Mr. Alien (KTH) || On going

By Chimthri

1.9K 352 207

"මොකක්...? චීනෙක් බදින්න මං...?? මේ මන්..?? තමුසෙ ගංජ ගහලද ඕයි....." "ඇයි බැරි.. බැන්දොත් බැදෙන්නෙ නැද්ද... More

start
characters ඇසට හුරු කරමු
01 👽
02 👽
03👽
04 👽
06 👽

05👽

114 24 19
By Chimthri

විෂ්ගෙ තේ එල්ලිලා අල්තාරෙට යන සුකුමාල සුන්දර ලලනාවක් වගෙ මවා ගත්තු ලොකු ලැජ්ජාවකුත් එක්ක මන් අඩියෙන් අඩිය පඩිපෙල බැස්සෙ මගේ මව්තුමා දායාද කරපු හයේ හතරෙ සයිස් පොල් හීල් එකක් තියෙන ටොක් ටොක් එකකුත් දාගෙන..  පොඩ්ඩක්  ඉන්න.. මන් ටොක් ටොක් දෙක කියල කිව්වෙ නම් මට අලුතෙන්ම ලැබුණු හීල්ස් දෙකට උනාට ඇත්තටම  ඒකෙන් සාමාන්‍යයෙන් එන ටොක් ටොක් සද්දෙ වෙනුවට කොහෙන්දෝ මන්දා ආපු බොල් බොල් සද්දයක් නම් මන් අඩිය තියන තියන සැරෙට පොලොව දෙදරන්න තරම් සදෙට ඇහුනා...

හීල් දෙක පුස්කාලද කොහෙද මයෙ හිතේ.. ඒකයි ඔය බොල් බොල් සද්දෙ..!!

කොහොමින් කොහොම හරි කොරවක්කා නෙළුම් කොලෙ යන්න වගේ තාලෙට අඩිය තියාගෙන ගැම්මට විෂ්ගෙ අතෙ එල්ලිලා මන් පඩිපෙල බහින හැටි පහල හිටපු මගෙ හත්මුතු පරම්පරාවම බලන් හිටියෙ මාව ජිවිතේ පලවෙනි වතාවට දකින්න වගෙ කියලයි මට නම් හිතුනේ .. ඊටත් වඩා පහල හිටපු කිරි හූනො ටික සැරින් සැරේ මන් දිහා  බලන එකයි කුචු කුචු ගගා මට නොතේරෙන භාෂාවකින් කතා කරන එකයි නම් මට කොහොමවත්ම වෙන්න යන දේවල් ඇගට ගුණ නෑ කියන වෝනින් එක හැමෝටම කලින් දීල තිබුණෙ මගෙ වාසනාවකටද අවාසනාවකටද කියන්න මන් දැනන් හිටියෙ නැ...

"දෝණි ගිහින් අප්පච්චි ලගින් වාඩි වෙන්නකො..."

කවදාදත් නැතුව මගෙ මව් යානාව ආදරෙන් ඔලුවත් අතගාලා කිව්වම.. මේ වෙන්න යන්නේ මොන වගේ ගිනිවිජ්ජුම්බරයක් ද කියල මන් තත්පර දෙක තුනක් කල්පනා කලා..

"යන්න.. දෝණි.. ගිහින් වාඩි වෙන්න...."

ආයෙම පාරක් මගෙ මව් යානාවගේ ටින්කිරි ටිකිරි වොයිස් එක ඇහුනා..මේ පාර නම් ආදරේ අස්සෙ පෝඩ්ඩක් විතර අනතුරු ඇඟවීමක් තිබුණද මන්දා.. ඌප්ස්.. එයාට ඩෝං ගිහින්..

'ඔච්චරටම කියන එකේ.. ඔන්න ඔහේ ගිහින් වාඩි වෙනවා...''

මන් මගේ බොල් බොල් සද්දෙ ආපු ටොක් ටොක් දෙක තව ටිකක් වැඩියෙන්ම සද්දෙ ඇහෙන විදිහට අඩි තියල ගිහින් අප්පච්චි ලඟ කවුච් එකෙන් ඉදගත්තා.. කවුච් එකෙ වාඩි වෙලා මන් විනාඩියක් දෙකක්...නැ... විනාඩි එක හමාරක්වත් නිදහසෙ හිටියද කියන්න මට මතක නැති වෙන තරම්ම ඉක්මනට මගෙ පාප ග්‍රහයා උණු මගෙ එකම කිඹුල් සහෝදරයා මන් ලගට ඇවිත් ජබොක් ගාලා ඒකාගෙ හතර ගාතෙම දාලා බූරු ඇදක් එලාගෙනම වාඩි උනා..

"දැන් හරි..හරී සනීපයි... මන් මෙත්න පැක් වෙලා.. වෙන තැනකට ගිහින් තමුසෙ ඔය බූරු ඇද එලාගන්නවකො විෂ්..මටම වද දෙන්න එනවා.. වදකාරයා.. තමුසෙ නම් සාපයක් ඇත්තමයි...!!'

මන් දත්කූරු කාගෙනම වටේ පිටේ හිටපු කිරි සුදුපාට චීන්නු සෙට් එකටම විරිත්තන ගමන්ම විශ් දිහා බලල කිව්වම විශ් ඊටත් වඩා ටිකක් විතර දරුණු බැල්මක් ඒ වෙලාවෙම මට දාගෙන හිටියා..

'ඌප්ස්. මේකාට මොන යකා වැහිලද මන්දා...'

එහෙම හිතලම විෂ්ටත් ගස්සගෙනම මන් අහක බලා ගත්තා.. ඒත් ඒ එක්කම වගේ මගෙ වැලමිටට විෂ් හෙමින් අනින්න ගත්තම මන් දෙවෙනි පාරටත් මගෙ කිඹුල් සහෝදරට රැව්වා..

"මොකද....?"

"මේහ් යේරා.. තමුසෙගෙ මුළු ජීවිතේම ගෙවෙන්නෙ රෝස පාටින්ද ඕයි...?"

"මොකක්..!!!?"

" නැ මන් කියන්නෙ තමුසෙගෙ කෙස් ගහේ ඉදන් නියපොත්තට යනකන්ම රෝස පාටද...?"

"කියන දෙයක් තේරෙන්න කියනවද...?"

"මැරුම් කන්නෙ නැතුව කකුල් දෙක හරියට තියාගන්නවා.. මෙතන වියත් දෙකේ ඇදුම් කෑල්ලක් ඇදගෙන මදිවට හරියට වාඩි වෙලා ඉන්නෙත් නැ.. බලනවා.. අර ඉස්සර ඉන්න පොරත් ලැජ්ජාවෙ ඇඹරෙනව තමුසෙව දැකලා.. ශිට්.. මෙහෙම ගොං වැස්සියක් එක්ක මාත් ඉපදුනානෙ ...."

විෂ් අන්තිමටම කිව්ව කතාවෙන් නම් මන් දෙලෝ රත් උනා.. ඊව්.. මොන විලිලැජ්ජාවක්ද දෙයියනේ ඒ උනේ.. හයියෝ දෙයියනේ පවුලේ බම්බුව.. ආහ්..නෑ නම්බුව..!! විනාසයි විනාසයි..

"එතකොට තමුසෙ මෙතනට ඇවිත් වාඩි වෙලා මාව තල්ලු කරන් ඉන්නෙ ඒ නිසාද...?"

මන් බබා පාට් එකෙන්ම වගේ මගෙ කිඹුල් සහෝදරයගෙන් අහන්න ගත්තෙ මේ වෙලාවෙ සිද්ධ වෙලා තියෙන වස ලැජ්ජාවෙන් බේරෙන්න හිතාගෙනයි..

"නැතුව ඉතින්.."

"හරක වගෙ හිටියට තමුසෙටත් යමක් කමක් තේරෙනව නෙහ්..."

මන් ගානට කියල දැම්මෙ  වෙන කරන්න දෙයක් නැති නිසා..

"යැයි යැයි තමයි. .. ඔය ඉස්සර ඉන්න මිනිහට සිහි නැති කරවන්නෙ නැතුව සිහි කල්පනාවෙන් ඉන්නවා හරිද...? කොච්චර උනත් තමුසෙ ඔය වලදන්නෙ අමාරුවෙන් හදාගත්තු අපෙ පවුලෙ නම්බුව.. "

විෂ් අලි පන්ඩිතයෙක් වගේ කියෙව්වම ඒකාට ඇදකරන්න බැරි කමට මන් කට වහගෙන හිටියෙ මේ අවස්ථාව  ගැන හිතල..

"නම්බුව හදල හරි අමාරු ඇති නෙහ් තමුසෙට... එහෙනම්.. බොමුද සීතල වතුර විදුරුවක්..."

මන් ඉස්සරහ හිටපු කිරි හූනට හිනාවක් දාපු මන් එතනම තිබුණු වතුර වීදුරුව අරන් විෂ්ට දුන්නෙ ඒකා අන්දමන්ද වෙලා කරකියා ගන්න දෙයක් නැතුව මන් දිහා බලන් ඉන්නකොට..

"බොනව ඉතින්.. ආ.. ගන්නවා.. බොනවා...."

වීදුරුව විෂ්ගෙ අතේ තියලා මන් දිහා තාමත් බලන් ඉන්න කිරි හූනට ආයෙම පාරක් හිනාවක් දාලා හොරැහින් වගේ විෂ්ගෙ දිහාවට රබර් ඇහැක් දැම්මම මන් දැක්කෙ මන් වගේම ගොන් හිනාවක් දාලා වතුර වීදුරුව එක හුස්මට විෂ් බොන හැටි...

'පව් පොඩි එකා.. '

මන් ඒ විදිහට හිතල අප්පච්චි දිහා බැලුවෙ එයාල කරන් යන මේ බරසාර කතාබහට මොන මංගල්‍යක් නිසා අපිව ගෑවුනාද කියල හොයා ගන්න හිතාගෙන...  අප්පච්චි හිටියෙ නම් ලොකු කතාවක කියල සැරින් සැරේ එහෙ මෙහෙ වෙන එයාගෙ අත් වලින් මට හොදටෝම තේරුනත් එයා කියන්නේ මොන වගේ දෙයක්ද කියල මට එක ඩිංගිත්තක් නොතේරුනේ එයා ඒ වෙලාවෙ හෙළ බස වෙනුවට වෙන මොකක්දෝ අන්ඩර දෙමළයක් කියවපු නිසා වෙන්න ඇති..

දෙයියනේ කියල මගෙ මේ මොට්ට මොලේට පින් සිද්ද වෙන්න චෑන් චූන් ගාන සද්ද ටිකක් ඇරෙන්න වෙන මෙලෝ මගුලක් නම් මට මේ වෙලාවෙ තේරුනේ නෑ..

"ඒ මොකක්ද ඒ එතන වෙන්නෙ..."

හෙමින් සැරේ මගේ කිඹුල් සහෝදරයට ලං වෙලා මන් හෙමිහිට එහෙම ඇහුවෙ මට වගෙ මෝඩ මොලයක් මගේ සහෝදරයට උපතින්ම පිහිටල තිබුණෙ නැති නිසා.. ඇත්ත වශයෙන්ම කිව්වොත් විෂ් කියන්නෙ භාෂා පහ හයක් ලතා කරන්න වගේම ලියන්නත් පුලුවන් කෙනෙක්.. ඒක සමහර විට අපේ අප්පච්චි නිසාම එයා පුරුදු වෙන්න ඇත්තෙ පවුලෙ වගකීම් ඔක්කොම ගන්නම එයා පුංචි කාලෙ ඉදන්ම පුහුණු කරපු නිසා වෙන්න ඇති..

ඒත් ඒකට මං

මන් පොඩි කාලෙ ඉදලම ගෙව්වෙ හරිම සරල සැහැල්ලු ජීවිතයක්.. විෂ්ට ඒ විදිහට ජීවිතේ අමාරු වෙනකොට මන් ඒ ජීවිතේම හරිම විනෝදෙන් සැහැල්ලුවෙන් ගෙවල දැම්මා.. විෂ් භාෂා හතර පහක් හරිම දක්ෂ විදිහට කතා කරද්දි මට යන්තම් සිංහල ඇරුණාම පුලුවන් උණු එකම භාෂාව ඉංග්‍රීසි විතරක්ම උනා..

කොහොම හරි පරන දේවල් ගැන හිතන ගමන්ම අප්පච්චි කතා කරන දේවල් තේරුම් ගන්න මන් ලොකු උත්සාහයක් ගත්තා.. ඉස්සර පන්ඩිත කමට හෙල බස රැක ගන්න කියල අනිත් භාෂා ඉගෙන ගන්න එක ප්‍රතික්ෂේප කරපු එක ගැන මන් ටිකක් විතර මේ වෙලාවෙ පසුතැවුනා කිව්වොත් හරියටම හරි..

"කියනවකො.. මොකක්ද ඒ කියන්නෙ...?"

විෂ්ගෙ ශර්ට් එකෙන් හෙමින් ඇඟිලි වලින් අදින ගමන් මන් එහෙම ඇහුවෙ තවත් මේ විකාර තෑනට වෙලා විකාර විකාර මිනිස්සු දිහා බලන් බූතයෙක් වගේ බහුබූත වෙලා ඉන්න එක මට තනිකරම හිසරදයක් වෙලා තිබුණු නිසා..

"අහ්.. තමුසෙගෙ කසාදෙ ගැන කතා වෙනවා..."

විෂ් ඇගට පතට නොදැනී ඉස්සරහ බලාගෙනම කිව්වෙ හෙන සීරියස් විදිහට...

"මොකක්...? කාත් එක්කද...? "

මගෙ කසාදෙ ගැන චීන ඌරන්ට මොකටද කියල හිතන ගමන්ම මන් විෂ්ගෙන් ඇහුවෙ එයාගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන්..

"අන්න අර ඉස්සරහ ඉන්න කෙනා එක්ක..."

විශ් මන් ඉස්සහම වාඩි වෙලා ඉන්න වයසක සුදු පිරිමි කෙනෙක් පෙන්නල කිව්වෙ මන් දිහා ලොකු අනුකම්පාවකින් බලන ගමන්...

"මොකක්...? චීනෙක් බදින්න මං...??  මේ මන්..?? තමුසෙ ගංජ ගහලද ඕයි....."

මන් විෂ්ට රවාගෙනම කිව්වෙ මේකා ඉදල ඉදල කරපු විහිලුව නම් මට ඒ තරම් දිරවන්නෙ නැති නිසා.. මොකද මන් ඔය සුදු පාට මිනිස්සුන්ට ඒ තරම්ම කැමැත්තක් නැති පුද්ගලයෙක්...

"ඇයි බැරි.. බැන්දොත් බැදෙන්නෙ නැද්ද...??"

විෂ් කිසි ගානක් නැතුව කියල දැම්මෙ මගේ රතු කට්ට පන්නන ගමන්..  මේ යකා මාව චීනෙට විකුනල  ඒ පිහිටෙන් අර නැට්ටිච්චියො ටික බලන්න යන්න සල්ලි හොයාගන්නයි හදන්නෙ කියල තේරුණු මන් එතනින් නැගිටලා මගේ සද්දන්ත කිඹුල් සහෝදරයා දිහාවට හැරුනෙ තරහින්...

"යැයි යැයි තමයි... ඇයි මාව චීනෙට විකුණන්න මාව තමුසෙට හම්බන්තොට වරාය වගේද පේන්නෙ..?

... මන් ආස නෑ සුදු හූනොන්ට බලනවා උන්ගෙ කැත... කැරපොතු සුදු පාටයි... ඊව්...."

මන් සද්දෙන් අත් දෙකත් විසි කර කර හිතේ හැටියට විෂ්ට බැන්නෙ විෂ් බය වෙලා වගෙ මන් දිහත් මගෙන් ඈතත් බලනකොට.. විෂ් කවදාවත් නැතුව බය වෙලා සුදු මැලි වෙලා මන් දිහා බලනකොට මන් හෙමිහිට වට පිට බැලුවෙ ටිකක් විතර පුදුමෙන් වගේ..

ඒ වෙනකොටත් මන් දැක්කෙ මන් දිහා කන්න වගේ බලන් ඉන්න කිරිසුදු හූනො ටිකක් එක්ක.. පුපුරන්න ඔන්න මෙන්න තරම් තරහෙන් බලන් ඉන්න මගේ මව් දේවියයි එයා අතේ තිබුණු බිස්කට් දාපු බෝල් එකකුයි විතරයි..




....................................................................................................

පරක්කු උනාට සමාවෙන්න..

ලස්සන හිත හැදෙන කමෙන්ට් ටිකක් දාන්නකො 🥺



Continue Reading

You'll Also Like

84.6K 11K 41
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...
429K 68K 70
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)