Un(locked )_Gl

By NethmaDissanayake

3.3K 433 775

✨️....🌙 More

පෙරවදනක්!
1 වෙනි කොටස ♡
2 වෙනි කොටස ♡
4 වෙනි කොටස ♡
5 වෙනි කොටස
6 වෙනි කොටස ♡
7 වෙනි කොටස ♡
8 වෙනි කොටස 💜
9 වෙනි කොටස ♡
10 වෙනි කොටස ♡
11 වෙනි කොටස ♡

3 වෙනි කොටස ♡

239 36 62
By NethmaDissanayake

ගම්පහ ඉඳන් high way එකෙන් දාල නුවරට එන්න අපිට පැය දෙකක් විතර යන්න ඇති....ඒ පොඩි කාලේ අස්සේ car එක අස්සේ වැඩිපුරම ඇහුනේ ඉස්සරහ ඉන්න ජෝඩුවගෙ කච බචේ..ඒත් ඊට වඩා සද්දයක් මගේ ගැහෙන පපුවේ අස්සේ මට දැනුනා...

පාන්දර තිබ්බ අදුරු සීතල ගතිය ටික ටික ඈත් වෙලා දැන් ඉර පායගෙන ඇවිත්.. දැන් උදේ 8 30 පහු වෙලා..එහෙට ලාවට උදේ වැස්සක් තිබ්බට මෙහෙට නම් වැස්සක ලකුණක් වත් නෑ..ලා කහ පාට උදේ ඉර එළිය ෂටර් එක උඩින් ඇවිල්ල car එක අස්සේ උණුසුම් කරා.

ලා රෝස පාට එක්ක සුදු පාට mix වෙච්ච නුවර අහස යට අපි මේ ඉන්නෙ. මෙච්චර වෙලා එයා තෝරපු playlist එක එක්ක කිසිම කතා බහක් නැතිව නුවරටම ආපු මං ඒ playlist එකෙ සැරින් සැරේ අතරින් පතර play වෙච්ච මං ආසම k pop song ඇහෙද්දි පුදුම වෙලා එයාගෙ දිහා බැලුවත් එයා හිටියේ ඇස් දෙක පියාගෙන ....ඒ කියන්නේ එයත් ඒවා අහනවා...

ටිකකට කලින් ගලවලා අතට ගත්ත එයාගෙ ear bud එක එයාට දෙනකොට එයාගෙ මූණේ තිබුණේ මොන වගේ හැඟිමක්ද කියලා තවමත් මට හිතාගන්න බෑ...ඒත් ඒ messy hair එක හැමදාම වගේ මාව පිස්සුවක් කරා...

එකක් විශ්වාසයයි...එයා මං වගේ ලේසියෙන් කෙනෙක් එක්ක බොක්ක දීලා ගනුදෙනු කරන social character එකක් නෙවෙයි... ඒත් Idk she is fking cool...

නුවර කියන්නේ කවි පද ලියන්නොන්නට, කතා ගොතන අයට, සින්දු කියන ලියන අයට අර හද වගේම විසාල topic එකක් වෙද්දී නුවර අහස යට මම ඉන්න පළවෙනි වතාව මේක නොවුනත් අද මට දැනුනෙ වෙනදා නොදැනුන වෙනස් හැගිමක්...සමහරවිට එයා මගේ එහා පැත්තෙ ඉන්න නිසා වෙන්න ඇති...

සාදිලා ගෙදර තිබුණේ පේරාදෙණියේ...අපි එහාට යද්දිත් එයාලා මිදුලේ තවත් වාහන දෙක තුනක් නවත්තලා තිබුණා... එකක් නම් උන්ගේ වාහනේ ..මේ නම් අපි බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි..සාදියා අපිවත් surprise කරන්න වගෙ යන්නේ..

අපේ car එකෙ horn සද්දේ එක්කම සාදි දුවගෙන ඇවිත් gate එක ඇරියා..තවමත් උදේ නිසා සාදි හිටියේ පිජාමා කිට් එකෙන්..ඕකි ඔහොම්මයි..පෙරේති..හැබැයි මෙහෙමයි මමත් එච්චර තමා...

අයාන් කිෂා එක්ක ඉස්සෙල්ලා බැස්සා..ශව්ත් බැස්සට පස්සේ මමත් bag ටික අරගෙන බැහැ ගත්තා...ahh fk මේ ගවුම එක්ක බෑ අයියෝ...

"ඒ යාන්...කෝ බල්ලො අපේ අකී...උඹ දාල ආවද මගේ පිස්සව.... අම්මාආආආආ කවුද බොලේ මේ නිම්ලිය..."??

ආආආ...මං කිව්වේ මං කිව්වේ මාව මුන්ට විහිලුවක් වෙනවනේ ඉතිං...මාව red colour wow වෙනවා..මං ෂේප් එකේ සාදිගේ අත කොනිත්තලා ඒකිව ළඟට ඇදලා ගත්තා...

"කට වහගෙන හිටපන්කෝ උට්ටො...රෙදි ලෙෆ්ට් කරන්නෙ..."?

මං රහසින් කියද්දී ආයේ මේකි වටපිට බලලා මගේ කණ ගාවට ලං වුණා..

"සිරාවට සුදු නෝනා උඹ හෙන feminine බං..ඔහොම...අද නුවර යට වෙන්න වහීද මන්දා....ඔහොම තෝ ඇදලා...what wrong with you අකී darling..."?

"එහෙම පකක් නෑ...පිස්සු උඹලා ඔක්කොටම..."

ඒත් මගේ වෙනස මගේ බොක්කේ යාලුවට නොතේරෙන්නේ නෑ බන්...

මං පෙරමුණ අරගෙන ගෙ ඇතුළට යන්න ගියත් ගෙ ඇතුළෙ ඉඳන් දුවගෙන ආපු තවත් කෙනෙක් නිසා මගේ mood එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ගියේ හරිම පොඩි වෙලාවක්...

"Oh nooo ...සාදිගේ යාලුවෝ ඇවිත්...මෙයා මේ පාන්දර ඉඳන් බලාගෙන ඉන්නේ..where is my one..."?

කවුද බොලේ මේ..සිරාවට මට අදුර ගන්න බැරි වුණා එකපාරටම...ඒ ටානා...medical faculty එකෙ අපේ සාදිගේ රූමි...සැබෑ වෙනසක්..මේකි හිටියේ මෙහෙම නෙවෙයිනෙ...මෙහෙමයි බොරු කියන්න ඕනි නෑනෙ..ටානා ලස්සනයි..සුදුයි..fashionable..ඒක හරි..එත් දැන් over ගිහින් වගේ...ඉස්සර මං දන්න ටානා මෙහෙම නෑ..

දණිස් වලට අඟල් 3 ක් විතර උඩින් තිබුණු පොඩි short එකට පපුවේ බාගයක් උඩින් පේන skinny type උඩ top එකක් ඇදගෙන හිටිය ටානාගේ blonde කරපු කොන්ඩෙ උරහිස ගාවින් ටිකක් දිගට පහලට තිබ්බා..එයා මං තරම් කෙට්ටු නෑ..but ටිකක් ලාවට මහතයි...සාදි තරම් නෑ...හැබැයි ටානා මට වඩා කොටයි...but මං දිව්රනවා...ටානාට වඩා මට අපෙ එකාගෙ කිෂා ලොවෙත් හොඳයි කියලා...

මේ උදේ පාන්දරත් මේකි ටිකක් තද ලිප්ස්ටික් එකක් ගාගෙන හිටියා... මගේ දිහා ටිකක් පුදුම වෙලා වගෙ බලලා ලාවට හිනා වෙලා මේකි කෙලින්ම දිව්වේ පිටිපස්සට ...ඒත් ඇයි...මට නොදැනුවත්වම මගේ බෙල්ල පිටිපස්සට හැරුනා...

"ශව්...ශව්..ශව්....එහෙනම් ඔයා ආවා...බොරුනේ කිව්වේ එන්න බෑ ගගා...Aunty මට කිව්වා කොහොම හරි ඔයාව එවනවා කියලා ..අම්මෝ after long time bro...miss you soo much..."

ටානා උඩ පැන ගෙන ගිහින් ශව්ව hug කරද්දි..මෙච්චර වෙලා මං නොදැක්ක ලස්සන අර ඉඳලා හිටලා එන හිනාව මං එයාගෙ ආඩම්බර මූණේ දැක්කා...මේකි hug කරනවා නෙවෙයි ඇඟේ එල්ලිලා...Wtf මේ මොන මගුලක්ද...but wait..ඔයා මොකද කලබල වෙන්නේ අකීද්....

මං දැක්කා ශව්ගේ අත් ටානාගේ ඉණ වටේම තද වෙනවා...අනික එයාගෙ වුණත් කිසි අකැමැත්තක් තිබුණේ නෑ ඒකට...මට දැනෙනවා මගේ නහය අග හෝ ගාල දනවා ..මං තොල් තදින් හපා ගෙන වේගෙන් ඉස්සරහ බලාගෙන ගෙ ඇතුලට යන්න ගියත් ආයේ මාව ගල් පර්වතයක් වගේ දේක ඩාආම් ගාල හැප්පුනා...

"ඌඌඌඌයි...."

"අයියෝ...අකී...are you ok...අනේ sorry...මං දැක්කේ නෑ..බන් "

Oh my fking god..සාදියා campus යාලුවෝ ඔක්කොම බස්සවලා අපිට මාරම සුපර් surprise එකක් දෙන්න වගේ යන්නේ.මේ ඉන්නෙ නිකේල්...මගේ වෙන්ඩ මස්සිනා කිවුවොත් හරි.. මේ අපෙ සාදියගේ one and only boyfii...

"Ohh..it's ok මස්සිනේ........පස්සේ කතා කරමු හරී.....excuse me..one second please..."

මම නිකේල්වත් පෙරළන් කෙලින්ම ඇතුළට දිව්වේ තව මොන මොන මරාල හම්බවෙයිද කියලා හිතාගෙන..මං කෙලින්ම ගියේ ඕන මගුලක් වෙන්න සාදිගේ room එකට .මොකද මට මේ ගෙදර නුපුරුදු තැනක් නෙවෙයි..හොඳ වෙලාවට room එකෙ කවුරුත් නෑ..

මගේ bag එක ඇද උඩට විසික් කරලා මම දඩොස් ගාල එහෙම්මම ඇදේ වාඩි වුණා ..මං දන්නවා මගේ අත් වේවලනවා කියල...ඒ කේන්ති ගියාම..එහෙම වෙනවා මට..මම ලොකු හුස්මක් අරගෙන පිට කරා..

ඇද උඩ තිබ්බා සාදිගේ ලොකු වතුර බෝතලේ අරගෙන බීගෙන බීගෙන බීගෙන ගිහින් මම එහෙම්මම ටිකක් හිටියා...දන්නවද මගේ පපුව ගොඩක් වේගෙන් ගැහෙනවා...ඒ විතරමයි කියන්න බෑ...එතන...එතන..ලාවට රිදෙනවා...මගේ අත් මිට මෙලවෙනවා...මම තදින් තොල් දෙක හපලම ලිප්ස්ටික් ඔක්කොම දැන් මගේ බඩේ වෙන්න ඇති..

ඒත් මොකද මේ...මොකක්ද අකීද් මේ ඔයාට වෙලා තියෙන්නේ..hell නො...කියන්න එපා ඔයාට ඉරිසියා හිතිලා කියලා...ටානාගෙ අම්මත් lecture කෙනෙක්..අනික ඒ professor හේමා මැඩම්ගෙ හොඳම යාලුවෙක්..Sooo ටානා ශව් හොඳ යාලුවෝ...වෙන්න ඇති...

ඒත් මට වැඩක් නෑ...මොකද මට දැනුනෙ එතන ඊට වඩා දෙයක්....

"අකී....මොකද මේ...උඹ හොඳින්ද.."?

ඒ අයාන්...ඌ මාව හොයාගෙන ඇවිත්...

"කිෂාලා කෝ..."?

"සාදි girl ලා ඔක්කෝටම එකට ඉන්න උඩ room arrange කරලා...ඒකි අන්න අරහේ උඹව හොයනවා...වර යන්න...මොකක් කරනවද මෙතන ..."?

"යාන්....ටානා..ශව්ගේ යාලුවෙක් ද.."?

"ඕඕඕහ්..ඒකයි එහෙනම් මේ ප්‍රශ්නෙ උබට...ohh yess උන් දෙන්නා family Frend ලා.."

ෂීබල්...හරිනේ..හරිනේ....මගේ මූණේ සැරින් සැරේ වෙනස් වෙන විකාර mood එක දිහා ඉතාම සුපරික්ෂාකාරී විදියට මූ බලාගෙන හිටියේ..

"අකීද්....උබට ඉරිසියා හිතිලා වත්ද...?"

"අනේ එහෙම මගුලක් නෑ බල්ලෝ...මේ මට මේ මගුලේ ඇදුම මාරු කරන්න ඕන...උඹ පලයන් මං එන්නම්.."

මං අයාන්ව තල්ලු කරලා එලවගන්න ගියත් මූ යන්නේ නෑ...

"පිස්සුද...එපා change කරන්න දැන්ම..උදේට කාල එහෙම නුවර වටේ රවුමක් යනවා කිව්වා ඔක්කොම නැගිට්ටම..මාලිගාවේ එහෙමත් යයි..ඒ නිසා ඕක ඇදගෙන යමන්..ලස්සනයි බං උබට ඔහොම...අපි ලස්සන Photo shoot එකක් කරමු හොඳද...දැන් වරෙන් යන්න...අන්න උබට ආස කෙනත් ඇවිත් ඉන්නේ...දැක්කේ නෑනෙ..."

මං පුදුම වෙලා අයාන් දිහා බැලුවා...

"මො...මොකා...ක්...."

"විතේන් ...උබට හිටපු අහිංසකම crush එක...සිරාවට අකී..ඇයි බං උඹ ඌ එක්ක එකපාරටම ඔක්කොම යාලුකම් පවා නතර කරේ...ඌ පට්ටම අවුල් ගිහින් හිටියේ ..."

Crush එකක්...ඔව්..al කාලෙ මට හිටපු වෙනස්ම Crush එක තමා විතේන්...මම වගෙ දග ළමයෙක්ට එහෙම Crush එකක් ඉන්න පුළුවන් ද..ඒත් මට කවදාවත් ඌ ගැන හැඟිමක් තිබිලා නෑ...ඒත් එයාට තිබිලා..

"Wtf...විතේන් ආවද....ෂික්....අනේ අයාන්..මට ගෙදර යන්න ඕනෙ...මොකක්ද අනේ මේ විකාරේ..සාදි මට කිව්වේ නෑ උන් එනවා කියලා..."

"එහෙම කිව්වා නම් උඹ ලොවෙත් එන්නේ නෑනෙ වස්තුවේ..අන්න ඒකයි ඒකි ඕක කියන්න එපා කිව්වේ උබට..."

"ඒ කියන්නේ උඹ මේ සේරම දන්නවා...උඹලා දෙන්නා මට බොරු කිව්වා..."

මට සිරාවට හොදටම තරහ ගිහින්...මාව දැන් පුපුරන්න පුළුවන් නම් පුපුරනවා..

විතේන් කියන්නේ මගේ කතාවෙ අලුත් චරිතයක් නෙවෙයි...මගේ හොඳම යාලුවෝ දෙන්නට පස්සේ මට හිටිය ළඟම යාලුවෙක් කිව්වොත් හරි..ඊටත් වඩා මට හම්බුන අහිංසකම හොඳම යාලුවෙක්...

විතේන් කියන්නේ Al කාලෙ අපිට සෙට් වෙච්ච හොඳම යාලුවෙක්..අපිට ඌව සෙට් වෙන්නේ chemistry group class එකකදී...ඒ first shy එකෙදි..එයා මීටරයක්..එයා හෙන අහිංසකයි...පෙනුමත් එහෙමයි..ලොකුවට කතා බහක් නෑ පාඩුවේ ඉන්න character එකක්..අපෙ සාදිලා දුරින් නෑයෝ වෙන නිසා අපි 3 දෙනා එක්ක එයා close වුණා...

ඒත් එහෙම කෙනෙක් මගේ හිත ගත්ත යාලුවෙක් වුණේ කොහොමද කියලා ඔයාලා හිතනවා එහෙම නේද..it's not අකීද් type එහෙමනේ...ඉතිං එයාව මගේ හිතට අල්ලන්න හේතු වෙච්ච දේවල් කීපයක්ම තිබුණා..එකක් එයාට සින්දු කියන්න පුළුවන්..ආයේ ගිටාර් play කරන්න පුළුවන්, ආයේ එයා travel කරන්න ආසයි, ආයේ photographing මේ හැමදේම එයාට පුළුවන්...

තව එයත් මම වගේම drama,ඇනිමි lover කෙනෙක් ..Sooo අපි ගොඩක් close යාළුවෝ වුණා...ගොඩක්...ඒත් only Frendship...මොකද මට ඒ වෙද්දී බෝයි කෙනෙක් හිටිය නිසා...විතේන් තමා මට ඉස්සෙල්ලම ගිටාර් play කරන්න කියලා දුන්නෙ...

ඉතිං ටික ටික කාලේ යද්දි අපෙ යාලුකම ගොඩක් strong වුණා..එයත් සාදි එක්කම එකම campus එකකට select වුණා...ඒත් මං කවදාවත් දැනගෙන හිටියේ නෑ එයාගෙ හිතේ මගේ ගැන යාළුකමට එහා ගියපු හැඟිමක් තිබුණා කියලා..එයා ඉඟියකින් වත් ඒක පෙන්නලා නෑ...but මගේ තිබුණු affair එක සම්බන්ධ ගොඩක් දේවල් මගේ යාලුවෝ දෙන්නට අමතරව එයත් දැනගෙන හිටියා...

මං ප්‍රශ්නෙක ඉද්දි මාව අහගෙන ඉන්න, මගේ පැත්තෙ ඉන්න හැමදාම එයා හිටියා..එයාගෙ හිතේ මගේ ගැන හැඟිමක් තියෙන කොට මගේ ආදර විකාර අහද්දී එයාට කොච්චර රිදුනද කියලා ඒ කාලෙ මට නිකමට හිතිලා නෑ...

ඉතිං කාලේ යද්දි මං මගේ ඉවසීමෙ උපරිම මට්ටමට ආපු දවසක ඒ රතු පාට ආදර කතාව සදහටම නවත්තලා..දැම්මා...ඒ වෙද්දී මගේ පපුවේ කිසිම පන ගැහෙන රතු පාට ආදර හැඟිමක් තිබුණේ නෑ...මොකද ඒ වෙද්දී අවුරුදු 4 ,5 ක‍ සම්බන්ධතාවයක් අස්සේ 100 දහස් වාරයක් මං මැරී මැරී ඉපදිලා ඉන්න ඇති...ඒත් දන්නවද දුක ,වේදනාව එක්ක මිනිස්සු පරිණත වෙනව දවසක අත් අරින්න පුළුවන් තරම් හිත ශක්තිමත් වෙද්දී...

ඒත් ඒකට ඔයාගෙ පැත්තෙ දෙයක් තියෙන්න ඕනි..ඔයා තුවාල වෙලා හොඳටම වැටිලා ඉද්දි වෙළුම් පටියක් බඳින්න...මගේ හොඳම යාළුවෝ දෙන්නා...වගේම එයා මගේ පැත්තෙ ඒ හැමදාම හිටියා...

විතේන් ඒ කාලෙ සැහෙන්න මගේ ගැන හොයලා බැලුවා... සමහර වෙලාවට ඒක too much...එයා දන්නවා මං මැරෙන්නේ නම් නෑ කියලා. මොකද මං ගාව දම් පාට පොරොන්දු තිබුණු නිසා..

ඔහොම ටික දවසක් යද්දි මට දැනුනා විතේන්ගේ හිතේ මගෙ ගැන හැඟිම් තියනවා කියලා..මොකද මෙච්චර කල් එයා ඒවා මට හැංගුවාට තවත් එයාට ඒක කරන්න පුළුවන් වුණේ නෑ...එයා මම ගැන වද වුණා .lectures cut කරගෙන මං වෙනුවෙන් එක එක දේවල් වලට ආවා...ටිකක් අසනීප වෙච්ච ගමන් දුවගෙන ආවා...

Sooo....ඇන්ටි romantic මට මේවා දරාගන්න බැරි වෙද්දී මට එයාව එපා වුන... මොකද මං කිව්වා රතු පාට හැඟිම් බැදුණු පිරිමි ඔක්කොම මට පේන්න බෑ කියලා...විතේන්ගේ කිසි අඩුවක් නෑ..he is perfect jentlemen...but මගේ මැරුණු හිතකින් කිසිම හැගීමක් එයා වෙනුවෙන් ඇති වුණේ නෑ..never...

එයා ඕනවට මාව care කරද්දි මට ඒක වදයක් වුණා...මොකද එයත් පිරිමියෙක්...මාව රිද්දපු..මගේ හිත කුඩු පට්ටම් කරපු, මං පන වගේ ආදරෙ කරලා විශ්වාස කරපු පිරිමියා වගේම....ඔයාට හිතෙයි මං විකාර කියවනවා කියලා ඒත් ඌ මට ආදරෙ අප්පිරියා කරා පිරිමි බැදීම් එක්කම...ඉතිං විතේන් වුණත් ඒ අච්චුවේම පිරිමියෙක් වගේ මට පෙනුනේ....

ඒක වැරදි ඇති...ඒත් ගිනි පෙල්ලෙන් බැට කාපු මිනිහා කනාමැදිරි එලියටත් බයයි.... මට තිබුණේ කුඩු පට්ටම් වෙලා ගිහින් තිබ්බ මං බොහොම අමාරුවෙන් ටික ටික හිමින් අලවන් අටවන් තිබුණු දුර්වල හදවතක්. හැබැයි කෙනෙක් මට ලංවෙලා ඒක හදන්න try කරන්න ගියෝත් එයාගෙ අතත් තුවාල වෙන්න පුළුවන් ...එයාටත් අනිවා රිදෙනවා....

මොකද ඒ කැඩිච්ච වීදුරූ කෑලි වගේ හදවත් කෑලි සෑහෙන්න මුවහත් විස ඒවා වෙලා...රතු පාට හැඟිම් වලට වෛර කරන...ඉතිං මට ලං වෙන්න ගියපු විතේන්ට මං නොහිතාම සෑහෙන්න රිද්දලා තිබුණා..මොකද එයා ඒ තුවාල ආයේ ආයේ පෑරුවා මිසක් එයාට බැරි වුණා ඒව ටිකක් වත් සනීප කරන්න...ඒත් දන්නවද එයා රිදී රිදීම මගෙත් එක්ක ඉන්න ගියත් මං එයාට ඒකට ඉඩ දුන්නෙ නෑ...

මොකද විතේන් කියන්නේ ගොඩක් අහිංසක හොඳ කෙනෙක්....මං එයාට ලං වුණොත් අනිවා එයාට මං රිද්දයි....නෑ කවදාවත් ඒක වෙන්න ඕනේ නෑ...ඊට වඩා එයා ගැන හැඟිම් තියෙන කෙනෙක් එයාට ලැබෙන්න ඕනි...ඒ නිසයි මං එයාගෙන් ඈත් වුණේ...යාලුවෙක් විදියට පවා..මොකද මං දන්නවා ආයේ කවදාවත් මට රතු පාට ආදර හැඟිමක් ලේසියෙන් ඇති වෙන්නේ නෑ කියලා...පිරිමියෙක් ගැන.....

"අකී...."

"ම්ම්ම්ම්...."

"මං දන්නවා උඹ විතේන්ගෙන ඈත් වුණේ ඌව රිද්දන්න බැරි නිසා..ඒත් බන් යාලුවෝ වගේ හිටපන්...please..කෝ වරෙන් යන්න..අරුන් බලාගෙන ඇති..Aunty ට කතා කරෙත් නෑනෙ අපි...කෝ ඉතිං යමු...එන්න..."

"අයාන්....."

මං කාමරෙන් එළියට යන්න ගියපු අයාන්ගේ අතින් අල්ලලා නතර කර ගත්තා...

"ආහ්..."?

"උඹ දන්නවා විතේන්ගේ කිසිම අඩු පාඩුවක් නෑ කියලා... ඌ ලස්සනයි...ඉගෙන ගන්න දක්ෂයි...ඇත්තටම විතේන් සීයට අනූ පහක්ම මගේ type....ඒත් කවදාවත් එයාට මගේ හිතේ හැඟිමක් වෙනුවෙන් ඉඩක් ලැබුණේ නෑ...අඩු ගානේ එයා මගේ අතින් ඇල්ලුවත් මට විශේෂ දෙයක් දැනුනෙ නෑ...."

මට පේනවා අයාන්ගේ ප්‍රශ්නාර්ථ පිරුණු මූණ...

"විතේන්ට තිබුණේ රතු පාට හදවතක්....Sooo ...මට දෙයක් දැනගන්න ඕනෙ අයාන්..."

"උඹ මොනාද කියන්න යන්නේ අකී.....සිරාවට තේරෙන්න කියපන්කෝ ...මට ඔය බරපතල වචන තේරෙන්නෙ නෑ උට්ටෝ "

"මෙහෙමයි...යානූ...මට දැනගන්න ඕනි....එයාගෙ හදවත මොන පාටද කියලා...."?

"කා...කාගෙද. ...බල්ලෝ..."?

මම මගේ lip gloss එක අරගෙන ආයේ මගේ තොල් දෙකේ ලාවට ග‍ා ගෙන..මගේ උඩට ගැට ගහලා තිබුණු දිග කොන්ඩෙ කඩලා දැම්මා...කන්නාඩියෙන් පේන මගේ දිහා මං බලාගෙන හිටියා...ඔයා වෙනස් වෙලා අකීද්...කවදද ඔයා මෙහෙම හැසිරුණේ...

"ශව් ගේ...."

Well ...ඒ නම කියද්දී පවා මගේ ඇස් දිලිසෙන්නේ ඇයි කියලා මම දැනගෙන හිටියේ නෑ...අපි බලමු එයාගෙ හදවතේ පාට...මොකක්ද කියලා...

ටානා I warned you....


මං අකීද්...

✍️ shadow 🐰🍓

Hi ළමයි..miss you...🥺❤️‍🩹 sorry ටික දවසකට කතා ලියන එක නතර කරලා තිබුණේ.ඔයාල Message දාල ගොඩක් මං අනිවා ඒවා බලන්නම්...

ගොඩක් අය මේ ටිකේ Al exam එකට ලෑස්ති වෙන නිසා ආදර සමීකරණ දෙන එක ටිකක් නතර කරේ...ඒත් ඉක්මණට ඒකත් දෙන්නම් හොඳද..unlocked එතකන් දෙන්නම්

මේ පොඩි කොටසක් කොහොමද කියන්න කියවලා...අදහස් ❤️





















Continue Reading

You'll Also Like

9.4K 1.6K 26
යකෝ ඒ මගෙ නන්ගි උන් මැරුවෙ මගෙ නන්ගිව... මන් කොහොමද කට පු*ක වහන් බලන් ඉන්නෙ ... ඔව් මන් උන්ව මැරුවා.... මන් උන්ට කැත්තෙන්ම කෙටුවා. අහවල් එකටම කෙරුවා...
148K 17.7K 35
දුරස් වන්නට හිතන හැම විට තවත් ලන්වෙනවා... මතක නැතිකර ගන්න සිතුවිට සිතේ රජ වෙනවා....❤️😓❤️
19.5M 581K 54
Isabella finds out that the man she thought she was going to spend the rest of her life with, had not only dumped her to marry another but also to fi...
2M 139K 41
( ရိုးမာန်ဂုဏ် ♡ နွေလရိပ် ) ♡ 28 . 8 . 2021>♡< 19 . 12 . 2021 ♡