She Is My Treasure ( Complete...

By geethma16

688 108 11

" ඒක වෙන්නෙ කොහොමද ... නෑ මං ගෙනියන්න දෙන්නෙ නෑ.. අපිට එයාව අරන් යන්න වෙනවා මිස්ටර් ජන්ග්.. මට හැමදේම නැති කර... More

Prologue
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 06
Last Chapter

Chapter 05

61 11 0
By geethma16

.......

   ඔ..ඔව් ඩොක්ටර් කියන්න.. ම්..මගෙ ලේ ගැලපෙන්නෙ නැද්ද.. ම්.මං ඉක්මනට හොයන් එන්නම්.. එයාව බේර ගන්න.. මං කලබලෙන් කිව්වෙ එතනින් එන්න ලෑස්ති වෙලා.. ඒත් ඩොක්ටර් මගෙ අතින් අල්ලගෙන මං දිහා බලද්දි මගෙ හදවත කෑ ගැහුවෙ නරක දෙයක් නම් තවත් අහන්න වෙන්න එපා කියලා..

මිස්ටර් ජියොන්.. ඔයා කොහෙවත් යන්න ඔනි වෙන එකක් නෑ..

ඩොක්ටර් ..

  ජන්ග්කුක් ඔයාගෙ ලේ ගැලපෙනවා.. ඉක්මනට ලෑස්ති වෙන්නකො... කියපු ඩොක්ටර් මට තට්ටුවක් දාලා යද්දි මට දැනුන දේ කියන්න වචන නෑ..

  එ.. ඒ කියන්නෙ මගෙ ලේ එයාට ගැලපෙනවා.. ඒත් කොහොමද .. ඒ කියන්නේ මිඩියා වලින් කිව්වා වගෙ මගෙ දරුවෙක් ද.. මං අතින් කාට හරි ඒම වැරැද්දක් වුණා ද.. මං නොදන්නෙ කොහොමද ඒක.. නෑ මට දැන් ඒක වැඩක් නෑ.. ජින් ඒ .. ඔයා තමයි මට ඕනි...

  එදා ඔපරේෂන් එකෙන් පස්සෙ මං ජින් ඒ ළගට ම වෙලා ඉදියත් එයාට සිහිය ආවේ දවස් දෙකකට පස්සේ..

අප්පා.. මියානේ..

ඇයි මැනික..

අප්පා කියන දේ ඇහුවෙ නැති නිසා මෙම වුණේ..

  ඒකට කමක් නෑ ජින් ඒ.. ඔයා ඉක්මනට සනිප වෙන්නකෝ.. අරස්සෝ..

  දේ.. අප්පාට මං කරදර කරනවා නේද..

අනී ඔයා මට කරදරයක් නෙවෙයි කවදාවත් ම.. තේරුණා ද..

  ඒරා ඔම්මට අපි දෙන්නව අමතක ද වෙලා ද අප්පා..

  අ..අනි.. ඉක්මනට ඒවි.. ඔම්මාට වැඩ වැටිලා ඇති..

  හ්ම්.. අප්පා ඔලුව රිදෙනවා..

  දැන් තෙරෙනව ද මේ කෙල්ලට ඔලුවක් තියෙ කියලා අහ්.. මං හිනාවක් දාලා අහද්දි ජින් ඒ..

ඔලුව ඇතුළේ මොලේකුත් තියෙ වගෙ අප්පා..හිනා වෙවි කිව්වා..
 
  ජින් ඒ ට නින්ද යනකම් ම මං ඔලුව හෙමින් සැරේ පරිස්සමින් අත ගෑවා..

  දැන් කාලෙ ගොඩක් ගෙවිලා ගිහින්.. ඒරා ඔයා වෙනස් වෙලා ඇති.. ඔයා මැරි කරා ද... දැන් බබෙකුත් ඇති.. ඔයාගෙ බිස්නස් වැඩ එක්ක අපි ව අමතක වෙලා ඇති නේද.. ඒත් පරිස්සමින් ඉන්න.. මගෙ යාලුවා විදිහට මගෙ හදවතේ ඔයා හැමදාම ඉන්නවා.. අවුරුදු පහළොවක් ගෙවිලා ගිය ඉක්මන.. දැන් ඉන්න කවුරුත් ජියොන් ජන්ග්කුක් ව දන්නෙවත් නෑ..

  සොලො සින්ගර් ජියොන් ජන්ග්කුක් .. ලොකෙන් ම නැති වෙලා ගිහින්.. ඒත් ජින් ඒ ගෙ ලොකේ වීරයා වෙලා.. මට ඒ ඇති.. තාමත් මං ඒ ගැන පසු තැවෙන්නෙ නෑ.. මං දන්නවා මේක තමයි හොද ම තේරීම.. හ්‍යුන් ඔයා ඉදිය නම් එහෙම කියනවා නේද.. ඔයා හොදින් ද හ්‍යුන්.. ඉන්න තැනක පරිස්සමින් ඉන්නව ද..

  ජින් ඒ ව ගෙදර ගෙනාවට පස්සෙ එයාව පරිස්සම් කරන්න කිව්ව නිසා ආයෙ ම එයා චූටි කාලෙ වගෙ මට එයාව බලා ගන්න පුලුවන් වුණා..අතින් අල්ලගෙන ඇවිද්දවන කාලෙ වගෙ එයාගෙ අතින් අල්ලගෙන හෙමින් හෙමින් ඇවිද්දා.. හවස් වරුවට සෙල්ලම් පිට්ටනිය පැත්තට ගිහින් එයා එක්ක කතා කර කර ඉදියා..

හ්‍යුන් එයා මගෙ වුණාට හ්‍යුන්ගෙන් මොලෙ හොරකම් කරන් ඇවිත් වගෙ.. එයාගෙ ඔම්මා වගෙ පණ්ඩිතයි ටිකක්.. මං කිව්වෙ ඒරා... වගෙ.. ජින් ඒ ආයෙ ම ඉස්කොලෙ යන්න පටන් ගත්ත ම දවල් ට ඇවිත් මගෙන් ණය ඉල්ලලා කරදර වෙන්න පටන් ගත්තා..

  ජින් ඒ ගෙ බෙහෙත් වලට මං ළඟ සල්ලි තිබුණේ නැති නිසා අපි දෙන්නගෙ ගෙදර ඔප්පුව තියලා සල්ලි ගත්තත් වියදම් එක්ක ඒක ගෙවන එක අමාරු වුණා.. ඒත් මං කවදාවත් එක්ක ජින් ඒ ට දැන ගන්න දුන්නෙ නෑ..

ජින් ඒ ඉගෙන ගන්න ගොඩක් දක්ෂ නිසා එයාගෙ සල්ලි මං පරිස්සමින් අරන් තිබ්බා.. ඒත් වසන්තෙකට පස්සෙ කුණාටු හමන සීත කාලේ මගෙ ජිවිතේට ආවේ මට හැම දේම නැති කරලා දාලා..

  අප්පා...

ඕ....

හෙට ඉස්කොලෙට එන්න කිව්වා..

මොකද්ද මේ පාර කරේ..

ම්..මං මොකුත් කරේ නෑ..

ජින් ඒ..

  එ..ඒක මෙහෙමයි වුණේ.. ම්..මං මේ.. මං බෝලේ ... ජින් ඒ කියන්න දගල දගල ඉන්න අතරේ එක පාරට ම බෙල් එක වැදුන නිසා මං වැරදිකරුව පුටුවෙ තියල ම ගිහි දොර ඇරියා..

වාහන තුන හතරක් ම ගේ ඉස්සරහා නතර කරලා තියෙද්දි මගෙ හිතට ලොකු බයක් දැනුනා...

  කවුද ඔයාලා..

  මිස්ටර් ජියොන් ජන්ග්කුක් ..

ඔව් මං තමයි..

අන්‍යොන් .. මම නීතිඥ කිම් හා යුන්...

ඔව්.. ඇයි මෙහෙ..

ඔයාගෙ දුව නේද ජියොන් ජින් ඒ කියන්නේ..

ඔව් මොකද්ද වෙන්න ඔනි.. මං කියද්දි ජින් ඒ ඇවිත් මගෙ පිටි පස්සෙන් ශර්ට් එක අල්ලගෙන එබිලා බැලුවා..

  අපිට එයාව අරන් යන්න වෙනවා.. 

මොකද්ද.. කොහෙද.. මගෙ දුව අරන් යන්න ඔයාලා කවුද..

ජියොන් ජන්ග්කුක් ගෙ දුව නෙවෙයි නේ ජින් ඒ කියන්නේ..

අප්පා..

කවුද කියන්නේ.. මේ මගෙ දරුවා තමා...

සමාවෙන්න .. ඒත් අපිට ඉක්මනට ජින් ඒ ව එක්කගෙන යන්න වෙනවා..

කොහෙ යන්න ද.. තමුසෙලට පිස්සු ද..

ඔයාට නිත්‍යානුකූල බැදිමක් තිබුනත් ඒ සේරගෙන් ම ඔයාව නිදහස් කරා.. මේ තියෙන්නෙ ඒ ලියකියවිලි.. මිස් ජින් ඒ ඔයා දැන් අපි එක්ක යමු..

ම්..මොනා ද ඔයාලා කියන්නෙ.. අප්පා..

විකාර කියවන්නෙ නැතුව යනවා යන්න මගෙ ගෙදරින්...

  ජින් ඒ ගෙ ඔම්මා තමයි අපිට එයාව අරගෙන එන්න කිව්වෙ.. ඔයාට එයාව තියා ගන්න අයිතියක් නෑ.. එහෙම වුනොත් ඔයාව අපිට හිරේ දාන්න වෙනවා.. කරුණාකරලා අපිට උදව් කරනව ද.. මිස් ජින් ඒ අපි එක්ක යමු..

ඒක වෙන්නෙ කොහොමද ... නෑ මං ගෙනියන්න දෙන්නෙ නෑ..

අපිට එයාව අරන් යන්න වෙනවා මිස්ටර් ජන්ග්..

ඔයාලා කොහොමද මගෙ දරුවා ව මගෙන් අර ගන්නේ.. ඒක වෙන්න දෙන්නෙ නෑ මං..

සර් නීත්‍යානුකූලව මෙ දරුවා සර්ට අයිති නෑ.. ඒ නිසා අපිට අරන් යන්න වෙනවා.. සමාවෙන්න...

නෑ.. ඒක වෙන්න දෙන්නෙ නෑ..

අ..අප්පා...

ජින් ඒ..

අ..අප්පා.. මට යන්න බෑ..

මිස් කරුණාකරලා අපි එක්ක යමු ද..මිස් ගෙ ඔම්මා බලන් ඉන්නවා මිස් එනකම්..

ම්..මගෙ ඔම්මා.. නෑ මට ඉන්නෙ අප්පා විතරයි.. ශිරෝ...

  මිස් සමාවෙන්න.. ඒත් අපි එක්ක යමු... නැත්තම් මිස්ටර් ජන්ග් ට ගොඩක් කරදර විදින්න වෙයි..

අ..අප්පා... ජින් ඒ මගෙ  දිහා බලාගෙන කියද්දි මං ජින් ඒ ගෙ අතින් තද කරලා අල්ලගෙන..

  ජින් ඒ අප්පා ඔයාව අරන් යන්න දෙන්නෙ නෑ අරස්සෝ..

  ඒත් අප්පට කරදරයක් වුනොත්..

  එහෙම වෙන්නෙ නෑ ජින් ඒ..

  සර්.. අපි දැන් යන්න ඔනි.. කියපු ඒ මනුස්සයා එතන ඉදපු ගාර්ඩ් ට ජින් ඒ ව වාහනේට දා ගන්න කිව්වෙ අනිත් කට්ටිය ම ඇවිත් මගෙ ළඟින් ජින් ඒ ව ඇදලා අරගෙන යද්දි මං ඒ තුන් හතර දෙනාට ගැහුවත් ඒ මිනිස්සු ළඟ වයසක මට වඩා ශක්තිය තිබුණා..

  ජින් ඒ ව අරගෙන යද්දි මට කිසි දෙයක් කර ගන්න බැරි වුණා.. මං කෑ ගැහුවත් කවුරුත් ඉදියේ නෑ මගෙන් ඇයි කියලා අහන්න.. ජින් ඒ ව මට ගෙනත් දෙන්න.. එක පාරට ම අදුරු වුණ පරිසරය ම වැස්සෙන් තෙමිලා ගියේ මා එක්ක ම එයාලත් අඩනවා වගේ..

  මට කරන්න කිසි දෙයක් හිතා ගන්න බැරි වෙනකොට ණය කාරයා ඇවිත් ගෙදර යතුර අරන් මොනා හරි කියලා ගියත් මං ඉබා ගාතේ ඇවිදගෙන ගියේ මට කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ කියලා තෙරෙනකොට..

  මට හැමදේම නැති කරලා.. මගෙ ළගට සුරංගනාවියක් දීලා එක පාරට ම මගෙන් අරන් යන්න තරම් මං එයාගෙ ඔම්මට මොනා ද කරේ.. කවුරුත් නැති මට මගෙ ජීන් ඒ වත් නැති වුණා ම මං මොකද කරන්නේ.. ජින් ඒ ව කොහෙට ද අරගෙන ගියේ.. මගෙ ජිවිතේ ම මට විහිලුවක් කියලා දැනෙද්දි මගෙ ඉස්සරහට ආව කාර් එකෙ මාව වැදුනා කියලා විතරක් මට තේරුණා..

  මේක ද මගෙ ජිවිතේ.. ඔම්මා නැතුව ඉපදිලා.. ටික කාලෙකින් අප්පත් දාලා ගියාට පස්සෙ මට හම්බුණ මගෙ ලොකේ වීරයා හ්‍යුන් පෙන්නපු ගමන ගියත් හ්‍යුනුත් මාව තනි කරල යද්දි .. ලෝකෙ ම ආදරෙත් නැති වෙද්දි තිබුණ එක ම සතුට මගෙ ආදරේ.. මගෙ ජිවිතේ මගෙන් හොරකම් කරගෙන යද්දි මං තවත් ජිවත් වෙලා වැඩක් තියෙවි ද.. මේක ද මගෙ ජිවිතේ.. මේක මගෙ ජිවිතේ තේරුම.. ලස්සන ඇරඹුමක් නැති ජිවිත කතාවේ අවසානයත් දුකක් ම විතර ද.. ?

Continue Reading

You'll Also Like

452K 16.1K 94
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
245K 9.7K 60
𝗜𝗡 𝗪𝗛𝗜𝗖𝗛 noura denoire is the first female f1 driver in 𝗗𝗘𝗖𝗔𝗗𝗘𝗦 OR 𝗜𝗡 𝗪𝗛𝗜𝗖𝗛 noura denoire and charle...
613K 37.4K 102
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
1.1M 44.2K 51
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...