නිදුක්

بواسطة ja-n-je23

74.2K 8.8K 1.5K

" නිදු උබ මට ආදරේ නොකරට කමක් නෑ.. මම උබට පණ ඇරලා ආදරෙයි...... උබට ප්‍රශ්නේ මම කොල්ලෙක් උනු එකනම් කමක් නෑ ..ඒ... المزيد

introduction
1st episode
episode 02
episode 03 ♡
episode 04 ♡
episode 05 ♡
episode 07
episode 08
episode 09
episode 10
episode 11
episode 12
episode 13
episode 14
episode 15
episode 16
episode 17
episode 18
episode 19
episode 20
episode 21
episode 22
episode 23
episode 24
episode 25
episode 26
episode 27
episode 28
episode 29
episode 30
episode 31
episode 32
last episode
කතු සටහන
special author note

episode 06

2.1K 275 69
بواسطة ja-n-je23

හද දිහා බලන් උන්න උන්ටත් අමාවක දවසක් එනවා.එතකොට තරු දිහා බලන් ඉන්න උන්ටත් වැහි වලා හරස් වෙනවා..
වස්සානය දිහා බලන් ඉන්න උන්ටත් නොදැනී සෘතු මාරු වෙනවා.
අද මැරෙයි හෙට මැරෙයි
කියලා බලන් ඉන්න මටත්.
..
.................................................

ආසාවෙන් ජීවත් වෙන්න දවසක් ඒවී ..
මම බලන් ඉන්නවා..

අම්මා හදල ගෙනත් තිබුන මැකරෝනී එකෙ ලීක්ස් කෑල්ලක් වත් ඉතුරු නොකර මම කෑවා ..
එක අතකින් බඩගිනි.අනික ඒක රහයි.
ආයෙත් ඉතින් කවදා හම්බ වෙයිද කවුද දන්නෙ. ඒක නිසා ලැබුන දවසෙ ඒක රසකරකර කනවා.

ඇගට මහන්සි වගේ තිබුනත් ඒ හින්දම ඇහි පිහාටු බර උනත් නින්ද කියන්නෙ බයෝ කරන එකෙක් ට හීනයක් ඉතින්.
මැරෙනවා නෙවෙයි බාගෙට මැරි මැරි ඉපදෙනව..
හෙට පන්තිත් එක්ක .ඉස්කෝලෙ ඇරිලා යන්නත් ඕන ..
ඒ ගමන් මතක් උනේ පන්තියේ එක දවසක් මිස් උනු නෝට් වගයක් තියෙනවා කියලා.
මම ඉතින් ඒක ලියන්න ගත්තා.
මේ ටිකේම ගොයම් කපලා අතේ කරගැට ඇවිත්. දියපට්ට නම් දැන් ටිකක් හොදයි. පෑන තදින් අල්ලන්න බෑ ඇගිලි පවා රිදෙනවා.
මම පුලුවන් උපරිම සැහැල්ලුවෙන් පෑන අල්ලන් සීගිරි කැටපත් පවුරේ අකුරින් මට විතරක් ගානට කියවන්න පුලුවන් තරමට නෝට් එක ලියන්න ගත්තා ..
ගෙදර මොන ප්‍රශ්න තිබුනත් ඒවා වලින් මගේ ඔලුවේ අංශුවක් නෑර පිරුනත් ඉගෙන ගන්න වෙලාවට මට ඒ ඔක්කොම අමතක කරන්න උනා ..
නැතුව මට මේ ගේම අදින්න බෑ ..
ඩොක්ටර් කෙනෙක් වෙන්න පුලුවන් වෙයිද කියලා මම දන්නෙ නෑ මම මේක තෝරාගත්තේ ඇයි කියලත් මම දන්නෙ නෑ. වෙන උන්ට වගේ මට මහලොකු target නෑ ...
මේ උන්දට වයසට ගිහින් ඉන්න ගෙයක් හදලා දීලා මැරුණත් සැපයි.කොච්චර ගැහුවා බැන්නා කියලා බත්පත අඩු කරේ නෑනේ .අවුරුදු දහ අටක් වෙනකන් ම ගගහා හරි හැදුවනෙ. කුණු ගොඩකට විසික් කරල ගියේ නෑනේ ..
අම්මා වෙනස් වෙනවනම් මම ඕන වෙලාවක රෙඩී හැමදෙයක් ම අමතක කරන්න. මොකද මට මගේ කියන්න ඉන්නෙ අම්මා විතරයි.
නෑයෙක් තියා වේයෙක්වත් නැති කොට සමහර වෙලාවට උන් නැති තරමටම ඇගට හොදයි කියලා මට හිතුනා ..
මට නම් දැන් නැති වෙන්න දේකුත් නෑ මැරෙන්න කලින් විදපු දුකට හරි යන්න සතුටක් සැනසීමක් ලැබිලා මැරෙනවනම් ඒ ඇති ...

පාඩම් කරන්න පොත අතට ගත්තට මට ලොකු වෙලාවක් එකදිගට පාඩම් කරන්න බෑ..පට්ට ඔලුව කැක්කුමක් හැදෙනවා නිකම් ඇසුත් මොකක් ද වෙලා .ඒ කියල අතාරින්නත් බෑනේ .
සිද්ධාලේප අයඩෙක්ස් බාම් තව එතකොට සිද්ධාර්ථ තෙල් තව මොනාද මන්දා තෙල් කුප්පිත් මගේ පාඩම් කරන මේසේ පැත්තකට වෙන්න අරක් ගෙන තියෙන්නෙ අවුරුදු ගානක් තිස්සේ...
මොනා කරන්න ද ඕවා පිට දාලා බෙහෙත් අහුරක් බීලා නිදා ගන්න තිබුනා මටත් හරි හමන් අප්පෙක් ඉදලා වැටිලා ඉන්න ගේ දොරක් එක්ක ඉඩමක් කඩමක් තිබුනා නම්..
දෙමාපියන්ගෙන් කියලා මෙලෝ දෙයක් නොලබා ඉන්න අපි වගේ නමට හරි කාලකන්නි හැම එකෙකුටම ආසාවට සැනසීමේ නින්දක් ගන්න එක හීනයක් ඉතින්. කවදහරි උන් ඔක්කෝටම අම්මට සිරි වෙන්න හරි යන්න ඕන ..

පාන්දර එක විතර වෙනකන් ගේම ඇදපු මම ආයෙත් පහට ඇහරෙන්න ඕන නිසා ඇදට පෙරලුනා .
අර යකාට පින් සිද්ධ වෙන්න තුවාල  තැලුම් ටික හොදයි. අනේ මන්ද ඉතින් උන්ම ගහලා උන්ම බෙහෙත් කරනව
කාට කියන්නද මෙව්වා ..

උදේ පාන්දර පහයි කාලට ඇහරැන මම දඩි බිඩි ගාලා ලෑස්ති උනා.
නිදිමත දෝරේ ගලනවා .
අවුලක් නෑ ලිදේ වතුර පට්ට කූල් නෙ
දෙපාරක් විතර මූණ හෝදනකොට නින්ද left . උදේ පාන්දර මීදුමයි හීතල හුලගයි එක්ක ආයෙත් ඉතින් නුවර එලිය වගේ තමයි..

අම්මා හදපු ගිලන්පස එක බුදුහාමුදුරුවන්ට පූජා කරලා
පහන පත්තු කරල මම එහෙම්ම තේ කහට එක අරන් කාමරයට ආවා .
මොන දේ නැතත් යම්තම් අවුරුදු හයේ ඉදන් ගෙදර බුදු පහන තිබ්බේ මම .
ඒ පිනෙන් හරි පෙර ආත්ම වල කරපු කරුම ගෙවෙනවා නැතැයි කියලා..

චොකලට් මාරියක් කාලා සීතලේ ගැහී ගැහී ඉන්න මට තේ කහට කෝප්පයක් ඉතින් මහමෙරක්. කොච්චර හොදට ඉදියත් උදේට කැස්සක් හචිම්  දෙක තුනක් යනවම තමයි ඉතින්.
මම ඉතින් බේබි ක්‍රීම් ටිකක් ගාගෙන ඇදුම් ඇදන් අතින් කොණ්ඩෙ එහාට මෙහාට කරලා හදා ගත්තා.
ඊටපස්සේ පොඩි හිනාවක් දාලා බලනව ලස්සනද කියල 
ලොකුකමට කියනව නෙවෙයි ඉතින් මම මෙච්චර කාලයකට දැකපු ලස්සනම හිනාව තිබුනෙත් මට .
කණ්ණාඩියෙන් පේන තරමට අවංක හිනාවක් කා ලගවත් නැති බව දැනෙන හින්දම මම මගේ පලවෙනි හිනාව දවසේ මුලින්ම දෙන්නෙ මටම .
ඒ මෙච්චර කාලයක් නොවිදිනා දුක් විදගෙන මැරී නොමැරී හුස්ම ගන්න හදවතට හැමදාම ගෙවන පොලියක් විදිහට...

හීතල හුලං එක්ක ගෙදරින් දොට්ට බැස්ස මම පොත් බෑගයත් උස්සන් අඩියට දෙකට පාරට ගියා ..
mood එක හොද වෙන තරමට හැමදේම හොදයි කියලා දැනෙනව.
බස් එකට ගොඩවෙලා මම අදත් කරේ මගෙම මනෝ ලෝකේ ගිලෙන එක .
මෙච්චර වෙලා මුකුත් නරකක් නොදැනුන මට ඉස්කෝලෙ ට හෝල්ට් දෙකක් ලං කරල මතක් උනේ සිගරට් සිද්ධිය ඉස්කෝලෙ එවුන් ට තාමත් මතකයිද උන් මොනා හිතනවද වගේ දේවල් මගේ ඔලුව ඇතුලේ සක්මන් කරන්න ගත්තා.
සමහර විට ඕකුන් ට ඕක අමතක ඇති.හැබැයි මාව දකිනකොට මතක් වෙයි .
මතක් උනා කියල ඉතින් මොනා කරන්න ද. ඕන මගුලක් වෙච්චදෙන් කියලා මම ගේට්ටුවෙන් ඇතුලට ගියා .
ගේට්ටුවෙන් ඇතුලට ආවහම පාර දෙපැත්තේ තියෙන්නෙ පිහිබියා ගස්..
උදේට මේක අතු ගාන කෙල්ලන්ට නම් මේ ගස් එක්ක බද්ධ වෛරයක් ඇති.
මොකද එක හුලගකින් පිණි ඉහිනවා වගේ කොල වැස්සක් ම වැටෙනවනෙ.
මොකක්ද හේතුවකට මට මතක් උනේ ගුරු ගීතයේ පොප්ලර් ගස්.
පොප්ලර් ගස් වගේ මේ පිහිබියා ගස් හෙවණෙ කීයක් මේ ඉස්කෝලෙ එන්න ඇතිද ...?
බාගදා   උන් බාගයක් ම දැන් මේ වෙනකොට මේ ඉස්කෝලෙ නෑ .ඒත් උන්ගෙ කවුරුත් නොදත් ආල කතන්දර වෙනත් දහසකුත් කතන්දර කාටත් හොරාට අහගෙන පිහිඹියා ගස් තාමත් ඉහල වැජබෙනවා...
මමවත් නොදැන කල්පනා සයුරක ගිලිලා උන්න මම අදත් බයෝ ලෑබ් එකට යන්න පඩිපෙල නැග්ගා..
අද සමහර විට හිරුක ඇති ..
අද නම් උන්ගේ සපත්තු පිහදන්න මගේ ලග ලේන්සුවක් නෑ .තීන එක එදා කාබාසිනියා කරානේ බල්ලා ..
අද ඉතින් පන්ති යන ගමන් පොඩි ලේන්සුවක් ගන්නවා.
ගෑනී වගේ මටත් ලේන්සුවක් ඕනමයි අප්පා .මේ දවස්වල කට්ට අව්ව
ඉහෙන් කනෙන් දාඩිය ට ඇගම තෙත් වෙනවා.

ලෝක පුදුමයක් වෙන්න අද හිරුකවත් උගේ ගෝලයෝ එකෙක් වත් නැතිකොට මම පන්තියටත් යන්න කලින් බෙල්ල දාලා බැලුවේ ඒකෙ ඉන්නවද කියලා
ඒකෙත් නෑ ..
මම ඉතින් හොද හුස්මක් අරන් පන්තියට ගියා.පන්තියේ උන් මම එන දිහා ඔලුව උස්සලා බලලා ආයෙත් උන්ගෙ වැඩ ...
සමහරු නෝට් ලියනවා. සමහරු පාඩම් කරනවා. ඉතින් එකෙක් දෙකෙක් බෑග් තියල ගිහින් එක්කෝ පිට්ටනියේ
නැත්නම් තමන්ගේ වෙන්ඩ wife සුදාම්මිලා බලන්න ...
අපිට නෑනේ ඔහොම අමාරු.
මම ඉතින් බුද්ධ පුත්‍රයා වගේ බුදු පහන අස් කරල මල් වට්ටියක් අර පොඩි උන්ගෙ පන්ති පැත්තට ගියේ මලක් දෙකක් කඩා ගන්න (බුදු පහනට)

මල් ඉතින් ගෙදරින් ගේන්න පුලුවන් වුනත්  බස් එකෙ   එද්දි මල් ටික සුප් වෙලා ජෙලි වෙලා වෙනම එකක් වෙනවනෙ. ඉතින් ඔන්න ඔහෙ පරවෙන මල් නේ මොකො දියමන්ති යැ
මම ඉස්කෝලෙ වත්තෙන්ම මල් කැඩුවා ඉතින්..

හත වසරේ උන්ගේ පන්ති පැත්තේ තියෙනවා නා ගහක්
මල් වරදින්නෑ. ඊටත් වඩා සුවද...
ටිකක් එහාට වෙන්න තියෙන නිසා කාටවත් එච්චර මීටර් නෑ ..
මම ඉතින් හැමදාම කඩන්නෙ ඔය මව් තමයි. මල් දෙකක් කඩා ගත්තත් වට්ටිය පිරෙනවා.
පට්ට සුවදයි ඉතින් පන්තිය...
මම අදත් උඩ පැනලා මල් තුනක් ම කඩා ගත්තා ...

අයියේ මලක් කඩලා....

මාව එකපාරටම ගැස්සුනේ යක්ශ පුලුටක් වත් නැති මේ පැත්තේ කටහඩක් ඇහු නම..
සාමාන්‍යයෙන් නා ගහ තියෙන්නෙ කැලේට වෙන්න. ඉස්කෝලේ මායිමේ.
එහා පැත්තේ කැලයක්.
පොඩි උන් ට මේ පැත්තට එන්න තහනම් ඕකුන් ඔය කැලේ ගිහින් මොනවහරි කරගත්තොත් කියල..
මම හැරිලා බැලුවම උස මහත කෙල්ලෙක්...
එක්කෝ දහයේ නැත්නම් එකොලහෙ..
හම්මට මේ කී නේද එදා ගබඩා කාමරේ දොර ඇරියේ .
හම්බ උනු එකත් හොදයි.
මම ඉතින් සිරික්කියක් දාලා මොකා දෙකා වගේ උඩ පැන පැන මල් දෙකක් කඩලා දුන්නා ..
කෙල්ලත් ඉතින් මාත් එක්ක හිනා වෙලා මල් දෙකටත් thank you කියල යන්න හදද්දි මම කතා කරා ..

නංගි මේ ඔයා නේද අර එදා පරණ ගබඩා කාමරේ....

හම්මට එතකොට ඒ හොල්මනක් නෙවෙයි ද ...

කෙල්ල අහපු එකට මට බකස් ගාලා හිනා ගියා ...උබ දොර  ඇරියේ නැත්නම් මටත් ඇත්තටම හොල්මන්කරන්න තිබුනා නම්කි..

නෑ නෑ ඒ මම...

ඔහ් මම එදා බය වෙලා දිව්වනෙ මූණවත් මතක තිබුන්නෑ අනේ
මම පන්සලෙන් පිරිත් නූලකුත් ගැට ගහ ගත්තා බය උනු පාරට..

ඒකී මට ඒකීගේ අතේ තිබුන අලුත් ම අලුත් පිරිත් නූලත් පෙන්නලා මහ හයියෙන් හිනා උනා ..
මටත් ඉතින් ඉබේම හිනා උනා ..

මොනා වුනත් thank you හොදේ එදා උදව්වට ...

ආ ඕක ගානක් නෑ ඒත් මේ එදා ඔයා ...

ආ ඒක වැඩක් නෑ.මම පොත් වගයක් ගන්න ඇවිත් කවුද විහිලුවට දොර වහලා ගිහින් නෙ..

අම්මෝ ඒවා මහ කැරී වැඩ අප්පා ..

මේකී නම් ෂුවර් එකට දහයේ නැත්නම් එකොලහෙ. නැත්නම් කොල්ලෙක් උනු
මම ලග ඇගට නොදැනී කුණුහරුප කියනවැ මෙහෙම..
මම ඉතින් මුකුත් නොකියා හිනා වෙලා එතනින් එන්න එද්දි ඒකී ආයෙත් කතා කරා ..

මේ අයියගෙ නම මොකක්ද..
මම යුරේශා..

අහ් මම නිදුක ...

බයෝ එකෙ නේ ..
මම 11 c පන්තියේ

අහ් ...

මම එතනින් වැඩිය ඉන්නැතුව ටක් ගාලා කැපුනා. කවුරුහරි දැක්කොත් ඒකීටත් ලෙඩක් මටත් ලෙඩක්. ටිකක් අගර දගර නැට්ටුක්කාරීයක් වගේ
මොනා වුනත් එදා කරපු උදව්ව මතක තියා ගන්න එපැයි .
මම පඩි පෙල ඉක්මනට නැග්ගා තව ටිකෙන් බෙල් ගහනවනෙ..
ඔන්න ඉන්නවා වසවර්ති මාරයා තනියම.
කොහෙද දන්නෑ දස බිම්බරක් මාර සේනාව ..
මම ඉතින් ඇස් පොට්ට එකා වගේ යන්න යද්දි මූ ඉතින් නැගලා වාඩි උන ඩෙස්ක් එකෙන් බැහැල නයි මුගටි බැල්මක් දාලා මගෙ ඉස්සරහින් හිටගත්තා ...

උපාසක මහත්තයා මලුත් කඩන් වෙන මලුත් කඩන් දැන් ද එන්නෙ ...?

මූ හිතන් ඉන්නෙ මල් ගස්වලට කකුල් ඇවිත් පඩිපෙල නැගලා ඇවිල්ලා මගේ ලගට ඇවිත් මලක් කඩා ගනින් කියනව කියල වෙන්නැති. කියන්න කට ආවත් මම කට වහගෙන හිමිච්චා වගේ ඉදියා .

මේ තමුසෙට අපේ අයියව හම්බ උනාද ..?

ආනේ මල්ලි බබාට මෙච්චර ඩෝන් ගිහින් තියෙන්නේ ඒකද කොහෙද .මම මුකුත් කිව්වේ නෑ සිගරට් එකක් බිව්වා කියල විතරයි කිව්වේ. ඇයි දොයියන් බයියන් වෙන්න ගුටි කාල හින්දද දන්නේ නෑ වෙනදගෙ රැස් විහිදෙන හිරු කිරණ ටික අද බස්සන් ඇවිත් ඉන්නෙ .මට ඉතින් කට කොණෙන් හිනාවක් ගියා ලාවට .

ඔව් ඇයි ...

ඔව් ඇයි අහන්නෙ තෝ ඔක්කොම දෙසා බෑවද කේලම් බල්ලා ..
තොට මම .....

ඒක කියලා හිරුක මගෙ කොලර් එකෙන් ඇදල ගත්තා විතරයි කේන්තියෙන් උන්න හිරුකගෙ මූණ දෙකයි පණහෙ කාසියක් වෙනකොට මම හැරිලා බැලුවම දෙනුවන් අයියා එනවා ..
ඌ එහෙමම මාව අතෑරියම නොවැටී බේරුනේ අනූනවයෙන් .පඩිපෙල ගැට්ටේ වැටුනා නම් ඔලුව පලල යනව..

මගෙ යකා අවුස්සගන්නැතුව දගලන්නැතුව මොකක්ද කියහන් නටන නාඩගම...

හිරුකයා මීක් නෑ බිම බලාගෙන තොල හපන් ඉන්නවා මොකා දෙකා වගේ..

කාපු කෑම මදි වගේ නම් කියනව.
මම හවසට එකක් ලෑස්ති කරල තියන්නම් ...

මොකද බලන් ඉන්නෙ. ප්‍රිෆෙක්ට් කෙනෙක් වුනේ නමටද..මෙතන මොන මගුලක් කරන්නැතුව යනවා මගෙන් උදේ පාන්දර මැරුම් නොකා ...

දෙනුවන් අයියගෙ ඇස් හීනී වෙලා තරහෙන් දිලිසෙනවා. මූණට අබ අහුරක් විසික් කරොත් පට පට ගාලා පුපුරනවා. මට පේන විදිහට හිරුකයා කාලා වගේ හොද ලන්ච් ඩිනර් ඔක්කෝටම හරි යන්න. හිරුකයා මං දිහා රවලා බලන ගමන් පඩි පෙල බැහැලා ගියේ දෙනුවන් අයියා දිහා දෙතුන් පාරක් හැරි හැරි බල බල ...

මම ඉතින් මල් වට්ටියක් අතේ තියාගෙන මට වඩා ඩිංගක් උසට ඉන්න සෝස මල වගේ ඉන්න මනුස්සයා දිහා බලන් ඉදී යේ මාර පුත්‍රයා ගියාට මාර පුත්‍රයාගේ අර්ධ දේව අර්ධ යක්ශ සහෝදරයා බයෝ එකට ආවේ මොකටද බලන්න ..

ආයෙත් සැර කරන් ආවොත් පිට්ටු ගිලල වගේ ඉන්නැතුව බනිනවා.
මොකද උගුරේ මකුල් දැල් ද ..?

මේකා මටත් යක්ශ පාර්ට් දානකොට
මමත් ඉතින් හිරුකයා වගේ ම බිම බලන් ඉදියා. මූ කිව්වට බැනලා ඉස්කෝලෙනුයි ගෙදරිනුයි දොට්ට දැම්මම මම උඩ බලන් ඉන්නයැ...

දෙනුවන් අයියා එකපාරටම ලගට ආවා.
මම මල් වට්ටියත් තවත් හිරට ඇගට ම තුරුල් කර ගත්තා.
මට එක එල්ලේ ඇස් දිහා බලන්න මොකක්ද වගේ උනත් මට ඒ ඇස් දිහා බලන්න ම හිතුනා ...
ටිකක් වෙලා දෙන්නට දෙන්නා ඇස් බලන් ඉද්දි එකපාරටම දෙනුවන් අයියා මගේ පොඩි උන කොලර් එක හරි ගස්සලා යන්න ගියා ..

ඒ මනුස්සයා යන්න ගියත් මම එතනම ටිකක් වෙලා ඉදියේ ශොක් වෙලා වගේ.
ඊටපස්සේ මම පන්තියට ගිහින් සුපුරුදු තාලෙන් දවස වැඩ කරා .
වෙනදට interval එකට නොවරදවා එන මාර සේනාවේ මාර පුත්‍රයා අද ආවේ නෑ .
ඒකත් හොදයි.
මම කොච්චර ඉස්කෝලෙ තනි වෙලාද කියනවා නම් වෙන උන් බත් එකක් ලිහලා ඒකට දහයක් විතර පොරකද්දි
මම මගේ බත් එක තනියෙම පාඩුවේ කෑවා .
ලොකු දුකක් නැතත් මට දැන් මේ ජීවිතේ ඔක්කොම හුරු වෙලා ..
එක අතකට මෙහෙම හොදයි. ඔහොම කාලා බඩ පිරෙන්නෙත් නෑ
ගෙදර ගිහිනුත් සමහර දාට මම රෑට කන්නෙත් නෑ .
ඉතින් දවසටම එකපාරක් කාලා බඩගින්නේ ඉන්න දවස් ඕන තරම් තියෙනවා. ඒ කන එකත් ඉතින් හරියට ඇගට පත්තියන් වෙන්න කන්න එපායැ..

මම ඉතින් කෑම කාලා අත හෝද ගන්න පහලට ගියා .අපේ ටැප් තියෙන්නෙ කැන්ටිම ලගනෙ. මම ඉතින් හිතුන දාට ඔය වඩයක් දෙකක් කනවා ඉතින්. ඒකත් ඉතින් පට්ට සුවදයි නෙ ..
සුවදට කට තියන් ඉන්නත් බෑ ..
අදත් ඉතින් අත හෝදලා ඉවර වුනහම මම සාක්කුවට ඉබේම අත ගියේ කීයක් හරි අරන් වඩයක් දෙකක් කන්න .

හැබැයි මම කැන්ටිමට යන්න කලින් වඩේ එකක් හම්බ උනා ..

ඒ යුරේශගෙන්...

කොහේදෝ ඉදලා යුරේශා මාව දැකලා අයියේ ගාගෙන ඇවිත් වඩයක් දික් කරා ..

කන්න අනේ ..මම මොකුත් දාලා නෑ ඕකට ...

තෑන්ක් යූ ආආ ..

මම ඉතින් හිනාවක් දාගෙන වඩේ කෑල්ලකුත් කඩ කඩ කකා පන්තියට ආවා ...
කෑම කෑවම පට්ට නිදිමතයි .general english පීරියඩ් එක ඉගෙනගත්තට වඩා මම කරේ නිදා ගත්තු එක ..

ඇයි ඉතින් දැන් 1.30 ඇරැනු ගමන් 1.40 ට එන කලුතර බස් එකට නැගලා පන්ති යන්න ඕන ..
පන්ති ඇරිලා ගෙදර එනකොට හත අට වෙනවා. ඊටපස්සේ නාලා කාලා බීලා ඉස්කෝලෙ වැඩ කරලා පාඩම් කරලා නිදා ගනිද්දි හොද ගණන්.
ඊට පහුවදාටත් ඉස්කෝලෙ එන්න ඔලුව කෙලින් තියා ගන්න එපැයි..

වෙලාව ගියේ මටවත් නොදැනී වෙනකොට .
1.25  බෙල් එක ගහලා    ඡත්ත මානවක ගාථා ඇහෙන කොට මම බෑග් එක හදන් පඩිපෙල ගාවටත් ඇවිත්.
නැත්නම් බස් එක අල්ලන්න බෑනේ .
ඕකේ ඉතින් පොල් පටවලා වගේ.
කෝමහරි මමත් දුවලා ගිහින් එල්ලුනා.
තව හෝල්ට් පහක් හයක් යද්දී සෙනග අඩුයි...
ඉස්කෝලෙ මිස්ලා ලමයි තමයි බාගෙට බාගයක්.

මගේ luck එකටම ද කොහෙද සීට් එකක් හම්බ උනා ...
එතන ඉදපු මිස් හෝල්ට් එකෙන් බැහැලා ගියහම මම ඔලුව තියන් ජනේලෙට හේත්තු උනේ නින්දක් දාන්න ..

ඔන්න එතකොට ම කෙල්ලෙක් ඇවිත් අයියා ගාගෙන වාඩි උනේ නැතැයි.
මාව උඩ ගැස්සිලා ඇහරැනේ..

බලද්දි යුරේශා.
දැන් ඉතින් නිදාගෙන ඉවරයි. කට කතුර වගේ. බස් එකෙ මිනිස්සුත් බලනවා.
මේකී කියවනව කියවනව ඉවරයක් නෑ ...

කෝමහරි මේකී බැස්සමත් මගේ කන් දෙක දෝංකාර දෙනවා.
මොනා වුනත් ඉක්මනට පිට් වෙනවා. මට අල්ලන් නැත්තේ ඕවර් ඇක්ටින් මල කෝලම් බෝල සබන්.
මොනා කරන්න ද කතා කරන එකා එක්ක කතා කරන්න එපැයි...

♡ මොකො හිතෙන්නෙ යුරේශා නම්කි ගැන



















♡next episode coming soon friends

♡vote and comment plz guys

ඉක්මනට එන්නම් ලමයි .

මං ඔයාලගෙ ජැන්ජේ ..

ආ හැපි හැපි හැපීඊඊඊ සිග්නල් ඩේඒඒඒ
(මහලොකුවට සත්‍ය ප්‍රේමය ගැන ලිව්වෙ තාම තනි කඩයක් තියෙන මම )

👉👈😁😁😁😁

واصل القراءة

ستعجبك أيضاً

93.3K 9.1K 52
ගලනා ගංගාවො.. නිහඩව මුහුදු ගියෝ.. හැබැහින් පෙම් බැන්දො.. සසරේ එක්වූවෝ.... . . . . දෑගිලි පටලන් අත් අල්ලා.. හමුවෙමු හැම ආත්මයේ...
48.2K 6K 28
කුලදාරීන්ගේ නම්බුකාර ජීවිත රග මඩල
1.4K 128 13
මගේ අදුර එළිය කල සූර්යා ඔබයි 🌞
139K 18.4K 55
ඔබේ සිනා ලග නෙත නැවතුන දා...... ඔබේ කතා ලග සිත නැවතුන දා..... ප්‍රේමය හැදින්නෙමි.....❤️💚 🔞 Zhanyi