ඒක දැකපු ගමන් ජිමින්ට හිතන්න දෙයක් තිබුණේ නෑ.
එයා පැනපු ගමන් ඒකෙ නිල් පාටට තිබුණු Accept බොත්තම එබුවා....
ඒත් එක්කම ආපහු ජිමින්ට මැසේජ් එකක් ආවා.
"හායි"
"හායි"
"මම යූන්ගි... මතකයි නේහ්?"
"මොකද මතක නැත්තෙ?"
"හෙහෙ... මං හිතුවෙ නැතුව ඇති කියලා"
"ආ එහෙමද? එහෙනම් මං අමතක කරන්නද?"
"අනේ එහෙම කරන්නෙපා ඉතින්"
"ම්ම්....."
"මේහ්"
"ඕ"
"හෙට ඉස්කෝලෙ එනවා නේහ්?"
"මමද?"
"නෑ ඔයාගෙ භූතයා"
"භූතයා නම් දන්නෑ, මං නම් එනවා"
"මෙන්න මෙයා බලන්නකෝ"
"ඇයි?"
"ඇයි කියන්නෙ.. දෙකට ගණින්න බැරි අහිංසකයා වගේ නේ කලින් හිටියෙ"
"ඉතින් දැන් එහෙම නැද්ද?"
"දැන්නෙ මෙයාගෙ හැටි පේන්නේ"
"එහෙම කියන්නෙ ඇයි"
"කොටට කොටේ හිටියට කට බලන්නෙපෑ"
"අනේ මේ... ඔයා හරි උස එකානෙ"
"ඔයාට වඩා උසයිනෙ"
"යැයි යැයි චමා"
"මේ මේ... ඕවට එන්නෙපා හරිය.. මගෙ දත් විසයි හුම්"
"ඔව් ඔව් පූස් දත්නේ"
"හෑ!! මක්ක කිව්වා!?"
"පූස් දත්... ඇයි?"
"දැන් මාව පූසෙක් වගේද පේන්නෙ"
"ඕ... සුදුමැලි පූසා"
"මෝඩ කොටා!"
"මං කොට නෑ!!"
"එහෙනම් නිදාගන්න දැන්.... හෙට ඉස්කෝලෙ එන්න හොඳේ..."
"ඔයා මං එනකල් බලන් ඉන්නවද?"
"ඔව්... එහෙනම් දැන් ගිහින් නිදාගෙන ඉක්මණට එන්න ඈ"
"හ්ම්... ගුඩ් නයිට්"
"ගුඩ් නයිට්... කොටෝ"
"මං"
"කොට"
"නෑ!!!!"
එදා රෑ ජිමින් නින්දට ගියේ හරිම සතුටින්.. ඉක්මණට හෙට ඉස්කෝලෙ යන්න බලාගෙන....
ජිමින් කොට නෑ හරිත? 😼 මට විතරයි එහෙම කියන්න පුළුවන්..
~පූසෙක්
Nuuni_Nim