මතක කදුළු ( Complete ) ✔️✅

By MAYESHA_RASANGI

30.4K 2.8K 343

මතක කදුලු අතරින් නැවත ආදරෙ සෝයා........... 🌻 More

01. කොටස
02. කොටස
03. කොටස
04. කොටස
05. කොටස
06. කොටස
07. කොටස
08. කොටස
09. කොටස
10. කොටස
11. කොටස
12. කොටස
13. කොටස
14. කොටස
15. කොටස
16. කොටස
17. කොටස
18. කොටස
19. කොටස
20. කොටස
22. කොටස
23. කොටස
24. කොටස
25. කොටස
26. කොටස
A/N
27. කොටස
28. කොටස
29. කොටස
30 අවසන් කොටස

21. කොටස

760 71 18
By MAYESHA_RASANGI

අදට බෙබි හාමු කකුල කඩාගෙන මාස දෙකයි. සති දෙකක් විතර සිතුකලා ගෙදර ඉදන් කකුල හොද කර ගත්ත බෙබි හාමු ටික ටික කකුල තියලා ඇවිදින්න පුළුවන් උනාම ආපහු වලව්වට ගියා. සිතුක වගෙම බෙබි හාමුත් එකිනෙකාට තුරුල් වෙලා එ සති දෙක තුල ආදරෙන් හිටියා. කොච්චර හැගිම් ඇවිස්සුනත් දෙන්නට දෙන්නා තම තමන්ගෙ සිමාව තුල ඉන්න වග බලා ගත්තා. බෙබි හාමු වෙද ගෙදරින් ගිහින් සති එක හාමාරකට පස්සෙ සිතුක වගෙම නිමලුත් බෙබි හාමු එක්ක කැම්පස් යන්න පටන් ගත්තා. හැබැයි සිතුකට කැම්පස් යන එක එච්චර සතුටු දායක දෙයක් උනේ නැත්තෙ උත්තරා වගෙම ශෙනානුත් එයාලා එක්ක කැම්පස් යන්න ආව නිසා. උත්තරා තනිම කැම්පස් ආවත් ශෙනාන්ගෙ පව්ලේ අය රට නිසා ශෙනාන් වලව්වෙ ඉදලා බෙබි හාමු එක්ක කැම්පස් යන්න ගියේ. ඉතින් හැහැමදාම කැම්පස් යද්දි සිතුකට පැසෙන්ජර් සිට් එක මිස් උනා. එක නිසාම සිතුක හිටියේ හෙන කෙන්තියෙන්. ඉතින් අදත් වෙනදා වගෙම ශෙනාන් පැසෙන්ජර් සිට් එකෙ ඉද්දි නිමලුයි සිතුකයි පිටි පස්සෙ හිටියා.

"මොකද සිතුක හැමදාම උදේට මූන එල්ල ගන්නෙ...." පැසෙන්ජර් සිට් එකෙ ඉදලා පිටි පස්ස බලන ගමන් ශෙනාන් ඇහුවේ කට කොනින් හිනාවක් තියා ගෙන.

"මට මොනින් සික්නස්නේ එකයි.... දැන් ඔය ලොබු කට වහන් ඉස්සරහා බලා ගනින්....." පපුවටත් අත් දෙක බැද ගෙන සිතුක කිව්වේ ඩ්‍රයිව් කරන ගමන් කන්නාඩියෙන් එයා දිහා බලන් ඉන්න බෙබි හාමුටත් රවලා.

"බලන්නකෝ තනු මෙයා මට ලොබු කටා කිව්වනේ.... මගෙ කට එ වගෙද තනු....." කටත් උල් කරන් ශෙනන් කිව්වේ බෙබි හාමුගෙ පැත්තට පහත් වෙලා කිස් එකක් දෙන්න හදනවා වගෙ.

"බෙබි හාමු කාර් එක නවත්තපන්......"

මුලු කර් එකම දෙදරන්න සිතුක කැ ගැහුවම කාර් එකෙ හිටිය තුන්දෙනාම බය වෙලා සිතුක දිහා බැලුවා. වෙලාවට තාම ටවුන් එකට ගිහින් නැතුව ගම ඇතුලේ හිටිය නිසා බෙබි හාමු කාර් එක පාර අයිනේ නවත්තලා සිතුක දිහා බැලුවා. කාර් එක නවත්තුව සැනින් කාර් එකෙන් බැස්ස සිතුක ගිහින් පැසෙන්ජර් සිට් එක පැත්තෙ දොර ඇරියා.

"බහිනවා එලියට....."

"එ මොකටද.... බලන්නකෝ තනු මෙයා....."

"බලන්ඤචෝ චනු නෙවෙයි.... බැහැලා පලයන් පිටි පස්සට.... මිනිහා කාර් එක ඩ්‍රයිව් කරනවනම්.... එයාගෙ අයිති කාරයා ඉන්න ඔනි පැසෙන්ජර් සිට් එකෙ.... උබ නෙවෙයිනේ බෙබි හාමුගෙ අයිති කාරයා මමනේ.... බැහැලා පලයන් මන් ඇදලා එලියට දාන්න කලින්...."

"අනේ තනු.... මෙයාට කියන්නකෝ මන් මෙතන යන්න ආසයි කියලා...."

"බෙබි හාමු උබ මුට බහින්න කියනවද?... නැත්තම් මන් බස් එකෙ කැම්පස් යන්නද?...."

"ප්ලිස් ශෙනාන්.... සිතු ඇවිස්සුනොත් අපි ඔක්කොම ඉවරයි.... තරහා නොවි බහින්නකෝ.... නැත්නම් මට අද කැම්පස් නෙවෙයි යන්න වෙන්නෙ සොහනට...."

"හුහ්.... ඔයා ඔයාගෙ බොයි ෆ්‍රෙන්ඩ්ට බය වෙලා ඉන්නෙ තනු..... ඔයා දැන ගන්න ඔනි මෙවා මුල ඉදන් හදා ගන්න.... ඉද ගන්නවා ඉතින් මහ ලොකු අයිති කාර සිට් එකෙ...."

කාර් එකෙන් බැස්ස ශෙනාන් සිතුකටත් ගස්සගෙන ගිහින් පිටි පස්සෙන් ඉද ගත්තා. නිමල්නම් හිනාවත් හිර කරන් මෙවා දිහා බලන් හිටියේ මොකද දැන් මෙතන හිනා උනොත් සිතුකගෙන් හොද එකක් අහ ගන්න වෙනවා කියලා දන්න නිසා පාඩුවෙ ඉන්නවා කියලා හිතන්.

"මගෙ හදන්න දෙයක් නැ.... මට බෙබි හාමුට ගැනියක් වෙන්න ඔනි නැ.... මොකද මාත් කොල්ලෙක්... අනෙ හුනේ පනේ ගාගෙන මට බොරුවට හුරතල් වෙන්න ඔනි නැ.... එයි තමුසෙ කැමති මන් මෙහෙම ඉන්නවට නෙද...."

පැසෙන්ජර් සිට් එකට නැගලා සිට් බෙල්ට් එක දා ගත්ත සිතුක බෙබි හාමුගෙන් ඇහුවේ ඇගිල්ලක් බෙබි හාමුගෙ පැත්තට දික් කරලා ඇස් දෙකත් හිනි කරන්.

"ඇහ්... අහ් ඔව් සිතු... මන් කැමති ඔයාගෙ මේ විදිහට තමා...."

කෙලත් ගිලින ගමන් බෙබි හාමු එහෙම කිව්වේ වචනත් පටලන ගමන්. මොකද බෙබි හාමු උනත් දැන ගත්තා මේ ටික කාලෙට සිතුක කියන්නෙ ලෙසි පහසු කෙනෙක් නෙවෙයි කියලා. මොකද බෙබි කකුල කැඩිලා ඉන්නකොටත් දවසක් රට ඉද්දි ශෙනාන් බෙබි හාමුට කැමති කිව්වා කියලා සිතුක අතින් බෙබි හාමු කිව්වම, බෙබි හාමුගෙ කකුලට පත්තු බදින ගමන් හිටිය සිතුක බෙබි හාමුට ගෙ දෙවනක් වෙන්න කැ ගැස්සෙන්නම එදා බෙබි හාමුගෙ කකුල මිරිකුවා. එ මදිවට බෙබි හාමු බලන්න ආව ශෙනාන්ට තේ හදලා දුන්නෙත් ලුනු දලා. ශෙනාන් තේ බොන කෙනෙක් නෙවෙයි නිසා එපා කිව්වට පස්සෙ අන්තිමට එක බොන්න උනෙත් බෙබි හාමුට. එවා මතක තියෙන බෙබි හාමු ප්‍රශ්නයකදි අනිත් අයවත් ශෙප් කරන් කවදත් ගත්තෙ සිතුකගෙ පැත්ත. ඉතින් අන්තිමට ශෙනාන්ගෙයි සිතුකගෙයි වලි මැද්දෙ කොකොහොමහරි වෙනදා වගෙම හතර දෙනාම කැම්පස් එකට ආවා. ලෙක්චර්ස් තියෙන්නේ ටිකක් දවල් වෙලා නිසා කට්ටියම ගියේ ගෙදර ඉදන් අරන් ආව කැම කන්න කැන්ටින් එකට. එ යනකොට උත්තරා එයාලට මෙසයක් අල්ලන් තව කෙල්ලෝ ටිකක් එක්ක ඉද ගෙන කතා කර කර ඉන්නවා.

"ඔහ් බෙබි ඔයා ඇවිත්...." සිතුකලාව දැක්ක උත්තරා වෙනදා වගෙම දුවන් ඇවිත් බෙබි හාමුගෙ අතේ එල්ලුනා. මේ දිහානම් සිතුක වගෙම ශෙනාන් බලන් හිටියේ කටත් ඇද කර ගෙන.

"ඔන්න අනිත් සක්කර වට්ටම....." නිමල්ට විතරක් ඇහෙන්න සිතුක කිව්වේ කටත් ඇද කරන ගමන්. නිමලුත් කටින් අත වහන් හිනා වෙන ගමන් බලන් හිටියා.

"එන්නකෝ යන්න... මට අද යාලුවො ටිකක් අදුන්වලා දෙන්න තියෙනවා...."

එහෙම කියන ගමන් උත්තරා ඉස්සරහා වෙලා ගිහින් ඉද ගද්දි සිතුකලත් ගිහින් ඉද ගත්තා. එතන හිටියේ තව එයාලගෙම වයස කියන්න පුළුවන් ලස්සන කෙල්ලො දෙන්නෙක්. එක්කෙනෙක්නම් සිතුක දිහා හොරෙන් හොරෙන් බලන ගමන් හිටියා.

"මේ ඉන්නෙ ගීත්මා.... එතකොට මේ අංජලි සයන්ස් එකෙම තමා මෙයාලත්...."

"හායි ගායිස්...." කොල්ලො ටිකම එයාලට හිනාවක් දිලා විතරක් පාඩුවේ හිටියා.

"උත්තරා.... අපි මේ ලෙක්චර් වලට තව වෙලා තියෙන නිසා කන්න කියලා හිතුවේ....."

"අහ් කමු තනු.... අපිත් මේ ඔයාලා කන්න එනකම් හිටියේ... අද අංජලි ස්පෙශල් කෙනෙක් වෙනුවෙන්ම උයලනේ...."

"එ කාටද ඒ...."

උත්තරා කිව්ව දෙට කාටද කියලා අංජලි දිහා බලලා සිතුක ඇහුවා. අංජලි මුනත් රතු කරන් බැග් එකෙන් ඔතපු බත් පාර්සලේ අරන් මෙසෙ උඩින් තිබ්බා. බත් එකෙන් ආව සුවදටම කට්ටිය ඉක්මනට බත් පාර්සලේ දිග ඇරියා. මස් බිත්තර දලා රයිස් එකක් හදලා. සැමන්, පපඩම් එක්ක චිලිපෙස්ට් තිබ්බා.

"අඩෝව් සිතු වස්තුවේ මේ උබගෙ ෆෙවරිට්ම නෙද...."

බත් ‍එක දැකලා නිමල් එහෙම කිව්වම. බිම බලන් ලැජ්ජවෙන් ඉන්න අංජලිට උත්තරා ශෙප් එකෙ  අතට එකක් ඇන්නා. මෙක දැක්ක බෙබි හාමුනම් උත්තරා දිහා ඇස් හිනි කරන් බලන් හිටියා. මොකද ඔනි මොඩයෙක්ට කියන්න අංජලි සිතුක දිහා බලන විදිය නිසාත් සිතුක ආස කැම ගෙනාව නිසාත් උත්තරා හැසිරෙන විදිහටත් උත්තරා මේ හදන්නෙ අංජලිව සිතුකට සෙට් කරන්න කියලා.

"සිතු ඔයාලා කන්න.... උත්තරා මට ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න ඔනි.... පොඩ්ඩක් එනවද....."

"ඇයි තනුශ කැම එක හරි නැද්ද...." ගිත්මා ඇහුවේ බත් කටක් අනන ගමන්.

"නැ නැ ඔයාලා කන්නකෝ... මන් එයා එක්ක කතා කරලා ඇවිත් කන්නම්...."

"හැබැයි ඔයා එනකොටනම් බත් එක නැති වෙයි බෙබි හාමු..."

යන්න හදන බෙබි හාමුට නිමල් කිව්වේ පපඩමක් කරස් ගලා හපන ගමන්. තවත් මුකුත් නොකියා බෙබි හාමු උත්තරාවත් ඇද ගෙන ටිකක් එහාට ගියා. සිතුකනම් මේ දිහා බලන් හිටියෙ පපඩම් තරහින් කුඩු කරන ගමන්.

"මොකක්ද තනු වෙලා තියෙන්නේ... බලන්න අර රස බත් එකෙන් කටක් කන්න බැරි උනානේ...."

"එ බත් එක වගෙ බත් එකක් නෙවෙයි දෙකක් අරන් දෙන්නම්.... ඉස්සල්ලා කියනවා මොකක්ද මේ කරන්න යන වැඩේ...."

"මොන වැඩෙද..."

"තමුසෙ අර අංජලි කියන එකිව සිතුට සෙට් කරන්න නෙද ඔය ලැස්ති...."

"අව්ශ්... ඔයාට කොහොමද එක තෙරුනේ තනු.... බලන්නකො අනේ අංජලි සිතුක කැම්පස් ආව දවසෙ ඉදලා කැමතිලු.... දැන් සතියකට කලින් මටත් කිව්වේ... ඉතින් මගෙන් උදව්වක් ඉල්ලුවා සිතුකට ලන් වෙන්න... ඉතින් මන් කිව්වා සිතුක කැමති දෙයක් හදලා අරන් එන්න කියලා.... එක තමා අද ඔය ආවේ...."

"තමුසෙට මොලයක් නැද්ද උත්තරා.... අනික මෙ ගැන ඔයාට මට මුලින් කියන්න තිබ්බා... ශික් බලනවකො තමුසෙ කරන වැඩ...."

"හොව් හොව්.... ඔයා ඇයි කෙන්ති ගන්නෙ තනු... මට කියන්න එපා ඔයා අංජලිට කැමති කියලා..." උත්තරා එහෙම ඇහුවේ කොන්ඩෙත් ඇද ගෙන අත මිටි කරලා එකක් බිත්තියට ගැහුව බෙබි හාමු දිහා බලන්.

"එකිට කැමති රෙද්දක් නෙවෙයි ඔයි.... සිතු මගෙ බොයි ෆ්‍රෙන්ඩ්....."

"මොනවා..... මොකක්?...."

"ඔව් ඔයි ඔව්.... තමුසෙ හොදටම දන්නවනේ මම ගේ කියලා.... ඉතින් සිතු මගෙ බොයි ෆ්‍රෙන්ඩ්.... ඉතින් මන් කොහොමද යකොව් වෙන එකියක් මගෙ එකාව සෙට් කර ගන්න හදනවා බලන් ඉන්නෙ...."

"ඔහ් ශිට් තනු.... මට මෙක කලින් කියන්න එපැයි බබෝ.... එහෙනම් මන් මෙහෙම දෙයක් කරන්නෙ නැනේ...."

උත්තරා එහෙම කිව්වේ. පසු තැවිමෙන් බිම බලන්. මොකද අවුරුදු ගානක් එයාගෙ හොද යාලුවගෙ පාට්නර්ව වෙන කෙනෙක්ට යාලු කරලා දෙන්න ගියට දුකෙන්. මොකද උත්තරා හොදටම බෙබි හාමු ගැන දන්නවා. රට ගිහින් බෙබි හාමු එක්ක ඉද්දි බෙබි හාමු ගේ ෆිලින් තියෙන කෙනෙක් කියලා උත්තරා දැන ගත්තා. කොච්චර ලස්සන හුරතල් පෙනුම තියෙන කොල්ලො බෙබි හාමුට කැමති කිව්වත් බෙබි හාමු එ කාටවත් කැමති උනේ නැ. ඉතින් බෙබි හාමු මේ කෙනෙක්ට කැමති උන පලවෙනි වතාව කියලා උත්තරාට අමුතුවෙන් හිතන්න ඔනි උනේත් නැ. බෙබි හාමුගෙන් සමාව ගත්ත උත්තරා අංජලිට සිතුකට වෙන කෙනෙක් ඉන්නවා කියලා තෙරුම් කරලා දෙන්නම් කියලා පොරොන්දු වෙලා ආපහු කට්ටිය ඉන්න තැනට ගියා. හැබැයි යද්දි බත් එක ඉවරයි වෙලා අලුත් එකක් කන්න පටන් අරන් තිබ්බා.

"අඩෙහ් බත් එක ඉවරයිද...."

"ඇයි නැතුව උබලා එනකම් අපි බත් එක තියන් සිල් රකින්නද...." නිමල් එහෙම ඇහුවේ දත් සෙට් එකම පෙන්නලා හිනා වෙන ගමන්.

"ඔන්න උබේ දත අස්සෙ මැල්ලුම් කැල්ලක් ගිහින්... පිග ගනින්....."

එහෙම කියන ගමන් නිමල්ගෙ ඔලුවටත් එකක් ගහන් බෙබි හාමු සිතුක ළඟින් වාඩි උනා. හැබැයි උත්තරා එක්ක ගිය තරහටම සිතුක බෙබි හාමුගෙ ඇගෙ ගැවෙන්නෙ නැති වෙන්න නිමල් ලගට කිට්ටු උනා. හෙතුව මොකක්ද කියලා දන්න බෙබි හාමු උත්තරාට රැව්වම උත්තරත් එ ගැන තෙරුම් අරන් කන් දෙකම අල්ලන් හිමිට තොල් වලින් විතරක් සොරි කිව්වා. කලා ලෙක්චර් ගිහින් ඔක්කොම වැඩ ඉවර කරලා කට්ටිය ගෙදර යන්න ලැස්ති උනා. එ කොහොම උනත් සිතුකනම් මුළු දවසම බෙබි හාමුගෙන් තරහා පිරි මැහුවා. වැඩි පුර නිමල් එක්ක විතරයි සිතුක අද කතා බහ කරලා හිටියේ. කාර් එකෙ ගෙදර එන ගමනුත් සිතුක ශෙනාන්වත් තල්ලු කරන් ඇවිත් පැසෙන්ජර් සිට් එකෙ ඉද ගත්තත් ජනෙලෙන් එලිය බලන් කතාවක් නැතුවම එන්න ආවා. සිතුකගෙ ගෙදර ළඟින් නැවැත්තුවට පස්සෙත් නිමල්ට විතරක් යන්නම් කියලා සිතුක කාර් එකෙ දොරත් සද්දෙන් වහලා යන්න ගියා. සිතුක යන දිහා බලන් ඉදලා හුස්මක් අත ඇරපු බෙබි හාමු රැට ඇවිත් යාලු කර ගන්නවා කියලා හිතන් නිමල්වත් ගෙ ළඟින් බස්සලා ශෙනාන් එක්ක වලව්වට ගියා. රැට කලා ඉවර කරලා ඔක්කොමලා නිදා ගන්නකම් ඉදලා අදත් වෙනදා වගෙම බෙබි හාමු සිතුකව හොයන් සිතුකලගෙ ගෙදරට ආවා. කාටත් හොරෙන් සිතුකගෙ කමරය ළඟට ආව බෙබි හාමු සිතුකගෙ කාමරෙ ජනෙලයට තට්ටු කරා. දෙපාරක් තුන්පාරක් තට්ටු කරලා බලන් හිටියේ ජනෙල අරිනකම්. ජනෙල ඇරුනෙ නැති තැන ආය පාරක් තට්ටු කරන්න හදනකොට ජනෙල ඇරුන නිසා වටපිට බැලුව බෙබි හාමු ජනෙලෙන් පැනලා සිතුකගෙ කාමරෙට ආවා. කාමරෙට ආව බෙබි හාමු ජනෙලෙත් වහලා ආපහු හැරෙද්දි දැක්කෙ සිතුක ඇදෙ ඉද අත් දෙකෙ ඇගිලි මිරිකන ගෙන මුන බිමට හරවන් ඉන්නවා. සිතුක ලගට ගිය බෙබි හාමු සිතුක ළඟින් දන ගහලා සිතුකගෙ අත් දෙකෙන් අල්ල ගත්තා.

"ඇති නැද්ද වස්තුවේ මගෙන් පලි ගත්තා.... ම්ම්ම්ම්.... දැන්වත් යාලු වෙමුකෝ..... මන් කොල් කියක් හත්තද ඔක්කොම කට් කරා... මැසෙජ් කියක් දැන්මද අහ්.... ඔහොම ඉන්න එපා සිතු... ඔයා දන්න්වනේ මට ඔයා මෙහෙම ඉද්දි ගොඩක් දුක හිතෙනවා කියලා නේද....."

"ඔයාට දැන් මාව ඔනි නැනෙ බෙබි හාමු.... ඔයාගෙ මහා ලොකු යාලුවො ඉන්නෙ... එකෙක් මදිවට දෙන්නෙක්ම ඉන්නෙ ඇගෙ එල්ලෙන්න.... ඉතින් මාව මොකටද.... තමුසෙත් ආස නිසානෙ කන්නෙවත් නැතුව අරකිව අයිනකට ඇදගෙන ගියේ නෙද...."

"එයාව එක්කන් ගිය හෙතුව නොදැන ඔයා මට ඔහොම කැ ගහන්නෙ මැනික...."

"මොකද මන් නොදන්නෙ.... මන් ඉන්න තැන කියන්න කරන්න බැරි දෙවල් වලට වෙන්න ඇතිනෙ එක්කන් ගියේ...."

"දෙයියනේ මොනවාද සිතු මේ ඔයා කියන්නේ..... මන් උත්තරාව එක්කන් ගියෙ එකි තමුසෙ අර අංජලි සෙට් කරන්න හදන එක නවත්තන්න.... ඔහොම සැක කරන්න එපා බන් මාව.... උබ කෙන්ති ගිහින් කියන සමහර වචන මගෙ පපුවට පිහි තුඩකින් අනිනවා වගෙ සිතුක.... ඔයා හොදටන දන්නවානෙ සිතු මට ඔයා ඇරෙන්න වෙන උන් ඔනි නැ කියලා...."

"අංජලී ගැන මොකක්ද?..." සිතුක එහෙම ඇහුවේ තිබ්බ තරහා මරහා ඔක්කොම අමතක කරලා. තවත් බෙබි හාමුගෙ හිත රිද්දන්න බැරි නිසා

"ම්ම්ම් ඔව් එකි තමා.... ඇයි ඔයා හිතුවද එකි තමුසෙ කන්න ආස කැම හම්බෙන් හදන් ආවා කියලා.... ඔය ඔක්කොම උත්තරාගෙ ප්ලැන් එකක්... එක නිසයි මන් උත්තරා එක්කන් ගියේ...."

"ඉතින් ඔයා එකට මොකටද උත්තරා එක්කන් ගියේ.... මාව එක්කන් ගිහින් එකිගෙන් ඇත් වෙලා ඉන්න කිව්වනම් හරිනේ...."

"ඊට වඩා හොද නැද්ද වස්තු.... මේ නෙලුම් මලේ අති කාරයා මම කියලා එයාට කියලා.... අංජලිව ඔයාගෙන් ඇත් කරන එක ම්ම්ම්....."  බෙබි හාමු එහෙම කිව්වේ සිතුකගෙ කම්මුලක් හිමිට එයාගෙ ඇගිල්ලකින් පිරි මදින ගමන්.

"තාමත් තරහද මන් එක්ක...."

"ම්හුක්..."

"කෝ ඉතින් තරහද කියන්නකෝ මැනික...."

"නැ එත් මට ඔයා එක්ක කෙන්ති බෙබි හාමු...."

මුන බිමට හරවන් සිතුක කිව්වේ එයා දවල් තරහා වෙලා හිටියේ බොරු හෙතුවකට නෙද කියන ලැජ්ජවටත් එක්කම මුන රතු කරන්.

"කවදා වෙනකම් මට බෙබි හාමු කියනවද සිතු....."

"බෙබි හාමුට කොහොමද මන් නම කියලා කතා කරන්නේ...."

"බෙබි හාමු වෙන්නෙ වලව්වට විතරයි සිතු.... ඔයා ළඟ ඉන්නෙ මේ දැන් නිම්මම නිකම් තනුශ කෙනෙක්.... ඉතින් දැන් ඇති නෙද මට බෙබි හාමු කිව්වා....."

"එහෙනම් මන් මොකක් කියලාද බෙබි හාමුට කතා කරන්නේ...." ඔලුවටත් පොඩි පොඩි තට්ටු දාන ගමන් සිතුක වහලේ දිහා බලන් කල්පනා කරන්න ගත්තා. බෙබි හාමු කල්පනා කරන සිතුක දිහා බලන් හිටියේ හිනා වෙලා.

"අනිත් අය වගෙම තනු කියන්න සිතු..... එහෙම අව්ලක් නැනෙ.... දැන් ඔච්චර හිතන්න එපා....."

"ශිශ් එක බැ.... අර ලොබු කටයි සක්කර වට්ටමයි දෙන්නම චනු ගා ගත්ත ගමන්මයි....." කටත් ඇද කරලා එහෙම කිව්ව සිතුකගෙ කම්මුල බෙබි හාමු හිමිට මිරිකුවා. උදේ ඉදලා තරහා වෙකා පුප්පගෙන හිටිය කොල්ලද මේ ඉන්නෙ කියලා හිතන්න බැරි තරම් සිතුක දැන් හුරතල් පාට වෙලා හිටියා.

"එහෙනම් ඔයා එකක් හිතලා කියන්නකෝ...."

"මන් තිනු කියන්නම්.... එක හොඳයි නෙද....."

"ම්ම්ම්ම් එක ලස්සනයි.... ඉතින් දැන් තරහත් නැති එකෙ... එහෙනම් චුට්ටිත්තන් හාදුවක් දෙන්නද...."

සිතුකගෙ මුන නිකටින් අල්ලලා ටිකක් ඉස්සුව බෙබි හාමු සිතුකගෙ ඇස් දිහා බලා ගෙනම ලා රොස පාට තොල්.පෙති දිගේ ඇගිල්ලෙන් පිරි මැද්දා. සිතුකගෙ අකමැත්තකුත් නැති නිසාම සිතුක ළඟ දන ගහන්ම බෙබි හාමු සිතුකව එයාගෙ මුන ලගට පහත් කරලා එයාගෙ තොල් වලින් සිතුකගෙ තොල් අල්ලා ගත්තා. එත් එයාලට එයාලගෙ හාදුව දිගටව්ම කරන් යන්න උනේ නැ මොකද,

"දෙයි හාමුදුරුවනේ සුදුවෝ....."

"අම්මා!!!................

______________________________________________




ඔන්න මන් ආවා හි හි. දැන් අපි සිතුකගෙයි බෙබි හාමුගෙයි කතාව ඉවර කරමු නෙද ලමයිනේ.

ආයෙත් කොටසකින් එනකම් පරිස්සමින් ඉන්නෝ. මේ දවස් වල වැස්ස නෙද ලමයි. තෙමෙන්න එහෙම එපා මම තෙමිලයි එළ කිරි බිලයි හතිය හැදුනා. ඔයාලත් පරිස්සමින් හොදේ,

ආදරෙයි ඔයාලට ❤️✨

මම මාහි 🤍🌼

Continue Reading

You'll Also Like

3.4K 196 2
සියුම් සිතිවිලි හද කොණ ඇවිළූ ආදර කවිපද මිමිණූ ලන්දූ අවසර නැතිවද හද දොර ඇහිරූ විවර කරනවද ප්‍රේමයේ කවුලූ.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
4.9K 970 5
හිමි වීම පමණ ද ආදරේ.....❤️
1.2M 66.2K 59
𝐒𝐜𝐞𝐧𝐭 𝐨𝐟 𝐋𝐨𝐯𝐞〢𝐁𝐲 𝐥𝐨𝐯𝐞 𝐭𝐡𝐞 𝐬𝐞𝐫𝐢𝐞𝐬 〈𝐛𝐨𝐨𝐤 1〉 𝑶𝒑𝒑𝒐𝒔𝒊𝒕𝒆𝒔 𝒂𝒓𝒆 𝒇𝒂𝒕𝒆𝒅 𝒕𝒐 𝒂𝒕𝒕𝒓𝒂𝒄𝒕 ✰|| 𝑺𝒕𝒆𝒍𝒍𝒂 𝑴�...
2.1K 388 8
𝑫𝒂𝒕𝒆 𝑾𝒊𝑻𝒉 𝑴𝒀 𝑳𝑶𝑽𝑬 ♡︎ 𝑌𝑖𝑍ℎ𝑎𝑛 𝑆ℎ𝑜𝑟𝑡 𝑆𝑡𝑜𝑟𝑦 - 𝑆𝑖𝑛ℎ𝑎𝑙𝑎 - COMPL...