හිරිකඩක්

By Aro_Yash

27.6K 2.8K 272

වෛරයම පිරුණු හිතකට ඉහේවිද දිනෙක ප්‍රේමයෙන් පිරුණු හිරිකඩක්? විඳීවිද ඔවුන් දිනෙක වේදනාවෙන් අවශේෂ වූ ප්‍රේමයක්... More

01
02
03
04
05
06
07
08
09
10🩶
11 🩶
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59

34

371 44 2
By Aro_Yash

#හිරිකඩක්_34

"දෙයියනේ නුඝා..!"

නවීන්ගේ මුවින් එවදන් ගිලිහුණේ ළය අභ්‍යන්තරයෙන් ගිණි රේඛාවක් ඇවිලීගෙන යනවා මෙන් දැනෙද්දීය. තවත් අඩ හෝරාවම් ගෙවුණ තැන නවීන් හා නුඝාද්ගේ මව උන්නේ රෝහළේය. නුඝාද්ව හදිසි ශල්‍යකර්මයක් සඳහා ශල්‍යාගාරයට ගෙන ඇති බව රෝහලෙන් පවසද්දී නුඝාද්ගේ මව හඬා වැටෙන්නට වූයේ නවීන් ඇයව අස්වසාලද්දීය.

"අනේ මගෙ කොල්ලා...."

තවත් අඩ හෝරාවකට පමණ පසුව නුඝාද්ගේ මවත් නවීනුත් උන්නේ ඔහුගේ රෝහල් සයනය අබියසය.

"කෝ බබා?"

නුඝාද්ට සිහිය ලැබුණු මොහොතේම ඔහු විමසන්නට වූයේ නවීනුත් තම මවත් දරුවා නොමැතිව තමා අබියස හිඳිණු පෙනෙද්දීය. නුඝාද්ට අමුතු බියක් දැනෙන්නට වූයේ වරදකාරි හැඟීමක් දැනෙද්දීය.

"බබා ගෙදර. ශෙනුද් ගාව."

"අම්මා! ඌට පුළුවන්ද ළමයෙක් බලාගන්න?"

ඉඳින් ශෙනුද් හුදෙක් සෙල්ලක්කාර වගකීම් රහිතව කටයුතු කරනා අයෙක් බව සියල්ලන්ටම නොරහසක්ය. නුඝාද් කෝපයෙන්ම සේලයින් බට ගලවා දමා සයනයෙන් නැගිටින්නට උත්සහ කළේ නවීන් ඔහුව නවතන්නට තැත් කරද්දීය.

"නුඝා. නවත්තපන්."

"අනේ ඔයා මොනවද දරුවෝ කරන්නේ? ඔයාව ඇක්සිඩන්ට් වෙලා කියල දැනගත්තම ඒවා ගැන හිත හිතා ඉන්න තිබ්බද? අපි මේ ගිණි පත්තු වෙලා දුවගෙන ආවේ."

නමුදු නුඝාද්ගේ හිතුවක්කාරකම පාලනය කරන්නට ඔවුන්ටවත් රෝහල් කාර්යමණ්ඩලයටවත් හැකිවූයේ නැතිය. හිසෙහි තුවාලයට කුඩා ශල්‍යකර්මයක් සිදුකරලූවත් අභ්‍යන්තර රුධිර වහනයන් පිළිබඳ නිහමනයක් නොවූ නිසාවවෙන් අවම පැය විසි හතරක් ගෙවෙන තුරු හෝ ඔහු රෝහළේ නැවතිය යුතු බව වෛද්‍යවරුන් පැවසූවද නුඝාද් ඒ කිසිවක් මායිම් කළේ නැතිය. නමුදු පොලීසියට සම්බන්ධ ලියකියවිලි කටයුතු කිරීමටත් බීමත්ව රිය පැදවූ නිසාවෙන් වන්දියක් ගෙවීමට අදාල කටයුතු සිදුකරන්නට වූයේ තවත් මිනිත්තු දහයක් පහළොවක් නුඝාද් ප්‍රමාද වද්දීය.

~~~

තවත් මිනිත්තු හතලිස් පහක් පමණ ගෙවෙද්දී නුඝාද් උන්නේ නිවසෙහි දොරකඩය. දොර විවර කරද්දී දරුවා මහ හඬින් හඬා වැටෙනවා ඇසෙද්දි සියල්ල අමතකව නුඝාද්ගේ ළය වේදනාවෙන් මිරිකී යන්නට වූයේ සියල්ලටම වඩා ධාරක ස්නේහය ප්‍රබල වන නිසාවෙන් වන්නට ඇතිය.

ශනුද් නුහුරට දරුවාව අල්වාන දරුවා නලවන්නට උත්සහ දැරුවද ඒ කිසිවක් පලක් වූයේ නැතිය. වේගයෙන්ම දරුවා අසලට ඇවිද ආ නුඝාද් මොහොතක් හෝ පමා නොවී දරුවාව වඩා ගත්තේ දරුවාගේ හැඬිල්ල ක්‍රම ක්‍රමයෙන් සාමාන්‍ය අතට හැරෙද්දීය. ඒ එලෙස වූ ප්‍රථම වතාව නොවේය. නුඝාද් දරුවාව දුටු පළමු දිනයේත් පළමු වතාවට දරුවා වඩාගනිද්දී ඇයගේ හැඬිල්ල නතරව ගියේ ඉබේටමය.

නුඝාද්ගේ ළයට තුරුලුවී ඉකි ගසනා ඇයගේ කුඩා සිරුර විටින් විට ගැස්සෙද්දී ඔහු ළය රිදුම් දුන්නේ දරුණුවටය. තවමත් ඔහුට තමා දරුවකුගේ පියෙක් වග විටෙක අමතක වන්නේය. ඒ වගකීම ඔහුට තවම නුහුරුය. වාහනය අනතුරට ලක්වන මොහොතේදී ක්ෂණිකව ඔහුට සිහිවූ එකම එක කාරණය දරුවාය. ඉඳින් තමා නිසාවෙන් ඇයට ඇයගේ මවගේ උණුහුමත් අහිමි වී ගොසින්ය. තමාගේ වගකීම් රහිත බව නිසාවෙන් තවත් ඇයට පියාවත් අහිමි වන්නට ගොස් බේරුණේ අනූ නවයෙන්ය.

"මෙයාගෙ ඇඟ රස්නෙද?"

දරුවාගේ අමුත්තක් නුඝාද්ට ග්‍රහණය වද්දී ඔහු දරුවාගේ නළලට අත තබා පිරික්සූයේ සිතට බියක් දැනෙද්දීය.

"ඇස් දෙකත් රතුවෙලා වගේ නේ බන්? අසනීපයක්ද දන්නෑ? වෙනද ඔහොම අඬන්නෑනෙ"

එය ශෙනුද්ටත් සිතුණේ දරුවාගේ මලානික ඉරියව් පෙනෙද්දීය. කේන්තියටම නවීනුත් මවත් රෝහළේ දමා කුලී රථයක නුඝාද් පැමිණි නිසාවෙන් නිවසේ උන්නේ ශෙනූද් පමණක්ය.

"උඹේ වාහනේ තියනවා නේද ශෙනුවා?"

නුඝාද් කලබලයෙන්ම විමසන්නට වූයේ ළයට තුරුළු කරාන හිඳිනා දරුවාගේ උණුහුමත්, තෙහෙට්ටු ඉරියව්ත් ඔහු සිත බියෙන් පුරවාලද්දීය.

"ඔව් යමන්."

පමා නොවීම දරුවාත් රැගෙන නුඝාද් ඉස්සර වූයේ ශෙනුද් ඔහු පසුපසින් දුවගෙන මෙන් එද්දීය. ඉඳින් ශීත කාලයේ කටුක සීතල දරුවාට දරාගත නොහැකි වේවියැයි නුඝාද්ට සිතුණේ පිටත දොර විවර කළ මොහොතේමය.

"උඹ හරවල ගනින් මම එන්නම්."

එලෙස පවසමින් දරුවා එක් අතකින් ළයට තුරුළු කරගෙන නුඝාද් තමා හැඳ උන් ශීත කබායේ ඉදිරිපස සිපරය විවර කර දරුවා තම ළයටත් කබායටත් මැදිවන ලෙස තබා දෙපස පළු දෙක එක්කර සිපරය දැමූයේය. වෙනදාට අතපය සොලවමින් දඟලනා දරුවාගේ අද කිසිම ක්‍රියාකාරීත්වයක් නැති වද්දී එන්න එන්නම නුඝාද්ගේ සිත පිරී ගියේ අසාමාන්‍ය බියකින්ය. හිස පමණක් නිරාවරණය වන ලෙස දරුවාව ආවරණය කර හිසත් නුඝාද් අතින් ආවරණය කරගෙන කාරය වෙතට පියවර ඇහින්දේ කඩිනමින්ය.

~~~

දරුවා වෛද්‍යවරයා පිරික්සූ පසුව පැවසූයේ උදෑසන පටන්ම දරුවාගේ සිරුර අභ්‍යන්තරයේ උණ තිබී ඇති බවත් දරුවා හඬා ඇත්තේ ඒ නිසාවෙන් බවත්ය.

"දරුවගෙ අම්මා කොහෙද?"

දරුවා පිරික්සමින් වෛද්‍යවරයා විමසද්දී නුඝාද්ට දැනුණු හැඟීම ඔහු ළය සිරකරවාලූයේ හුස්ම ගැනීමටත් අපහසු බවක් දැනෙද්දීය. ඉඳින් වෛද්‍යවරයා ඉදිරියේ ඔහු නිරුත්තරය.

"මම ඇහුවේ ඔයාට බබාව නුහුරුයි කියලා තේරුණ නිසා. වැරදි ප්‍රශ්නයක් ඇහුවනම් සමාවෙන්න. "

"ඒකට කමක් නෑ ඩොක්ටර්. මෙයාගෙ අම්මා...."

නුඝාද් පවසන්නට ගිය දෙය ගිලගත්තේ එය පැවසීමට ධෛර්යයක් නොමැති වද්දී මෙන්ම පවසන්නේ කුමක්දැයි ඔහුට සිතාගත නොහැකි වද්දීය.

"ඒකට කමක් නෑ මිස්ටර්. වයස කියන්නකො මට මෙයාගේ."

වසර ගණනාවක පළපුරුදු ළමා විශේෂඥ වෛද්‍යවරයා පැවසූයේය.

"අවුරුද්දක්*. මෙයා මං ළඟට ඇවිත්නම් තාම සති දෙකයි. මට මෙයාව තාම හුරු නෑ තමා ඩොක්ටර්."

"ඒකට කමක් නෑ අපි ටික ටික හුරු වෙමුකෝ. සාමාන්‍යයෙන් පොඩි දරුවෙක්ට අසනීපයක් වුණාම එයාට ඒක කටින් කියන්න බෑනේ.

එක්කො එයා අඬනවා. එක්කො එයාගෙ හැසිරීමෙ වෙනසක් වෙනවා. එක්කො එයාගේ ඇඟේ වෙනස්කම් වලින් ඒක පෙන්නනවා."

දරුවාගේ ඇස් යට පරීක්ෂා කර වෛද්‍යවරයා පවසන්නේ ස්තෙත් එක් යළිත් දමාගනිමින්ය.

"ඉතින් අපි ඒ ගැන නිතරම අවධානයෙන් ඉන්න ඕනේ. මොකද මෙයාලට අපිට වගේ නෙමෙයි. පුංචි දෙයක්වත් ඔරොත්තු දෙන්නැති නිසා අපි ප්‍රවේශමෙන් වැඩකරන්න ඕනේ. හෙම්බිරිස්සාවක් වුණත් ඇති පුංචි දරුවෙක්ට ලොකු දෙයක් වෙන්න.

මෙයා උදේ ඉඳන් අඬලා තියෙන්නෙ එයාට උදේ ඉඳන් අමාරුව තිබිලා තියන නිසා."

ඒ සියල්ල නුඝාද් අසා උන්නේ දැඩි අවධානයකින්ය. ඉඳින් දරුවා දෑතට පැමිණි දිනයේ පටන් ඔහු ජීවිතය පියමන් කරන්නේ අමුතුම අත්දැකීම්, බරැති වගකීම් පිරුණු මාවතක් ඔස්සේය.

"මෙයාට ඉන්ජෙක්ෂන් එකක් දෙන්න ඕනේ. බබාව මෙහෙම අල්ලගන්න. මෙතනින්...

අන්න හරි. ඔහොම අල්ලන් ඉන්න."

වෛද්‍යවරයාගේ උපදෙස් වලට අනුව නුඝාද් දරුවාව අල්වන් උන්නේ ප්‍රවේශමෙන්ය. වෛද්‍යවරයා සිරින්ජරය ගෙන එයට බෙහෙත් පුරවද්දී නුඝාද්ට සිතුණේ එම කටුව තම දියණියගේ ඉතා කුඩා අත් වලට විශාල වනු ඇතැයි කියාය.

"ඩොක්ටර් ඉන්ජෙක්ට් කරන්නැතුව වෙන මොනවත් කරන්න බැරිද?"

නුඝාද් විමසූයේ තරමක කලබලයෙන්ය. නමුදු වෛද්‍යවරයා පැවසූයේ ඉක්මන් ප්‍රතිකාර අවැසි බවත් එග අත්‍යවශ්‍ය බවත්ය. ඉඳින් දරුවාගේ කුඩා අත පසාරු කරගෙන සිරිජර් කටුව ඇතුළට යද්දී නුඝාද්ට හිස පසෙකට හැරවුණේ ඉබේටමය.

"හරි. මෙයාව ගන්න."

ඉඳින් එන්නතෙහි වේදනාවට දරුවා ඉකි ගසමින් හඬන්නට වූයේ නුඝාද් දරුවා වඩාගෙන දරුවාව සනසන්නට උත්සහ දරද්දීය. ඉඳින් ලේසියෙන් දරුවා නැලවෙන්නේ නොමැති වද්දී නුඝාද්ට දැනුණේ දැඩි අසරණකමක්ය.

"තාත්තට සමාවෙන්න මැණික."

ඉකි ගසනා දරුවාව ළයට තුරුළු කරගෙන නුඝාද් මුමුණන්නට වූයේ දැඩි පසුතැවීමකින්ය. හඬාම හති වැටී දරුවා නුඝාද්ගේ ළයට තුරුළු වීගෙනම නින්දට වැටෙද්දී නුඝාද්ගේ සිත වේදනාබර සිතිවිලි දාමයකින් පිරී ගියේ දැඩිව වරදකාරී හැඟීමක් දැනෙද්දීය.

"ආයෙ මෙහෙම වෙන්න දෙන්නෙ නෑ.... තාත්තා ආයෙ මෙහෙම වෙන්න දෙන්නෙ නෑ..."

ඔහු මිමුණූයේ ගැඹුරු හුස්මක් ළයෙන් ගිලිහෙන්නට හැර දරුවාගේ හිස්මුදුන සිපගනිමින්ය.

නුඝාද් සිතන් උන්නේ ඔහුගේ මව ගාව දරුවා හුන් නිසාවෙන් දරුවා ආරක්ෂිත බවය. නුඝාද්ගේ මව දරුවාට එතරම් කැමැත්තක් නැතත් ඇය වගකීමෙන් දරුවාව බලාගනීවියැයි නුඝාද් සිතන් උන්නේය. නමුදු අද දින සිදුවූ දෙයින් ඔහුගේ සිතට අලුතින් බරක් එක්වී හමාරය.

ඔහු පිටතට පැමිණෙද්දී රෝහලේ පිටත උන්නේ ශෙනුද් පමණක් නොවේය. නුඝාද්ගේ මවත් නවීනුත් පැමිණ සිටියේ ශෙනුද්ගෙන් තොරතුරු විමසාගෙන විය යුතුය.

"ප්ලීස් අම්මා ආයෙ මෙහෙම කරන්න එපා. ඔයා ධූර්යාට කැමති නැති වුණා කියලා මගෙ දරුවට ආයෙ මෙහෙම කරන්න එපා."

"නුඝාද් ඔයා මොනවද කියන්නේ? දෙයියනේ ඔයා ඇක්සිඩන්ට් වෙලා කියද්දි මට හැමදේම අමතක වුණා."

"දරුවට උදේ ඉඳන් උණ තිබිලා. සැරින් සැරේ දවසෙම දරුවා අඬද්දිවත් ඔයාට පොඩ්ඩක් බලන්න බැරිවුණාද?"

"නුඝාද්! මැරිලා ඉපදිලා වගේ කතාකරන්නේ? මෙච්චර දවසක් මම නෙමෙයිද මේ ළමයව බලාගත්තේ?"

නුඝාද්ගේ මව තරමක ආවේගයකින් පවසන්න වූයේ නුඝාද් කේන්තියෙන් ඉවත බලාගනිද්දීය.

"යන්තම් ඇක්සිඩන්ට් එකෙන් ගොඩ ආවා විතරයි අර කොහෙවත් නැති ගෑ|ණියක් හොයන්න අවුරුද්දක් තිස්සේ නැහුණා....

උදේට යන වෙලාවක් දන්නෑ.... රෑට එන වෙලාවක් දන්නෑ. මේ අම්මා කොච්චර ගින්දරක් ඉහිළුවද කියලා නිකමටවත් හිතුවද?

අවුරුද්දක්! පොඩි කාලයක් නෙමෙයි අවුරුද්දක් මේ කොහෙවත් නැති වැඩකාරියක් පස්සෙන් දුවද්දි ඔයාට අම්මෙක් ඉන්නවා කියලවත් වගක් තිබ්බද?"

නුඝාද් සුව වූ දින පටන්ම කළේ උමතුවෙන් මෙන් ධූර්යාව සෙවීමය. ඒ අන් කිසිවකට නොව වෛරය පිරිමැහීමටය. රෝද පුටුවක අසරණව හිඳිද්දී කරගත නොහැකි වූ දෙය කරන්නට ඔහු සියල්ලම අමතක කර දැමූවා කීවොත් නිවැරදිය. නමුදු නුඝාද්ගේ මව ඒ සියල්ලම ඉවසා දරාණ උන්නාය.

"ආන්ටී. මේවා මෙහෙම කතා කරන්න බෑනේ. අපි ගෙදර ගිහින් හෙමීට කතාකර ගමුකෝ."

නුඝාද් කිසිත් නොපවසා මව දෙස බලාන උන්නේය.

"නෑ නවීන්. මට මේක කියන්න දෙන්න. පස්සෙ මෙයා නැවතුණේ ඉංග්ලන්ඩ් වල. අර ගෑ|ණිව හම්බුණාට පස්සෙවත් මෙයා අඩුම මට කෝල් එකක් දුන්නද?

හැමදාම මමම තමා කතාකරේ. අම්මෙක් කියලා මනුස්සයෙක් ඉන්නවා කියලා මතක් කරලා දෙන්න වගේ මමම තමා කතා කරේ."

"අම්මා! මම ඔයාට ඒක එනකොටම කියලා ආවේ. අනික මං හිටපු තත්වෙ දැන දැනම ඔයා ඔහොම කතා කරන එක වැරදියි."

නුඝාද් පවසන්නට වූයේ කලකිරීමෙන්ය.

"ඔයා හිටපු තත්වේ? එතකොට මං? මං හිටපු තත්වෙ?

අර ජරා ගෑණි හම්බුණාට පස්සෙවත් ප්‍රශ්නෙ ඉවරවෙයි කියලා හිතුවා. ඒකත් නෑ. ඒක ඉවර වුණේ තවත් කරදරේකින්."

නුඝාද්ගේ මව තරමක් සැරපරුෂ, නීති වලට වැඩකරනා ගැහැණියක්ය. නමුදු කුඩා කළ පටන් නුඝාද්ව හැදුවේද නීති වලට යටත් කරය. පියා නොමැති වූ පසු ව්‍යාපාර කටයුතුත් එවකට දරුවෙකු වූ නුඝාද්වත් බලාගන්නටනම් ඇයට එසේ නොවීත් බැරි විය. නමුදු ඇය නුඝාද්ට අසාමාන්‍යය අයුරින් ප්‍රේම කළාය. ඔහුව ඇතිදැඩි කළේ රජ කුමරෙකුට මෙන් සැපසම්පත් ගොඩක් මධ්‍යයේය. ඉඳින් නුඝාද් දිනෙක ගැලපෙන පවුලකින් විවාහයක් කරගෙන දරුවෙකු සාදාවියැයි ඈ බලාපොරොත්තුවෙන් උන්නාය. තුයානාගේ හා නුඝාද්ගේ පවුල් පසුබිම් එකිණෙක හොඳින් ගැලපුණි. තුයානා මිය ගොස් සියල්ල උඩු යටිකුරු වද්දී නුඝාද් සුවවූ පසුව ඇය සිතා උන්නේ නුඝාද්ව ගැලපෙන පවුලක ගැහැණු ළමයෙකුට විවාහ කර දෙන්නටය. නමුදු ධූර්යාත්, අහසින් කඩාපාත් වූ දරුවාත් නිසාවෙන් ඒ සියල්ල ගඟෙහි ගසන් ගිය ඉණි මෙන් විය. ධූර්යා වන් දුප්පත් ගැහැණියකට දාව තම මිණිබිරිය ඉපදීම පිළිබඳ ඇය උන්නේ නොසතුටෙන්ය. නමුදු නුඝාද් උන් මානසික පසුබෑම නිසා ඔහුව රිදවීමට ඇයට සිත නොදුන්නාය. එමෙන්ම කෙසේ වුවත් ඒ තමාගේ මිණිබිරිය නිසාවෙන් ඇය දරුවාව හදා වඩා ගත්තාය. නමුදු දරුවා කෙරේ විසල් ප්‍රේමයක්නම් ඇය් සිතෙහි වැඩුණේ නැතිය.

"ඔයාට මගෙ දරුවා කරදරයක්ද? හරි අම්මා හරි! මට තේරුණා. හොඳටම තේරුණා. මගෙ දරුවා ආයෙ ඔයාට කරදරයක් වෙන එකක් නෑ."

නුඝාද්ගේ මවගේ වදන්වලින් නුඝාද් උන්නේ හොඳටෝම රිදවාගෙනය.

"නුඝාද්! මම මේ දරුවට කැමති නෑ තමයි. ඒත් මම එයාව බලාගත්තා කියන එක අමතක කරන්න එපා! මේ අර ජරා ගෑ|ණිගෙ බඩෙන් වදාපු දරුවා වෙලත්  මෙච්චර දවස් මේ ළමයව බලාගත්තෙ මං කියන එක අමතක කරන්න එපා!"

ඉඳින් බහින් බස්වීම දුරදිග යද්දී ඔප්පු වූයේ නුඝාද්ගේ මව අසරණ දරුපැටියාට අකමැති බවය. එමෙන්ම ධූර්යාට හිඟන්නී, ජරා ගෑණී ආදී නම් වලින් ආමන්ත්‍රණය කරද්දී තමාට රිදුණ හේතුව නුඝාද්ට සිතාගත නොහැකි විය. ඉඳින් ඉවසීමේ සීමා පැන යද්දී නුඝාද්ගේ මුවින් ගිලිහුණ වදන් දරුණු විය.

"හහ්... ඒකද මගෙ දරුවව මැරෙන්න ඇරියේ?"

කෝපයේ කෙළවර නුඝාද්ගේ මුවින් එවදන් ගිළිහෙද්දී මවට ඉහිළුම් නැති විය. ඈ උන්නේද වසරක පමණ වේදනාවන්, ආවේගයන් පිටකර ලමින්ය. ඉඳින් එවදන් දරගත නොහැකි වද්දී ඈ නුඝාද් අබියසට පියවරක් තැබුවේත් ඇයගේ අත්ල නුඝාද්ගේ කම්මුල මත නතරව ගියේත් එක් ක්ෂණයකින්ය. දසන් එකිණෙක තදකරාන නුඝාද් ආයාසයෙන් තමාව මැඩගත්තේ කුඩා කලත් තමා වරදක් කළ විට තම මව මෙලෙස දඬුවම් දුන් අයුරු සිහිවද්දිය. නමුදු තමා දැන් ඒ කුඩා දරුවා නොවේය. නුඝාද් එක් වරක් හෝ මව දෙස නොබලා වේගයෙන්ම ඉවතට පියවර ඇහින්දේ නුඝාද්ගේ මව දෝතින්ම මුහුණ වසාගෙන හඬා වැටෙද්දීය.

නවීන් ඇයව සනසද්දී ශනුද් නුඝාද් පසුපසින් දිව ගියේ ඔහුට කතා කරමින්ය.

"ශනුවා උඹලගෙ ගෙදර යමන්."

වාහනයට ගොඩවූ නුඝාද් පවසන්නට වූයේ ශනූද් හිස වනා එයට එකඟ වද්දීය.

"ගෙදර ගිහින් යමන්. මෙයාගෙ බඩු ටික ගන්න ඕනෙ."

තවත් මොහොතකින් කාරය නැවතුණේ නුඝාද්ගේ නිවස ඉදිරිපසය.

"නුඝා උඹ ඉඳපන්. මම අරන් එන්නම්."

"උඹට පුළුවන්ද?"

"ඔව් ඔව් අර බෑග් එකනෙ ගන්න තියෙන්නෙ?"

"ඔව් ඒකයි අර කිචන් එකේ තියන පින්ක් කලර් කූඩෙයි අරන් වරෙන්."

"හරි මං උඹට ඇතුළට ගිහින් කෝල් එකක් ගන්නම්."

~~~

පසුදින උදෑසන නුඝාද් උන්නේ ශෙනුද්ගේ නිවසෙහි තමාටත් දරුවාටත් වූ කුටියෙහි සයනයේ ඉඳගෙන හාන්සි වීගෙනය. දරුවාගේ අසනීප තත්වය ගැන වද වූ නිසාවෙන් ඔහුට රැයෙහි ඉතිරි පැය මුළුල්ලේද නින්දක් වූයේ නැතිය.

"මගෙ මැණික ඇහැරුණාද? තාත්තිව රෑ තිස්සේ බයකරලා දැන් හිනාවෙනවා නේ?"

ඉඳින් ඇඟමැලි කඩමින් අවදි වූ දරුවා ඇස් බෝල කරකවා නුඝාද් හා හරි හරියට් සිනහ වෙද්දී ඔහුට දැනුණේ සියළු ප්‍රශ්නත්, තෙහෙට්ටුවත් අමතකව ගිය වගක්ය.

"කෝ එන්න..."

දරුවාගේ මුහුණ තමා මෙන්ම වුවද සිනහව නම් ඇයගේ මෙන් අවිහිංසකය. ඒ සිනහව දකින වාරයක් පාසා හිත පිරී යනවා සේම හිත දරුණුවට රිදුම් දෙන්නේ ධූර්යාව සිහිපත් වීලාය. ඉඳින් නුඝාද්ට සිහිවූයේ තම මවගේ වදන්ය. මේ අවිහිංසක දරුවාගේ මුහුණ බලන් දරුවාට කැමති නැති බව පවසන්නට ඇයට හැකිවුණේ කෙසේද? නුඝාද්ට දරුවා පිළිබඳ දැනුණේ විසල් අනුකම්පාවක්ය. රෝස මලක් මෙන් හිඳිනා දරු පැටවා සෑම තැනින්ම ප්‍රතික්ෂේප විය යුතුද? හේතුව කුමක් වුවත් එක් මොහොතක දරුවාගේ මවත් ඇයව ප්‍රතික්ෂේප කළාය.

"මගෙ රෝස මලට කවුරුත් ඕන්නෑ. තාත්තා ඉන්නවා. තාත්තට මගෙ මැණික කවදාවත් අතහැරෙන්නෑ කියලා පොරොන්දු වෙනවා."

කෙදිනකවත් නොවූ අයුරින් අතිශය හැඟුම්බර වද්දී නුඝාද් පවසන්නට වූයේ තම අතැඟිලි මෙන් දහගුණයකින් පමණ කුඩා වූ ඒ අතැඟිලි ප්‍රවේශමෙන් අල්වා සිපගනිමින්ය.

                   To be continued

Continue Reading

You'll Also Like

781 158 6
STRAIGHT STORY | G×B ආදරෙන් හද වැළදගත්තා නපුරු උනත් කරුවල! සමහර මිනිස්සු එහෙමයි. තිත්ත උනත් ආසම කෑම, කරවිල -ආශ්වි මෙනුශිත්‍යා. මං දන්නවා මම නරක බව...
9K 1.8K 30
අයියල හයක්...එක අක්කෙක්... බාල අයියයි අක්කායි මායි නිවුන්නු... ලෝකේ අවසන් මායාකාරයෝ අපි...අපි හිත විදිහට... ලෝවියස්වරු තාම මායාකාරයෝ මරන්න හොයනවා...
2.8K 540 5
කන්නට පෙර සිතා බලන්න ස්තූතී....
6.8K 548 28
What happens when a 21st century prince falls in love with an outsider.