Heart to Heart

By Jing_Ming_Ling

1.6K 242 217

එන්න අපි අපේ හැඟීම් බෙදාගමු. ( මෙම පොතේ ඇතුළත් සිතුවිලි මගේ කතාවලද ඇතුළත් විය හැකියි. ) More

❤️ තනි වූ ඒකපාර්ශ්වික ආදරවනතයා ❤️
❤️ බිඳුණු ඇතුළාන්තය ❤️
❤️ හැඟීම් ❤️
❤️ හඳ ❤️
❤️ වචන සහ ක්‍රියා ❤️
❤️ නොලැබීම ❤️
❤️ ආසාව ❤️
❤️ දරාගැනීම ❤️
❤️ මතක ❤️
❤ බිඳුණු හදවත ❤
❤ පරිත්‍යාගය ❤
❤ එයත් ආදරයක් ❤
❤ සැනසීම ❤
❤ Possessive ❤
❤ හැඟීම් යනු අකුරු තුනක් නොවේ ❤
❤ Defibrillator ❤
❤️ අම්මා ❤️
❤️ තාත්තා ❤️
❤️ මගේ ආදරණීය තනුව ❤️
❤️ තනුව ❤️
❤️ ඒ ආදරේ නෙමේද ❤️
❤️ Love Language ❤️
❤️ සමහර දවස් ❤️
❤️ සංවේදි අයවලුන්ට ❤️
❤ What Should I Do ? ❤
❤ හෙම්බත් වෙලා ❤
❤ පහන ❤
❤ නිර්විස ❤

❤ බිඳුණු ආත්මයක් සැනසීම හොයන් ගිහින් ❤

39 4 4
By Jing_Ming_Ling

දෙවියනේ වැවට පැනලා
ළමයෙක් මැරිලාලු
මටත් ඇහුණා ගම්මු එහෙම කියනවා
මිනිස්සු දුවන් යද්දි
මමත් ගියා බලන්න

ලස්සන වැව් ඉවුර මත
නිසොල්මන් ශරීරයක් වැතිරිලා
නෑ ශරීරයක් නෙමේ
බිඳුණු ආත්මයක් වැතිරිලා
නෑ බිඳුණු ආත්මයක්
මිහිපිට පිච්චෙන අපායෙන් මිදිලා
ඒකාගේ සැනසීම හොයන් ගිහින්

කටේ කිරි සුවඳ නොගිය එකාලු
හිනාවෙවී හිටපු එකාලු
හිත හොඳ එකාලු
පව්ලේ නම්බුව රැකපු එකාලු
කතා රැසක් කියනවා
මටත් ඇහුණා

නිකමට වගේ මමත් වටපිට බැලුවා
ඒ වැතිරිලා ඉන්න බිඳුණු ආත්මේ
අම්මා විලාප තියනවා
තාත්තා අම්මාගේ හිත හදනවා
යාළුවෝ කසුකුසු ගානවා
ගුරුවරු කල්පනා කරනවා

ගොඩක් දන්නවා වගේ කතාව
මගේ යටිහිත මට කිව්වා
මමත් හිතුවා
උඩුහිත එයට පිළිතුරු බැන්දා

මෙතන ඉන්න උන් ඔක්කොම
මේ බිඳුණු ආත්මේ මරණයේ
වක්‍ර හෝ සෘජු මිනීමරුවෝ

කට්ටිය ටික වේලාවක් කසුකුසු ගාද්දි
ටිකකින් මටත් ඇහුණා
උඹේම ගුණ කියපු උන්
උඹට නුගුණ දේවල් මවලා කියනවා

අනුන්ගේ කතා අපිට මොකටද
බිඳුණු ආත්මේ කතාව අහපන්
මගේ හිත එහෙම කියද්දි
මම හිනාවුණා

හ්ම්ම්
මුන් ඔක්කොම කියන විදිහට
උඹ අම්මාගේ ආසම දරුවා
මොකද උඹ ඉස්කෝලේ
නොගත්ත තනතුරු පට්ටම්
නම්බු නාම නැති හින්දා
ඒත් උඹේ අම්මා නොදන්නවා ඇති
ඒ එකක්වත් ගත්තේ උඹේ වුවමනාවට
උඹේ ආසාවට නොවන විත්තිය
ඒ හැම එකක්ම පිටිපස්සේ තිබ්බේ
අම්මාගෙන් හොඳක් අහගන්න
උඹේ පුංචි හිතේ තිබ්බ ආසාව කියලා

උඹේ තාත්තා දේවාල කපුවාලු
දෙවියන්ට මිනිස්සුන්ගේ දුක කියලා
කන්නලව් කරන 
උඹ තාත්තාගේ හිනාව දකින්න ආසාවට
හැමදේම කරා
හැබැයි උඹේ තාත්තා නොදන්නවා ඇති
ඔය දේවාලේම දෙවියන් ඉස්සරහ
උඹේ හිත තේරුම් කරවන්න කියලා
දෙවියන් ඉස්සරහ
දණින් වැටිලා කන්නලව් කරා කියලා

උඹේ යාළුවො උඹට වටින උන්ලු
උඹ උන් වෙනුවෙන් නොකරපු දෙයක් නැල්ලු
උන් උඹ එක්ක සතුටින් හිටියාලු
ඒත් ඇත්ත නම්
උඹ හිටියේ උන් කියන කතා වලට
අඬාගන්න බැරුව කියන එක
උන් දන්නේ නැතුව ඇති
හිතේ තියෙන ප්‍රශ්න කියන්න ගියාම
ගණන් ගන්න එපා කියද්දි
උඹ සුසුම් හෙළපු වරුවල්
උන් දැක්කාද

ගුරුවරු උඹව අගයන්නේ මහ ඉහටත් උඩින්
ඒත් ඒ අගයපු ගුරුවරු උඹේ විස්වාසේ
කෑලි වලටම කඩලා දැම්මා කියන්නවත්
කවුරුත් දන්නේ නැතුව ඇති

අන්තිමට උඹට සිද්ධ වුණේ
උඹේ සතුටට ආත්මේ කැපකරනවා වෙනුවට
අම්මාගේ තාත්තාගේ සතුටට
කැප කරපු ආත්මේ වන්දියට
උඹට සිද්ධ වුණේ
උඹේ ජීවිතේ කැපකරන්න

උඹට දෙවියො හදවතයි මොළෙයි දුන්නේ
උඹගේ සතුට හොයාගන්න
ඒත් උඹට අන්තිමට වුණේ
අම්මාගේ තාත්තාගේ සතුටද
උඹේ සතුටද කියලා හොයාගන්න බැරුව
අතරමං වෙන්න වුණු එක

ඒ අතරමං වුණ පාරෙන්
උඹ ගොඩ එන්න දඟලද්දි
උඹේ අම්මා දැක්කේ
උඹ මුරණ්ඩු වුණ එකෙක් ගාණට
උඹේ තාත්තා දැක්කේ
උඹට හුරතලේයි සැපෙයි වැඩිවෙච්ච
නැහැදිච්ච එකෙක් ගාණට
ගුරුවරු උඹව දැක්කේ
එෆ් ලකුණක් විදිහට
යාළුවෝ උඹව දැක්කේ
විකාරයක් ගාණට

ඒ හින්දා උනුන් උන්ගේ කෝණේන්
උඹව මැනලා කියද්දි
උඹට අනේක වර හිතෙන්න ඇති කෑගහන්න
අම්මා මම මුරණ්ඩු නෑ
මම අතරමං වෙලා
තාත්තා කියන තරම්
මට අනිත් ළමයින්ට වඩා
සැපවත් හුරතලයක්වත් නෑ
උන් ඉන්නවා මට වඩා සැපට කියලා
ගුරුතුමනි මම එෆ් ලකුණක් නෙමේ
මම තාම ආපහු යන්න පාර හොයනවා
අනේ බං මම විකාරයක් නෙමේ
මට මට හිතාගන්න බෑ
මම මොකද කරන්න ඕන කියලා

ඒත් අන්තිමට
කාටවත් උඹව තේරුම් ගන්න බැරි තැන
උඹ උඹට හිටියා කියලා හිතපු ඔක්කොම
උඹව තනිකරා

උඹ මිනිස්සුන්ගෙන් තනිවෙද්දි
උඹේ තනිය රැක්කේ බෙහෙත් අහුරු
බ්ලේඩ් එක්ක උඹේ කොට්ටේ වෙද්දී
උඹට යන එන මං හිතාගන්න බැරුව ගියා

කාන්තාරේ තියෙන පතොක් මලක් වුණත්
රස්නේ දරාගන්න බැරුව
කාලේකදි පරවෙනවා වගේ
උඹටත් දැනුණ පීඩනේ දරාගන්න බැරිවුණා

එතනදි තමා හැමදාම
උඹේ කඳුළු පිස්ස ⁣කොට්ටෙට
උඹ යන්න දෙන්න හිතුවේ
උඹේ වේදනාව ඉවසපු බ්ලේඩ්
නිදහස් කරන්න හිතුවේ
හැමදාම තනි රැක්ක බෙහෙත් අහුරට
පින් දීලා යන්න හිතුවේ
මොකද උඹට හිතුණා
පැය හතේ අටේ නැත්නම්
දොළහේ නින්දට වඩා
පැය අටදාස් ගාණේ නින්ද
උඹට සැනසීමයි කියලා

මහ රෑ පාර දිගේ වැවට එද්දි
උඹේ හිත පෑරුණු මතක
උඹට මතක් වෙන්න ඇති
එන ගමන් අන්නතවත් උඹ
අතෙන් කඳුළු පිහදන්න ඇති
අන්තිමට උඹ වැවට පැනලා
ජීවි⁣තේ වෙනුවෙන් සටන් නොකරද්දි
වැවටත් උඹේ වේදනාව දැනිලා
වැවේ රළ වලට
උඹට ඉක්මන් මරණයක් දෙන්න කියලා
මුමුණන්න ඇති
වැව රළත් ඒකට එකග වෙලා
උඹේ හුස්ම වැව් පත්ලෙම හංඟන්න ඇති

මෙතන කවුරු උඹට මොනා කිව්වත්
මම දන්නවා උ⁣ඹ මැරුණේ
උඹ නැතිවුණාම
හැමෝමටම අගේ තේරෙයි කියලා නෙවෙයි
තවදුරටත් උඹට මේ මිහිපිට අපායේ
පිච්චි පිච්චි හුස්ම අල්ලන්න බැරි නිසා කියලා

උඹ දන්නවා
විහින් ජීවිතයක් නහගත්තාම වෙන දේ
උඹ නැතිවුණාට පස්සේ
උඹ යන තැනක ඉන්න හිත හදාගත්තේ
තවදුරටත් රකින්න තරම් ආත්මයක්
කියලා දෙයක් උඹේ ඇඟේ නෑ
කියලා දන්න නිසා

සමහරු කියයි
මේක උඹේ මෝඩකම කියලා
සමහරු කියයි
උඹට පිස්සු කියලා
ඒත් මම දන්නවා
මේ උඹට විලාප තියලා කෑහලා අඬලා
කියන්න බැරි අසරණකම කියලා

මමත් හිමීට ඒ බිඳුණු ආත්මේ ළඟට ගිහින්
ඒ ළඟ දණ නැමුවා   
තාමත් සාමකාමීව පියවිලා තියෙන ඇස් උඩ
මම මගේ අතක් තිබ්බා
උඹේ ආත්මේ බිඳුණු කොටස් නැතිවෙලා
ඉරිතැලීම් මැකිලා ගිය දවසක ආය වරෙන්
දැන් සැනසීමෙන් ඇස් පියාගෙන
ටිකක් නිදාගනින්
මට ආය ඉපදෙන්න ඕන නෑ
මගේ හිත කෑ⁣ මොර දුන්නා









❤️ මේ⁣ක තේරුණාද මූන් බේබිස් ? තේරුණා නම් ⁣මෙතන වුණේ මොකක්ද කියලා මට කියන්න.



- මම වයිට් රෝස් ප්‍රින්ස් ❤️

Continue Reading

You'll Also Like

1.2K 57 7
ලස්සනම ලස්සන කතා ටිකක්.. ඔයාලත් අනිවාරෙන් කියවන්න.. ඒ වගේම එයාලගේ කතාවට vote, comment කරන්න.
803 162 6
STRAIGHT STORY | G×B ආදරෙන් හද වැළදගත්තා නපුරු උනත් කරුවල! සමහර මිනිස්සු එහෙමයි. තිත්ත උනත් ආසම කෑම, කරවිල -ආශ්වි මෙනුශිත්‍යා. මං දන්නවා මම නරක බව...
2.2K 401 24
මගේ පිස්සු ජීවිතේ පිස්සු මතකයන් .... මතකයන් බෙදාගන්න කැමැති හැමෝම වෙනුවෙන් ...
339 57 14
#With Love,කඩුපුල් හා සම්බන්ධ නොවන බව ආදරයෙන් මතක් කරමි!. >:) My Dear,Moon! අවසානය දැන දැන පටන්ගත්තු ආදර කතා බහුතරයක අවසානය බොහොම සාර්ථක උනා මගේ ළමයෝ...