මතක කදුළු ( Complete ) ✔️✅

By MAYESHA_RASANGI

29.5K 2.7K 341

මතක කදුලු අතරින් නැවත ආදරෙ සෝයා........... 🌻 More

01. කොටස
02. කොටස
03. කොටස
04. කොටස
05. කොටස
06. කොටස
07. කොටස
08. කොටස
09. කොටස
10. කොටස
11. කොටස
12. කොටස
13. කොටස
14. කොටස
15. කොටස
16. කොටස
17. කොටස
18. කොටස
19. කොටස
20. කොටස
21. කොටස
22. කොටස
23. කොටස
24. කොටස
26. කොටස
A/N
27. කොටස
28. කොටස
29. කොටස
30 අවසන් කොටස

25. කොටස

686 74 10
By MAYESHA_RASANGI






කාටත් හොරා බෙබි හාමු සිතුව එක්කන් ආවා. ගෙදරින් පාරට ආවම තමා බෙබි හාමු ඇවිත් තියෙන්නේ වාහනයක නෙවෙයි කියලා සිතුකට තෙරුනේ. ඒ ඇයිද කියලා අහන්න හිතුනත් එකටත් හෙතුවක් ඇති කියලා හිතන් සිතුක බෙබි හාමු එක්කම ඉස්සරහට යන්න ගත්තා. වැව ලගට එනකම් ආව බෙබ් හාමු කෙලින්ම ගියේ එතන නවත්තලා තිබ්බ විල් එකක් ලගට.

"වජිර?...."

"වෙලා නැ සිතු ඉක්මනට නගින්න...."

කාර් එකෙ ඇවිත් යන එක කවුරුත් දකි කියලා හිතලා නිමල්ට කියලා වජිරව කතා කරන් තමා බෙබි හාමු ඇවිත් තිබ්බේ. නවත්තලා තිබ්බ විල් එක වජිරගෙ කියලා දැන ගත්ත සිතුකට එයා ගැන කලකිරිමක් දැනුනා. පොඩි කාලෙ ඉදන් එකට හිටිය යාලුවට මේ සම්බන්ධය ගැන කිව්වේ නැ නෙද කියන පසු තැවිම ඇති උනා. වජිර දිහා සමාව ඉල්ලන පෙනුමකින් බලන් හිටිය සිතුකට බෙබි හාමු ඉක්මන් කරන්න කිව්ව නිසාම ඉක්මනට විල් එකට නැන්ගා.

"වජිර මන්...."

"එකට කමක් නැ සිතු මන් මේ ගැන දන්නවා.... මට කිව්වේ නැ කියලා මට ඔයා එක්ක තරහක් නැ.... දැන් එ ගැන හිතන්න එපා...."

දැන්වත් වජිරට කියලා සිතෙට දැනෙන අපහසු අයින් කර ගන්න සිතුක හිතුවත් ඉස්සරහා බලන්ම විල් එක අරන් යන වජිර එහෙම කිව්වම හුස්මක් පිට කරලා සිතුක බෙබි හාමු දිහා බැලුවා. සිතුකව ලගට අරන් බෙබි සිතුකගෙ නලලට හාදුවක් තිබ්බේ වජිර සයිඩ් කන්නාඩියෙන් එයලා දිහා බලන් ඉන්නවා කියලා දැන දැනම. මොකද වජිර සිතුකට කැමති කියලා බෙබි හාමු තෙරුම් අර ගත්තේ අද ඊයෙක නෙවෙයි. ඉතින් සිතුකගෙ අයිතිය තමන්ගෙ කියලා පෙන්නන්නම තමා බෙබි හාමු එහෙම කරේ. බෙබි හාමු එක්ක හිනා උන සිතුක බෙබි හාමුගෙ අතක් අල්ලන් උරහිසට ඔලුව තියා ගත්තා. මේ හැමදේම වජිර බලන් හිටියේ හැගිමක් නැති ඇස් වලින්.

"වජිර මේ කොහෙද යන්නේ....."

"අහ් මේ පැත්තෙන් ලගයි.... සිතුක යනවා කවුරු හරි දැකලා හොයන් ආවොත් එකයි මන් මේ පැත්තෙන් ආවේ...."

රබර් කැලෙ පාරට විල් එක හරවනකොට සිතුක ඇහුවේ ටව්න් එකට යන්න මේ පැත්තට යන්න ඔනි නැ කියලා දන්න නිසා. කෙටි පාරක් තියෙනවා කිව්වත් සිතුක කල්පනා කරෙ එයා නොදන්න කෙටි පාරක් මෙ පැත්තෙ තියෙන්න පුළුවන්ද කියලා. සමහරවිට වජිර හයර් යන නිසා දන්නවා ඇති කියලා හිතුව සිතුක ආයෙත් බෙබි හාමුගෙ උරහිසට ඔලුව තියාගෙන බෙබි හාමුට තුරු උනා. බෙබි හාමුත් පොඩ්ඩක් වට පිට බැල බල ගියේ කොහෙද මේ යන්නෙ කියලා හිතන ගමන්. රබර් කැලේ පාරෙ ටිකක් දුර ගිය විල් එක එක පාර පාරෙ මැද නැවැත්තුවම සිතුක වගෙම බෙබි හාමුත් එ ඇයිද කියලා බැලුවා.

"වජිර මොකද උනේ....."

සිතුක වජිරගෙන් ඇහුවත් වජිර කතාවක් නැතුව ඉස්සරහා බලන් හිටියා. ටික්කින් විල් එකට ටිකක් දුරින් ඉස්සරහින් නවත්තලා තිබ්බ කාර් එක්කින් ලයිට්ස් ඔන් කරලා කොල්ලෙක් බැහැලා ඇවිත් කාර් එක ඉස්සරහට ඇවිත් කාර් එකට හෙත්තු උනා.

"කවුද ඒ...."

සිතුකට විල් එකෙම ඉන්න කියලා විල් එකෙන් බැහැලා බෙබි හාමු ඉස්සරහට ගියේ මේ ඉන්නෙ කවුද කියලා බලන්න.

"ශෙනාන්!!"

ඇවිත් හිටියේ ශෙනාන් කියලා දැක්ක බෙබි හාමු හිනා වෙලා ශෙනාන් ලගට යන්න ගියා. ශෙනාන්ගෙ නම ඇහුන නිසාම සිතුලත් කොකටත් කියලා විල් එකෙන් බැස්සා.

"ඉති  තනු ඔයා මටත් නොකියා මනමාලයාව උස්සන් යනවද ආ...."

"අනේ එහෙම දෙයක් නැ ශෙනාන්.... මම සිතුව එක්කන් ගිහින් ඔයාට කියන්න හිටියේ...."

"එක්කන් ගිහින් කියන්න කලින් කිව්වනම් හොදයි කියලා හිතුනෙ නැද්ද?..."

"හදිස්සි නිසා මට ගානක් ගියේ නැ.... කමක් නැ දැන් ආවනේ අපිත් එක්කම යමු...."

"ම්ම්ම් අපි යමු.... හැබැයි සිතු නැතුව....." ශෙනන් සිතු නැතුව කියලා බර කරලා කිව්වම කෘතුහලයකින් බෙබි හාමු ශෙනාන් දිහා බැලුවා

"මොකක් ශෙනන් මොනවාද කියන්නේ....."

"මම කිව්වේ අපි යමු සිතුක නැතුව කියලා තනුශ......"

"ශෙනන්....."

ශෙනන් තරහින් කැ ගැහුවේ මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නැති බෙබි හාමු ගැස්සෙද්දි. වෙන්නෙ හොද දෙයක් නෙවෙයි කියලා හිතුන සිතුක බෙබි හාමු ලගට ලන් වෙන්න හැදුවත් වජිර ඇවිත් සිතුකගෙ අතින්  අල්ල ගත්තා.

"අහ්.... මොකක්ද කරන්නෙ වජිර මාව අත් අරින්න...."

"සිතු!... මොකක්ද යකොව් වජිර උබ කරන්නෙ.... අත් අරිනවා සිතුකව....."

සිතුක කැ ගැහුව නිසා හැරිලා බැලුව බෙබි හාමුට තරහා ගියේ. වජිර සිතුකගෙ ඉන වටේ අත් බැඳගෙන සිතුලව පපුවට තද කරන් හයියෙන් අල්ලන් ඉන්න නිසා. බෙබි හාමු සිතු ලගට යන්න හැදුවත් ශෙනන් බෙබි හාමුගෙ අතින් අල්ල ගත්තා.

"මොකක්ද යකොව් ශෙනන් තොපි මේ කරන්නෙ.... අත ඇරපන් මගෙ අත...."

"කරන්නෙද.... තමුසෙම හරි පාරට ගන්න හදන එක.... තමුසෙගෙ පස්සෙන් මන් මෙච්චර එද්දි අරුව ලොකු උනාද තනූ.... කි පාරක්නම් මන් කියලා ඇතිද මගෙ වෙන්න කියලා.... මගෙ ළඟ නැති ඌ ළඟ තියෙන මොකක්ද අහ්...."

"විකාර කියවන්නෙ නැතුව අත් ගනින් ශෙනාන්.... වජිර උබත් සිතුව අත ඇරපන්.... කොහෙන් ආව හයියක්ද උබට සිතුව අල්ලන්න....."

"ඇයි සිතුව වෙන කෙනෙක් අල්ලද්දි වෙදනයිද.... එතකොට මට කොහොම වෙදනවක් තියෙන්නේ ඇතිද.... මගෙ ඉස්සරහම මන් ආදරෙ කරන එකා වෙන කෙනෙක් එක්ක ඉන්නවා දැක්කම.... මම හිතුවේ ගෙදරට අහු උනාම මෙක නවත්තයි කියලා... එත් ඔයා මොකක්ද කරන්නෙ තනු.... ඉන්න ගෙවල් හිටන් හොයලා අරුව පන්නම් යනවා...."

"තොපිට පිස්සුද යකොව්.... ඇයි තොපි මෙහෙම කරන්නේ... අපිට යන්න දිපන්... වජිර අත ඇරපන් යකොව් සිතුකව....."

බෙබි හාමු කැ ගහගෙන එන්න හැදුවත් ශෙනාන් බෙබි හාමුව තද කරලා අල්ල ගත්තා.

"මාව අත් ඇරපන් වජිර මොකක්ද උබ මේ කරන්නේ....."

"මේ අහන්නකෝ සිතූ බබා..... අපි හොඳ තිරණයක් ගමු හාද.... ඔයා බෙබි හාමුව අත් ඇරලා මන් ලගට එන්න.... බෙබි හාමුටත් අර කොල්ලා ඉන්නවනේ....."

"මොකක්ද යකොව් උබ කියන්නේ....."

වජිරගේ කකුල හයියෙන් පාගලා තල්ලු කරලා සිතුක වජිරගෙ කම්මුලට හයියෙන් ගැහුවා. සිතුක ගැහුව කම්මුලත් අල්ලන් වජිර සිතුක දිහා රවලා බලලා සිතුකට ගහන්න අත ඉස්සුවත් සිතුකට ගන්න බැරි නිසා අත මිටි කරලා විල් එකට ගැහුවා.

"කියන්නෙද අහ්.... අවුරුදු දහසයේ ඉදන් යකොව් මම උබට ආදරෙ කරන්නේ.... උබ එක්ක මම පුළුවන් විදියට ළඟින් හිටියා උබට උදව් කරා දවසක උබට මේ ගැන කියලා උබව මගෙ කර ගන්න මන් උබ ළඟ ඉදන් හීන දැක්කා... කවදාම හරි මගේ ආදරෙ උබට දැනෙයි කියලා හිතුවා.... එත් උබ අර කොහෙද ඉදලා ආව බෙබි හාමුවා එක්ක සෙට් උනා.... ළඟ ඉදන් උබේ හැම ලබ්බම කරලා උබව වෙන එකෙක්ට අයිති වෙනකම්ද බල්න් ඉන්න කියන්නේ අහ්....."

"ව.. වජිර මොනවාද ඔයා මේ කියන්නේ....."

"මම උබට ආදරෙ කරා යකොව්.... උබ බෙබි හාමුවා එක්ක සෙට් වෙලා ඉන්නෙ වගෙ කියලා එදා  බිව්ව රෑ අරුන් කිව්වත් මම විස්වාස කරෙ නැ.... එත් උබ බෙබි හාමු එක්ක අර ඇල ලග තුරුල් වෙලා ඉන්නවා දැක්කම මට.... මට දරා ගන්න බැරි උනා යකොව්.... උබ මගෙනේ බන්.... මම උබට ආදරෙයිනේ.... මන් ලගට වරෙන් සිතූ බෙබි හාමු උබට ඔනි නැ...."

"වජිර මන් දන්නෙ නැ ඔයා කවද්ද කොහොම මට ආදරෙ කරන්න පටන් ගත්තද කියලා.... හැබැයි මම ඔයාට කවදාවත් බලාපොරොත්තු දුන්නෙ නැ කියලා මන් දන්නවා.... අනික මේ අහන්න වජිර.... බෙබි හාමු නැතුව මට ජිව්තයක් නැ.... මම එයාට ආදරෙයි.... ඔයා අවංකවම මට ආදරෙයිනම් මට තිනු එක්ක යන්න දෙන්න වජිර...."

වජිර කිව්ව දෙවල් අහන් හිටිය සිතුකගෙ ඇස් වලින් කදුළු ගලන් ගියේ එයාගෙ යාලුවා එයාට ආදරෙ කරා කියලා එයාට දරා ගන්න බැරි නිසා. කල්පනා කරලා වජිරගෙ අත් දෙකම අල්ලන් එහෙම කිව්වේ මොනා උනත් එයාගෙ යාලුවගෙ හිත රිද්දන්න කැමති නැති නිසා.

ශෙනාන් අල්ලන් හිටිය අතත් ගසලා දලා ශෙනාන්ටත් කන රත් වෙන්න එකක් දිලා ඇවිත් බෙබි හාමු සිතුකව එ‍යා ලගට ඇදලා අරන් වජිරටත් කනට එකක් ගැහුවා. විල් එකෙ තිබ්බ සිතුකගෙ බැග් එකත් ගත්ත බෙබි හාමු දෙන්නා දිහාම දවා අලු වෙලා යන බැල්මක් දිහා යන්න ලැස්ති උනා.

"ඔහොම නැවතියන් තනුශ...."

ශෙනන් කැ ගැහුව නිසා වජිර වගෙ බෙබි හාමුයි සිතුකයිත් හැරිලා එ පැත්ත බැලුවා. පිස්ටල් එකක් තමන්ගෙ ඔලුව තියන් තරහින් වෙව්ලන ගමන් හිටිය ශෙනන් දැක්කම බෙබි හාමු අල්ලන් හිටිය සිතුකගේ අතත් අත් ඇරලා දුවලා ශෙනන් ලගට යන්න ගියේ. අවුරුදු ගානක් එයාගෙ යාලුවට මොනා හරි වෙයි කියලා බය නිසයි. මොන දේ කරත් තමන්ට ඔනි කාලේ එ අය එයා ළඟ හිටියා නෙද කියලා ගරුත්වය බෙබි හාමුගෙ හිතේ හැමදාම තිබ්බා.

"ශෙනාන් මොකක්ද යකොව් උබ ඔය කරන්නෙ...." 

ශෙනාන් ලගට ගිය බෙබි හාමු පිස්ටල් එක දුරලා ගන්න හැදුවත් බෙබි හාමුගේ බඩට හයියෙන් ගහුව ශෙනන් බෙබි හාමු බිම ඉන්ද ගැහුනම බෙබි හාමුගේ පැත්තට පිස්ටල් එක දික් කරා.

"මගෙනම් මගෙ විතරයි.... මෙච්චර කල් මන් ඉවසුවා.... මගෙ වෙන්න බැරිනම් ලැස්ති වෙයන් මැරිලා හරි මගෙ වෙන්න....."

තම්න්ගෙ ඔලුවට තියන් ඉන්න පිස්ටල් එක බෙබි හාමුගේ පැත්තට දික් කරන ගමන් ශෙනන් එහෙම කිව්වේ උමතුව නිසා මේ වෙලාවේ එයා කරන්නෙ මොනවාද කියලා එයාවත් නොදැන ඉන්න වෙලාව. බඩට වැදුන පාර නිසා වගෙම බිමට වැටෙනකොට දනිහ ඇනුන වෙදනාව නිසා හිටිය තැනින් හෙළ වෙන්නවත් බැරි උන බෙබි හාමු ශෙනන් දිහා බලන් හිටියේ ඇස් ලොකු කරන් පුදුමයෙන්. බෙබි හාමු කවදාවත් හිතුවේ නැ එයාගෙ යාලුවා මේ විදියට එයා නිසා උමතු වෙයි කියලා. බෙබි හාමු බලන්  එහෙම්මම ඉද්දි ශෙනන් පිස්ටල් එකෙ කොකා ගැස්සුවා. කාගෙ වෙලාවකටද මන්ද දුවලා ආව සිතුක ශෙනාන්ට පිටු පලා බෙබි හාමුව බදා ගත්තේ සිතුකගෙ පිට පසාරු කරන් වෙඩි උන්ඩය ඇගට ගිලා බහිද්දි.

"සිතුක!!!"

"සිතූ!!!!.......................

______________________________________________



ඔන්න මම අදත් ආවා, මම දන්නෙ නැ බෙබි හාමුගෙ වගෙම සිතුලගෙ ආදර කතාවට මම හරි සාධාරණයක් කරාද කියලා. හැබැව දෙව් වගෙම සහස්ගෙත් ආදරෙට හොද සාධාරණයක් කරන්නම්.

එහෙනම් ආයෙත් අලුත් කොටසකින් ඉක්මනට එන්නම් 😚

මම, මාහි ❤️🌼

Continue Reading

You'll Also Like

589 96 9
පොකුරු වැස්සකට වඩා හාස්කම් මම දැක්කා.. ඒ අස්රත්ගෙ අළුපාට හීන අස්සෙ !!! මටම මෙල්ල වුනු හදවත ඇතුළෙ !!! ඉඳලා ඉඳලා මාත් නතර උනේ මාරම තැනක. මම සකුන්තලාවත...
4.1M 261K 100
What will happen when an innocent girl gets trapped in the clutches of a devil mafia? This is the story of Rishabh and Anokhi. Anokhi's life is as...
2.7K 276 4
නිල් ඇස් දෙකක් හොයන් යන එක ආදරවන්තයෙක්.... අදුරේ උන්නු ජිවිතේකට එලිය ලබාදුන් එක සුර සුතයෙක්.... සීතල හදවතකට වසන්තය අරන් ආපු පුංචි කුමාරයෙක්.... අසම්ම...
1.1K 79 4
අහම්බෙන් දැක්ක අහංකාර ඇස් අස්සේ අතරමං උනේ මන් මටත් නොදැනීම.... දිලිසෙන ඇස්වලින් හොරෙන් කී කතාවෙ තේරුම අදටත් හොයනවා මන් තාම.... දනිමි මන් අහසක් තරම් ව...