබුනා ..
ඒ හන්දම ද කොහෙද හවස කලුවර වැටෙනකල් මම නැගිට්ටේ නෑ ..දෙනුවන් අයියා ආවොත් කියල මම නැගිටල මඩ පිටින් ම බාත්රූම් එකට වැදිල නා ගත්තා.
මට හිතා ගන්න බෑ මේක කොහොමද දෙනුවන් අයියට කියන්නෙ කියලා. අන්තිමට මම හොද බොරුවකුත් ගොතාගෙන ඇග සම්පූර්ණයෙන්ම වැහෙන්න ඇදගත්තා.
දෙනුවන් අයියා එන්න හුගක් රෑ වුනා ..
මම කෑම හදලා එයාට බෙදලා එනකන් කෑම මේසෙම ඉදන් බලන් ඉදියා ..

අන්තිමට එයා ඇවිත් මාව ඇහරනකල් මම දන්නෙ නෑ. මට කෑම මේසෙම නින්ද ගිහිල්ලා ..

" සුදූ සොරි අනේ මම කෝල් එකක් දෙන්න ඉදියට පෝන් ඕප් වුනා...
ඔයා තාම කෑවෙ නැත්ද ....
ඉන්න මම ටක් ගාලා වොශ් එකක් දාන් එන්නම් ඔයා එතකන් කන්න..."

දෙනුවන් අයියා නාන්න ගියහම මම ආයෙත් හොදි පිණි ටික රත් කරල උණුවෙන් ම ආයෙත් බෙදාගෙන කෑම මේසෙට ඇවිත් එයා එනකන් බලන් ඉදියා. බඩගින්න අඩුවක් නැතුව දැනුනට හිතේ ගින්දර ලැව් ගිනි වගේ ඇවිලෙද්දි කොහොම කන්නද...

" ඔය බත් එක අතගානවනෙ...කෝ මම කවන්න ද ..."

මම මොකුත් නොකිය පිගාන දිහා බලාගෙන බත් ඇට අහුල අහුල ඉද්දි දෙනුවන් අයියා එයාගේ පුටුව මං ගාවට ඇදගෙන මට බලෙන් ම බත් කටවල් හතක් අටක් කටට එබුවා..
දෙනුවන් අයියා අද ගීය ගමන ගැන විස්තර කියාගෙන කියාගෙන ගියත් මට ඒ මෙලෝ දෙයක් ඇහුනෙ නෑ ..මම ඉදියේ වෙනම ලෝකෙක..
ඒක තේරීලද කොහෙද දෙනුවන් අයියා ඒක පැත්තකට දාලා මගෙන් මොකො වුනේ අරක ද මේකද ගගා ප්‍රශ්න කෝටියක් අහන්න ගත්තා..

" මොකද ලමයෝ මූණ අවුල් ගිහින්..
අද මොකො වුනේ ...
ඇයි හිරුක රණ්ඩුවටවත් ආවද ...ම්ම්..?"

" නෑ ..."

" එහෙනම්..."

" මොකුත් නෑ අනේ මට නිදිමතයි මම යනවා නිදා ගන්න. good night.."

මම ඇදට වැටිලා බොරු වට ඇස් පියා ගත්තට මොකද මගෙ පස්සෙන් ම දෙනුවන් අයියත් ඇවිත් ඇද මිට්ටමට හේත්තුවක් දාගෙන මගේ ඔලුව අතගානවා...
දහසකුත් රිදුම් වේදනා එක්ක එකම එක සැනසුමක්...
ඒකමයි මම මේ මනුස්සයට ආදරේ ..
මගේ කොණ්ඩෙ රැලි අවුල් කරන එයාගේ අත මම අල්ල ගත්තා...
මගේ වගේ නෙවෙයි එක කරගැටයක්වත් නෑ හරිම සිනිදුයි අත් ..
මම ඒ රේඛා දිගෙ මගේ ඇගිලි තුඩු අරන් ගියා ...
මිනිසුන්ගේ අල්ලේ රේඛාවල ඉරණම ලියවිලා තියෙනවලු  .එතකොට මේ එක රේඛාවක හරි දෙනුවන් අයියගෙ සදාතනික ආදරය මම කියලත් ලියවිලා තියෙනව ඇතිද ...?
එහෙම ඇති නේද ...
ඒ කොහොම වුනත් මගේ අත්ලේ රේඛාවල නම් ඒක ලියවිලා තියෙන්නෙ එහෙම. මොකද මම කෙනෙක් ට ආදරය කරන්නෙ අවුරුද්දකට දෙකකට නෙවෙයි මැරෙනකල්ම...
මම ඒ අත්ලට පොඩි හාදුවක් තිබ්බා..
දෙනුවන් අයියා අනිත් අතින් මගේ ඔලුව තාමත් අතගානවා ..
මගේ මුලු ඇගම ඇදුම් කනවා ..

මම දෙනුවන් අයියා දිහාවට හැරිලා එයාට තුරුල් වුනා. මං දන්නව තව වැඩි දවසක් මට මේ උණුහුම ලැබෙන එකක් නෑ. උබව මට සහමුලින්ම අකැප වෙන දවසක් ලගදිම වෙනවා. උබට මගේ කියල රහසින්වත් කියන්න බැරි තැනට උන් වැඩ කරනවා .මම ඒක දන්නවා .ඉතින් මට උබ නැතුව ජීවත් වෙන්න නම් අඩුම උබ මං ලග ඉන්න මොහොතේ අඩුවක් නෑර මං උබෙම වෙනවා. උබ මගෙම කරගන්නවා ...

" මොකො සුදූ වුනේ ...?"

" අම්මා ආවා ..."

" මොකෝ කිව්වේ.."

" බාප්පා මොනවද කේලම් කියලා මං එක්ක රණ්ඩු වෙලා ගියා ..."

" ඔයා ඕවා හිතට ගන්නෙපා. ඔය කාලකන්නියා කරොත් කරන්නෙ ඔය වගේ අසික්කිත බලු වැඩ තමයි "

" අයියේ...."

" ම්ම්...."

" මාව ටිකක් තුරැල් කරගන්නකෝ..."

දෙනුවන් අයියා කියන පමාවට මාව පොඩි ලමයෙක් වගේ  හරහට එයාගේ පපුවට තුරැල් කරගත්තා. එයා මාව තදින් තුරැල් කරගන්න වාරයක් ගානේ මගේ ඇග රිදෙනව වැදුන පාරවල් වලට . ඒ වුනාට මට ඊට වඩා සැනසුමක් දැනෙනවා එහෙම ඉන්දැද්දි  ..
මම එයාගේ කර වටේ අත් දම්වැල දාගෙන එයාගේ බෙල්ලේ එල්ලුනා ..
ටික වෙලාවක් යද්දී මගේ බෙල්ල ලග තෙත හාදු දෙක තුනකටත් ඉඩ වෙන්වුනා..
මම නෙවෙයි මුකුත් කිව්වේ ..
සමහර විට අපි ආයෙත් අපි විදිහට මුණ ගැහෙයිද දන්නෙ නෑ...

"මම උබට ආදරෙයි මගේ නිදූ..."

ඒ වචන මගේ කන් පෙති ලග රහස් විදිහට පපුවට ඇහෙද්දි
මගේ හදවතිනුත් අකුරු නොවුන වචන හුස්මක එතුනා...

" මමත් උබට ආදරෙයි මගේ දෙනූ.."













"hello නිදුක පුතා නේද ..?"

" ඔව් කියන්න මහත්තයා..."

" හෙට දිහාට මේ පැත්තේ ආවා නම් මට කාරණයක් කතා කරන්න තියේ ..."

" හරි මහත්තයා..."

" අපේ එක්කෙනාට නොකියා එනවනම් තමයි මං කැමති "

" හරි මහත්තයා..."














● මං ආවා ලමයිනෙ..
vote and comment plz guys

● ඊලග එපියට ලේන්සුවක් තියාගෙන හිටපල්ලා ඈ
ඉක්මනට එන්නම් ලමයි

 
අත්හැරීමක නැති වුනත්
අපි පැතූ ප්‍රීතිය..
කිලුටක් නැතිව අන් සතුට
දැක සුබ පැතීමකී ප්‍රේමය...

- copid..

යුරේශගෙන් එයාගේ සුදු අයියා ගැන දිනපොතේ තැබූ අවසාන සටහන එලෙස අකුරු වීය










------------------------------------------

මෙලොව කිසිවෙකු සම්පූර්ණයෙන්ම වැරදි නැත .නැවතුනු ඔරලෝසුව පවා දවසකට දෙවරක් නිවැරදිය.

- janje-

Continue Reading

You'll Also Like

139K 18.4K 55
ඔබේ සිනා ලග නෙත නැවතුන දා...... ඔබේ කතා ලග සිත නැවතුන දා..... ප්‍රේමය හැදින්නෙමි.....❤️💚 🔞 Zhanyi
1.7M 55.9K 75
Alexander, James and Skye were triplets. They were stolen from their family at the age of 4. The family searched for them day and night never giving...
Alina By ihidethisapp

General Fiction

1.6M 40.6K 80
The Lombardi family is the most notorious group in the crime world. They rule both the American and Italian mafias and have many others bowing at the...
1.4K 128 13
මගේ අදුර එළිය කල සූර්යා ඔබයි 🌞