HIDDEN LOVE

By GayaniNisansala0

5 0 0

සැගවුණු ආදරයක සංසාරික බැදීම. "HIDDEN LOVE" More

මොකක්ද මේ කතාව ?

Episode [1]

2 0 0
By GayaniNisansala0

"අනේ කවුරුහරි උදව් කරන්නකෝ, චූටි නෝනා දගලනවා"

"මොකද මොකද මේ කෑගහන්නේ,
ඔහොම ඉන්න දගලන්න එපා ලමයෝ"

"මම පලිගන්නවා, මට කරපු හැමදේටම මම පලිය ගන්නවා"

"මිස් දගලන්න එපා තුවාල වෙයි"

"මාව අතාරිනවා, මට යන්න දෙනවා"

"යන්න ඉක්මනට ගිහින් ජන්හෝසොක් මහත්තයට කතා කරන්න"

"හරි මැඩම්"

[දුරකථනයෙන් අමතමින්]
"හෝසොක් මහත්තයා! හෝසොක් මහත්තයා! , නෝනට ආයෙත් අර අසනීපේ ඇවිල්ලා කෑගගහා දගලනවා, ඉක්මනට පොඩ්ඩක් ඇවිත් බලලා යන්නකෝ"

"හරි ඉන්න මම ඉක්මනට එන්නම්"

"කෝ y/n, කොහෙද ඉන්නේ?"

"චූටි නෝනා කාමරේ ඉන්නේ"

"කලබල කරන්න එපා, හැමෝම එලියට යන්න"

"තියාවෝ ඔයා ආවද? අපි ඌට යහතින් ඉන්න දෙන්න හොද නෑ, අපිට කරපු දේට උගෙන් පලිය ගන්නම ඕන"

[හෝසොක් y/n ගේ කම්මුල් දෙකෙන් තද කරලා අල්ලගෙන ඇස්දෙක දිහා කෙලින් බලාගෙන කවියක් මුමුණන්න පටන් ගත්තා.]

"ඈත සයුරේ තනිවී
                     ඉකිබිදිනා කිදුරියේ
  මෑත අඹරේ තනිවී
                      හඩනා කෙවිලියේ
ඔහු නොආවැයි
                 කදුලු සලනා හංසියේ
කවුරු නාවත්
           තියාවෝ ඔබ ලගයි කුමරියේ"

"හරි දැන් සන්සුන් වෙන්න y/n"

[ජේහොප් කවිය කියලා ඉවර වෙනකොට y/n ගේ ඇස්වල් කදුලු පිරිලා, ජේහෝප් y/n ගේ ඇස්වලින් වැටුණු කදුලු පිහදැම්මා]

"තියාවෝ!!!"

[y/n ජේහොප්ව තදින් බදාගත්තා, එහෙම්මම ජේහෝප්ගෙ උරහිසේ y/n සිහිය නැතුව වැටුනා, ජේහොප් ඉක්මනටම y/n ව ඇදේ හාන්සි කරලා කාමරයෙන් එලියට ගියා.]

"මහත්තයා නෝනට කොහොමද?"

"එයාට ටිකක් විවේකයෙන් ඉන්න දෙන්න. තව ටිකකින් එයා ඇහැරියි, අද කවද්ද?"

"අද දෙසැම්බර් 26 මහත්තයා"

"අද පෝය දවසක්ද?"

"ආහ් ඔව් මහත්තයා අද උදුවප් පෝය"

"ම්ම්ම්ම් මම හිතුවා හරි එහෙනම්"

"ඇයි මහත්තයා මොකක් හරි ප්‍රශ්නයක්ද?"

"නෑ මුකුත් නෑ, y/n ව පරිස්සමින් බලාගන්න, මට හදිසි වැඩක් තියනවා. මොකක්හරි හදිස්සියක් උනොත් මට කෝල් එකක් දෙන්න."

"හරි මහත්තයා"

[ජේහෝප් y/n ගේ ගෙදරින් යනවා, y/n ට දැනට මාස පහකට විතර කලින් ඉදලා මේ විදියට අසනීප වෙනවා, එක එක විකාර දේවල් කිය කිය කෑ ගහනවා, ඒ විතරක් නෙවෙයි ඒ වෙලාවට ජේහොප්ට කතාකරන්නේ "තියාවෝ" කියලා, y/n අසනීප වුනාම ජේහොප්ට විතරයි එයාව පාලනය කර ගන්න පුලුවන්]

*මං හිතුවා හරි, හරියටම පෝය දවසට තමයි y/n ට මේ විදියට අසනීප වෙන්නේ, මේකට මොකක් හරි හේතුවක් තියෙන්න ඕන, හෙට y/n ව බලලා එන්න යන්න ඕන*

[ජේහොප් එදා රෑ පුරාම y/n ගැන කල්පනා කර කරම නින්දට ගියා]

[Next Day]

" කමලා!!! කෝ මේ කමලා, මේ ඉන්නේ මගේ අම්මම්මා, හිහී"

[උදේම ඇහැරුණු y/n ගෙදර ප්‍රධාන පාලිකාවගේ කර වටේට අත් දෙක දාගෙන විහිලු කරන්න පටන් ගත්තා]

"අනේ නිකම් ඉන්න චූටි නෝනා, මම ඊයෙ හරියට බය වුනා."

"ඒ මොකද ඒ"

"ඇයි චූටි නෝනට මතක නැද්ද ? චූටි නෝනා ඊයේ දගලපු හැටි, කලින් ඔච්චර දගලව්වේ නෑනේ, ඊයෙ හොසොක් මහත්තයාටත් කතා කරන්න වුනා"

"ජේහොප් ආවද මං දැක්කේ නෑනේ?"

"හරි හරි ඒවගෙන් වැඩක් නෑ , දැන් මේ තේ එක බීලා ඉන්නකෝ"

[ට්‍රීං ට්‍රීං]

"අන්න කවුදෝ ඇවිල්ලා"

"ආ ඒ ඩිලිවරි එකෙන් වෙන්න ඇති, මම පීසා එකක් ඕඩර් කරා, හිහී"

"මම කොච්චර කියලා තියනවද ඔය කිසිම ගුණයක් නැති කෑම කන්න එපා කියලා, අනික ඕවා කොහොම කොහොම හදනවද දන්නේ නෑ, ගෙදර හදන ගුණ කෑමක් කෑවනම් මොකද වෙන්නෙ"

"කමලා දන්න තරම තමා, ගුණ නැති වුනාට කමක් නෑ රසයිනේ, කෑවත් මැ..."

"කෑවත් මැරෙනවා! නොකෑවත් මැරෙනවා!, ඒකනේ කියන්න ගියේ"

"ඔව්නේ, කමලා දැන් දියුණුවෙලානේ හිහී"

[ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං]

"හරි හරි එනවෝ!!!"
[y/n දුවලා ගිහින් දොර අරිනවා. ඇවිත් ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි ජේහොප්]

"y/n දැන් කොහොමද ඔයාට"

"ආ මේ මයෙ කොල්ලනේ, ඇයි මේ කුකුලත් අතේ තියාගෙනම, මං හිතුවෙ පීසා ඩිලිවරි එකෙන් කියලා, එන්න යමු ඇතුලට"

[Y/n ජේහොප් දෙන්නා ගෙදර ඇතුලට ගියා]

"Good morning හෝසොක් මහත්තයා!"

"Good morning කමලා! කෝ අද අනිත් maid නැද්ද?"

"නෑ ඊයෙ එයා හොදටම බයවෙලා. ගමේ ගිහින් එන්නම් කියලා ගියා, පව් කෙල්ල හොදටම බයවෙලා හිටියේ"

"ම්ම්ම් එහෙමද?"

"අයියේ! තේ එකක් බොමුද?"

"එපා y/n මම උදේට කාලත් ආවෙ, ඔයා බොන්න"

[y/n තේ එක බීලා ජේහොප් එක්කම කාමරේට ගියා]

"අනේ අයියේ, බලන්නකෝ කැම්පස් එකේ History project එකකට කෞතුකවස්තු ගැන හොයන් එන්න කිව්වනේ, පොත්වලින්, ගූගල් එකෙන් හොයන්න එපාලු, ඒ ඒ තැන් වලට ගිහින් විස්තර හොයාගෙන එන්නලු, මට එපාවෙලා තියෙන්නේ, කවුද මන්දා ඉතිහාසය හොයාගත්තේ, ආආහ්!!!"

"ඉතින් ගිහින් විස්තර හොයන් එන්නනේ තියෙන්නෙ, ෆොටෝ ටිකක් එහෙම ගහගෙන එන්න"

"මම කාත් එක්කද යන්නේ, අයියත් ඉතින් හැමවෙලේම බිසීනේ, තාත්තාටත් ඕවට වෙලාවක් නෑනේ, කමලත් එක්කද මට යන්න කියන්නේ?"

"හරි මම එන්නම්කො ඔයත් එක්ක යන්න"

"මගෙ සුදු අයියා, තැන්කිව්!! තැන්කිව්!! තෑන්කිව්!!!! උම්ම්ම්ම්ම්මා!"

[එහෙම කියලා y/n ජේහොප්ගේ කම්මුලට කිස් එකක් දුන්නා.]

*මේ කෙල්ලනම්*

"කවද්ද යන්නේ?"

"හෙටනම් මම ෆ්‍රී"

"ආ හොදයි, එහෙනම් හෙට යමු, අපි මුලින්ම සෝල්වල තියෙන ප්‍රධාන කෞතුකාගාරයට යමු"

"මම හෙට උදේම එන්නම් ලැස්ති වෙලා ඉන්නකෝ."

[y/n පොත් මේසයේ ඉදගෙන project එක ගැන පොත් බලනවා, ජේහොප් ඇදේ ඉදගෙන y/n දිහා බලාගෙන ඉන්නවා ]

"y/n! ඔයා හොදින් නේද?"

"ඔව්!"

"ඊයේ මොකද වුනේ?"

"ඇයි අයියේ? මොකද වුනේ?"

"ඔයාට මතක නැද්ද?"

" නෑ"

"ඇත්තටම ඊයෙ වෙච්ච කිසිම දෙයක් ඔයාට මතක නැද්ද ?"

"නෑ අනේ"

"හ්ම්ම්ම්, y/n මම දැන් යන්නම්, office  එකට යන්න වෙලා යනවා"

"හරි අයියේ, බායි"

"බායි"

✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅කොහොමද ළමයි ආරම්භය හොදයිද?
ඔයාලගෙ අදහසුත් කමෙන්ට් කරන්න.
Episode 2 ඉක්මනටම දාන්නම්.
දිගටම කියවන්න.
එහෙනම් ඊලග Episode එකෙන් මුණගැගෙමු.

Love you ❤ bye...

✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
       AUTHOR | A.G.G.NISANSALA
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

Continue Reading

You'll Also Like

83.1K 10.5K 26
This is the sequel of RRR, so new readers please read it before starting this book. Agneya, the soon to be crown prince of Rakshatra, was bounded by...
415K 16.9K 122
It all started when Princess Catheline married the dangerously attractive and recently crowned King of Anthreal, Xander. After their marriage, he ne...
76.9K 2.6K 66
𝑨𝒏 𝒂𝒖𝒕𝒉𝒐𝒓 𝒘𝒉𝒐 𝒇𝒊𝒏𝒅𝒔 𝒉𝒆𝒓𝒔𝒆𝒍𝒇 𝒊𝒏 𝒉𝒆𝒓 𝒐𝒘𝒏 𝒄𝒓𝒆𝒂𝒕𝒊𝒐𝒏. 𝘙𝘦𝘯𝘦𝘦, 𝘢 𝘵𝘸𝘦𝘯𝘵𝘺-𝘧𝘪𝘷𝘦 𝘺𝘦𝘢𝘳 𝘰𝘭𝘥 𝘴𝘦𝘭𝘧...
My Sin By XxMeixiangxX

Historical Fiction

1.7M 69.8K 66
Liu Quiaqio, the Empress of the Jin Dynasty has given his heart, soul, and body to the emperor, he loved him to the point it exhausted him, but the c...