"මොකද බං උඹට වෙලා තියෙන්නේ? ඔෆිස් එකේදි මාත් එක්කවත් වැඩිය කතාවක් තිබ්බේ නෑ... ගෙදර එද්දිත් නෑ... ඇවිල්ලත් කාමරේට ඇවිත් බෝතලයක් බදාගෙන..."
"මොකුත් නෑ."
"ප්‍රශ්නයක් නම් මට කියපන් බං..😑"
කායි පසෙක තිබූ තම දුරකතනය ගෙන යමක් ජෝට පෙන්වූ පසු ඇය එය කියවා කායි දෙස මද වේලාවක් නිහඬව බලා සිටියා.
"මෙච්චර කාලෙකට පස්සේ?"
"හ්ම්.."
කායි තම දෙඅත් උඩ හිස තබාගද්දී ජෝ ඇය අසලින් වාඩිගෙන ඇයගේ උරහිස මත වම් අත තැබුවා.
"උඹේ නම්බර් එක කොහෙන්ද හොයාගෙන තියෙන්නේ?... කතා කරලා බලනවද?"
"ම්ම්.. මං දන්නේ නෑ.කෝල්ස් දිගට දිගට ගත්තා මං ආන්සර් කරේ නෑ."
"කතා කරොත් හොද නැද්ද?.... ම්ම්.. හරි කලබල නොවී ඒක හිමින් සීරුවේ හිතන්න..."
"හ්ම්..." තවමත් ඇය හිස එසවූයේ නැත.
"ඒක නෙවේ සප්‍රයිස් එකක් තියෙනවා උඹට...තව ටිකකින් ඒක හම්බෙයි😌."
..................................................................
කායි ජෝට පෙන්වූයේ ඇයට තම මවගෙන් ලැබුනු පණිවිඩයකි. එහි සදහන්ව තිබුනේ,
"කයිරා මම ඔයාගේ අම්මා. මට ඔයාව බලන්න ආසයි පුතේ. පුලුවන් නම් එක පාරක් හම්බෙලා කතා කරමු."
"අඩුම තරමේ මගේ කෝල් එකකටවත් ආන්සර් කරන්න.." යනුවෙනි.
..................................................................
ටික වේලාවකට පසු නිවසේ විදුලි සීනුව නාද විය.
"ආ සුදූ... එන්න කායි කාමරේ ඉන්නවා.😊"
.
.
.
.
.
"කායි මෙන්න ඔයාගේ සප්‍රයිස් එක මං එක්කන් ආවා. 😌"
කාමරෙන් එළියට වන්නට තිබූ බැල්කනියෙන් කායි ඇගේ ඔලුව පමණක් දොරෙන් ඇතුලට දමා බැලුවේ පුදුමයෙනි.
"Tea or coffee? මං හදන් එන්නම් ඔයාලා කතා කර කර ඉන්න 😌."
"මොකුත් ඕනේ නෑ කරදර වෙන්න කරනවා නේ මං ඇවිල්ලා 🥲."
"කොෆී බොමු 😏👍."
ජෝ කාමරෙන් පිට වූ පසු කායි නූශිට ඇය සමග බැල්කනියට එකතු වන්නට ආරාධනා කරා. එහි පිවිසුන නූශි දුටුවේ කායිගේ එක් අතක විස්කි වීදුරුවත්, අනෙක් අතෙහි සිගරට්ටුවත් තිබෙන අයුරුයි.
" මොකෝ මේ හවස් වෙලා මේ පැත්තේ.."
"තෑන්ක් කරන්න ආවේ... ආ මේක ඔයාට."
"මේ මොනවද?"
"පොඩි තෑග්ගක් 😊."
නූශිගේ දෑස් සතුටින් දිලිසුනා. කායි ඇයට එතනම තිබුන රවුම් ලී මේසය පෙන්වා ඇයගේ කුඩා පාර්සලය තබන ලෙස පවසද්දී නූශිගේ සිත තදින් පෑරුනා.
" අපෝ මහා පුදුම නපුරුකමක් 😒...ගෙදරට ආපු මනුස්සයෙක්ට කතා කරන්නවත් දන්නේ නැද්ද ඔයා?"
"හ්ම්.."
කායි සිටියේ වෙනම ලෝකෙක අතරමං වෙලා.ඇය තවමත් සිතන්නේ ඇයගේ මව ගැනයි. මේ කිසිවක් නොදන්න නූශි තව තවත් ඇයගේ සිත පාරගත්තේ කායිට කිසිම ගනනක් තමන් ගැන නොමැති බව සිතමිනුයි.
"මේ මිස් කායි..."
"ආ?"
නූශි උස් හඩින් කතා කරද්දී කායිගේ දෑස් ඇය වෙත හැරුනේ නිරායාසයෙනි.
"ඇයි මෙහෙම බොන්නේ?"
"😂😂... හොද ප්‍රශ්නයක්.. නේද මචං.."
ජෝ බැල්කනියට ඇතුල් වුනේ උණුසුම් කෝපි කෝප්පයක් අතැතිවයි.
" ඔයා ලෙඩ වෙයි... ඔයාගේ අම්මා ඔයාට ඕවා කියලා දීලා නැද්ද?😑"
ජෝ කෝපි කෝප්පය මේසය මත තබා ඒ ඉරියව්වෙන්ම නූශි දෙස ගල් ගැසී බලා සිටිද්දී කායි ගේ ඇස් එක්වරම ගිනි පළිගු සේ දිස්වන්නට වුනා.
"යනවා..."
"කා..කායි..ඇයි මේ?"
"යනවා එළියට..."
කායි සිගරට්ටුව වීසිකොට අත, විස්ක් වීදුරුව සමග බිත්තියට දමා ගැසුවා. වීදුරුව කුඩු වී කායිගේ අතෙන් ලේ ගලද්දී නූශි ඇය අසලට සෙමින් ලං වුනා.
කායි ඇයගේ එක් අතකින් ඇදගෙන ගොස් කාමරෙන් එළියට දමා ඇයට උස් හඩින් බැන වැදුනේ නැවත ඇය ඉදිරියට නොයෙන ලෙස පවසිමින්.
"ඇයි මේ.... "
නූශි හඩන්නට පටන් ගත්තා. ජෝ කායි පසෙකට ගෙන,
"සුදූ පල්ලෙහාට වෙලා ඉන්න, යන්න එපා.මං එන්නම්. අඩන් නැතුව යන්නකෝ කියන දේ අහලා..🙂"
නූශි පහළ මහලට ගොස් හිදගෙන තමන්ගේම වෙව්ලන අත් දෙස බලමින් නැවතත් කදුලු සලන්නට පටන් ගත්තා.
"තමුසෙට මොකෙක් වැහිලද ඒ කෙල්ලට කෑගහන්නේ... අනික මේ ගෙදර බඩු මුට්ටු පලි නෑ ඕයි උඹේ ඔය තරහවල් වලට..."
ජෝ, කායිට බැන වදිමින් ඇයගේ තුවාල වුන අතට වෙළුම්පටි ඔතන්නට වුනා.
"සුදූ උඹට ආදරෙයි.. තේරුම්ගනින්."
ජෝ තරහින් කාමරයෙන් පිටව ගියේ නූශිගේ තත්වය බැලීමටයි.ඇය පහළට යන විට නූශි කලබලයෙන් ඇගේ දෑස් වල කදුලු පිහමින් මුහුණ සගවාගනිද්දී ජෝ ඇය අසලින් අසුන් ගත්තා.
" එයා ඇයි මට කෑගැහුවේ? එයාගේ අත කොහොමද දැන්?"
නූශි නැවතත් කුඩා දරුවෙකු ලෙස හඩන්න පටන් ගත්තා.
" අඬන්න එපා. මං බෙහෙත් දැම්මා.. ඔයා නොදන්න දේවල් තියෙනවා සුදූ... අහන්නකෝ.."
ජෝ ඇයට කායිගේ ජීවිතේ මෙතෙක් සිදුවූ සෑම සිදුවීමක්ම කියා සිටිද්දී නූශි කායි ඉදිරියේ ඇයගෙන් පිටවූ හැම වචනයක් ගැනම දුක් වුනා.
"මං ඔයාගෙන් දෙයක් අහන්නද?"
"ඕ අහන්න ජෝ."
ඇය ජෝ දෙස බැලුවේ තවමත් තෙත් කදුලු වලින් පිරිච්ච දිලිසෙන දෑසින්.
" ඔයා කායිට ආදරේ කරනවද?"
ඇය නිහඬව බිම බලද්දී ජෝ නැවතත් හඩ අවදි කරා.
"ම්ම්?? කියන්න.."
නූශි ඇය දෙස බලමින් හිස වනා 'ඔව්' යැයි සනාථ කරේ ලැජ්ජාවෙන් රතුවෙන ගමන්.
"එන්න යන් මාත් එක්ක..."
"කොහෙද?"
"කායි ලගට.එයා එක්ක කතා කරමු."
"බෑ එයා මට ආයේ බනියි."
"යන්කෝ මං බලාගන්නන්."
ඇය නූශිවත් ඇදගෙන කායිගේ කාමරයේ දොරට තට්ටු කර ඇතුල් වුනා.
"ඇයි..?"
"නූශි එක්ක කතා කරපං."
"යනවකෝ වදයක් නොවී."
කායි ජෝට කොට්ටෙකින් දමා ගැසුවා.
"කියන දේ අහපන්.. මං කියන නිසා?.."
ජෝ ඔවුන් දෙදෙනා කාමරයේ තනි කර පිටව ගියා. නූශි කායි වැතිරී සිටින ඇද මත වාඩි වෙන ගමන්,
" මට සමාවෙන්න... මං මෝඩියක් වගේ හැමවෙලේම කියවනවා මොකුත් නොදැන. මං ආයේ එහෙම කරන්නේ නෑ කායි."
කායි තවමත් නිශ්ෂබ්දයි...
"මං ඔයාට ආදරෙයි කායි... මට සමාවෙන්න... ප්ලීස්."
නූශි ගේ දෑසින් කදුලු වැටෙද්දී කායි ඇද මත වාඩි වී නූශි අසළට පැමිණ ඇයගේ සිනිදු කම්මුල් දෙඅතින්ම පිරිමැද,
"ඇත්තටම ද?"
"ම්හ්ම්... ඔයා මට සමාව දෙනව ද?"
ඇය කායිගේ ඇගට පැන ඇයව තදින් වැලදගත්තා. කායි ඇයගේ හිස සෙමින් පිරිමදිමින් තවත් තදින් වැලදගත්තේ ඇයගේ දෑසටත් නොදැනීම කදුලු එද්දී.
"ඒකට කමක් නෑ... මටත් සමාවෙන්න.. ඔයා කිසි දෙයක් දැනන් හිටියේ නෑ නේ.."
නූශි ඇගේ දගකාර සිනාවත් සමග හිස ඔසවා කායි දෙස බලමින්,
"ඉතින්? ඔයා මට ආදරේ නැද්ද?"
කායි ඇය දෙස බලා සිනාසුනා... වෙනදාටත් වඩා ලොකු සතුටක් ඒ හිනාවේ ගැබ් වෙලා තිබ්බා... ඇය සිනාසෙද්දී කම්මුලේ ගැඹුරට හටගන්නා වලෙන් එය පිළිඹිබු වුනා.
"ම්හ්ම..ඔව්."
"ඔව්? ඔව් විතරද කියන්න බෑ ද ආදරෙයි කියලා?😒"
කායි ඇය දෙස බැලුවේ ගොඩක් ආදරෙන්... ඇය එකවරම නූශිගේ දෙතොල් වලට ලංව ඒවා සිපගත්තේ ඉතාමත් ලෝභ කමිනි. නූශි කිසිම විරුද්ධත්වයකින් තොරව කායිට තමන්ගේ දෙතොල් සිපගන්නට අවසර ලබාදුන්නේ දෑස් වසාගනිමිනි. ජීවිතේ පළමු වතාවට කායිට ආදරේ කියන දේ දැනෙන්න ගත්තා.
ටික වේලාවකට පසු දෙදෙනාම ඇදේ වැතිරී, නූශි කායිගේ උණුසුමට තුරුලු වුනා.
"කායි.."
"ම්ම්ම්?"
"මට පොරොන්දු වෙනවද ආයේ මෙහෙම බොන්නේ නෑ කියලා... ප්‍රශ්නයක් උනාම මාත් එක්ක ඒක බෙදාගන්නවා කියලා?"
"ම්හ්ම්.. පොරොන්දු වෙනවා.." කායි ඇයගේ නළලත සිපගත්තා.
"මටත් පොරොන්දුවක් වෙනවද?"
කායි ඇගේ කම්මුල නැවත පිරිමදින්නට වුනා.
"මොකක්ද?"
"හැමදාම මගේ වෙලා ඉන්නවා කියලා?..."
නූශි තම වැලමිට ඇද මත තබා ඉස්සී කායි දෙස සුරතල් ලෙස බලා සිනාසී,
"මං ඔයාගෙ විතරයි.🤭"
..................................................................
Kai's POV:
ඒ අපේ පළවෙනි පොරොන්දු.... නූශි මගේ ජීවිතේම වුනා. මං වචනෙන් නොකිව්වත් මගේ මැණිකට මං ගොඩාක් ආදරෙයි. මට ආදරේ කරන්න කියලා දුන්න කෙනා...මං ආදරේ කරන කෙනා...මොන දේ වුනත් මට එයාව නැති කරගන්න බැහැ.
ඉතින් මගේ ආදර කතාව පටන් ගත්තේ මෙහෙමයි....
To be continued.....
_________________________________________
Hii හැමෝටම,
කායිගේ සහා නූශිගේ ආදර කතාව දැන් තමා පටන් ගන්නේ.... ඉස්සරහට මොකක් වෙයිද කියලා බලමුකෝ....
..................................................................
කතාව කියවන,vote කරන comment කරන හැමෝටම ගොඩාක් thanks!
❤️
🖋️Nj.