මතක කදුළු ( Complete ) ✔️✅

Par MAYESHA_RASANGI

30.4K 2.8K 343

මතක කදුලු අතරින් නැවත ආදරෙ සෝයා........... 🌻 Plus

01. කොටස
02. කොටස
03. කොටස
04. කොටස
05. කොටස
06. කොටස
07. කොටස
08. කොටස
09. කොටස
10. කොටස
11. කොටස
12. කොටස
13. කොටස
14. කොටස
15. කොටස
16. කොටස
17. කොටස
18. කොටස
19. කොටස
21. කොටස
22. කොටස
23. කොටස
24. කොටස
25. කොටස
26. කොටස
A/N
27. කොටස
28. කොටස
29. කොටස
30 අවසන් කොටස

20. කොටස

781 70 5
Par MAYESHA_RASANGI




"සුදුවෝ.... සුදුවෝ...."

"අහ්ම්.... තව චුට්ටක් නිදා ගන්නම් අම්මා...."

"සුදුවෝ නැගිටපන් ලමයෝ.... නිමල් කිරි එක ගෙනල්ලා නැ ගිහින් අරන් වරෙන්....."

"ම්ම්ම්ම්හ්... හරි හරි අනේ....."

දොරට ගහන ගමන් අම්මා කැ ගහන නිසා සිතුක කෙදිරිගාන ගමන් නැටින්න හැදුවත් අඩුවකට අහු වෙලා වගෙ නැගිට ගන්න බැරි නිසා සිතුක ඇස් දෙක පොඩි කරන ගමන් එ මොකද කියලා බැලුවා. බෙබි හාමු තමන්ව තුරුල් කරන් ඉන්නවා කියලා දැක්ක සිතුක මුලින් බය උනත්. ටික්කින් තමා සිතුකට මතක් උනේ ඊයේ රැ බෙබි හාමු එයාගෙ කාමරෙට ආවා නෙද කියලා. ඊයේ රැ උන දෙවල් මතක් වෙලා හිනාවක් ගියත් එ හිනාව නැති වෙන්න ගියේ තප්පරයයි. මොකද තාම බෙබි හාමු ඉන්නෙ සිතුකගෙ කාමරෙ. අප්පච්චි එහෙම දැක්කනම් ඉවරයි කියල බය උන සිතුක දැන් කොහොමද බෙබි හාමුව කමරෙන් යවන්නෙ කියලා හිතුවා. එක පාරම කලබල උන සිතුක බෙබි හාමුටත් ගහන ගමන් බෙබි හාමුගෙ පපුව උඩට වැල මිට තියලා තද කරන් නැගිට්ටා.

"ආහ්හ්හ්හ්.... මොන හුත්......"

"ශ් ශ්.... බෙබි හාමු ඉක්මනට නැගිටනවා.... තමුසෙ තාම ඉන්නේ අපෙ ගෙදර මිනිහෝ.... ආයිශ් දෙන්නම හෙලුවෙන් ඔයි... කෝ කෝ ඉක්මනට නැගිටිනවා....." සිතුක ඇද ළඟ වැටිලා තියෙන එයාගෙ ඇදුම් අහුල අහුල ඇද ගන්න ගමන් බෙබි හාමුට කැ ගැහුවා.

"මොකද සිතු උදේ පාන්දර කැ ගහන්නෙ.... තව ටිකක් නිදා ගන්න දෙන්නකෝ...."

"නිදා ගන්න ඔන්නම් වලව්වට ගිහින් නිදා ගන්න බෙබි හාමු.... ඊට කලින් අපෙ ගෙදර එවුන්ට පෙන්න කලින් පැන ගන්න බලනවා...."

"මොකක්ද?.... ආහ් ශිට් සිතු මට පාන්දර ඇහැරෙන්න අමතක උනානේ ශික්.... කෝ යකොව් මගෙ ඇදුම්...."

"ඇදුම්?.... ඇඇදුම් ඇති විසි කරපු තැන් වල හොයාගෙන ඇද ගන්නවා.... සැක් ලැජ්ජවක් නැතිව හොල්ල හොල්ල ඉන්න හැටි...."

සිතුක කිව්ව දේත් එක්ක ඉන්නෙ කොහෙද කියලා මතක් උන බෙබි හාමු ඉක්මනට  ඇදෙන් නැගිටලා ඇද රෙදි හිටන් ඇද ඇද එයාගෙ ඇදුම් හොයන්න ගත්තා.

"අනේ මගුලක් කියවන්න එපා සිතු ඉක්මනට මගෙ ඇදුම් හොයලා දෙනවා.... තමුසෙලාගෙ අප්පච්චි දැන ගත්තොත් ඉදලා ඉවරයි....."

"අහ් ඔව්නේ.... අහ් මෙන්න ඇද ගන්නවා...."

පස්සත් දික් කරන් නැමිලා ඇද යට ඇදුම් හොයන බෙබි හාමු දිහා බලන් හිනා වෙවි හිටිය සිතුක ඉක්මනට බෙබි හාමුව යවන්න ඔනි නිසාම එයාගෙ පිටි පස්සට කරන් හන්ගන් හිටිය ඇදුම් ටික බෙබි හාමුට දුන්නා. සිතුකටත් රවන ගමන් ඇදුම් ඇද ගත්ත බෙබි හාමු ජනේලේන් පැනලා කාටවත් පෙන්නෙ නැති වෙන්න දුවලා ගිහින් බයිසිකල් එක අරන් නැගලා යන්න ගියා. හැබැයි ලිද ලගට වෙලා මුන සොදන ගමන් හිටිය සදලිනම් බෙබි හාමු හොර ගල් අහුල අහුල යනවා දැක්කා. එ නිසාම ඊයේ රැ අයියයි බෙබි හාමු එකට හිටියා කියලා තෙරුන සදලි අතින් කට වහන් බෙබි හාමු යන දිහා බලන් හිටියා. ඉක්මනට මුන සොද ගත්ත සදලි දුවලා ගිහින් සිතුකගෙ කාමරෙට එබුනා

"අයියේ... අයියේ....."

"මොකද පොඩ්ඩක් ඉන්නවා දොර අරිනකම්....." සදලි දොරට ගහනවා ඉවරයක් නැතිම තැන සිතුක ජනෙලෙ ග්‍රිල් එක ඉක්මනට හයි කරලා දොර ඇරියා.

"මොකද....."

"තමුසෙ යහතින් නේ....."  දොර අරින පමාවටම ඇතුල ආව සදලි සිතුකව හරව හරව බලන්න ගත්තා.

"මොනවද සදු බලන්නේ....."

"තමුසෙ යහතින් ඉන්නවද කියලා.... ඊයේ රැ කුමර බඹසර බිද ගන්න ඇතිනේ.... මට මොකට කලින් නින්ද ගියාද මන්දා...."

"ම්- මොනවාද සදු කියන්නේ...."

"අනේ මේ මට කොලේ වහන්න ලැස්ති වෙන්න එපා... මන් දැක්කා බෙබි හාමු හොරා වගෙ තමුසෙ කාමරෙ පැත්තේ ඉදන් යනවා...."

"කැ ගහන්න එපා යොධියේ.... අප්පච්චිට ඇහෙයි....."

"හරි හරි ඉතින් කියවනවකෝ අයියේ... ඊයේ රැ මොකද උනේ...."

"මොනවා වෙන්නද... පිස්සු මගුල් අහන්නෙ නැතුව පලයන්..."

"අහ් හරි හරි ඔහොම යන්කෝ....."

සිතුකගෙන් ඔලුවට ටොක්කකුත් ඇන ගෙන සදලි ඔලුව අත ගාන ගමන් එලියට ගියා. ලිද ලගට ගිහින් මුන සොද ගත්ත සිතුක ලැස්ති උනේ කිරි එක ගෙන්න නිමල්ගෙ ගෙදර යන්න. කාමරෙට ආව සිතුක මුන පිහාගෙන ෆොන් එකත් අරන් කාමරෙන් එලියට ආවා.

"අප්පච්චි!!! අප්පච්චි!!! බෙබි හාමු හැප්පිලා අප්පච්චි....."

මිදුලේ ඉදලා සාලෙට කැ ගහන් ආව සදලි කිව්ව දෙත් සිතුකගෙ ඇගම වෙව්ලලා ගියා වගෙම අඩියට දෙකට සාලෙට දුවලා ගියා.

"මොකද දෝණි කැ ගහන්නෙ...."

"අනේ අප්පච්චි බෙබි හාමු සයිකලේ පෙල්ලන් කකුල කඩාගෙන අප්පච්චි.... ආන් නිමල් අයියයි සියාතු මාමායි බෙබි හමුව අරන් එනවා....."

එක ඇහුන ගමන්ම සිතුක එලියට දුවලා ගියේ බෙබ් හාමුට ලොකු කරදරයක් වෙලා තියෙන්න එපා කියලා දෙවියන්ගෙන් ඉල්ලන ගමන්. පාරට ආව සිතුක දැක්කේ නිමල් වගෙම සි‍යාතු මාමා බෙබි හාමුව වත්තම් කරන්  එයාලගෙ ගේ පැත්තට එනවා. බෙබි හාමුගෙ දකුණු කකුලේ දනිහ ළඟින් පැනලා කියලා ඇත තියාම සිතුකට තෙරුම් ගන්න පුළුවන් උනා. එ නිසාම හිතේ බය නැති උනත් බෙබි හාමුගෙ වෙදනවා මතක් උන සිතුකට එයාගෙ ඇස් වල කදුළු පිරුනා.

"දෙයියනේ බෙබි හාමු..... මොනවාද මේ කර ගත්තේ...."

බෙබි හාමු ලගට දුවන් ගිය සිතුක කාටවත් හිතන්නවත් වෙලාවක් නොදි බෙබි හාමුව හරහට උස්ස ගත්තා. උන දේ එක්ක බෙබි හාමු පුදුම උනත් වැටිලා තව අන්ඩක් කැඩෙයි කියලා බයටම සිතුක උරහිස් වලින් හයියෙන් අල්ල ගත්තා. සියාතු මාමා ආය එයාව උවමනාව නැතු ආපහු හැරිලා යද්දි නිමල් සිතුකට පැනි හිනාවක් දාන ගමන් සිතුකලාගෙ ඉස්සරහින් වෙද ගෙදර පැත්තට යන්න ගත්තා

"මාව බිමින් තියන්න සිතු...."

"කටවහන් ඉන්නවාද දැන්.... පස්සෙ මට මොකද උනේ කියලා උත්තර දෙන්න ලැස්ති වෙලා ඉන්නවා...."

"මාව බරයි සිතු.... ඔයාට මාව උස්සන් යන්න බැ...."

"තමුසෙට මාව ගැනියක් වගෙ පෙනවද බෙබි හාමු.... හරි පෙනුම එ වගේ ඇති.... එ උනත් මමත් පිරිමියෙක් කියන එක අමතක කරන්න එපා....."

තවත් කියලා වැඩක් නැති නිසා බෙබි හාමු කට වහන් සිතුකගෙ මුන දිහාම බලන් යන්න ගත්තා. සිතුකගෙ බෙල්ලෙ නහර හිටන් කොල පාටට පැදිලා කියලා බෙබි හාමුට පෙනුනා. එහෙම වෙන්න ඔනි අනිවාරෙන් බෙබි හාමු වගෙ කෙනෙක් සිතුක උස්සන් යනවා කියන්නෙ එකට සිතුකට ඇගෙ හයියට වඩා හිතේ හයිය ඔනි. කොච්චර පුළුවන් කිව්වත් එ සිනිදු අත් වලට එයගෙ බර ගොඩක් දරා ගන්න බැ කියලා බෙබි හාමු දැන ගෙන හිටියා. හැබැයි තව මුකුත් නොකියා බෙබි හාමු පාඩුවේ එහෙම ඉන්න තිරනේ කරෙ මොකද එයාට ඔනි උනේ නැ සිතුක සියුමැලි මලක් වගෙ කොල්ලෙක් වෙනවට. බෙබි හාමු නැති තැනක කරදරයක් උනොත් එකට මුහුන දෙන්න උනත් සිතුක මේ වගෙ ශක්තිමත් ඉන්න එකට බෙබි හාමු ගොඩක් කැමති උනා. බෙබි හාමුව හරහට උස්සන් ආව සිතුක ස්තොප්පුවට ඇවිත් බෙබි හාමුව පුටුවකින් තිබ්බා. තියලා එයාගෙ අත් දෙක හිමිට අත ගා ගත්තා.

"බෙබි හාමු...."

ගේ ඇතුලේ ඉදන් ආව වෙද මහත්තා බෙබි හාමු ළඟ දන ගහන් කකුල බලන්න ගත්තා.

"වෙද මාමේ...."

"මොකක්ද බෙබි හාමු මේ උදේ පාන්දර කර ගත්තේ...."

"මුකුත් නැ වෙද මාසේ බයිසිකල් එකෙ යන ගමන් ඉද්දි.... විල් එකක් ඇවිත් පාරේ ඉඩ නැ වගෙ ළඟින් කැපුවනේ..... බය උන පර බැලන්ස් නැතුව කානුවට වැටුනා එතකොට තමා කකු පෙරලුනේ...."

"ම්ම්ම් ම්ම්ම්ම්.... දනිහ පැනලා තියෙන්නෙ.... මස් අල්ලන්න කලින් ආපහු දාන්න වෙයි.... ඇරත් මේ උදේ පාන්දර බෙබි හාමු සයිකලේ කොහෙද ගියේ....."

"අහ් මේ එක මේ.... මන් රට ඉද්දිත් උදේම පාර්ක් ගිහින් බයිසිකල් පදිනවනේ.... එ පුරුද්ද තාම තියෙනවා...." බෙබි හාමුගෙ උත්තරෙත් එක්ක මෙච්චර වෙලා දුකින් බෙබි හාමුගෙ කකුල දිහා බලන් හිටිය සිතුක හිනාව කාගෙන බලන් හිටියා වගෙම සදලි අතින් කට වහන් හිනා උනා.

"ම්ම්ම්ම් එක හොඳයි ඇගටත් හොඩ ව්ව්‍යායමයක්නේ...."

"එකනේ අප්පච්චි.... උදේම බයිසිකල් පදින ඇගට හොදයි නෙද අයියේ....."

"ඇහ්?... අහ් ඔව් ඔව් ඇගට හොදයි......" සිතුක අසරණ වෙලා  බලන් ඉද්දි සදලි කට වහන් හිනා උනා. බෙබි හාමුටත් තෙරුනා සදලි මොනාහරි දැන ගෙන කියලා.

"අර ගියා කිව්ව විල් එක අදුර ගන්න පුළුවන් උනාදා බෙබි හාමු... මේ ගමෙ ඉන්න මොකෙක් හරි ඊර්ෂ්‍යා කාරයෙක් වෙන්න ඔනි මන් හිතන්නේ...."

"කලබලේට අදුර ගන්න බැරි උනා වෙද මාමේ....."

"ම්ම්ම් ම්ම්ම්.... දෝණි ගිහින් අර හන්දි තෙල් එක අරන් ආවනම්....."

කට වහන් සිනා වෙන ගමන් ගමන් හිටිය සදලි දුවලා ගිහින් තෙල් එක අරන් ඇවිත් අප්පච්චිට දුන්නා. අල්ලෙන් එකක් තෙල් ගත්ත වෙද මහත්තයා බෙබි හාමුගේ දනිහෙ ගලා අත ගාන්න ගත්තා. දනිහ පැනලා වගෙම ටිකක් සිරිලා තිබ්බ නිසා තුවාලේ තෙල් එක්ක ඇතිල්ලෙද්දි දන්න වගෙම රිදෙන්න ගත්තා. කකුලෙ තෙල් ගාන ගමන් හිටිය වෙද මහත්තයා එක පාරම බෙබි හාමුගේ දනිහ හරි ගැස්සුවා.

"අනේ අම්මෝ..... සිතු....."

බෙබි හාමු ලගට දුවන් ආව සිතු බෙබි හාමුගෙ අත අල්ලා ගත්තා වගෙම බෙබි හමුත් සිතුකගෙ අත අල්ලන් හයියෙන් මිරික ගත්තා. මේ වෙදනාවම කලින් විදලා තියෙන නිමල් වෙද මහත්තයා බෙහෙත් තෙල් ගාන්න ගත්ත වෙලෙම කන් දෙක වගෙම ඇස් දෙකත් වහ ගත්තා.

"දැන් හරි... බෙබි හාමුට ඔනිමනම් ටවුන් එකට ගිහින් එක්ස්රේ එකක් ගන්නත් පුළුවන්.... ඔනි නැත්නම් කියන්න තව ටික්කින් පත්තු බදින්න...."

"එ.. එක්ස්රේ ඔනි නැ වෙද මාමේ.... මෙහෙම්මම පත්තු බදිමු....."

"ම්ම්ම් එහෙනම් අද ඉදන් සතියක්වත් මෙහෙ ඉන්න බෙබි හාමු... මොකද මට ලෙසි පත්තු බදින්න.... නැත්නම් ඔන්නම් මන් ඔනි කරන ටික ලියලා දෙන්නම් වලව්වට ගිහින් කර ගන්න.... මොකද මට නිතරම යන්න බැනේ....."

"මටනම් කමක් නැ වෙද මාමේ ඉන්න පුළුවන්... එත් ඉන්නෙ කොහෙද..."

"ඇයි මේ අපෙ කොල්ලගෙ කාමරෙ තියෙන්නේ.... ඌ බෙබි හාමුගෙ යාලුවෙක් නෙද ඌ එක්ක ඉන්න බැරියැයි.... ඇහ් සුදුවෝ බේබි හාමුගෙ කකුල හොද වෙනකම් උබේ කාමරෙ ඉන්න දෙන්න පුළුවන්නේ...."

"මට තමා වෙද මාමා කකුල කැඩුනම ඉන්න දුන්නෙ නැත්තේ...."

"අල්ලපු වැටෙ වගෙ ඉන්න උබට මොකටද බන් ඉන්න දෙන්නෙ... වලව්වට දුර නිසා මන් එහෙම කිව්වේ.... එහෙනම් සුදුවෝ කකුල ටිකක් හොද වෙනකම් බෙබි හාමුව බලා ගන්න... මන් වලව්වට පනිවිඩයක් යවන්නම්...."

"අප්පච්චි කරේ නරියට කුකුල්ලො බාර දුන්නා වගෙ වැඩක්නේ...."

අප්පච්චි ඇතුලට ගිය දිහා බලන් සදලි කිව්වේ මහා පල් හිනාවක් දාන ගමන්. එක ඇහුන ගමන් නිමලුත් සදලිත් එක්ක එකතු වෙලා බෙබි හාමුටයි සිතුකටයි විහිලු කරන්න ගත්තා.

"මොනවද සදු කියන්නෙ.... එන්න කාමරෙට අපි යන් බෙබි හාමු...."

"හා හා එක්කන් අයියේ... ආය හොරෙන් රිංගන්න ඔනි නැනෙ දැන්..."

"දෙනවා දැන් මන් උබට....."

සිතුක බෙබි හාමුව එයාගෙ ඇගට වත්තම් කර ගෙන කාමරෙට එන්න ආවා. නිමලුත් එයා අරන් එන ගමන් හිටිය කිරි බොතල් දෙක සදලිට දිලා ගෙදර යන්න ගියා.

"ඇත්තටම මෙහෙම දෙයක් දන්නවනම් කලින්ම කකුල කඩා ගන්නවා සිතු... අම්බෝහ්...." සිතුකගෙ ඇදෙ හාන්සි වෙන ගමන් බෙබි හාමු කිව්වේ සිතුක එයාගෙ කකුල උස්සලා ඇදෙන් තියනකොට වෙදනවට කෙදිරිගාන ගමන්.

"දැන්නම් මට සැකයි තමුසෙ හිතලා කකුල කඩා අගත්තද කියලා.... එක නෙවෙයි මෙහෙන් හොදට ගිය තමුසෙට මේ මොකද උනේ...."

"මන් ඉක්මනට බයිසිකල් එක පැදන් ගියා සිතු... එතකොට තමා එක පාර විල් එකක් මගෙ ඇගට කපලා හොන් එක්කුත් ගහන් යන්න ගියේ... ඌ දැක්කා මන් වැටෙනවා දැක දැක අත වනන් ඌ යන්න ගියා ප#යා....."

"ඒ කව්ද කියලා අදුර ගත්තද... කවුරු හරි විහිලුවට කරන්න ඇත්තේ..."

"එක විහිලුවක් වගෙනම් පෙනුනේ නැ හැබැයි... ඌ මාව වට්ටන්න හිතලමයි එක කරේ... මන් ඌ මොකාද කියලා හොයා ගන්නම්කෝ.... හැබැයි ඌ කරපු දෙකින් හොදකුත් උනානේ. හේ හේ...."

"හේ හේ තමා.... ඔහොම ඉන්නවා දගලන්නෙ නැතුව... මුනවත් හොදන් නැ නෙද... මන් වතුර එකක් අරන් එන්නම් මුන සොදන්න.... ඇදෙන් බහින්න කරන්න යන්න එපා.... විශෙශයෙන් කකුල හොල්ලන්න එපා....."

බෙබි හාමුගෙ කකුලත් ටිකක් අත ගාලා සිතුක ලිද ලගට ගිහින් බෙසමකට වතුර පුරවන් එයාගෙ දත් බුරුසුවත් අරන් කාමරෙට ආවා.

"ඇයි සිතු මේ...."

"මුන සොද ගන්න බෙබි හාමු.... උදේ මෙහෙන් ගිය පාරනේ ඉන්නෙ...."

"එක හරි... එත් කාගෙද මේ බ්‍රශ් එක...."

"මගේ..... අලුත් එකක් ගෙදර නැ.... ඔයාට අප්පිරියයිනම් දැනට කට සොද ගන්න මන් දවල් වෙලා එකක් ගෙනත් දෙන්නම්...."

"න් නැ නැ කමක් නැ සිතු.... කිස් කරන්න හොඳනම් ඔක අප්පිරියා වෙන්නෙ කොහොමද....."

සිතුක හිනා වෙලා බෙබි හාමුට බ්‍රශ් එක දුන්නම බෙබි හාමු දත් මැදලා කාමරෙ ඉදන් මුන සොද ගත්තා. සිතුක ආපහු බෙසමත් අරන් යන දිහා බෙබි හාමු බලන් හිටියේ දුකින්. එයා නිසා සිතුකට වැඩ වැඩි උනාද කියලා බෙබි හාමුට හිතුනා. ටික වෙලාවකින් සිතුක කමරෙට ආවේ දුම් දාන එළ කිරි කොප්පයක් එක්ක කිතුල් හකුරු අරන්. එළ කිරි බොන්න බෙබි හාමු අකමැති උනත් සිතුකගෙ බල කිකිරිම නිසාම හකුරු කන ගමන් කිරි එක බොන්න ගත්තා.




__________________________________


ඔන්න මන් ආවා සොරි පරක්කු උනාට. සනිප නැනෙ අනේ මේ ලමයට වැස්සට තෙමීලා. හෙටත් එන්න බලන්නම්


ආදරෙයි ඔයාලට 🥺❤️

මම, මාහි 🌼✨

Continuer la Lecture

Vous Aimerez Aussi

4.9K 970 5
හිමි වීම පමණ ද ආදරේ.....❤️
37.5K 2K 13
"I'm real and this is the real me," he said~ "B-bu-b-but.. you're a..." "Yes." " I'm a werewolf." He fell down on the ground, fainted...
7.8K 960 10
"මේක ඩීල් එකක් වෙනුවෙන් වෙන කසාදයක් විතරයි ඇලෙක්ස් " "ඒ එහෙම හිතෙන්නේ උබට විතරයි... මම මෙහෙම දවසක් එනකන් අවුරුදු හතරක් මග බලන් ඉදියා... " අප්‍රිකාවේ...
2.7K 276 4
නිල් ඇස් දෙකක් හොයන් යන එක ආදරවන්තයෙක්.... අදුරේ උන්නු ජිවිතේකට එලිය ලබාදුන් එක සුර සුතයෙක්.... සීතල හදවතකට වසන්තය අරන් ආපු පුංචි කුමාරයෙක්.... අසම්ම...