දෑගිලි ✔( complete )✨

由 Gojo_Nj9119

88.7K 8.8K 1.8K

ගලනා ගංගාවො.. නිහඩව මුහුදු ගියෝ.. හැබැහින් පෙම් බැන්දො.. සසරේ එක්වූවෝ.... . . . . දෑගිලි පටලන් අත් අල්ලා.. හම... 更多

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
දෑගිලි අවසානය❤️
A/N

Chapter 24

1.7K 180 17
由 Gojo_Nj9119




හැමදාම එයා මට ගෙනල්ලා දෙන මල් කිනිති පොතක අලවලා පරිස්සමට එකතුකරගන්න එක දැන් මගෙ කැමතිම විනෝදාංශේ වෙලා.....

අදට සතියක්..මෙ සතියෙම හැම උදේකම බස් එකට නැගලා මන් ගාවින් වාඩිවෙලා හරි පරිස්සමට එයා අරන් ආපු මල් කිනිත්ත වටේ අයගේ ඇස් වහලා මගේ අතෙන් හොරාට තියනවා..හරිම හොරෙක් තමයි මේකා..තමන් ආදරෙ කරන පිරිමි ලමයගෙන් මලක් ලැබෙන එක කොයිතරම් නම් සුන්දරද කියලා මට දැන් තේරෙනවා..එක මල ඩේසි මලක් හෝ මිනි මලක් හෝ වේවා..මල මලමයි..මෙතනදී වැදගත් වෙන්නෙ අපිට එයා මලක් දුන්නයි කියන හැගීම විතරයි..

එයා හරි ආදරණීය පිරිමි ලමයෙක්..එයා කරන මෙ පොඩි පොඩි දේවල් මගේ හිත තදින්ම බැදෙනවා..මන් ලගදි එයා වෙලාවකට බබෙක්..තවත් වෙලාවකට මට සහෝදරයෙක්..තව වෙලාවකට හොද යාලුවෙක්..මන් වැඩියෙන්ම කැමතිම එයා ගාවදි තාත්තෙක්ගෙ වගේ රැකවරනයක් දැනෙන වෙලාවට...

පඩිපෙල් අතර එහා මෙහා යද්දි හදිසියෙ දෙන පුංචි හාදුවල, අතරමගදි හම්බුනාම කාටත් නොපෙනෙන්න මගේ අතින් අල්ලලා මුකුත් නොකල ගානට යන වෙලාවල, තමාලයගේ අතේ මට එවන එයාම ඇදපු පුන්චි පුන්චි සිතුවම් වල, මටත් හොරෙන් මගේ බෑග් එකට ගෙනල්ලා දාන සියඹලා ටොෆි වල ආදරනීය හැගුම් පොගවලයි තියෙන්නෙ.
මන් දන්නෙ මෙච්චරයී..මෙ මනුස්සයා නැතිවුනොත් මට පිස්සු හැදෙනවා එච්චරයී....

පීරියඩ් දෙකක් ඉවර වෙලා බෙල් කරන හැමවෙලාවකම උඩට නගින එක දැන් එයාට පුරුද්දක් වෙලා..ඇත්තටම බෙල් කරපු ගමන් එයා කොරිඩො එකේ ඉන්නවද කියලා බැලෙන එක මටත් දැන් පුරුද්දක් වෙලා..දොලාහෙ පන්තිවල වැඩ බලන්න එයාව පත්කරලා තියෙන්නෙ කියලා දැනගත්තම තමාලයා කිව්වෙ නරියට කුකුල්ලු බලාගන්න දුන්නා වගේ වැඩක් කියලයි..ඇත්ත ඉතිම්..සෙක්ශන් එකම බලාගන්න ඕන මනුස්සයා ආව වෙලේ ඉදන් කැරකෙන්නෙ අපේ පන්තිය ගාව විතරයි..

සමහර වෙලාවලට එයාට උඩට එන්න බැරිවුනොත් අදීල් අයියා අතේ හරි පනිවිඩයක් එවනවා..අදත් ඒවගේ දවසක් ඉතිම්..උදේ දැක්කට පස්සෙ තාම ඒ මූන දැකගන්න බැරිවුනානෙ..පාලුයි අප්පා..ම්හුක්...

"ආන් උබේ අදීල් පරවි සේවය වැඩියා..උබේ මහතැනට අදත් වැඩ වැටිලා..මට එපා වෙලා බන් තීන්නෙ මේ පිපෙට්ටු පිට්ටුව හින්දා..බැලුවොත් ඇත්නම් මීටින්ග් නැත්තම් ලෝකෙ නැති වැඩක්..යසස් අයියලා කොහොම කරනවද දන්නැ බන් මෙවා...උබ දැන් ඕම ජූලියට් වගේ ලෝමියෝ ලෝමියෝ ගාන් බෙල්ල දික් කරන් බලන් ඉදියට වැඩක් නැ එන්නෑ කිව්වොත් එ මනුස්සයා එන්නෙ නැනෙ.."

"මේ ඊලග පීරියඩ් එක මොනාද බන්..මේ ටිකේම හිස් එකක් හම්බුන්නැනෙ බන්..මිස්ල ඔක්කොම ආවනෙ..එපා වෙනො ඔයි වුත්ත.."

"ආ බිය නොවන්න මිතුර..අද අපෙ මල්කාන්ති නන්ගි නෑ..පුදුම හතෙන් එකක් හොදෙ.මිස් පෙග්නට් වුනාවත්ද දන්නැ බන්.."

"මේ අහගන්න ලමායි..ලබන සතියෙ අපේ දෙවනි වාර විභාගෙ තියෙනවලූ..මේන් ටයිම් ටේබල් එක ලියාගනින්ලා..."

"ටහුකන්න යකෝ..මීට් එකේ සුවද මැකිලායන්නත් කලියෙන්ම එහෙ බලලා මෙහෙ බලද්දි දෙවනි වාරෙ මගුලත් තියෙනවලූ..ඔයි චන්ද්‍ර කුමාර මගේ විශයන් තුන තීන්නෙ කවද්ද කියලා බලපම්..කැරි සමාජෙ බන්..මේ ඔක්කොම මහින්ද මාත්තයා හින්දනේ.."

පලවෙනි වාර විභාගෙ කිසි දෙයක් පාඩම් නොකර ලිව්වට මේකටනම් මොනාම හරි බලාගන්න වෙයි වගේ..හෙට එයාලට එක්සෑම් පටන් ගන්නවලූ..අච්චෝ හෙට ඉදන් ස්කොලේ ඇතුලෙදි දකින්න වෙන්නෙත් නෑ හරියට..හරි දුකක් මේක..




අද ප්‍රිෆෙක්ස්ලට ස්කෝලේ හවස වැඩක්ලූ..එයත් නෑ තමාලයත් නෑ ඉතිම්..මන් විතරක් තනියෙන් බස් එකේ..එයාට එන්න වෙන්නෙ නැති නිසා බස් එක යනකම්ම මන් වාඩිවෙලා ඉදපු සීට් එකේ ජනේලේ ලගින් එලියට වෙලා හිටගෙන මන් දිහා බලාගෙන ඉදියා..එහෙම ඉන්න ගමන් එයා ඇස් ගහනවා..කට උල් කරලා හාදු එවනවා..කෝලම් ගොඩයි..එයා ඔය විකාර කරන්නෙ අද මාත් එක්ක යන්න එන්නැති නිසා මන් ඉන්න දුක් මුඩ් එක වෙනස් කරන්නයි ඉතිම්..ටිපිටිප් එකකුයි..රෝලෝ කේක් කෑලි දෙකකුයි කිරිපැකට් එකකුයි ජනේලෙන් මට දුන්නෙ මාව ශේප් කරගන්න..හේ හේ ඒවුනාට ඉතිම් මට දුකයිනේ එයි..ඔයා ලග නැතිව මේ සීට් එකෙ කවුරු ඉදියත් මට දැනෙන්නෙ හිස් විදිහට..බස් එක අද්දන්න හදන නිසා ජනේලෙ ගාවට ලන් වෙලා 'පරිස්සමෙන් යන්න වස්තු' කියලා ජනේල් ගැට්ටෙ තිබ්බ මගෙ අතත් අල්ලලා යන්න ගියා






ගෙදර එද්දි කවුරුත් නැති වුනාම ලොකු පාලුවක් දැනෙනවා අප්පා..තමාලය නම් ගෙදර යද්දි සිරන්තියට අම්මෙ අම්මේ කියලා කෑගහලා අනබෙර ගහලයි ඇතුලට යන්නෙ..මන් හිතන්නෙ එවෙලෙට මුලු ඒරියා එකම දන්නවා මූ ගෙදර ආවයි කියලා..තමන් එනකම් කවුරු හරි බලන් ඉන්නවා කියන හැගීම විදින්න හැමොටම බැහැ..එහෙමයි කියල ඉතිම් අපෙ ගෙදර අයට මුකුත් කියන්නත් බැහැ..මොකද එ දෙන්නා හම්බකරන්නෙ අපි ඔක්කොගෙම අනාගතය වෙනුවෙන්නේ..



අර මනුස්සය දැන් ගෙදර ඇවිල්ල ඇති නේද..තාම මැසෙජ් එකක් නැති හැටියක්..හතරටත් කිට්ටුයිනෙ දැන්..
එක්කො කෝල් එකක් අරන් බලනවා..ම්ම්ම්ම් රින්ග්ස් නම් යනවා..ගන්නෙ නැහැනෙ..ගන්නකො අයියෝ..

"හෙලෝ වස්තුව.."

"ම්හුක් හෙලෝ අයියේ..ඔයා බිසීත ඒයි.."

"ඔයා වෙනුවෙන් නෑ බබී කියන්න ඉතිම්.."

"..ගෙදර ආවද අනේ මැසෙජ් එකක්වත් දාන්න එපා.."

"මේ දැන් මැනිකෙ ආවේ..ඔයාට ටෙලිපති කියලා හිතුනේ කෝල් එකක් එනවා දැක්කම .."

"ඔව් ඔව් මට දැනෙනවානෙ ඔයාව..ඔයාට තමා ඉතිම් අපිව දැනෙන්නෙ නැත්තේ..හරි හරි ඉතිම් අයියා කාලා වොශ් එකක් දාගන්න දැන්නෙ ආවෙ..කාලත් නැතුව ඇති.."

"දැන්ම තියන්න එපා බබෝ..බඩගින්නක් නෑ පොඩි මහන්සියක් තමා තිබ්බෙ ඒකත් ඔය කටහඩ ඇහුනම නැතිවෙලා ගියා..අද දවසෙම හරියට හම්බුන්නැ වස්තුව ඔයාව..හෙට එක්සෑම් පටන් ගන්නවා..වැඩ වැඩී වස්තු මේ ටිකේ.."

"වැඩිකල් නැනෙ අයියේ එක්සෑම් එකට..ඔය අමතර වැඩ හින්දා පාඩම් වැඩ මගහැරගන්න එපා..අනික ඔනාවට වඩා මහන්සි වෙලා ලෙඩක් එහෙම හදාගන්නවකෝ වස්තු පුරාවස්තු වෙන හැටි බලාගන්න පුලුවන්.."

"පාඩම් වැඩ මගහැරෙන්නැ වස්තුවේ..ඔයත් දැන් ඉදන්ම වැඩකරන්න පටන් ගන්න බබා..ඔය කාලෙ අපිත් ඉදියෙ තව කල් තියනවනෙ කිය කිය තමා....අහන්නකො මැනික..මට හරි පාලුයි බන්..i wish you were here with me right now and i wanna hug you so badly..බබාහ් මන් ගේ ගාවට එන්නද.. මන් උබට ඇඩික්ට් වෙලා වස්තූ..You are like a drug to me babe.."

"මටත් හරි පාලුයි සුදු අයියේ..එත් දැන් එන්න එපානෙ..තව ටිකෙන් අපෙ අම්මත් එයි..ඔයා ආවත් විතරනේ..ටිකක් රෙස්ට් කරන්න අයියෙ.."

"හරි හැබැයි බබා හෙට හවස ක්ලාස් නැති එකේ මාත් එක්ක ටිකක් ඇවිදින්න යන්න එන්නම ඕනි ඔයා.."

"පුතේ..
ලමයෝ..
කෝ මේකා..මෙහෙට එන්නකො දරුවො.."

"හප්පටසිරි..අයියේ...අම්මා ඇවිත් අද කලින්ම..මේ මන් තියන්නම් බායි ආදරෙයි උම්මාහ්..හෙට යමු..දැන් කන්න හොදේ..."

අම්මා මොකද මෙ කලින්ම..අයියට හරියට කතා කරගන්නවත් බැරි වුනා අප්පා..සැක්..

"කොල්ලො ඔය ගුහාවෙන් එලියට වරෙම්කො.."

"ඕ ඔ ඇයි අම්මෙ මේ කෑමොර දෙන්නෙ.."

"මෙ ඉක්මන්ට මෙ ගෙ ටිකක් අස් කරපන්..බලපම්කො හැටි මන් ඊයෙ නවලා දුන්න රෙදි ටිකවත් දාගන්න බෑනෙ මේ ලමයට..හෝදලා නවලත් දෙන එකේ අර හුන්ඩුව අස්සට මේ ටික දාගන්න බෑ මේකට..ආයෙ මන් උබේ රෙදි හෝදන්නෑ..තෝම හෝදගනිම්..මෙ බලපම් සාලෙ වැලි..අතුගාපම් කොස්ස අරන්.."

"යොහ් අනෙ අම්මෙ කෑගහන්නෙපානෙ..බනින්නද බෙරිහන් දීලා මාව ගෙන්න ගත්තේ.."

"කියව කියව ඉන්න වෙලාවක් නැ..දැන් තාත්තත් එයි..මෙතන අස් කරපම්..උබගෙ ලොකු නැන්දා එනවලූ..එහෙන් පිටත්වෙලා දැන් පැයක් වෙනොලු..එකපාරට මෙ මිනිස්සුත් එනවා ගාන්නෙ..මේ ටික අස්කරපන්..අමුතු මිනිස්සු ඕකුන්..අවුරුදු ගානකින් මූනක්වත් දැකලා නෑ..දැන් මතක් වෙලා අපිව..මන් මොනාහරි හදලා ගන්නකම් මෙ ටික අතුගාලා අර මිදුලත් ටිකක් අතුගාපන් පුතේ.."

අපෙ අම්මා මෙහෙම කලබල වෙනවා දැක්කමයි..එන මිනිස්සු ගැන නම් කිසි හොදක් දැනෙන්නැ මට..කොමත් ඉතිම් අවුරුදු ගානක් අපිව එපා කිව්ව මිනිස්සුන්ට එහෙම ආවට ගියාට ආපිට අපිව ඕනි වෙන්නෙත් නෑනෙ..උන් එනවිදිය අල්ලන්නෑ මට නම්..බලමුකො..මෙච්චර කාලෙකට සාමෙන් සතුටෙන් ඉදපු අපිට ගිනි ගෙඩියක් දාන්න ආවොත් ඕකුන්ව බාවලයි යවන්නෙ..

තාත්තත් අද කලින් ඇවිත්..මට මාර කුතුහලයක් මේ එන මිනිස්සු ගැන ඇතිවෙන්නේ..මන් කිව්වත් වගේ මට මගුලක් අරන් එනවද දන්නෙත් නැ..හේ හේ..
අපොහ් අර එන්නෙ..ම්ම්ම් බෙන්ස් එකක්..අපි දැකලානැනෙ ඔව්වා.. සුද්දෙක් වගේ මුලින්ම බැස්ස මනුස්සයානම්..අර තාත්තගේ නන්ගිද බුදු අම්මො ලස්සන..එ වුනාට අපෙ අම්මට ගහන්න කෙනෙක් නැහැ..කෙල්ලො දෙන්නයි..ටසිරි ලොකු අයියෙකුත් ඉන්නොනේහ්..මොන කෙල්ලද දන්නැ ලගදි බදිනවායි කිව්වෙ..

"මල්ලි..හුග කාලෙකින් දරුවො.. වෙනස් වෙලානෙ ඔයාව.."

"අක්කෙ..කොහොමද අක්කෙ..අක්කත් වෙනස් වෙලා අන්තිමට දකිද්දි ඉදියට වඩා දැන් ලස්සනයි.."

"අනේ මගෙ පොඩි දරුවා..උබ තමයි මල්ලියේ මගෙ මුල්ම දරුවා වුනේ.."

නරි නාටක මෙව්වා..අද වහීද මන්දා..අපේ තාත්තා මෙහෙම ඉමෝශනල් වෙනවා මන් දැක්කමයි..මගෙ මුල් දරුවා උබ තමයි මල්ලියේ..අනෙ යැයි යැයි තමා..මුල් ලමයනම් ඔහොම පවුලෙන් අයින් කරයිද..මලවිකාර..

"නංගියෙ..අවුරුදු ගානකින් නේද..මේ ඔයාලගෙ පුතාද..අනේ ලොකු ඉලන්දාරියෙක්නේ දැන්..අපේ තාත්තා වගෙමයි පුතානම්..මල්ලියේ තාත්තා ආවනම් කොල්ලාව එක්කන් යනවා අනිවා.."

අම්මෙ කොන්ද..වදින්න ගිහින් තව ටිකෙන් කශේරුකාව ලෙප්ට්..පුදුම බටර් පාරක් තමයි ඉතිම්..ආ ඔය කියන්නෙ මගෙ සීයා ගැන වෙන්නොනේ..එන්න කියහම්කො ඔය නාකි පරානෙට..එක්කන් යන එක කෙසෙවෙතත් මෙහෙන් යන්න බැරිකරවනවා මම..අපේ අම්මට අකමැති මිනිස්සුන්ව මට කොහොමත් ඔනි නැහෑ..

"එන්න අක්කෙ ඇතුලට..මේ ලමයි දැන් ලොකුයි නේද..පුතානම් එයාගෙ තාත්තා වගේමයි..මේ දුවද අක්කෙ ලගදි බදින්න ඉන්නෙ.."

"ඔව් නන්ගි..ප්‍රපෝසල් මැරේජ් එකක්..අපෙ තාත්තා තමා කතා කෙරෙව්වෙ..අනිත් දුව නම් ඉන්නෙ මේපාර සාමාන්‍යපෙල කරලා රට යන්න..පුතා ගිය අවුරුද්දෙ තමා ලංකාවට ආවෙ ග්‍රැජුඒට් වෙලා..දැන් එයා තමා කම්පැනි එක බලාගන්නෙ ජෝන් එක්ක.."

අයියන්ඩිය නම් ලස්සනයි..හැබැයි හෙන ලොකු සීන්..මෙ මනමේකල ඉතිම් ඔව්වා ගනන් ගන්නවද නෑනෙ නෑනේ..නන්ගියානම් ඇබරෙනවා ලැජ්ජාවට..අක්කියා නම් අහිංසක දැරිවි වගේ ඉන්නෝ..මගෙ මාමා පොඩ්ඩනම් තම්බපු ඉස්සාවගේ පට්ට සුදක්නේ..අයියා හැන්ඩියා වගේ ඉන්නෙ තාත්තා සුද්දෙක් හින්දා තමා ඉතිම්..ඔන්න කාපිරියෙක් වගේ සෙට් වුනානම්..අම්මොහ් අම්මොහ්..

එ මල වාත ටික යනකම්ම ඉතිම් මාත් සභයට වෙලා පුටුවක් උඩ බකන් නෙලාගෙන ඉදියා..කාමරෙට ගිහින් ඉදියම කියයි කොල්ලගෙ ලොකුකම කියලා..අනෙ මටනම් වැඩක් නැ ඕකුන් මොනවා කිව්වත්..එ වුනාට එහෙම කරම්න බෑනෙ ලොකු දෝනි කේස්..
මයෙ මනුස්සයා මොනාකරනවද දන්නෙ නැහැ..පාඩම් කරනවා ඇති හැබැයි හෙට එක්සෑම්නේ..කරදර කරන්ඩ හොද නෑ..මගෙ ගුඩ් බෝයි ම්හුක්...

අර මිනිස්සු ගියත් හරි අපෙ තාත්තා ඉන්නෙ මහින්ද මාත්තයා යුද්දෙ දින්නා කිව්වා වගේ සතුටෙන්නෙ..නැ ඉතිම් එයාටත් සතුටු ඇති..තමන්ගෙ එකම සහෝදරීනේ..අවුරුදු ගානක් වෙන් වෙලා ඉදල ආයෙ හමුවුනාම කොච්චර සතුටු ඇතිද ඉතිම්..අනෙ මන්දා මට නම් එ හැගීම ගැන හිතන්නවත් ඕන්නැහැ..දවසක අපේ පවුල් වලිනුත් අකමැති වුනොත්..අපිටත් මෙහෙම වෙන්වෙන්න වෙයිද..නැ නෑ..එහෙම හිතන්න එපා සප්ත..හැමදේම හොදින් වෙයි...














උදේ බස් එකේ ඉදන් එකට ඇවිල්ලා ස්කෝලේ ගේට් එකගාවදි දැක්කට පස්සෙ තාම එයාව දැක්කෙ නැහෑ...කමන්නැ ස්කූල් එකෙන් පස්සෙ හම්බෙයිනේ..අන්තිම විනාඩි තිහ ගෙවාගන්න හරි අමාරුයි..මන් දැන් ටවුමෙ තීන ලයිට් කනුවට පයින් ගහලා එනවා වෙලාව ඉක්මන්ට කැරකියන් කියලා..

බුදු සරන වේවා..කියලා සදහම් සරන වේවා කියද්දිම මායි තමාලයි දොරගාව..සග සරන වේවා මෙතුන් සරනෙන් ජයම වේවා කියද්දි පඩිපෙල් දෙකක් බැහැත් ඉවරයි..අද පිපෙට් අයියලා නැනෙ හූ හූ..ගේට් එකෙන් එලියට යද්දිම අනෙව්ව් මගේ දේව කුමාරයා ඉන්නවා..ම්හුක් යොහ්හ්හ් අවුරුදු ගානකින් දැක්කා වගේ..මතකද මාව..තාම ඔයාට..දවසක් දා බීපු වෙලේ ඉබපු කෙනාව..දුවගෙන දුවගේන ගිහින් පැන්නා ඇගට..ම්හුක් සුදු අයියේ..

"වස්තු..හරි පාලුවෙන් ඉදියෙ පන..බඩගිනී නේද..මොනාහරි කන්න යම් මුලින්ම.."

"අන්න ඒවනම් හොද වැඩ සුදු අයියේ..ඔයා තමා හොදම..හීහී.."

"පිස්සු කෝලම..ආදරෙයි ගොඩාරියක්..කල්කිරි බොනවද..අයිස්ක්‍රීම් කනවද.."

"ම්හුක් සුදු අයියේ..අපිට බැරිද ඒයි ඉතිම් කල් කිරි බීලා.....අයිස්ක්‍රීමුත් කන්න..."

"බැ බැ දෙකක් බෑ..ඔනාවට වඩා සීතල බොන්න හොද නෑ වස්තු ඔයාට පීනසේනේ..එකක් කියන්න..අද එහෙනම් කල්කීරි බොමු..හෙට අයිස්ක්‍රීම් කමු හොදද.."

"අනේ....හා එහෙනම් මට කේක් කෑල්ලකුත් ඕනි හරිද.."

"කේක් පප්පා මගේ..හරි හරි යමුකො එහෙනම්.."

බලන්නකො ඉතිම්..බොයිපෙන් කෙනෙක් ඉන්න එකේ වාසි ගොඩයිනේ..හොයාගන්නවනම් හොයාගන්න ඕනි බබා ඔයා ඇතිවෙනකම් කන්න මම ගෙවන්නම් කියලා කියන කොල්ලෙක්ව..මගෙ රිච් බෝයිපෙන් අයියා..

කන්නයි බොන්නයි අරගෙන අපි දෙන්නා පාර්ක් එක පැත්තට ගියා..හම්මෙ ඉතිම් ඉස්සර මේක ගාවින් යද්දි මල්කඩන කපල් වලට කොච්චර නම් ඇනුම් පද කියන්න ඇද්ද..හේ හේ..එක දවසක් තමාලයා ගලකිනුත් ගැහුවා පදුරක් අස්සෙ උන්ද දෙන්නෙක්ට..අපෝ උන් නම් හරි අසංවර වුට්ටො දෙන්නෙක්..
කට්ටිය අඩු පැත්තකින් අපි දෙන්නා වාඩිවුනාම මන් එයා අරන් දුන්න කේක් කෑලි දෙකට වග කියන්න ගත්තා..එයා ඉතිම් කේක් කන්නෑ..කල්කිරි එක බිබී ඉන්නවා..හැබැයි එයා බොන්න කලින් මටත් දීලයි බොන්නෙ..එයාගේ කේක් කෑල්ලත් මගෙ ඉතිම්..මට තමා කොහොමත් දෙකම ගන්නෙ..බලන්න ඉතිම් කොච්චර හොද බෝයිපෙන් කෙනෙක්ද ඉන්නෙ කියලා..එයාට හේත්තුවක් දාගෙන නිස්කලංක මේ වගේ වෙලාවක කේක් කෑල්ලක් කන එක කොච්චර රෝමාන්තිකද ඉතිම් නේහ්..මට නම් ඉතිම් රොමාන්තිකයි..කෑම තියෙන්නෙ කොතනද එතන රෝමාන්තිකයි..වෙන අයට කොහොමද දන්නෑ ඉතිම් හේ හේ..

"කට වටේම බබා..කො එන්න පිහින්න.."

"ආ ලේන්සුව සාක්කුවේ..මේ මෙපැත්තෙ එකේ අරගන්න.."

"ලේන්සු මොකටද වස්තුවෙ මෙ මන් ඉද්දි.."

කට වටේ ගෑවුන අයිසින් ටික පිහිදන්න සාක්කුව දික් කරන් ඉද්දි වට පිට බලපු එයා කට වටේ තිබ්බ අයිසිං ටික ලෙවකන්න ගත්තා..ලෙවකාලා එහෙම්ම මගෙ තොල් අල්ලගෙන සිපගන්න ගමන් මගෙ කට ඇතුලේ තිබ්බ අයිසින් ටිකත් ලෙවකාලා ගත්තා..

"යාආආආආ...මොකද අනෙ කවුරු හරි දැක්කනම්.."

"දැක්කෙ නෑනෙ වස්තුවෙ..ඒක රහයි.."

"දැක්කනම් තමා අපි දෙන්නම ඉවරයිනේ..මන් කියල තියෙනවා අයියේ එලියෙදි ඔහොම එපා කියලා හරිද..මේ කේක් එක කොමත් රහයි තමයි..ඔයා කන්නැනෙ ඉතිම්.."

"ඊලග පාරනම් කන්නම ඕනි බන්.."

"අනෙ මෙ එහෙනම් වෙන කෑල්ලක් ගන්න..ආයෙ ගන්න දෙකම මගේ හොදද.."

"හා ඒත් ඒ කෑල්ලත් දැන් කාපු විදියට කන්න දෙනවනම් විතරයි හැබැයි.."

"යොහ් නරකයි අප්පා..යන්න අනෙ යන්න..හොදට තියෙයි.."

"හොදයි තමා බබෝ..ඔහොම කවනෝනම් වස හරි කන්නම්...කො එයි ඔහොම ඉන්න.."

"යාආආආ..අයියේ එපා යකූ..අඩෝ ඇගිල්ල අතෑරපම් අයියේ.යකෝ..යාආආආආඅ..."

පුදුම අසහනයක් අප්පා..අතේ ගෑවුන අයිසින් ටික ලෙන්සුවෙන් පිහිදන්න යද්දි ඇගිලි ටික අරන් සූප්පන්න ගත්තා..යකො ඕක ඇගිල්ලක් මිසක් ලොලිපොප් එකක් නෙමෙ..ආආආහ් මාව ගිනිගන්නවා වගේ මේ මනුස්සයා කරන වැඩ වලට...

"අයියෙ කිචි වගේ..අනෙ අතාරින්නකො ඔයි අතෑරපම් අඩෝ..ආආඅ සුලගිල්ල හපන් නෙපා යකෝ..කලවැද්දො අතෑරපම්.."

"වාව් බබා එහෙම කද්දි මාර ස්වීට්නේ අනේ.."

"අයියේ තව ටිකක් උබ ඕක කරොත් ස්විට් පෙන්නනො බොට මන්.."

"මොකද මේ රතුවෙලා..ඇගිලි සූප්පද්දිම මගේ බබා හාඩ් වෙනෝද.."

"යාඅ යාඅ තමුසෙ වල් වෙලා අයියේ..යනවා යන්න මන් ආස නෑ..."

"බලාගන්න බැරියෑ එදාට ආස නෑ කියන හැටි..කෝ දැන් ඇති..එන්න ටිකක් ලගට..ඔයාව මෙහෙම බදාගද්දි මාව සැහැල්ලුවෙනවා බබා..ඔයා මැජික් එකක් වස්තුව..ඔයාව එදා බිග් මැච් එකෙදි මුලින්ම දැකපු වෙලේ ඉදන් ඔයා මාව වශීකරගත්තා..ඔය ඇස් ඔය හිනාව..ඔයාගෙ හැමදේම මට පිස්සුවක් වස්තු..ඔයා ඇවිල්ලා තනිකරම පිස්සුවක්..වස්තු මොන දේ වුනත් මාව අතාරින්න හිතන්නවත් එපා බන්..මන් මැරෙයි බන් උබ නැතුව..මට හිතාගන්න බෑ ලමයෝ කොහොම ඉදපු මමද මෙහෙම ඔයා ගාව ඉන්නෙ කියලා..ගිනිකන්දක් වගේ කොයිවෙලෙත් පිපිරෙන්න ඔන්න මෙන්න වගේ ජීවත් වුන මාව උබ ඇවිදින් සදහටම හිමකන්දක් කරලා දැම්මා බන්..මතක තියාගනින් මැනික මේ හිම කන්දට උබ නැති කාලෙකට ආයෙත් පරන ගිනි කන්දම වෙන්න පුලුවන් කියන එකත් හරිද..."

"අනෙ අයියෙ..වෙන් වෙන කතා කියන්න එපා..මෙච්චර ආදරයක් දිලා වෙන් වෙන එවා කතාකරද්දි මට බයයිනේ..මන් පිස්සෙක් වෙයි ඔයා නැතිවුනොත්.."

"ම්ම්ම් වස්තුව බය නොවී ඉන්න..මොන දෙ වුනත් මන් ඉන්නවනෙ.."



"හවස් වෙනවා වස්තු අපි යමු නේද..හෙට ඉතිම් හම්බෙනවනේ..ආ රෑටත් හම්බෙන්න පුලුවන් සුදූව බබාට..තමාල්ගෙ ගෙදරට මන් එන්නම් රැවෙලා..දැන් යන්..පාඩම් කරද්දි කන්න මොනාහරි අරන් දෙන්නද..ඩාක් චොක්ලට් එකක් ගමු..කො ඉතිම් කම්මැලි කොල්ලා මගේ..උම්ම්මාහ්..කො නැගිටින්න ඉතිම්..හැබැයි අර මිනිස්සුන්ට පේන්නම මන් උස්සන් යනවා ඔයාව හොදෙ.."

"යොහ්..යන් යන් මලවදේ..ම්හුක්..ගෙදර යන්න කම්මැලි තව ටිකක් ඉමුකෝ සුදු අයියේ.."

"දැන්ම ගියොත් අයිස්ක්‍රීම් අරන් දෙනවා හාද.."

"හරි හරි යන් ඉතිම්..ඔයා යන් කියලා කියන නිසාමයි එන්නෙ හරිද.."

"ම්ම්ම් කපටි පොඩ්ඩයි ඔයා..යන් යන්.."

එයා අරන් දුන්න අයිස් ක්‍රීම් එකත් කාලා එයාගෙ එකත් උදුරන් කාලා හවස බස් එකේ ගෙදර ගියා..හෙට හම්බෙනවා කියලා දන්නවා උනත් මෙහෙම වෙන් වෙද්දි හුගක් දුකයි...ම්හුක් තාත්තෙ...

____________________

හෙලොව්😽...
මන් ආවා❤️❤️


හැමොටම ආතරෙයි😽❤️

පොර කන්නැතුව එකගානෙ ආදරෙ ගන්න හොදතෙ😽❤️
එන්නම්😽

_Gojo_

繼續閱讀

You'll Also Like

31.3K 436 36
in a world where you are born seeing black and white until you find your person. your soulmate. a gloomy looking world suddenly turns vibrant with o...
480 65 18
අවාරයේ සකුරා මල් ______________________♡♡ හොදම කාලය මගහැරී උන්මත්තකයකුව නිමක් නොපෙනෙ මහ මග පියමන් කරද්දි දුටිමි අවාරයේ පීපුන සකුරාවක්.... එතැන් ප...
3.9M 251K 100
What will happen when an innocent girl gets trapped in the clutches of a devil mafia? This is the story of Rishabh and Anokhi. Anokhi's life is as...
732K 60.6K 33
"Excuse me!! How dare you to talk to me like this?? Do you know who I am?" He roared at Vanika in loud voice pointing his index finger towards her. "...