She Is My Treasure ( Complete...

By geethma16

687 108 11

" ඒක වෙන්නෙ කොහොමද ... නෑ මං ගෙනියන්න දෙන්නෙ නෑ.. අපිට එයාව අරන් යන්න වෙනවා මිස්ටර් ජන්ග්.. මට හැමදේම නැති කර... More

Prologue
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Last Chapter

Chapter 01

103 12 0
By geethma16

Jungkook pov.

  "ජන්ග්කුක් ..... "

  "ජන්ග්කුක් සරන්ග් හේ...."

  "සරන්ග් හේ ඔප්පා ..."

"ජන්ග්කුක් ඔප්පාහ්..."

    ඔව්.. ඒ තමයි මේ ලොකේ මට ලැබුණ ලොකු ම සතුට වගෙ ම මගෙ එක ම ආදායම.. ඒ තමයි මගෙ රසික ආදරය.. මට ලැබුණ ආදරණීය ම දේ.. මගෙ එක ම ආදරේ.. ෆ්ලයිට් එකෙන් බැහැලා එළියට එනවත් එක්ක ම මට ඒ කෑ ගැහිලි කන් දෙකේ දෝංකාර දුන්නේ මං එයාපොර්ට් එක ඇතුළට යනකොට ම ඒ සද්ද වලින් මගෙ කන් පිරෙනවා කියලා දන්න නිසාමයි..

  මම ජියොන් ජන්ග්කුක් .. මුළු ලෝකයක් ම ආදරය කරන ලාබාලත ම ගායකයා.. අවුරුදු දහතුනෙන් පටන් ගත්ත මගෙ සංගීත ජිවිත ගමනේ අවුරුදු දහයක් ඇතුළත මට ලබා ගන්න පුලුවන් උපරිමය මම මේ වෙනකොට අරගෙන තියෙනවා.. ඒ සේර ම මේ වෙනකම් මා එක්ක ඉදපු මගෙ සහෝදරයෝ නිසා වගෙ ම මට ආදරය කරන මගෙ රසිකයෝ නිසා..

  මම මගෙ අතේ තිබුණ බෑග්ස් චෙකින්ග් කවුන්ටර් එකට දාලා ටිකක් එහාට වුණේ මගෙ පරණ යාළුවෙක් මට හම්බුණ නිසා..

ජන්ග්කුකා..

යොං සෝ... කොහොමද ...

  හොදයි කොල්ලෝ.. කොල්ල ව දැන් අල්ල ගන්නවත් බෑනේ.. කොහොම ඉදපු කොල්ල ද මේ.. යොං සෝ කියනකොට මං ලාවට හිනා වුණා..

  දැන් මොකො කරන්නෙ යොං සෝ..

  මං පැරිස් වල පොඩි බිස්නස් එකක් කරගෙන යනවා ජන්ග්කුකා..

  කෝ .. මං අහද්දි යොං සෝ හිනාවක් දාලා..

  එයා බබා එක්ක එහෙ.. තව කෙනෙක් එක්කගෙන එන්න නේ යන්නේ..

  අඩේ.. සුබ පැතුම් යොං සෝ.. මං සෝ ව බදා ගන්න ගමන් සුබ පැතුවා..

දෙන්නා එක්ක ම ටික වෙලාවක් කතා කරලා මං ආයෙ ම මගෙ බෑග් එක අතට ගන්නවත් එක්ක ම මට අමුතු බරක් දැනුනේ බෑග් එක ඇතුළෙන්.. මං මොකුත් මේකට දාගෙන ආවෙ නෑනේ.. මං ටිකක් දුර ඇවිදගෙන යනකොට බෑග් එකෙ බර  ෆෑන්ලගෙ සද්දෙත් එක්ක ම මට අමතක වුණත් ගාඩ් කෙනෙක් මගෙ ඇගේ වැදුණෙ මිඩියා කරදර නිසා..

  තව ටිකෙන් හ්‍යුනුත් බිම මාත් බිම.. ෆෑන් ලට වඩා කරදර මට මේ මිඩියා වලින්.. ෆෑන් ලගෙ සද්දෙත් එක්ක බබෙක් අඩන සද්දයක් එද්දි මං හැරිලා බැලුවේ කවුද බබෙකුත් අරන් මාව බලන්න ආවේ කියලා බලන්න.. බබාට වඩා මාව වටින්නෙ කොහොමද .. පව් ඒ දරුවා.. මේ වගෙ වෙලාවට නම් මට හොදටම තරහා යනවා.. පව් ඒ චූටි පැටියා.. මං ටිකක් හොදට වටපිට බැලුවත් සද්දෙ මට ගොඩක් ළඟින් ම ඇහෙද්දි මං එතන ම නතර වෙලා ෆෑන්ලට කෑ ගහන්න එපා කියද්දි කට්ටිය ම නිශ්ශබ්ද වුණා..

බබා අඩන සද්දෙට හැමෝම ඇහුම්කන් දෙද්දි ඒ සද්දෙ මගෙ ළඟින් ම ආව නිසා මං අතේ තිබුණ බෑග් එක බිමින් තියල හෙමිට බෑග් එක ඇරියත් මාව බිමට වැටුණෙ ඇතුළෙ තිබුණ දේ දැකලා.. මගෙ හදවත ටිකකට නතර වෙද්දි මිඩියා වලින් හෝ ගාලා මේක විඩියො කරන්න වගෙ ම පොටෝස් ගන්න පටන් ගත්තා.. වෙන්නෙ මොකද්ද කියලා මට තේරුම් ගන්න බැරි වුණත් සේජින් හ්‍යුන් මගෙ බෑග් එක ඇතුළෙ ඉදපු බබාව අතට ගන්නවත් එක්ක ම බබා අඩන එක තවත් වැඩි කරා..

  වෙන දේවල් මට තේරුම් ගන්න බැරි වුණත් මං දරුවව මගෙ අතට ගත්ත ගමන් එයා අඩන එක නැවැත්තුවා.. මගෙ දිහා බලන් ඉදියා.. ඒ ඇස්.. මට ගොඩක් හුරු බවක් ගෙනාවා.. ඒ කම්මුල්.. තොල්.. මට ඒවා හරි ම හුරුයි... ජිවිතේ පළවෙනි පාරට මං බබෙක් ව වඩා ගත්තා.. මගෙ අත් දෙක වෙව්ලනවා වගේ.. මං එයාව චුට්ටක් හොලවද්දි අඩන එක නතර කරලා මං දිහා ම බලන් ඉදියා.. ඒත් මේ කාගෙ ද.. කාගෙ ද මේ දරුවා..

  " ජන්ග්කුක් කාගෙ ද මේ දරුවා.."

  " ජන්ග්කුක් ඇයි ළමයෙක් ව බෑග් එකෙ දාගෙන ආවේ.."

  " ජන්ග්කුක් ළමයින් ව හොරකම් කරනව ද.. "

" ජන්ග්කුක් මේ ඔයාගෙ දරුවෙක් ද.."

  " ජන්ග්කුක් අපිට මේ ගැන කියන්න.. " මිඩියා වලින් එක දිගට ම ප්‍රශ්න කරන්න ගත්තේ මාව පිස්සු හැදෙන කොට..

මොනා ද මේ කියන්නෙ.. මගෙ දරුවෙක්..ඒත් කොහෙන්ද.. ම්..මට කිසි දෙයක් තෙරෙන්නෙ නෑ.. මේ මිනිස්සුන්ගෙ සද්දට බබා අඩන්න පටන් ගත්තේ ගාර්ඩ්ලා මාව එක්කගෙන අමාරුවෙන් වාහනේට යද්දි.. මගෙ ඔලුවෙ ප්‍රශ්න දාහක් විතර කැරකෙවෙද්දි...

ජන්ග්කුක් සර්.. මම බබාව ගන්න ද..

අහ්..

බබාව මට දෙන්න.. සේජින් හ්‍යුන් කියන ගමන් බබාව ගන්න හදනවත් එක්ක ම අඩන එක වැඩි කරන්න හදනකොට මං එපා කියන ගමන් බබාව මට තුරුළු කර ගත්තා..

කවුද මේ දරුවගෙ අම්මා.. මගෙ බෑග් එකට ආවේ කොහොමද .. ඇයි මට දීලා ගියේ.. ඔයාගෙ ඔම්මා කවුද.. ඔයාව දාලා යන්න හිත හදා ගත්තෙ කොහොමද එයා.. ඔම්මා කෙනෙක් ද ඒ..  මං බබාගෙ ඇස් දෙක දිහා බලන් හිතුවා.. හයිබ් එකට යනකොට බබාට මගෙ අත් දෙකෙ ම නින්ද ගිහින් තිබුණා..

  ජන්ග්කුක් ...

  සර්..

  කවුද ජන්ග්කුක් මේ දරුවා..

  ම්..මං දන්නෙ නෑ සර්.. මං කිව්වෙ මාව කන්න වගෙ බලන් ඉන්න මිස්ටර් පාර්ක් දිහා බලලා..
 
  ඔයා ළගට ආවෙ කොහොමද ..

  ම්..මං දන්නෙ නෑ සර්..

  මේක නම් ලොකු ප්‍රශ්නයක් ජන්ග්කුක් .. ඔයාට මං කියලා තියෙනවා පරිස්සම් වෙන්න කියලා හැම වෙලේ ම..

මිස්ටර් පාර්ක් මට බැන්නත් මං ඒ ගැන හිතුවෙ නෑ...  මොකද මේක මං හිතලා කරපු දෙයක් නෙවෙයි.. ඒත් මට ඒකට කියන්න කිසිම දෙයක් නෑ..

  සර් අපි මුලින් සිසිටිවි චෙක් කරලා ඉමු..  ජන්ග්කුක් ට කෑ ගහලා වැඩක් නෑනේ.. මං ළගට ආව ජින් හ්‍යුන් කිව්වේ..

  මගෙ දුකට සැපට මට ඉන්න හ්‍යුන්ලගෙන් කෙනෙක් තමයි ජින් හ්‍යුන් කියන්නේ.. ජින් හ්‍යුන් ඇක්ටර් කෙනෙක්.. මේ වෙනකොට හැම ගෑණු ළමයෙක්ගෙම සිහින කුමාරයෙක් වෙලා ඉන්න දෙන්නගෙන් කෙනෙක්.. අනිත් කෙනා ටේහ්‍යුන්.. කොරියාවේ හොද ම ඇක්ටර්ස්ලගෙන් දෙන්නෙක් තමයි ඒ.. මං මේ ගමන එනකොට මට හම්බුණ ලස්සන ම චරිත දෙකක්..

  එතකොට මගෙ හිනේ මට හොයලා දුන්න හ්‍යුන්.. එ..එයා.. හ්‍යුන් මට දැන් ඕනි ඔයාව.. මෙතන දි මං ගොඩක් අසරණ වෙලා හ්‍යුන්.. ඔයා ආයෙ මා ළගට එන්නෙ නැද්ද හ්‍යුන්.. මට හ්‍යුන් මතක් වෙනකොට මේ ප්‍රශ්න එක්ක හිර වෙලා තිබුණ හැගිම් කදුළු විදිඅට එළියට ආවා..

මම බබාවත් අරගෙන මගෙ රූම් එකට ගියේ මෙතන ප්‍රශ්න ටික බලා ගන්නකම් කොහෙවත් මට යන්න එපා කියපු නිසා.. මං කාමරේ ට ඇවිත් පරිස්සමින් ඒ චූටි බබාව ඇදෙන් තිබ්බා..

මේ වගෙ කිරි දරුවෙක් ව දාලා යන්න තරම් ඔම්මා කෙනෙක්ට හිත හදා ගන්න පුලුවන් ද.. ඉපදිලා සති දෙකක් විතර ඇති මේ පැටියට.. ඔම්මා.. ඔයත් මාව දාලා යන්න ම ගියේ මේ කාලේ දි නේද..ඒත් මට අප්පා ඉදිය නේ ඔම්මා.. අප්පා දැන් නැති වුණත් මං ටිකක් හරි ලොකු වෙනකම් මා ළඟ ඉදිය නේ ඔම්මා.. ඒත් මේ බබාට කවුද ඉන්නේ ඔම්මා..

  මං බබා ළඟින් හෙලවෙන්නෙවත් නැතුව එයා ළගට වෙලා ඉදියේ එයා ආයෙ ම ඇහැරෙයි.. එහෙම නැත්තම් මෙතනින් වැටෙයි කියලා හිතුන නිසා..

  ජන්ග්කුක් ...

  හ්‍යුන්... මං කිව්වෙ මගෙ උරහිසට අත තියපු ජින් හ්‍යුන් දිහා බලන ගමන්..

  ඔයා වොශ් එකක් දාගෙන එන්න..

  බෑ හ්‍යුන්.. මෙයා නැගිට්ටොත්..

  මං ඉන්නම්.. හ්ම්.. මහන්සිත් ඇති නේ.. යන්න.. ජින් හ්‍යුන් කියද්දි මං බබා දිහා බලලා වොශ් රූම් එකට ගියා..

ඉස්සරහට මොනා වෙයි ද.. මේක කොහොම විසදෙයි ද කියලා මං දන්නෙ නෑ.. ඒත් මේක ගොඩක් ලොකු ප්‍රශ්නයක් වේවි කියල නම් මට තේරුණා.. බබා අඩන සද්දයක් ආව නිසා මං ඉක්මනට වොශ් එකක් දාගෙන එළියට ගියත් බබා තාමත් ඒ විදිහට ම නිදි.. එතකොට මට ඒක හිතුන දෙයක් ද..

  ජන්ග්කුක් .. ඇයි මේ..

  හ්‍යුන් බබා ඇඩුවෙ නැද්ද..

  පිස්සු ද ජන්ග්කුකා.. බබා නිදි කියලා පෙන්නෙ නැද්ද..

  මට ඇහුණ නේ..

  හිත හෝදිසියට වෙන්න ඇති ජන්ග්කුක් .. ගනන් ගන්න එපා.. ජින් හ්‍යුන් කිව්වෙ මගෙ පිටට තට්ටුවක් දාලා මගෙ අතට කෙසෙල් කිරි එකක් දෙන ගමන්..

  ජන්ග්කුක් .. මොකද වුණේ..

මං දන්නෙ නෑ හ්‍යුන්... මං බෑග් එක චෙක් කරන තැනින් ගන්නකොට බරක් දැනුනා.. ඒත් එක පාරට ම බෑග් එක ඇතුළේ මෙයා ඉදියෙ හ්‍යුන්..

  එහෙම එක පාරට එන්න බෑනේ ජන්ග්කුක් ..

  හ්‍යුන් මාව විශ්වාස නැද්ද හ්‍යුන්..

  මට විශ්වාසයි ජන්ග්කුක් .. ඒත් මේ දරුවා කාගෙද කියලා අපි හොයා ගන්න ඔනි නැත්තම් ඔයාට මොන වගෙ ප්‍රශ්න වලට මූණ දෙන්න වෙයි ද දන්නෙ නෑ.. හ්‍යුන් කියනවත් එක්ක ම එක පාරට ම...
.
.
.
.
.
.
.
.
මතු සම්බන්ධයි ❤️

Continue Reading

You'll Also Like

135K 5K 87
Ahsoka Velaryon. Unlike her brothers Jacaerys, Lucaerys, and Joffery. Ahsoka was born with stark white hair that was incredibly thick and coarse, eye...
604K 36.8K 101
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
278K 11.4K 40
ဤ Fic သည် အရမ်းရိုင်းစိုင်းသော အသုံးအနှုန်းတွေကိုသာသုံးထားသော Big Warning 🚨18+ Fic တပုဒ်ဖြစ်သည် ။
Fake love By :)

Fanfiction

108K 2.5K 40
When your PR team tells you that we have to date a girl on the UCONN women basketball team and you can't say no to it... At first you don't think too...