නිදුක්

By ja-n-je23

74.3K 8.8K 1.5K

" නිදු උබ මට ආදරේ නොකරට කමක් නෑ.. මම උබට පණ ඇරලා ආදරෙයි...... උබට ප්‍රශ්නේ මම කොල්ලෙක් උනු එකනම් කමක් නෑ ..ඒ... More

introduction
1st episode
episode 02
episode 03 ♡
episode 04 ♡
episode 05 ♡
episode 06
episode 07
episode 09
episode 10
episode 11
episode 12
episode 13
episode 14
episode 15
episode 16
episode 17
episode 18
episode 19
episode 20
episode 21
episode 22
episode 23
episode 24
episode 25
episode 26
episode 27
episode 28
episode 29
episode 30
episode 31
episode 32
last episode
කතු සටහන
special author note

episode 08

2.2K 279 51
By ja-n-je23

දෙනුවන් අයියා මම ලගින් ගියේ කවදාවත් කතා නොකරපු බිදුනු හඩකින් අන්තිමට මේ දේවල් හිරුකට කියන්න එපා කියලා...
කේන්තියෙන් කෑ ගැහුවට මොකද මම පෑනත් ඇගිලි අස්සෙන් වටෙන් දදා කරකව කරකව කල්පනා කරේ
ඇයි මම එහෙම කිව්වේ කියලා..
කියපු වචන මට ආයෙත් ගන්න බෑනේ .
මම හැමදාම වගේ පසුතැවිලි උනේ ඒ වැරැද්ද හැමදාම මගෙන් වෙන නිසා
හරි නම් ඌ මගෙ කොලර් එකෙන් තවත් හයියෙන් ඇදල කෑ ගහන්න ඕන .
එහෙමත් නැත්නම් ගෙයින් යන්න කියන්න ඕන. ඒ ඒකා කරේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්.
සමහර විට මට වගේ ඌටත් කතාවක් ඇති කවුරුත් නොහිතන ..හිරුකයට උනත් සල්ලි අහුරු තිබුනත් ඒවා වලින් විසදුම් නොලැබෙන ප්‍රශ්න ඇති .කවදාවත් නැතුව මට ඌ ගැන අනුකම්පා කියලා හිතුනා .
මොකද මගේ ජීවිතේ තව ලමයෙක්ට තිබුනොත් එයත් මම විදිහට හැසිරෙන්නෑ. සමහර විට දඩබ්බර වෙනවා. මැරයෝ වෙනවා. අපි හැමෝම එක වගේ නෑනේ
අපිට නොපෙනෙන තිරය පිටුපස කතා ගොඩක් දුරට වැලලෙනවා.
මේකත් එහෙම එකක් වෙන්නැති. ඒත් මට වෙන කාගෙවත් හිත් ඇතුලේ පුළුස්සන කුණු රොඩු අවුස්සන්න උවමනා නෑ .. මොකද මගේ හිතේ තීන කුණු කන්ද හැමදාම වගේ හැම තත්පරයක් ගානේම ඇවිලෙන හන්දා
මටත් කේන්ති ගියේ දෙනුවන් අයියා මම හීනෙකින්වත් නොහිතන මගුල් ගැන කියවන්න ගත්තම. යුරේශා බඩුවක් කෑල්ලක් බැරි නම් ඕන එකියක් වුනත් මට මොකො .මම ඒකීව කරගහන්න යන්නෑනෙ. ඊටත් වඩා කිසිම මනුස්සයෙක් ට ඔහොම චෝදනා කරන්න බෑනේ. අනික ඒකගෙ ආදරණීය සදාදරණීය බාල සොහොයුරාගේ දෙකයි පණහේ කැරි වැඩ නිසා තව ටිකෙන් මම අර ගබඩා කාමරේ මැරෙනවා.
මූ ඒවා දන්නෙ නෑ වෙන වෙන ඒවා නම් ඇහෙන් දැක්කා වගේ කියවනවා.
අනික ඇදයක් කුදයක් කිව්වට කමක් නෑ තමන්ගේ ඡාතකේ පත්තිනි අතින් ලියවිලා තිබුන නම්. කොහොමත් අනුන්ගෙ රෙදිවල තුත්තිරි ගැන හෙව්වට තමන්ගේ රෙද්දේ තුත්තිරි ඇලෙනකල් උන් දන්නෙත් නෑ උන් හොයල බලන්නෙත් නෑ.
අදත් මේ යකා මගෙ මුලු mood එකම කෑවා .interval එකට ගිහින් sorry කියන්න හිතුනත් මම දන්නෑ ඇයි
මම සමාව ගන්නෙ කියලා.
ඇරත් මොකටද මම විතරක් සමාව ගන්නෙ . මෙච්චර කාලෙකට මට උනු එක දේකටවත් උන් සමාව අරන් නෑනේ .

බෙල් එක ගහලා පහල රැස්වීමට ගිහින් මම serch පාරක් දාලා පෝලිමේ හිටගත්තේ දෙනුවන් අයිය ඉදපු පේලිය කෙලින් ...මාත් එයා ගානට තරම් ම උස නිසා පෝලිමේ පිටිපස්සෙන් ම
තැනක් සෙට් වෙනවා.
මේ මනුස්සයා al exam ලියන්නෙ මේ අවුරුද්දේ උනාට මම ලබන අවුරුද්දේ නෙ . ඉස්සර නම් මේකා ඉස්කෝලෙ එනව අඩුයි හැබැයි. මොකක් හරි වැඩක් වැටිලද දන්නෙ නෑ මේ ටිකේ දිගටම ආවා . මොනා වුනත් තාමත් මගේ හිතට හරි නෑ උදේ කෑ ගහපු එකට .
ඒ උනාට ඌටත් තිබුන කට පියාගෙන ඉන්න
ඕන්නැති අවලම් කතා නොකිය ...
හිරුකයා ත් උගේ අයියව මගෙන් වහගෙන ඒ පෝලිමේ කෙලින්ම ඉදියෙ නැතැයි.
ඔන්න ඕකනේ කරන්න බැරි...

අද සිකුරාද අංශ ප්‍රධාන රැස්වීම් තියෙන දවස .
11 ,12,13 වසර රැස් වෙන්න ඕන office එක ඉස්සරහට .
අනිත් ඒවත් තැන් දෙකකට බෙදලා. එකක් පිට්ටනියේ. අනිත් එක බෝ මැදුර ලග .
හිරුකයා perfect නිසා ඌත් ශේප් එකේ මාරු උනා පොඩි එවුන්ගේ රැස්වීම් තීන පැත්තට .
ඔය කිව්වට ඕකා ලමයි ගැන බලනවා නම් බැරියැ.
දැන් නම් ඉතින් දෙනුවන් අයියව මගේ දර්ශන පථයට ගානට සෙට්..

මම ගාථා කියද්දීත් සැරින් සැරේ ඌ දිහා බැලුවට ඌ නෙවෙයි කොහෙවත් හැරෙන්නෙ.
සැදැහැවත් උපාසකයා වගේ දොහොත් මුදුන් තියාගෙන වදිනවා.
ඒකට මම
රූං පෙත්ත වගේ හතර වටේටම කැරකෙනවා.
පිනා දැක්කොත් අර මහසෝනා බෙල්ල කඩනව වගේ ඔලුව හරවයි.

හාමුදුරුවෝ පන්සිල් පිහිටුවලා එහෙ මෙහෙ ඇබරෙන්න ගත්ත පණු හිච්චෝ දෙතුන් දෙනෙක් ටත් ටිකක් ගොරවලා පේලියක් ඇදයට තීනව දැකල ඒ ශ්‍රේණිය භාර මිස්ටයි prefect ටයි කෑ ගහලා ගියා.
ඕක ඉතින් හැමදාම ඔහොමම තමයි.
උදේට මොන good ද ඉතින්
good morning කැලේ ...

මීලගට යෙදී තිබෙන්නෙ ජාතියේ අනන්‍යතාව විදහා දක්වන ජාතික කොඩියත් පාසලේ අනන්‍යතාව විදහා දක්වන පාසල් කොඩියත් උඩු ගුවනේ ලෙලදවීමටයි.
ඒ සදහා ජාතික කොඩිය ගුවනේ ලෙලදවීමට නුවන් හසරංග සොහොයුරාටත් පාසල් කොඩිය ගුවනේ ලෙලදවීමට පැහැසර හසරැල් සොහොයුරාටත් ආරාධනා කරමි.

ගාථා කියද්දි වගේම මම දැනුත් ඉතින් බැලුවේ දෙනුවන් අයියා දිහා .මගේ හිතට හරි නෑ
ඌ ඉන්නෙ හොදින් නෙවෙයි වගේ. ඌ මොනවහරි බර කල්පනාවක ඉදී යේ. ජාතික ගීය කියනකොටත් ඌ වැදගෙන ඉදලා පිටිපස්ස එකා වැලමිටෙන් ඇන්නහම තමයි අත් පල්ලෙහාට දා ගත්තේ.
ඒකගෙ ඇස් පිහාටු බර වෙලා . මටත් තිබුන උදේ එහෙම කෑ නොගහ ඉන්න. තාත්තට ගොඩක් ආදරේ ඇති කොල්ලා .
පව් ඉතින් මටත් මගේ තාත්තට මොනවහරි කියද්දී ඉවසන්න බෑනේ .
ශික් විතරක් මගේ කට ...

මෙච්චර වෙලාම රැස්වීමේ මොන නාඩගමක් වුනාද කියල නොදන්න මම පියවි සිහියට ආවේ මයික් එකෙන් එනවුස් කරපු නමට...
මම හිතන්නෙ දෙනුවන් අයියත් මේ ලෝකෙට ආවේ ඒක ඇහිලා ...

මීලගට අප සැවොම මිහිරි ගීතයකින් පිනවීමට මාගේ මේ ආරාධනය 11 - c පන්තියේ යුරේශා සොයුරිය ඔබටයි..

හම්මට ඒකීට සින්දු කීයන්නත් පුලුවන්ද..?
මම ඒකී යන දිහා බලන් ඉදියා. බැලුවට වඩා ඉතින් බැලුනා.
බෙල්ල ගාවට දික් උනු කොට කොණ්ඩ කරල් දෙකත් ගස්ස ගස්ස ඒකී ගියේ මුලු ඇගම එකම තාලෙකට පද්දලා.   ඒකීට තිබුනේ අවුරුදු 16 ක ඇගක් නෙවෙයි අවුරුදු 18, 19 ක විතර පෙනුමක් තීන ඇගක්.
ඒකී ලස්සනයි.
ලස්සනයි කිව්වට අනේ මන්ද ඒක කියන්න තේරෙන්නෑ. ඒකී හිනා වෙනකොට කම්මුලේ වලක් ගැහෙනවා.
ඇසුත් කිරිපාටයි. අයිලයින් එකකින් ඇදල ද මන්ද ඇහි දාර  තද කලු පාටයි ..කම්මුල් වල මස් පිරිලා. ඒකී ගේ කම්මුල්  ඇත්තටම අල්ලල මිරිකන්න හිතෙනවා..ඒ කොහොම කරත් මට ඒකී ගැන නංගි කෙනෙක් ට හැර දැනට හැගීමක් නෑ ..
මෙච්චර වෙලා ඒකීට පැණි හල හල ඉදල මම ආයෙත් දෙනුවන් අයියා දිහා බැලුවා.

හම්මට මේකා මෙච්චර වෙලා ඉස්සරහ ම බලන් ඉදියට දැන් මම දිහා කන්න වගේ රවාගෙන ඉන්නවා.
මට කරගන්න දේකුත් නෑ අහක බලා ගන්නත් මොකක්ද වගේ.
ඒකගෙ ඇස් හීනී වෙලා.
ඌ බලන් ඉන්න විදිහට මට හිතෙන්නේ දැන් ඇවිත් මට ගහයි වගේ.
මම ඉතින් කදුලු පනින්න ඔන්න මෙන්න තියා ගෙන සිරික්කියක් දැම්මා.
ඌ මට රවලා අහක බලා ගත්තා .ගොපලු පkaයා ..

මම ඉතින් ආයෙමත් ඉස්සරහ බලා ගත්තා.
යුරේශා ඉස්සරහ ඉන්න එකක් මට පේන්නෑ මම පිටිපස්සෙමනෙ ඉතින්.
ඒකී කිව්වේ මිනිසා සුවදයි මලසේ කියන සිංදුව .
මොනා වුනත් මාර කටහඩක් ඒක .හිත නිවෙනවා
මගේ ඇස් නිකම්ම පියවෙලා ඒ කටහඩට විතරක් ම අනුගත උනා ...

මිනිසා සුවදයි මල සේ
නුවණින් එලියයි හිරු සේ
පරවී වැටිලා
ඒ හිරු මල මේ දෙරණේ ........

ඒකී සින්දුව කියල ඉවර වෙලා ගියේ මූණ මලක් වගේ කරගෙන දත් තිස්දෙක පේන්නම හිනා වෙවී..
ඒකී පෝලිමට ගිහිනුත් හතර වටේ මේ දිහා බල බල කාවහරි හෙව්වා.
සමහර විට යාලු වෙලා ඉන්න කොල්ලා වෙන්නැති ...

ඉන්ටර්වල් එක වෙනකන් ම මම පොත්වල ඔලුව ඔබාගෙන ඉදියා . වෙන දේවල් කල්පනා කර කර ඉදල මේවා මිස් කරගන්නත් බෑ .
ඒවා මේවා මිස් උනොත් වගේ නෙවෙයි පාඩම මිස් උනොත් ආයෙත් ඉතින් මොලේට දාගන්න වෙන්නේ ඇතුන් ලවා අද්දවලා තමයි.

ඉන්ටර්වල් එකෙ මම ඉතින් සුපුරුදු දින චර්යාවට අනුගතව මගේ බත් එක කෑවා .
අද අම්මා බිත්තර ඔම්ලට් එකකුත් හදල දාලා .පන්තියේ කොල්ලෙක් ඉන්නව වගීශ් කියල. ඌ නම් ඉතින් මාත් එක්ක ටිකක් කතා කරනවා. ලොකුවට නෑ දැක්කම good morning ආ නිදුකයා වගේ කියාගෙන පිටට තට්ටුවක් දාගෙන යනවා.
ඌ ඉතින් බිත්තර ඔම්ලට් එක දැකලා මගේ බත් එකට පැනලා ඒකෙන් අරික් කාලක් විතර මට තියල ඉතුරු ඔක්කොම ගිලලා බතුත් කටවල් පහක් විතර කෑවට පස්සෙ අහනව කමක් නෑ නේ ද සුදා කියලා.
මම ඉතින් මොනා කියන්න ද මම හිනා වෙලා කමක් නෑ බන් කිව්වා. ඌ තමයි පන්තියේම බතලයා.
එහෙම කියන්න හොද නෑ ඉතින්. පව් ඌටත් මම ගෑනී වගේ කියනව වගේ ඉස්කෝලෙ ම එවුන් මහතයි මහතයි ගගා විහිලු කරනව.  ඌ නම් ගානකට ගන්නෙ නෑ මම වගේ  ..
ඒ උනාට ඉතින් මම වගේ පස්සෙ කල්පනා කරනව ඇති.
මට නම් උගෙ එහෙම අවලස්සනක් පේන්නෑ .
මහතයි උනාට පැංඩෙක් වගේ.
මම ඉතුරු බත් කටවල් දෙක කාලා ලන්ච්ශීට් එක පත්තර කොලෙන් ඔතලා බෑග් එකට ඔබලා වතුර බෝතලෙන් වතුර උගුරු දෙක තුනකුත් කටට හලාගෙන පහලට ගියා අත හෝදන්න .
මෙතන ජනේලෙන් පහලට අත හෝදන්න තිබුන 
පහල තියෙන්නෙ media room එක .
ඊටත් පහල තියෙන්නෙ library එක .
ඉතින් ඕක අහු වුනාම ටීචර්ලා සාරී ටික අතේ අරන් උඩට නගින්නේ .
ඒකෙන් මේකෙන් හොදයි පහලට ගිහින් අත හෝදන් එන එක .
හැබැයි අපේ උන් නම් ඔය බැනුම් ගානකට නොගෙන අත හෝදනවා.
ආපු දවස්වල මුලු පන්තියේ ම කොල්ලෝ ගුටි කෑවා ඕකට .
කෙල්ලො ඉන්නෙ අනිත් පැත්ත ඩෙස්ක් වල නිසා උන්ව අහු වෙන්නෑ .
හැබැයි ඉතින් ඒ වට්ටි අම්මලත් පහලට ගාටන්න කම්මැලි කමට මේකෙන් තමයි අත හෝදන්නෙ ..

මම පහලට යනකොට පඩිපෙල ලග හිරුකයයි සහනයි ඉදියා.
මමත් ඉතින් ගානකට නොගෙන ගියා .
අදත් යුරේශා පැටිස් වගයක් උස්සගෙන ඇවිත්. ඒකීගේ පන්ති තියෙන්නෙ අපේ බිල්ඩින් එකට වඩා මීටර් සීයක විතර දුරින්. ඒකීට ඉතින් මෙතනට එනවට වඩා කැන්ටිම ලග ටැප් එකට ලගයි ඉතින්.
මම ඕවා කියන්න ගියේ නෑ නිකම් දෙන පැටිස් එකනෙ ..

අද මම රැස්වීමේ සින්දුවක් කිව්වා.

මම දැක්කා ..

මේ ඒක හොදයිද
උදේ පුරුදු වෙලා කිව්වේ අනේ .අපේ ටීචර් මාව බලෙන් ම දැම්මා කෙනෙක් නෑ කියලා.

අවුලක් නෑ ලස්සන යි .සංගීතද කරන්නෙ ..

ආ නෑ මම නැටුම් කරන්නෙ ...
සින්දු කියන්න ටිකක් පුලුවන්..

ආ හා ඒක ලස්සනයි. අවුලක් නෑ..

මේ අයියේ නම්බර් එක ...

හම්මට මට ඒක අමතක උනානේ ලියන් එන්න.
ඉස්කෝලෙ ඇරෙනකොට යලහිටියට යන බස් එක ගාවට එන්නකෝ ..

යුරේශා යන්න හදනවත් එක්කම මෙච්චර වෙලා අපි දිහා බලන් ඉදපු හිරුකයයි සහනයි නිමේෂයයි අපි ලගට ආවා ..
සහනයා බලෙන් ම ඒකී අතෙ තිබුන පැටිස් එකත් උදුර ගත්තා.

ආ ආ මොකො නංගි
අපිට පැටිස් එකක් දුන්නට මොකො ...

මට තමුසෙට පැටිස් ගෙනත් දෙන්න අමාරුවක් නෑ ..

හම්මට බලහන්කෝ මේකීගෙ කට .
එතකොට මූට ගෙනත් දෙන්නේ මොන අමාරුවකටද දන්නෙ නෑ..

හිරුකයා ත් ඒ ගමන යුරේශට බැනගෙන ආවා .
මේකීත් පොඩි කියල බලන්නෑ පුදුම කටක් තියෙන්නෙ.කට ගහගෙනම එනව. ඒකී එක්ක ආපු අනිත් කෙල්ලත් බයේ පස්සට උනා ..

මගේ අමාරුව කෙසෙ වෙතත් ඔහේලට නම් හොද අමාරුවක් තියෙනවා කියල පේනව ..

මොකක්ද බැල්ලි කියන්නෙ....?
කාගේ හයියක් අරගෙන ද ..?

හිරුකයා කට වහගෙන මෙතනින් පලයන්. ප්‍රශ්නය මං එක්කනෙ මේ කෙල්ල ඕවට ගාවගන්න එපා ..

මටත් කේන්ති ගිහින් මම හිරුකයගෙයි කෙල්ලගෙයී මැද්දට පැන්නා.
අනික මම කැමති නෑ ඒකීට එහෙම කතා කරනවාට.මොනා උනත් ගෑනුන්ට දෙන ගරුත්වය දෙන්න එපැයි.

ඇයි ඇයි උබට අමාරු ද
ඒකිට බනිනකොට.
මේ පොන්naයෝ ටිකක් අහලා බලහන් මේකී ගැන කාගෙන් හරි. මේකීගේ ජාතකේ ඉදන් ම තමයි වැරදිලා තියෙන්නෙ...

හිරුකයා මගෙ කරවටේ අතක් දාගෙන එහෙම කියන කොටම සහනයත් අරකිට කෑ ගහගෙන ගියා ..

මේ මේ නංගි උබ අල්ලන් ඉන්නෙ වැරදි කොල්ලව.
සෝ සොරි චූටී මිස්ටේක් .
වැරදි කෙල්ලව ..
දැන් හරි...
උබ මෙතන කෙල්ලෙක් අල්ල ගන්නැතුව පලයන්.

මට වචනයක් කියන්න ඉඩ නොදී යුරේශා ගැහුවා නැතැයි සහනයගෙ කම්මුලට හයේ පාරක්...
හොද වැඩේ..

ගෑනී හරි මිනිහා හරි ඒක මම බලා ගන්නම්.
මට කාවවත් ටෝක් කරන්න මෙතනට ආවේ නෑනේ .තෝ තොගෙ වැඩක් බලා ගත්තොත් නරකද ..?

සහන් ඒකීට අත උස්සනවත් එක්කම මම සහනයගෙ අත හයියෙන් අල්ල ගත්තා..

යුරේශා නංගි දැන් මෙතනින් යන්න..

ඒත් අයියේ...

plz නංගි කියන දේ අහලා මෙතනින් යන්න..

ඒකී මම සැර උනාම මූණත් නරක් කරන් බිම බලාගෙන ගියා ..
මම සහනයා දිහාවට හැරිලා බැලුවේ අද නම් මේක දෙකෙන් එකක් විසද ගන්න..
මම හිරුකයගෙ අතත් ගහලා දාලා සහනයගෙ ෂර්ට් එකෙන් ඇදලා ඌව අල්ල ගත්තා..

මේක අහපන් සහනයා මේ last warning එක .ආයෙත් මම උබට කියන්නෑ සලකලම කතා කරනව ඇරෙන්න .මගේ ඒවට පුක නොදී ඕන හුත්තක් කරගනින්...

සහන් ජීවිතේ ට හිතන්නැතුවැති මට ඒ වගෙ යක්ශ කටහඩක් තියේවී කියල. ඌ මීක් නෑ ..
ඒ ගමන දෙනුවන් අයියා ටෙක් බිල්ඩින් එකෙ ඉදගෙන අපි දිහා බලන් ඉන්නවා.
මට ඌ එක්කත් කේන්ති .
මම සහනයව අතෑරලා පැටිස් එකත් එතන ඉදපු  බල්ලෙක් ට විසික් කරල මම  එන්න ආවා...
ඒත් නිමේශ් මගෙ පස්සෙන් ඇවිත්
මගේ කරවටේ අතක් දා ගත්තා.

අඩෝ මේ අහපන් බන් ප්‍රශ්න අමතක කරහන්. ඕකීව ආශ්‍රය කරන්න එපා බන්.
ඕකි දෙතුන් දෙනා එක්ක room
ගිහින් අහු වුනා .

මම එකපාරටම ෂොක් උනා වගේ උනා.
යුරේශා එහෙම..

මට හිතා ගන්නවත් බෑ ...
ඒකී අගර දගර දාන එක නම් ඇත්ත
ඒත් ඔහොම කියල නම් මට හිතා ගන්න බෑ..

මම මුකුත් නොකියා පන්තියට ආවා .
ඕවයේ ඇත්ත නැත්ත මම දන්නෑ
ඒක මට වැඩකුත් නෑ..
ඉතුරු පීරියඩ් හතරත් වෙන හැමදේකටම මැදැගිලි දික් කරල මම පොතට එබුනා
මම දන්න විදිහට හිගා නොකා ජීවත් වෙන්න නම් ඉගෙන ගන්න ඕන .

කොහෙන් ද ආපු මෝඩ හුත්තික පුතෙක් රට විනාශ කරල යන්න ගියා .
ඒවයේ පලවිපාක තව අවුරුදු පණහකට විතර අපිට ගෙවන්න තියලා.
දැනුත් හාල් ටිකක් සීනී ටිකත් ගණන් වැඩි කරනකොට කටේ නැති කුණුහරුප කියනවා.
ඇයි යකෝ සල්ලි ගස්වල තීන එකක් යැ ..
අනික දැන් ඉගෙන ගත්ත උන්ටත් job නෑ
රටෙන් බාගයක් ම දැනටමත් රට යනවා.
උන් විනාශ කරේ අපි වගේ තුන්වෙනි පන්තියේ උන්ගෙ පලවෙනි පන්තියේ හීන...

අන්තිම පීරියඩ් එකේදී ටීචර් කෙනෙක් ට මොකක් ද මන්ද ෆයිල් එකක් උස්සන් යුරේශයි තව කෙල්ලෙකුයි අපේ පන්තියට ආවා ..
නිමේශයා කියපු එක හරිද මන්දා පන්තියේ එවුන් එක එක ඒවා ඒකීව පෙන්න පෙන්න ලග ඉන්න එකාට මුමුණනවා  .කෙල්ලෝත් එහෙමයි.
වැරදි ඇති .ඉතින් ඒකී මැරෙන්නයැ..
දවල් උන දේට තරහ වෙලාද මන්දා ඒකී පන්තියෙ මම ඉන්නවද කියල බලන්නවත් ඔලුව උස්සන්නැතුව ටීචර් ට මොකක්ද එකක් කියලා බිම බලාගෙන යන්න ගියා .
මම ඒකීගේ ණය ගෙවන්න ම කියල හිතල 
මගෙ නම්බර් එකක් කොල කෑල්ලක ලියාගෙන ඒකත් උණ්ඩි කරගෙන ගේට්ටුවෙන් එලියට ගිහින් බස් එක ලගට වෙලා ඉදියා .

මේකී එන්නැද්ද මන්ද බස් එකත් අද්දන්න ඔන්න මෙන්න .
දෙනුවන් අයියයි හිරුකයි මම දැක්කා උන්ගෙ කලු කාර් එකට නගිනවා.
දෙනුවන් අයියා මාව දැකලවත් නෑ මම දිහා බැලුවේ .
යුරේශා ආවේ බස් එක ස්ටාර්ට් කරලා යන්න හදද්දි.
කොල කෑල්ල අරන් ගියා මිසක් මුකුත් කිව්වෙත් නෑ හිනා උනේවත් නෑ ..
අනේ ඉතින් මම මුකුත් කිව්වේ නෑ .
හිරුකයාගේ උන්නේ කිව්වෙ..

අද ඒකී හින්දා මම ආවේ ෆුට්බෝඩ් එකෙ .
ඒකත් තනි අතකින් ජනේලේ එල්ලිලා. පොලීසිය දකී ගගා කොන්දා කෑ ගහනවා. මේකෙන් බැස්සොත් සීසන් නිසා ඊලග private bus එකට කීයක් හරි පුදන්න ඕන .ඒකත් හැතැප්මක් දුර පයින් ගාටන්න ඕන කට්ට අව්වේ ...
හෝල්ට් තුන හතරකින් යම්තම් දෙවෙනි පඩියට නැග ගත්තා. නැත්නම් අතේ නහරත් ඇදෙනවා අල්ලන් ඉදලා ..
ඒ අස්සේ බස් එක ඇතුලේ ඇගිල්ලක් ගහන්න ඉඩ නෑ
කොන්දා පිටිපස්සට යන්න යන්න ගගා කෑ ගහනවා
යන්න වෙන්නේ බස් එකෙ පිටිපස්ස කඩාගෙන තමයි.
ගහතැහැකි මේකට ඉතින් ඉවසන්නෙ මොනා වුනත් අපේ බස් එකෙ කොන්දනෙ...
සමහර දාට driver යකාත් මාර ආතල් ගන්නව වංගු වලදි ...
ඉතින් ඒ වෙලාවට ගෑනු බාගයක් එහෙම ඉදියොත් එක්කෝ ඒකී අපේ ඇගේ නැත්නම් අපි ඒකීගේ ඇගේ .
ඊට වඩා හොදයි ෆුඩ්බෝඩ් එකෙ හුලං පාරවල් වැදි වැදි එන එක ...

බස් එකෙ ගිහින් ගුරු පාරේ පයින් ගිහින් ගෙදරට යන කොට වෙලාව තුනයි .
දාඩිය පෙරාගෙන ගෙදර ගිය ගමන් මම කරන්නෙ තීන කුණු මුලු බෑග් එකෙන් අස් කරල ඉස්කෝලෙ ඇදුම් ඔක්කොම හෝදලා නාගන්න එක ..
ඔය ටික කරල ඉවර වෙනකොට වෙලාව හතරට හතරයි පහලොවට විතර කිට්ටු වෙනවා.
අදත් ඉතින් ඒ වගේ දවසක් තමයි.

සමහර දාට මම යද්දී අම්මා හොදටම නිදි .උදේ කාපු වලං පිගන් ටිකත් සින්ක් එකත් උඩ ගහලා .
ඊටපස්සේ ඒ ටිකත් හෝදලා ගෙවල් දොරවලුත් අස් කරනව.
සමහර දාට මම උදේ ගියහම එයා මිදුල අතු ගාලත් නෑ .මම ඉතින් කෑ ගහන්නෑ අසනීප පිටනෙ ඉන්නෙ .
මේ වත්ත වටේට ගස් කොලන් වැඩී .ඉතින් හවසට මමම අතු ගාලා කරලා නානකොට පහත් පහු ..
නාගෙන කරල බඩගිනි උනොත් කනව .
පෙලක් දවස් වලට උයලත් නෑ .එක්කෝ රෑට කන්න හොදි බත් මදි .
එහෙම දාට මම ම උයනවා.
මොනා වුනත් හවස හය වෙන්න කලින් මම ගේ අතු ගාලා මල් ටිකත් කඩන් බුදු පහන තියල වදිනවා.
මේ පාලු ගෙවල් වල අපට පිහිටක් තියෙනව නම් ඒ තුනුරුවන් ගෙ පිහිටම තමයි.
බුදුන් වැන්දම මෙච්චරයි කියන්න බැරි හිතට නිවනක් එනවා..ඒක මුලු ඇගම සැහැල්ලු කරනවා.
මම කොහොම පව් කරලා ඉපදුනත් පොඩි හරි පිනක් කරල තියෙනව බෞද්ධ ආගමේ ඇසුරක් ලබන්න ..
නැත්නම් මේ තරම් කප්පරක් ප්‍රශ්න අස්සේ මැරිලා ගියා නම් මැරිච්ච තැන්වල රූස්ස ගස් පැල වෙලා

අදත් හොදි වලන් වල ඇති තරම් බත් නෑ
මම ඒ ගමන පරිප්පු ටිකක් තෙල් දාලා සම්බෝලයක් හැදුව
අම්මට තයිරොක්සීන් අඩු වෙලා .
මම ඒ ගමන සීනී වැඩිපුර දාලා චොකලට් බිස්කට් දෙකක් එක්ක ඇහරවලා දුන්නා ..

කාමරේට ඇවිත් ඔලුව පීද පීද මමත් බෙහෙත් ටිකක් කටට හලා ගත්තා සෙමට වගේ තීන නිසා...
අද වුන දේවල් කොච්චර දැගලුවත් මගේ හිතින් අයින් කරගන්න බෑ ..
යුරේශා ඒ වගේ කෙල්ලක් කියල හිතන්නත් බෑ .අනේ මන්ද ඒකීගෙ මූණ දැක්කම නිකම් මට නම් මගේ නංගි කෙනෙක් ට එහා හැගීමක් දැනෙන්නෑ ..
එහෙන් දෙනුවන් අයියා.
මිනිහා මට එච්චර දෙයක් කියලත් කෑ නොගහා ගියේ ලොකු දෙයක් හිතේ හිරකරගෙන වෙන්නෝන...
අද අපේ අම්මත් මාත් එක්ක තව නෑ හ්ම් කියල කතා කරේ .
ඇහරවලා ඇයි ඇහුවම තයිරොක්සීන් අඩු වෙලා කිව්වා විතරයි
දැන්නම් නැගිටලද කොහෙද මට ඇහෙනවා කා එක්ක ද පෝන් එකෙන් කතා කරනවා..

හෙට class එකෙ පේපර් එකක් දෙනව කිව්වා නිසා මම ටියුට් ටික පෙරලගෙන පාඩම් කරන්න ගත්තා.
අකුරු ටික දැක්කම අඤ්ඤ කොරොස් වෙනව මූඩ් එක ...
අද ඉව්වා මිසක්කා මම තාම කෑවෙත් නෑ
මේ නෝට් ටික දැක්කම තීන බඩගින්නත් නැති වෙලා බඩ පපුව පත්තු වෙලා ගෑස්ටික් ඇවිත් මොලයට සමනල් ගැට වැටිලා ඒක ලිහා ගන්න ගිහින් පපුවට hart atac හැදෙනවා...
මොනා කරන්න ද මගේ ඩොක්ට සිහිනෙ නෙ ...

මම එහෙම්ම පැයක් දෙකක් විතර පාඩම් කරල අටට කිට්ටුව තේ එකක් හදා ගන්න කියල කුස්සියට ගියා..
කවුරුහරි අම්මා එක්ක සාලෙ ඉදන් කතා කරනවා.
මම එහෙම්ම ගිහින් දොර රෙද්දෙන් එබුනේ මේ රෑ මාලි නැන්දවත් ඇවිත් තියෙන්නෙ හදිස්සියකටදවත් කියලා...

ඒත් හැබැයි ඉදියේ මාලි නැන්දා නෙවෙයි මුණසිංහයා.
අම්මා එක්ක පුටු සැටියේ එකට  වාඩි වෙලා මොනවදො කුටු කුටු ගගා කැකිරි පලනවා..
අම්මටත් තීන ලෙඩ කොහෙන් ගිහින් ද දන්නෑ ..
මගේ කකුල් එක්ක මුලු ඇගම වෙව්ලන්න ගත්තා.
ආපු ආවේගයත් එක්ක මම කෝප්ප පොලවේ ගගහා වගේ කුස්සියේ එහාට මෙහාට බඩු විසික් කරා සද්ද ඇහෙන්න .
තේ එකත් ඕනාවට එපාවට හදාගෙන මම කාමරයට ගියේ දොරත් කැඩෙන්න තරම් හයියෙන් වහගෙන...

ඒ ගමන් අම්ම දොරත් ඇරන් කාමරයට ඇවිත් දොර වැහුවා.
මේ කාමරයේ දොර ජනෙල් ඔක්කොම වැහුව ම මේකේ සද්ද පිටවෙනවත් අඩුයි එලියේ ඒවා ඇහෙනවත් අඩුයි.

බොට මොකක් වෙලාද මේ දොරවල් කඩන්නෙ.
ඇයි තොගෙ අප්පගෙ බඩුද මේවා...

නෑ තාත්තගෙ ගෑනීගෙ
හොර මිනිහගෙ බඩු ..

මට ආපු ආවේගය ට මම ඔහේ කියල දැම්මා.
ඇයි යකෝ මට මාව ම පාලනය කරගන්න බෑ
මම හෙට රෙද්දක් ඇදගෙන පාරේ බහින්න ඕන .මම මීට කලින් මෙහෙම කතා කරල නෑ
වෙන දේවල් අඩුවක් නැති නිසා කට වහගෙන ඉදලත් බෑ ..

මොකක්ද තෝ කිව්වේ සක්කිලියා..

ඇයි මොකද මගේ කට වහන්නද.?
එක මිනිහෙක් මැරිල ගිහින් තව එකෙක් ගත්තා. ඒකත් කමක් නෑ කියමුකෝ. ඌවත් මදිවෙලාද හතර වටේ එවුන් ගේ අස්සට දා ගන්නෙ ..?

මම හදන් ආපු තේ කෝප්පයත් පොලොවේ ගහලා අඩි හප්ප හප්ප කෑ ගහද්දි අම්මා මගෙ පාඩම් කරන මේසෙ ලග තිබුන ප්ලාස්ටික් පුටුව අරන් මගේ පිට මැද්දට පුටු කකුලක් කැඩෙනකන් ගැහුවා 
මම නෙවෙයි නැවැත්තුවේ ...

තෝ එනවද මාව හදන්න
ඉන්නවනම් ඉදපන් නැත්නම් මැරිල පලයන් .
පර බල්ලා ...

ඉතින් යකෝ මරහන් මාව
අද මෙතන මරහන් මේ දැන් ම .මටත් ඕන නෑ මේ අපායේ ජීවත් වෙන්න..
මට මොනව කියලද උබලා දීලා තියෙන්නෙ. කන්න බොන්න තියා ඉන්න තැනක් වත් තීනවද
හිගා කකා ලමයි හදනවට වඩා හොද නැත්ද බඩට ආවම ගැට අන්නාසියක්වත් කෑව නම්.
මටත් පව් පුරවන්න හැදුව මෙතන ...

ඔව් ඔව් තෝව හදපු එක ම තම මම කරපු ලොකුම ගොන්කම. තොගෙ සිරියාවන්ත කමට තමයි ඉපදිලා අවුරුදු දෙකක් යන්න කලින් ඉන්න ගේ  නැති උනා .අවුරුදු හතක් වෙනකොට අප්පත් නැති උනා .තොගේ සිරියාවන්ත කමට මට මෙතන සල්ලි උතුරනවා අවලම් ගෙරි බල්ලා
තොට හොදක් වෙන්නෑ පොන්නයා...

සිරියාවන්ත එකා හරි මූසල එකා හරි මම බලෙන් බඩට ආවද
තීන අමාරුවට රෙද්ද උස්සලා පස්සෙ බඩ පෙති ටිකක් වත් බොන්න
උබලට ජාතී ජාතීත් මම හෙණ ඉල්ලනව යකෝඕඕඕ

මම පොලවේ වැතිරීගෙන අඩ අඩ කෑ ගැහුව. මගේ පිට පුපුරනව වැදුන පාරවල් වලට .අම්මා මගේ කට වහපන් කියලා මගෙම බෙල්ට් එක අරන් දිගට හරහට ගහද්දී මම නැගිටලා අම්මව තල්ලු කරල ඒක අරන් බෙල්ල වටේ දාගෙන ඒකේ ගාංචුව දාලා අත් දෙකෙන් ම බෙල්ල හිර වෙන්න ඇද්දා ...

උබලට ඕවට හෙණ ගහයි මට කරපු සහගහන අපරාදෙට.
උබලා මැරෙනකොට ඕවා ඔක්කොම මතක් වෙයි ...

අතෑරපන් ඕක
මාව යකෙක් නොකර අතෑරපන් ඕක..
තෝ මැරියන් ඕන තැනක ගිහින් මෙතන නැතුව

අම්මා බඩු මුට්ටු වලින් ගගහා අතාරින්න කිව්වත් මම නෙවෙයි අතෑරියේ. මම තවත් බෙල්ට් එක ඇද්දා..
ඒ ගමන අම්මා ඇවිත් මගේ අත් දෙකම දත් පාරවල් වලින් ලේ එන්නම විකුවා ...

ආ...
.
හ්.....හ් .......

ඒ වේදනාවටත් එක්ක මගේ අතින් බෙල්ට් එක බුරුල් උනහම අම්මා ඒකත් ඇදලා අරන් මාව දාලා දොර ලොක් කරේ තෝ මැරියන් මට මෙතන පෙට්ටි ගේන්න සල්ලි නෑ ඒක නිසා මිනියවත් හම්බ නොවෙන විදිහට මැරියන් කියලා...

මගේ බෙල්ලෙ නහරයක් මොනවහරි  වෙලාද මන්දා එක පැත්තකට හරවන්න ම බෑ .
බෙල්ට් පාරවල් වලට පිට පුපුරු ගහනවා
ලේත් එනවා..
මම එහෙම්ම බිත්තියට හේත්තු වෙලා ඉකි ගගහා ඇඩුව.
යකෝ මට මැරෙන්නවත් නිදහසක් නෑ මේ ගෙදර ..
කොහේ හරි යන්න පුලුවන් උනා නම් අම්මපල්ලා මම කලුතර ගිහින් මෝය කටට හරි පැනලා මැරෙනවා.
මම තීරණයක් ගත්තා
මේ විදිහට නම් මට ඉදලා වැඩක් නෑ
මට කියලා මොකෙක් වත් නෑ ...
ඉන්න එවුනුත් කියන්නෙ මැරියන් කියලනෙ.
හෙට එලිවෙනකල් ඉදලා පන්ති නොගිහින් කෝච්චියට බෙල්ල තියනවා..

මම හිතුවේ එහෙම.
මේ වගේ දේවල් මගේ හිතට එන පලවෙනි පාර නෙවෙයි.
මීට කලිනුත් මම එකපාරක් කරා
මගේ කරුමය කොච්චර ද කියනවනම් ජීවත් වෙන්නත් තව ආයුශ තියෙනවා..

මම අමාරුවෙන් අඩිය තිය තිය ඇවිත් ඇදේ පෙරලිලා පෝන් එක අතට ගත්තේ මොකක් හරි දේකීන් හිත ටිකක් හරි සනසගන්න

watsapp එකට msg 11 ක් ඇවිත් නිසා මම ඒ පැත්තට ගියේ ඒ මොකාද බලන්න  .
class group එකෙන් msg 06ක් එක එක pdf වගේකුයි තව මොනව ද මන්ද announcement දෙකක්.
මට ඕවා කියවන්න සිහියක් නෑ ..
තව unsave number එකකින් hi කියලා දාපු msg එකකුයි sticker එකකුයි. ෂුවර් එකට යුරේශා වෙන්නැති .
ඊලග msg එක මොකද කරන්නේ කියලා මම unknown කියව save කරපු දෙනුවන් අයියගෙන් .
මම ඒ නම්බර් එක ආයෙත් දෙනුවන් අයියා කියලා save කරා ...
මුණසිංහ අද යන පාටක් නෑ වගේ. කාමරේට ලාවට ඇහෙනව හිකි හිකි ගාන සද්දෙ...

මම msg seen කරල නිකම් ඉද්දි ආයෙත් දෙනුවන් අයියා msg එකක් විදිහට අර මහ අමුතු හිනාව තියෙන ඉමෝජිය දාලා තිබුනා
🙂 ...

මම බැරිම තැන රිප්ලයි කරා..

thathta gedrd?

typing........

na wadkat  Colombo giya.hete anne ai ?

🙂..
nikn ahuwe
hm 

mokk hari prashnaykd.

na na mukut na

මම දෙනුවන් අයියා එක්ක msg කරෙත් අඩ අඩ ..
මට මේ දේවල් දරා ගන්න බෑ දෙයියනෙ.
අම්මපා මට දැන් හිතුනොත් ගෙදරින් කොහෙ හරි ඔලුව හැරුනු අතේ යනව ..
මම එහෙම්ම පෝන් එකත් විසික් කරලා කොට්ටෙ බදාගෙන ඉකි ගගහා ඇඩුව..
කේන්තියට ඔලුව දෙතුන් පාරක් බිත්තියෙත් ගහගත්තා..

ඒ ගමන පෝන් එකට කෝල් එකක්.
මම කදුලු පිහිදගෙන පෝන් එක අරන් බැලුවා 
දෙනුවන් අයියගෙන්..
ඌ ඒක ගන්න කලින් මට එකදිගට msg දාලා
උබ කෝ
අවුලක් ද අහලා
මට මේක ආන්සර් කරනවද නැත්ද කියල හිතා ගන්න බෑ.
අරන්  මම මොනව කියන්න ද.උගේ තාත්තා මෙහෙ මගේ අම්මා එක්ක නිදි වදිනව කියන්න ද ..?
මොකො මම හෙට මැරෙන්න යනව කියන්නද..?
මම මෙහෙම දුක කියන්න ඌ මගේ කවුරුත් නෙවෙයි නෙ .
එක පැත්තකින් ඌ මේ ගේ අයිතිකාරයාගෙ පුතා .තව පැත්තකින් බැලුවොත් අම්මගේ හොර මිනිහගෙ පුතෙක්.
මම කෝල් එක කට් කරලා ආයෙත් ඔලුව ගහගෙන කල්පනා කරා.
ආයෙත් කෝල් එකක්
ඒකත් දෙනුවන් අයියගෙන් ම
මේ මොන මල කරුමයක්ද මන්ද.
මම කෝල් එක ආන්සර් කරල කනේ තියාගෙන හෙලෝ කියලවත් නොකියා ඉදියා .
මම නිකම් ටැප් එක ඇරලා වගේ කදුලු හලනවා. එහෙන් ඇග පතම ඇදුම් කනව .

hello....
hello ...

ඒකා දෙපාරක් තුන්පාරක් ම කතා කරනකන් ඉදලා මම බැරිකමට කූබීයෙක්ටවත් ඇහෙන්නැති ගානට කතා කරා ...

ඇයි ..?

උබ මොකක් හරි අවුලකද මල්ලි..

මට මොකක් උනත් තමුසෙට මොකද ..?

අනේ බන් එල්ලෙන්නැතුව කියහන් ඇයි තාත්තා ගැන ඇහුවේ ...

මම ටික වෙලාවක් ගොලු උනා. මට නිකම් පපුවේ පැත්තක් රිදෙනව වගේ. කියනවද නැත්ද කියල හිතා ගන්න බෑ..

මේ ගෙදරට එක පෙට්ටියක් ගේන්න කලින් උබ උබේ තාත්තව නවත්තගනින්. පින් සිද්ධ වෙයි මාව තවත් කාලකන්නි කරන්න එපා .
එක්කෝ උබ මේ මොකුත් කරන්න ඕන නෑ .උබට කරගන්න දේකුත් නෑ අනික උබ ඒ තාත්තගෙම පුතානෙ
මම නිසානේ ඔක්කොම ප්‍රශ්නේ.
මම මැරිල ගියහම හරි මුන් ඔක්කොම නවත්තයිනෙ..

මම මොනව කිව්වද කියල මටම හිතා ගන්න බෑ. ..
එක්කෝ මට තිබුනේ පෝන් එක ඕප් කරල නිදා ගන්න. මට පිස්සු වගේ දෙයියනෙ.
තාමත් මට ඇඩෙනව. මගේ කටහඩින් ඌට ඒක තේරෙනව ඇති ...

අනේ බන් හැමිනෙන මූසල කතා කියන්න එපා.
මම ඕන්නම් එන්නද උබව බලන්න...
ඔහොම ඉදහන් විනාඩි පහක්.මම එන්නම්

දෙනුවන් අයියා එන්න ඇහුවම මට දෙලොව රත් උනා .
මේක නම් වෙන්න දෙන්න බෑ ..

නෑ නෑ එපා
පින් සිද්ධ වෙයි අයියේ දැන්නම් එන්න එපා .
උබ ඔහේට වෙලා ම ඉදපන්..

මට කියහන් නිදු අපේ තාත්තා උබලගෙ ගෙදරද ..
මට ඇත්ත කියහන් හොද එකා වගේ
මම කේන්ති ගන්නෑ .

මම කල්පනා  කරල කරලා අන්තිමට හ්ම් ගෑවම එයත් දිග හුස්මක් පිට දානව ඇහුනා ...

මේ අහපන්කෝ. උබට හෙට පන්ති නෙ .
මුකුත් මෝඩ වැඩ නොකර ඉදහන් සුදු
මම එන්නම් උබව හම්බ වෙන්න.

හ්ම් ...

එහෙනම් මම තියන්නද..
උබ මොනවහරි කාලා නිදා ගනින්
මම හම්බ වෙන්නම් හෙට
හරිද..?

හ්ම් ...

call ending..

මට මෙච්චර කාලෙකට ඔහොම එකෙක් හම්බ උනාමයි. මට පුදුම මෙච්චර දෙයක් වුනත් කේන්ති නොගෙන මට කතා කරපු විදිහට.
මම හිතන තරම් ඌ නරක නැත්ද මන්දා.
ඔක්කෝටම වඩා පපුවට බර මට නිදු කියල කතා කරපු එකට .
මගේ තාත්තා ඇර කවුරුත් මට කතා කරලා නෑ .ඇරත් පොඩි කාලෙදි අම්මා කතා කරාට පස්සෙ මට කවුරුත් සුදු කියල කතා කරෙත් නෑ
එක අතකට ඌ ගත්ත එක හොදයි. නැත්නම් මට හිතිලා තිබුනේ බාල්කෙ බෙඩ් ශීට් එකක් හරි ඉරලා දාගෙන එල්ලෙන්න..
මට පුදුමයි මම ගැනම
මෙච්චරක් ඉවසන එක ගැන
නින්ද අහලකවත් නැති අද වගේ දවස් වලට මම කරේ නිදි පෙති වෙනුවට පිරිටන් පෙති දෙක තුනක් කටට හලාගෙන ඇදට දිගාවෙන එක ..
වෙලාවකට මට මම ගැනම පව් කියල හිතෙනවා
ජීවත් වෙන්නත් මොන තරම් කරුමයක් කරලද මම ....

♡ next episode coming soon friends

♡vote and comment plz guys

♡ කාලෙකින් දුන්නැති නිසා වචන 3800ක් ටයිප් කරා

♡අනේ මේක ලියන එකාගෙ හිතට හරි නෑ . සැලෝන් එකට ගියා අම්මා එක්ක කොණ්ඩෙ ටිකක් හදා ගන්න කියලා.
පම්ස ගාවට තීන කොණ්ඩෙ පොඩ්ඩක් අගිස් කපලා ගන්න කියලා.
මම ඒකේ ගෑනී ට කිව්වෙ පිට මැදට වෙන්න කපන්න කියලා.
අන්තිම පාරට කපන්න හදද්දි මට පිටිපස්සට පේන්නැති හන්දා අම්මගෙන් අහල මේ ගාන ඇතිධ කියල අම්මටත් වෙන කල්පනාවක ඉදන් හා කියලා.
කියන්න සතුටුයි මිතුරණි.බෙල්ල ගාවට කොණ්ඩෙ කපලා.
අතටවත් අහු වෙන්නෑ යකෝ..
අඩ අඩ ඇවිත් ගෙදර ගිහින් අම්මට කෑ ගහලා ඒකටත් ගුටි කාලා ඒ අස්සේ ලෙඩත් වෙලා ඉන්නෙ.
පාරේ යන්න බෑ යකෝ හැමෝම බනිනවා ඔච්චර කැපුවේ ඇයි කියලා..

අද සිට මාගේ සුපුරුදු වදන් පෙල ..

සියලු දේ නැසීයන සුලුයි .දිරන කුණු කයට ලෝබ නොකෙරෙත්...

😑🙂🙂🙂

කමක් නෑ කොණ්ඩෙ කොට වුනාම ලස්සනයි. පීරන්න පහසුයි .ෂැම්පු තෙල් වර්ග ඉතුරු යි
වෙලාවත් ඉතුරු යි
ඉතින් එච්චරාආආආආආආයි

janje.........

ඉක්මනට එන්නම්...

Continue Reading

You'll Also Like

139K 18.4K 55
ඔබේ සිනා ලග නෙත නැවතුන දා...... ඔබේ කතා ලග සිත නැවතුන දා..... ප්‍රේමය හැදින්නෙමි.....❤️💚 🔞 Zhanyi
1.7M 142K 65
RATHOD In a broken family, every person suffers from his insecurities and guilt. Successful in every field but a big failure when it comes to emotio...
2.6K 180 28
මම කැමති නෑ ඔය වගේ මිනිස්සුන්ට.. ඕකුං අනික් මිනිසුන්ගේ දුක දන්නේ නෑ මොකද ඒගොල්ලන්ට හැමදේම අතට පයට ලැබිලා තියෙන නිසා.. දුප්පත් මිනිස්සු විඳින දුක වේදන...
1.1K 147 10
වැහි ලිහිණියෝ වැහි අරන් දුර ඈත ගෙනිහිල්ල දැන්මම ඉතින් කඩදාසි ඔරු තනි වුනා වැහි නැතිව මග තනි වුනා ... ☆____________________________☆ " ඔබ නැතුව මම...