Legend Of The Moon Lovers 🌜️...

By Bucket_Cat

2.3K 556 447

කාන්තාරය පවා ඉරිතලා ගිය කටුක ගිම්හානය අවසන නැඟෙන සෙනෙහෙබර වූ වසන්තය වෙත පියමනින්නට අවසර..... 🌜️🌟 Jeon Jung... More

පෙරවදනක් 🌜️🌟
EPISODE 01
EPISODE 02
EPISODE 03
EPISODE 04
EPISODE 05
EPISODE 06
EPISODE 07
EPISODE 08
EPISODE 09
EPISODE 10
EPISODE 11
EPISODE 13

EPISODE 12

62 19 26
By Bucket_Cat

" වට්..... බ්ලැක් ඩයමන්ඩ් පැක් එකේ ඔත්තුකාරයෙක් අපේ බ්ලඩ් මූන් පැක් එකේ ඉන්නවා ?? "

ජන්කුක් සහ හොබී දෙන්නාම එක සැරේ ඒ විදිහට කෑගැහුවේ ගොඩක් පුදුමයෙන්.

" කෑගහන්න එපා බම්ලෝ.... අමතක වුණාද ? මෙහෙ බිත්ති වලටත් කන් තියෙනවා කියලා. තොපිලට රහසක් කියනවාට වඩා හොඳයි යකෝ ඒක පත්තරේ දානවා "

ජැකී කිව්වේ ඔලුවේ අත ගහ ගන්න ගමන්.

ජන්කුක් සහ හොබී මේ වෙනකොට හිටියේ රුසියාවේ හුදෙකලා කේතුදර වනාන්තරයක් මධ්‍යයේ පිහිටා තිබුණු රහසිගත කඳවුරක් වැනි ස්ථානයක.

ලොව පුරා විසිරී පැතිරී සිටි රොජර්ස්ලාගේ තිප්පොළක් වූ මෙම කඳවුර , ලොව පුරා වෘක කණ්ඩායම් අතර රහසිගතව සිදු කෙරුණු මත්ද්‍රව්‍ය , අවි ආයුධ හා වහල් වෙළෙදාමේ ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත් වුනා .

ජැකී.... එහෙමත් නැත්තන් ජැක්සන් වැන්ග් කියන්නේ මේ කඳවුරේ ජීවත් වෙන රොජර් කෙනෙක්. ඒත් ඇත්තටම.... ජැක්සන් බ්ලඩ් මූන් පැක් එකේ බේටා කෙනෙක්.

මීට අවුරුදු ගානකට කලින් ජැකී , හෙඩ් ඇල්ෆා ජේහියුන්ගේ අනුදැනුම මත බ්ලඩ් මූන් පැක් එකෙන් අයින් වෙලා රොජර් කෙනෙක් විදිහට මේ කඳවුරට ආවා. ජැකීව මෙතනට එවන්න ජේහියුන්ට ලොකු හේතුවක් තිබුණා.

මේ කඳවුරේ ඉන්න රොජර්ස්ලා ලොව පුරා වෙසෙන සෑම වෘක කණ්ඩායමක් සමඟම රහස් සම්බන්ධතා පැවැත්වුවා. විශේෂයෙන්ම බ්ලැක් ඩයමන්ඩ් කණ්ඩායම එක්ක. ඒ නිසා රොජර්ස්ලා හරහා බ්ලැක් ඩයමන්ඩ් පැක් එක ගැන තොරතුරු ලබා ගන්න පුලුවන් කියලා ජේහියුන්ට තේරුණා.

ඒ නිසයි ජේහියුන් තමන්ගේ යටතේ හිටපු විශ්වාසවන්තම බේටා කෙනෙක් වුණු ජැක්සන්ව බ්ලඩ් මූන් පැක් එකේ ඔත්තුකරුවෙක් විදිහට මේ කඳවුරට එව්වේ. ඒ අනුව ජැකී කියන්නේ තමන්ගේ කණ්ඩායමෙන් ඈත් වෙලා රොජර් කෙනෙක් විදිහට දිවි ගෙවමින් , පැක් එකේ ආරක්ෂාව වෙනුවෙන් සුවිශාල සේවයක් ඉටු කරන බ්ලඩ් මූන් පැක් එකේ ප්‍රධාන සාමාජිකයෙක් කියලා හඳුන්වන්න පුලුවන්.

රොජර් කඳවුරේ දිවි ගෙවමින් බ්ලැක් ඩයමන්ඩ් කණ්ඩායම ගැන ඔත්තු බලපු ජැක්සන් තමන් හොයාගත්තු තොරතුරු බ්ලඩ් මූන් කණ්ඩායම වෙත දැනුම් දීම සඳහා විවිධ ක්‍රම උපයෝගී කරගත්තා.
ඊට අමතරව වසරකට දෙතුන් වතාවක් ජන්කුක් එයාගේ හියුන්ලා එක්ක ආයුධ මිළදී ගන්න මුවාවෙන් රහසේම මේ කඳවුරට ඇවිත් ජැක්සන් ගැන හොයලා බලන්න පුරුදු වෙලා හිටියා.

ඒත් කවදාවත් නැති විදිහට ජැකී කෙලින්ම ජන්කුක්ට කෝල් කරලා තමන්ව හම්බ වෙන්න එන්න කියලා කිව්වාම ජන්කුක් ගොඩක් පුදුම වුණා. ඒ නිසයි එදා රෑම ජන්කුක් හොබී එක්ක ජැකීව හම්බ වෙන්න මේ කඳවුරට ආවේ.

බ්ලැක් ඩයමන්ඩ් කණ්ඩායමේ ඔත්තුකාරයෙක් බ්ලඩ් මූන් කණ්ඩායම ඇතුලේ ඉන්නවා කියලා තමන්ට ඔත්තුවක් ලැබුණු බව ජැකී කියනකොට ජන්කුක්ටයි හොබීටයි උන් හිටි තැන් අමතක වුනා. ජැකී තමන්ට මෙහෙට එන්න කිව්වේ වැදගත් දෙයක් කියන්න කියලා ජන්කුකායි හොබීයි දැනගෙන හිටියත් ඒක මේ තරම් භයානක ආරංචියක් වෙයි කියලා කොල්ලො දෙන්නා හීනෙකින්වත් හිතුවේ නෑ.

" ඕ... මයි හාර්ටු.... ලෙවයාතන්ගේ ඔත්තුකාරයෙක් අපේ පැක් එක ඇතුලේ ඉන්නවා..... කොහොමද එහෙම දෙයක් වුනේ ?? "

තමන්ගේ පපුවත් අල්ලගෙන ඒ විදිහට කෑගහපු හොබී , පැක් එකේ ආරක්ෂාව දස ගුණයකින් වැඩි කරලා තියෙනකොට මෙහෙම දෙයක් වුනේ කොහොමද කියලා අහස පොළොව ගැටලන්න වගේ කල්පනා කරන්න පටන් ගත්තා.

" උබ ඒ කවුද කියලා දන්නවද ජැකියා ? "

ජන්කුක් ඇහුවේ නොසන්සුන්ව කාමරේ ඒ මේ අත ඇවිදින ගමන්. කඳවුර ඇතුලේ තිබුණු මේ රහස් කාමරේ ඉඳන් තමයි ජැක්සන් බ්ලැක් ඩයමන්ඩ් කණ්ඩායම ගැන ඔත්තු බැලුවේ. විවිධාකාරයේ බඩු භාණ්ඩ හා පැරණි පොත්පත් වලින් පිරුණු මේ කාමරය කුඩා ගබඩා කාමරයක ස්වරූපයට සමාන වුණා.

" තවම නම් මට ඒ කවුද කියලා හරියටම දැනගන්න බැරි වුණා. ඒත් මට විශ්වාසයි.. . ඒ කෙනා අද ඊයෙක අපේ පැක් එකට එකතු වුණු කෙනෙක් නෙවෙයි. මිනිහා අවුරුදු ගානක ඉදන් අපි එක්කම ඉන්න කෙනෙක් වෙන්න ඕනේ "

ජැකී කිව්වේ ජන්කුක්වයි හොබීවයි තව තවත් බය කරලා.
.
.
.
.
.
.
.

" උබට ඉක්මනට ඒ ඔත්තුකාරයා කවුද කියලා හොයාගන්න බැරි වෙයිද ජැකියා ? "

" මන් ඒකට ගොඩක් උත්සාහා කරනවා හොබී. ඒත් ඒක හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි "

" ඔව් ඒක ඇත්ත. ඒක ලේසි දෙයක් නෙවෙයි. ඒත් අපි පැක් එක කනපිට ගහලා හරි ඉක්මනට ඒ මිනිහාව හොයාගන්න ඕනේ. මොකද.... අපේ රහස් ලෙවයාතන් අතට යනවා කියන්නේ ඒක අපේ අවසානය වෙන්නත් පුළුවන් "

හොබීගෙයි ජැකීගෙයි කතාව අහන් හිටපු ජන්කුක් කිව්වා.

පැය ගාණක රහස් සාකච්ඡාව අවසානයේ රහස් කාමරයෙන් එලියට ආපු කොල්ලො තුන්දෙනා ඒ විදිහට කතා වෙන ගමන් කඳවුරේ ප්‍රධාන ශාලාව පැත්තට ඇවිද යමින් හිටියා.

ප්‍රධාන ශාලාවට ලන් වෙන්න වෙන්න රොජර්ස්ලාගේ ජය ඝෝෂා හඬ මෙන්ම අසරණ තරුණියකගේ වේදනාබර විලාපයන් ජන්කුක්ට ඇහුනා . එතන තමයි නීති විරෝධී මත්ද්‍රව්‍ය , අවි ආයුධ හා වහලුන්ව වෙළෙඳාම් කිරීම සිදු කලේ.

ඒත් එකපාරටම ජන්කුක් හිටි තැනම නතර වුණේ කොල්ලාට දැනුනු අමුතු සුවඳක් නිසයි . වසර ගණනාවකට පස්සේ දැනුනු ඒ හුරු පුරුදු සුවඳ කොල්ලාගේ හද ගැස්ම තීව්‍ර කලා.

" කුක්කෝ.... මොකෝ කරන්නේ ? මෙහෙ වර "

ජන්කුක් තමන් ලග නැති බව දැක්ක හොබී පිටිපස්ස හැරිලා තමන්ට පියවර කිහිපයක් ඈතින් ඉන්න ජන්කුක්ට අඬගහනකොට , පියවි සිහියට ආපු ජන්කුක් මුකුත් නොවුණු ගානට ආයෙත් හොබී සහ ජැක්සන්ට එකතු වුණා.

ප්‍රධාන ශාලාවට ආපු ජන්කුක්ට දැකගන්න ලැබුනේ එතන තිබුණු අත් වැටක් වටේට රැස් වෙලා ජය ඝෝෂා පවත්වන රොජර්ස්ලා පිරිසක්. ඒ අත් වැට ලගට ගිහින් පහල බලපු ජන්කුක්ට දකින්න ලැබුණේ කුඩා සටන් පිටියක් .

එහි සිටි රොජර්ස්ලා දෙදෙනෙක් සටන් පිටිය මධ්‍යයේ තිබුණු ඔමේගා තරුණියකගේ නිරුවත් නිසල සිරුර සටන් පිටියෙන් ඉවතට ඇදගෙන යමින් හිටියා. ඒ ඔමේගා තරුණියගේ මුළු සිරුරම රොජර්ස්ලාගේ දරුණු සපා කෑම් වලින් විකෘති වී තිබුණා.

මේ කඳවුරේ පැවති නීති රීති අනුව මෙහි වාසය කරන රොජර්ස්ලා දෙදෙනෙක් අතරේ ගැටුමක් ඇති වුනොත් ඔවුන් දෙදෙනා එක් අයෙක්ගේ මරණය සිදුවන තෙක් මෙම සටන් පිටිය තුල සටන් වැඳිය යුතු වුනා. නමුත් එවැන්නක් සිදු වුනේ බොහෝම කලාතුරකින්. ඒ නිසා මේ කඳවුරේ විසූ රොජර්ස්ලා මේ සටන් පිටිය බහුල වශයෙන් තමන්ගේ විනෝදාස්වාදය සඳහා යොදා ගත්තා .

කණ්ඩායමක් නොමැති , වනාන්තරයේ අතරමන් වූ හෝ කණ්ඩායමෙන් පැහැර ගෙන එනු ලැබූ ඔමේගා තරුණියන් මෙම සටන් පිටියට රැගෙන විත් රොජර්ස්ලා කිහිප දෙනෙක් එක්ව , එහි සිටි අනෙක් රොජර්ස්ලා සියලු දෙනාම ඉදිරියේ , එම ඔමේගාවන් මියයන තෙක් ඔවුන්ට දස වද දෙමින් , ඔවුන් ලවා තම කාමුක ආශාවන් තෘප්තිමත් කරගැනීම සිදු කලා. එය මෙහි විසූ රොජර්ස්ලාගේ ප්‍රියතම විනෝදාංශයක් .

කොහොමත්.... රොජර්ස් කෙනෙක්ට ඔමේගාවෙක් අහු වුනා කියන්නේ ඒක ඒ ඔමේගාවගේ අවසානය කියලා ඕනේම කෙනෙක් දැනගෙන හිටියා. රොජර්ස්ලා තමන්ගේ අසහනකාරී කාමුක ආශාවන් තෘප්තිමත් කරගන්න ඔමේගාවන්ව යොදා ගත්තේ හරියට සෙල්ලම්බඩු වගේ.

කවදා හරි තමන් ලෙවයාතන්ව මැරුවට පස්සේ මුලින්ම කරන්නේ මේ කඳවුර විනාශ කරලා මෙතන ඉන්න රොජර්ස්ලාට උන් කරපු අපරාධ වලට හරියන්න දඬුවම් කරන එක කියලා ජන්කුක් තීරණය කලේ කොල්ලා මෙහෙට ආපු පලවෙනි දවසේ.
.
.
.
.
.
.
.

" මේ හැමෝම කන්‍යාවියෝද ? "

කඳවුරේ දෙවන මහලේ එක් කොනක පිහිටා තිබූ කුඩා සිර කුටියේ ද්වාරය ඉදිරිපිට සිටි දේහධාරී ශක්තිමත් රොජර්ස්ලා කිහිප දෙනෙක් එහෙම ඇහුවේ එම හිර කූඩුවේ මුරකරුගෙන්.

කණ්ඩායමෙන් නෙරපා දැමූ හෝ කණ්ඩායමක් නොමැති , කණ්ඩායමෙන් පැහැර ගෙන එනු ලැබූ එසේත් නැති නම් වනාන්තරයේ අතරමන් වූ නව යොවුන් වියේ දුර්වල ඔමේගා තරුණියන් හා අර්ධ වෘකයන් රැගෙන විත් ඔවුන්ව ලිංගික වහලුන් ලෙස තමන්ගේ කාමුක ආශාවන් තෘප්තිමත් කරගැනීම උදෙසා රොජර්ස්ලාට විකුණා දැමීම මෙම වහල් වෙළෙඳපොල මගින් සිදුකලා .

" අනිවාර්යයෙන්ම "

මුරකරු උත්තර දුන්නේ තමන්ගේ වෙලෙඳසැලේ තිබෙන හොදම භාණ්ඩය අලෙවි කිරීමට උත්සාහ කරන වෙළෙන්දෙක් වගේ. ඔහු ලබා දුන් පිලිතුරෙන් සතුටට පත්ව සිර කූඩුව තුලට ඇතුලු වුනු රොජර්ස්ලා තැන් තැන් වල ගුලි ගැසී බියෙන් වෙව්ලමින් සිටින තරුණියන්ව කාමුක විදිහට තමන්ට රිසි සේ ස්පර්ශ කරන්න පටන් ගත්තා .

රොජර්ස්ලාගේ කාමුක දෑස මුලින්ම යොමු වුනේ වඩාත් සුන්දරම තරුණියන් වෙතයි. රොජර්ස්ලා බර අඩි තබමින් කුඩා සිර කුටිය තුල ඒ මේ අත ඇවිද යමින් තරුණියන් අල්ලමින් පිරිමදිමින් පිරික්සන වාරයක් වාරයක් පාසා එම තරුණියන් තව තවත් සිර කුටිය තුල ගුලි වෙමින් නිහඬවම කදුලු වගුරන්නට පටන් ගත්තේ තමන්ට වෙන කිරීමට කිසිම දෙයක් නොතිබුනු නිසයි.

ඒත් ඒ කදුලු පයට පෑගෙන වැලි කැටයක් තරමටවත් මායිම් නොකල රොජර්ස්ලා අඩුම තරමේ මේ අසරණ තරුණියන්ට කෑගසන්නටවත් අවසර ලබා දුන්නේ නෑ.

මේ අතරතුර සිර කුටියේ එක් කෙලවරක ගුලිව උන් වයස අවුරුදු විසි දෙකක පමණ තරුණියක් වුණු ලී හන්සු තම සිත තුල උපන් බිය පරදා දැමීමට තමන්ගේම සිතත් සමග දරුණු සටනක නිරත වෙමින් හිටියා.

" මම උන්ට මාව යටත් කරගන්න ඉඩ දෙන්නේ නෑ. කොහොම හරි මම ජීවත් වෙනවා. මන් වෙනුවෙන් බැරි නම්.... එයා වෙනුවෙන් හරි මම ජීවත් වෙනවා "

හන්සු රහසින් තමන්ටම මුමුණ ගත්තා.

අර්ධ වෘකයෙකු වූ හන්සුව මේ කඳවුරට රැගෙන විත් දැන් සති තුනකටත් කිට්ටුයි . මේ කඳවුරට රැගෙන ආ මුල්ම තත්පරයේ ඉදන්ම කෙල්ල මෙතනින් බේරිලා යන්න ගොඩක් උත්සාහා කලා... තමන්ට පුලුවන් උපරිම සද්දෙන් උදව් ඉල්ලලා හයියෙන් කෑගැහුවා. ඒත් ඒ හැමවෙලාවකදීම කෙල්ලට සිද්ද වුනේ සිර කුටියේ මුරකරුගේ දරුණු කස පහරවල් වලට මුහුණ දීමට පමණයි .

ගෙවුණු කාලය තුල මුහුණ දීමට සිදු වුනු විවිධාකාරයේ වද හිංසාවන් නිසා දැන් කෙල්ලට අඩන්න තරම් හයියක් තිබුනේ නෑ... අඩුම තරමේ අඩන්න තරම් කදුලුවත් කෙල්ල ලග ඉතුරු වෙලා තිබුනේ නෑ.

" ඒයි නැගිටපන්... උබේ වයස කීයද ? "

හන්සුයා ගාවට ආපු රොජර් කෙනෙක් කෙල්ලගෙන් ඇහුවා. ඔහුගේ මුහුණේ දක්නට තිබුණු දරුණු කැපුම් පහර ඔහුට ලබා දුන්නේ රාක්ෂ පෙනුමක්. මේ කඳවුරේ සිටි ශක්තිමත්ම සහ සටනට දක්ෂතම රොජර් වුණු ඔහුගේ නම නසාර්.

වෘක සටන් වලට ඔහු තරම් දක්ෂ වෘකයෙක් මේ කඳවුර තුල හිටියේ නෑ. ඒ නිසා ලොව පුරා රොජර්ස්ලා අතරේ නසාර් වීරයෙකු සේ සැලකුනා. ඔහුට විරුද්ධ වීමට තරම් නිර්භීත කිසිවෙක් මෙහි සිටියේ නෑ.

නසාර් තමන්ගේ ඇඟ දිහා කෑදරකමින් බලාගෙන ඉන්න හැටි දැකපු හන්සුයා නසාර් කියපු දේ නෑහුණා වගේ ඉන්න උත්සාහා කලත් ඊලග මොහොතේ නසාර්ගෙන් කෙල්ලගේ බඩට එල්ල වුනේ දරුණු පා පහරක් .

" මේ දුඹුරු පාට ගවුම ඇදන් ඉන්න කෙල්ල... මන් ඒකිව ගන්නවා "

තමන්ගේ අත් වලින් කෙල්ලව සම්පූර්ණයෙන්ම නිරුවත් කරලා දාලා කෙල්ලගේ ශරීරයේ හැම සියුම් රේඛාවකම පහස විදින හැටි හිතෙන් මවාගෙන තවත් ඉවසන් ඉන්න බැරුව මුලු සිරකුටියම දෙදරා යන විදිහට කෑගහපු නසාර් හන්සුයාගේ කොන්ඩෙන් අල්ලගෙන කෙල්ලව පහල මහලට ඇදගෙන ගියේ හැකි ඉක්මණින් තමන්ගේ අසහනකාරී කාමුක ආශාවන් සියල්ලම හන්සුයාගේ ශරීරය භාවිත කර තෘප්තිමත් කර ගැනීමේ අදහසින්.

කෙල්ලට මේ හැමදේම හීනයක් වගෙයි දැනුනේ. තරබාරු නමුත් ශක්තිමත් සිරුරකට හිමිකම් කියූ මැදිවියේ වියේ පසු වූ නසාර් කෙතරම් පහසුවෙන් තමන්ව ඔහුගේ සිරුරට යට කර ගනීද , සෙල්ලම් බඩුවක් හම්බ වුනා වගේ තමන්ට කොයිතරම් වද දෙයිද කියලා කෙල්ල එක දිගටම කල්පනා කරන්න පටන් ගත්තා. නසාර් වෙතින් දැනුනු පල් බිත්තර ගඳ හන්සුගේ හිතේ ඒ මිනිහා ගැන තිබුණු හැඟීම තව තවත් අප්‍රසන්න කලා .

පහල මහලේ පිහිටා තිබුණු ප්‍රධාන ශාලාවට ආපු ගමන් හන්සු මුලු ශාලාව පුරාවටම තම ඇස් යැව්වේ තමන්ගේ ජීවිතය බේරගන්න ක්‍රමයක් හොයා ගන්න උත්සාහා කරලා . මේ අතරතුර කෙල්ලගේ විඩාබර ඇස් නැවතුනේ කලු පැහැති දිගු ලෝගුවකින් සැරසී සිටි තරුණයෙක් ලග .

ලැබුනු පුංචි අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන නසාර්ගේ අත සපා කාලා නසාර්ගෙන් මිඳුණු හන්සු , හැකි උපරිම වේගයෙන් තම ඇස ගැටුණු තරුණයා දෙසට දිව ගියේ ඔහුගෙන් හෝ තමන්ට යම් පිහිටක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්.

" අනේ... අනේ මාව අරන් යන්න. මන් ඔබතුමා කියන ඕනේම දෙයක් කරන්නම්. ජීවිත කාලෙටම උනත් ඔබතුමාගේ වහලෙක් වෙන්නම්. අනේ මාව අර මිනිහාට අරන් යන්න දෙන්න එපා... මට ඒ මිනිහා එක්ක යන්න බෑ "

එහෙම කියාගෙන කෙල්ල තමන්ගේ ඉදිරියේ හිටපු තරුණයාගේ අත අල්ලගෙන ඔහුගේ දෙපතුල ලග වැඳ වැටෙන්නට පටන්ගත්තේ කොහොම හරි අර අමනුස්සයාගෙන් බේරෙන්න හිතාගෙන. ඒත්... ඊලග තත්පරේදී කෙල්ලට දැනුනේ තමන්ගේ පෙනහළු පුරාවමට විහිඳී යන සැර කුරුඳු මිශ්‍ර වුණු චොකලට් කුකීස් සුවඳක්.

" මේට් "

කෙල්ලගේ හදවත පුරා ඒ වචනේ දෝංකාර දෙනකොට කෙල්ල බැලුවේ තමන් අල්ලන් ඉන්න තරුණයා දිහා. හන්සුයාගේ පුදුමයෙන් විශාල වුනු ඇස් අර තරුණයාගේ මුහුණ දෙසට යොමු වෙද්දී... ඒ කොල්ලාත් ඇස් දෙක ලොකු කරගෙන ගොඩක් පුදුමයෙන් වගේ තමන් දිහා බලන් ඉන්න හැටි හන්සුට දැකගන්නට ලැබුනා.

හන්සුගේ වාසනාවට හෝ අවාසනාවට.... අවසානයේදී හන්සුට එයාගේ ෆේටඩ් මේට් වුණු ඇල්ෆා ජෙයෝන් ජන්කුක්ව මුණ ගැසුනා.

" හන්සු "

හන්සුව දැකපු ගමන් Jk ඒ විදිහට කෑගහනකොට ජන්කුක් ගල් ගැහිලා වගේ ඇස් දෙකත් ලොකු කරගෙන කෙල්ල දිහා බලන් හිටියා.

" ඔයා... ඔයා මගේ මේට් නේද ? ඔව්... ඒ ඔයා තමයි. අනේ මාව බේරගන්න. මාව අර තිරිසනාට අරන් යන්න දෙන්න එපා "

හන්සු ජන්කුක්ගේ අතක් අල්ලගෙන තමන්ව බේරගන්න කියලා ජන්කුක්ගෙන් අයදිනකොට ජන්කුක් කලින් වගේම ගල් ගැහිලා වගේ ඇස් දෙකත් ලොකු කරගෙන කෙල්ල දිහා බලන් හිටියා. එතන හිටපු හොබී සහ ජැක්සනුත් ඇස් දෙකත් ලොකු කරගෙන මේ දිහා බලන් හිටියේ මොකක්ද මේ වෙන්නේ කියලා හිතාගන්න බැරුව.

" මේකි කියන්නේ ඇත්තද ? තමුන් මේ කෙල්ලගේ මේට්ද ? "

එතනට ආපු වහල් වෙළෙඳපොළේ හිමිකරු ජන්කුක්ගෙන් එහෙම අහනකොට ජන්කුක් ආයෙත් හන්සු දිහා බැලුවා. හන්සු එයාගේ කඳුළු පිරුණු ඇස් වලින් පවා එයාව බේරගන්න කියලා තමන්ගෙන් අයදින බව ජන්කුක්ට දැනුනා. ඒ කඳුළු පිරුණු ඇස් දකිනකොට ජන්කුක්ගේ හදවතට දැනුනේ ලොකු වේදනාවක්.

ඒත් එකපාරටම ජන්කුක්ට මතක් වුනේ මීට අවුරුදු හතරකට කලින් හන් වොන් කියපු දේවල්.

" දවසක් ඔය හන්සු කියන කෙල්ල චෑන් මහත්තයා හම්බ වෙන්න ඇවිත් තෙඔල් කියන කොල්ලා දැන් ඉන්නේ තමන්ගේ ගෙදර කියලා කිව්වා ."

"ඕක අර තෙඔල් කියන කොල්ලාට අයිති මුද්දක්. හන්සු ඕක චෑන් මහත්තයාට දුන්නේ තෙඔල් දැන් ඉන්නේ තමන් ගාව කියලා ඔප්පු කරන්න."

වොන්ගේ ඒ වචන ජන්කුක්ගේ ඔලුව ඇතුලේ දෝංකාර දෙන්න පටන් ගත්තේ හන්සු ගැන ජන්කුක්ගේ හදවතේ ඇති වුණු අනුකම්පාව වෛරයක් බවට පත් කරලා.

" නෑ.... එයා කියන්නේ බොරු. එයා මගේ මේට් නෙවෙයි. අනික... මට මේ වගේ පහත් ජරා අර්ධ වෘකයන්ව අප්පිරියයි "

එකපාරටම හන්සු අල්ලන් හිටපු තමන්ගේ අත ගසා දාලා හන්සුව බිමට තල්ලු කරපු ජන්කුක් කිසිම හිතක් පපුවක් නැති විදිහට එහෙම කියනකොට හන්සුට දැනුනේ තමන්ගේ හදවතට පිහියකින් අනිනවා වගේ වේදනාවක්.

" එපා... එපා... අනේ... ඇයි එහෙම කියන්නේ.... අනේ මට එහෙම කරන්න එපා... මන් ඔයා කියන ඕනේම දෙයක් කරන්නම්... මාව දාලා යන්න එපා "

බිම වැටුණු හන්සු ජන්කුක්ගේ කකුලක් බදාගෙන කොල්ලා ඉදිරියේ වැඳ වැටෙනකොට හන්සු කියන දේවල් පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් මායිම් නොකරපු ජන්කුක් තමන්ගේ කකුල හන්සුගේ ග්‍රහණයෙන් මුදව ගන්න උත්සාහා කලා.

ඒත් එක්කම එතනට ආපු නසාර් හන්සුගේ අතින් අල්ලගෙන කෙල්ලව තමන් ලගට ඇඳලා ගන්න කොට හන්සු පරඬැලක් වගේ නසාර් ගාවට ඇඳිලා ගියා.

" උබ.... උබ හිතුවේ මාව හපා කාලා ලේසියෙන් පැනලා යන්න පුලුවන් කියලාද.... පාහර බැල්ලි... අද මන් උබට "

ඒ විදිහට කෑගහපු නසාර් තමන්ගේ අත දිග ඇරලා හන්සුට සැර කම්මුල් පාරක් ගැහුවේ කේන්තියෙන් දත්මිටි කන ගමන්. ඒ ගහපු පාරේ සැරට හන්සු විසික් වෙලා ගිහින් ආයෙත් බිමට ඇඳගෙන වැටුණේ කෙල්ලගේ තොල් පැලිලා ලේ එනකොට .

" දැන්වත් වරෙන් යන්න මාත් එක්ක... මන් කියන දේ ඇහුවොත් උබට රිදෙන එක ගොඩක් අඩුවෙයි "

හන්සුගේ අතින් අල්ල ගත්තු නසාර් කෙල්ලව එතනින් ඇඳගෙන යන්න හදද්දී පරාජය පිලිගන්න අකමැති වුණු හන්සු ආයෙත් වතාවක් නසාර්ගේ අත සපා කෑවේ එතන හිටපු හැමෝවම පුදුම කරලා.

හැමෝම ඒක හන්සුගේ නිර්භීතකම කියලා හිතුවත් ජන්කුක් හිතුවේ ඒක හන්සුගේ මෝඩකම කියලා. මොකද.... හන්සු නසාර්ව සපා කාපු එකෙන් වුනේ නසාර්ගේ කේන්තිය තව තවත් වැඩි වුණු එක විතරයි. ඒකේ තේරුම හන්සුට නසාර්ගේ ඇඟට යට වෙලා කලින්ට වඩා ගොඩක් විඳවන්න වෙන එක බව ජන්කුක් දැනගෙන හිටියා .

ඒත් හන්සු නසාර් එක්ක දිගටම සටන් කලා. නසාර් ඉදිරියේ ලේසියෙන් පරාජය භාරගන්න හන්සු කැමති වුනේ නෑ. තමන් වෙනුවෙන් කාත් කවුරුත් නැති බව දැන දැනත් හන්සු තමන්ගේ ජීවිතය වෙනුවෙන් තනියම සටන් කලා.

හන්සු තමන්ගේ උපරිම ශක්තිය යොදවලා නසාර්ගේ ග්‍රහණයෙන් මිඳෙන්න සටන් කරන අතරතුර එකපාරටම නසාර්ගේ අතින් හන්සු ඇඳන් හිටපු ගවුමේ කර හරියෙන් ඉරිලා ගියේ කෙල්ලගේ පපුව මඳක් නිරාවරණය කරලා.

හන්සු ඉක්මනට ඉරුණු ගවුම අල්ලගෙන තමන්ගේ පපුව වහගන්න උත්සාහා කරනකොට කෙල්ලගේ ඇත් දළ පාට පපුව දැකපු නසාර්ට තවත් තමන්ගේ ආශාවන් පාලනය කරගන්න බැරි වුණා.නසාර්ගේ කාමයෙන් මත් වුණු ඇස් තමන් දිහා වනචර විදිහට බලන් ඉන්නවා දකිනකොට හන්සුට දැනුනේ කියාගන්න බැරි අසරණකමක්.

" තෝ එහෙනම් මන් කියන දේ අහන්නේම නෑනේ... මන් අද උබට හොඳ පාඩමක් උගන්නන්නම්. ජීවිතේට අමතක නොවන.... "

ඒ විදිහට කේන්තියෙන් කෑමොර දුන්නු නසාර් හන්සුගේ කොන්ඩෙන් අල්ලගෙන කෙල්ලව සටන් පිටිය ඇතුලට ඇඳගෙන ගියේ කෙල්ල තව තවත් වේදනාවෙන් විලාප දෙනකොට.

හන්සුව සටන් පිටිය මැද බිමට අත හැරලා දාපු නසාර් හන්සු ඉස්සරහාම තමන්ගේ ඇඳුම් ගලවන්න පටන් ගත්තේ කෙල්ල දිහා බලලා කැත විදිහට හිනා වෙන ගමන්. නසාර්ට අමතරව සටන් පිටිය තුලට ආපු තවත් දේහධාරී රොජර්ස්ලා පස් හය දෙනෙක් තමන්ගේ ඇඟ දිහා කාමුක විදිහට බලන් ඉන්න හැටි දැක්කාම හන්සුට තේරුනා මුන් ඔක්කෝම එකතු වෙලා තමන්ව විනාස කරන්නයි මේ හදන්නේ කියලා.

සටන් පිටියට ඉහලින් සටන් පිටිය වටා වූ අත් වැටට බර වුණු අනෙක් රොජර්ස්ලා ජය ඝෝෂා කරමින් මේ දිහා හරිම උද්‍යෝගයෙන් බලන් හිටියා. නසාර් ඇතුලු අනෙක් රොජර්ස්ලා හය දෙනා අඩියෙන් අඩිය හන්සුට ලන් වෙන්න පටන් ගන්න කොට හන්සු සටන් පිටිය කෙලවරකට ගුලි වුණේ කෙල්ලගේ ඇස් වලින් එක දිගටම කඳුළු කැට කඩන් වැටෙද්දී.

_______________________________________

🌜️🌟

Continue Reading

You'll Also Like

27.5K 5.1K 30
මගේ මේට් කොහොමද මට වඩා බලවත් වෙන්නේ..මං එයාව ප්‍රතික්ෂේප කරනවා.. මගේ මේට් අහිංසක ඔමෙග කෙනෙක් නොවී ඇයි නපුරු ඇල්ෆම උනේ..මං එයාව ප්‍රතික්ෂේප කරනවා..
GRAY By _

Werewolf

166K 18.7K 28
WEREWOLF
38.3K 6.5K 58
සෑම දෙමුහුන් ජීවියෙකුගෙම පූජනීය දේවතාවිය වන සඳ දෙව්දුව දුශ්ඨයෙකු අතින් කෙලසී තම ජීවිත ගමනට සමුදෙන්න තීරණය කරනා විට එතුමියගේම විෂිශ්ඨම නිර්මනය වූ ලයික...
116K 11.9K 18
Kim Tae Hyung X Jeon Jung Kook Unicode+ Zawgyi code Can you fill the blanks in my heart,..... The second Were-Wolf fiction..... Collabration with @Ha...