මේ ලංකාවේ ප්‍රේමයට ප්‍රසිද්ධ නගර කොච්චරක් කියල තියෙනවද ...
අංක එකටම තියෙන්නෙ ඉතින් නුවර .
මමත් නුවරට පට්ට ආසයි. තාම එකපාරක් වත් ගිහින් නෑ ..
ඕවයේ යන්න සල්ලි එපැයි ..
මම ඒ අඩුපාඩුව පිරිමහ ගන්නේ කලුතර ට ඇවිත්..
කලුතර කියන්නෙම ප්‍රේමයක් ...
පැත්තකින් හෝ ගගා ගලන මහ මුහුද
තවත් පැත්තකින් කලු ගග
කලු ගග අභියස තියන කලුතර බෝධිය ...
මේ හැමදේම එකතු උන ටවුම ඇවිද්දත් හිත නිවෙනවා..
සමහර දාට මම හිත නිවා ගත්තේ පන්ති ඇරිලා කලුතර බෝධි ගිහින්.
අතේ ගාණක් තිබුනොත් පුලුවන් විදිහට නෙලුම් මලක් අරන් කලුතර බෝධියේ උඩ මලුවට ගිහින් පූජා කරලා
පැත්තකින් එන කලු ගගේ සීතල හුලං පාරට තාලෙට හෙලවෙන බෝ පත් එක්ක මම වරු ගණන් එකදිගට ඔහේ බෝ මලුවේ පැත්තකට වෙලා වාඩි වෙලා උන්නා ..
පුදුමාකාර විදිහට හිත් නිවන වේදනානාශකයක් එතන තිබුනා...
මම අදත් පන්ති ගිහින් ඉවර වෙලා බෝධි යන්න හිතන් ඉදියේ මේ ටිකේම මගේ ඔලුවේ ප්‍රශ්න කදු ගණන් ගොඩගැහුනු හින්දා ..
මට හිත නිදහස් කරගන්න ඕන ..
මට බෝධි හාමුදුරුවෝ ගාව වැද වැටිලා මුකුත් ඉල්ලන්න උවමනාවක් නෑ ..
ඒත් මේ වෙලාවේ මාව පිලිගන්නේ මේ ලෝකේ එකම කෙනයි.
ඒ මගේ හෘද සාක්ෂියයි මගේ ඉරණමේ තියන කර්මයයි විතරයි
ඉතින් මට වැද වැටිලා කියන්න ඕන උනා අඩ අඩා හරි උතුම් බෝධි හාමුදුරුවන්ට
මම වැරදි නැහැයි කියන්න
මම කාලකන්නියෙක් නෙවෙයි කියන්න.
මට එහෙ ම කියලා හිත නිදහස් කරන්න ඕන උනත් පන්තියෙන් බාගෙට මැරිලා වගේ එලියට ආවහම දැක්කේ මුලු අහස ම වහගෙන පතාක කලු වලාවක්.
ඒ ගමන් මගේ අත ගියේ බෑග් එකට .
කුඩේ ගෙනල්ලත් නෑ .ඕකට තෙමෙන්නත් බෑ .ඊටපස්සේ ඔලුව කැක්කුම අල්ලයි.
ඉතින් මම පඩුරක් දාලා වැදලා එන්න ආවා ..
බඩත්ගිනි වගේ නිසා මම කඩ පේලිය පැත්තට ගිහින් මුස්ලිම් පොඩි කඩයකින් සමෝසා රුපියල් සීයක ගත්තා .වතුර නම් බෑග් එකෙ ඇති බෝතලයක්. උණු උණු සමෝසා නිසා කටට කෙලත් උනනවා..
මම ඒකත් අරන් ආයෙත් station එකට ආවා . පන්ති එන්නෙ බස් එකෙ උනාට මම යන්නෙ කෝච්චියේ.
කෝච්චියෙ ගාණ අඩුයි. මට බාගයක් දුරට බස් එකෙ යන්න වුනාට .
මම පන්ති එන්නෙත් කෝච්චියෙ කියල හිතුවට ඒ වෙලාවට සෙනග වැඩි school time එකනෙ. ඇරත් මම බස් එකෙ වගේ නෙවෙයි කෝච්චියේ එල්ලිලා යන්න බයයි.
මේ වෙලාවට කලුතර station එකෙන් අලුත්ගම යන කෝච්චියේ සීට් තියෙනවා. මම ස්ටේෂන් එකට එන්න එනකොට ආයෙමත් පොඩි පැල කඩයක් ලග ඉබේම කකුල් නතර උනා ..
එක එක ජාතියේ පාට මල් පෑල අතර මගේ ඇහැ ගියේ ඒ වෙනකොට මලක් නොපිපුන පොඩි පෝච්චි වල ඉන්දපු පැල ටිකකට.
ඒ පතොක්...
මම පතොක් වලට මාර ම ආසයි. කාගෙන්වත් රෝස මලක් වත් හම්බ නොවුන මට මැරෙන දාට අරලිය මලක් වත් හම්බ වෙන ෂුවර් එකක් නැති මට පතොක් මලක් කියන්නෙ වෙනම හැගීමක්.
ගොඩක් පොත්වල එතකොට social media වල අපි වගේ කටු කන උන්ට මතක් කරේම පතොක් ගස්..
දියපොදක් නැති වැලි කාන්තාරයේ පැලවෙලා මලානීකව වකුටු ගැහිලා ඉන්නැතුව කද කෙලින් තියාගෙන ඉන්න පතොක් ගස් තනිකර ම ඉඩෝරයේ සංකේතය...
උන් බලන් ඉන්නෙ වස්සානයක් වෙනුවෙන් නෙවෙයි. වස්සානේ මල් ඵල දරන්න වහින වැසි බිදක් උන්ටත් ලැබෙන දවසක්
උන් බලන් ඉන්නෙ ඒකට...
උන් ඉරට පෙම් කරේ නෑ
වෛර කරෙත් නෑ .
උන් වැස්සට පෙම් කරේ නෑ
වෛර කරෙත් නෑ ...
මොකද උන්ට කාටවත් වෛර කරන්න ඕන උන්නෑ ..
උන්ට කාටවත් ආදරය කරන්න ඕන වුනෙත් නෑ ...
පතොක් කියන්නෙම දරාගැනීමේ සංකේතයක්..
මට ඒ ගමන් මතක් උනේ fb එකෙ share උනු post එහෙක වචන ...
උහුලාපු දුක් වැඩි නැත්ද
කටු අතර කතාවයි ...
දැන් නම් ඉඩෝරෙ ඇති නැත්ද
දූවිලි හුලග අසා යයි..
මං දන්නවා අමාරුයි ඒත්
ඉවසපන් පතොක් ,
උබට මල් පිපුනම
අනිත් සේරම මල් පරාදයි ..
මගේ කකුල් ඉබේටම ඒ කඩේ ලගට ගියා .. ඒ ඇයි කියන්න මම දන්නෙ නෑ .
තියල තිබුන චූටී පතොක් පැල මම මගේ ඇගිලි තුඩු වලින් අත ගෑවා ...
පුතා ඕක ගන්නද ...?
කඩේ ඇතුලින් ආවේ මැදි වයසෙ ගෑනු කෙනෙක්. පොඩි කඩයක් උනාට මල් වත්තක් වගේ.
ඕ මේක කීයද ...?
ඔය size එකෙ ඒවා නම් රුපියල් දෙසීයයි පුතේ ...
අහ් මට මේක දෙන්න ..
දවස් ගානක් ම කුඹුරු කොටල මගේ මහන්සියෙන් මට ගත්ත පලවෙනි දේ ඒක ..
දුක් වෙන්න එපා නිදුක් දරාගෙන ඉදහන් වසන්තය ඉක්මනට එයි කියලා කියන්න කෙනෙක් නැතිකොට
සමහර දවස්වල බාල්කෙ ලණුවක් දාගෙන එල්ලෙන්න හිතෙනකොට
තවත් නම් මට බෑ කියලා දැනෙනකොට
අඩුම මේ පැලේ දිහා බලල හරි
උබත් මේ ඉඩෝරේ දරාගනීන් කියන එක මට මතක් වෙනවනම් ඒ ඇති ...
මම සල්ලි දෙන්න යනකොට අර ලෑලී කඩේ අස්සෙ හය වසරේ විතර පොඩි කෙල්ලෙක් බිම දනගහගෙන ගණන් හදනවා. සුදු ගවුම පිටින්..
ඒ ලමය මම දිහා බලලා ලාවට හිනා උනා. මමත් කටපුරා හිනා උනා ..
කාන්තාරේ නොවුනට මේ එදා යන එන පාරවල්වලත් පතොක් ගස් ඕන තරම් මුණ ගැහෙනවා. උන් තාම මලක් පිපෙන වස්සානයක් වෙනුවෙන් හුස්ම ගන්නව කාටවත් නෑහෙන්න.
මම පතොක් පැලෙත් අරන් කෝච්චියට ආවා .ජනේල අයිනෙ සීට් එකෙ හුලගත් එක්ක තාමත් රස්නෙ ගතිය තියෙන සමෝසා ටික ඉවර කරලා වතුර උගුරක් බීලා මම හැමදාම දාන නින්ද දැම්මා.
හතට විතර කට්ට කරුවලේ මම අද ගෙදර එනකොටත් අර කැබ් එක අඩිපාර ලග නවත්තලා තියෙනවා දැක්කම මගෙ ඇගේ මාලු මුහුදු හතේ නටන්න ගත්තා.
ඒ පාර මොන ඒසකමක්ද..?
අහපන්කෝ මටත් එක්කම කයි කතන්දර.
මම කේන්තියෙන් මූණ ඔරවන් යනකොට මුණසිංහයා ඉන්නව ඉස්තෝප්පුවෙ හිටගෙන.
අපේ එකීත් ඉන්නවා උළුවස්සට හේත්තු වෙලා අර මොකී ද වගේ.
මට අවුරුදු දහ අටක් ලැබුවට මොකට අපේ අම්මා තාමත් අවුරුදු 30 විතර පෙනුමක් තීන හතලිහෙ ගෑනියක් වෙනකොට..
තාමත් උන්දැට ඉණ ගාවට කූරු කූරු නූඩ්ල්ස් කොණ්ඩෙකුයි ගිටාර් ඉණකුයි
ඇත්දල පාට හමකුයී රතු රෝස පාට තොල් තියෙද්දි සමහර වෙලාවට පාරේ යද්දී ගොඩක් උන් හිතුවේ ඒ මගේ අක්කණ්ඩි කියලා.
අනේ ඉතින් අපිට ඔය හෙණ පත ඔක්කොම ගැහුවේ ඉතින් ඔය ලස්සනට තමයි .බාප්පටත් මාව ඇදට ගන්න හිතිලා තිබුනේ මම ගෑනු රූපයකට වඩා ලස්සන අම්මගෙම කපාපු පලුවක් වගේ කියල උන්දා කිව්වේ එක දවසක්.
මොනා නැතත් එදා මෙහෙ ඊශ්‍රායල පලස්තීන යුද්ධෙ වගේ..
මම මූණත් බුම්මගෙන ගෙදරට ගොඩ උනාම අංකල්කාරයා මට හිනාවක් දුන්නම මම කට කොණෙන් හිනා උනා කිව්වොත් වැරදි .
මම ඔරවලා බැලුවා..
මම හිතන් ඉදී යේ නයනා නංගි ට කෙල්ලෙකුත් ඇති කියලා.
අපේ නැන්දා මේ ගෙදර ඉන්න කාලෙවත් මෙච්චර ලස්සනට ගේ පිලිවෙලට තියන් ඉදල නෑනේ .
අනේ නෑ අයියේ ඔච්චර තමයි මට කියල..
ඒකට මොකො යස ඉලන්දාරියෙක් ඔය ඉන්නෙ ඔක්කොම මදි පාඩුවට ..
නංගි මමත් ගිහින් එන්නම් දන්නෙම නැතුව කලුවර වැටුනා ...
අම්මා සිරික්කියක් දාගෙන ඉන්න කොට මම පණ පිටින් කන බැල්මක් දාගෙන කාමරයට ගියා.
පලයන් පලයන් දෑසට නොපෙනී..
ආවා මෙතන තව ලමයි අහන්න.
ඇයි තව එකියක් ඉදියොත් හොර ගෑනීයෙකුයි ඒකීගේ කෙල්ලවයි දෙන්නම ඇදට පෙරලගන්න වෙන්නැති නාකියගෙ හිතේ ඇත්තේ .
මගේ වයසෙ ඉලන්දාරියෙකුයි තව ලොකු එකෙකුයි තියාගෙනත් මුන්ට බෑනේ පිට ගෑනුන්ගෙ රෙද්ද උස්සන්න යන්නැතුව ඉන්න ...
මට පට්ට කේන්ති අප්පා.
ඌ යස ඉලන්දාරියෙක් ඔය ඉන්නෙ ඔක්කොම මදි පාඩුවට කියල බර කරල කියද්දී මට උගෙ බෙල්ල කපන්න හිතුනා.
අපේ එකටත් ලැජ්ජාවක් නෑ අවුරුදු දහ අටක කොල්ලෙක් ඉද්දි පිට පිරිමි කලුවර වැටුනම ගෙට වද්දා ගන්නවනෙ.
ගමේ උන් ඊටපස්සේ කියයි මමත් පොන්නයෙක් වගේ ඉදියා හොර මිනිහෙක් ඇවිත් තමන්ගේ අම්මව බඩ කරලා යනකන් කියලා...
අම්මප මම මැරෙනව ලිදට හරි පැනලා
මට මේ හු$#$ල් ඉවස ගන්න බෑ අප්පා ..
මැරිල මැරිල ගෙදර එනවට වඩා සැපයි කෝච්ටියකට බෙල්ල තියන එක ..
කේන්තියෙන් ආපු මම බෑග් එකත් විසික් කරලා පතොක් පැලය මේස උඩින් තියල මම සපත්තු ගලවලා විසික් කරා .
මට කේන්ති ගියහම ඔක්කොම වැඩ වේගෙන් ඔටෝ වෙනවා.ඉතින් සමහර ඒවා ගුවන් ගත වෙනව
ඔය වෙලාවට තමයි අපේ අම්මා පටන් ගන්නෙ
ඇයි තොගෙ අප්පගෙ බඩුද පොලවේ ගහන්නෙ
බොට ගහනව මම අත පය ගැලවෙන්න..
වෙනදට ඔහොම පටන් අරන් පැය ගානක් බනින අම්මා මම බාත්රූම් එකෙ දොර හයියෙන් වහලත් මීක් නෑ ..
ශවර් එක යට ට ගිහින් ටිකක් වෙලා ගියහම මගේ කේන්තිය ගොඩක් දුරට අඩු උනා .
කේන්තියෙන් ප්‍රශ්න විසදන්න ගියොත් වෙන්නෙ තවත් කුණු කන්දල් ගොඩ ගැහෙන එක. මගේ කේන්තිය අඩු උනාට ප්‍රශ්නය එහෙමමයි.
ඇත්තටම මෙතන ප්‍රශ්නේ තියෙන්නෙ මේ ඉලව් නිසා කයි කතන්දර අහගෙන ගමේ කැලෑ පත්තර ගහගන්න වෙන එක ...
මුකුත් කියන්න බෑ ගේ අයිතිකාරයා කියලා..මට මුකුත් ම කියන්න බෑ අපේ අම්මා කිසිම දවසක මම කියන දෙයක් අහන්නැති නිසා. ඔවා කියල මට වෙන්නෙ අම්බානෙකට කන්න.
ඇත්තටම මට ඕන උනෙ මේ ප්‍රශ්නය විසද ගන්න.
ඒත් මට මෙලෝ දෙයක් කරගන්න බෑ ..
කොහොමත් මේ මාසෙට මාස හයකට සල්ලි දීලා තියෙන්නෙ. මම හිතන්නෑ ඔය කුණා ඔය සල්ලි ආයෙත් දේවී කියලා. ඉතින් කොහොම කරත් වෙන්නෙ මාස හයක් කට්ට කන එක ..
ගෙවල් හොයන එක ලේසී නෑ ...
මේකෙත් ඇවිල්ලත් මම සතියක් විතර ගේ අස් කරා .පරණ ගෙයක් නෙ ..
ඇතුලේ ටයිල් එහෙම අල්ලල බාත්රූම් තිබුනට පරණ පාටයි එලියෙන්.
කාමර තුනයි කුස්සියයි සාලයයි.
ඔය ටික නම් ඇති ..
ඊටවඩා ලොකු ගෙවල් අරන් අස් කරන්න දවසම යනව .
මේක ඔය මුණසිංහයගෙ නැදෑ කෙනෙක් ගෙ මහගෙදරක්ලුනෙ.
ඒ ගෙදර අයිතිකාරි මොකකින් හරි මළාට පස්සෙ මේක අයිති වෙලා තියෙන්නෙ මුණසිංහයට...
මහ ලොකුවට කිව්වෙ අස් පස් කරල පේන්ට් කරල මිදුල සුද්ධ කරල දෙන්නම් කියල. ඒ උනාට මාස හයක කී මනීත් අරගෙන කරල තිබුනේ වීදුරුව කැඩුන ජනෙලයක් හදපු එකයි උඩින් පල්ලෙන් වත්තට බෙහෙත් පාරක් ගහලා
උන්ගේ බඩු මුට්ටු පැත්තකට කරල තියපු එක විතරයි.මම ඇවිත් අතු ගාද්දි තමයි තේරුනේ මේක අවුරුදු හතකින්වත් කොස්සක් බීම වැදිලවත් නෑ කියලා..
පුදුම කට්ටක් කෑවේ ආපු දවස් වල
දැන් තමයි ටිකක් හරි ඉන්න පුලුවන් විදිහට තියෙන්නෙ. නැත්නම් අපාය වගේ තනිකරම..
ගේකට මාස හයකට ඇඩ්වාන්ස් දීලා ගේත් සුද්ධ කරන් ඉද්දි තව ගෙදර අයිති මිනිහත් ලගින්න එනකොට කේන්ති යන්නැද්ද අප්පා..
මම නාගෙන ටවල් එකත් ඇදන් කාමරයට ආවා.
මේසෙ උඩ ලොකු චොකලට් එකක් කැන්ඩෝස් එකෙ.
අප්පද බොල කාපු කාලයක් මතක නෑ
අතට ගත්ත ගමන් මම බැලුවේ ගාන
760ක් ...
පුහ් හාල් කිලෝ දෙකහමාරක් තුනක් ගත හැකි රනිලට පින් සිද්ධ වෙන්න.
අපේ ඇත්ති නම් මේක මට ගත්තා වෙන්න බෑ ඔච්චර ගානක් දීලා .
ෂුවර් එකට මුණසිංහයා ගෙනාපු එකක් වෙන්න ඕන .
මම එහෙම්ම ඒක බිස්කට් පෙට්ටියට දාලා ආවේ කවුරු දුන්නත් කෑමක් විසික් කරන්න හොද නැති නිසා.
ඕන මගුලක් කරගන්නව නැතැයි.
මුණසිංහ හිතුවද දන්නෑ මම මොන්ටිසෝරි එකෙක් කියල චොකලට් එකක් දීලා රවට්ටගන්න.
අපේ එකීත් ඇන්දිලා ඇති හොදට
මගේ කේන්තිය මටම පාලනය කරගන්න බෑ .
ඇයි යකෝ ප්‍රශ්න නැතුවට මේ .
ඊට වඩා දුක මට මුකුත් කරගන්න බැරි නිසා. හිරුක ගෙ කට වහන්න තිබුන මම ඉන්නෙ උගේ අප්පගෙ ගේක නේවෙනම් ඌ අල්ලේ නටවන ඉස්කෝලෙ ක නෙවෙ නම්.
මුණසිංහයට කෙල වන්න තිබුන මම ඉන්නෙ උගෙ ගෙදරක නෙවෙ නම්.
මම ඉදීයෙ කොල්ලෙක් විදිහට පට්ට අසරණ වෙලා ...
අද පාඩම් කරනවද නැද්ද කියලා හිත හිත ඉදලා ඔලුවත් රිදෙන නිසා මට බෑ කියල හිතුනා.
හෙට ඉස්කෝලෙ යන්න සපත්තු පොලිශ් කරල රෙදි මැදල මම ඇදට ආවේ බත්වත් නොකා ..
ගොඩක් වෙලාවට මම කේන්තිය පිට කරේ මගෙන් ම .එක්කෝ බිත්තියේ ඔලුව ගහගෙන.
නැත්නම් නොකා නොබී .
මොනා කරන්න ද මම කාගෙ පිටින් කේන්ති යවන්නද..
ඇදට පෙරලිලා මම පොඩ්ඩක් පෝන් එක ගත්තේ බුකිය පැත්තටවත් යන්න හිතාගෙන
ඒත් ඩේටා ඔන් කරා විතරයි msg notfi එකකට මම watsapp එකට ගියා.
අර unknown number එකෙන්..
msg එකක්.
සිගරට් එකක් නිසා හදා ගත්තු කතන්දර මදි නිසා ද බඩුවක් කරගහන්න හදන්නෙ ..?
මට එකපාරට මොලේ අඤ්ඤක්කා මඤ්ඤොක්කා උනා ඒක තේරුම් ගන්න බැරුව.
සිගරට් එක හරි කියමුකෝ.
මම කවද්ද යඛෝ බඩුවක් කරගහන්න ගත්තේ..
මට එකපාරට ම මතක් උනේ යුරේශව.
කවුරුහරි මම දිහා ඇලර්ට් එකෙ ඉදගෙන.අද දවසට මම යුරේශව තුන්පාරක් මීට් උනානේ .
ඉතින් යකෝ හරි වේස කතාවක් නෙ ඒක .ඒකී බඩුවක් වුනත් නොවුනත් මට මොකද .එදා අර ගබඩා කාමරේ දොර ඇරියේ නැත්නම් මට මොකක්ද වෙන්නෙ ..
මම කේන්තියෙන් තමුසෙ කවුද කියලා msg එකක් දැම්මා..
කරුමෙට ඒකා හෝ ඒකී ඔන්ලයින් නෑ.
හරි දෙක වැටෙනකල් බලන් ඉදපු මම අද රෑ ඔන්ලයින් එන පාටක් නැති නිසා එහෙම්මම පෝන් එක තියල නිදා ගත්තා...
පහුවදා ඇහරිලා මම සුපුරුදු තාලෙන් ඉස්කෝලෙ ගියා. හෙට නම් සෙනසුරාදා .පන්තිත් තීනව අප්පා මල කරුමේ..
මම මේ වෙනකන් අම්ම එක්ක වචනයක් කතා නොකරට මට ඉතින් උදේ මගේ ගෑස් ටැංකි හිල් කරගන්න උනා.
ඇයි ඉතින් පන්ති සල්ලි ඉල්ල ගන්න වුනා නේ.
පන්ති දෙකකට මම මගේ සල්ලි වලින් ගාණ ගෙව්වට තව දෙකක් ඉතුරු යි නෙ .
ඒ දෙකට සල්ලි ඉල්ල ගන්න වෙනව ඉතින්.
අද ලෝක පුදුමයක් වෙන්න මුකුත් සද්දයක් බද්දයක් නැතුව ඉල්ලපු සැණින් අම්මා සල්ලි දුන්නා ...
අද වහීද දන්නෙ නෑ..
මම අදත් ඉස්කෝලෙ ට යද්දී හිරුක නෑ .
වාසනාවන්...
වෙනදට වගේ මම බුදු පහන අස් කරලා මල් වට්ටියත් අරන් නා ගහ ලගට යද්දී යුරේශා ඉන්නවා තනියම අත්තක් අල්ලන්න උඩ පැන පැන...
good morning...
මම ඉතින් සිරික්කියක් දාලා good morning කිව්වම ඒකීගෙ මූණත් පසලොස්වක වෙලා වගේ එලිය වැටුනා .
good morning අනේ ..
මේ නා ගස් මෙච්චර උස යනවනෙ අප්පා ..
කොට උනාට නා ගහ පලි යැ ...
ඒක කිව්වම යුරේශා මං දිහා බලන් බොරු වට රවලා ආයෙත් හිනා උනා .
කොට ගෑනු ලමයි හුරතල්..
ඒකී ඒක කිව්වේ කටත් උල් කරගෙන පොඩි එකෙක් වගේ. ඇත්තටම ඒකී හුරතල් තමයි. සමහර වෙලාවට හේතුවක් නැතුව මුලු මූණ ම රතු වෙනවා.
අනේ දිගන්චියා වගේ ඉන්නැතුව මලක් කඩලා.......
ඒකී ඇදලා පැදලා කියද්දී මම මල් දෙකක් කඩලා දුන්නම මම හිතුවේ ඒකී යයි කියලා. මමත් මගේ වට්ටියට මලක් කඩන් එන්න හිතුවා.කෝකටත් කතන්දර අහගන්න ඕන නෑනෙ..
කොහෙ යන්නෙ...
පන්තියට ...
දැන්ම බෙල් ගහල නෑනේ .
පාඩම් වැඩ කරන්න තීනව නංගි..
ආ මේ ...
ඕ...කියන්න ..
මට ටිකක් science අමාරුයි. ඔයාට ටිකක් කියල දෙන්න පුලුවන් ද...
ආ හරි. ඕක මොකක්ද මම කියල දෙන්නම්.
මට ඔයාගේ number එක දෙන්නකෝ ..
ආ මම interval එකට දෙන්නම්. දැන් ඔයා යන්න..
ආ හරි බායි ...
bye ....
ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න තමයි ඉතින්. ඒත් ඒකීට උදව්වක් කරන්න හම්බ වුන එක හොදයි. නැත්නම් ණයක් වගේ නෙ එයා කරපු උදව්ව ..
මොනා කරන්න ද අගර දගර ඉවසන් ඉන්න වෙනවනෙ.
මම අඩිය ඉක්මන් කරල පන්තියට ගියේ ඇත්තටම ඊයේ රෑ මම පාඩම් කරෙත් නැතී නිසා. දඩ බඩ ගාලා බුදු පහන තියල මම පොත් ටිකත් වනාගෙන හෙමින් නෝට් ටික කියවන්න ගත්තා.
මම ඉදියේ ඉස්සරහ ම පේලියේ .
ඒත් එකටම කවුරුහරි මම දිහා බලන් ඉන්නව වගේ ජායාවෙන් වගේ දැක්කම මම ඔලුව හරවලා බැලුවා. දෙනුවන් අයියා ඉන්නවා.
මේකට මේ පන්තියේ කෙල්ලෙක් වත් ඉන්නවද දන්නෙ නෑ.
මට ඉතින් අහක බලා ගන්න බැරි කමට මම good morning කිව්වම ඌ ත් ඕනාවට එපාවට good morning කියලා අඩියක් දෙකක් ලගට ඇවිත් ඩෙස් එකට හේත්තු උනා ...
මල් කඩල කඩලා ඔලුව පුරවගත්තම ඔහොම නැහෙන්න වෙනව තමයි...
මම ඔලුව උස්සලා බැලුවේ මොකක් ද ඒ හරුපෙ කියල.
මොකක්..?
නෑ ඉතින් වටේ යන එකියක් එක්ක යාලු වුනහම ඒකීව පරිස්සම් කරන එක ඇර වෙන දෙයක් ඔලුවේ නෑනේ ...
මට දෙනුවන් අයියා එක්ක කේන්ති ගිහින් පුටුව ඇදලා හිටගත්තා ..
එතකොට තමුන් ද අර unknown number එක ...
මම එහෙම සැරෙන් අහද්දි දෙනුවන් අයියා බිම බලාගෙන මුකුත් නොකිය ඉදියා.
තමුන් කොහොමද දන්නෙ මම යාලුයි කියල .ඇරත් මොන අමාරුවක්ද ඔහේට .
මම ඒකෙන් ප්‍රයෝජන අරන් සද්දෙ දානකොට දෙනුවන් අයියටත් කේන්ති ගිහින් මගේ කොලර් එකෙන් අල්ලගෙන ඇස් වලට එබුනා.
උබේ කට හොදටම වැඩී නිදුක ...
ඇයි මොනා කරන්න ද. ඔච්චර අමාරු නම් තමන්ගේ තාත්තට කියපන්කො ගෑනු විතරක් ඉද්දි ගෙවල් අස්සෙ රිංගන්න එපා කියලා..
ඒක කිව්වම දෙනූවන් මගේ කොලර් එකෙන් අතහැරලා පුදුම වෙලා බලන් ඉදියා. ..
මොකක්....
මොකක් පකක් තමයි. ඒක අහගන්නවා තාත්තගෙන් ගිහින්. මට පාඩුවේ පාඩම් කරන්න දීලා ...
මම ආයෙත් පුටුවේ වාඩිවෙලා පොතට ඇස් දෙක දීලා කන් දෙක හොදට උරුක් කරන් අහන් ඉදියා ..
නිදුක....
ඒ ගමන මොකද ....
ඕක අපේ මල්ලි ට මොනම හේතුවක් මතවත් කියන්න තියා ගන්න එපා..
ම්ම්
□ good night cutie sweet dreams sleeps well
□vote and comment plz guys
□ ඊයේ දුන්නැත්තේ මට ටිකක් සනීප මදි අනේ ...
------------------------------------------
ලෝකෙට පේන්න වැඩක් කරන්න නම්
ලෝකෙට නොපෙනෙන වැඩ ගොඩක් කරන්න වෙනවා...
- jeenu dharmakeerthi
හදවතින් ම කරන ශිප් එක වෙල්කරු පොරෙවර්
😂😂🤣වෙල්ලාලgay .....
ඉක්මනට එන්නම් ලමයි
typing mistake ඇති හදාගෙන කියවන්න .අම්මා බෙහෙත් පෙති වගයක් දුන්නා පට්ට නිදිමතයි.
ඒකයි ඒඒඒඒඒඒ