ඩේසි මල (Daisies) 🌼 (Sinhal...

By JaiNez__CooLer

2.5K 186 42

මම වැඩිපුර මල් ගැන දන්නෙ නෑ.. හැබැයි මම මල් වලට ආසයි.. සුවද උනත් නැති උනත්.. මම මල් වලට මාර ආසයි.. මම කැමතියි... More

හැදින්වීම......
part 1
part 3
part 4
part 5
part 6
part 7
part 8
part 9
part 10

part 2

221 16 1
By JaiNez__CooLer

මාර්තු මාසෙ ඉවර වීගෙන යද්දි තමා... වැඩිපුරත් එක්ක රත්වෙන්නෙ හත්වලාමේ එස්සෑම්... ටිකක් විතර මම බය වෙලා හිටියෙ ඒත්... මම පාඩමුත් කරල හිටියෙ.. මොන එහෙකට බය වෙනවද මංදා.. මල්සර දෝනියෝ... උඹේ හිත දමනය කර ගනිම්..

මම හිටියෙ ආට් එකේ පහලට වෙන්න හදල තිබ්බ ගල් බංකුවක වාඩි වෙලා වීණා පොතක් කියවන දිහා , කම්මුලටත් අත තියාගෙන බලාගෙන ඉන්න ගමං.. සිරාවටම මුං කෝමද මෙච්චර පොත් කියවන්නෙ... මාත් කියවනව නං තමා ඒත් ඔච්ච්ර අහු වෙන අහු වෙන හැම එකම කියවන්න බෑ.. හෑයියා... මහ බොළද ආදර කතානෙ තියෙන්නෙ....

" මේ ඒයි.. "

" ම්.. "

" මට බඩගිනියි.. "

" ම්.. "

" යමංකො මොනා හරි කන්න.. "

මම ඉදගෙනම , ඇගේ හිරි ඇරගන්න අත් දෙක විහිදෝලා ඇඹරුනා..
බරාස්!!!
හුකා ඉරුණා නේද ?

" හේගා.. ! "

" අඩෝ ඉරුණා බං... "

" යකෝ... මේ ඉන ගාවින් පළුවක්ම ඉරිලා.. "

" හත්තිලව්වේ.... "

" වාඩි වෙයන් ඔහොම්ම.. "

" වාඩි වෙන්න නෙමේ අද රුමීෂා එහෙම කැඩෙට් රූම් එකේ ඉන්නව මම දැක්ක යමං.. උං ගාව මොනා හරි බඩ කඩිත්තුවක් ඈති.."

" ඔය ඉතිං ඔහොම යන්න පුළුවන්ද බලහං පේනවනෙ.. "

" වැහියං එහෙනං.. "

වීණා මගේ පස්සෙන් ඇලිලම ආවෙ ඉරිච්චි එක වැහෙන්න ඕනි නිසා..අපි කැඩෙට් රූම් එකට යද්දි , රුමීෂා එහෙම යකඩ පෙට්ටි වගයක් බිම දමාගෙන පාට ගානව... මම දොර ගාවට ගිහිං.. චූස් පාරක් ඇද්දම ඒකි ඇගේ දාගෙන හිටපු ඒප්‍රන් එක පුටුවකිං දාලා දොර පැත්තට ආවා..

" මොකද බං උබල ඇලිලා.. "

" ඇලිලා නෙමේ මුගෙ ඉරිලා.. "

" හිකේ.. බල්ලො.. උබලට මං කලිනුත් කියලා තියේ ඉස්කෝලෙ අස්සෙ අවලං වැඩ කරන්නෙපා කියලා.. "

" අනේ මේ පකක් කියවන්නෙ නැතූව... හොද එකා වගේ මේක මහපං.. "

"වරෙං වරෙං.."

මම ඇතුලට ගිහිං උං ඇදුම් මාරු කරන්න කැඩෙට් රූම් එකේම , තිර ඇදලා හදාගෙන තියෙන එක අස්සට ගිහිං ගවුම ගලවල රුමීෂාට දීලා අස්සට වෙලා හිටියා... මල්සර දෝනියේ දවස නං හරි නෑ හොදේව්...

" මේ ඕයි ඉක්මන් කරහං මට මේක අස්සෙ ඉන්න බෑ.. "

" ඔහොම ඉදහං පොඩ්ඩක් මම වීණව එවන්නද අස්සට.. "

" එපා එපා ලැජ්ජයි.. "

" මේකි යකෝ.. "

" මේ උඹලා එන්නේම එපා හොදේව්... "

"හරි හරි බල්ලො කෑ නොගහ ඉදාම්.."

" ඕක ඉක්මණ්ට මහපාං... "

"ඉදහාං.... "

" මේ වීණා උඹ දන්නවද.. අපේ ඉස්කෝලෙට සමස්ත ලංකා අවෝඩ් එකක් ගෙනැල්ලලු අපේ වයසේ ඉකියක්"

" අනේ බං ඕක ඉක්මණින් මහපං..

" සිරාවට.. "

" ඕ ළගදි ටීවී ප්‍රෝග්‍රෑම් එකකත් ඉදී.. "

" නෑ.. ?!!"

" රුමීෂා !!! ඕක දීපං ඉක්මන්ට.. "

රුමීෂාගෙ මහන හැකියාවට පිං සිද්ද වෙන්න.. දෙයියනේ කියලා අමුඩ ගැහුවා වගේ හරි මගේ ගවුම් පොඩිත්ත මහලා දුන්නා.
කාරි නෑ කාරි නෑ එහෙම හරි කොරල දුන්නනෙ.. ගමුව මහල ඉවර උනායීං පස්සෙ වීණයි මාය්.. පන්තියට ගියා..

සාමාන්‍යයෙන් වීණයි මායි පුස්තකාල පීරීයඩ් එකේ.. පුස්තකාලෙ යන්නෙ නෑ.. ආට් එක ගාව ගල් බංකු ටිකට වෙලා කියව කියව හරි නැත්තං මං තනියම මනෝපාරක් ගහන අස්සෙ..ඒකි පොතක් කියව කියව හරි ඉන්නවා...

අපි දෙන්නා පන්තියට යද්දි සිංහල මිස් ඇවිල්ලා හිටියෙ.. පුස්තකාලෙ ගිය ළමයි ආපහූ එනකල් බලා ඉන්නවද කොහෙද..
වැඩක් නෑ මිස් ඕකුං අවලමේ ගිහිල්ලා.. එන්න පරක්කු වෙයි..

" හේගා.. ළමයො පොඩ්ඩක් මෙහෙ එන්නකො.. "

පන්තියට ගිහිං වාඩි වෙන්න පුටුවට නැමුණා... විතරයි..සැක්..

" ඇයි මිස්.. "

" ගිහිල්ලා.. ළමයි ටික හොයාගෙන එන්නකො.. හම්බෙන හම්බෙන එක්කෙනාට කියන්න.. පීරියඩ් එක පටං ගන්න බෙල් එක ගහන්න කලිං ඔක්කොමල පන්තියෙ ඉන්න ඕන කියලා මම කිව්වා කියලා.."

" හරි මිස්... "

මිස් නං කියයි.. ඕකුං හොයන්න කියලා.. මම කී තැනක නං ඇවිදින්නට.. මම පන්තියෙන් එළියට ඇවිත් ඉස්සෙල්ලම ගියේ.. වොෂ්රූම් එකට.. හප්පේ.. ගෑනු ටික හැඩ බලනවා.. අනේ යකුනේ කොච්චර බැලුවත් උපන් ‌ු යවන්න බෑ උබලගෙ.. එහෙම එකක් තේරෙනවැයි... මේ මෝඩ ගෑනුන්ට.. මම උන්ට මිස් කියපු එක එහෙමම කියලා.. ඊළගට ගියේ ආට් එක ගාව බංකුව ලගට.. එතන නං අක්කලා ටිකක් හිටයෙ. ඊට පස්සෙ කැන්ටිමට.. හස්තලාමේ... මේකෙ ඉන්න සෙනග.. ධාතු වන්දනාවට ඇවිල්ල වගේ.. මම ඉතිං අස්සෙං රිංග රිංග ගිහිං අපේ පන්තියෙ උන්ට ගින්න දීලා.. ඩ්‍රාමා රූම් එකේ දකුණු අත පැත්තට වෙන්න හදල තිබ්බ ගල් බංකුව ගාවටත් ගියා.. සාමාන්‍යයෙන් ඔතන තමා අපේ සෙක්ෂන් එකේ උන් කයිය ගහන්නෙ.. වැඩිය පන්ති ඒම නෑ ඒ හරියට වෙන්න.. තිබ්බෙ ඩ්‍රාමා රූම් එකයි ආට් රූම් එකයි.. හෝම් සයන්ස් රූම් එකයි.. මම යන කොට කෙල්ලො පස් දෙනෙක් විතර එතන හිටියා.. අපේ උං හතරයි තව එකියෙකුයි.. මොනවත මේ අපේ උං කරන්නෙ.. අරකිට බලහත්කාරකම් කරනවද..

" මේ.. උඹට ආයෙ කියන්නෙ නෑ හොදේ.. උඹ මොන අවෝඩ් එකක් ගත්තත් අපිට වැඩක් නෑ.. ලොකු කම දාගෙන එන්නෙපා හරිනේ.."

" ඔව් ඔව්.. අනික් එක තමා.. අවෝඩ් එක ගත්තෙ උඹ උනාට හොදටම කලේ යෂානි... "

" උඹ වගේ..ඇග පෙන්නලා අවෝඩ් ගන්න කෝමත් අපේ එකීට ඌමනා නෑ.."

" මේ හේගා එනවා නවත්තපං.. ඇහුනොත් එහෙම කෑ ගහයි.."

ඇහුනා තමා යකෝ.. මොන අවෝඩ් එකක් ගැනද මුං මේ කියවන්නෙ.. අම්මපා.. ගෑනු නං ඔහොම්මමයි.. මොකක් හරි....
මට අල්ලන්නැත්තෙ ඔය..හතර පස් දෙනා ගිහිං ළමයි අසරණ කරන එක.. කාලකණ්ණි ගෑනු..

"උඹලා මොනාද බං ඔතන කරන්නෙ යමං පන්තියට ආං අරෙහෙ සිංහල මිස් පන්තියෙ බලාගෙන ඉන්නව.. "

" තාම බෙල් එක ගැහුවෙ නෑනෙ හේගා.. "

" ඔව්.. ඒ උනාට මිස් කිව්වා බෙල් කරන්න කලිං හැමෝටම පන්තියට එන්න කියන්න කියලා.. මං දන්නෑ මිස් තමා කිව්වෙ එනව නං වරෙල්ලා නැත්තං නිකං ඉදහල්ලා... මං යනවා.. "

මං එන්න හැරුණා.. ඒ අස්සෙ මට අර වෙන පන්තියක එකී අඩනවත් ඇහෙනවා.. බේරගන්නවද නැද්ද.. බේරගන්නවද.. අනේ උත්ත මට බෑ... අනික මුං ලොකූ සීන් එකක් ගැන කතා වෙනවා ඇහුණා.. ආයෙ මම දුක අහන්න ගිහිං මට සීන් එක දැම්මොත්.. මොන ලැජ්ජාවක්ද දෙයියනේ වෙන්නෙ.. මම හෝම් සයන්ස් එකට බහින්න තියෙන පඩිපෙළ බැහැලා එතනට මුවා වෙලා කියන එව්ව අහං හිටියා.. මොකක්ද දන්නෑ මේ සීන් එක..

" මොකද අඩන්නෙ.. ? ආහ් !!

අම්මට සිරි ගැහුවා නේද.. ? කවුරු කාට ගහන්න ඇත්ද..
මම ටක්ගාලා එබිලා බැලුව.. ඇය් මේ යෂානි කණ අල්ලං ඉන්නෙ..

" උඹලගෙ බලු කතා අහං ඉන්න මම උඹලගෙං කාලා ඇදල ඉන්නව ද නෑනෙ.. "

" මේකි යකෝ... උඹට රිදුනද යෂානි.. "

" රිදෙන්න තමා ගැහුවෙ.. ආයෙ එක දවසක් හරි තව මොනාහරි කියාගෙන ආවොත්.. මම වර්ෂා මිස්ට කියනව.. "

" අඩෝ.. ඒකි කියයිද බං.. "

" කියයිද තමා බලහං තෝනෙ කිව්වෙ.. ගිහිං බනිමු කියලා.. මම කනේ පාරකුත් කෑවා.. "

" හරි හරි යෂා ඉතිං.. සොරි බං මං හිතුවෙ ඒකි මුලදි අඩන්න ගත්තම අපිට සද්දෙයක් දාලා යන්න පුළුවං කියලා.. "

" හරි හරි යමං යමං පන්තියට දැං... "

මල්සර දෝනී.. පැනහං ඔතනිං... හනික හනික..
මං ටක් ගාලා හෝම් සයන්ස් එකේ පිලිකන්නට ගියා.. තව ඩිංගෙං අහු වෙනවා..

මම පන්තියට එද්දි ළමයි ඔක්කොම පන්තියෙ.. මම ඇවිත් වාඩි වෙද්දිම බෙල් කලා.. ඊට පස්සෙ උගන්නන්න පටං ගත්තා..
උගන්නනව කිව්වට උගන්නන්නෙ නෑ ඇත්තටම.. සිලබස් කවර් කරල ඉවරයිනෙ. විචාර ලියවන එක තමා කරවන්නෙ.. විචාර ලියන්න කිව්වට මොකද අපේ ඔලුව වල් විකාර වෙනවා.. උද්ධෘත මතක් කරන්න ගියාම.. එච් සාපෙ ම තමා මේක නං..

අද අනික් ජෝඩුව ඉස්කෝලෙ ආවෙ නෑ.. ඇයි දන්නෑ.. නාවෙ..
අද සිකුරුදත් එක්ක.. ආයෙ උං හම්බෙන්නෙ.. ලබන සතියෙ.. මේ සුරගන නං හම්බෙනවනෙ සෙනසුරාදයි ඉරිදයි දේකේම.. ඊට පස්සෙ මම සුරගන එක්ක.. නැට්ටෙ එල්ලිලා.. දිව්‍යලෝකෙ යනවා.. පස්සෙං එල්ලෙන්න එන උන්ට පයින් එකක් ගහනව...
මම මනෝපාරක් ගහන ගමං වීණගෙ අතේ , පෑනෙන්... වකුටු වෙච්චි නැට්ටක් එක්ක අලියෙක් ඇංදා.. ෂැක් විතරක්.. සුරංගනාවියක් නේද අදින්න හිටියෙ.. මම එහෙම හිතන ගමං වීණාගෙ මූණ දිහා බැලුවම ඒකි අතේ ඇදපූ එක දිහයි මා දිහයි මාරුවෙං මාරුවට කන්න වගේ.. බලනවා..

" මම තොට කියලා තියේ නේද.. පෑනෙං කුරුටු බලි අදින්නෙ මගුල් විසේ තියෙන උං කියලා.. "

" ඈයියා හොදේ ඔව්ව නං කියාගෙන එන්නෙපා.. මට ඒම හුත්තක් නෑ.. ලබ්බ.. "

" එහෙනං අදින්නැතුව ඉදාම්..
ඉදා පගෙයට.. "

" ආව්.. "

මේ ගෑනිගෙං ගුටි කකා ඉන්න වෙනවා කියලා දන්නව නං දුක අහන්න යන්නෙනම් නෑ සම්මකපේට.. උබටත් යසයි හේගා..

අන්තිම පීරියඩ් එක ගණං.. ඊට පස්සෙ ගාථා කියලා ඒම.. අපි ගෙදර එන්න ආවා.. ගෙදර යද්දිත්.. මමයි හේගයි එක සැරියක.. අනික් කාලකණ්ණි දෙන්නා.. වෙන දෙකක..
මම තමා ඉස්සෙල්ලම බහින්නෙ.. ටික දුරයිනෙ යන්නත් තියෙන්නෙ ඒ හින්දා මම ඉස්කෝලේ ගාව ඉදං නිදාගෙන එන්නේ.. නින්දෙන් උපරිම ප්‍රයෝජන ගන්නොන.. සමාවෙන්න කාලයෙන්... නෑ නෑ දෙකම එකයි...

" මගේ දුක අහන්න මට කවුරුවත් ඕන නෑ.. මම තමුසෙගෙං කාලා ඇදල ඉන්නව ද නෑනෙ.. "

චටාස්..

" හේගා.. ගෑනියේ.. උඹ බහින්නෙ නැද්ද.. භල්ලෝ.. නැගිටපං.. මේ බස් එකත් නවත්තලා තියෙන්නෙ.. "

" මම වැරදි දෙයක් කිව්වද.. "

චටාස්..

" තව එක පාරක් හරි දුක අහන්න එන්න ඇහුවොත් මම වර්ෂා මිස්ට කියනවා.. "

" ඈ.. "

"ගෑනියේ නැගිටපාං... "

ඇත්තටම කවුරු හරි ගැහුවා වගේ දැනුනත් එක්ක මම බොස් ගාලා ඇහැරියා.. යකෝ හීනත් පේනවා.. මොනෞත්තක්ද මේ..
හත්තිලව්වයියාවේ.. හන්දියටම ඇවිත්..

" මම බහිනවෝ.. "

" බැහිනවෝ තමා.. හෙට ක්ලාස් වරෙං නිදිපෙරේතෙයා.. "

මම බෑග් එකත් උස්සං ගිහිං ටක්ගාලා බස් එකෙං බැස්සා.. යකඩෝ... මොකක්ද ඒ උනේ.. මම වෙච්චි එක ගැන හිත හිතා හිමින් හිමින් ඇවිද ගෙන ආවා.. මේක නං එච්චර හොද නෑ.. මට ඒකිගෙ මූණවත් හරියට මතක නෑ.. හැබැයි.. යකෝ.. කනේ පාරවල් දෙකක් කෑවා.. මුණ ඉස්සරහටවත් යන්න හොද නෑ.. අම්මෝ... මම ඔලුව හොලවල හරි සිහියට එද්දි හිටියෙ ගෙදර.. හම්මේ.. ගෙදර දකිද්දිත් සනීපයි..

අපේ ගෙදර ගේට්ටුව ඈරිය ගමං.. ලොකු රූස්ස අඹ ගහක් තියේ. ඒක නිසා ගේට්ටුවෙන් ඇතුළට එනකොටම සනීප සීතලක් ඇගේ වැදෙනවා.. ඊ ළගට අපේ අම්මපෙ මල් වගාව.. අම්මෝ.. ඒක දැක්කම මට නං මැරෙන්න හිතයි.. දෙයිය්නේ ලස්සන...

මම වැඩිපුර මල් ගැන දන්නෙ නෑ.. හැබැයි මම මල් වලට ආසයි.. සුවද උනත් නැති උනත්.. මම මල් වලට මාර ආසයි.. මම කැමතියි ඒව අතට නොගෙන ගහේම තියෙද්දි ආදරෙන් බලා ගන්න.. කොළපාට කොළ අස්සෙන් පීදිලා පිපීගෙන ඇවිත් ඒ කොළ අස්සෙම බැබලි බැබලි හිනාවෙලාම ඉද්දි තමා මල් ලස්සනම..

මල් දිහා බල බලා ඇවිත්.. සපත්තුත් ගලවලා ඇවිත් ගෙට ගොඩ වෙද්දි අපේ අයියා හති දම දම පුටුව සාලෙ සෝෆා එකේ.. මෙයැයී මොකද හති දාන්නෙ මේ.. ලගකදි ඉදං ටිකක් අමුතුයි.. හොයලා බලන්නෝනි..ඒ ඇවිත්..කාමරේට එබෙද්දි තමා මම දැක්කෙ මගේ ආදරණීය කළු පාට බළල් තඩියා.. ගොන්හරකෙක්ගෙ මොල්ලිය උඩ නිදාගෙන ඉන්නවා..
මේ හරකාට කොච්චර කිව්වත් වැඩක් නෑ.. මගේ ඇද හාන්නෙපා කියලා.. ඔව් ඉතිං හරකට මම කියන එව්ව තේරෙයි ඈ... ඌ හරකෙක් මම මනුස්සයෙක් නෙ..

" උම්බෑ....!! "

හරකට කතා කරන්නෝනි හරක් භාෂාවෙං...
මම උම්බෑ කිව්වම තමා හරකා පොඩ්ඩක් ඔලුව උස්සලා බැලුවෙ... උම්බෑ කියපු එක තාත්වික වැඩිද මංදා පූසත් පැනලා දිව්වා..

" මොකද බං.. "

" මොකද අහන්නෙ හරකො.. ලැජ්ජ නැද්ද කෙල්ලොංගෙ කාමර වලට එන්නෙ.. "

" කෝ කොහෙද කෙල්ලෙක් ඉන්නෙ... "

"ඇයි මීමෝ.. මාව තොට මොකෙක් වගේද පේන්නෙ.
අනේ අයියේ.. මෙ හරකව පන්නනවකො.. "

_" උබලගෙ ප්‍රශ්න වලට මාව ගාව ගන්නෙපා... " _

මුං ඔක්කොම එකයි.. මූත් එකයි , මුගේ අයියත් එකයි , මාත් එකයි අපේ අයියත් එකයි.. නෑ නෑ මම නෑ.. සොරි..
ඔවේනෙයා අද ඉස්කෝලෙ ගිහිං නෑ.. මම හිතන්නෙ.. උට පීරියඩ් ද කොහෙද.. නෑ ඉතිං හැමදාම මාසෙ අන්තිම සතියෙ මූ ගෙදර.. මොන ජීවිතද මේ.. මම ඔවේනෙයාව කාමරෙං පන්නලා.. ඇදුම් පන්නලා වොෂ්රූම් එකට පැනගෙන නා ගත්තා... දෙයියනේ පුදුම සනීපයක්.. නාන ගමං සනීපෙ විදින්න ඇස් පියා ගත්තම එක පාරට අර දවල් යෂානි කාපු කණේ පාර මට වදිනව වගේ පෙනුන නිසා මම ටක් ගාලා ඇස් ඇරියා.. මේ මොන විකාරයක් ද මට වෙලා තියෙන්නේ..

අද අපේ අප්පච්චි නයිට්... අම්මත් රෑට සැලෝන් එකට යනවා කිව්වා... හෙට වෙඩින් එකක්ලු.. ඒ කියන්නෙ මමයි අයියයි අද ඔවේනෙයගෙ ගෙදර... නෑ ඒක ඔවේන්ගෙ ගෙදර නෙමේ.. ඒක සුමති අන්කල්ගෙයි රාධා ආන්ටිගෙයි ගෙදර.. මූ මේ අයාලෙ යන එකා උට මොන ගෙවල්ද.. මම ඒම හිතන ගමං ඔවේන්ගෙ පිගානෙ.. පස්සෙ කන්න ඉතුරු කරන් ඉදපු බ්ත්තර කහ මදේ අරගෙන කටේ ඔබා ගත්තා..

" හේගා.... !!!!! "

" ඇයි සුදූ..?"

" මට බිත්තරයක් දාලා දියං දැං.. "

මේ මොන ඒස කමක්ද මේ.. මම කිකිළියෙක්යෑ බිත්තර දාන්න..

" අද දාන්න බිත්තර නෑ.. උදේ දාලා ගිය එව්ව තමා ඔය.. ආයෙ හෙට උදේට.. "

මම ඒම කියලා.. පිගාන හෝදන්න කුස්සියට ආවා.. ආවා මෙතන බිත්තර ඉල්ලගෙන.. තලා ගන්න හදන්නෙ ඔය මට කියලා බිත්තර දෙක..

" මේ හේගා.. අපේ අයියා දැං දවස් තුන හතරක ඉදං කතාවක් බහක් නෑ බං.. ගෙදර මිනිස්සු කා එක්කවත් කතා කරන්නෙ නෑ..."

" ඉතිං එයා කා එක්කවත් එහෙම වැඩිය කතා කරනවා කියලෑ.."

" ඒක එහෙම උනාට බං මා එක්ක ඒම සාමාන්‍යයෙන් කතා කරනවනෙ.. දැං ඒමවත් නෑ තාත්තා මොනා හරි කිව්වත් මොකක් හරි පොඩි උත්තරයක් දෙන්නෙ ආහ් , හ්ම් , ඔව් , නෑ වගේ.. "

" අම්මපා කියහං.. "

" ...... "

" යකෝ... මොනා වෙලාද බං ඒ.. "

" අනේ මංදා.. මං ඇහුවා.. මුකුත් කියන්නෑ.. "

" ඉතිං එහෙනං අපේ අයියා එක්ක.. ඊයෙ එළියටත් ගියේ.."

" හේෂ් අයියා ඊයෙ එළියට ගියාද.. ? "

" ඔව්.. ඇයි උඹ ඊයෙ මොන ලෝකෙද හිටියෙ.. "

" මම ඊයෙ කලිං නිදා ගත්තා බං.. උදේ පාන්දර පාඩං කරන්න නැගිටපු හින්දා... "

" පෙරේදා ඌට බූට් එක තිව්වනෙ අර කව්ද හසරන්ගි ද මදුරංගිද කවුද කියන ගැහැණිය.. ඊට පස්සෙ ඒකට අවුලෙන් ඉද්දි.. ෂවේන් අයියා අපේ ගෙදර ආවා අපේ අයියා හම්බෙලා අර කෝස් එකක වැඩ වගෙයක් කතා කරගන්න.. ඊට පස්සෙ උං දෙන්නා.. මොනවද කතා කර කර ඉදල එළියට ගියා.. "

" ඒමද.. ? අනේ මංදා ඕඉ.. උඹ අද අපේ ගෙදර එනවා නේද.. උඹයි අපෙ අයියයි ෆිට්නෙ බං.. පොඩ්ඩක් කතා කරල බලහං.. හාද.. "

" හා හා.. "

"...... "

" මේ.. හැබැයි ගානක් ඕනි හරිද මෙව්ව මේ ආවට ගියාට කරන්න බෑ.. "

" ආ එහෙනං.."

" තුහ්ක් විතරක්.. "

ඔවේනෙයා වතුර ටිකක් අරං මගේ මූණට දමල ඇරියා..එව් මොන වතුරද කවුද දන්නෙ..කටෙත් එක්ක..

රෑ අටට විතර අම්ම සැලෝන් යන්න ගියා.. එයා ඉතිං සාරි හදන්නයි අරවයි මේවයි.. තව ඔන්න මොනවද සාරි බ්ලවුස් වගෙයක් මහන්නත් තියෙනවා කියලා.. වෙලාසන යන්නොන කියලා ගියා.. අපිත් ඉතිං ඒ වෙලාවෙම එහා ගෙදට්ට පැන්නා..
සුමති අංකල් නං මාස දෙකකට විතර පස්සෙ තමා ගෙදර එන්නෙ.. එයා පෝට්සිටියෙ වැඩ.. ඉතිං එහෙ නැවතිලා තමා එයා වැඩ කරන්නෙ.. රාධා ආන්ටි නං ඉතිං ගෙදර ඉදං බිස්නස් වැඩ.. දෙන්නා පට්ට ලව්.. රාධා ක්‍රිෂ්ණා ලව් එක වගේම තමා.. හැබැයි මේක රාධා සුමති ලව් ස්ටෝරිය..

අපේ අයියා නං නිදා ගන්නමද කොහෙද යන්න හදන්නෙ.. නයිට් කිට් ගහල ඒම.. මූව දැක්කම අම්මපා මට නිදිමත හැදෙනවා.. ඔව් ඉතිං මම වගේ පොත් උස්සං යන්න යෑ උං ජනවාරි වල ඒ ලෙවල් කළානෙ..අපේ එකා මැස් කලේ.. ෂවේන් අයියත් ඒමව තමා.. මුං දෙන්නා නැහුණු නැහිල්ලක් යකෝ.. අනිවාර්යයෙන්ම අපේ එකාට කෝම වෙතත් ෂවේන් අයියට නං අයිලන්ඩ් රෑන්ක් එක්කුත් ඇති...
අපෙ අයියට එයාගෙ කෙල්ල පෙරේදා බූට් එක තිව්ව.. මං නං කියන්නෙ අනේ හොදයි.. ඒකි සෙට් නෑ.. හැබැයි මට හිතුනා හසරංගි බූට් එක තිව්වා බං කිව්වම.. ඒ මං නිසාදෝ කියලා.. කියන්න බෑ.. මං ඒකිට මූණට බැනලා නැති උනාට අපේ අයියා මල් කඩන වෙලාවට මැද්දට පැනල ආතල් නං දෙනවා..එසේ මෙසේ එව්වත් නෙමේ ඉතිං..

කෝමහරි මම පොත් ගොඩකුත් උස්සගෙන.. අයියත් එක්ක ඔවේන්ලගෙ ගෙදට්ට ගියා.. සොරි රාධා සුමති ගෙදර..
යද්දි රාධා ඇන්ටි සාලෙ ඉදං මීටින් එකක..
අපි එනවා දැකලා.. එයා ලස්සන මල් හිනාවක් දාලා ඇස් දෙකෙං මැද සාලෙ පෙන්නුවා.. අපිත් ඉතිං හිනාවක් දාලා ඒ පැත්තට ගියා...

ඔවේනෙයා හැමවෙලේම අපේ ගෙදරට වෙලා හිටියට උට මහ විසාල ගෙයක් තියෙන්නෙ.... ඒත් උට වටින්නෙ මගේ අර අහිංසක කාමරේ.. කාලකණ්ණි පැටියා.. ඔවේන්ලගෙ ගෙදරට ගොඩ වෙද්දිම තියෙන්නෙ බුදු කුටියත් එක්කම අල්ලල හදපු පොඩි සාලයක්.. ඒකෙ නෝමල් පුටු සැටියක් විතරයි තියෙන්නෙ.. ඒ එක්කම දකුණට වෙන්න ගෙස්ට් රූම් එකක් තියේ..
ඊට පස්සෙ මැද සාලෙ.. ඒකෙ තමා ටිවී එකයි ඔය ටික තියෙන්නෙ.. සාලෙං දකුණට වෙන්න කුස්සිය.. වමට වෙන්න ආන්ටිලගෙ කාමරේ...ඊට පස්සෙ උඩට ගියාම.. ඉස්සෙල්ලම හම්බෙන්නෙ පොඩි සාල කෑල්ලක්.. ඊට පස්සෙ ෂවේන් අයියගෙ කාමරේ.. ඊට පස්සෙ.. ඔවේනෙයගෙ කාමරේ.. ඔවේන්ලගෙ ගෙදර හරි නිස්කලංකයි.. අපේ ගෙදර වගේ නෙමේ..

අපි උඩට ආවම අපේ අයියා ෂවේන් අයියගෙ කාමරේට රිංග ගත්තා.. මම ඔවේනෙයගෙ කාමරේට රිංග ගත්තා.. අම්මෝ කොල්ලා පාඩං කරනවා.. මම කාමරේට ගිහිං එහෙමම පොත් ටිකත් ඇගේ ගහගෙන උගේ ඇදේ හාන්සි උනා.. මෙව්ව බම්ප් වෙනවත් එක්ක.. මුට මෙච්චර සැප තිබිලත් මගේ අර අහිංසක කාමරේ තමා ලගින්නෙ දෙන්න හිතයි පගෙයට.. පව්කාර කමේ සීමාවක් තියෙන්න ඕනි ඇයි යකෝව්..

" ඇයී පරක්කු උනේ.. "

" මම නිදී කතා කරන්නෙපා.. "

" මේ ඕඉ.. නිදියන්න නෙමේ මෙන්න මෙහෙ වරෙං මැයි 28 එක්සෑම් හොදේ.. "

" අනේ පගෝ.. ඔව්ව මතුරන්නෙපා බං.. ඉස්කෝලෙත් මතුරනවා.. ගෙදරත් මතුරනවා.. ඒ මදිමට තෝ.. "

ඔවේනෙයා හැච හැච ගාන්න ගත්තු නිසා මම පොත් ටිකත් උස්සං අමාරුවෙන් නැගිටලා මේසෙං පොත් ටික තිව්වා.. මං එද්දි ඔවේනෙයා විද්‍යාව පාඩම් කර කර හිටියෙ.. එව් පේන්නම බොරි එක.. ඊට පස්සෙ අපි ගණං හදන්න ගත්තා.. ගණං හදද්දි නං වෙලාව යනව දැනෙන්නෙත් නෑ..

" හරි දැං උඹ සූත්‍රෙ දාලා හදන්න දන්නවනෙ.. දැං වර්ග පූර්ණෙ දාලා හදහං.."

" ම්.. "

After 30 minutes ago

" මේ හරි නේ.. "

" ම්.. කෝ බලන්න.. එල එල.. "

" හේගා දැං ගණං හැදුවා ඇති බං.. අපි..... බුද්ධාගම පාඩං කරමු.. "

" හෑයියා බං.. ඕක තමා පේන්නම බැරි.. කමක් නෑ කමක් නෑ එකම බදාගෙන ඉන්නත් බෑනෙ.. "

" මේ.."

"ම්.. "

මූ මොකාටද මේ එන්න හදන්නෙ බයත් හිතෙනවා..
ඒ අස්සෙ මම කල්පනා කරේ..මම බකමූණෙක් වගේ හැම එකටම ම් ගාන්න ඉගෙනගත්තෙ කොහෙන්ද කියලා..

" උඹ යන්නෙ නැද්ද අපේ අයියා එක්ක කතා කරන්න.. "

" දැං උං දෙන්න නිදි ඇති බං.. අපිත් නිදා ගමු.. "

" නෑ.. උඹ පැහිච්චි එකා වෙන්නැතුව පලෑම්කො.. "

" උඹට හොර වැඩක්වත් කරන්න තියෙද..මාව යවන්න හදන්නෙ.. "

" ඔව් ඔව්.. දැං පලයං.. "

මූ නං මහ හිවලෙක්.. මම පොතත් දමල ගහල නැගිටලා..ෂෝට පොඩ්ඩක් ඉන ගාවින් උස්සල හදල.. කොණ්ඩෙත් පිටිපස්සට කරලා හදා ගෙන ටී ෂර්ට් එකත් යටින් පොඩ්ඩක් හදාගෙන ඉස්සරහින් ඇගිලි දෙකක් තියලා ඇද ගත්තා.. පිළිවෙලට යන්න එපැයි..

" මේ ඕඉ.. කෙල්ලෙක් බලන්න නෙමේ යන්නෙ.. අපෙ අයිය එක්ක කතා කරන්න.. ඇයි යකෝ.. "

" උඹ උඹේ වැඩක් බලා ගනිංකො.. පගෙයා.. එනව මෙතන.. "

'දෙන්න හිතයි දෙකක්' කියන්න වගේ ගහන්න අත හදල.. ආයෙ මම අත් දෙකම සාක්කු දෙකට දාගෙන කාමරෙං එළියට ආවා..
දැං අපේ එකාව එළියට යවන්න තමා ගේමක් ගහන්න වෙන්නෙ.. මම හිමීට ෂවේන් අයියගෙ කාමරේ දොර ළගට කිට්ටු වෙලා උගුර පෑදුවා..

" අහ්ම්... මම එන්නදෝ.. "

" එන්න නංගී.. "




Double update guys
ඔහොමම ගිහිං අනික් එකත් කියවන්න... 🌼👀

හේෂ් නිගේෂ බණ්ඩාරණායක
18

ඔන්න ළමයි මේ ඉන්නෙ..
හේගා ගෙ අයියලූ...

ඔහොමම පුලුවන්නං හැදින්වීමෙ බලන්න මම ඔවේන්ගෙ pic එක shift කළා...

Continue Reading

You'll Also Like

1.8K 416 8
° A Sinhala Hanakaki GL story ✓ • Girl X Girl ✓ ° Sad ending ✓ ° completed ✓ ★ This is Just a fanfiction and Nothing is real!!!
147K 1.7K 45
This book is filled with accounting lessons specially crafted for accounting students and aspiring accountants. Dive into the world of numbers and fi...
1.8M 114K 200
**Story is gonna be slow paced. Read only if you have patience. 🔥** Isha Sharma married a driver whom she had just met. She was taking a huge risk...
10.1K 1.8K 16
මගෙ ජීවිතේ මට ලැබුණ පළවෙනි ආදරයේ සුන්දරත්වයත් ඒ ආදරය මගෙන් අහිමි වීමේ වේදනාව පිළිබඳව ගෙතුණු ප්‍රබන්ධ කතාවක් (HAPPY ENDING)