🇰🇵FREEDOM 🇰🇷

Galing kay ireshaseuwandi

9.4K 1.8K 667

FREEDOM 🏳 හැඳින්වීම ~ නිදහස කිව්වහම......එ්ක එකිනෙකාට විවිධාකාර වෙන්න පුළුවන්. ඉතිං මේ කියන්න යන්න... Higit pa

EPISODE 1
EPISODE 2
EPISODE 3
EPISODE 4
EPISODE 5
EPISODE 8
EPISODE 9
EPISODE 6
EPISODE 10
EPISODE 11
EPISODE 11 - PART 2
EPISODE 12
EPISODE 13
EPISODE 14
EPISODE 7
EPISODE 15
EPISODE 16
EPISODE 17
EPISODE 18
EPISODE 19
EPISODE 21
EPISODE 21 Pt 2
EPISODE 21 Pt 3
EPISODE 21 Pt 4
EPISODE 22
EPISODE 22 Pt 2
EPISODE 22 Pt 3
EPISODE 22 Pt 4
EPISODE 22 Pt 5
EPISODE 23 Pt 1
EPISODE 23 Pt 2
EPISODE 23 Pt 3
EPISODE 23 Pt 4
EPISODE 24 Pt 1
EPISODE 24 Pt 2
EPISODE 24 Pt 3
EPISODE 24 Pt 4
EPISODE 25
EPISODE 26
EPISODE 27
EPISODE 28
EPISODE 29
EPISODE 30
EPISODE 31
LAST EPISODE

EPISODE 20

319 42 46
Galing kay ireshaseuwandi

🇰🇵 FRRDOM 🇰🇷

EPISODE 20

උතුරැ කොරියාව
ප්යොන්ග්යැන්ග්.

   
    "ඉතිං මගෙ පැටියා දන්නවද අාදරේ හොයන කුරැළු පැටියෙකුගෙයි මොනරකුඩුම්බිය මලකයි කතාව ?"

    අන්සු හරි අාදරෙන් අහද්දි සෝවු ඔලුව දෙපැත්තට වැනුවෙ දන්නෙ නෑ කියන්න.
එ් එක්කම අන්සු සෝවු ළඟට අරන් අැඳවතට හේත්තු වුනා.කොල්ලත් හරි බරි ගැහිලා අන්සුට තුරැලු වෙලා හිටියෙ හරි උනන්දුවෙන් කතාව අහන්න.

" ඔන්න එකමත් එක කාලෙක හරිම ලස්සන කුරැළු පැටියෙක් හිටියා."

"එයා කෙල්ල කුරැල්ලද ? කොල්ලා කුරැල්ලද ?"

"😄 කොල්ලා කුරැල්ලා ."

"ම්.හරි හරි .😎"

" ඉතිං එ් කුරැළු පැටියාට එයාගෙ ජීවිතේට ඔ්න කරන හැමදේම ලැබුනා.එ් කියන්නෙ අැති තරම්  කෑම බීම , යාළුවො හැමදේම.ඉතින් කුරැළු පැටියා එයාට පුළුවන් උපරිම දේවල් කලා.රටරටවල්වල ප්‍රසිද්ධ වුනා . හැමෝම වගෙ එයාට ගොඩක් ගෞරව කරන්න ගත්තා."

"ම්.එතෝට එයාට කෙල්ල කුරැල්ලෙක් හිටියෙ නෑ ?"

"😅 පොඩ්ඩක් ඉන්නකො කියනකං ....  "

"🙂හ්ම් ."

" එයා කොච්චර ප්‍රසිද්ධ කෙනෙක් වුනත් හැමදේම තිබුනත් එයා ළඟත් නැති දෙයක් තිබුනා."

"මොකද්දේ ?"

"එ් තමයි සතුට . "

"එ් කියන්නෙ ජොලියක් දාන්න එයාට කවුරැත් හිටියෙ නෑ කියලද ?"

"😄ම්.....එහෙම කියන්නත් බැරි නෑ .හැබැයි මේක ඊට වඩා ටිකක් වෙනස් .එයාට අාදරේ දෙන්න කවුරැත් එයා ළඟ හිටියෙ නෑ.එ් කියන්නෙ මගෙ පැටියාට මං ඉන්නවා වගේ එයාට අාදරේ දෙන්න කවුරැත්ම හිටියෙ නෑ."

"පව් .කුරැලු පැටියා.😕මං හිටියනං ...කෙල්ල කුරැල්ලෙක් හොයා දෙනෝනෙ."

"එ්කනෙ.😂😂 එයාට අඩුගාන ඔයා වගෙ කෙනෙක්වත් හිටියෙ නෑනෙ.😂😂😂

ඉතිං .....එයාට හරි ඉක්මනට කේන්ති යන්න ගත්තා.එයා ළඟ හිටපු හැමෝටම බැන්නා .කේන්තියෙන් කෑ ගැහුවා . එ්ත් එයා එහෙම කලේ එයාට අාදරේ දෙන්න කවුරැත් හිටියෙ නැති නිසා.දවසක් එයා තනියම පියාඹගෙන  කන්දකට ගියා.එහෙදි එයා දැක්කා හරි ලස්සනට පිපුණු මොනරකුඩුම්බිය මලක්."

"සෝක් සෝක්.අර මං ගෙනාවෙ ...එ් මල් නේද ?"

"ම්.මගෙ පැටියා මට කඩන් අාවෙ මල් පොකුරක් ම. එ්වා තමයි."

"ම්."

"ඉතින් කුරැලු පැටියට ඔ්නෙ වුනා එ් මල කඩාගෙන ගෙදර ගෙනියන්න .එ්ත් මල නං එ්කට කැමති වුනේ නෑ . ' අනේ මාව කඩාගෙන ගෙනියන්න එපා.එතකොට මං ඉක්මනට මැරෙයි .'එයා කිව්වා.එ්ත් කුරැලු පැටියා කිව්වා 'මං ඔයාට කරදර කරන්නෑ .ඔයාව හොඳට පරිස්සමෙන් බලා ගන්නම් .ඔයා කැමතිද මගෙ යාළුවෙක් වෙන්න 'කියලා. මල කැමති වුනා යාළුවෙක් වෙන්න .එ්ත් එයාව එතනින් ගෙනියනවට නං කැමති වුනේ නෑ."

"ඉතිං කුරැලු පැටියට තරා ගියාද ? "

"ඔව් .කුරැලු පැටියට ගොඩක් තරහ ගියා.එයා මල කියන කිසිම දෙයක් අහන්නෙ නැතුව එ්ක නටුවෙන් කඩලා දැම්මා."

"අයිගෝ ! නරක කුරැල්ලා ! එතෝට මොන්ර කුඩුම්බි මලට මොකද වුනේ ? එයා මැරැනද ?"

"අනී.එ් මල ලොකු හුළඟක් අැවිත් අෑතට ගහගෙන ගියා .එක පුංචි හා පැටියෙක් ට අන්තිමේදි එ් මල හම්බ වුනා. "

"හා පැටියෙක්ද ?"

"ම් .ඉතින් මල ,හා පැටියට එයාගෙ දුක කිව්වා .එයා ගොඩක් හොඳ හා පැටියෙක් නිසා දුවලා දුවලා ගිහින් අර කුරැලු පැටියා හම්බවුනා .එයා කුරැලු පැටියට කරපු වැරැද්ද තේරැම් කරලා දුන්නා.කුරැලු පැටියා ගොඩක් දුක් වුනා.එයා මලෙන් සමාව ඉල්ලුවා."

"ඉතිං වැඩන්නෑනෙ .මල කැඩිලා ගිහින්නෙ !"

"ඉන්නකො කියනකං . ටික වෙලාවකින් මල ගොඩක් දුර්වල වෙලා මැරැනා ."

"අනේ ...😧 නරක කුරැලු පැටියා ! දෙනෝ දෙකක් !!😡"

"මැරැනට පස්සෙ හා පැටියයි කුරැලු පැටියයි දෙන්නම එකතු වෙලා පස්වලින් වහලා දැම්මා.ගොඩක් දුක් වුනා .අැඬුවා .එ්ත් ටික දවසක් යද්දි එ් මලේ අැටවලින් එතන තව ගස් ගොඩක් පැල වුනා ."

"ගස්ද ? ම් .මොනරකුඩුම්බිය ගස් . එ් ගස් ඔක්කොම කුරැලු පැටියත් එක්ක යාළු වුනා.කුරැලු පැටියට හැමදාම ඔ්නෙ කරන අාදරේ ලැබුනා.ඉතින් එයාට තවත් තරහ ගියෙ නෑ .හා පැටියා නිසා කුරැලු පැටියට හොඳ යාළුවො ටිකක් හම්බවුනා .කුරැලු පැටියයි , හා පැටියයි , මොනරකුඩුම්බිය ගස් ටිකයි හැමදාම අාදරෙන් සතුටෙන් ජීවත් වුනා."

"සෝක් කතාව ."

   අන්තිමේදි කොල්ලා අත්පොඩියකුත් ගහන ගමන් හරි සතුටින් හිනා වෙන්න ගත්තා.එ් වෙද්දිත් ගොඩක් රෑ වෙලා තිබුන නිසා සෝවුට ඉක්මනින්ම නින්ද ගියා. කොල්ලව පරිස්සමට අැඳ මැද්දෙන් තියපු අන්සු පොරෝනාවකින් උනුසුම් කලා.ටිකක් වෙලා එ් හුරතල් මූණ දිහා බලන් හිටපු අන්සු කොල්ලා තමන් එද්දි  කොට්ටයක් අස්සෙ කලබලෙන් හංගපු දෙයක් එළියට ගත්තා.

   එ්ක පොටෝ එකක් . ජ්යොන් ජොංකුක්ගෙ පොටෝ එකක්.

"ඉතින් එ් අාදරේ හොයපු කුරැලු පැටියා තමයි ඔයා.ජොංකුක් සර් , දන්නවද  මොනරකුඩුම්බිය මලට හැමදාම ඔ්නෙ වුනේ කවදහරි හරි කාලෙ අාවහම හුළඟත් එක්ක එකතු වෙලා නිදහසේ අෑතට පියාඹගෙන යන්න.එ්ත් ඔයා  නිසා එ්ක කරගන්න බැරි වුනා.එ්ත් ....අතරමගදි හම්බ වුනු හා පැටියා මොනරකුඩුම්බිය මලටයි ඔයාටයි දෙන්නටම අාදරේ කරන්න ගත්තා.ඉතිං මේ මොනරකුඩුම්බිය මල තාමත් වද වෙන්නෙ එ් ගැන . හා පැටියට පාළුයි ඔයා නැතිව.හිතනවා ඔයාටත් එහෙම වෙන්නැති කියලා.මොනරකුඩුම්බිය මලට පුළුවන් ප්‍රාර්ථනා කරන්න විතරයි.ඉතින් හිත්වල මොන දේ තිබුනත්...අතීතයෙ මොන දේ සිද්ද වෙලා තිබුනත් මොනරකුඩුම්බිය මල ගොඩක් අාසාවෙන් බලන් ඉන්නවා ඔයා.....මගහැරැනු අාදරේ හොයන් මේ පුංචි හා පැටියා බලන්න එනකං ."

        ඔහොම හිතලා අවසානයේ පොටෝ එක අායෙ තිබුන තැනම තියපු අන්සු එහෙමම සෝවුට තුරැලු වුනේ අැස් අගින් රහසේම කඳුලක් කඩන් වැටෙද්දි .

       🇰🇵🇰🇵🇰🇵🇰🇵🇰🇵🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷

දකුණු කොරියාව
සෝල්

        " ඉතින් මාස්ටර් වැන්ග් ලී හු ? අපි ටිකක් ...පැත්තකට ගිහින් ප්‍රයිවෙට් එකේ මේක ඩිස්කස් කරලා විසඳගමුද අා ?"

     එ් වෙද්දි ටේ හිටියෙ බිත්තියට හේත්තු වෙලා වගෙම සුජින් හිටියෙ කොල්ලගෙ උරහිසට උඩින් බිත්තියට අතකුත් තියාගෙන .ටිකක් මැර සීන් එකේ හිටපු කෙල්ල මූණට වැටුනු කෙහෙ රැල්ලක් කටින් පිඹලා අයින් කරන ගමන් ටේ දිහා බැලුවෙ ඉක්මන් උත්තරයක් බලාපොරොත්තුවෙන්.

     එ්ත් එ් වෙද්දි අැත්තෙන්ම ටේ හ්යොං නං හිටියෙ කේන්තියෙන්.

"ඔක්කොටම ඉස්සෙල්ලා මගෙ කකුල් දෙකෙන් බිමට බහිනවද ?"

    ටේ කිව්වෙ සුජින් එ් වෙද්දි කොල්ලගෙ කකුල් දෙක උඩ නැගගෙන හිටපු නිසා.

"Ooops !!! Sorry ! "

     කෙල්ල මොඩ් සීන් එකේ ඉඳන් කටත් අැද කරන්  කිව්වෙ ටිකක් අෑත් වෙලා අායෙම හීල් එක දාගන්න ට්‍රයි කරන ගමන්.එ්ත් කෙල්ල අැඳන් හිටපු කොට ගවුම නිසා එ්ක ටිකක් අපහසු වුනා.

"අා.....එක්ස්කියුස් මී මාස්ටර් වැන්ග් !!"

     කෙල්ල කතා කලේ එ් වෙද්දිත් අහක බලන් හිටපු ටේට.

"අයි ...නීඩ් යුවර් උදව් ......ටු පුට් ඔන් දිස් සෙරෙප්පු ."

   කෙල්ල කියද්දි කරදරකාරී බැල්මක් හෙලපු ටේ හ්යොං කෙල්ල ඉස්සරහ බිමට පාත්.වුනේ හීල් එකත් උදුරලා ගන්න ගමන්.

"ම්හ් ! බලාගෙන ....මයි  විල්ලුද ලිට්ල් දෙපා හීරෙයි.බී කෙයාෆුලි ....."

   කෙල්ල උගුරත් පාදලා කිව්වෙ හිනාවත් තද කරගන්න ගමන්.එ්ත් ටේට නං ඔය දේවල්වල කිසි සතුටක් තිබුනෙ නෑ.ඉක්මනින්ම හීල් එක දාන වැඩේ ඉවර කරපු ටේ හ්යොං නැගිට්ටෙ මූණෙ කේන්තිය පුරවගෙන .

" මිස් ජ්යොන් සුජින් ....."

"අනේ ටෙටේ මේ ! එහෙදි දාපු ලොකුකම් මෙහෙ නං දාගෙන එන්න එපා හරිද ? ඔය ලස්සනට වවාගෙන තියෙන කෙස් ගස් ටික උගුල්ලලා දානවා එහෙම වුනොත් !"

"ඔයා කතා කරන විදිහ හරිම අශීලාචාරයි කියලා හිතෙන්නෙ නැද්ද මිස් සුජින් ? ඔය විදිහෙන් ඔයාට කවදාවත් කොල්ලෙක් නං කැමති වෙන එකක් නෑ."

"ඉතින් හොඳයිනෙ.එතකොට ඔයාට කිසි ගේමක් නැතිව මේ සුජින් සින්නක්කර හම්බ වෙනවනෙ ටෙටේ."

"විකාර .😠"

"අපි රෙස්ටූරන්ට් එකකට ගිහින් නිවිහැනහිල්ලෙ කතා කරමු ටෙටේ."

"මට කියන්න තියෙන දේවල් එ් වගෙ පබ්ලික් තැනක කියන්න බෑ."

  ටේ හ්යොං කිව්වෙ සීරියස් මූඩ් එකෙන් වුනත් සුජින්ගෙ මූණෙ නං අැඳුනෙ පැණි හිනාවක්.

"එ් කියන්නෙ අපි මොනවගෙ තැනකට ද යන්න ඔ්නෙ ටෙටේ ම් ? 😏👉👈 "

    ටේ ඉස්සරහට අාපු කෙල්ල අැහුවෙ අැහැකුත් ගහන ගමන් රොමෑන්ටික් සීන් එකේ .සුසුමක් හෙලපු ටේ හ්යොං කෙල්ලගෙ අතින් අල්ලන් ගිහින් නැවතුනේ අාපාට්මන්ට් එකක තිබුනු හවුස් එකක.

.
.
.
      ටේ හ්යොං කෝපි හදන ගමන් ඉද්දි සුජින් මුළු ගේ පුරාම සර්ච් පාරක් දාන්න ගත්තා.වැඩි දෙයක් නොතිබුනත් මධ්‍යම පාන්තික තනි මනුස්සයෙක්ට පාවිච්චි කරන්න පුළුවන් විදිහෙ පහසුකම් සේරම එ් ගෙදර තිබුනා.

"ටෙටේ ඔයා මෙහෙ ගොඩක් කල් ඉන්නවද ? "

  සුජින් අැහුවෙ ටේගෙ අැඳුම් වගේම කොල්ලට අයිති තවත් දේවල් කිහිපයක්ම ගෙදර තිබුනු නිසා.

"ඔයා මුලින්ම ඔය කතා කරන විදිහ වෙනස් කරගන්නවද මිස් සුජින් ප්ලීස් .මට එ්ක අැහෙද්දි අප්පිරියයි."

"මෝ ? "

"මගේ නම වැන්ග් ලී හු . මෙන්න මගෙ බිස්නස් කාඩ් එක."

කොල්ලා මේසෙ උඩින් තියපු බිස්නස් කාඩ් එක අරන් බලපු සුජින් ට අැත්තෙන්ම පුදුම වෙන්න හේතු තිබුනා.

"අැයි කියනවද මේ ? "

   සුජින් අැහුවෙ බිස්නස් කාඩ් එකේ තිබුනු විස්තර කියෙව්වට පස්සෙ.

"ටේ හ්යොං ෂි , ඔයා කොහොමද චයිනා වල nationality එක ගත්තෙ ? අනික වැන්ග් ලී හු ? Martial art master ?  මොනවද මේ අා ? මට පැහැදිලිව අැහුනා පාටි එකේ හිටපු ඔක්කොම ඔයාට කතා කලේ ඔය නමින් . මං දන්න තරමට උතුරැ කොරියානු පුරවැසියෙකුට වෙන කිසිම රටක nationality එකකට මාරැ වෙන්න තහනම් ."

"ඉතිං ....මං අවධානමක් අරන් මෙච්චර දේවල් කලේ කා වෙනුවෙන්ද කියලා ඔයාට හිතාගන්න බැරිද මිස් සුජින් ?"

    ටේ අැහුවෙ සුජින්ගෙ අැස් දිහා බලන්.

"නා ?"

   අැස් දෙක පොල් ගෙඩි දෙකක් වගෙ ලොකු වෙලා යද්දි කෙල්ල තමාටම අැඟිල්ල දික් කරගත්තෙ ටේ හ්යොං දිහා බලන ගමන්.

      එ්ත් ...මොහොතක් දෙකක් ගත වෙන්න අැති .ඊළඟ මොහොතෙ කෙල්ලගෙ මූණෙ හැංගිලා තිබුන හිනාව පුපුරලා ගියෙ ටේ හ්යොං ගැස්සිලා යද්දි.

"ටෙටේ ඔයා ....මං වෙනුවෙන් උතුරැ කොරියාව අතාරින්න !!!😂😂😂😂😂😂😂😂😂😂 බලමු හෙට ඉර අනිත් පැත්තෙන් පායයිද කියලා 😂😂😂😂😂😂😂 අමෝර් අමෝර්  ....මෙන්න අාදර්ශයට ගත යුතු යුගයේ පෙම්වතා ! පිළිගන්න ...කිම් ! ටේ ! හ්යොං !! 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂"

   සුජින් උඩ පැන පැන හිනාවෙද්දි සුසුමක් හෙලපු ටේ හදපු කෝපි එක කෙල්ලට ළං කලා.

"ම්....පට්ට රසයිනෙ ! මං හිතන්නෙ ඉස්සරහට කුස්සියෙ වැඩ භාරදෙන්න හොඳම කෙනා ඔයා .😂😂😂😂😂😂😂"

      සුජින් ඔය මොන විදිහට දැඟලුවත් ටේගෙ හැසිරීම නං එහෙමමයි.ඔය කිසි දේකින් කොල්ලගෙ හිතට විනෝදයක් දැනුනෙ නෑ.

"මිස් ජ්යොන් සුජින් ! ඉතින් ඔ්ක තමයි මට ඉහළින් නියෝග ලැබුන විදිහ !"

     ටේ බැරෑරැම් විදිහට කියද්දි සුජින් සේරම දැඟලිලි නවත්තලා එ් දිහාට හැරැනා.

"මොන නියෝගද ?"

"සේරම දේවල් ඔයාට කියන්න බැහැ.එ්ත් මිස් සුජින් දැනගන්නම ඔ්නෙ දේවල් ටිකක් තියනවා ."

"මොනවද ?"

" ප්ලීස් ඔයාගෙ හිතේ මං ගැන තියෙන හැඟීම් අයින් කරගන්න.! "

"මොකක්ද ප්‍රශ්නෙ ටෙටේ ?"

"මගේ නම ටෙටේ නෙවෙයි.මං කලිනුත් කිව්වා .!"

    ටේ හ්යොං දැඩිව කියද්දි සුජින් නිහඬ වෙලා අවධානෙන් අහන් ඉන්න තීරණය කලා.

"මිස් සුජින් නිසා ...මට මගේ නංගිගෙ අැත්ත හැඟීම් තේරැම් අරගෙන ...එයාට අලුත් ජීවිතයක් අරන් දෙන්න පුළුවන් වුනා.එයා මගෙ පණ වගේ.ඉතින් එහෙම ජීවිතයක් අාරක්ෂා කරන්න පාර පෙන්නපු ඔයත් මට පුද්ගලිකව ගොඩක් වටින කෙනෙක් විදිහටයි සලකන්නෙ . මොන දේ නිසාවත් මට මගේ රට අත්හරින්න බැහැ වගේම ...මොන දේ නිසාවත් ඔයාව රවට්ටන්නත් බෑ."

"ර...රවට්ටන්න බෑ කියන්නෙ ....?"

"ඔයා කිව්වා හරි .උතුරැ කොරියානු කිසිම පුරවැසියෙකුට වෙනත් රටක ජාතිකත්වය ගන්න බෑ .මං වගෙ කෙනෙකුට කොහොමත් බෑ.ඉතින් ඔයාට මේකෙන්ම දේවල් පැහැදිලි වෙන්නෙ නැද්ද මිස් සුජින් ?මම ඉන්නෙ මට නියෝග කරපු විශේෂ මෙහෙයුමක .මම හැම මොහොතක් ම ගෙවන්නෙ ...පියවරෙන් පියවර එ් මෙහෙයුම සාර්ථක කරගන්න අරමුණෙන් .ඔයත් එ්කෙ කොටසක් මිස් සුජින් !"

"මෝ ?"

"ඔයයි මාව මේ තැනට අැදලා දැම්මෙ ? මතකද මං දවසක් කිව්වා ...දකුණු කොරියාවෙ තරම් තාක්ෂණික දියුණුවක් නැති වුනාට ....උතුරැ කොරියාවෙ ගස් ගල්වලටත් කන් තියෙනවා කියලා ? එ්ත් මං කියපු කිසි දෙයක් ඔයා සත පහකට ගනන් ගත්තෙ නෑ ! "

"ටේ හ්යොං ෂි කියන්නෙ ....අපි දෙන්නා ගැන  දැනගන්න ඔ්නෙ නැති කවුරුහරි දැනගෙන කියලද ? එ්කද ඔයාගෙ nationality එක පවා වෙනස් කරවලා මෙහෙට එව්වෙ ? "

" දැන් එ්වා ගැන කතා කරලා වැඩක් නෑ.ප්ලීස් මාව අමතක කරන්න."

"යා කිම් ටේ හ්යොං ...."

"මට ගෙදරින් මැරේජ් ප්‍රපෝසල් එකක් ගෙනත් ඉවරයි.එයා හැම අතින්ම මං බලාපොරොත්තු වුන විදිහෙ ගෑනු ළමයෙක්.අනික කැමැත්ත අකමැත්ත කෙසේ වෙතත් මට එයාව මැරි කරන්නම වෙනවා.මට මගේ පවුලෙ අයට විරැද්ධ වෙන්න බෑ ."

"මොන දේ වුනත් ඔයා කොහොමද එ් වගෙ තීරණේකට අාවෙ ?"

" මිස් සුජින් , ඔයාට ඔ්නනං පුළුවන් මං ගැන අාරක්ෂක අංශ දැනුවත් කරන්න.එ්ක ඔයාගෙ අයිතිය.වැටෙන අන්තිම හුස්ම පොද වෙනකං ...මම මගේ රට වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කරලයි නවතින්නෙ. "

    ටේ හ්යොංගෙ වචන සුජින්ට දැනෙන්න ගත්තෙ පපුව පසාරැ කරන් අැනපු පිහි පාරවල් ගානට.

"ටේ හ්යොං ෂි , අපි ටිකක් හිතලා බලලා නිවිසැනසිල්ලෙ ....."

    සුජින් කියන්න ගත්තෙ ටේ හ්යොංගෙ අතකුත් අල්ලන් වුනත් කොල්ලා හිමින් සැරේ එ් අත අයින් කරන ගමන් මෙහෙම කිව්වා.

"මගේ නම වැන්ග් ලී හු ! කෝපි එක බීලා ඉවර නං ....යන්න පුළුවන් ."

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
     "එයා හැම අතින්ම මං බලාපොරොත්තු වුන විදිහෙ ගෑනු ළමයෙක් !"

    ටේ හ්යොං කියපු එ් වචන අායෙ අායෙම හිතේ රැව් පිළිරැව් දෙද්දි සුජින් පාර දිගේ ඔහේ අැවිදන් ගියෙ අැස්වලින් බේරෙන්න වුන කඳුළු ගැනවත් වද නොවී.

   " @&%#%#@&@ සෙක්කියා !!!!!!! මොනවා වුනත් තමුන්ට තිබුනා මාත් එක්ක ටිකක් හොඳ විදිහට කතා කරන්න .!!!!! 😭😭😭😭"

    අන්තිමේදි සුජින් හයියෙන් කෑ ගහලා අඬන්න ගත්තෙ එ් පාළු ගාඩ්න් එකේ එළියක් වත් නැති ගල් බංකුවක වාඩි වෙන ගමන්.

"මො ....මොන %@$%#&@ ද යකෝ ඔය කෑ ගහන්නෙ අාහ් ?"

     එක පාර එහා පැත්තෙන් අැහෙන්න වුන බීමත් හඬින් කලබල වුන සුජින් ගල් බංකුවෙන් නැගිට්ටෙ ක්ෂණිකයෙන්.එ් වෙද්දිත් අදාල පුද්ගලයා හිටියෙ නිදන් හිටපු ගල් බංකුවෙන් නැගිටින්න උත්සහ කරන ගමන්.කළුවරේ හරියට පෙනුනෙ නැති වුනත් ටිකක් සෝදිසි කරලා බලපු සුජින්ගෙ අැස් පුදුමයෙන් මහත් වෙන්න වැඩි වෙලා ගියෙ නෑ.

"ඔ...ඔප්පා ??"

   ඔව් ! එ් හිටියෙ ජොංකුක් .

"නු ...නුගු ?"

    සුජින්ගෙ හඬත් එක්ක අැස් හීන් කරලා බලන්න වුන ජොංකුක් කෙල්ලව අඳුන ගත්තත් හරි වෙර දාලා බංකුවෙ කෙලින් වුනා.එ්ත් අනිත් පැත්තට කොල්ලගෙ මූණ පුරා හිනාවක් අැති වුනේ සුජින්ව ඩබල් ට්‍රිබල් වෙලා පේන්න ගත්තු නිසා.

"අයිගෝ ! සුජින්ලා ගොඩාාායි ....."

   කොල්ලා අත් දෙකත් කම්මුල් වලට තද කරන් මූණත් අැල කරගෙන කියවන් යද්දි සුජින්ගෙ හිතේ අැති වුනේ කේන්තියක්.

"යා ! තමුසෙට පිස්සුද අා ? මේක පබ්ලික් තැනක් කියන එක අමතකද ? "

   එ්ත් ජොංකුක්ට නං ඔය කියන කිසි දේක බරක් පතලක් තේරැනේ නෑ.මොකද කොල්ලා හිටියෙ කෙලින් හිටගන්න බැරි තරං ඩ්‍රින්ක්ස් අරන්.

"තමුසෙ තමයි මේ .....හැම දේකටම මුල ! තමුසෙ තමයි ! ඔව් !! "

"නේ නේ .උතුරෙ - දකුණෙ අැති වෙලා තියෙන සේරම ප්‍රශ්නවලට හේතුව දැන් මම තමයි ! දෙනවා මෙන්න මෙහාට මටත් ටිකක් !"

   සුජින් කිව්වෙ ජොංකුක් අතින් සෝජු බෝතලේ උදුරලා ගන්න ගමන්.

"යා !!!!! අන්තිම ෂොට් එක !!!"

"අන්තිම ෂොට් එක දැන් මගේ.! යා !!!! මගෙ හිතටත් හරි දුකයි දන්නවද ?"

"වේ ?? තමුසෙ මොකෙක්ගෙන් හරි .....බූටක්වත් කෑවද ?"

   ජොංකුක් අැහුවෙ කෙල්ලගෙ කරට අතකුත් දාගන්න ගමන්.

"එයාට මැරි කරන්න කෙනෙක් ඉන්නවලු . මට තවත් බලාපොරොත්තු තියාගන්න එපාලු."

   සුජින් කිව්වෙ වේදනාවෙන් වුනත් එ්ක අහපු ජොංකුක්ට හයියෙන් හිනා ගියා .

"😂😂😂😂😂😂😂👏👏👏👏👏👏👏"

"වේ ?????????😡😡😡😡"

"තමුසෙට. ...ඔහොම වෙලා මදි ! මට කරපුවට තමුසෙ මැරැනත් මදි !! "

"එච්චර දෙයක් කියන්න මොනවද මං කලේ කියනවා ??"

"අැයි තමුසෙ අර ගෑනි ගෙ ළමයා ජීවත් කෙරෙව්වෙ ?? බලනවා දැන් එ් නිසා මං විඳින දුක ?? මගෙ හිතට හරි දුකයි ඔ්යි . මට දැන් මේ ලෝකෙ ඉඳලා වැඩක් නෑ . මට ....මට මැරෙන්න ඔ්නෙ .😢😢😢"

   එ් වචනත් එක්ක නං කොල්ලගෙ හිතේ අැති වෙලා තිබුන වේදනාව සුජින්ට හොඳින්ම දැනුනා.

"ඔප්පා ....ඔයා සෝවුට අාදරෙයිද ?"

"අාදරෙයි බම්බුව !! තමුසෙ ...මට තිබුනු අන්තිම ෂොට් එකටත් කෙලලා දැම්මා ! දැන් ඉතිං සේරම ඉවරයි ! සේරම ...ඉවරයි ...!😩"

     කොල්ලා අතපයත් එහෙට මෙහෙට විසි කරන් වේදනාවෙන් කියවන් යද්දි සුජින්ගෙ අැස්වල කඳුලුත් අායෙ අලුත් වුනා.

"උතුරැ කොරියාව නං අැත්තටම සාපයක් ! ඉලව් සාම ගිවිසුමක් නිසා  එහෙට යන්න වුන එක නෙවෙන්න වැඩි දෙයක් නැතත් අපි දෙන්නා හරි තාම සතුටින් ."

  තමුන්ටම මුමුණගත්ත සුජින් කැබ් එකකට කෝල් කරලා ජොංකුක් අරන් ඉක්මනටම ගෙදර යන්න පිටත් වුනා.

.
.
.
.
.
.
.
   "අප්පා !!!!! චූටි පුතා ගෙදර අාවා !!!!!!"

       මහ රෑ දෙගොඩ හරියෙ සාලෙ පැත්තෙන් අැහෙන්න ගත්තු ගෝරනාඩුවත් එක්ක රාජකාරි වැඩ වගයක යෙදිලා හිටපු මිස්ටර් ජ්යොන්ගෙ හිතේ අැති කලේ කේන්තියක්.

ඉක්මන් අඩි තියන ගමන් සාලෙට අාපු මිස්ටර් ජ්යොන්ගෙ අැස් පුදුමෙන් මහත් වුනේ ජොංකුක් මදිවට සුජිනුත් වැනි වැනි හිටපු නිසා.මිස්ටර් ජ්යොන් දැක්ක ගමන් කරට අත් දාන් හිටපු අයියයි නංගියි මෝඩ විදිහට හිනා වුනේ අත්වලින් හායි පාරකුත් දාන ගමන්.

"උ...උඹලා දෙන්නා !!!!!!😠😠

"අප්පා ...මිඅන් 🙏🙏"

   දෙන්නම පුළුවන් විදිහට ඔලුව නවලා සමාව ඉල්ලද්දි මිස්ටර් ජ්යොන් කේන්ති පිටම අාපහු යන්න ගියා.

"මීට වඩා හොඳයි ගොන් නාම්බෙකුයි වැස්සියෙකුයි හදා ගත්ත නං !!!!!! ........etc ......"

                
        🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷

      හිතේ දුකට බිව්වත් හරි පහුවෙනිදා උදේ නැගිටිද්දි දෙන්නටම දැනුනෙ ඔලුව පුපුරන්න වගෙ ගතියක්.සුජින්ට කෙලින් හිටගන්න පුළුවන් වුනත් ජොංකුක්ට නං තාම එ්කටත් පණ මදි ගානයි.සර්වන්ට් අාජුම්මා ගෙනාව ලෙමන් ඩ්‍රින්ක් එකත් කොල්ලා බීගත්තෙ හීනෙන් වගේ.
.
.
.
"ම්වෝ ??👀 "

    ටික වෙලාවක් යද්දි දෙන්නගෙම අැස් උඩගියෙ මිස්ටර් ජ්යොන් පෙන්නපු දෙයකින්.දෙන්නා රෑ මැද්දෙ බීගෙන නටපු නාඩගම් සේරම කවුරුහරි social media දාලා තිබුනා.එ් වෙද්දි එ් පොටෝස් වීඩියෝස් සේරම හැම තැනම පැතිරිලා තිබුනෙ වසංගතයක් ගානට .

       මිස්ටර් ජ්යොන් දිගින් දිගටම කෑ ගහන්න ගත්තත් ටික වෙලාවක් යද්දි අයියටයි නංගිටයි නං එ්කෙ ගානකට ගන්න දෙයක් තිබුනෙ නෑ.

"අප්පා , එ් ඉන්නෙ ඔප්පයි මමයිනෙ ! මොකද වෙන්නෙ ?"

"තමුනුයි තමුන්ගෙ ඔප්පයි !! උඹලා දෙන්නාට එවෙලෙ මාව මතක් වුනේ නැද්ද අා ? මං කොහොමද දැන් රෙද්දක් අැඳන් එළියට බහින්නෙ ??"

"එහෙනං අැඳුම් නැතිව යන්න !!"

   ජොංකුක් කියද්දි සුජින්ගෙ මූණෙනුත් හිනාවක් පුපුරලා ගියා.එ්ත් එ්කෙන් වුනේ මිස්ටර් ජ්යොන්ගෙ කේන්තිය තවත් වැඩි වුන එක විතරයි.

"තොපි දෙන්නට මම !!!👞💥 "

    කකුලෙ තිබුනෙ සපත්තුවෙන් දමලා ගහපු මිස්ටර් ජ්යොන් ඉනට අත් දෙකත් තියන් ටික වෙලාවක් යනකං එහෙමම හිටියෙ හිත සන්සුන් කරගන්න අදහසින් .

"අහ් ! දැන් ඉතිං සපත්තුව අහුලගන්නත් මමම යන්න එපැයි .😩"

             😂😂😂😂😂😂😂😂😂😂

      ටේ හ්යොං මොන දේ කිව්වත් එකපාරට හැමදේම අතෑරලා දාන්න තරම් හිතක් සුජින්ට තිබුනෙ නෑ. පහුවෙනිදත් කළුවර වැටීගෙන එන්න වුන එ් ගොම්මන් වෙලාවෙ කෙල්ල මග බලන් උන්නෙ කොල්ලා මුණගැහෙන අදහසින් .එ්ත් අෑත තියාම කෙල්ලව දැකපු ටේ හ්යොංගෙ මූණෙ නං කිසි සතුටක් අැති වුනේ නෑ.කොල්ලා හැදුවෙ නොදැක්ක ගානට සුජින් පහු කරන් යන්න වුනත් කෙල්ලගෙන් එ්කට ඉඩක් ලැබුන් නෑ.

"කිම් ...අනී ...මාස්ටර් වැන්ග් ලී හු , මට ඔයත් එක්ක තනියම කතා කරන්න ඔ්නෙ ."

"මොනවද ?"

" මේ දවස්වල ඔෆිස් එකේ වැඩ ගොඩ ගැහිලා තිබුනත් මට එ් එකකටවත් හිත යොදවගන්න බෑ.කිසි වැඩක් කරන්න මානසික නිදහසක් නෑ."

"ඉතින් මං මොනවා කරන්නද ? මං හිතන්නෙ ඔයා මෙඩිකල් අැඩ්වයිස් ගන්න පුළුවන් තැනකට ගියා නං හරි."

"ප්ලීස් , මට මේක අමාරැයි .එ්ක නිසා අපි ටිකක් කතා කරමු."

   කෙල්ල අැස්වල තිබුනු අසරණකම හොඳ හැටි ටේ හ්යොංට පේන්න තිබුනත් කොල්ලා එ්ක එ් තරම් ගනන් ගත්ත බවක් නොපෙන්වාම ගෙට අාරාධනා කලා.

සුපුරුදු විදිහටම කෙල්ලට ටේ හ්යොංගෙන් රස කෝපි කෝප්පයක් ලැබුනා.

"ටේ හ්යොං ෂි , ඔයා කිව්වා මාත් එ්කෙ කොටසක් කියලා.! එයාලට ඔ්නෙ ඔයයි මමයි එකට ඉන්නවා දකින්න නං .... එ්ක කොහොමටවත් අපේ affair එකට බලපාන්නෙ නෑ නේද ?"

"මිස් සුජින් , වටෙන් වටෙන් කැරකිලා ඔයා එන්නෙ අායෙ පරණ තැනටමනෙ.හිතන් ඉන්නෙ මේක පුංචි කාලෙ විනෝදෙට කරපු සෙල්ලමක් වගේ කියලද ? "

"කිම් ටේ හ්යොං !!!"

"මගෙ නම වැන්ග් ලී හු ! මම ඔයාට ඔප්ෂන් දෙකක් දීලා තියෙන්නෙ මිස් සුජින් .එකක් මං ගැන අාරක්ෂක අංශ දැනුවත් කරන එක .අනිත් එක මගෙන් අෑත් වෙලා ගිහින් නිහඬව ඉන්න එක ."

   ටේ හ්යොං කිව්වෙ ටිකක් තදින් වුනත් එ්කෙන් වුනේ සුජින්ගෙ හිතේ වේදනාව වැඩි වුන එක විතරයි.

"ඔය දෙකෙන් එකක්වත් කරන්න බැරි නං ....එතකොට එ්කට මොකක්ද තියෙන ඔප්ෂන් එක කියලා කියනවද ?"

"එහෙනං මිස් සුජින්ට පුළුවන් මං කියන විදිහට වැඩ කරන්න.මං කියන වෙලාවට අදාල තැන්වල විස්තර මට දෙන්න.තමන්ගෙ රටට ද්‍රෝහි වෙලා උතුරැ කොරියාවත් එක්ක අත්වැල් බැඳගන්න කැමති නං ....අපිට පුළුවන් කාලයක් එකට ඉන්න ."

   කිසිම අනුකම්පාවක් නැති ගානට කොල්ලා කියන් ගියපු එ් වචනත් එක්ක සුජින් හිටියෙ කේන්තියයි වේදනාවයි දෙකම අස්සෙ හිරවෙලා ගැලවෙන්න බැරි විදිහට.

"වේ ? එ්ක ගැන හිතනකොටත් නිකං කේන්තියි නේද ? මිස් සුජින් , ඔයා හිත අැතුලෙ මවාගෙන ඉන්න ලෝකෙ වගේම අැස් ඉස්සරහ මේ තරම් සන්සුන්ව තියෙන ලෝකෙත් මායාවක්.එ්ක අැතුලෙ නොපෙනෙන දේ ගොඩක් සිද්ද වෙනවා.ඔයා වගෙ අයට එ්වා කවදාවත් පේන්නෙ නෑ.ඉතින් ඔයා ඔය මවාගත්ත ලෝකෙම ඉස්සරහටත් ජීවත් වෙන්න.අහසටයි පොළවටයි කවදාවත් එකතු වෙන්න බෑ කියන එකත් මතක තියාගන්න."

"ඔයාගෙ ලෝකෙ මගේ ලෝකෙ කියලා වෙන වෙනම එ්වා නෑ ටේ හ්යොං ෂි . ඔයයි .....එහෙම එ්වා වෙන් කරගෙන අපි අතර පරතරයක් හදන්න උත්සහ කරන්නෙ . අපිට මේක වෙන විදිහකට හිතන්න බැරිද ?"

"අන්තිමට මට කියන්න තියෙන්නෙ මෙච්චරයි .! ඔයාටයි මටයි ....මෙතනින් පස්සෙ කිසිම ගනුදෙනුවක් නෑ !! තවත් කතා කරන එකේ කිසි තේරැමක් නෑ කියලා දන්නවනෙ .!!".

     ටේ හ්යොං කේන්තියෙන් කියද්දි සුජින් ගෙ හිතේ අැති වුනේ ඊටත් වඩා කේන්තියක්.දුකක් .වේදනාවක් .එ් සේරම එක්ක කෙල්ල ගෙයින් පිටවුනේ ටේ හ්යොං දිහා බලන්නෙවත් නැතිව .

    එ්ත් එ් වෙද්දි හොඳටම කළුවර වැටිලා මදිවට මොර සූරන වැස්ස !

"අායිශ් ! මේ මෝඩ වැස්ස මොකද මේ වෙලාවෙම !!"

   තමන්ටම මුමුණගත්ත සුජින් වැස්සෙම එළියට බහින්න හිතුවත් එක අඩියක් ඉස්සරහට තියන්න කලින් කෙල්ලව අාපහු පිටි පස්සට අැදිලා ගිහින් කාගෙහරි අැඟේ වැදුනා .එ් හිටියෙ ටේ හ්යොං .

"මේ කුඩේ අරන් යන්න."

   ටේ හ්යොං කිව්වෙ කුඩේ දික් කරන ගමන් වුනත් සුජින් එ්ක පිළිගන්න සූදානමක් තිබුනෙ නෑ.

"මාස්ටර් වැන්ග් ලී හු , අැයි ඔයා කොහෙවත් යන කෙල්ලො වැස්සට තෙමෙන එක ගැන වදවෙන්නෙ ? "

   දැඩි බැල්මක් එක්ක කියපු සුජින් ටේගෙ අතත් ගසලා දාලා පාරට දුවන් යන්න වුනා .එ්ත් එ් පාරත් කෙල්ලට යන්න පුළුවන් වුනේ ටික දුරයි.

"කවුරු වුනත් නිකරැනේ වැස්සට තෙමිලා උණ හෙම්බිරිස්සාව හදාගන්න ඔ්නෙ නෑනෙ මේ කුඩ තියෙද්දි ."

   ටේ හ්යොං කිව්වෙ ඉහළපු කුඩේ සුජින් අත මිට මොලවන ගමන් වුනත් කෙල්ල එ්ක බාර ගන්න සූදානමක් තිබුනෙ නෑ.ටේ හ්යොංගෙ හැසිරීම කෙල්ලගෙ හිතට ගෙනාවෙ කේන්තියක්.මොකද එ් හැසිරීමෙන් වුනේ කෙල්ලගෙ හිතේ දුක වේදනාව තවත් වැඩි වෙන එක විතරයි.

" හහ් ! ඔය තරම් දුක නං වැස්සක් එන වෙලාවල් බලලා කුඩ ගෝනියක් තියාගෙන පාර අයිනෙන් ඉන්න .එතකොට ගොඩක් ගෑනු ළමයින්ව උණ හෙම්බිරිස්සාව හැදෙන එකෙන් බේර ගන්න ඔයාට පුළුවන් වෙයි !"

   කියපු සුජින් අාපහු වැස්සෙ දුවන් යන්න වුනා.සුසුමක් හෙලපු ටේ හ්යොං දුවලා ගිහින් කෙල්ලවත් අැදන් ළඟ ම තිබුනු බස් හෝල්ට් එකකට අාවා.

"මොකක්ද කරන්නෙ මගෙ අත අතාරිනවා !!"

.  සුජින් මොන විදිහට දැඟලුවත් ටේ නං පොඩ්ඩක්වත් කෙල්ලගෙ අත ලිහිල් කලේ නෑ.සෝල් කියන්නෙ ඔ්නම මහ රෑක ගෑනු ළමයෙක්ට තනියම එහෙ මෙහෙ යන්න පුළුවන් තරම් අාරක්ෂාවක් තිබුනු සිටි එකක් වුනත් ටේ හ්යොංට ඔ්නෙ වුනේ නෑ මේ මහ වැස්සෙ කෙල්ලව තනියම යවන්න.

"කුඩේවත් ඉහලන් යන්න බැරි නං ....වැස්ස පායන කං ඔහොම ඉන්න ."

   අන්තිමේදි ටේ හ්යොං කිව්වෙ සුජින් දිහා බලන්නෙවත් නැතිව .ටිකකින් දැඟලිල්ල නවත්තපු සුජින් බැලුවෙ ටේ හ්යොංගෙ ශක්තිමත් අැඟිලිවලට මැදි වෙලා තිබුනු තමන්ගෙ අත .කෙල්ල හීන මවන් හිටියෙ මුළු ජීවිත කාලෙ පුරාවටම එ් අත ඔහොමම අල්ලන් ඉන්න.එ්ත් නොහිතපු විදිහට සේරම කනපිට පෙරලෙද්දි .........

       තවත් මොහොතක් නැත්තම් දරාගන්න පුළුවන් වෙන්න අැති.එ්ත් ඊළඟ මොහොතෙ කෙල්ල ටේ හ්යොංගෙ අතත් පපුවට තුරැලු කරන් ඉකි ගහන්න ගත්තෙ හිතේ තිබුනු වේදනාවට .

   සුජින්ගෙ  උනුසුම් කඳුලුවලින් ටේ හ්යොංගෙ අත තෙමිලා යද්දි කොල්ලා එ් දිහාවට හැරිලා නිහඬවම ටිකක් වෙලා බලන් හිටියා.

"මිස් සුජින් ....."

    කොල්ලා කියන්න ගත්තෙ ටික වෙලාවක් ගියාට පස්සෙ ....සුජින්ට ටිකක් ළං වෙලා.

".....මං හිතක් පපුවක් නැති මිනිහෙක් නෙවෙයි.එ් වගේම ... ජීවිතේට වටිනාකම් එකතු කරපු කෙනෙක්ගෙ හැඟීම් එක්ක සෙල්ලම් කරලා ....වැරදි විදිහට පාවිච්චි කරන්න තරම් සතෙකුත් නෙවෙයි.අැයි ඔයාට මාව තේරැම් ගන්න බැරි ? "

"එහෙනං ....අර කෙල්ලට අාදරෙයිද ඔයා ? "

"මොන කෙල්ල ද ?"

"ප්‍රපෝස් කරපු කෙනා ?"

      ටේ හ්යොං හිමින් සැරේ ඔලුව දෙපැත්තට වැනුවෙ නෑ කියන්න.එ්කෙන් වුනේ කෙල්ලගෙ අැස්වල කඳුළු අලුත් වෙන එක විතරයි.

"මට කිස් එකක් ඔ්නෙ !"

    සුජින් හැඬුම් මැද්දෙ සැරෙන් කියද්දි ටේ හ්යොං මුකුත් නොකියා කෙල්ලගෙ නළල මැද්දෙ මෘදු හාදුවක් තිබ්බා.

"ඔය මොකක්ද ? මට ඔ්නෙ මෙතෙන්ට !"

   කෙල්ල කිව්වෙ ලිප්ස් පෙන්නන ගමන්.එ්ත් ටේට එ්කට නං එකඟ වෙන්න පුළුවන් කමක් තිබුනෙ නෑ.කොල්ලගෙ අතත් ගසලා දාපු සුජින් අත් දෙකම මිට මොලවලා කොල්ලගෙ පපුවට ගහගෙන ගහගෙන ගියෙ තමන්ගෙ උපරිම ශක්තිය දාලා .
.
.

"ඉවරයි ද ? ඔයාට ඔ්නෙ නං තවත් ගහන්න පුළුවන්.....ඔයාගෙ කේන්තිය නිවෙනකංම ."

     ටේ හ්යොං කිව්වෙ විනාඩි ගානක් ගත වුනාට පස්සෙ .එ්ත් ඔය මොන දේකින්වත් සුජින්ගෙ හිත හැදෙන පාටක්නං තිබුනෙ නෑ.
කෙල්ල අායෙම ඉකි ගහන්න ගද්දි ටේට වෙන විකල්පයක් තිබුනෙ නෑ කෙල්ලව ළඟට අරන් තුරැලු කරගන්නවා හැරෙන්න .

"හිතුවක්කාරි ..."

   ටේ කිව්වෙ හෙමින් සැරේ කෙල්ලගෙ ඔලුව පිරිමදින ගමන්.

    දෙන්නා හම්බවෙලා වැඩි කාලයක් නැතත් එ් චූටි කාලෙ අැතුලෙදි එ් හිත් එකිනෙක බැඳිලා තිබුනෙ පුදුම විදිහට.මොන තරම් දැඩි හිතක් තිබුන මනුස්සයෙක් වුනත් ටේ හ්යොංට පුළුවන් වුනේ නෑ කෙල්ලව නිකංම අතෑරලා දාන්න.

"මට ....ඔයාව අමතක කරන්න කියන්න එපා ටෙටේ.දන්නවද මට ඔයා කොච්චර විශේෂ කෙනෙක්ද කියලා ? ඔයා වගෙ කෙනෙක් ....මගෙ මුළු ජීවිතේටම හම්බ වෙලා නෑ. මං ....මං ඔයා කියන ඔ්නෙ විදිහකට ඉන්නං මං...."

"ෂ් ෂ් ....... කවුරුත් ඉස්සරහ ඔය විදිහට ඔයාගෙ වටිනාකම පහළ දාගන්න එපා .මං ගෑනු ළමයෙක්ගෙන් දකින්න අකමැති ම දේ එ්ක.ඔයා තාම පොඩියි.ඔයා ජීවත් වෙන සතුටින් පිරැණු ලෝකෙ මං නිසා විනාශ වෙනවා මට බලන් ඉන්න බෑ.අනික ....ඔයා ඔහොම හැසිරෙනකොට ....මගේ හිතේ ශක්තියත් ටිකෙන් ටික නැති වෙලා යනවා.මං එහෙම කෙනෙක් වෙන්න කැමති නෑ.ප්ලීස් මිස් සුජින් , මාව තේරැම් ගන්න . මං කියන දේ තේරැම් ගන්න.නිකංම අතෑරලා දාන්න පුළුවන්කම තියෙද්දිත් ...මෙච්චර දේවල් තේරැම් කරන්න උත්සහ ගන්නෙ අැයි කියලත් හිතන්න.ටිකක් නිවිහැනහිල්ලෙ හිතුවොත් ....ඔයාට ලේසියෙන්ම උත්තර හම්බ වෙයි."

   සුජින් එ් වෙද්දිත් ඉකි ගහන ගමන් හිටියා වුනත් ටේ හ්යොං කෙල්ලව තුරැලු කරන් හිටියා . වැස්ස තුරල් වෙලා යනකං ම කොච්චර වෙලාවක් ගත වුනත් ...කොල්ලා හරි අාදරෙන් වගේම පරිස්සමෙන් කෙල්ලගෙ ඔලුව අතගෑවා.උනුසුම දුන්නා. ටේ හ්යොංගෙ තවමත් අප්‍රකාශිත අාදරේ එ් වගේ වුනා.

              🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇵🇰🇵🇰🇵🇰🇵

උතුරැ කොරියාව ,
ප්යොන්ග්යැන්ග්

   
       සෝවුගෙ nationality එක හදන වැඩේ එක්ක බිසී වෙලා හිටපු ජිමින් එ් වෙද්දිත් සේරම වැඩ ලෑස්ති කරගෙනයි තිබුනෙ .එ්ත් ඩොකියුමන්ට්ස් හදන වැඩේට අත්‍යවශ්‍යම දෙයක් තිබුනා.අැත්තෙන්ම එ්කට ජොංකුක්ගෙ අතින් ලියපු ලෙටර් එකක් ඔ්නෙ වුනා.අකමැත්තෙන් වුනත් ජිමින් ජොංකුක්ට කෝල් කලේ එ් ප්‍රශ්නෙත් විසඳගන්න හිතාගෙන.

      අනං මනං නැතුව කෙලින්ම කාරණාවට බැස්ස ජිමින් තමන්ට අවශ්‍ය දේ කියන් යද්දි ජොංකුක් ටිකක් අදිමදි කරන බවක් පෙනුනා.

"මොකක් ? මං උතුරැ කොරියාවට එන්න ??"

"ප්ලීස් මිස්ටර් ජොංකුක් .මට මේකට උදව් කරන්න.සෝවුගෙ nationality එක හදන වැඩේට ඔයාගෙ උදව් ඔ්නෙමයි.මහජන කාර්යාලයෙදි ඔයා අදාල නිළධාරීන් ඉස්සරහදි සෝවුගෙ භාරකාරත්වය හොං අන්සුට පවරන්න ඔ්නෙ .එතනින් පස්සෙයි මට ඉතුරැ වැඩ ටික සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන්න."

"මොන හේතුවක් හින්දද මං ඔය ගැන ඔච්චර වද වෙන්න ඔ්නෙ කියලා කියනවද ?"

   එහාපැත්තෙන් අැහෙන්න වුන ජොංකුක්ගෙ කටහඬ ජිමින්ගෙ හිතේ අැත්තෙන්ම අැති කලේ කේන්තියක්.එ්ත් එ් බවක් නොපෙන්වා කොල්ලා උපරිම ඉවසීමෙන් කතා කරන්න වුනේ කොහොමහරි වැඩේ කරගන්න තියන උවමනාවට .

" සෝවු තාමත් පොඩි ළමයෙක් වුනත් එයා දිගටම උතුරෙ ඉන්න නිසා nationality එක අනිවාර්යයෙන් තියෙන්න ඔ්නෙ.තව වැඩි දවසක් නෑ.ලබන සතියෙ වාර්ෂික සංගනනය පටන් ගන්න කලින් කරන දෙයක් කරන්න ඔ්නෙ .නැත්තං එයා පොඩි දරුවෙක් වුනත් හිරගෙට යවන එක මටවත් වළක්වන්න බැරි වෙයි.ප්ලීස් මිස්ටර් ජොංකුක් , අපි මේ වෙලාවෙ එකතු වෙලා වැඩ කරමු.අාරක්ෂාව ගැන කිසිම විදිහකින් බය වෙන්න දෙයක් නෑ.මම හැමදේම බලා ගන්නවා."

    ජිමින්ගෙ පැහැදිලි කිරීම් එක්ක ජොංකුක් ටිකක් නැවතිල්ලෙ හිතන්න ගත්තා.

" උතුරැ කොරියානු Nationality එකට මාරැ වෙනවා කියන්නෙ ...එහෙම කෙනෙක්ට අායෙ කවදාවත් දකුණට එන්න තියා හිතන්නවත් බෑ කියන එක.ඉතින් මේකත් එක්ක මගේ කරදර සේරම ඉවර වෙනවා නේද ? හහ් ! බලමුකො ...."

      වරැ ගානක් තිස්සෙ හිතලා හිතලා ගත්තු අවසාන තීරණයකුත් එක්ක ජොංකුක් ඉක්මනින්ම ජිමින්ට call back කලා.

"මම ලෑස්තියි.ඉක්මනට වැඩේ කරලා දාමු ."

                      ⚫⚫⚫⚫⚫⚫⚫

🔴 උතුරැ කොරියාව ගැන ....

🇰🇵 උතුරැ කොරියාවයි දකුණු කොරියාවයි අතර සෘජු ගුවන් ගමන් සිදු වන්නෙ නෑ.කිසිම දකුණු කොරියානුවෙකුට උතුරට අැතුළු වෙන්න තහනම් වගේම කිසිම උතුරැ කොරියානුවෙකුට දකුණට අැතුළු වීමත් දෙරටේම නීතියෙන් තහනම්.හැබැයි අවසර ලත් විශේෂ නියෝජිතයන් රටවල් දෙක අතර ගමන් කරනවානම් චීන ගුවන් සේවාව හරහා සේවාව ලබා ගැනීම කල යුතුයි.

🇰🇵 උතුරැ කොරියාවයි දකුණු කොරියාවයි අතර විවාහ සම්බන්ධතාවලට කිසිම අවසරයක් නැහැ.

🇰🇵 කවුරැහරි උතුරැ කොරියාවෙ සංචාරය සඳහා යනවා නම් එ් සඳහා විශේෂ අවසරයක් ලබා ගත යුතුයි.මුල සිට අග දක්වාම දැඩි මාර්ගෝපදේශ පද්ධතියකට යටත් විය යුතුයි වගේම තනිව මොන ස්ථානයකටවත් ගමන් කිරීමටත් කිසිම තැනක් වීඩියෝ කරන්නවත් ඡායාරෑප ගන්නවත් තහනම්. අනිත් දේ තමයි අදාල නීතිරීති වලට යටත් ව වුනත් එ් සංචාරකයාව හදිසි වැටලීම් වලට අහු වෙන්න තියෙන ඉඩ වැඩියි.එහෙම වුනොත් ප්‍රශ්න කිරීම්වලට යොමු වෙලා විවිධ අපහසුතා විඳින්නත් වෙනවා. මේ හේතුව නිසා උතුරැ කොරියාව සංචාරයට කොහෙත්ම නුසුදුසු රටක් විදිහට තමයි නම් කරලා තියෙන්නෙ .

                 ⚫⚫⚫⚫⚫⚫⚫⚫

🇰🇷 ටේ කොල්ලා ගැන මොනවද හිතෙන්නෙ ?

🇰🇷 අාදරේ හොයන කුරැළු පැටියා ,හා පැටියගෙ අාදරේ අඳුන ගනීද ?"

🇰🇷 ඊළඟ එපියෙදි මින්ජීට කලන්තෙ දැමීමට නියමිතයි ළමයි.😂👏

🇰🇷 වොට් ,කමෙන්ට් ප්ලීස් 🙂





Ipagpatuloy ang Pagbabasa

Magugustuhan mo rin

1M 54.6K 35
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...
1.3K 301 9
" යන්න එපා.." හායුන් ගේ හදවත කඩන් වැටුනා. ඇයට දැනුනා හදවතට පිහි තුඩකින් අනිනවා වගේ. " එයා මම එනකන් බලන් ඉන්නවා." ඇය ඔහුගේ හුස්ම ලගම මුමුනව්වා. තේහ්...
79.5K 4.2K 34
its a manan fan fiction its story of love birds who were separated due to dire consequences . what was stored in future when they come to know that...
7.5K 1.2K 21
"මං එයා වෙනුවෙන් ගොඩක් කල් බලන් හිටියා..ඉතිං..තව කොච්චර කාලයක් ගියත් මට එයා වෙනුවෙන් බලන් ඉන්න පුළුවන්.." 2022/05/10 💮Starting date 2022/05/30 💮...