Baby Sitter ✨️❤ ( Completed )

By Mis_Tiger_Lili_95

3.1K 523 161

සෑබෑ ආදරය හඳුනා ගැනීමට නොහැකි වූ තරුනයෙක්... මවගේ ආදරය සොයන සිගිත්තෙක්... අහම්බෙන් ඔවුන් වෙන එන සුරදූතයෙක්... More

Intro
01.
02.
04.
05.
06.
07.
08.
09.
10.
11.
12.
13.
14.
15.
16.
17.
18.
19.
20.

03.

157 28 7
By Mis_Tiger_Lili_95

ජින් සෝයුන් කියපු දේ ගැන හිතමින් එලියට ආවා...

🤎  හ්ම් ඒක හොද අවස්ථාවක් වෙයි... හොද පඩියකුත් හම්බෙනවානේ මට.. අනික කෝස් එකට යන්නත් පුලුවන්.. මං මේකට කැමති උනොත් ඔම්මාව මේ දේවල් වලින් නිදහස් කරන්නත් පුලුවන්... ඔව් මං මේකට කැමති වෙනවා... කොහොමත් සෝයුන් නූනා මට වැරැද්දක් කරන්නේ නැහැ නේ😊

කල්පනා කරලා තීරනේකට ආපු ජින් ගියේ සෝයුන්ව හම්බවෙන්න.. ජින් යනකනුත් අර ආපු කට්ටිය ගිහින් නැහැ..

🤎  මැඩම්..

🕊️  කියන්න ජින්...

🤎  මං තීරණයක් ගත්තා මැඩම්..

🕊️  ඔහ්.. ඉතින් මොකෝ කියන්නේ😊

🤎 මං කැමතී මැඩම්...😊

🕊️  ඔය ඇත්තමද.. එහෙනම් ඔන්න ජුන් මං වැඩේ කලා... ඔයත් පොරොන්දු උන විදියට මේ ලමයව බලා ගන්න ඕනේ..😊

💙  අනිවාර්යයෙන් සෝ...😊

🕊️  හරි එහෙනම් ජින් ඔයා යන්න... පුලුවන්නම් මේ අපේ ටේ බබාවත් අරන් යන්න...

ඒක කියන කොට නම් ජින්ට මගුල් වගේ.. ඇයි ආපු වෙලේ ඉදන් ටේව අතට ගන්න බැරුවනේ ජින් හිටියේ.. හිනා වේගෙන ටේට අත දික් කරපු හැටියේ ටේත් ජින්ගේ අතට පැන්නේ හැමෝවම පුදුම කරලා... මොකද ටේ එහෙම ලේසියෙන් කාත් එක්කවත් එකතු වෙන කෙනෙක් නෙවෙයි...

👵 බලන්නකෝ පුතේ කොල්ලා යන ලස්සන...

💙  ඒක තමා ඔම්මා මාත් මේ බැලුවේ...

👵  ආ සෝයුන් දුව ඔම්මා ගෙදරද...

🕊️  ඔව් ආන්ටි ඉන්නවා...

👵  එහෙනම් පුතා මං ටිකක් එහෙට ගිහින් එන්නම්.. ඔයා ඉතුරු ටික කතා කරන් එන්නකෝ...

එහෙම කියලා මිසිස් කිම් ගියා... නම්ජුන් සෝයුන් එක්ක කතාවට වැටුනා...

🕊️  ඉතින් ජුන් මොකෝ එක පාරටම නැනී කෙනෙක් ඕන උනේ...

💙  හුම්... යුන්හි රට යන්න යන්නේ
සෝ😪

🕊️  ඒත් මේ හදිස්සියේ😕 අනික පුතත් තාම පොඩීනේ....

💙  හ්ම්😪😪😪

Flash back ....

අදත් නම්ජුන් වෙනෙදාට වඩා ටිකක් කලින් ආවේ යුන්හි වෙනුවෙන් එයාලගෙ කම්පැනි එකේ ලෑස්ති කරලා තිබ්බ පාර්ටි එකට යන්න... ඔක්කොම කරන් ලෑස්තිත් වෙලා ඉන්නකොට නම්ජුන්ට හදිස්සියේ මේල් එකක් ආවා.. ඒක චෙක් කරන්න එයා ගියේ ඒක ටිකක් හදිස්සි වැඩක් නිසා...

🌺  ජුනී ඔයා හරිද... අපි යමු...

💙  අනේ යුනී... මං ටග්ගාලා එන්නම් එතකල් හොද කෙල්ල වගේ ඩ්‍රයිව එක්ක යනවද... මං පැය බාගෙන් එනවා...😊

🌺  ඇයි ජුන් ඔයා මට මෙහෙම කරන්නේ.. ඇත්තටම ඔයාට මගේ දියුණුව ගැන හිතලා සතුටු වෙන්නම බැයිද...😪

යුන්හී උස් ස්වරයෙන් කියන කොට නම්ජුන් ඔලුව ටිකක් උස්සලා බැලුවා... යුන්හී එයා දිහා තරහින් බලන් ඉන්නකොට නම්ජුන්ටත් තරහා ගියා..

💙  යුන්හී මං එන්න බැහැ කිව්වේ නැහැ නේ ඔයාට.. ඔයා යන්න මං එන්නම්... ඇයි තේරෙන්නෙ නැත්තේ..

🌺  ඔයා මේ ගමන මග අරින්න හදන්නේ ජුන්..

💙  මොකක්ද...

🌺  ඔව් ඔයා එතනට ආවාම ඔයාට ලැජ්ජ වෙන්න වෙනවා මං ඔයාට වඩා ලොකු තැනක ඉන්න නිසා... ඔයා මට ඊරිසියයි ජුන්... ඊරිසියාකාරයා😡

තවත් ඉවසන්න බැරිම තැන නම්ජුන් යුන්හිට හොද කනේ පාරක් ගැහුවා.. ගිනි පිටවෙන ඇස් වලින් නම්ජුන් දිහා බලන් හිටිය යුන්හී ගස්සගෙන එතනින් ගියේ එවෙලේ නම්ජුන්ව හොයාගෙන ආපු හෝසොක්ගෙත් ඇගේ හැප්පිලා...

🧡  අර මොකෝ බන් අඩාගෙන
යන්නේ😕

💙  අදත් මගෙන් ඉල්ලන් කෑවා බන්..😡

🧡 අනේ මන්දා කොහොම හිටපු එකෙක්ද උබ.. ඉස්සර බියර් උගුරක්වත් බීපු නැති උබ දැන් බෝතල් පිටින් බොන්නේ.. අනික තරහත් යනවා ගොඩක්.. අනේ මන්දා බන් මෙහෙම ගියොත් උබ ලෙඩවෙයි..

💙  හ්ම් මොනා කරන්නද බන්.. මාත් මනුස්සයෙක්නේ😊  ආ උබ ආපු එක හොදා.. මේ මේල් ටික චෙක් කරලා යවපන් ඈ..

🧡 උබ ඔය කොහෙ යන්නද...

💙  යුන්හිගේ පාටියට බන්... ඒක ගැන කියන්න ඇවිත් තමා රන්ඩුව පටන් ගත්තේ..

🧡 හා හා පරිස්සමෙන් .....

නම්ජුන් හෝසොක්ට සමුදීලා යුන්හිගේ පාටියට ගියා.. ඒක ගොඩක් ලොකුවට ලෑස්ති කරලා තිබ්බා.. මේ හැමදේම තමන්ගේ වයිෆ් වෙනුවෙන්නේ කියලා මතක් වෙන කොට නම්ජුන්ට හිතුනේ ලොකු ආඩම්බරයක්...

එහෙම එකේ ඇයි යුන්හී හිතන්නේ නම්ජුන් එයාට ඉරිසියයි කියලා😪

සෙනඟ අතරින් යුන්හිව නම්ජුන් හොයාගත්තා.. පාර්ටි එකේ ඉන්න අතර තුර නම්ජුන්ට දැනගන්න ලැබුනා මේ පාටි එක තියන්නේ යුන්හිට සමුදෙන්න කියලා... ඒත් ඇයි එයාලා යුන්හිට සමු දෙන්නේ... පස්සෙයි නම්ජුන්ට මේ ළඟදි දැක්ක ආටිකල් එක මතක් උනේ...

පාර්ටි එක ඉවර වෙලා දෙන්නත් එක්කම ගියේ බීච් එක පැත්තට... දිගු නිහැඩියාවකින් පස්සේ නම්ජුන් කතා කරන්න ගත්‍තා...

💙  ඇයි මට නොකිව්වේ ඒ ගැන...

🌺  ඔයාගේ උත්තරෙන් මට වැඩක් නැති නිසා..

💙 ඒත් පුතා තාම පොඩීනේ😪

🌺  පුතාව ඕනෙ උනේ ඔයාට නේ ඉතින් ඔයාම බලාගන්න එයාව...😒

යුන්හි කතා කලේ ස්ථීර හඬකින්.. යුන්හී මේ යන ගමන නවත්තන්න කාටවත් බැරි බව නම්ජුන් අත්දැකීමෙන් දැනන් හිටියා.. යුරෝපයේ ප්‍රමුඛ පෙලේ ආයතනයකට නිලධාරීන් තොරගන්න වැඩසටහනක් තිබ්බා...

ඒකට කොරියාවෙන්ම දෙන්නයි තෝරන් තිබ්බේ.. ඒ දෙන්නාගෙන් එක්කෙනෙක් තමා යුන්හී.. නම්ජුන් මේක ආටිකල් එකක දැක්කාම ගොඩක් සතුටු වගේම ආඩම්බර උනා..  මේක යුන්හිම ඇවිත් කිව්වානම් තවත් සතුටුවෙන්න තිබ්බා නම්ජුන්ට...

💙  කවද්ද යන්නේ...

🌺  අනිද්දා...

💙  කොච්චර කාලෙකටද... .

🌺  අවුරුද්දක් විතර...

💙  එතකොට පුතුගේ අවුරුද්දේ උපන්දින්නේට ඔයා එන්නේ නැද්ද...

🌺  මං නිවාඩුවක් දාලා එන්න බලන්නම්... එදාට අපි කතා කර ගමු..

💙  මොනාද...

🌺  ඩිවෝස් එක...

යුන්හි කියපු දේත් එක්ක නම්ජුන් ගොඩක් ශොක් උනා.. ඇත්ත කසාද බැදපු දා ඉදන් ඒ දෙන්නා රන්ඩු නොකරපු දවසක් නැති තරම්.. ඒත් ඒ කිසිම දවසක එයාලා ඩිවෝස් එක ගැන කතා කරලා තිබ්බේ නැහැ ...

🌺  අපි ඩිවෝස් වෙමු ජුන්... ඔයාටම තේරෙනවානෙ අපි ගැලපෙන්නේ නැහැ... මට පුතාව ඕනෙත් නැහැ ඔයාගෙන් වන්දියක් ඕනෙත් නැහැ... මං පුතාගේ උපන්දිනේට එන්නම් එදාට පේපස් සයින් කරමු...

නම්ජුන්ට කියන්න දෙයක් හිතා ගන්න බැහැ.. එයා යුන්හී කියන හැමදේම අහන් හිටියා .  යුන්හි කියන දේ ඇත්ත.. එයාලා ආදරේ කරන්න ඇති ඒත් එයාලා කවදාවත් ගැලපුනේ නැහැ... ඒත් යුන්හී වගේ නම්ජුන් ඩිවෝස් එක ගැන හිතුවේ නැත්තේ පුතාට නමට හරි ඔම්මා කෙනෙක් ඕනේ නිසා... දැන් ඉතින් ඒකත් ඉවරයි..

යුන්හි කියන්නේ තමන්ට ඔනේ දේ කොහොම හරි කර ගන්න කෙනෙක්.. ඉතින් දැන් යුන්හිටම ඩිවෝස් එක ඔනේ වෙලා කියන්නේ ඒක එයා කෝමහරි ගන්නවා.. නම්ජුන් තීරනේ කලා යුන්හී කැමති දේකට ඉඩ දෙන්නවා කියලා...

ඉතින් පලවෙනි වතාවට ඒ දෙන්නම කිසිම වාදයකින් තොරව එක තීරනේකට ආවා.. "මේක මගේ ලැබීම.. මට තියෙන දුක මගේ පුතු.. " නම්ජුන්ට හිතුනේ එච්චරයි..

.
.
.

Namjoon's pov ....

ඩිවෝස් වෙන්න වන්දියක් ඉල්ලුවත් මට නම් ප්‍රශ්නයක් නැහැ... පුතාව ඉල්ලුවේ නැති එක නම් ලොකු සහනයක් ..
කෝමත් එයා පුතාව ඉල්ලන්නේ නැහැ යුන්හි කියන විදියට පුතා කියන්නේ තනිකරම මට විතරක් අයිති කෙනෙක්..

ඔක්කෝම කතා කරන් අපි ආයේ ගෙදර ආවා.. තව මාස හතරයි අපි අපෙන් නිදහස් වෙනවා.. දුකක් නැත්තෙම නැහැ මොකද මං තාම යුන්හිට ආදරෙයි

Namjoon pov end

.
.
.

Flash back end ...

💙 ඕක තමා උනේ සෝ😪

🕊️  දැන් හරි ඔයාට ඒ කසාදෙන් ගැලවෙන්න ලැබුන එක හොදයි ජුන්..

💙  ඒත් එතකොට පුතාට...

🕊️  එයාට ඔයා ඉන්නවානේ ජුන්.. යුන්හි හිටියා කියලා අඩුම පුතාව වඩාගෙනවත් තියෙනවාද.. නැහැ නේ...

💙 හ්ම් ඒකත් ඇත්ත... ඇයි අපි මෙච්චර අවාසනාවන්ත උනේ....

🕊️ නැහැ ජුන් යුන්හිට ඔයාලා එක්ක ඉන්න වාසනාව නැහැ ඒ වාසනාව තියෙන කෙනා කවදම හරි ඔයාලගේ ජීවිතේට එලියත් අරන් එයි එදාට එයාට අවස්ථාවක් දෙන්න😊

සෝයුන් කියන්නේ හොද යාලුවෙක්.. කෙනෙක්ගේ හිත හදන්නේ කොහොමද කියන එක එයා හොදින් දැනන් හිටියා.. හෝසොක් ඇත්තටම වාසනාවන්තයි සෝයුන් වගේ පෙම්වතියක් ලබන්න.. නම්ජුන් හැම වෙලේම එයාගේ යාලුවා ගැන සතුටු උනා.

🕊️ ජුන් මට උන පොරොන්දුවත් මතකයිනේ..

💙  හ්ම් මං ඒ ලමයව හොදට බලාගන්නම්..

🕊️  ජින් කියන්නේ ඇත්තටම හොද කෙනෙක්.. ටේ බබාව බලාගන්න කෙනෙක් හොයලා දෙන්න කියනකොට මට මුලින්ම මතක් උනේ ජින්ව..

නම්ජුන් උනත් සෝයුන් කියන්නේ ඇත්ත කියලා පිළිගත්තේ ජින්ව දැක්ක වෙලාවෙමයි.. සෝයුන් ජින්ගේ පවුලේ විස්තර පවා නම්ජුන්ට කිව්වා.. මෙච්චර පොඩි වයසකින් පවුලේ බර කරට ගන්න් තරන් ජින් කොච්චර වගකීම් සහගතද කියන එක නම්ජුන්ට තේරුනා.. ඉතින් කිසිම දෙයක් නිසා කොල්ලගේ ඉගෙනීමට බදා නොකර ඒකට උදව් කරනවා කියලා නම්ජුන් සෝයුන්ට පොරොන්දු උනා..

ටිකකින් මිසිස් කිම් ආයේ ආව නිසා නම්ජුන් ගියේ ටේව එක්කන් එන්න ගෙදර යන්න ඕනේ නිසා...

💚  හුවෑ.... හුවෑ😭😭😭😭😭😭😭😭😭

ටේ මහ හයියෙන් අඩන සද්දේ ඇහිලා මිසිස් කිම් සෝයුන් එක්ක ආවේ ඇයි කියලා බලන්න.. යනකොට එයාලා දැක්කේ ජින්ගේ බෙල්ලේ එල්ලිලා අඩන ටේවයි ඊට එහා පැත්තේ ඉදන් බෙල්ල කස කස ඉන්න නම්ජුන්වයි.. එයාලා තව ටිකක් ලන් උනා...

👵 මොකද පුතා මේ බබා අඩන්නේ..😕

💙  එයාට ජින් ගාවින් එන්න බැහැ ලු ඔම්මා😕

👵  හෑ.. කවදාවත් ඔහොම වෙලා නැහැ නේ...

💙  ඒක තමා ඔම්මා... ටේ මෙහෙම පිට අය එක්ක ඉඳලම නැහැ.. කලින් හිටිය නැනීලාටත් පුරුදු වෙන්න මාසයක් විතර ගියානේ... අනේ මන්දා😕

👵  ඒකනේ පුතා...

ජින් පුදුමෙන් මේ කතාව අහන් ඉන්නවා.. එයාටත් හිතා ගන්න බැහැ ටේ ඇයි එයා ළඟින් යන්නේ නැත්තේ කියලා.. නම්ජුන් කතා කරනකොට මේ කොල්ල දැක්කේ නෑ වගේ අහක බලා ගත්තා.... ඉතින් බලෙන් ගන්න ගියා කියලා තමා ඔය අඩන්නේ..🤭

🕊️ ජින්ට අද ඉදන්ම වැඩ පටන් ගන්න වෙයි වගේ...🤭පේනවානේ ජින් අපේ පොඩි කිම් එක්ක ලේසි නෑ...

සෝයුන් කියන කොටනම් හැමෝම හිනා උනා.. කොමහරි චාටුවෙන් ටේව ජින්ගෙන් ගලගන්න හැදුවත් කොහෙද ගම් ගාලා වගේ ටේ ජින්ට ඇලිලා.. දැන් ඉතින් ඇඩුවත් කමක් නැහැ කියලා නම්ජුන් ටේව අරන් ඉක්මන්ට වාහනේට නැග්ගේ ඒ පස්සෙන් මිසිස් කිමුත් වාහනේට නගින කොට.. 

👵  තැන්ක් යූ දුව අපිට ජින්ව හොයලා දුන්නට.. දැන් ඉතින් බයක් නැතුව මට පොඩි එකාව ඒ  කොල්ලා එක්ම තිබ්බෑකි..

මිසිස් කිම් සෝයුන්ට කියද්දි සෝයුන් හිනාවෙලා එයාලට සමුදුන්නා.. පස්සේ එයා හැරුනේ ජින්ගේ පැත්තට..

🕊️  ජිනී අපි ටිකක් කතා කරමුද😊

🤎  හරි නූනා..

🕊️  ඔයා මං කිව්ව යෝජනාවට කැමති උනාට ගොඩක් ස්තූතී ජිනී.. ඇත්තටම මට මේ වෙලාවේ ඒ උදව්ව ඉල්ල ගන්න හිටියේ ඔයා විතරයි.. ඔයා මෙතනට එන ලමයින්ව කොච්චර හොදට බලා ගන්නවද.. ඒ නිසාමයි මං ඔයාගෙන් ටේව බලාගන්න කැමතිද කියලා ඇහුවේ..

🤎  ඇත්තටම ගොඩක් ස්තූති නූනා.. ඔයා මට මේ වෙලාවේ හැටියට මේක හොයලා දීලා ලොකු උදව්වක් කලේ..

🕊️  අනේ කොල්ලෝ.එහෙම කියන්න එපා.. අනික මං ඔයාව වැඩකාර කමට දුන්නා කියලා හිතන්න එපා හොදද.. ඔයාට තියෙන්නේ ටේව බලාගන්න විතරයි වෙන කිසිම දෙයක් ඔයා කරන්න ඕනේ නැහැ.. අනික මොන දේ උනත් ඉගෙන ගන්න එක නවත්තන්න එපා හොදද.. මං නම්ජුන්ට ඔක්කෝම කියලා තියෙන්නේ එයත් ඔයාට පුලුවන් උදව්වක් කරයි...

🤎  අනේ ගොඩක් පින් නූනා. මට මේ දේවල් කවදාවත් අමතක වෙන්නේ නැහැ...

Jin's pov

ඇත්තටම මේක හොද අවස්ථාවක් මට... ටවුන් එක ලගින්ම නවතින්න තැනක්, කෑම බීම නවාතැන් එක්ක හොද පඩියක්.. අනික සති අන්තේ කෝස් එකට යන්නත් පුලුවන්... නූනා මට කලේ ලොකු උදව්වක්.. ඇත්තටම මං එයාට ණය ගැතී..

ඒ බබත් අරි ශෝක් අනේ.. ඒ කෝලම් දිහා දවසම උනත් බලන් ඉන්න පුලුවන්.. ඒ බබා එක්ක වැඩ අමාරු වෙන එකක් නැහැ.. ඔම්මට කියන්න ඕනේ.. එයත් මොනා කියයිද දන්නේ නැහැ.. අකමැති උනේ නැත්නම් ඇති😪




•••••••••••••••••••••••••••••••

ටේ බබාව බලාගන්න එයාගේ ජිනී පපා එන්නයි යන්නේ.. ඉතින් මොකෝ හිතෙන්නේ..

Mis Tiger Lili ✍️💖

Continue Reading

You'll Also Like

39.2K 5.8K 38
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
81.7K 4.4K 61
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။
73.4K 10.8K 50
🐰=ඇයි ඔයා ඔම්මලට එහෙම කිව්වෙ 😐 🐯=මොකද මන් මෙ හා පැටියට ආදරේ හින්දා 😌❤️ 🐰=හුම් ඇ..........මොකක් මොකක්ද හියුන් ඔයා කිව්වෙ 🙂 🐯=I Love You Kooki �...
64.2K 8.7K 34
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...