EVENING PRIMROSE | COMPLETE

By loffee_ee

47.4K 5.2K 1.7K

ආදරේ හිතුණා ... මුල්ම වතාවට ...ඒ යාලුවෙක් විදිහටවත් සහෝදරයෙක් විදිහටවත් නෙවෙයි.. "අභිශේක්" "ඒ පාර ඇයි" "නිකන... More

🧁
01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58 (අවසානයට)

40

582 69 33
By loffee_ee

ක්ලාස් ඉවර වෙලා අපි  අකිත් ශෝට් කට් එකකින් දාලා පයින්ම ගෙදර ගියපු නිසා අපි තුන් දෙනා ඇවිත් ක්ලොක් ටවර් එක ලඟ අද්දන බස් එකක් ඉල්ලුනා . අපි ටික දුරක් ගිහින් බහින නිසා  දොර ළඟම හිටගෙන හිටියේ.මොන ගාය තිබ්බත් මං නඟින්නේ තුනේ සීට් බස් වලට අඩුම සීට් එකට හේත්තු වෙන්න හරි පුලුවන් ඕවගෙ විතරයි. අම්මටසිරි වෙන්න කච්චේරිය ළඟින් ඔෆිස් සෙට් එක නැග්ගම මට  නිකන්ම මිහිදුම් දිහා  බැලුනා. හරියට නිකන් දිගනට යන අන්තිම බස් එක වගේ ඔක්කොම ඇවිත් මේකේ එල්ලුනා.

"ඔය කොල්ලො දෙන්න. අලු ෂ'ට් එක පොඩ්ඩක් ඉස්සරහට යන්න මල්ලිලා"

ඇන්ටි කෙනෙක් ලිප්ස්ටික් රිත්තකුත් උලාගෙන අපි ළඟ ඉන්නවා දැකලා කොන්දොස්තර අයියා කෑගැහුවා.පොර නිකන් එළුවො ගාල් කරනවා  වගේ මේකට කට්ටිය පටවන්නේ .ඇතුළේ ඉන්න උන්ට ඉඩවත් නැති එකේ තව ලෝඩ් කරනවා.

"ආන්ටි අපි කටුගස්තොටින් බහිනවා. ඔයා ඉස්සරහට යන්න" 

මම කට ඇරගෙන කොන්ද දිහා බලාගෙන ඉන්නකොට මිහිදුම් ඉස්සරහට වෙලා  ගෑණුකෙනාට යන්න දුන්න. මිහිදුම්ට ඔෆිස් අංකල් කෙනෙක් සෙට් වෙලා ඒ අංකල් බස් එකේ සෙනඟට බනින එකට හිනා වෙවී හූමිටි තියනවත් එක්ක. මම අත දාලා මිහිදුම්ව මගෙ පිටිපස්සට ඇදගෙන එයාට හේත්තු වුණා.දැන් නම් කකුලක් ඉස්සුවොත් දිගටම යන්න වෙන්නේ තනිකකුලෙන් වගේ සෙනඟ.

 මට තිබ්බ තරහට බහිනකොට හිටපු ඔක්කොම චප්ප කරගෙන ඇවිත් බැස්සා. මිහිදුම් මගෙ ස්පෝට්ස් බෑග් එකත් අරගෙන ආවේ.මං අතවන වනා එනකොට අම්මා පාරදිගේ  ඉස්සරහට එනවා.

"පුතාලා ..මහන්සි පාටයි අනේ.. යෝ ඇලෙනවා මූණත් එක්ක.මං කියන්න ඉන්න දේ කියලා බැනුම් අහගන්න වෙයිද මන්දා"

"මහන්සි තමා  අප්ප.මොකද්ද කියන්න ගියේ.කොහෙද මේ රෑ වෙලා යන්නේ මෝහිනී ට රඟපාන්නවත් එන්න කිව්වද සුදු මැණිකට"

"ඔව් නේ.අප්පච්චිට මාව එපා වෙලා..මං කියන්න ගියේ.අද හිදු කොල්ලගෙ ගෙදර ඉන්න බැරිද දෙන්නට. අප්පච්චිට ගිහින් දාන්න කියන්නම් .තව රෑ වෙලා යන්න"

"අහ්...පුලුවන්..හෙටත් ක්ලාස් අම්මා උදේ"

"ක්ලාස් යන්න . ඔයාලා හිටියට වැඩක් නැ නේ. අප්පච්චිලා එහේ වැඩ ගැන බලනවා..ක්ලාස් ගිහින් ඔක්කොමලම එක්ක එහෙට එන්න.ශෙහාන්ගෙ අම්මත් එනව නෙ."

"හරී"

"ඔයාලා කාල යන්න එහෙනම් .මොකෝ මේ වැඩකාරයා වෙලා" මං හිනා වෙලා  බෑග් එක අරගත්තා.අම්මා මිහිදුම්ගේ කොන්ඩෙ අවුස්සලා හිනා වුනා.

 "අ..අම්මා..අපි ගිහින් කන්නද. ටිකක් රෑ වෙනකල් පාඩම් කරන්න ඉන්න හින්දා දැන් කෑවොත් බඩගිනි එයි" ඒක අමූලික මුසාවක්. මට දැනුත් යකෙක් කන්න බැඩගිනි.

"එහෙනම් තේ එකක් බීල යන්න.කොකිස් තියෙනවා මෙහෙ. දෙන්න පාඩම්ම කරයි ගිහින්.මේ මනුස්සයගෙ ඇස් වල නිදිමත බේරෙනවා.දැන් මම කීල්ස් එකට ගිහින් බඩු වගයක් ගන්න තියෙනවා  ඒ ටික අරගෙන අප්පච්චිට කෝල් එකක් දෙනව එන්න කියලා.ඒත් එක්ක එන්න එහෙනම්. පුංචි ඉන්නවා ගෙදර "

"හා. හා..පරිස්සමෙන් යන්නෝනෙ එපාරෙ දකුනින්" අම්මා මගෙත් කට මිරිකලා බෑග් එකකුත් අරගෙන චූටි කොන්ඩෙ වන වනා ගියා. මං මිහිදුම්ට ඇහැක් ගහලා දුවගෙනම ගෙදරට ආවා.

තේ හදනකල් මිහිදුම් හෙට ක්ලාස් එකට යන්න පොතුයි, අද රෑ කරන්න මොනවදෝ නෝට්ස් ටිකකුයි, තව හෙට අදින්න ඇඳමුයි ගත්තා.

"රෑට අදින්නෙ නැද්ද ඒයි"

"ඕන් නෑ"

"හා.. යන් තේ බොන්න. මං ගිහින්ම නානවා අප්පා.මගේ යටිකය තැම්බිලා තැම්බිලා මට කියන්නෙම ආයෙ හෙට වෙනකල් මොකූත් අදින්න එපා කියලා."

මිහිදුමා ඇහෙන්නේ නෑ වගේ  එයා පොත් දාපු බෑග් එක අරගෙන පහළට ගියාම මාත් ඇඳුම් බෑග් එක අරගෙන ගියා. පුංචිගෙ පොඩි ඇටයා පුංචිගෙ කරේම නිදි කියලා එයාව උස්සගෙන පුංචි උඩට ආවා. අපි එයා හදලා තිබුන තේ බීලා සෙටියට වෙලා හාන්සි වෙලා හිටියා අම්මා කෝල් කරනකල්. මිහිදුම් අප්පච්චි එක්ක මොනවදෝ කියෙව්ව මම නම් පාඩුවේ පීනන මාලු ටැංකිය දිහා අද මාලුවෝ දැක්ක එකා වගේ බලාගෙන හිටියා. හැබැයි ඔය මාලු දිහා බලාගෙන හිටියම මනස සැහැල්ලු වෙනවලු. අප්පච්චි තමා ටැංකියේ සම්පූර්ණ වගකීම බාරගෙන කටයුතු කරන්නේ.

 අම්මා කෝල් එකක් දුන්නම අප්පච්චි එක්ක මිහිදුම් ගෙ ගෙදර ආවා. මට නිකන් අලුත හදපු ගෙදරට ආව අලුත බැඳපු ජෝඩුව වගේ.ඒත් මගෙ බඩ නම් බඩගින්නක් නැතුව කෑගහනවා, නිකන් පොඩි යුද්ධයක් වගේ. මිහිදුම් මුලු ගේම ඇවිදලා කාමරේට ආවා. 

"යකෝ රස්නේ."

"ඔය ජනේලේ අරින්න. එහා පැත්තේ කවුරුත් නෑනේ" 

මං ජනේල අරින්න කලින් බොටම ගලවලා විසික්කරා. සාමාන්‍යයෙන් ඉස්කෝලේ ෂට් එකක් දිගට තියෙන නිසා ටයි ශෝට් එකත් ගලවලා දාලා ජනේලේ ඇරියා .රෑ නිසා ද මන්දා ගෙදර අමුත්තකුත් දැනෙනවා. මම මේ රෑකට ඉන්න එන්නේ සෑහෙන කාලෙකින්. මේක ඉතින් පාරෙන් උඩට වෙන්න තියෙන උස තැනක ගෙයක් නිසා එන හුළඟත් සීතලයි. අපෙ කාමරේ නේ කවදහරි.

මං ජනේලේ ඇරලා සුමුදු සුලං අරන් කාමරේට එනකොට මිහිදුම් පොත් ටිකක් මේසෙට දාලා. ගහන්න හිතුනා පුටුවෙන් . මං ගිහින් මේසෙට හේත්තු වුණා, පිටිපස්සෙන් ගිහින් බදාගන්න බෑ බෑ වගේ හිතුණා. 

"ඇඟ හෝදගෙන එන්න.ආහ්.. ටබ් එකත් මේකේ තියෙන්නේ.සීතල වතුරෙන් ඇඟ හෝදගෙන එන්න ගිහින්"

"ගේ වෙනස් කරාද නිකන් අමුතුයි වගේ"

"ඔව් ටිකක්"

පස්සේ හැඩ බලන්නම් කියලා මං පොඩි ශෝටකුයි ආම් කට් එකකුයි අරගෙන බාතෲම් එකට ගියා. ඒකෙ එක පැත්තක බාගයක් ග්ලාස් එකක් තියෙනවා .ඒකේ ළඟට ටැබ් එක දාලා .ටැබ් එක තිබුනේ අම්මලාගේ කාමරේ.ඔය ජනේලෙන් ගුහාගොඩ කුනුකන්දත් පේනවා . ඒත් පට්ට විව් එකක්. හැබැයි ඇරගෙන නෑවොත් ඈත පේන අපාට්මන්ට් එකේ අයටත් පට්ට විව් එක. මම ලයිට් එක ඕෆ් කරලා ඇඳුම් ගලවලා හිටපු තැනම බිමට දාලා ටබ් එකට වතුර පිරෙව්වා.පායගෙන එන හඳ එලිය වැටෙනවා ඇතුළට.

"මේ.. සිද්දාලේප එකක් නැද්ද."

"ඇයි"

"ටබ් එකට දාන්න. "

"හම්බුනොත් මටත් දීපන් .මේ රෙදි ඇහුලල කොන්ද රිදෙනවා. බලනවා දොර ළඟ ඉදලා රෙදි , මේස් දෙක තැන් දෙකක සපත්තු තව කොහෙවත්, කලි.."

මං හයියෙන් සිංදුවක් කිව්වා. මිහිදුම් කට වහගත්තද කොහෙදෝ. වතුර පිරුණම මං ටබ් එකට බැහැලා ශේප් එකේ ග්ලාස් එකට දාලා තියෙන කවර් එක ඈත් කරා. පට්ටම පට්ට....ඈත ගෙවල් වලයි ටවුන් එකෙයි ලයිට්ස් යායට පේනවා. අර අපාට්මන්ට් එකෙත් තැන් තැන් වල ලයිට්ස් දාලා. කුරුණෑගල පාරෙ එහෙ මෙහෙ යන වාහන පවා පේනවා. මං නිකට ටබ් එකේ සයිඩ් එකක තියාගෙන ඔහේ බලාගෙන හිටියා... සනීපයි වගේ..දවල් කාගෙන හිටිය සේරම දේවල් නිකන්ම ඇරිලා යනවා වගේ..නින්ද යාගෙන නොයාගෙන එනව වුණත් මං ඔහේම හිටියා....

"චෙනෙත්.."

"....චෙනත්... නැගිටින්න"

"ම්ම්"

"ඔයා වතුරෙ ඉන්නේ.පැය බාගයක් විතර.සද්ද නැති නිසා ආවෙ මං"

"ම්ම්"

"නැගිටලා  හෝදගෙන එන්න....කො.. "

මිහිදුම් මගෙ අතකින් අල්ලලා හොලවව්ව.එතකොට තමා මට හරි සිහිය ආවේ. ඒත් එක්කම මට එතනින් පනින්න බිමට හිතුණා.

"හා හා..ඔයා යන්න" 

මං හැරෙන්නේ නැතුවම කියලා දැම්මම නිදාගන්න එපා කියලා මිහිදුම් නැගිටලා ගියා.මං නිදාගෙන හිටියේ  එයාට පිටිපස්ස හරවලා. ටබ් එකෙන් එකක් පිරිච්ච ලැජ්ජාවෙන් මං ඇඟ හෝදන් එළියට ආවා.

"මේ එදා ගත්ත මුරුක්කු මල්ල අද වෙනකන් බෑග් එකේ.ඒක වත් සිහියක් නෑ"

"ඒකනේ අනේ..එහෙම තමා පාඩම් කරන ළමයින්ට.කන්න සිහිය නෑ බොන්න සිහිය නෑ. නාන්න..හෑපෝ සිහිය ඇත්තෙම නෑ "

"කියවන්න නම් පුලුවන්"

"කාල ඉමු ඒයි .මට බඩගිනි"

 "කාලා නිදාගන්න. හෙට හතට ක්ලාස් නිසා උදේම නැගිටින්න ඕනේ"

"හුටා..උදේට කන්නේ මොනවද"

"අම්මලා එනවා උදේ අනේ"

"කීයටද"

"අපි යන්න කලින් එයි"

"එතන්කොට මං දැන් කාපු ගමන් නිදා ගන්නවද"

"ඔව්" 

මට නිකන් ලොකු වීදුරුවකට පත ගලක් ගහලා කඩලා දැම්මා වගේ එකක් මැවිලා බොදවෙලා ගියා.දවල් නම් ඇඳ මැවි මැවී තිබුන වුණාට දැන් නම් ඇඳ පෙනි පෙනි නිදාගන්න බෑවගේ. මිහිදුම් නැගිටලා අල්මාරියෙන් මොකක් හරි ඇඳුමක් අරගෙන බාතෲම් එකට ගියා. 

රටේ නැති පච කියව කියවා මිහිදුම් එක්ක මම එක බත් පත ගිලලා දැම්මා.මට හිතාගන්න බෑ ඔය වගේ කතාවල එකක් ඉවර වෙනකොට අනික කටට එන්නේ කොහොමද කියලා. මිහිදුම්ට උනත් කියන්න දේවල් තියෙනවා. කවදාවත් ඉවර වෙන්නේ නැති කතා එව්වා නම්. මට කලින් මිහිදුම් කාලා ඉවර වෙලා අතහෝදන්න ගියා.මං අත හෝදගෙන එනකොට එයා කෑමමේසේ පුටුවේ වාඩි වෙලා ෆෝන් එක කනවා. මං ගිහින් කකුල් දෙක දෙපැත්තට දාලා වාඩි වුනා.මිහිදුම් එහෙමම ෆෝන් එක කට් කරලා මාව තුරුල් කරගෙන උරහිසෙන් ඔලුව තියාගත්තා.

මොක වුනත් හෙට එයාගේ නංගිගේ උපන් දිනේ නේ..

"ඔයා පාඩම් කරනවද"

"ටිකක් හරි කරන්න ඕනේ"

"මං නිදාගන්න ඕනෙද "

"ඔව් නිදාගන්න .බැරිනම් පාඩම් කරන්න" මිහිදුම් ඒක කටින් කිව්වට හිතේ තියෙන්නේවෙන එකක් කියලා එයාගේ මූණෙන් හොඳටම පේනවා.ඒ නැතත් එයාගේ හිනාව..මීට කලින් කවදාවත් මං ඉස්සරහ දාපු නැති එකක් වෙලා...

"ඒත් තනියම නින්ද යන් නෑ නේ"

"සූප්පුවක් ඕනෙද බබාට"

"දෙනවනම් මනාපයි.හැබැයි නැචුරල් එකක්"

මං හිදුගෙ තොල් වලින් හාද්දක් තිබ්බා. එයා මාව පොඩි ළමයෙක් වඩා ගන්නවා වගේ උස්සගෙන නැගිට්ටා. හැබයි මට ලැජ්ජා හිතුනා.සාලෙ ලයිට් එකත් මම ඕෆ් කරගෙන එනකොට මිහිදුම් කාමරේ ලයිට්ස් දාන්නේ නැතුවම දොර ලොක් කරලා මාව ඇඳට දැම්මා.

"නිදාගන්න මං එන්නම්"

"ඔයා පාඩම් කරන්නේ නැද්ද"

"අදට ඕනෙ නෑ"

එයා ගිහින් ආයෙම ලයිට්ස් දාලා බෑග් දෙක හැදුවා. මෙහෙම අතට පයට වැඩ කරල දෙනවනම් ඉතිම් මම පැනලා යන්නත් එනවා.

ලයිට්ස් ඕෆ් කරලා ඇවිත් එයා මගෙ ඉන දෙපැත්තෙන් කකුල් දාලා වාඩි වෙලා බෙල්ලෙන් හාද්දක් තිබ්බා. හදවත කෙසේ වෙතත් බඩ නම් පැලෙන්න වගේ.එයා අනිත් පැත්තටත් හාද්දක් තියලා මගෙ එහා පැත්තට ඇවිත් හාන්සි වුණා. ලයිට්ස් නැති නිසා නොපෙනුණාට මගෙ කන් වලින් දුම් දාන්න තරම් රත් වෙලා රතු වෙලා ඇත්තේ.

"කට විතරයි බොගේ"පොළව පලාහෙන යමපල්ලා බලලා ආයෙම උඩට එන්න හිතුනා මට. මිහිදුම් මාව එයාගේ තුරුලට අරගත්තා.ඒ අරගෙන ඇස් උඩින් හාද්දක් තිබ්බා.

"නිදිමතද"

"නෑ.."

"ඔව් පොතක් දැක්කම නේ නිදිමත... පොඩි කාලේ ඔයාට නින්ද යන විදිහ මතකද"

"නිකන්ම නින්ද යනවා "

"නෑ..සූප්පුවක් දුන්නම.... හරි ගොන් පාටයි. සූප්පුවක් කටේ ගහගෙන මොන්ටිසෝරි ගිහින් ඇවිල්ලත් නිදාගත්තා"

"ම්ම්ම්..එහෙමද..දැන් ඇයි ඒක"

"මේ කාමරේ නේ ඒ"

"එහෙනම් අද නිදාගන්න සූප්පුවක් දෙනවද ඉතිම්"

"නෑ නේ මං එච්චර සොෆ්ට් ඇන්ඩ් ස්මූත් නෑ"

"ආ ඒකට කමක් නෑ." කියලා තත්පරයක් ගියේ නෑ,මිහිදුම් මගෙ තොල් වලට ආවා.

"ලිංගික අල්ලස් දිදී නිදි කරවන්න මගෙ කොහෙවත් කහන්නෑ"

එයා ආයෙම කරේ විහිලුවක් උනත්, ලාවට පේන එයාගෙ ඇස් ලස්සන වෙලා. අමුතු කතාවක් කියනවා වගේ.මම අහක බලාගත්තා.ඔය මායම් වලට රැවටුනොත් හෙට ක්ලාස් යන්න වෙන්නේ නොන්ඩි ගහ ගහා.

"මෙහාට එන්න.අද බය වෙන්න දෙයක් නෑනේ"

"ජනේලේ.. එලාම් එක තියන්න ඔයාගෙ ෆෝන් එක දෙන්න මගෙ එක පේන්න නෑ"

"ජනේලෙන් කවුරුත් පනින්නේ නෑ.රස්නෙයි නේ ඔහොම තිබ්බ දෙන්. ඔයාගේ ෆෝන් එක චාජර් එකේ" මං ඇඳේම තිබුන ෆෝන් එක අරගත්තෙ එලාම් එක තියන්න.

"අහ්..ඒ..මේ"

මිහිදුම් මගෙ කම්බුලකට හාද්දක් තියලා අතක් බඩ වටේ දාගත්තා.එයාගෙ ෆෝන් එකේ ලොක් ස්ක්‍රීන් එකේ හිටියේ කලින් මං ටබ් එකේ නිදාගෙන හිටිය එක.ඒ ඉන්නේ මං කියලා කියන්න බෑ .ඒත් මං එතන හිටිය එකා නිසා මං දන්නවා  ඒ මං කියලා. ලා නිල් පාට බැක්ග්‍රවුඩ් එකේ ටබ් එකේ දිග පැත්තේ දාරෙක ඔලුව තියාගෙන  නිදාගෙන ඉන්න කොල්ලෙක් ඉන්න ඇනිමේ එකක් වගේ ඒක.  මං ගැලරියට ගිහින් එයා ගත්ත ෆොටෝස් බැලුව.අරක විතරයි හැබැයි.එලාම් එක තියලා මං පෙරළිලා මිහිදුම්ව බාගයක් යට කරගත්තා. එයා ළඟ දැන් සීතලයි .එයා මාව තුරුල් කරගත්තා.පුළුවන් තරමක් තුරුල් කරගත්තා.

කසාද සහතිකෙන් අයිතිකාරකම දුන්නම විදින උණුහුම කිසිම සහතිකයක්වත් හෙටත් ගැන සිතුවිල්ලක් වත් නැතුව මෙහෙම යාවෙලා තියෙනකොට මට නිකමට හිතුනා පිරිමිම හිත් ළඟ රාගය හරි නිදහස් කියලා.සමහරවිට ගෑනු පවුකාර ඇති. ඕනෙම වෙලාවක තුරුල් වෙලා ඉන්න නැති වෙනකොට උන් සාප කරනවා ඇති ගෑනියෙක් උන එකට.

"මං සැර වෙන්නද"

"ම්ම්..ඕනෙ දෙයක්"

මං මිහිදුම්ගේ යටි තොල අල්ලගත්තා. මගේ මූණ ඒ මූණ එක්කම පොඩි හිඩැස් හදාගෙන ළං වෙලා තියෙනකොට මට කියාගන්න බැරි හැඟීමක් හිතට ආවා.මිහිදුම් එයාගෙ නහයෙන් මට කිති කැව්වා.පස්සේ මට ඕනෙ දෙයක් කරගන්න කියලා අතෑරියා. පොඩි එකෙක් සූප්පු උරනවා වගේ මං කොච්චර වෙලා මිහිදුම්ගේ තොල්වල එල්ලිලා හිටියද දන් නෑ.....මට නින්දෙන් දැනුනා මිහිදුම් දුන්න තෙත නළල් හාද්දක්.


පුරුදු උදේ පුරුදුම කෙනා එක්ක උනත් මට නුපුරුදු තැනක් කියලා තේරෙන්න ඇස් ඇරලා ටික වෙලා වක් ගියා.අනික එලාම් එක..මට එලාම් එක ඇහුනේ නෑ.වෙනදට කියන 'නැගිටින්න' කියන සුබ වචන සෙට් එකත් නෑ. මං නිදාගෙන ඉන්නකොට මිහිදුම් මගේ මුලු මූණටම හාදු තිබ්බා. මම බයවෙලා වගේ නැගිට්ටේ.පස්සේ අත් දෙකෙන් ම තුරුල් කරගෙන බෙල්ලට හාදු තියාගෙන තියාගෙන ගියා.මාව එයා මුළු ඇඳේම කැරකුවාද මන්දා.

"නැගිටින්න.අම්මලා එයි නේ.මූණ හෝදගෙන වෙන ඇඳුමක් දාගන්න.එක්කෝ ක්ලාස් යන්නම ලෑස්ති වෙන්න."

"ම්ම් ම්ම්.." 

මං ඇඳලා හිටිය ශෝට සාමාන්‍යයෙන් ගෙදරට අදින එකකට වඩා  කොට එකක් .මෙහෙ තියෙන්නේ එහෙම කොට කෑලි.ඇත්තටම මේක ගෙදරට ඇඳගෙන ඉන්න බැරි අපි ශ්‍රී ලංකාවේ ඉන්න නිසා.ඒත් දැනෙන සැහැල්ලුව දන්නේ ඇදපුවම.

අම්මලා ආවම කාලා එහෙමම ඉක්මනට ක්ලාස් එකට ආවා. ක්ලාස් එකෙන් පස්සේ නංගිගෙයි අම්මලාගෙයි සොහොනට යන්න ඕනේ නිසා මිහිදුම් පුංචි මල් පොකුරු ටිකක් එක්ක චොකලට් බොක්ස් එකක් ගත්තා. කලින් වගේම මං එයාට ඉන්න දීලා පහළට වෙලා හිටියා. මට බයයි , අඩන්න ඉන්න මනුස්සයට ඇහැට ඇන්නා වගේ මිහිදුම් ව මොකක් හරි වෙලා දවසක පුපුරලා යාවි කියලා.එයා පොඩි කාලේ ඇඬුවට පස්සේ තවම අඩලා නෑ.මං කියන්නේ හොරෙන්වත්.

"යමු..."

"ම්ම්" මං මිහිදුම්ගෙ කරට අත දාගත්තා.

"ශෙහාන් ලා හෝල්ට් එකේ ඉන්නවා යමු එතනට"

අපි සොහොන ළඟ ඉදලා පයින්ම හෝල්‍ට් එකට ආවා. එතන ඉදලා බස් එකේ මහයියාවෙන් බැහැලා ඔක්කොම එක්ක ගෙදර එනකොට පහත් පහුවෙලා. ඔක්කෝටම හොඳටම මහන්සි.අපි යනකොට පිරිත් කොටුව ගහලා හැමදේම ලෑස්ති කරලා.අපෙ පැත්තෙන් පුංචි හිටියා.ඒ ඇරෙන්න වෙන කිසිම නෑඳෑයෙක් හිටියේ නෑනේ.ඔක්කොම අම්මලාගෙයි මිහිදුම්ගේ අම්මතාත්තලාගේ ළඟම යාලුවෝ.පොඩි ළමයිත් ඇවිත් හිටියා.සේරම බරටම වැඩ.අපි සමහර අයට වැදලා කාමරේට ආවා. ආව ගමන් ඔක්කොම ඇඳට වැටුනා..

 මං මිහිදුම්ගේ ඔලුව හෙමින් අත ගෑවා. එයාට ලාවට නින්ද යාගෙන එනවා.

"ඇඟ වත් හෝඳගමු බන්.එතන්කොට මහන්සිය අඩු වෙනවා." 

"එක එකා ගියොත් හය පහුවෙනකන් හෝද හෝද ඉන්න වෙයි."

"ඔව් බන්.උඹලා දෙන්න හෝදගෙන වරෙන් ගිහින් අරූ නිද්ද"

"අභිශේක්"

"ඒක පට්ට බන්.මාත් කෙල්ලට දෙවෙනි නම කියනවා."

"උඹ දෙවෙනි එක කියන්න එපා ඒක අපි කියනවා." මහන්සියෙන් උනත් ශෙහානයට මනුත් දුන්න උත්තරේට අපිට හිනා ගියා. මං මිහිදුම්ගේ කවුද කියලා එයාලට අමුතුවෙන් කිව්වේ නෑ. නදිව් නිසා මිහිදුම් මට  දේවල් කියන්න කලින් ඒ කට්ටිය දැනගෙන හිටියා.

" යන්.." මිහිදුම් ඇස් ඇරලා ආයෙම වහගත්තා. 

" මනුත් උඹලා හෝදගෙන වරෙන් . මම නිදාගෙන නැගිටින්නම්.මේ කබඩ් එකෙන් ඕනෙ ඒව ගන්න."

එයාට තව ටිකක් නිදාගන්න ඕනේ කිව්ව නිසා අනිත් තුන් දෙනා ඇඟහෝදගන්න ගියා.

"මට ඉන්න හිතුනා යන්නේ නැතුව තුරුලේ ඔයාගේ ඔය දිස්නේ වදින ලස්සන පොඩි ඇස් දෙක මාගේ"මං මිහිදුම්ගේ ඇස් වලින් පොඩි හාද්දක් තිබ්බ.එයා මාව කරකවලා එහා පැත්තට දැම්මා.

"සෙල්ලමටම හිත ඔබගෙ මෙල්ල කරන්න. "

"මට පුලුවනි මගෙ Nowty එපා රන්ඩු කරන්න" 

"ගැස්සෙන මගෙ ඉග අතර ඩිස්කො නටන්න... ඔබ එනවද මගෙ පාලු කතරෙ තනිය මකන්න"

එයා එහෙම කියාගෙන මගෙ කම්බුලට හාද්දක් දෙන්න ගියත් මං හැරුණ නිසා ඒක වැදුනේ මගෙ නහයට.පස්සේ එයා නහය යන්තන් හැපලා  දැම්මා.

"ඉඹින්නයි හපන්නයි කන්නයි ඔයාට මාව සමෝසා එකක් වගේ පේනවද ඒයි."

එයා යන්තන් හිනා වෙලා නළලට හාද්දක් තියලා මගේ ඔලුවට එයාගෙ නිකට තියාගත්තා.

"අර ඩේසි මල් ලස්සනයි නේ...මට නම පැටලිලා තිබුනේ.. ඔව්ව කානේශන් කියල හිතුවේ ඩේසි කියන්නේ ටියුලිප් කියලා හිතාගෙන හිටියේ.අද ඒ පොකුරම ලස්සනයි නේ. අනික මලත් බිත්තරයක් වගේ" 

මං තනියම කියවලා තියෙන්නෙ. මිහිදුම්ට ඒ තත්පරේට නින්ද ගිහින්.අරගොල්ලො නානවට වඩා බෙහිහන්දෙනවද කොහෙදෝ. ඒත් එක්කම දොරට කවුරු හරි තට්ටු කරා. 

"මං සිසී"

"අහ් එන්න.. "

 "මේ ඔයාලට මේ ටික දෙන්න කිව්වා අම්මා"

"තියන්න.අර ගොල්ලො නානවා. මොනවද බූන්දිද"

"ඔව්..එව්ව පට්ට රසයි ශෙහාන් අයියගේ අම්මගෙනාවේ."

"ම්ම්"

"මෙහ්"

"දොර වහන්න"

"මේවා ඉස්කෝලේ ලොක්කෙන්ගෙ රහස් නේද .මං කොච්චර වටිනවද බලන්නකො..ගෙවීමක් වත් කරන්න බැරිද" සිසී ගිහින් කාමරේ දොර වහන ගමන් කිව්වා.

"බැහ්"

"ඔයා බැහ් ගෑවට මේ සත්තරන් අයියා දෙනවා"

"ඉතින් ඉල්ලගන්න නැගිට්ටම"

"අපි ඔට්ටුවක් ඇල්ලුවා.ඔයා ඒක දන් නෑ නේ ඒයි..ඊයා හලෝ ඔබ නොදනී මුලු ලොවම දනී වගේ ඔයත්. මේ පොඩි මට තේරුන එක ඔයාට තේරුනේ නෑ නේ අම්මපා"

"මොකද්ද ඔට්ටුව"

"ඒකට කලින් කියන්නකො ඔයාගේ ක්‍රශ් එක කවුද කියලා. මෙයා බෑ බෑ කිව්වේ ඔයාට ක්‍රශ් එකක් ඉන්න නිසානේ"

"ඒක වැඩක් නෑ නේ දැන් .ඔට්ටුව මොකද්ද"

"ඔයා එක පයින් කැමති වෙනවා කියලා. මම ඔට්ටුව දිනුවා.ඉතින් මගෙ අපෙ සුදු අයියා බීටී21 ගේ ටාටා ගෙ කොට්ටේ අරන් දුන්නා"

"යකෝ..මොකද්ද හලො උඹ නම්.මනුස්සයා පවු උඹේ" 

" ඒක මං මගෙ මනුස්සය එක්ක බලාගනම් හරිද. ඔයා මෙන්න මේ බූල්දි කෑල්ලක් කටේ දාගෙන සුදු අයියගේ කටේ තියන්න..මං යනවා.මං හොයාගන්නම්කො ක්‍රශ් එක ඔයාගේ." 

"එකට එකට එතිලා තියෙන ලොකුම බූන්දි එක අරගෙන එන්න"

"ඔයා නිදි නැද්ද"

"උඹලට තියෙන්නෙ හරි හෙමින් කතාවල් නේ, කන ළග බෙරිහන්දෙනකොට නිදි තියා මැරිලා හිටියත් ඇහැරෙයි"

මං ආඩත්තඩ කම් සියල්ල දරාගෙන බූන්දී කෑලි දෙකක් අරගෙන ආවා.එව්වගෙ මිහිදුම් කිව්ව ඒවා නෑ. සිසී කිව්ව දේ කරන්නත් බෑ. මිහිදුම් කියන්නේ සිරිමත් ට රඟපාපු කොල්ලා නේ.අනික සිසී මං අර ආදරේ කරායි කිව්ව කෙල්ලමද.මම ඒකිව දැලේ දාගන්න බැරුව ඉන්නකොට ඒකි මේක එක්ක මාව සෙට් කරලා.හිනා වෙන්න දෙයක් නෙවෙයි. මං එකක් මගෙ කටේ තියාගෙන අනික මිහිදුම්ට දුන්නා.ඒත් එයා කෑවේ මගෙ කටේ තිබුන එක...මං හිතන්නේ සිරිමත්ගේ ටෙස්ටෙස්ටරෝන් වැඩිවෙලා යනවද කොහෙදෝ.මං ඇසුත් ලොකු කරන් බලන් ඉද්දි අරුන් තුන් දෙනා එළියට ආවා.

"අපි නැති අතරේ උඹලා වින්දනයක් ගත්තද.දැන් ඇතුළට පල.මොක හරි කරගෙන විනාඩි දහයෙන් වර.අඩේ බූන්දි" 

මනුතයාගෙ හැකර කට එක්ක ඇදුමක් ඇදගෙන ඉන්න බැරි නිසා මම කෙලින්ම බාතෲම් එකට පැනගත්තා.ඒකට අවේ ඇයි..මට එලියට යන්න ඕනේ..මූ එක්ක නාන්න බෑ.ඉස්සර පුලුවන් දැන් බෑ.ඊයෙත් ලාවට කර වුණා.පිට පිට මෙහෙම කරන්න බෑ.

"ම්ම්.."

මම නිකන් මොකාද එකා වගෙ බාතෲම් එක මැද හිටගෙන හිටියා, මිහිදුම් ලයිට්ස් ඕෆ් කරා.

"දැන් හරි නේ.මට ඔයාව පේන්නේ නෑ.ඇනගන්නේ නැතුව හෝදගන්න.අම්මලා කතා කරොත් එහෙම"

මට මනුස්සයව පේනවා හැබැයි ඉතින් ලාවට. එයා ෂට් එකයි ඩෙනිම් එකයි ගලවලා දාලා ෂවර් එක ළඟට ආවා.මාත් ටයිශෝට් එක පිටින් ෂවර් එක අතට ගත්තා. කිසිම කලබලයක් නැතුව වෙනදට වඩා ඉක්මනට මම ඇඟ හෝදගෙන ටවල් එක ඇදගෙන එළියට ආවා. මිහිදුම් බාතෲම් එකේ වතුර අයින් කරලම එලියට ආවා. ඒ එනකොට අනිත් අය හිටිය නැති නිසා මම ඉක්මනට ඇදගෙන එලියට ආවා.හාට් එක නම් දාහට ගැහෙනවා.ඒක හරි වදයක් නේ.අපි දන්නේ නැති අය වගේ. මං අහලා තියෙනේ ආදරේ කරපු දෙන්නෙක්ට යාලුවෝ වගේ ඉන්න බෑ කියලා විතරයි,යාලුවෝ ආදරවන්තයෝ වෙලා ඉන්න සිද්දි ඕනෙ තරම් ලෝකේ තියෙනවා.

පිරිත ගිහි පිරිතක් නිසා පිරිත් කියන්න ආව කට්ටිය දැනටමත් ඇවිල්ලා පිරිත් කොටුව ළඟ පොඩි පොඩි වැඩ කර කර හිටියේ. පිරිත පැය දෙකක් වගේ තියේවි කියලා මිහිදුම් කිව්වා.ගෙදර වෙනස් කරල වුණාට දැන් සාලෙ බඩු අයින් කරලා නිසා මොකුත් හිතාගන්න බෑ. අපි පිරිත් කියන්න වාඩි වුනාම පිරිත් නූලක් අපෙ වටේ යැව්වා. මීට කලින් පුංචිලාගේ ගෙදර ලොකු අත්ත නැති වෙලා අවුරුදු 10 ක් වෙනකොට පිරිතක් කිව්වා ඒක ඇරෙන්න දන්න කියන කෙනෙක්ගෙ පිරිතකට සම්බන්ධ වෙලා නෑ. අපෙ ගෙදර හදපු අලුත පිරිත් කිව්වලු මට ඒක එච්චර මතක නෑ.සිසීගේ ගෙදර කිරිඅම්මා දානයක් තිබුනා. අපේ නංගි අසනීප වෙලා ඉන්න කාලෙට මාලිගාවට කිරිඅම්මා දානයක් දුන්නා.ආයේ අපෙ අම්මගෙ අම්මගේ ඒ කියන්නේ මාතලේ අත්තම්ම්ගේ සහෝදර සහෝදරියෝ එකතු වෙලා මැයි පළවෙනිදට මාලිගාවේ දානේ දෙනවා.ඒකට මම පොඩි කාලේ නම් අප්‍රේල් තිස් වෙනිද හවස මාලිගාවට ගිහින් ගිලන්පස පූජාව කරල එදා රෑ මාලිගාවෙ ඉදලා පහුවදා උදේ දානේ දීලා තමා ගෙදර ආවේ.දැන් අම්මා යනවා නංගි එක්ක. අපි යැවෙන්නේ නෑ.අනික පොඩි කාලේ මම නම් ගියේ කන්න,අයියලා එහෙමත් හිටියා දැන් ඒ ගොල්ලෝ සීසීකඩ කවුරුත් එන්නේ නෑ.

පිරිත් ඉවර වුණාම ඇවිල්ලා හිටිය අයට කෑමවේලක් දුන්නා. අපිම උයාගෙන අපිම කෑව වගේ ඉතින්.සේරම එකතු වෙලා කරපු වැඩක් නේ.නෑදෑයෝ ආවනම් දාහක් ඇද හොයයි, මිහිදුම්ට නෑදෑයෝ නෑ..එහෙම වුනේ එයා අපිත් එක්ක ඉන්න තෝරගත්ත නිසා කියලා මට අම්මා කිව්වා. මේ ගෙදර ,මේ ඉඩම, අම්මලා ගියපු වාහනේ වගේම අම්මගෙයි තාත්තගෙයි ජීවිත රක්ෂණය මේ සේරගෙම තනි අයිතිය තියෙන්නේ මිහිදුම්ට. සමහර විට ඒදේවල් නිසා මෙයාව හදාගන්න නෑදෑයෝ බාරගන්නම් කිව්වද කියලා කියන්නත් බැ.කොහොමහරි මිහිදුම් මං එක්ක ඉන්නම් කිව්ව නිසා ඒ කවුරුත් ආයෙ මෙයා ගැන හොයන්නේ නෑ. 

ඒ නඩුව හෙන ලොකු එකක් අනිත් එක...නඩුව ඇදිලා ගියේ රියදුරා මත්පැන් පානය කරලා හිටියා කියලා. ඒකෙන් එයාට අවුරුදු තිහක සිරදඩුවමක් විතරයි නියම වෙන්න තිබුනේ. ඒ මනුස්සයා වයස හතළිහක විතර කෙනෙක් කියලා මං දැකල තිබුනා. පස්සේ මට ටීවි එකේ දැක්කා ජීවිතාන්‍තය දක්වා හිර දඩුවම් දෙන්න පුලුවන් හිතලා කරපු මිනීමැරුමක් නම් කියලා. ඒ කාලෙ හැටිය මිහිදුම් මං එක්ක බොරු සාක්ශි දුන්න.ඒ කෙනා වාහනේ පහළට ඇඳගෙන ඇවිත් තව පාරක් හිතලම හප්පලා තමා පෙරලුනේ කියලා. මිහිදුම් ඇසින් දුටු සාක්ශි දුන්න එකම කෙනා නිසා නඩුකාරයට ඒක පිලිගන්න සිද්ද වුණා. ඒක මිහිදුම්ට කරන්න බැරි වුණා..ඒක නිසා එයා උසාවියට ගිහින් ඇඩුවා.අඩන්නේ ඇයි කියලා අහනකොට මං අපි හදපු පචේ ඇත්ත වගේ කිව්වා...නඩුව සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා වැරදිකාරයට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම වුනා.

අපි දෙන්න විතරක්ම සහ විත්තිකාරයා විතරක් දන්න දෙයක් ඒක...

අපෙ අප්පච්චි මිහිදුම්ට වියදම් කරන්නේ මට වියදම් කරනවා වගේ.කොටින්ම එයාගෙ විවාසවන්ත ලොකුපුතා වගේ.

කාලා බීලා කට්ටිය සාලෙට වෙලා වාඩි වෙලා කතා කර කර හිටියා. පිරිත් කොටුව දැන්ම ගලවන්නේ නැති එකේ ඉතුරු වෙලා තිබුනේ කුස්සිය අස් කරන එක විතරයි.පිරිත් කියන්න ආපු අයත් ගිහින් දාලා අප්පච්චිත් ඇවිත් හිටියේ. මම මහන්සි කියලා එක්ස්කියුස් කරල කාමරේට ආවා. ටිකකින් මිහිදුම් එනවා කියලා මං දන්න නිසා ඒක කරේ.එතන හැමෝගෙම අම්මලා තාත්තලා හිටියේ. මොනවා වුනත් මිහිදුම්ට එළියට දාගන්න බැරි දුකක් හිතේ ඇති කියලා මට හිතුණා. මම අම්මා එක්කවත් හුරතල් වෙන එක නතර වුනේ මිහිදුම් එහෙම හුරතල් වෙන්න යන්නේ නෑ කියලා තේරුන කාලෙමයි, මම වුනත් යාලුවෙක්ගේ අම්මා කෙනෙක් ළඟ අම්මගෙ ළග වගේ හුරතල් වෙන්නේ නෑ නේ.

"මහන්සි ද..නිදාගන්න.අද කොහොමත් පාඩම් කරන්න බෑ. හෙට දවල් දානේ නේ පන්සලට ගිහින් දෙන්නේ අපිට උදේ නැගිටින්න ඕනේ නෑ"

"මහන්සි නම් තමා.ඒත් එන්න ඇඳට..දැන්ම නිදාගන්න බෑ"

"අද මේකේ අර කට්ටියම නිදාගයි.."

"ඔව් නේ..එයාලා යන්නේ නෑ . ඔයා ඉන්නවට ආස නැද්ද"

"නෑ එහෙම එකක් නෑ.මේකෙ පස් දෙනාටම නිදාගන්න වෙන්නේ හරහට" මිහිදුම් ජනේලේ ඇරලා ඇවිත් ඇඳේ වාඩි වුනා.

"ඕනේ නෑ..කෙලින් නිදාගමු" මං කිව්වේ සුදු ඇඳුම පිටින්ම ඇඳේ හාන්සි වෙලා..එයත් හාන්සි වුනා.

".....හැබැයි රස්නෙයි නේ කමක් නෑ.ෆෑන්..ඒ..කවද්ද මේකට ඒසි එකක් හයි කරේ"

"ම්ම් කවද්ද මන්දා ... "

"තව එව්ව හයි කරාද මට වෙනස් වගේ හිතුනා නේ"

"අස්කරාම බලන්න"

"ඈ..ඇත්තටමද ඇයි ඒ වෙනස් කරේ"

මිහිදුම් මගේ පැත්තට හැරිලා මගෙ නළලේ කොන්ඩේ උඩට කරා. එහෙම කරාම වෙන මොකෙක් හරි දැක්කොත් අහයි'මේ කවුද මේ. චෙනෙත් මේ ඔයාද ' කියලා. මටම පේනවා මං හරි වෙනස් වෙනවා කියලා.

"එහෙම කොන්ඩෙ උඩට කරාම ලස්සනයි.ඒක නිසා එහෙම කරන්න එපා... මට වෙනස් කරන්න හිතුනා. අනික අම්මලා හම්බකරපු සල්ලි ඕනෑවට වඩා තියෙනවා.."

"ඔයාට හිතෙන්නේ නැද්ද ඒවා පින් වැඩකට වගේ යොදවන්න"

"මේ පිරිත් කියන එක කරේ එහෙම එකකින්"

"අහන්නකො..මෙහෙමත් හිතන්න කො..දැන් අම්මලා ඔය සල්ලි එකතු කරේ ඔයාලටනේ .ඉතින් ඔයා ඒව පාවිච්චි කරන්න ඒකෙන් එයාලට සතුටු හිතෙවි..ඔයා වැරැදි වැඩවලට නෙවෙයි නේ ගන්නේ.අපිට පුලුවන් අම්මලාගේ කාර් එක ගන්න.ඒව එයාල සතුටින් හම්බ කරේ ඔයාලටනේ...ම්ම්...දැන් අවුරුදු දහයක් ගිහින් නේද. එයාලා කොහේ හරි ඉපදිලා ඇති. මං අහලා තියෙනවා අපි අපි ළඟ නැති කෙනෙක්ට පිං අනුමෝදන් කරනකොට එයා වෙන ආත්මෙට ඉපදිලා නම් ඒ පින අපිට සිදු වෙන එකක් කියලා.මං හිතන්නේ එයාලා ඉපදිලා ඇති දැන්."

"මාත් අහල තියෙනවා ඒක..ඔයා සතුටු වෙනව නේද එයාලා කොහෙමහරි ඉපදුන එකට"

"ඔයා නේද කියලා කටටම උත්තරේ දුන්නම මට නෑ කියන්න බෑ නේ..මට සතුටුයි .. එයාලා ඉපදිලා ඇති දැනටමත්." මං මිහිදුම්ගෙ නළලට හාදුවක් දුන්නා..පරිස්සමේ හාදුව. මං ආදරෙයි ඒ දරාගැන්මට...

"ස්තූතියි පුංචි දෙමලිච්චෝ..මට පාලු හිතෙනේ නැතිව කච කච ගගා මදුරුවෙක් වගේ වටේ කැරකෙනවට"

"ඔයාගේ වටේ කැරකෙන මදුරුවෝ......."

"....කච කච ගාන්නෑ..එතන මං සත්තු දෙන්නෙක් කිව්වා."

"ඔයා පාඩම් කරන්න එපා ඒයි.දැනටමත් පිස්සු..ඒ සත්තු දෙන්නා කොහොමටවත් ගැලපෙන්නේ නා.. "

" දෙමලිච්චා කියෙව්වට , මදුරුවානෙ බන් වටේම කැරකෙන්නේ"

"හෑපෝ හරි හරි..දාර්ශනික අභිශේක්"

"ඇඳුම මාරු කරගෙන මූණ හෝදන් එන්න.දැන් නිදාගන්න එයි නේ කට්ටිය"මං ඇඳෙන් නැගිටලා පොඩි ශෝටක් එක්ක ආමි කට් එකක් ගත්තා. මිහිදුම් ඒක අරගෙන අල්මාරියට ඔබලා බොටම් එකක් එක්ක ෂට් එකක් දුන්නා.

"තම්බලා මරන්නද යන්නේ"

"තම්බලා ගිලින්න.මේක ඇදපන් නැත්තම් ගෙදර පලයන්"

"මේකගේ සැර.."

මං ආයෙම ඇඟ හේදුවා.

'රාගය තවම නෑ'...ඒ වචන මට සැරෙන් සැරේට මතක් වෙනවා...රාගය එකතු වුනාම මට දරාගන්න බැරිවෙයිදෝ හිතෙනවා.

"නානවද"

"නෑ නෑ.එනවා"

මම බොටමටයි ෂට් එකයි විතරක් දාගෙන එළියට ආවේ.සිවිල් පිට නිසා දැන් ඇඳේ කොණක් අල්ලගෙන සැතපෙන්න ඕනේ. මොකෙක් වත් මාව අල්ලන්න එන්නේ නෑනේ වැදුනොත් මිසක්.එහා පැත්තට මිහිදුම් ආවත් පොර වැරඳිලාවත් මගේ වැදෙන්නෙවත් නෑ. හැබයි මෙහෙම වෙලාවල් වලට අම්මා කතා කරන්න තියෙන ඉඩ වැඩී. 





__________________

Thank You and See You

කියන්න දේවල් ටිකක් තියේ අනේ..මං A/N එකක් දාන්නද කියලා හිත හිත ඉන්නේ.ටිකක් ලොකු නිවුස් එකක්

Continue Reading

You'll Also Like

145K 3.6K 21
Lexi Reynolds has had a pretty simple, straight forward life. Her mother died in a car accident, but her loving dad takes care of Lexi and her two li...
5.4K 381 19
නවත්තපන් ෂේද්...... දීපන් මට ඕක...... මැරෙන්නද බ%ලෝ හදන්නේ මෙච්චර මේ ජරාව බීලා..ඩොක්ටර් කියපු දේ මතක නැද්ද ?? කාලකණ්ණියා...... " "මට දී......පන් ඕ...
9.1K 451 21
ធ្លាប់តែជាមនុស្សមិនដែលស្គាល់គ្នាតែបែរជាមកត្រូវធ្វើជាដៃគូរ Assignment លើសពីនឹងថែមជាក្លាយជា Roommate នឹងគ្នារហូតដល់រយះពេល3ខែ។ តើពួកគេរស់នៅជាមួយគ្នាយ៉ាង...
2.4M 142K 46
"You all must have heard that a ray of light is definitely visible in the darkness which takes us towards light. But what if instead of light the dev...