I'm Your Honey... ✿|•SOPE•

By D-R-E-A-M--y-o

1.8K 319 254

Take my hand, take my whole life too. For I can't help falling in love with you...💫 HOSEOK × YOONGI 2022 / 0... More

🎾 Introduction 🎾
🍯 1 🍯
🍯 2 🍯
🍯 3 🍯
🍯 4 🍯
🍯 5 🍯
🍯 7 🍯
🍯 8 🍯
🍯 9 🍯
🍯 10 🍯
🍯 11 🍯
🍯 12 🍯
🍯 13 🍯

🍯 6 🍯

74 17 8
By D-R-E-A-M--y-o

"ඒ බන් මේ.."

"ම්ම්ම්..."

අකවුන්ට්ස් සර් 34678999 වෙනි වතාවටත් අපිව මෝටීවේට් කරන්න එයාගෙ දුක්බර ජීවිත කතාව කියන්න පටන්ගද්දි ක්ලාස් එකෙ ලමයි හය හත්සීයක් අතරේ මැද හරියෙන් වාඩිවෙලා මෙලො ලබ්බක් අවදානයෙන් අහන් නොහිටිය ටේහියුන් එකපාරම නින්දෙන් නැගිට්ට වගෙ එහාපැත්තෙට වෙලා නෝට් එක ලිය ලිය හිටිය යුන්ගිට කතා කලා..
යුන්ගි සර් ඉන්න පැත්ත බලන්ම ටේහියුන්ට උත්තර දුන්නෙ වැරදිලා හරි සර්කාරයා දැක්කොත් දෙන්නටම ස්ටේජ් එකට යන්න බඩු සෙට් වෙන බව හොදින්ම දන්න නිසා..

"අද හදිස්සියට ආව හින්දා උබට කියන්න අමතක උනා...ඊයෙ හෝසොක්ව හොස්පිට්ල් ඇඩ්මිට් කරලා.."

ටේහියුන් පෑනත් කටෙ ගහන් ඉස්සරහ බලන් කියවන් යද්දී යුන්ගි ගැස්සිලා ටේහියුන් දිහා බැලුවා..

"ඔහොම බලන්න එපා බල්ලො...ලොක්කා මේ පැත්ත බලන් ඉන්නේ..."

"මොකද අරුව හොස්පිට්ල් ඇඩ්මිට් කරල  තියෙන්නෙ.."

"සිකුරාද උබ ඌට පනිෂ් කරානෙ...ඊයෙ දවල්වෙද්දි පොරගෙ කකුල් දෙකම කැක්කුම ඇවිත්...ඇවිදගන්නත් බැරි හින්දා හවස ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න අරන් ගිහින්..අපේ එකත් ගිහින් උගෙත් කකුල් වල පේන් එක යන්න බෙහෙත් දීලා.."

ටේහියුන් එහෙම කියද්දි යුන්ගිට මහා අමුතු හැගීමක් දැනුනේ...එවෙලෙ පනිෂ් කරන්න එහෙම කරත් ඇත්තටම මෙහෙම දෙයක් වෙයි කියලා යුන්ගි හීනෙකින්වත් හිතුවෙ නැ..

"ඩොක්ටර් මොකද කියලා තියෙන්නෙ.."

"කුකීට නන් රෙස්ට් කරාම හරි යයි කියලා...හෝසොක්ටත් එහෙම කියලා බෙහෙත් දීලා..."

"එහෙනන් ඕක ටික දවසකින් හරියයි...එයාලා උනත් කරපු වැරැද්දට පාඩමක් ඉගෙනගනි..."

යුන්ගි හෝසෝක්ලට එහෙම උන එක ගානක්වත් නැ වගෙ කියද්දි ටේහියුන් ඇස් ලොකු කරන් යුන්ගි දිහා බැලුවෙ "උබ නන් මනුස්සයෙක් නෙවෙයි " කියලා වගෙ...

"අනේ ගොන් වස්සෝ...හෝසොක්ට ඩෝක්ටර් රෙකමන්ඩ් කරලා ලබන සතියෙ තියෙන ටෙනිස් ටූනමන්ට් එකට ප්ලේ කරන්න එපා , රෙස්ට් කරන්න කියලා..."

"අහ්...ඇත්තටම ද..."

"ඔව් පගෝ...තොට ඒක තමා මෙච්චර වෙලා කියන්න හැදුවෙ..."

"වෙන වැල් බයිලා නැතුව ඒක කෙලින් කියන්න එපැයි බල්ලො.."

"යකො තොට ගානක් නැද්ද...පව් යකො අර කොල්ලා.."

"ඇයි මං මැරෙන්න යැ...ඌ වැරැද්දක් කරපු හින්දා ඌට මං පනිෂ් කරෙ..."

*ළමයි එහෙනන් පොඩි බ්‍රේක් එකක් ගමු ආයෙ 10.30 වෙද්දී ක්ලාස් එකට ඇවිත් ඉන්න *

යුන්ගියි ටේයි කුටු කුටු ගගා මරාගන්න අස්සෙ සර් ඉන්ටවල් දිලා ක්ලාස් එකෙන් එලියට ගියා...ටේ පෑන් ටික පොත අස්සට දාලා වහලා යුන්ගි දිහාට හැරුනා...

"උබට ඇත්තටම ගානක් නැද්ද යකෝ...
ඇත්තමයි තොට මෙව්වා කියනවට වඩා හොදයි අර ඉස්සරහ පාරෙ දාලා තියෙන කලුගල් වල කට උලා ගත්තා නන් මං..."

යුන්ගි ටේ කිව්ව දේවල් නැහුන වගෙ බෑග් එකෙ තිබ්බ කෑම එකත් අරන් නැගිටල කන්න යන් කියලා ටේට හිසින් සන් කලා...ටේ හියුන් අතේ  බැදන් හිටියෙ වොච් එක ගලවලා කලිසන් සාක්කුවට දාගන්න ගමන් යුන්ගි පස්සෙන් ලන්ච් රූම් එක පැත්තකට ආවෙ යුන්ගිට හිතින් බැන බැන...

-------------------------------------------------------

අද ක්ලාස් යන්න ඕන නිසා හෝසොක් රැම ජන්කුකයි බාප්පයි එක්ක ගිහින් බෙහෙත් ගත්තා...ටර්ම් ටෙස්ට් ලග නිසා හෝසොක් ක්ලාස් නොගිහින් ගෙදර ඉන්නවට අප්පා ලොකු කැමැත්තක් නැති බව දන්න හින්දයි ටෙනිස් ටුනමන්ට් එකට සපෝට් කරන්න ස්කුල් යන්න ඕන නිසයි හෝසොක්ට ඕන උනෙ කොහොම හරි මේ මගුල ඉක්මනට සනීප කරගන්න..හෝසොක් කොහොමත් එක තැන ඉක්මන අකැමැති කෙනෙක්..ඒ නිසා ඇවිදගන්න අමාරු එක නිසා මේ දවස් කීපය හෝසොක්ට දැනුනෙ පිස්සු හැදිලා ඉන්නවා වගෙ...

හෝසොක් දවල් කෑම කාලා ජන්කුක් එලියෙන් තියලා තිබ්බ බෙහෙත් ටිකත් බීලා වොෂ් රූම් එකට රිංගගත්තෙ ක්ලාස් යන්න ඒ වෙද්දීත් පරක්කු වෙලා තිබ්බ නිසා..ජන්කුක් නන් කන්න ආවෙ ලෑස්ති වෙලාම නිසා කොල්ලා එහෙමම සාලෙට වෙලා ටීවී බැලුවෙ ආයෙ ගමනක් බොරුවට පඩිපෙළ නැගලා කකුල් දෙකෙ කැක්කුම වැඩි කරන්න බැරි හින්දා...
හෝසොක් ඉක්මනට නාන් ඇවිත් හොයලා තිබ්බ ඇදුමත් ඇදන් බෑග් එකත් ලෑස්ති කරන පඩිපෙළ ලගට එද්දි එවෙලෙම වගෙ ජැකී බාප්පත් කාමරෙන් එලියට ආවෙ ටවුන් එකට යනගමන් හෝසොක්වත් සුපුරුදු පරිදි ක්ලාස් එකෙන් දාන් යන්න හිතන්...

"කෝ එන්න පොඩි..."

ජැකී , පොත් බෑග් එකත් තුරුල් කරන් හිමිට  පඩිපෙල බහින හෝසොක්ව හරහට උස්සන් පඩිපෙළ බැහැගෙන පහලට ඇවිත් කොල්ලට බිමින් තිබ්බා...ජන්කුක් හිනාවෙවී බලන් ඉන්නවා දැක්කම පොඩ්ඩක් ලැජ්ජා හිතුනත් හෝසොක් ඒක එච්චර ගනන් නොගෙන ජන්කුක්වත් ඇදන් ජැකි පිටිපස්සෙම්ම ඇවිත් කාර් එකට නැග්ගා..
.
.
"පොඩි..පරිස්සමෙන් හරි ද..වැඩිය හිටගෙන ඉන්න , ඇවිදින්න එපා..කකුල් වලට හොද නැ.මතකනෙ ඩොක්ටර් කියපුවා.."

"ඕකේ ඕකේ මිස්ට ජැක්සන්..මතක ඇතුව 5 වෙද්දී එන්න ඇ..."

හෝසොක් එහෙම කියන් අදුරන කොල්ලෙක් අතවැනුවම ඌ ලගට ගියෙ ජන්කුක්ට බැහැල එතනට එන්න කියලා...

"මේ....හෝසොක්ට විතරක් නෙවෙයි යාලුවටත් එක්ක කිව්වෙ...දෙන්නම පරිස්සමෙන්..."

"ඕකේ අංකල්..."

ජන්කුක් බැහැලා එද්දි ජැකී එයාට ඇහෙන්න ෂටර් එක පාත් කරලා කිව්වා...ජන්කුක් ෂටර් එක පාත් කරලා තිබ්බා කාර් එකට එබිලා කටකාර විදියට උත්තර දීලා බනි හිනාවත් දාන් එතනින් හිමීට මාරුවෙලා හෝසොක් ඉන්න පැත්තට ආවා...

"දැන් ඉන්න පොඩි උන් නන් අන්තිමයි..
මෙච්චර හැන්ඩ්සම් මූන දිහා බලන් අංකල් කිව්වනෙ හාල්පාරු පොඩි එකා...අපේ එකාටම ගැලපෙනවා.."

ජැකී මුන කජු ලෙල්ලක් වගෙ කරන් තමන්ටම කියාගත්තා...

"ඉරිසියාකාර පොඩි උන්..."

ජැකී වන වන හෝසොක් පැත්තට යන ජන්කුක්ට හිතින් බැන බැන කාර් එක පාරට අරන් වේගෙන් ටවුන් එක පැත්තට ඩ්‍රයිව් කලෙ ඒ වෙද්දිත් යන්න හිටිය වැඩෙට යන්න හොදටම පරක්කු නිසා...

----------------------------------------------------

ඉන්ටවල් එකෙන් පස්සෙ තමා එකවුන්ට්ස් ක්ලාස් එකෙ හොදම ටික පටන්ගන්නෙ..
ක්ලාස් එකෙන් පනින උන් පැනලා ඉතුරු උන් සෙට් එක හොදට කාලා ඇවිත් නිදිමරගාතේ ගනන් හදනවා වගෙ ලොක්කට පේන්න රංගනයෙ යෙදෙනවා...
ඉස්සරහ පෝලිම්වල ඉන්න උන් ඇරෙන්න අනිත් ගොඩක් උන් හිටියෙ මොලෙ සිහි කල්පනාවක නෙවෙයි...එක්සැම් ඔන්න මෙන්න තියන් කිසිම වගක් නැතුව හැමඑකාම හෙන ආතල් එකෙ හිටියෙ..
කොහොමත් ඉතින් එක්සෑම් කට උඩට එනකන් පත්තු වෙන්නැ කියනවනෙ..

කාලා වාඩි උනාට පස්සෙ ඉදන් ටේ මෙලො සිහි කල්පනාවක් නැතුව වටෙ හිටියෙ කොල්ලො ටික වට කරන් රටෙ නැති ඕපදුප , ෆිල්ම් , ටීවි සීරීස් , අලුත් සිංදු , ස්කුල් එකෙ කෙල්ලො වගෙ මාතෘකා ගැන මාරුවෙන් මාරුවට කදේ දාන් හිටිය...උගෙ එහාපැත්තෙ හිටියත් යුන්ගි නන් පාඩමට හොදට අවදානය දීලා හිටියෙ..යුන්ගි , සර් දෙන ඔක්කොම නෝට් පිලිවෙලට ලියන හින්දා ටේ ලියන්න ලොකු උනන්දුවක් දක්වන්නැ...සමහර වෙලාවට ටේට බයත් හිතෙනවා යුන්ගි කොලවල ලියන ලියවිල්ලට සර් ක්ලාස් හැමවෙලේම කියවන එයාගෙ ජීවිත කතාවත් මූ අකුරක් නෑර ලියන් යාවී ද කියලාත්...

ටේ කයිය අතරෙ උනත් සැරෙන් සැරෙන් යුන්ගි ලග ඉන්නවා ද බලන්න වගෙ ඌ දිහා බලනවා...යුන්ගි කොහොමත් වැඩි කතා නැති හින්දා ලග ඉද්දි උස්සන් ගියත් එකෙක්වත් දන්නැ කියලා ටේ දන්නවා....

වෙනදා ඔක්කොම නෝට් ලියන එකා අද ඉන්ටවල් එකෙන් පස්සෙ ඔහෙ බලාගත්තු අත බලන් කොයිවෙලෙද ඉවරවෙන්නෙ කියලා බලන් වගෙ ක්ලාස් එකෙ ඉද්දි ටේට පොඩ්ඩක් දැනුනා මොකක්ම හරි අවුලක් බව...යුන්ගි සාමාන්‍යයෙන් සයිඩ් ගහන් ඉන්නෙ හිත හොදටම රිදුනම කියලා ටේ හොදටම දන්නවා...

"යුන්ගි..."

"..........."

"යුන්ගි.........."

"..........."

දෙපාරක්ම කතා කරලත් මූ අසිහියෙන් වගෙ ඉන්න හින්දා ටේ ඩෙස්ක් එක යටින් යුන්ගිගෙ කකුලට හොද පාරක් දුන්නා..
යුන්ගි නිකන් ඔටෝ චූන් වෙලා වගෙ කලබලෙන් වටපිට බලද්දී ටේ ආයෙත් යුන්ගිගෙ පැත්තට පොඩ්ඩක් බර උනා..

"යකො...මොන ලෝකෙද තෝ ඉන්නෙ..."

"ආ උබද ගැහුවෙ..මං බය උනා යකො.."

"මං තමා හරකො..තොට කතා කරාට ඇහෙන්නැ ලොකු මනෝපාරකනෙ..තව ටිකක් බලලා මං සර්ගෙ මයික් එක ඉල්ලන් උබට කතා කරන්න බැලුවෙ.."

"හ්ම්..."

ටේ වෙනදා එවගෙ දෙයක් කිවම මෝඩ ජෝක් කරන්න එපා බන් කියලා ලාවට හිනාවෙන එකා අද බකමූනා වගෙ මූනත් එල්ලන් ඉස්සරහ බලන් ඉද්දි ටේට මාරම අවුල්..මොනවා උනත් යුන්ගිට වදින්න ඕන එක බොක්කටම වැදිලා බව නන් ටේට මෙ වෙද්දී හොදටම තේරිලා තිබ්බෙ..

"මං උබෙන් දෙයක් අහන්නද.."

".............."

"හරකො..මං උබට කියන්නෙ..බකමූනා වගෙ ඉන්නැතුව කතා කරපම්..."

"අහපන්..."

"උබ අවුලෙන් ඉන්නෙ හෝසොක් හින්ද ද.."

ටේ කොදුරලා වගෙ කියද්දි නිකටට අත තියන් හිටිය යුන්ගි එහෙමම හැසිරිලා ටේ දිහා බලලා ආයෙ ඉස්සරහ බලාගත්තා..

"නැ...මං මොකටද අවුල් වෙන්නෙ.."

"ආ එහෙම ද පුතේ...උබ මටනෙ කොලෙ වහන්නෙ...හාකො හාකො..."

ටේට එහෙම කියලා ඉස්සර බලාගත්තෙ  ආයෙත් කතා කරත් යුන්ගිගෙන් නන් උත්තරයක් ගන්න බැරි බව දන්න නිසා...
ඌටම හිතිලා කියයිනෙ කියලා හිතන් ටේ කොලයකුත් අරන් සර් බෝඩ් එකෙ හදපු ගනන් ටික කටුවට ලියාගත්තෙ යුන්ගි ලියපු නෝට් ටිකට මේ ටිකත් දාන් මගැරුන ටික කොල්ලෙක්ට කියලා වට්සප් කරවන් හරි දෙන්නට නෝට් ටික හදාගන්න හිතන්...

"ටේ...."

"මොකො.."

විනාඩි 10ක් විතර බකමූනා වගෙ ඔහෙ හිටියෙ යුන්ගි එකපාරටම ටේට කතා කලා...කතා කරන විදියෙන්ම ටේ දන්නවා ඒ කතා කරන්නෙ විස්තරෙ කියන්න බව..ඒ නිසා කොල්ලා ජෝක් මූඩ් එකෙන් පොඩ්ඩක් බැහැරවෙලා සීරියස් විදියට කතා කලේ මුගෙ හිත මෙච්චර රිදෙන්න තරන් මොකක්ද උනෙ කියලා අහගන්න...

"හෝසොක්ට ටුනමන්ට් එක මිස් උනෙ මං නිසාද..."

ටේගෙ සැකේ හරි...යුන්ගි ඇත්තටම අව්ල් වෙලා තියෙන්නෙ අර හේතුවට තමා කියලා ටේට 100% ෂුවර් දැන්...

"ඇයි උබ එහෙම හිතන්නෙ.."

"හෝසොක්ට ඉන්ජර්ඩ් උනෙ මං පනිෂ් කල නිසා..."

"උබට පයිත්තියන්ද...උබ ඌව ඉන්ජර් කරන්න හිතන් එහෙම කරා නෙවෙයි නෙ..මේක අහම්බෙන් උබ දෙයක්..නැතුව උබේ වැරැද්දක් ඇති මගුලක් නැ..."

"තෝ අසිහියෙන් වගෙ මෙච්චර වෙලා ඕකද හිතුවෙ..."

ටේට ඇත්තටම තරහා ගියා යුන්ගි බූරු පුතානො වගෙ වාඩිවෙලා මෙච්චර වෙලා උඩබලන් කල්පනා කරලා කරලා හෝසොක්ට එහෙම උනෙ එයා නිසා කියලා හිතෙනවා කියද්දි...

"ඒ උනාට මට අව්ල් බන්..."

"හරි උබට අවුල් වගෙ නන්...ඌට පොඩ්ඩක් කතා කරලා බලපන්..එතකොට උබේ හිතට හරි යයි..."

"අනෙ මේ...එහෙම විකාර ඕන්නැ..."

*එහෙනන් ලමයි ලබන සතියේ ඉතුරු ටික බලමු...පරිස්සමෙන් යන්න කට්ටිය...ගොඩ් බ්ලෙස් යූ..*

සර් ක්ලාස් එක ඉවර කරලා හෝල් එකෙන් එලියට යද්දී ලමයිනුත් එකා දෙන්නා එලියට යන්න පටන්ගත්තා..යුන්ගියි ටේයිත් කොල්ලො ටිකට යනවා  කියලා බෑග් දෙකත් උස්සන් සෙනග පීරන් එලියට එන්න ආවා...

"අන්න ඉන්නවා කොල්ලා...මං නන් කියන්නෙ උබ කතා කරලා බලපන් කියලා..එතකොට උබෙ හිතටත් හරි නෙ.."

"මෙන්න මෙහෙ වරෙන්.."

යුන්ගි ටේවත් ඇදන් ඉන්ස්ටිටියුට් එකෙන් එලියට යන්න යද්දී ටේ යුන්ගිවත් අල්ලන් නැවතුනා..ක්ලාස් ඉවර වෙන වෙලාවට ඉන්ට්ටියුට් එක ඇතුලෙ කටකපලා සෙනග  නිසා හෝසොක් තාමත් ටේලව දැක්කෙ නැ...

"උබටනෙ කතා කරන්න බැරි මං කතා කරන්නම්...වරෙන්.."

"හ්ම්..."

ටේ සෙනග අස්සෙන් රිංගලා රිංගලා ඉක්මනට හෝසොක්ලා ගාවට ආවෙ උන් ක්ලාස් එක ඇතුලට යන්න කලින් කතාවට අල්ලගන්න හිතන්...

යුන්ගි සාක්කුවේ දාන් හිටිය පරණ තාලෙ සැම්සුන්ග් ෆෝන් එකත් ඔබ ඔබ අනිත් අය ගනන් ගන්නැ වගෙ ඉන්න සුපුරුදු ලුක් එකත් දාන් කලබලයක් නැතුව ටේ පස්සෙන් ගියා...

"කොහොමද හෝසොක් දැන්...ජන්කුක් කිව්ව ඔයා බෙහෙත් ගත්තා කියලා..."

ටේ එහෙම කියද්දි හෝසොක් ජන්කුක් අමුතු විදියට බලලා ආයෙත් ටේ දිහා බැලුව...

"අවුලක් නැ හියොන්..දැන් ටිකක් ශේප්.."

"ඩොක්ටර්ස්ලා මොකද කිව්වෙ බන්..සිරාවටම අවුලක් නැනෙ..."

"ලොකු දෙයක් නැ බන්..වැඩිය ඇවිදින්න , හිටගෙන ඉන්නැතුව රෙස්ට් කරන්න කියලා තාම කිව්වෙ...මට ලබන සතියේ තියෙන ටෙනිස් ටුනමන්ට් එකටත් යන්න බැරි වෙයි හියොන් කකුල් දෙක නිසා...ඒත් මං ඔයාලට හෙල්ප් කරන්න එන්නම්.."

"ඒකට කමක් නැ බන්...හෙට අමාරු නන් ස්කුල් එන්න එපා..මං කෝච්ට කතා කරන්නම්..උබ ගෙදර ඉදන් රෙස්ට් කරලා ඉක්මනට රිකවර් වෙයන් මොකද ඊලග පාර නන් ඔව්ව බැ උබ අනිවා මං එක්ක ප්ලේ කරන්න ඕන.."

"ෂුවර් හියොන්..."

"කුකී..අවුලක් නැනෙ උබට..."

"නැ හියොන්...මට දැන් ගොඩක් අඩුයි.."

"එහෙනන් ශේප්නේ..එහෙනන් බෝයිස් අපි යනෝ...තව හිටියොත් බස් එක මිස් වෙනවා..."

"හරි හියොන් පරිස්සමෙන් යන්න..."

"දෙන්නා පරිස්සමෙන් ඉන්න..වැඩි කරගන්නැතුව දගලලා.."

ටේ හිනාවෙවි එහෙම කියලා යුන්ගිවත් ඇදන් පාර පැත්තට දිවද්දි කුකිත් හෝසොක් එක්ක හිමින් හිමින් ක්ලාස් එක පැත්තට ආවා...

"නදකින් හාල්පාරුවා මෙච්චර එකක් වෙලා ඉද්දිවත් දැන් කොහොමද කියලාවත් ඇහුවෙ නැ පගයා...තාම අලිවංසෙන් හිතන් ඉන්නෙ..ඔහොම හිටපන්කො උනුහපුලු කොට්ටොරුවා උබට මං ඉක්මනට දෙන්නන් සබ්බුව..."

හෝසොක් ක්ලාස් එක ඇතුලට යන්න හදලා ආයෙත් හැරිලා ටේ එක්ක දුවන් යන යුන්ගි දිහා බලලා තමන්ටම මුමුණ ගනිමින් ක්ලාස් එක ඇතුලට එන්න ආවෙ ඒ වෙද්දීත් අහස කලු කරන් හීනි පොදක් ගහන්න පටන්ගත්ත හින්දා...

Dream_YO 🦋

--------------------------------------------------------

Hi Diamonds 💎 ,

කොහොමද ලමයිනෙ...😌
අද නොදි හදලත් දුන්නා ඔන්න...😌❤️

කතාව ගැන ඔයාලගෙ අදහස් , අඩුපාඩු , වෙනස්වෙන්න ඕන දේවල්  කමෙන්ට් කරන් යන්න මතක් කරලා..

ඊලග අප්ඩේට් එකෙන් හම්බෙනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න..🦋❤️

Dream_Yo 🦋
2023 / 12 / 28

Continue Reading

You'll Also Like

2.8M 185K 89
What will happen when an innocent girl gets trapped in the clutches of a devil mafia? This is the story of Rishabh and Anokhi. Anokhi's life is as...
193K 13.9K 19
"YOU ARE MINE TO KEEP OR TO KILL" ~~~ Kiaan and Izna are like completely two different poles. They both belong to two different RIVAL FAMILIES. It's...
1.8M 137K 62
"ရှင်သန်ခြင်းနဲ့သေဆုံးခြင်းကြား အလွှာပါးပါးလေးကိုဖြတ်ကျော်ခါနီးမှာမှ ငါမောင့်ကိုစွန့်လွှတ်တတ်ဖို့ သင်ယူနိုင်ခဲ့တယ်၊ လူတွေက သံသရာမှာ ရေစက်ရယ်၊ဝဋ်ကြွေး...
1M 24.1K 42
Limited Time Only: Binge this series for a chance to win FREE coins until June 2! Read 10+ chapters of this story and win 30 Coins (2000 Winners) Whi...