| අපේ යාලු පුංචි භූතයා | Ongo...

By t_Sukii_7

19.5K 2.1K 3.3K

| දෛවයට හැකිනම් වෙන් කරන්න. අපිට ඇයි බැරි ආයෙ ආයෙත් හමුවෙන්න | ❝ දන්නවද නුඹ, මා මතක් කරලම හුස්ම ගත් පළවෙනි ද... More

පිවිසුම 💭
පළමුවන සිහිනය 💭
දෙවන සිහිනය 💭
තෙවන සිහිනය 💭
හතරවන සිහිනය 💭
පස්වන සිහිනය 💭
හයවන සිහිනය 💭
සත්වන සිහිනය 💭
අටවන සිහිනය 💭
නවවන සිහිනය 💭
දහවන සිහිනය 💭
දොළොස්වන සිහිනය 💭
දහතුන්වන සිහිනය 💭
දාහතරවන සිහිනය 💭
පහළොස්වන සිහිනය 💭 bonus
දහසයවන සිහිනය 💭
දාහත්වන සිහිනය 💭
දහඅට වන සිහිනය 💭
දහනව වන සිහිනය 💭
විසි වෙනි සිහිනය 💭
විසි එක් වන සිහිනය 💭
විසි දෙවන සිහිනය 💭
විසි තුන්වන සිහිනය 💭
විසි හතරවන සිහිනය 💭
විසි පස්වන සිහිනය 💭
විසි හය වන සිහිනය 💭
විසි හත්වන සිහිනය 💭
විසි අට වන සිහිනය 💭
විසි නව වන සිහිනය 💭
තිස්වෙනි සිහිනය 💭
තිස් එක්වෙනි සිහිනය 💭
තිස් දෙවෙනි සිහිනය 💭
තිස් තුන්වෙනි සිහිනය 💭
තිස් හතරවැනි සිහිනය 💭
තිස් පස්වැනි සිහිනය 💭
තිස් හයවැනි සිහිනය 💭
තිස් හත් වන සිහිනය 💭
තිස් අටවන සිහිනය 💭
තිස් නව වන සිහිනය 💭
හතළිස් වන සිහිනය 💭
හතලිස් එක් වන සිහිනය 💭
හතලිස් දෙවන සිහිනය 💭
හතලිස් තුන්වන සිහිනය 💭
හතලිස් හතරවන සිහිනය 💭
හතලිස් පස්වන සිහිනය 💭

එකොළොස්වන සිහිනය 💭

363 52 80
By t_Sukii_7

"Memories"

ගෙදර ආපු හැටියේ ඇදට වැටුණ මන් මහන්සි ඇරෙනකන් සිවිලිම දිහා බලාගෙන හිටියා. විනාඩි ගානක් සිවිලිමේ කොටු ගනන් කරලා ඒකත් එපා උන මන් එහෙමම ඇද උඩට අතෑරපු බෑග් එකට අත දාලා ගත්තෙ බුක් ෂොප් එකෙන් අරන් ආපු පොත...

ඇත්තටම කිව්වොත් ඒක ඩයරියක්.

ඔව් මට ඕනම උනා ඩයරියක් ගන්න. මීට කලින් ඩයරි ලියලා නොතිබුණත් මොකක් හරි හේතුවකට මට ඒක ඕන උනා. දකින දකින හැම හීනයක් ඇතුළෙම මොකක් හරි දෙයක් ඇති කියලා හැමදාම මට හිතුණ නිසාම මන් අද ඉදන් පළවෙනි දවසෙ ඉදලම පේනුන හැම මතකයක්ම ලියන්න හිතාගත්තා. අනික් එක මගෙ හිත අස්සෙ හොල්මන් කරන අර පුංචි භූතයා. ඕකව අහු උන දාට තමයි මන් බලාගන්නෙ.

( මේ වගේ ඩයරි එකක් කියලා හිතන්න ළමයි )


පොතේ උඩම වැල් අකුරෙන් ලියලා තිබුණ Memories කියන වචනෙ ඇතුළෙ මට දැනුනේ ලොකු පුරුද්දක්. හරියට කාලෙක ඉදන් මන් ඩයරියක් ලිව්වා වගේ. ඒ නම මට හොඳට දැකලා පුරුදුයි වගේ දැනුනා. ඒ ඇයි කියලා දන්නෙ නැති උනත් ඒ හින්දම වෙන්නැති ඒ පොතම මන් තෝරගත්තෙ. ඉතින් මටත් නොදැනිම මන් ඒ වචනෙ උඩ දෙතුන් පාරක් මගෙ ඇගිලි ගෙනිච්චා..

"අහ්හ්"

එක පාරටම ඔලුවෙ කරන්ට් එකක් දුවනවා වගේ දැනෙනකොට ඇදේ හාන්සි වෙලා හිටපු විදියෙන්ම ඔලුව අල්ලගත්තෙ මොකක්ද වෙන්නෙ කියලා නොතේරුණ හින්දා වෙද්දි පොතත් අතෑරුණා කියපන්කො මූණ උඩටම....අනේ ඉතින් මගෙ හැන්ඩ්සම් මූණ..

කැක්කුම අල්ලපු ඔලුව අල්ලගෙන මම ඇස් දෙක පොඩි කරගත්තම එක පාරටම මගෙ ඔලුවෙ ඇදුනෙ ඩයරියක්...පරණ තාලෙ ඩයරියක්. මේ දැන් මන් ඩයරියේ කවරෙ තිබ්බ අකුරු උඩ ඇගිලි ගෙනිච්චා හා සමානවම සිදුවීමක් මගෙ මනසෙ ඇදුණා. එකපාරම පෙනිලා නැති වෙලා ගිය ඒ මතකෙත් එක්කම ටික වෙලාවක් යද්දි නම් මන් සාමාන්‍ය අතට හැරුණා. ඔලුව ගසලා දාලා ඇදේ වාඩි උන මම කල්පනා කරේ ඒ මොන මගුලක්ද උනේ කියලා. මන් දැන් කරපු දේ ඇයි ආයෙත් මට පෙනුනේ. අනික ඒ විදියට..ඒත් එතන පොඩි වෙනසක් තිබුණා. ඒ තමයි ඩයරිය. ඒ මගෙ ලග තියෙන මේ ඩයරිය නෙමෙයි. එතකොට ඒ ඩයරිය කාගෙද? ඒක මොකක් හරි මතකයක්ද?

ආහ්!!..ඇත්තටම බය හිතෙනවා දැන්නම්. මට ලෙඩක්වත් ද...එක්කො හොල්මනක් වැහිලා වෙන්නැති.

පිස්සුද ආක්ෂ උඹට. හොල්මන් කියල දෙයක් නෑ කොල්ලො. හොල්මන් කියන්නෙ සෙලවෙන මනසට.

ඇදෙන් බැහැලා පොත් මේසෙන් වාඩි උන මම මෙච්චර දවසක් පෙනුන හැම හීනයකම කෙටි සටහනක් දාගත්තා. ඒ අතරෙ කාමරේ දොරට තට්ටු කරන සද්දෙට පොතත් වහලා දාලා දොර ඇරපු මන් දැක්කේ කාමරේ ඉස්සරහ හිටගෙන හිටපු තාත්තව.

"තාත්තේ!"

"අහ් පුතා තාම ඇදුම් මාරු කරේ නැද්ද....ලෑස්ති වෙලා පහළට එන්න පොඩ්ඩක්."

"හරි තාත්තෙ. ඒත් හදිස්සියක් ද?"

"හදිස්සියක්නම් නෙමෙයි. එන්නකො පහළට.!"

එහෙම කියලා පඩිපෙළ බැහැල ගිය තාත්තා දිහා ටික වෙලාවක් බලන් ඉදලා මන් ඇතුළට ඇවිත් දොර වහලා දැම්මා. මොකක්ද දන්නෙ නෑ සීන් එක කියලා හිත හිත වොෂ් එකක් දාගෙන ලේස්ති වෙලා පහළට යද්දි සිතූනම් සාලෙ සෝෆා එකට වෙලා ටීවී බල බල හිටියේ. අම්මත් කුස්සියේ වැඩ කරන සද්දෙ ඇහෙද්දි කුස්සියට ආපු මන් අම්මගේ උරහිස උඩින් එබිලා බැලුවේ අම්මා මොකද කරන්නෙ කියලා. අම්මා හිටියෙ අයිස්ක්‍රීම් බෙදන ගමන්. මගෙයි නන්ගිගෙයි කෝප්ප දෙකට වැඩිපුර අයිස්ක්‍රීම් බෙදන අම්මව දැක්කම මගෙ මූණ හිනාවකින් පිරුණා. අම්මලා ඔහොමමයි. ඒ අස්සෙ ආපස්සට හැරෙන්න ගියපු අම්මා මම පිටිපස්සෙන් එබිලා බලන් ඉන්නවා දැකලා ගැස්සිලා ගිහින් පපුවට අතක් තියාගත්තා.

"මොනවද ළමයෝ කරන්නෙ. මම බය උනා!"

මගෙ උරහිසට පොඩි පාරක් දුන්න අම්මට පොඩි සිරික්කියක් දාපු මන් කරගෙන ගියපු වැඩේ කරන්න දීලා මන් ඉතින් කැපෙන්න හැදුවේ.

"ලොකූ.....අන්න තාත්තා හෙව්වා"

"ඒක තමයි අම්මේ. කෝ නැහැනේ ඉතින්"

"එළියෙ ඇති බලන්න ගිහින්"

"හා"

මන් එහෙමම ඉස්තෝප්පුවට එද්දි තාත්තා ඉන්නවා පිටිපස්සට කරලා අත් දෙකත් බැදගෙන ඈත බලාගෙන. එහෙම දකිද්දි නම් තාත්තා ගොඩක් ගාම්බීර චරිතයක් වගේ පෙනුනා. හරියට 'වලව්කාරයෙක්' වගේ.. තාත්තට අයිති වෙලා තියෙන නුවර වතුපිටි කාගෙන් ලැබුණ දේවල්ද කියලා නොදන්නවා උනාට මන් දන්න තරමින් නුවර පළාතේ නෑයෙක් වත් අපිට හිටියේ නෑ. තාත්තා වගේම ආච්චිඅම්මත් කොළඹ ජීවත් උන උදවිය.

"අහ්ම්...තාත්තෙ"

"ආ...ආවද?"

තාත්තා ගාවට ආපු මන් උගුර පාදලා කතා කරද්දි පිටිපස්සට හැරුණ තාත්තා මගෙ උරහිසට අතක් තියාගෙන ලාවට හිනා වෙලා ආයෙම අදුර වැටීගෙන එන අහස දිහා බලාගත්තා.

"කතා කරේ කාරණයක් කියන්න. මන් මේ සතියෙ නිවාඩු. මට එහේ වත්තෙ වැඩ වගයක් බලන්නත් තියෙනවා. ඉතින් කට්ටියම ගිහින් මාළිගාවත් වැදලා එන්න නුවර යන්න කියලා හිතුවේ. පුතා එනවද??"

"ලබන සදුදා ස්පෝර්ට්ස්මීට් පටන් ගන්නවා තාත්තෙ. මේ ටිකේම ප්‍රැක්ටිස්. කැප්ටන් නිසා දැන් නොගිහිල්ලත් බෑ. කෝච් ගෙන් බැනුම් තමයි."

"උඹව දාලා අපිට ගිහින් එන්නත් බෑනේ කොල්ලො."

"කමක් නෑ. මන් විශාකලහ ඉන්නම්. මේ ටිකේම හුස්ම ගන්නවත් ඉඩක් නෑ වැඩ."

"වැඩිය ස්ට්‍රෙස් වෙන්නත් එපා!"

"හරි තාත්තෙ"

තාත්තයි මායි කතාවේ ඉන්න අතරෙ අපි ලගට ආවේ අම්මා. අයිස්ක්‍රීම් මග් දෙක තාත්තගෙයි මගෙයි අතට දීපු අම්මා ඉස්තෝප්පුවේ පුටුවකින් වාඩි උනා.

"පුතා එහේ ගිහිල්ලම නෑ නේද??"

"නෑ අම්මේ"

"මාත් එකම එක පාරක් ගියා. පුතාව හම්බෙන්න කලින්. ආච්චිඅම්මා අපි එහේ යනවට කැමති උනේ නෑ."

"ඕගොල්ලො ගිහින් එන්න අම්මේ. මන් වෙන දවසක එන්නම්කො"

කවදාවත් එහෙ ගිහිල්ලා නොතිබුණ නිසා යන්න තිබ්බනම් කියල හිතුනට මේ ඔක්කොම වැඩ අස්සෙ මට ස්කෝලේ නොගිහින් ඉන්න බැරි නිසාම මන් නොයා ඉන්න හිතුවා.

.

.

පහුවදා උදේම තාත්තලා යන්න පිටත් වෙද්දි ස්කෝලේ යන්න ලෑස්ති වෙලා මාත් එළියට බැස්සා. කාර් එකේ කට්ටිය එක්කම නුවර යද්දි මන් විතරක් මෙහේ ඉතුරු උනා. ස්කෝලේ ඉවර වෙලා ප්‍රැක්ටිස් වලටත් ඉදලා අපි ගෙදර එනකොට ගොඩක් හවස් වෙලා තිබුණේ. නුගේගොඩ ටවුමේ පොඩි රවුමක් දාපු නිසා තව ටිකක් පරක්කු උනා. කොහෙද ආක්ෂ පුතාට  දැන් පොත් පත් ලොකු වෙලානෙ. ගෙදර යතුරත් මන් ගාව නිසා ඕන වෙලාවක ගෙදර එන්න පුළුවන් එකේ විශාකලයි ගෙදර අයත් එහේ එන්න කියපු නිසාම මන්  මේ දවස් ටිකට විශාකලගෙ ගෙදර නැවතුනා. ගෙදර ඇවිල්ලා වොෂ් එකක් දාගත්ත මන් රෙදි ටිකත් හෝදලා දැම්මා. ඒවත් කරන්න ඕනනේ ඉතින්. නැත්නම් බෑනේ. අම්මත් නැති එකේ වොෂින්මැෂින් එක තියෙන නිසා හොඳයි ඉතින්. මගෙ පොත් පත් ටිකයි ඇදුම් දෙක තුනකුයි අරගෙන රෑ වෙද්දි මාත් ආවේ විශාකලගෙ ගෙදර.

බෑග් එකත් මේසෙ උඩින් දාපු මන් ඌත් එක්කම ආවේ රෑට කන්න. හැමෝම එක මේසේ වාඩි වෙලා කෑම ගත්තා. ඒ අතර ඉදලා හිටලා කතා බහකුත් සිද්ද උනා. උන්ලයි ගෙදර තට්ටු දෙකේ නොවුණට හරිම ලස්සනට තියාගෙන ඉන්න කෙනෙක් තමයි උන්ලගෙ අම්මා. ඒ තරම් ලොකු ගෙයක් නොවුණ නිසා අමතර කාමර එකයි එහේ තිබ්බෙ. ඒකත් අස් කරලා නොතිබුණ නිසා නැන්දගේ  මහන බඩුයි, මාමගේ බඩු මුට්ටු වගේකින් පිරිලා කියලා මට ඉන්න උනේ මගෙ අපාය සහයකගෙ කාමරේ. ඌයි මායි එක කාමරේ. උගෙ කාමරේ නුපුරුදු තැනක් නොවුණත් මූ එක්ක නිදාගන්න එක තමයි වැඩේ. "ගොරවනවනේ මූ"...

"මන් ගොරවන්නෙ නෑ යකෝ"

"ම්...මොකක්??"

"දැන් උඹ කීවේ මන් ගොරවනවා කියලා"

"උඹට හිත් කියවන්න පුළුවන් උනේ කවද්ද?"

"මට කියවන්න පුළුවන් උන හිතක් නෑ. උඹ මෙතන ස්පීකර් දාලා වගේ කියද්දි මට ඇහෙන්නැද්ද!!"

එච්චර හයියෙන් හිතලද. කවදාවත් උනේ නැති වැඩක්නේ ඒ උනේ. මන් ඔලුවත් කස කස මගෙ බඩු ටික අහුරද්දි ඊළගට ආවේ නිදාගන්න ප්‍රශ්නෙ.

"හරි හරි ඉතින් දැන් උඹ නිදාගන්නෙ කොහෙද. අමුත්තන්ට ඇද දෙන්න ඕන. උඹ බිම නිදාගනින්."

"උඹ අමුත්තෙක් නෙමෙයිනේ. ඒ නිසා උඹ බිම නිදාගනින්"

අන්තිමට කොහොම හරි දෙන්නම එක ඇදේ. නිදාගත්තා නෙමෙයි මගෙ නින්ද මැරුවා. මුගෙ අතපය වැදිලම දෙපාරක් තුන් පාරක් ඇහැරුණ මන් උදේ අවදි උනේ විශාකගෙ සුමිහිරි නාදයට.

"නැගිට..පා...න්"

තා පොඩ්ඩෙන් ඇදෙන් බිම. ස්කෝලේ ඇවිල්ලා පුරුදු විදියට වැඩ ටික කරගත්ත අපි ආසම පීරියඩ් එක තමයි හා හා පුරා කියලා පාන්දරම තිබ්බෙ. සිංහල පීරියඩ් එක. සාහිත්‍ය කියන්නෙ ඉතින් අපි සෙට් එකගෙ ආසම විෂය. ආයෙ මොකට කියනවද...

"අහගන්න ළමයි..! ඔය ළමයි ස්පෝර්ට්ස්මීට් නිසා මේ ටිකේම වැඩ පාඩු කරගන්නැතුව කොහොමහරි වැඩ ටිකත් කරගන්න. දැන් ඒ ලෙවල් කරන ළමයිනේ. ඕවට අවධානේ දෙනවා වගේම පාඩම් වැඩත් කරගන්න ඕන"

පන්තියට ආපු වෙලේ ඉදන් මිස් දෙන දේශනේට ඉත සිතින්ම අවධානය දීලා පෑනත් කරකවන ගමන් අහගෙන හිටපු මගෙ අවධානය උදුර ගත්තේ අර පුංචි භූතයා. අවධානෙද ඕනෙ කොල්ලො. මොකද බං උඹ මගෙ ඔලුව අස්සට වෙලා කරන්නේ. ඇයි යකෝ දවසක් දෙකක් දැකපු කොල්ලෙක් මගේ ඔලුවෙම සක්මන් කරන්නේ. දවස් කීයක් මේ රූපයක් පස්සෙ දිව්වද. මගේ ඔලුව වටේ කැරකි කැරකි ඉදපු පුංචි භූතයට කැරම් ඉත්තෙක්ට වගේ පහරක් එල්ල කරන්න හදලත් ආයෙ නිකන් හිටියා. ඇයි යකෝ මේක හරි වැඩක් උනානෙ. දැක්කෙ දෙතුන් පාරයි. කෙල්ලෙක් නම් තා කමක් නෑ....

මට මතක් උනේ බස් එකේ යන ටිකටත් කොල්ලව හොයන්න ගිහිල්ලා විශාකයට අතේ මාට්ටු උන හැටි. දවස් කීපයක්ම මම බස් ගානෙ කොල්ලව බැලුවා. බුක් ෂොප් එකටත් පුළු පුළුවන් වෙලාවට මොකක් හරි හේතුවක් හදාගෙන රිංගුවා.  එදා ඉදන් උට කොහෙවත් ඉන්න කොල්ලෙක් මගෙ ලව් එක වෙලා. මූත් අහන්නෙ නෑ එහෙම මගුලක් නෑ කිව්වට. මිස් ගෙ පාඩමත් ප්‍රතික්ෂේප කරපු මගේ ඔලුව ඇතුළේ ඒ අස්සේ සින්දුවක් ප්ලේ වෙනවා.

"හිත හීන හොයාගෙන
යන ගමනේ සංතාප මැදින්
සංසාර පුරුද්දට නැවතුනි මා
ඔය රූපේ..... ලගින්
දිව්රාලා කීවේ....හුස්ම නමින්
ආදරෙයි....ඉතින්
සසරේම සදා මගෙ ලෝකෙ ඔයා
රැදුනාවේ හොදින්."

"ආක්ෂයෝ!!!!.."

"මොකද බං."

කෑවනේ ඉතින් ලස්සන සින්දුව. අර ඉතින් ගායකයත් බොට බනිනවා. ලිය ලිය හිටපු නෝට් එකත් අතරමග නැවතිලා. මන් විශාකයගෙන් පොත ඉල්ලුවේ අතෑරුණ කොටස ලියාගන්න.

"පාඩම උගන්නද්දි මොන ලෝකෙද හිටියෙ."

"අගහරු ලෝකෙ.! කෝ පොත දීපන් මෙහාට"

"උඹ එහෙට තමයි යවන්න ඕන."

"උඹත් වරෙන් ඉතින් උඹටත් මෙහේ හරියන්නෙ නෑ"

"ඒක නෙමෙයි බං මට කොච්චි කරල මතක් උනා. ඊයේ දැක්කෙත් නෑ"

"ඔය පනින්නේ බළලා මල්ලෙන් එළියට."

කට කොනේ හිනාවක් එක්ක එහෙම කියපු මන් ආයෙම නෝට් එක ලියන්න ගනිද්දි ඌත් හෙමීට මාරු වෙලා ගියා. ඔක්කොම අස්සෙ පන්තියේ උන් කොල ගුලි වලින් ගහගන්නවා. මුන්ටත් ඉතින් වෙන වැඩ නෑනේ කරන්න.

"අඩෝ අන්න මෙවාන්ගෙ ගෝල බාලයෙක්. උට පාර වැරදිලා වගේ. අසරණයා"

සනුකගෙ කෑ ගැහිල්ලට තමයි අපි දෙන්නම ඒ පැත්තට ඔලුව දැම්මේ. ස්පෝර්ට්ස්මීට් නිසා ස්කෝලේ වටේම කරක් ගහන එක තමයි උන්ගෙ වැඩේ. උන්ටත් ඉතින් වෙන වැඩ නෑ. එනව මෙතන ඕපේ හොයන්න.

.
🔔🔔🔔
.

"ඒ..... වරෙන් කන්න යන්න කැන්ටිමට."

ඉන්ටවල් එකට බෙල් එක ගහපු ගමන් නෝට් එක ලිය ලිය හිටපු මගෙ පිට මැදටම විශාක දුන්න පාරට මට දැන් මූව මරන්න පුළුවන් සයිස් එකේ බැල්මක් දැම්මේ ලිය ලිය හිටපු අවසාන අකුරත් ඇද වෙලා ගිය නිසා.

"රිදුනා යකෝ....විනාඩියක් දීපන්"

"රිදෙන්න තමයි ගහන්නෙ"

"යැයි යැයි තමයි"

උට ඇද කරලා නවත්තපු තැනින් මන් ඉතුරු ටිකත් ලියන්න ගද්දි ටිකක් වෙලා බලන් ඉදපු ඌ මගේ අතින් පෑනත් උදුරලා ගත්තා.

"උඹ ඕක ඉවර කරලා එද්දි කන්න වෙන්නෙ නෑ..මෙහෙ වරෙන්"

මුටත් ඉතින් මොනා නැතත් කෑම ලොකුයිනේ. පෑනත් පොත ඇතුළට දාලා පොත වහලා දාපු ඌ මාවත් ඇදගෙන ආවේ පන්තියෙන් එළියට. දැන්නම් ඉතින් මට ටිකක් තද උනේ නෑ කිව්වොත් බොරු. මාත් හෙන ලොකූ සීන් එකේ සාක්කුවටත් අත් දෙක දාගෙන ඇවිදගෙන යද්දි ඌ ටිකක් වෙලා නැවතිලා බලන් හිටියා. මන් දිහාවට දුවගෙන ආපු ඌ මගෙ කරේ එල්ලුන පාර මාව ටිකක් ඉස්සරහට තල්ලු වෙද්දි මූ හැදුවේ මාව ඉබින්න. දෙන්න හිතයි මුට...

"අහකට පල. මගෙ ප්‍රථම හාදුව උඹෙන් ගන්න බෑ මට."

"ආ...ගත්තොත් අපරාදෙ වෙයි. මන් උඹේ යාලුවනෙ. හරි උඹට බැරිද??"

"බෑ යකෝ"

"ඉදපන් මන් අර උඹේ හැංගි මුත්තා කරන කොල්ලා හොයාගෙන උට දෙනවා"

"උඹ දන්නෙ නෑනේ ඒකව!!"

මන් දැම්මේ ඌට මාරාන්තික බැල්මක් නිසාද මන්දා මහ කුපාඩි බැල්මක් එක්ක හිනාවක් උගෙන් මන් දිහාවට ආවේ.

"උඹ හොයාගන්නවනේ කොහොමත්. උඹෙ ලව් එකනේ."

"අනේ, නිකන් ඉදපන්"

මගෙ කරට දාලා තිබුණ අත ගසලා දාපු මන් ඉස්සරහට ඇවිදන් යද්දි ඌත් පස්සෙන්ම දුවලා ආවා. මගෙ කට කොනේ ලාවට ඇදුනේ මල් හිනාවක්. කවුරුහරි දැක්කනම් අනිවාර්යයෙන් හිතයි මට මල්සරා විදලා කියලා. ඇයි යකෝ මූ පුංචි භූතයට 'මගෙ ලව් එක' කියද්දි මගේ හිත ඇතුළෙන් භූතයෝ පාටි දාන්නෙ. මූ එච්චර හොඳ නෑ. ටිකක් ඈත් කරලා තියාගන්න ඕන. ඉතින් ඌ කොහොමත් ඈතයිනේ ආක්ෂයෝ. අඩුම උඹ හොයාගත්තද තාම නෑනෙ. මන් ආයෙම හිනාවෙන් තිබුණ කට හදාගෙන සාමාන්‍ය මූණට මාරු උනා.

ඉන්ටවල් එකෙන් පස්සෙ පීරියඩ් ටිකම ස්පෝර්ට්ස්මීට් වැඩ වලට වෙන් වෙද්දි සති ගානක් තිස්සෙ මහන්සි උන නිසා ගොඩක් දුරට ස්පෝර්ට්ස්මීට් එකේ ගොඩක් වැඩ මේ වෙද්දි ඉවර වෙලා තිබුණා. හවුස් වල වැඩ ඇරුණම මට ඉතින් බලන්න තිබ්බෙ අපේ බාස්කට් බෝල් ටීම් එකේ වැඩ තමයි. අපේ ටීම් එකත් ඉතින් දැන් ඕන දේකට රෙඩි. වෙනදා වගේම අපි හිටියේ ප්‍රැක්ටිස් කරන්න ලෑස්ති වෙන ගමන්.

"ගුඩ්මෝනින් අයියේ"

"ආ කො~ මල්ලෙ. මෝනින් මෝනින්..."

ඌ මාත් එක්ක හිනාවෙලා චේන්ජින් රූම් එකට යද්දි පොඩි එකෙක් ලව්වා වතුර බෝතල් ටිකක් උස්සන් විශාකයා ආවා.

"මහන්සී බං."

"අර පොඩි එකාට කියලා ඔක්කොම උස්සන් ඇවිල්ලා උඹට මහන්සිද"

"හරි හරි බං. ඒක නෙමෙයි තේව් අවේ නැද්ද තාම"

"හහ්...ආවා ආවා උඹෙ මල් කුමාරයා"

ඇහෙන නෑහෙන ගානට කුණුහරුපයක් කියලා පෙන්නලා මූ ප්‍රැක්ටිස් පටන් කරන්න ගත්තා. යකෝ මූව කන්නෙපැයි. මේ ආක්ෂ කුණුහරුප කියනවද බල්ලෝ? නෑනේ. මුට බෑනේ මේ මං වගේ ඉන්න.

පැය ගානක් නොදැනිම ගෙවිලා යද්දි අපි හිටියේ හොඳ පණ ගිහිල්ලා. පොඩි උන් ටිකත් එක්ක හැම තැනම විසිරිලා තිබුණ බාස්කට් බෝල ටික එක්කහු කරන තේව් දිහා අපි දෙන්නම වාඩි වෙලා බලන් හිටියා. ඔන්න මන් නම් ඉතින් නිකන් බලන් හිටියේ. ඒත් මන් බැලුවේ විශාක දිහා. යකෝ කෙලත් බේරෙනවද කොහෙද...

"ඒ... කොච්චි කරල. මෙහෙ වරෙන් වැඩක් තියෙනවා"

තේව් මල්ලිව ලගට අඩගහගෙන අතින් ඇදලා ඌව ලගින් වාඩි කරගත්ත විශාකයා උගෙ උරහිසට ඔලුව තියාගත්තා. මන් බලන් හිටියේ මේ මොන මගුලක්ද වගේ බැල්මකින්. උට නම් ගානක්වත් නෑ. මේකද මුගෙ මහ ලොකු වැඩේ.

විශාකගෙන් ගැලවිලා යන්න හැදුවත් තේව්ට යන්න නොදී අල්ලගත්ත ඌ ආයෙම ඔලුව තියාගෙන ඇස් පියාගත්තා. පුහ්.. මුන් දෙන්න නිකන් අලුත බැදපු කපල් එකක් වගේනේ. ගැලවිලා යන්න බැරි තැනම වාඩේ අතෑරලා දාපු තේව් මල්ලි හිටියේ නිකන් රෝදෙකට අහු වෙච්ච දෙහි ලෙල්ලක් වගේ.

"පුරු පුරු ගාන්නෙපා පූස් තඩියෝ"

පූසෙක්ට පුරු පුරු ගාන්නෙපා කියනවා දැක්කමයි යකෝ.  ඌට කොහෙ ඇහෙන්න ද!? හොඳට නිදි ඌ... නිදාගෙන ඉන්න විශාකගෙ කම්මුලට තට්ටුවක් දාලා එහෙම කියපු තේව් ගේ මුණ දැක්කම නම් මට හිනා යන්න ආවත් කට තද කරගෙන මන් මගෙ වැඩ වලට බැස්සා.

වැඩ ඔක්කොම ඉවර වෙලා චේන්ජ් කරන් එද්දිත් මුන් දෙන්නා කපල් දාලා නිදි. ස්වීට් කපල් එක හැබැයි..

.

"අඩෝ බලපන්කො මරු කපල් එක බං"

මන් හිටියේ විශාකගෙ ඇදේ. හවස මුන් දෙන්න නිදාගෙන ඉන්නවා මගේ කැමරා කාචයට ලස්සනට අහු වෙලා තියෙද්දි ගහගත්ත ෆොටෝ එක පෙන්න පෙන්න මන් ගෙදර ආපු වෙලේ ඉදන් මූව නෝන්ඩි කර කර හිටියේ.

"උඹට ආතල් නේද !?"

"නැතුව. උඹලා දෙන්නා නියමෙට මැච් වෙනවා බං"

"මගුල තමයි"

"මගුලක් තමයි කරලා දෙන්න හදන්නෙ ඉදපං මන් මේක තේව්ට යවන්න."

තේව් මල්ලිගේ චැට් එකටත් ඇවිල්ලා ෆොටෝ එක සිලෙක්ට් කරලා විශාකයට පෙන්නුවේ ආතල් එකට උනත් මූ ෆෝන් එක ගන්න දගලපු නිසා ෆොටෝ එක සෙන්ඩ් උනා. දෙන්නම ෂොක් ඉතින්....ඩිලීට් කරන්න කියලා යද්දිම සීන් උනා කියහංකො. තේව් කාරයා ඔන්ලයින්ම ඉදලා. දැන් ඉතින් ඩිලීට් කරලා වැඩක් නෑනේ...

"උඹ මාව කෑවනම් මීට හොඳයි යකෝ"

"පලයන්. මන් පූස් මස් කන්නෙ නෑ.

"අනේ උඹ ඉදපන්"

තේව් ටයිපින්.....මූ මෙච්චර මොනාද ටයිප් කරන්නෙ. මායි විශාකයයි ෆෝන් එකට එබිලා බලාගෙන හිටියා.

"අනේ අයියේ ඕක ඩිලීට් කරපං"😤

යකෝ අගට ඉමෝජියකුත් දාලා. මුගෙ කියුට් බලපන්කො. හැබැයි ඉතින් මගෙ පුංචි භූතයා තමයි කියුට්ම. ආ නැද්ද!?

"ඌ කියුට් තාරාවෙක් බන්"

"ඌට වඩා කියුට් යකෝ මගෙ පුංචි භූතයා!"

මොකක්ද යකෝ ඒ කියවුනේ. මැසේජ් එක දිහා බලන් හිටපු මන් හිමීට ඔලුව උස්සලා බැලුවේ විශාක දිහා... හරිනේ. මුගෙ බැල්ම මට ඇල්ලුවේ නෑ. මන් හිමින් සැරේ මාරු වෙලා එහෙමම ඇදෙන් බැහැලා ආවේ පාඩම් කරන්න.

"අඩෝ ඒක ආයෙ පාරක් කියපං"

"පලයන් මැරුම් නොකා..."

"පුංචි භූතයා...ඒකත් 'මගේ'...."

"පලයාආආආආන්"

මුට නම් හිනා ඉතින්...වස ලැජ්ජාව...හිමින් හිතන්න බැරි එකට උඹටත් හොඳ වැඩේ ආක්ෂ..

විශාකත් ඇදේ ඉදන් පාඩම් කරද්දි මාත් මේසේ ඉදන් වැඩ කරලා පැය දෙක තුනක් යද්දි ලෝඩ් උන නිදිමත නිසා, මටත් කලින් නිදාවැටි වැටි ඉදපු විශාකට පයින් පාරක් දීලා නිදාගන්න කියලා ලයිට් ඕෆ් කරලා මාත් නිදාගත්තා.

ආක්ෂ Pov end.

.

.

සිහින Pov:

අයියා පාඩම් කරනවා ඇති කියලා හිතලා සද්දයක් නොකර මන් ආවේ අයියගේ කාමරේට. එද්දි අයියා ෆෝන් එක දිහා බලන් කාටද බනිනවා. ඒ අතරෙ හිනා වෙනවා. අයියට මොනව වෙලාද. කෙල්ලෙක් වත් හොයාගෙනද! නෑ වෙන්න බෑ අයියා දැන්ම ඒවා ගැන හිතන කෙනෙක් නෙමෙයිනේ.

මන් එද්දි කලබලෙන් ෆෝන් එකත් පැත්තක දාලා මට කතා කරපු අයියා ඇහුවේ ආවේ ඇයි කියලා.

"සිහින මොකද හදිසියේ"

"අදට මන් අයියා එක්ක නිදාගන්න එන්නද?"

"එන්න එන්න"

අයියා කතා කරපු නිසා ඇදට ආපු මන් නින්ද යනකන් අයියත් එක්ක කතා කර කර හිටියා. අද උදේ ස්කෝලෙදි උන සිද්ධියක් නිසා මගෙ හිත ටිකක් බය වෙද්දි අයියා එක්ක කියන්න ඕන කියලා හිතුණ නිසාම මන් හදිසියෙම ආවේ ගමේ ස්කෝලෙදිවත් මෙහෙම වෙලා නොතිබුණ නිසා...

"අයියේ!? අයියා මෙවාන් කියලා අයියා කෙනෙක් දන්නෝද?"

"සිහින කොහොමද ඌව දන්නෙ!!"

අයියගේ මූණෙ තිබුණේ ප්‍රශ්නෙකින් පිරුණු බැල්මක්. ඇහි බැම් දෙකත් එකට යා වෙන තරම් ලං වෙලා තිබුණෙ මොකක් හරි අවුලක් තියේ කියලා මට හිතන්න ඉඩ තියලා.

"අද මන් පුස්තකාලෙ යද්දි පඩිපෙළ නැගගෙන ආපු මාව හරස් කරලා නවත්තගත්තා."

"උගේ ක්ලාස් එහේ නෙමෙයිනේ!?"

"දන්නෙ නෑ අයියේ. එතන හිටපු කට්ටිය ඒ නමින් තමයි කතා කරේ."

"ඉතින් මොකද උනේ. මොනාහරි කිව්වද ඌ!?"

"මුකුත් නෑ මහ කැත හිනාවක් දැම්මේ!. මගෙන් නම ගම විස්තර ඇහුවා. මන් මුකුත් කිව්වේ නෑ. මිස් කෙනෙක් ආපු නිසා මට පැනගන්න පුළුවන් උනා"

"ඒක හොඳයි. උගෙන් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න සිහින. ආයෙ මොනාහරි උනොත් මට කියන්න. හරිද!?"

අයියා කියන විදියටනම් එච්චර හොඳ කෙනෙක් නෙමෙයි වගේ. දාපු හිනාවෙන්ම මටත් තේරුණා.

"දැන් නිදාගන්න සිහින. ඕව හිතන්නෙපා"

යන්තම් ඔලුව වනපු මන් බෙඩ්ෂීට් එක අස්සට ගුලි වෙද්දි අද උන සිද්ධිය මතකෙන් අයින් කරන්න හදන ගමන්ම නින්දට වැටුණා. රැය ගෙවිලා පාන්දරට ලන් වෙද්දි මට දැනුනේ පුදුම සීතලක්. මගේ ඇග කිටිකිටියේ වෙව්ලන්න ගත්තා.

"ආහ්හ්...එපා....මට ඉන්න දෙනවා..."

"අයියේ.... මාව බේරගන්න...අයියේ//"

"සිහින...සිහින...!!"

"සිහින නැගිටින්න..."

හීනෙන් බය වෙලා කියවපු නිසාද කොහෙද අයියා මාව හොලවලා කතා කරද්දි තමයි මන් හීනෙන් ඇහැරුනේ.  මට හොඳටම දාඩිය දාලත් තිබුණා... ආයෙමත් ඒ හීනේ... මට බය හිතෙනවා. හීන පේන්න ගත්ත දවසෙ ඉදන් ආයුධ වලට මන් හරි බයයි. විශේෂයෙන්ම තුවක්කු, කැති පොලු වලට.  ඒ නිසාම අම්මයි අයියයි මාව ඒ දේවල් වලින් ගොඩක් ඈත් කරලා තිබ්බා. මට හුස්ම අල්ලන්නත් ටිකක් අපහසු වෙද්දි මන් පපුව අත් අතරට තද කරලා අල්ලගත්තා...

"අයියේ..!!"

ඇගත් රත් වේගෙන එනවා වගේ දැනුන මන් අයියගේ අතින් අල්ලගත්තේ දැනුන බයට. අයියා හොඳටම බය වෙලා. මගේ පිට අත ගාන ගමන් හෙමින් සැරේ හුස්ම ගන්න කියපු නිසාම මන් පාලනෙන් පිට ගිහින් තිබුණ හුස්ම ගන්නෙක යන්තම් පාලනේ කරගත්තා.

"ඇගත් රස්නෙයි සිහින"

එහෙම කියලා බැහැල ගියපු අයියා ආවේ වතුර එකක් අරගෙන. පැනඩෝල් දෙකත් අතට දීලා ලගින් වාඩි උන අයියා ඔලුව අතගාද්දි පැනඩෝල් දෙක කටට දාගෙන වතුර ටිකක් බීලා ආයෙම හාන්සි උනේ ලෑම්ප් එකේ එළියට ඇස් දෙකත් අඩවන් කරගෙන.

ලෑම්ප් එකේ එළියත් නිවිලා යද්දි මන් කල්පනාවට වැටුණා. අනේ ඒ කෙනාව මට හොයාගන්න ඕන. හැමදාම පේන ඒ නරක හීනෙ ඇතුළේ මාව පරිස්සම් කරන්න ආපු එකම රූපේ. මේක කවදහරි උන දෙයක්ද...නැත්නම් තාමත් වෙලා නැති දෙයක්ද??"  මගෙ ඇස් දෙකේ කදුලු පිරිලා තිබුණා. ගලාගෙන ආපු කදුලු බින්දුවත් ගලාගෙන ඇවිල්ලා කොට්ටෙට වැටෙද්දි මන් ඇස් අග පිහදාලා දැම්මා.

"ඔයා කවුද . කොහේද ඉන්නේ.....!?"

.

.

──────────────────────────

ඔන්න ඉතින් සිහින එයාගෙ 'හීන කුමාරයට' ආදරේ කරන්න වගේ යන්නෙ.
ආක්ෂට හුළං තමයි.

.

ඔයාලගෙන් කමෙන්ට් එකක් හරි ලැබෙනවානම් කතාව ලියන්න තව ආස හිතෙයි.😗❤

අඩුපාඩු තියේනම් කියන් යන්න ළමයිනේ.......

කතාව කියවන හැමෝටම ස්තූතියි😊❤️ ඊළග සිහිනයෙන් හමුවෙමු 💭❤

මම
සුකී_♡

Continue Reading

You'll Also Like

333K 8.3K 36
Inside of school she's a shy, weak, innocent nobody. Outside of school she's a queen. When she's not at school, say one wrong thing to her, she'll ri...
9.9K 1.5K 33
වෙයාවුල්ෆ් කියවල ඇති.. ඒත් ලංකාවෙ වෙයාවුල්ෆ් කියවල නැතුව ඇති!! ටේකුක් නන්ෆික්ශන් එකක්.. ඔය ඇති දැනට.. කියවලා බලමු ඇතුල මොන වගේද කියල😌
2.3K 398 7
ආදරණීය ආමන්ත්‍රණයකට පුලුවන් ඕනිම ගල් හදවතක් දිය කරලා දාන්න!!!!!!!!!
13.2K 198 23
You are Serial designation B made with spare parts that JCJenson had lying around in your production they forgot to add the overheating fan instead y...