"අම්මා......"
"මොකද දෝණි කැ ගහන්නේ....."
"අම්මා මන් අයියා එක්ක පන්සල් ගිහින් එන්නද.... චතුත් එක්කම...."
"අහ් ඔව් එකත් හොඳයි චතු දුවත් දැන්ම ඉදලා ගමට හුරු වෙන්න එපැයි... හරි එහෙනම් තුන්දෙනාම ගිහින් එන්නකෝ...."
කටත් ඇද සදලි ආපහු හැරිලා චතුටත් ඔනිවට එපාවට පන්සල් යන්න ලැස්ති වෙන්න කියලා එයත් ලැස්ති වෙන්න ගියා. සිතුකත් නිල් පාට කලිසමකට අත් දිග සුදු ශර්ට් එකක් ඇදලා ලැස්ති වෙලා එලියට ආවා.
"යමු සුදු අයියේ....."
ලැස්ති වෙලා ආව චතු හිනා විගෙන ඇවිත් සිතුකගෙ අතේ එල්ලුනා. වෙලාවකට සිතුකටත් පුදුමයි චතු සිතුකගෙ හැගිම් ගැන දැන දැන එයාට කෙල්ලෙක් වෙනුවෙන් හිත යන්නෙ නැ කියලා දැනගෙනත් මේ විදිහට එයාගෙ ඇගේ එල්ලෙන්න හදන එක.
"අහ් මේ මොකද මේ.... පන්සල් යන්නෙ බුදුන් වදින්න මිසක් මගුල් නටන්න නෙවෙයිනේ.... ඔහොම ඇගේ එල්ලිලා ඉන්නෙ නැතුව පැත්තට වෙලා ඉන්නවකෝ...."
සුදු මල් වට්ටියක් උස්සන් ආව සදලි එහෙම කිව්වේ චතු අල්ලන් ඉන්න සිතුකගෙ අත ඇදලා අර ගන්න ගමන්.
"ඉතින් මන් එල්ලුනේ මන් බදින්න ඉන්න කෙනාගෙ ඇගෙනේ සදු.... අනික ඇයි ඔයා මට මෙහෙම කැ ගහන්නේ.... මම නිකම් ඔයාට වැරැද්දක් කරලා වගෙනේ...."
"අයිතියක් නැ කියලා දැන දැන මිනිස්සුන්ගෙ ඇගෙ බලෙන් එල්ලෙන්න යන උන්ව මට පෙන්න බැ එකයි...."
කටත් ඇද කරලා සදු එහෙම කිව්වේ එයාටයි සිතුකටයි විතරක් ඇහෙන විදියට.
"මොකක්ද සදු කිව්වේ..."
"අහ් නැ මුකුත් නැ.... පන්සලකට යනකොට පිලිවෙලකට යනවා.... මෙහෙම ඇගෙ එල්ලිලා යන්න ගියොත් මිනිස්සු හිතයි පන්සල් නෙවෙයි වෙන මගුලක යනවා කියලා.... එන්න අයියේ යන්න..."
අතේ තිබ්බ මල් වට්ටිය සිතුකගෙ අතකට දිලා අනිත් අතේන් සදලි අල්ල ගත්තෙ කොහොමත් චතුට මල් වට්ටිය තියෙන අතේ එල්ලෙන්න බැරි නිසා. එත් චතු එ අතින් අල්ල ගන්න යද්දි සිතුක කතා කරා.
"අතේ එල්ලෙන්න එපා චතු මල් එක හැලෙයි...."
"එකනේ අයියේ කොහෙද මෙයාට මොලේ නැනෙ.... ඉගෙන ගන්න කාලෙ ඉගෙන ගන්නෙ නැතුව කසාද කර ගන්න ගියාම ඔහොම තමා ඉතින්....."
සදලි එහෙම හින්ට් එකක් පාස් කරෙ මොකද චතුත් එයාගෙ වයසම එලෙවල් ලියන්න ඉන්න කෙල්ලෙක් නිසා.
"එත් සුදු අයියේ මෙයත් මේ ඉන්නෙ ඔයාගෙ අත අල්ලන්...."
"එයා අල්ලන් ඉන්නෙ මගෙ නිකම් තියෙන අතනේ ඔයා දැන් මේ අතේ එල්ලුනොත් මල් එක හැලෙයි..."
"එකනේ චතු කිව්වම අහන්න.... දැන් හොඳ ළමයා වගෙ අර පොල් තෙල් එහෙම දලා තියෙන මල්ල අරන් එන්න...."
"ඇයි සදු මේ පොල් ගෙඩියක්....."
මුනත් අව්ල් කරන් පුටුව උඩ තිබ්බ මල්ල අතට අරන් චතු ඇහුවේ මල්ල ටිකක් බර නිසා බලද්දි ඇතුලේ තිබ්බ පොල් ගෙඩිය දැකලා.
"අහ් ඔකද මේ මගෙ යාලුවෙක්ගෙ වෙඩින් එකක් තියෙනවා තව මාසෙකින්.... එයා එ කාසාදේට කැමති නැලු චතු... අම්මලා බලෙන්ලු බන්දලා දෙන්න යන්නේ.... බලන්නකෝ ඉතින් නෙද?.... ඉතින් එයා මගෙන් ඇහුවා කසාදේ හැදි ගැවිලා පලයන් කියලා පොල් ගෙඩියක් ගහන්න පුළුවන්ද කියලා.... ඉතින් මන් හා කිව්වා.... ඉතින් එක තමා අද මන් මේ විශෙශයෙන්ම යන්නේ.... අර දෙවලෙ තියෙන පරන සමන් දෙවාලෙට ගිහින් දෙයක් හිතලා පොල් ගැහුවම එක හැබැ වෙනවලුනේ.... හරි කෝ දැන් යමුකෝ....."
සිතුක තොල් තද කරන් හිනාව නවත්තන් හිටියේ. මොකද එයා දන්නවා සදලි වහෙන් ඔරෝ මේ කියන්නෙ එයාගෙ කසාදේ ගැන කියලා. සදලි එක්ක සිතුල ඉස්සර වෙලා යද්දි චතුත් මුන කුන්ඩ හට්ටියක් වගෙ කරන් පිටි පස්සෙන් ආවා.
"තිලිනි!!.... තිලිනි!!..."
"අහ් සදු....."
අල්ලපු ගෙදර ළඟ නැවතුන සදලි එයාගෙ යාලුවා තිලිනිට කතා කරා.
"චතු ඔය පොල් ගෙඩිය දෙන්න.... අහ් මෙක අපේ අම්මා දෙන්න කිව්වා නැන්දා ඉල්ලුවා කියලා...."
"අහ්.... ඔයලා පන්සල් යනවාද සදු....."
"ඔව් එයි අපි ගිහින් එන්නම්කෝ.... පොල් ගෙඩිය පැන්කෙක් හදන්න කියලා අම්මා කිව්වා.... අපිටත් එවන්න ඇ....."
"අනිවාරෙන් එවනවා ඉතින් .... සුදු අයියා පැන් කෙක් වලට ආසයි කියලා මන් දන්නවනේ...."
තිලිනි හිනා වෙන ගමන් කිව්වේ සිතුක දිහා බලා ගෙන. මේ දිහානම් චතු බලන් හිටියේ මුන රතු කරන් රවාගෙන. සදලි තිලිනිට හොරාවට ඇහැක් ගැහුවම තිලිනිත් සදුට ඇහැක් ගහලා ගේ ඇතුලට ගියා. ඉතින් ආපහු සදලි සිතුක අතින් අල්ලන් ඉස්සර වෙද්දි චතුත් රවාගෙන එයාලගෙ පිටි පස්සෙන් ආවා. පන්සලට ගිහින් චෛත්‍යයට මල් තියලා වැදලා තුන් දෙනාම බොධියට ගියා.
"චතු යමු වතුර පුරවන් එන්න.... අයියේ ඔයා මෙතන ඉන්න මල් ටිකත් තියන්...."
චතුගෙ අතේ තිබ්බ මල්ලත් අරන් සිතුක අතට දිලා චතුගේ අතටත් කල දෙකක් දිලා සදිලිත් කලයක් අරන් ඉස්සර වෙලා ගියේ චතුත් එ පස්සෙන්ම යද්දි. දෙන්නා පෙන්නෙ නැති වෙන්නම ගියාම සිතුක හුස්මක් පහත දලා බොධිය දිහා බලන් හිටියා. හුලගට ගහන් ආව බෝ කොලයක් සිතුකගෙ ඔලුවේ වැදිලා බිම වැටුනම සිතුක බෝ කොලේ ඇහිදලා අතට ගත්තා.
"බෝ කොළය දිහා බලන් මොනවාද කල්පනා කරන්නෙ මගේ වස්තුව....."
සිතුකගෙ පිටිපස්සෙ ඇහුන කටහඬ නිසා කල්පනාවක හිටිය සිතුක ගැස්සුන විදියට තව පොඩ්ඩෙන් එයාගෙ අතේ තිබ්බ මල් වට්ටිය හැලෙනවා. ඉතින් එ කෙනා ඉක්මනට සිතුකගෙ අත යටින් අත තියන් මල් වට්ටිය වැටෙන්න නොදි අල්ල ගත්තා.
"තීනු...."
"ඉතින් මගෙ වස්තුවට පාලු හිතුනද මන් නැතුව....."
සිතුකගෙ මුනට බර වෙලා බෙබි ඇහුව බෙබි හාමු සිතුකගෙ මුනට වැටිලා තියෙන කෙස් රොදකට කටින් පිම්බා. එ පහසටම ඇස් පිය උන සිතුක ආයෙත් ඇස් ඇරියේ ඇස් වල කදුළු පුරවන්.
"මන් හිතුවේ ඕ... ඔයා මාව... හැමදාටම අත් ඇරලා යන්න ගිහින් කියලා...."
බිදුන කටහඩින් සිතුක කිව්වේ එයාගෙ ඇස් වල පිරිලා තිබ්බ කදුළු තවත් ඇස් වලට දරා ගන්න බැරුව කම්මුල් දිගේ පහලට යද්දි.
"ඇයි මේ අඩන්නේ ම්ම්ම්.... ඔයා කොහොමද සිතු හුතුවේ මන් ඔයාව අත් ඇරියා කියලා.... ම්ම්ම්ම්.... ඔයා දන්නවනෙ මගෙ පලවෙනි ආදරෙ වගෙම මගෙ හිතට දැනුන එකම කෙනා ඔයා කියලා.... ඉතින් මන් මගෙ වස්තුව දලා යයිද....."
"එහෙනම් මොකටද බුරුවෝ එදා කියලා ගියේ.... අපෙ ආදරෙට වැඩි ආයුශ නැ කියලා එහෙම.... අනික තමුසෙ දන්නවද මාව ගෙදරින් බන්දලා දෙන්න හදනවා කියලා.... එක පාරක් ඇවිත් මගෙ හිත හදලා යන්න බැරි උනාද මන් එක්ක ඉන්නවා කියලා.... මන් කොච්චර ඇඩුවද කියලා දන්නවාද.... මැරෙන්න බැරි කමට ජිවත් උනා මිසක් පුළුවන් කමකට නෙවෙයි මන් දරාගෙන හිටියේ...."
අතේ තිබ්බ බෝ කොළය ගැනවත් ඉන්නෙ කොහෙද කියලවත් ගානක් නැතුව සිතුක අත මිටි කරලා බෙබි හාමුගෙ පපුවට ගහන ගමන් අඩ අඩ කතා කරන්න ගත්තා.
"නවත්තන්න සිතු ඔයා බෝ කොලයටත් රිද්දනවා.... පව් පිරෙයි මැනික.... කෝ ඔක දෙන්න...."
අතේ තිබ්බ බෝ කොළය සිතුකගෙ අතිම් අයින් කරලා බෙබි හාමු සිතුකගෙ නලලට හාදුවක් තිබ්බා. තිබ්බ තරහා දුක ඔක්කොම අමතක වෙලා සිතුකට හාදුවේ පහසට ඇස් පිය උනේ එයාට මේ ආදරෙ සති දෙක තුනක්ම මග හැරුන නිසා.
"ඔයා කොහෙද ගියේ තිනූ.... මම කොච්චර බය උනාද.... මම හිතුවෙ ඔයා මේ ගමේවත් ඇති කියලා... එත් ඔයා වලව්වෙනුත් ගිහින්නේ...."
"ඔය ආය කැ ගහනවනේ.... මේ අහන්නකෝ මැනික.... එදා මන් ඔයාලගෙ ගෙදරදි එහෙම කියන් ගියේ ඔයාගෙ අප්පච්චි ඔයාට මොනාහරි කරයි කියලා බය උන නිසා..... ඔයා නොදන්නවා උනාට ඔයාගෙ අප්පච්චිගෙ නංගී එක්තැන් වෙලා මැරෙන්න හෙතුව මේ වගෙම දෙයක් සිතු...."
"ඒ... ම්.. මොනවාද ඔයා කියන්නේ...."
"ම්ම්ම්ම්... ඔව් ඔයාලගෙ අප්පච්චිගෙ තරහා කරායෙක් එක්ක ඔයාලගෙ නැන්දාගෙ සම්බන්ධයක් තිබිලා එක අහු වෙද්දී ඔයාලගෙ නැන්දා එ කෙනා එක්ක යන්න පුළුවන් උපරිම දුර ගිහින් සිතු... ඉතින් එදා ආව තරහට ඔයාලගෙ අප්පච්චි නැන්දව එක්තැන් කරලා.... මට මේ දෙවල් කිව්වේ අප්පච්චි... එයා මේ ගැන හැම දෙයක්ම දන්නවා... හරිනම් අපි සතුටු වෙන්න ඔනි සිතු වෙද මාමා දැන් වයස නිසා එයාට එදා එ හැටි තරහා නොගිය එක ගැන.... හැබැයි වෙද මාමා අපේ අප්පච්චිට බෙහෙත් කරන එක නැවැත්තුවා. එ නිසා අප්පච්චිව මන් හොස්පිටල් එක්ක නතර කරා.... එ ගමන්ම මන් මෙහෙන් දුර තැනක ගෙයක් අර ගත්තා.... එ වැඩ නිසා මන් පොඩ්ඩක් බිසි උනා එකයි මට ඔයාව බලන්න එන්නවත් බැරි උනේ... එත් හරියට හෙට මේ වෙද්දි මන් ඔයාව මන් ලගට ගන්නවා මැනික.... ඉතින් ලැස්ති වෙලා ඉන්න මන් එක්කන් යන්න එනකොට... ඉතින් ඔක්කොම ඉවර වෙලා වෙලාවක් ලැබුන වෙලාවේ තමා මේ ඔයාගෙ හිත පොඩ්ඩක් හදන්න පන්සලට ඔයාව එක්කන් එන්න කියලා සදලිට මන් කිව්වේ.... ඔයා නොදන්නවා උනාට මම සදලිට හැමදාම කතා කරා..... මට කිව්වා ඔයා අඩ අඩ ඉන්නවා හරියට කැමක්වත් කන්නෙ නැ කියලා.... මට සමාවෙන්න සිතු ටික දවසකට හරි ඇත් උනාට.... ඔයා ඔහොම ඉද්දි ඇතට වෙලා හිටියට.... මම එ හැමදේම කරේ ඔයාව මගෙ ලගට ගන්න ඔනි නිසා සිතු.... ඔයා කැමති නෙද සිතු මාත් එක්ක යන්න එන්න....."
"මම කැමති බෙබි හාමූ.... මම කැමති මගෙ තිනූ...."
ඇස් වල කදුළු පුරවන් සිතුක බෙබි හාමුට තුරු උනා. බෙබි හාමුත් සිතුකව තුරුල් කරන් හිස් මුදුනෙන් හාදුවක් තියලා අයින් උනා.
"මට ආසයි සිතු එක්ක පහනක් පත්තු කරලා පාර්තනා කරන්න... අපි පහනක් පත්තු කරමුද...."
"හරි එන්නකෝ.. අපි යමු....."
බෙබි හාමුගේ අතින් අල්ල ගත්ත සිතුක හැරුණේ බොධිය ලගම තියෙන පහන් වැට ලගට යන්න එත්,
"සුදු අයියේ................
____________________________________________________
ගැත්තාට කමා කරන්න එයිලා කතාව පරක්කු උනාට. ඔයාලට කතාව අමතක වෙලා නැ නෙද.
කතාව readsලා 2k වෙලා නෙද thank you කියවන හැමොටම 🥺 ආදරෙයි ඔයාට ආයෙත් ඉක්මනට එන්න බලන්නම් හොදේ.
මම මාහි ❤️✨