Baby Sitter ✨️❤ ( Completed )

Від Mis_Tiger_Lili_95

3.1K 523 161

සෑබෑ ආදරය හඳුනා ගැනීමට නොහැකි වූ තරුනයෙක්... මවගේ ආදරය සොයන සිගිත්තෙක්... අහම්බෙන් ඔවුන් වෙන එන සුරදූතයෙක්... Більше

Intro
01.
02.
03.
04.
05.
06.
07.
08.
09.
10.
11.
12.
14.
15.
16.
17.
18.
19.
20.

13.

142 26 10
Від Mis_Tiger_Lili_95

නම්ජුන් ජින් දෙන්නාට දෙන්නා ආදරේ කරන බව පිලිගත්තා.. හැමෝටම හොරෙන් පුන්චි පුන්චි හාදු... නම්ජුන් වැඩට ගිහින් එනකොට ගේන තෑගි... දෙන්නා අතර නොසෑහෙන හුවමාරු උනා... ජින් කෝස් එකට යන හැමදවසකමත් නම්ජුන් ජින්ව ගන්නත් දාන්නත් පුරුදු වෙලා හිටියා.. එයාලගේ කතාව ඇතුලේ මේවා සාමාන්‍යයි...

අදත් ජින් කෝස් එකට යන දවසක්.. මෙහෙම දවස් වලට ටේ බබාව දාලා යන එක තමා කරන්න අමාරුම වැඩේ... පුන්චි කාලේ වගේ නෙවෙයි ටේ බබාව මගඇරලා ජින් යන එක කරන්න මාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්.. ඉතින් ජින්ව දාන්න නම්ජුන් යනකොට ටේ බබාවත් අරන් ගිහින් ජින්ව බස්සලා අප්පායි පුතයි රවුමකුත් ගහලා තමා ගෙදර යන්නේ.. මේ අතර ටේ බබා හොදට අප්පාගේ පර්ස් එකත් සුද්ද කරනෝ🤭

අදත් ඉතින් ඔන්න හවස් වරුවේ නම් ටේව කෝමහරි ශේප් කරලා නම්ජුන් ආවා ජින්ව ගන්න.. එනකොට කොල්ලා එලියට වෙලා බර කල්පනාව.. නම්ජුන් ආවද කියලාවත් ජින්ට ගානක් නැහැ.. ඉතින් නම්ජුන් වාහනෙන් බැහැලා ජින්ට කතා කලා.. එකපාරටම කතා කරපු නිසා ජින් ටිකක් ගැස්සුනා..

💙  මොකද ලමයෝ මේ..  ගෙදර යන්නේ නැද්ද ම්ම්..

🤎  ආ... හියුන් ආවාද.. යමු එහෙනම්..

💙  ආවද තමා.. මං මෙතන වාහනේ නවත්තනකනුත් සිහියක් නෑ.. කවුරුහරි උස්සන් ගියානම් තමා වැඩේ..

🤎  උස්සන් ගියාට කමක් නෑ කන්න බොන්න වෙලාවට ඕනේ හොදේ😌

💙  අනේ මොකට කියනවද.. නැගපන් බන් ගෙදර යන්න...

නම්ජුන් එහෙම කියාගෙන වාහනේට නැග්ගා ජිනුත් එහා පැත්තෙන් නැග්ගා... යනගමන් ජින් ආයේ කල්පනාවක.. නම්ජුන් බැරිම තැන ඇහුවා..

💙  මොනාද මැනික ඔච්චර කල්පනාව..

🤎  මේ මේකයි හියුන්..

💙  කියන්න ලමයෝ..

🤎  හියුන් මගේ කෝස් පීස් එක ගෙව්වද😕

💙  අනේ නෑනේ.. මාත් මේ ඒක ගෙවලා දාන්න බැලුවේ.. ඇයි මොකක්ද ප්‍රශ්නේ😕

🤎 නැහැ හියුන් මං අද මේ මාසේ පීස් එක ගෙවන්න ගියාම කවුරුහරි මගේ අවුරුද්දෙම පීස් එක ගෙවලා.. අනේ මන්දා..😕

ඒක කිව්වම නම්ජුන්ට උනත් පුදුමයි.. අවුරුද්දේම පීස් එක ගෙවලා කියනකොට.. ඕක ගැන හිතන ගමන් දෙන්නම ඉතින් ගෙදර ආවා.. ආපු ගමන් ජින් ගියේ වොශ් එකක් දා ගන්න... නම්ජුන් එහෙම්මම සෝෆා එකේ වැටිලා කල්පනාව....

💙  'කව්ද ජිනීගේ පීස් එක ගෙවන්න ඇත්තේ.. මොකෙක් හරි එකෙක් ආයේ මගේ කොල්ලාගේ ඇගේ එල්ලෙන්නද දන්නේ නැහැ හදන්නේ😒 සොන්හා වෙන්න ඇද්ද.. නැ නෑ ඌ හිරේනේ.. අනේ මන්දා.. මට පිස්සු🥲 ´

👵  මොනාද පුතා ඔය හැටි කල්පනාව..

💙  නෑ ඔම්මා ජින්ගේ මේ අවුරුද්දේම කෝස් ෆීස් එක කව්රු හරි ගෙව්ලා... මං මේ කල්පනා කලේ කව්ද කියලා😕

👵  ඉතින් ඒ ළමයාගේ ෆීස් එක ගෙව්ව කෙනා කවුරු උනත් ඔයාට මොකෝ ආ..😏

💙  නෑ ඉතිම්.. මේ ඉතින්.. නිකන් ඉතින්..

👵  ඔය ඉතින් ගෑවිල්ල ඇති ඔයත් යන්න වොශ් එකක් දාන් එන්න..

💙  හරි ඉතින්🥲

නම්ජුන් යන දිහා මිසිස් කිම් බලන් හිටියේ හිනාව තද කරන්.. නම්ජුන් කොහොමත් ජින් ගැන හොයනවා වැඩී කියන එක කිම් මැන්ශන් එකේ කවුරුත් දන්න රහසක්.. මිසිස් කිම්ගේ උනත් ඒකට අකමැත්තක් නෑ..

( a/n සෝයි නැන්දම්මා නේද ඒයි🤭)




ඔය විදියට කාලය ගෙවිලා ගියා.. හැමදේම සාමාන්‍යයි හරියට කුණාටුවකට කලින් තියෙන නිහඬබව වගේ..

👩🏻‍🍳  ලොකු නෝනා ලොකු නෝනා..

👵  මොකද මේරි මේ කෑගහන්නේ..

👩🏻‍🍳  ලොකු නෝනා ශින් මහත්තයාලා එනවා.. 

👵  මොනවා.. කෝ බලන්න... මේරි ජුන්ට කෝල් කරලා ගෙදර එන්න කියන්න..

මේරි අජුම්මාට එහෙම කියන ගමන් මිසිස් කිම් ගියේ ශින්ලාව බලන්න.. යනකොට සාලේ ශින්, එයාගේ වයිෆ් වගේම සන්මිත් හිටියා... ජින් ටිකක් එහාට වෙන්න ටේවත් වඩාගෙන ඉන්නවා... මිසිස් කිම් ජින් ලගට ගිහින් ජින්වත් එක්කන් ශින්ලාගේ ඉස්සරහා සෝෆා එකෙන් වාඩි උනා..

***************************

🦏  Mr. Shin

🦝  Miss Shin

💮 Sangme

***************************

👵  ඔප්පා මොකද හදිස්සියෙම මේ පැත්තේ..

🦏  ඇයි දැන් මං මගේ නන්ගිව බලන්න එන්න අවසර ගන්න ඕනෙද... කෝ නම්ජුන් පුතා නැද්ද..

👵  පුතා ඔෆිස් ගිහින් ඔප්පා.. ඔප්පා ආපු කාරනාව...

🦝  අනේ නන්ගි ආපු වෙලේ ඉදන් කාරනාව අහන්නේ😪 ඇයි අපි පිට මිනිස්සුද..

👵  අනේ නැහැ ඔන්නි ඔයාලා ඉතින් මේ පැත්තේ එන්නේ මොනාහරි කරගන්න තියෙනවානම් විතරනේ😒

💮  නැන්දේ ඔයා කොහොමද ඔහොම අපි ගැන කතා කරන්නේ.. පොඩ්ඩක් ගරු කරලා කතා කරන්න..

💙  තමුන් මගේ ඔම්මට ගරු කරලා කතා කරනවා සන්මී...

නම්ජුන් එනකොටම මිසිස් කිම්ට සන්මී සද්දෙන් කතා කරනවා ඇහුනාම තරහා ගියා.. ඒ සද්දෙන්ම නම්ජුනුත් කතා කලාම හැමෝම ඒ පැත්ත බැලුවේ ගැස්සිලා...

🦏 ආ පුතා නන්ගි කිව්වානේ පුතා ඔෆිස් ගිහින් කියලා..

💙  ඔව් සම්චුන්.. ඒත් එකපාරට කෝල් එකක් ආවානේ මරාලයක් කඩාපාත් උනා කියලා.. ඉතින් ඉක්මන්ට ආවා..😁

නම්ජුන්ගේ කටකැඩිච්ච කතාව අහන් ශින් ඉවසීමෙන් හිටියේ කලබල වෙලා ආපු වැඩේ කඩාකප්පල් කර ගන්න බැරි නිසා.. නම්ජුන් ඇවිත් ජින්ගෙ එහා පැත්තෙන් වාඩි වෙන ගමන් ආයේ ශින්ගේ පැත්තට හැරුනා..

💙  සම්චුන් ආවේ😕

🦏  ආපු වෙලේ ඉදන් අහන නිසා කියන්නම්කෝ...

💙  ආ ඒක හොදයි මොකද අපිට තව වැඩත් තියෙනවා..

🦝  පුතා යුන්හිත් එක්ක ඩිවෝස් උනාලු නේ...

💙  ආ නැන්දා දැනන් හිටියේ නැද්ද😕 සන්මී නම් ඩිවෝස් එක හම්බෙන්න කලින් ඉදන් දන්නවානේ...

ශින්ලා අහන අහන ප්‍රශ්නෙට කනට ගැහුවා වගේ උත්තර දෙන නම්ජුන් නිසා ශින් තරහාව පාලනය කරන් හිටියේ බොහොම අමාරුවෙන්.. මොනා කරනද ගොඩ යන්න ඕනෙනම් දැන් නම්ජුන් කියන දේවල් ඉවසන්න ඕනේ.. එහෙම තමයි ශින් හිතුවේ..

💮  මොනාද ඔප්පා ඔයා ඔය කතා කර විදිය.. නිකන් හතුරෙක් එක්ක කතා කරනවා වගේනේ..

💙  අනේ ඇත්තද සන්මී.. ඒත් ඉතින් මේ මගේ විදියනේ..

🦏  හරි පුතා අපි ආපු කාරනාව බලමුකෝ...

💙 කියන්න සම්චුන්...

🦏  පුතා දැන් යුන්හිත් එක්ක ඩිවෝස් උන එකේ දරුවා ගැනත් හිතලා තීරණයක් ගත්තානම් හරි නේද.. නන්ගි මොකද කියන්නේ..

👵  ඇත්තටම අයියේ මං ඒක දැනටමත් හිතලා ඉවරයි..

🦝 මොකක්.. නන්ගි මොනාද කියන්නේ..

👵 පුතා ටේ බබා තාම චූටී.. එයාට ඔම්මා කෙනෙක් ඕනේ.. මං මේක කියන්න ඩිවෝස් එක ඉවර වෙනකල් බලන් හිටියේ.. පුතා මොනාද හිතන්නේ මේ ජින් පුතා ගැන.. පුතා කැමති නම් මං ජින් පුතාලාගේ ඔම්මා එක්ක කතා කරන්නම්..😊

🤎  මැඩම්😳😳

🦝  නංගී ඔයා ඔය හොද සිහියෙන්ද කතා කරන්නේ.... කොල්ලෙක්ට අපේ නම්ජුන් පුතාව බන්දන්න යන්නේ.. රටේ මිනිස්සු මොනා නොකියයිද.. පිස්සු හැදීගෙන එනවාද.😠

👵 මං හොද සිහියෙන් කතා කරන්නේ අක්කේ.. ටේ බබාට ජින් තරම් හොද අම්මා කෙනෙක් කොහෙන්වත් ලැබෙන්නේ නැහැ.. පුතාලා කැමති නම් මං මේ කටයුත්ත කරන්න දෙපාරක් හිතන්නේ නෑ😌 අනික ජින් පුතා පිරිමි ළමයෙක් කියන එකනම් ප්‍රශ්නේ.. අද කාලේ ඒක සාමාන්‍යයි අක්කේ.. මෙතන නැති ප්‍රශ්න හදන්න එපා..

වැඩේ සම්පූර්ණයෙන්ම කනපිට ගැහුවා කියලා ශින් පවුලටම තේරුනා.. නම්ජුන්ටනම් ලොතරැයියක් ඇදුනා වගේ.. පිටට නොපෙන්නුවට හිත ඇතුලෙන් බ්‍රේක් ඩාන්ස් දානගමන් නම්ජුන් ඉන්නෙ.. ජින්ට නම් මිසිස් කිම් කියපුවා හීනයක් වගේ.. ටේවත් තුරුල් කරගෙන උනේ මොකක්ද කියලා ජින් තාම කල්පනා කරනවා😕 මේ ඔක්කෝම අතරේ සන්මී නම්ජුන් ලගට ඇවිල්ලා..

💮  ඔප්පා මං ඔයාට ආදරෙයි ඔප්පා.. ප්ලීස් ප්ලීස් මට එක අවස්ථාවක් දෙන්න.. මං පුතුටත් හොද ඔම්මා කෙනෙක් වෙන්නම්.. අනේ ඔප්පා මට එකම එක අවස්ථාවක් දෙන්න..🥺

සන්මි කියපු වචනයක් ගානේ නම්ජුන්ට ඇති උනේ අනුකම්පාවක්.. ඒත් ඒකට නම්ජුන්ට කරන්න දෙයක් නැහැ.. මොකද මේ වෙනකොට නම්ජුන්ගේ හිත අහම්බෙන් එයාගේ ජීවිතේට ආව සුරදූතයෙක් අයිති කරන් ඉවරයි..

💙  මට කනගාටුයි සන්මී ඒත් මට ඔයා ගැනත් දැනෙන්නේ ජෙනී ගැන දැනෙන විදියටමයි..

🦏  ඇති හොදටම ඇති.. සන්මී මෙහෙ එනවා..

ශින් තරහෙන් කතා කලේ.. නම්ජුන් ලග හිටිය සන්මීව තමන් ලගට ඇදල ගන්න ගමන් ශින් නම්ජුන් දිහා බැලුවේ ගිනි පිටවෙන ඇස් වලින්...

🦏  මං මේක ලේසියෙන් අමතක කරන්නේ නෑ.. කොහෙවත් ඉන්න කොල්ලෙක් ලොකු කරන් මගේ දුවට කරපු අවනම්බුව මං අමතක කරන්නේ නෑ.. ඒක හොදට මතක තියාගන්නවා..😠

👵  ඔප්පා අපි ඔයාටවත් සන්මීටවත් මෙතන වචනයක්වත් කිව්වේ නෑ.. ප්ලීස් මෙතන ප්‍රශ්න ඇති කරන්න එපා..

🦏  ප්‍රශ්න ප්‍රශ්න තාම පටන් ගත්තේ නෑ... ඉස්සරහට බලන් ඉන්නවා.. මං මේ ඔක්කෝම නැති කරන හැටි..

💙  හරි සම්චුන් බලමු ඔයා මේවා නැති කරන්නේ කොහොමද කියලා... ඒක කරන්න කලින් මතක තියාගන්න ඔයා අපිට කරපු දේවල් වලටත් අපි නිකන් ඉන්නේ නෑ කියලා.. අප්පා නැති උනාට පස්සේ අපේ කම්පැනි එක අයිතිකරගන්න ගහපු ගේම් සාක්ශිත් එක්කම මං ළඟ තියනවා.. ඒ වගේම ජින්ගේ නන්ගිව කිඩ්නැප් කරපු ඒවා ගැනත්😠 සම්චුන්ට ඕනේ ඒ හැමදේම මගෙන් පිටට ගන්න නම් ප්‍රශ්නයක් නෑ😒

නම්ජුන් කියපු දෙවල් එක්ක ශින්ගේ කට නිකන්ම වැහුනා.. තවත් එතන ඉදන් තියෙන නම්බුවත් නැති කර ගන්න ඕනේ නැති නිසා ශින් ෆැමිලි එකම කිම් මැන්ශන් එකෙන් යන්න ගියා.. ආයේ කාලෙකට ශින් ෆැමිලි එකෙන් නම් එයාලට කරදර අඩු වෙයි.. සමහර විට සදහටම😊





_____________________________

ඔන්න ප්‍රශ්න ඉවරයි..

එහෙනම් බායි හැමෝටම... පරිස්සමෙන් ඉන්න අසනීප වෙන්න එපා😊💜️

Vote කරන්ඩෝ... comment කරන්ඩෝ... කලින් Vote comment වලට තැන්ක්යු.. ඔයාලාගේ කමෙන්ට් වලින් තේරෙනවා ඔයාලා මගේ කතාව ආසාවෙන් කියවනවා කියලා...ඇත්තටම තෑන්ක්ස් හොදද🥺 ආදරෙයි ඔයාලාට...

Mis tiger Lili ✍️💖

Продовжити читання

Вам також сподобається

153K 7.7K 16
ကမ္ဘာပေါ်မှာ လူပေါင်း billion ချီပြီးရှိနေလည်း ကျွန်မအကြည့်တွေက ရှင့်တ​ယောက်အတွက်သာ။
589K 36.8K 73
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...
26.9M 1.1M 42
she dreads to get to school because of one name. ; high school au, tsundere!taehyung lmao » under edit » #4 in fanfiction on 171222
Daddy | n.j Від :/

Фанфіки

3.6M 182K 30
In which Jin receives some not so innocent DMs on Instagram.