මතක කදුළු ( Complete ) ✔️✅

By MAYESHA_RASANGI

30.3K 2.8K 343

මතක කදුලු අතරින් නැවත ආදරෙ සෝයා........... 🌻 More

01. කොටස
02. කොටස
03. කොටස
04. කොටස
05. කොටස
06. කොටස
07. කොටස
08. කොටස
10. කොටස
11. කොටස
12. කොටස
13. කොටස
14. කොටස
15. කොටස
16. කොටස
17. කොටස
18. කොටස
19. කොටස
20. කොටස
21. කොටස
22. කොටස
23. කොටස
24. කොටස
25. කොටස
26. කොටස
A/N
27. කොටස
28. කොටස
29. කොටස
30 අවසන් කොටස

09. කොටස

899 95 6
By MAYESHA_RASANGI


"මොන... මොන බඩ්ඩක්.... පිස්සුද සිතු මොනවාද කියවන්නේ...."

"අයියෝ.... බඩ්ඩක් නෙවෙයි අනේ බට්ටෙක්....."

"එ මුකුන්ද සිතු... කොහෙද උන් ඉන්නෙ වැවෙද...."

"අයියෝ.... ඔයානම් ටියුබ් ලයිට් එකක් බෙබි හාමු... මොකෙක්වත් නෙවෙයි මෙන්න මේ නෙලුම් බට්ටෙක් කන්න දෙන්නද කියලා ඇහුවේ....." සිතුක එයා භාගයක් කලා තිබ්බ නෙලුම් බට්ටෙක් පෙන්නන ගමන් බෙබි හාමුට තෙරුම් කරලා දුන්නා.

"ඔය මොනවාද සිතු කොහෙන්ද ඔවා......"

"මෙවට තමා බෙබි හානු නෙලුම් බට්ටෝ කියන්නෙ...... අර පෙන්න තියෙන්නේ වැව මැද....."

"මන් අදමයි දන්නෙ සිතු මෙහෙම දෙයක් වැවේ හැදෙනවා කියලා......."

"අනේ මන්දා ඔයත්.... කමක් නැ ඉතින් ගමේ හිටිය කෙනෙක් නෙවෙයිනේ ඔයා.... මෙවා හැදෙන්නෙ නෙලුම් මලේ මැද.... ඉන්නකෝ මන් ඔයාට මලක් කඩන් ඇවිත් පෙන්නන්න......" සිතුක ඇදන් හිටිය ශොට් එක ඉන ලගට වගෙ උස්සන් ආයෙත් වැවට බැස්සා. බැහැලා ලස්සනට පිපිලා තිබ්බ ලොකු මලක් කඩන් අරන් ආවා.

"බෙබි හාමු.... මේ තියෙන්නේ මල ඇතුලේ කහ පාට එකක් දැක්කද?....."

"අහ් ඔව් ඉතින්....."

"ඉතින් මෙක තමා මලේ පෙති හැලුනම ලොකු වෙලා මේ විදියට හැදෙන්නෙ... ඊට පස්සෙ මේ ඇතුලේ තියෙන බට්ටෝ ලොකු උනාම කලු පාට වෙලා වැවට වැටෙනවා, ඊට පස්සෙ එකෙන් තවත් අලුත් නෙලුම් පැලයක් හැදෙන්න පුළුවන් ඉතින්....."

"එතකොට සිතු මේවගෙන්ද නෙලුම් පැල හැදෙන්නෙ...."

"වෙන්න ඇතිනේ..... හි හි....."

"එතකොට යකොව් දැන් මට පන්ඩිතයා වගෙ කියලා දුන්නෙ හරියට දන්නෙ නැතුවද...."

"මන් දන්නෙත් නැ අනේ ඉතින්... මන් හිතන් ඉන්න දේ මන් කිව්වේ... ඔයත් කැමතිනම් එහෙම හිතා ගන්නකෝ...."

"හරි හරි පන්ඩිත සියේ.... මේ දැන් ඔවා කොහොමද කන්නේ...."

"අහ් ඉන්නකෝ..... මෙ තියෙන්නේ මේ කොලපා පොත්ත සුද්ද කරනවා.... එකල්ලා මේ තියෙන සුදු පාට මදේ දෙකට කඩලා මේ ඇතුකේ තියෙන කොල පාට කැල්ල අයින් කරලා කනවා.... කෝ ආ කියන්න....."

"ඇහ්...."

"ආ කියන්න කිව්වේ අනේ....."

"නැ අතට දෙන්න මන් කන්නම්....."

"හරි ආ එහෙනම්....."

"කිරි රසයිනේ...."

"ම්ම්ම් එකනේ මන් මෙවා කන්න ආස...."

"තව ටිකක් සුද්ද කරලා දෙන්නකෝ......"

සිතුකට හිතුනා අපරාදෙ බෙබි හාමුට නෙලුම් බට්ටො කන්න පුරුදු කරෙ කියලා, මොකද සිතුකට තුන්පාරක් වැවට බැහැලා බට්ටො කඩලා සුද්ද කරලා බෙබි හාමුට දෙන්න උනා.

"ඉවරද සිතු... අනේ තව ටිකක් වැවට බැහැ-......"

"අනේ මේ ඔයා නටා ගන්න බෙබි හාමු..... මෙක හරි වැඩක් උනානේ.... කඩලා දෙන්නනම් කමක් නැ සුද්ද කරලත් දිපියකෝ.... ඔන්නම් වැවට බැහැලා කඩාගෙන සුද්ද කරන් කන එකයි ඇත්තේ... මන් යනවා යන්න....." සිතුකට තරහා ගිහින් බෙබි හාමුටත් ගස්සලා නෙලුම් කොලෙත් අරන් යන්න ගියා.

"ඒ.. ඒ සිතු... ඔහොම ඉන්නවා...." බෙබි හාම සිතුක එ ගස්සන් ගිය විවිදිහට හිනා වෙලා එයත් වැව් බැම්මෙන් නැගිටලා දුවලා ගිහින් සිතුකගෙ අතින් අල්ල ගත්තා.

"අත අරින්න බෙබි හාමු... අම්මපා අදත් මාව ඇදලා අරන් හැපුවොත් ගහන්නෙ සෙරෙප්පුවෙන් හොදේ...."

"ඔහොම තරහා ගන්න එපා සිතු... ඔය සුදු මුන කැත වෙයි...."

"කමක් නැ ඉතින් මගෙනේ...."

"ඒ ඉස්සර... දැන් මගෙනේ...."

"මොකක්ද කිව්වේ....."

"නැ නැ මුකුත් නැ.... යමු මන් වෙද නැන්දටත් කියාගෙන ආවේ ඔයත් එක්ක එනවා කියලා....."

"මොකටද අපේ ගෙදර ගියේ......"

"ඔයාව හොයන්....."

"මාව හොයන්?... ඇයි ඒ මොකටද?... අනික මගෙ මුන කොහොමද දැන් ඔයාගෙ වෙන්නෙ......"

"ඉස්සල්ලා ඇහුනේ නැ වගෙ බොරුවටන්‍ර්‍ර් මොකක්ද කියලා ඇහුවෙ......"

"එවා වැඩක් නැ අහපු එකට උත්තර දෙන්න....."

"අයියෝ නිකම් කටට ආවට බන් කිව්වේ....."

"හ්ම්ම් හාකො.... ආය මගෙ අතින් අල්ලන්න එන්න එපා... මොකද මන් කැමති නැ... අනික මගෙ ඇගෙ දෙවල් මගෙ.. ඔය කාගෙවත් නෙවෙයි..... ආය අල්ලන්න ආවෝත් දෙනවා කකුල උස්සලා මුනට දත් ටික බටට යන්න....."

"පුලුවන්ද?...."

"මොනවද?...."

"දත් ටික බඩට යන්න ගහන්න...."

"ඇයි මට බැ කියලා හිතුවද....."

"කොටට කොටෙ ඉදගෙන.... ඔයා කකුල උස්සද්දි පෙරහැර ගිහින් ඉවර වෙලා තියෙයි බබා....."

"අනේ මේහ්..... මන් කොට නැ හරිද....."

"මේ බලනවා මගෙ උරහිස ගානට ඔලුව තියෙන්නේ....."

"ඉතින් මන් කොට නැ..... තමුසෙ උසයි එච්චරයි..... මන් යනවා මට මිට වඩා කරන්න වැඩ තියෙනවා..... අපරාදෙ මන් ඔයා එක්ක විනාශ කරන මගෙ මේ කාලේ......"

කොටයි කියලා එයාව විහිලුවට ගත්ත නිසා සිතුක බෙබි හාමුට ගස්සන් යන්න ගියා, හැබැයි යන්න උනේ අඩි දෙකයි තුනයි. බෙබි හාමුට ගස්සන් ගිය සිතුක ගලක හැප්පිලා එයාගෙ සෙරෙප්පුවෙ පටියකුත් කැඩිගෙනම බිම වැටුනා. ගස්සන් යන්න ගිහින් උන ලැජ්ජවට වගෙම පොඩි බොරළු කැට වලට ලෙලි ගියපු එයාගෙ දනහිසේ වෙදනාවටත් එක්කම කොල්ලා බිම ඉද ගෙනම දනිහ අල්ලන් අඩන්න ගත්තා. හිමිට ඔලුව උස්සලා හොරෙන් බෙබි හාමු දිහා බලපු කොල්ලා දැක්කා බෙබි හාමු හිනා වෙවි වෙවි එයා දිහා බලන් ඉන්නවා.

"මොකද හිනා වෙන්නෙ අහ්.... තමුසෙනම් මහා මොකක්ද මන්දා බෙබි හාමු....."

"ඇයි යකෝ මන් මොකක්ද කරේ....."

"කරෙ නැති නිසානේ මෙහෙම උනේ..... ඔයා මාව අල්ල ගත්තනම් මන් වැටෙන්නෙ නැනෙ.... ම්හුක්....."

"ඇයි උබව අල්ලන්න ගිහින් මගෙ දත් ටික බඩට යවා ගන්නද... අනේ අම්මෝ මට මගෙ දත් ටික වටිනවා බන්....."

"එ උනාට.... ම්හුක්... රිදෙනවා...නේ......"

"කෝ අත දෙනවා...." සිතුක බෙබි හාමු එයාගෙ පැත්තට දික් කරපු අතත් අල්ලන් නැගිට්ටා.

"බලනවකෝ දනිහ ගන්න දෙයක් නැනෙ... කටයි පු#යි විතරයි.... පාරෙ ඇවිදන් යන්නවත් පණක් නැ....."

"හිතලා වැටුනා ඇයි...."

"මට ගස්සන් යන්න ගිය නිසා තමා ඔය වැටුණේ... හොඳ වැඩෙ....."

"අනේඒඒඒඒඒහ්......"

"මොකද යකෝ කැ ගහන්නේ......."

"ගිය සතියේ පොළෙන් ගත්ත පොල් ගස් බටා දෙක දෙයියනේ.... මේ බලන්නකෝ... සතියක්වත් දැම්මෙ නැද්ද කොහෙද....."

"ඉතින් අලුත් දෙකක් ගන්නවා....."

"මොන පිස්සුද... ගෙදර ගිහින් අර පරන දෙක්කින් පටියක් අරන් දා ගන්නවා....."

"ඒ මන්දා බන් උබත්....."

"එයි මේ.... බෙබි හාමු....."

"ඇයි මොකො....."

"ඔයාට වැවට බහින්න පුළුවන්ද......"

"ඒ මොකටද?"

"මේ නෙලුම් කොලේ හිල් වෙලා අනේ..... ඔයාට බැරිද වැවට බැහැලා එකක් කඩලා දෙන්න....."

"මොන-.... මේ මන් පිස්සුද....."

"අනේ .... ඔයා හොද බෙබි හාමුනේ.... මේ බලන්නකෝ මගෙ දනිහ තුවාල වෙලා... වැවට බැස්සම මට රිදෙයිනේ....ඉතින් ඔයා හොදයිනේ එකක් කඩලා දෙන්නකෝ....."

"ම්ම්ම්ම් ටොස්ට් කරපු පාන් පෙත්තක් තිබ්බනම් මරු....."

"එ මොකටද.... මාලුන්ට දාන්නද......"

"නැ නැ මොකටවත් නැ..... ඔහොම ඉන්නවා මන් කඩලා දෙන්නම්....."

අද මෙකා නෙලුම් කොලයක් අරන් මිසක් ගෙදර යන්නෙ නැ කියලා දැන ගත්ත බෙබි හාමු, ආපහු වැවට බැස්සොත් සිතුකට තව රිදෙයි කියලා හිතලා, ආව ගමන යන එක ගගැනවත් හිතන්නෙ නැතුව බෙබි හාමුම වැවට බැස්සා. හැබැයි සිතුකටනම් මේ දේ බෙබි හාමුගෙන් පලි ගන්න චාන්ස් එකක් උනා කියලා බෙබි හාමු හිතුවේ නැ. ඉතින් බෙබි හාමු වැවට බැහැලා නෙලුම් කොලයක් කඩලා වැවේ ඉදන්ම සිතුකගෙ අතට දුන්නා.

"එක පොඩි වැඩි අනේ මෙකෙ බත් එකක් ඔතන්න බැනේ.... අන්න අතන තියෙන එක කඩන්නකෝ....."

"එක පාර ගැලපෙන එකක් පෙන්නපන් බන්....." ඉතින් බෙබි හාමු ආයෙත් වැවේ ටිකක් දුර ගිහින් සිතුක පෙන්නපු නෙලුම් කොලේ කඩන් ආවා.

"ආහ්...."

"ඒ මේ මෙකෙ හිල් අනේ... අර අර අතන තියෙන එක කඩන්නකෝ......"

"අනේ මොකක්ද බන්.....
අහ් දැන් හරිද....."

"මෙක ලොකු වැඩි වගෙනේ..... අර අර අතන තියෙ-......."

"අනේ උබම කඩා ගනින් හු#ත......."

බෙබි කඩා ගෙන ආව කොලෙන් සිතුකට ගහලා වැවෙන් ගොඩට ඇවිත් වෙගන් අඩි තියලා කාර් එක ලගට ගියා.

"ඒ ඒ බෙබි හාමු.... ඔහොම ඉන්න......"

සිතුක කතා කරා ඇහුනත් බෙබි හාමු කාර් එකට නැගලා ස්ටාට් කරන් වෙගෙන් යන්න ගියා.

"ගියා නෙද.... හහ්...."

සිතුක ඉතින් කැඩුන බාටෙත් අතින් උස්සන් නෙලුම් කොලෙ අනිත් අතින් අරන් නොන්ඩි ගහන ගමන් ගෙදර ආවා. ගෙදරට ලන් වෙනවා එක්කම තමා සිතුක දැක්කෙ එයාලගෙ ගෙදර ඉස්සරහා පාරෙ බෙබි හාමුගේ කාර් එක නවත්තලා තියෙනවා.

"මෙකා අපේ ගෙදරද ඇවිත් තියෙන්නේ....."

සිතුක එහෙම කියාගෙනම නොන්ඩි ගහන ගමන් ගෙදරට එන්න ආවා. එතකොට තමා සිතුක දැක්කේ. ස්තොප්පුවට වෙලා තේ එකක් අතේ තියාගෙනම එයාගෙ නංගි එක්ක හිනා වෙවි වෙවි කතා කරන ගමන් ඉන්න බෙබි හාමුව. එයාට බෙබි හාමු එයාගෙ නංගී එක්ක එහෙම ඉන්නවා දැක්කම පොඩ්ඩක් දුක හිතුනත් එ ගැන ගානක් නැ වගෙ නොන්ඩි ගහන ගමන් ගිහින් එයත් ස්තොප්පුවෙ තිබ්බ පුටුවක ඉද ගත්තා.

"අනේ අයියේ මොකද උනේ.... මේ දනිහෙම ලෙලි ගිහින්නෙ....."

"මුකුත් නැ සුදු පය හැප්පිලා වැටුනා....."

"අනේ මන්දා අයියේ ඔයත් කර ගන්න දෙවල්......"

"එක නෙවෙයි සුදු කෝ අම්මා....."

"අම්මා කුස්සියේ අයියේ......"

"ම්ම්ම්........... ඒ මේ බෙබි හාමු සොරි හොදේ.... ඔයාව තරහා ගස්සන්න හිතුවේ නැ....."

"එක නෙවෙයි සදු.... ඔයා එලෙවල් වලට මොනවාද කරනවා කිව්වේ..."

"මම සයන්ස් කරන්නෙ බෙබි හාමු.... බෙබි හාමු! ඔහොම පොඩ්ඩක් හෙල්ලෙන්නෙ නැතුව ඉන්න හරිද... මේ ඇහැ ළඟ මොනවාද තියෙනවා...."

සිතුක කිව්ව දේ ඇහුණේ නැ වගෙ බෙබි හාමු සදලි එක්ක කතා කරන්න ගත්තා. සදලිත් බෙබි හාමු එක්ක හිනා වෙවි මායම් දාන්න ගත්තා. සිතුකට බෙබි හාමු එයා ගනම් ගත්තේ නැති එකට ගොඩක් දුක හිතුනා. ඉතින් සිතුක එකට කරෙ නෙලුම් කොලේ පොඩි කරලා ඉරලා දැම්ම එක

"අයියේ මොනවාද අනේ කරන්නෙ.... පිස්සු හැදිලද.. මොකද ඔය කරේ.... අර තිලිනි අක්කා බත් එක ගෙනකම් බලන් ඇති....."

සදලි කිව්ව කිසිම දෙයක් ඇහුනෙ නැ වගෙ සිතුක නෙලුම් කැලි කැලි වෙන්න ඉරලා බිම දලා පැගුවා. සිතුකට එක පාර මේ මොකක්ද උනෙ කියලා සදලි වගෙම බෙබි හාමුත් පුදුම වෙලා බලන් හිටියා.

"සිතු ඇති...." මෙහෙම ගිහින් සිතුක එයාටත් රිද්දගෙන තුවාලෙත් පාර ගනි කියලා බෙබි හාමු බය වෙලා. සිතුකගෙ අතින් ඇදලා ගත්තා

"හොද හිතින් අත ගන්න බෙබි හාමු....."

"සිතු...."

"කිව්වම අත ගන්න.... එ වගෙම මගෙ නම සිතුක... සිතු නෙවෙයි බෙබි හාමු...."

"අයියේ මොනවාද ඔයාට වෙලා තියෙන්නේ... ඇයි ඔයා බෙබි හාමුට කැ ගහන්නෙ....."

"කැ ගහන්නෙද.... මට පොඩි ආතල් එකක් ආවා එකයි.... එ වගෙ තමුසෙ මේ දැන්ම ගෙට යනවා.... කෙල්ලෙක් උනාම ඉන්න ඔනි කෙල්ලෙක් විදිහට... ගෙදරට එන හැම එකා එක්ක කතාවට යන්නෙ නැතුව.... අප්පච්චි උබට කියලානෙ තියෙන්නේ ගෙදර මොකාහරි ආවොත් ඇතුලට වෙලා ඉන්න කියලානේ...."

"මොකද අනේ මේ..... අනික ඔයා එහෙම බෙබි හාමුට කැ ගහන්නෙ මොන හයියකටද....."

"මට ඔන්නම් මන් කැ ගහනවා යකෝ..... එක සැරයක් උබට කිව්වම කිව්ව දේ කරපන්.... උබ ඔය මොකටද එන්න හදන්නෙ කියලා මන් හොදටම දන්නවා....."

"සුදුවෝ මොකද දරුවෝ කැ ගහන්නේ......"

"මෙන්න මෙකිට කෙල්ලෙක් විදිහට ඉන්න කියන්න අම්මේ.... ගෙදරට එන හැම එකාටම සිරික්කිය දාන් එන්නෙ නැතුව...."

"මොකද සුදුවෝ මේ.... නංගි කතා කර කර හිටියේ බෙබි හාමු එක්කනේ...."

"ඇයි බෙබි හාමු පිරිමියෙක් නෙවෙයිද..... අම්මම නෙවෙයිද මගෙ උන් මෙහෙ ආවම නංගීට කොල්ලො අස්සෙ ඉන්නෙ නතුව ගෙට යන්න කියන්නෙ... උනුත් පිරිමි මෙයත් පිරිමියෙක්.... එක සැරයක් කිව්වනෙ පලයන් ගෙට...."

"සුදුවෝ බෙබි හාමුත් ඉන්න තැන උබ ඔහොම ඇසිරෙන්නෙ....."

"කමක් නැ වෙද නැන්දේ.... සිතුක කිව්ව කතාවේ වැරැද්දක් නැ....."

"දොණි වරෙන් යන්න ගෙට.... උබලගෙ අයියට ගිනිපුග් ගාය හැදිලා...."

"අනේ අම්මෙ මෙන්න මෙයාට කොහිල ටිකක් හදලා දෙන්න.... මල කොලං....."

ඉතින් කෙල්ල අයියටත් ගස්සන් ඇතුලට ගියා, වෙද හාම්නෙත් කෙල්ල පස්සෙන්ම ආපහු ඇතුලට ගියා. හැබැයි සිතුකට මෙහෙම තරහා යන්න හෙතුව සදලි බෙබි හාමු එක්ක කතා කරපු එකම නෙවෙයි. සදලි බෙබි හාමුගෙ මුන අල්ලන්න ගිය නිසා කෙන්තියට. එයාවත් තාම හරියට අල්ලලාව නැති බෙබි හාමුගෙ මුන නංගී අල්ලන් ගිය එකට කොල්ලට ගොඩක් කෙන්ති ගියා.

"සිතු මන් කියන දේ අහන්න...."

"මන් එක සැරයක් කිව්වනේ බෙබි හාමු.... මගෙ නම සිතුක... අනික මේ දේ හොදට මතක තියා ගන්න ඔයා මොන හිතකින් අපෙ ගෙදරට එනවා යනවද කියන්න මන් දන්නෙ නැ... හැබැයි මගෙ නංගිගෙන් ඇත් වෙලා ඉන්න......."

"මම නංගී නිසා නෙවෙයිනම් මෙහෙට එන්නෙ යන්නේ....."

"එහෙනම් එන වැඩෙ කරගෙන පාඩුවෙ ආපහු යන්න බෙබි හාමු....."

"කෝ ඉතින් එයාගෙ නැනෙ කිසි උනන්දුවක් කරගෙන යන්න...."

"මොකක්ද?"

"මුකුත් නැ මුකුත් නැ..... දැන් මට කියන්නකෝ මොකද අර ඉස්සල්ලා පිස්සෙක් වගෙ අර නෙලුම් කොලෙට කරපු...."

"මන් එකට කැමති නැ අනික එකෙ බත් එකක් ඔතන්න බැ එ නිසා....."

"දැන් එකමද තියෙන එකම හෙතුව....."

"මගෙ හිත ඒ නෙලුම් කොලේ නිසා මට හොරෙන් අයාලේ යන්න අරන්.... එකත් වැරදි විදියකට......"

"ඕහ් එ නිසාද...."

"ඔව්... දැන් බෙබි හාමු ආපු වැඩෙ ඉවරනම් ආපහු ගෙදර යන්න....."

"ඔහ් ශිට් ආපු හෙතුවත් අමතක උනානේ ඔයාගෙ නෙලුම් කොලයි බට්ටොයි නිසා...."

"මොකක්?..."

"බට්ටොද?..."

"නැ ආව හෙතුව....."

"අහ් එක මේ.... වෙද නැන්දා මට කිව්වා ඔයා එලෙවල් වලට පස්සෙ ආය ස්ටඩි කරන්න බැ කිව්වා කියලා......"

"ම්ම් ඔව්....."

"තාම රිසාල්‍ට් ආවේ නැ නෙද....."

"තව මාස දෙක්කින් විතර එයි එක අහන්නද ආවේ...."

"නැ නැ.... ඔයා මොනවාද එලෙවල් වලට කරෙ සිතූ.. උප්ස් සොරි සිතුක...."

"සයන්ස්...."

"ඔහ් මෙඩි කොලෙජ් යන්න හිතන්ද..."

"ම්ම්ම් ඔව්....."

"ම්ම්ම් එහෙනම් මරුනේ...."

"ඇයි ඒ......"

"නැ මමත් මෙඩිසින් යන්න හිතන් ඉන්නෙ...."

"ඈ එතකොට ඔයා...."

"ම්ම්ම් ඔව් අපි දෙන්නා එකම වයස...... වැඩෙ කියන්නෙ ඔයා මට වඩා මාස තුනක් වැඩිමහල්....."

"ඔයා කොහොමද දන්නේ....."

"මන් ඔයාලගෙ අම්මගෙන් ඇහුවා.... අහ් මෙක බොන්න... මන් භාගයක් තියා ගත්තේ ඔයාට...."

"මට එපා මන් ඔන්න තව එකක් හදා ගන්නම්....."

"එ උනාට මන් මෙක ආදරෙන්නෙ තියා ගත්තේ....."

"එ උනාට මට එපා....."

"එහෙනම් මන් මෙක සද-......"

බෙබි හාමුට වචන ටික සම්පූර්ණ කරන්න උනේ නැ. බෙබි හාමු අතේ තිබ්බ නිමිච්ච තේ එක සිතුක එක හුස්මට බිලා දැම්මා. හැබැයි එයාට පස්සෙ තමා තෙරුම් ගියේ එයා එහෙම දෙයක් කරෙ මොකටද කියලා. ඉතින් තමන් බිව්ව තේ එක එක හුස්මට බිගෙන ගියපු සිතුක දිහා බෙබි හාමු බලන් හිටියේ හිනා වෙලා.

"සිතුක මන් ආවේ ඔයාව වලව්වට එක්කන් යන්නත් එක්ක...."

"මාව එ මොකටද?....."

"පොත් වගයක් තියෙනවා දෙන්න ලමයෝ...."

"මොන පොත්ද...."

"නවල්ස් වගයක්.... එපාද?"

"එපා කිව්වේ නැනෙ.... අනික ඔයා එද්දි අරන් එන්න එපැයි.... මන් එන්නම ඔනි නැනෙ....."

"ගොඩක් තියෙනවා සිතු... අහ් සොරි මන් කිව්වේ සිතුක...."

"සොරි සොරි මට ආපහු සිතුම කියන්න... එ උනාට ඔයා එහෙම ගනන් ගත්තෙ නැතුව හිටිය එකටනම් මට තරහා ගියා....."

"එතකොට ඔයා මන් මෙච්චර හොදට ඇදන් ඉන්නෙ කොහෙ හරි යන්න කියලා පෙනි පෙනි වැවට බස්සලා රවට්ටපු එක හරිද...."

"හරි ඉතින් ඔයා කොහෙවත් යන්නෙ නැනෙ....."

"නැ මන් ඔයාවත් එක්කන් එ ගමන යන්න කියලා ආවේ....."

"ක්-කොහෙද.... මේ මාව... ඒ මොකටද....."

"ටවුන් එකට මගෙ යාලුවෙක් හම්බෙන්න......"

"ඉතින් ඔයාගෙ යාලුවා හම්බෙන්න යන්න මාව මොකටද....."

"ගිහින් බලන්න පුළුවන්..... දැන් ගිහින් ලැස්ති වෙන්නකෝ....."

"එතොකට වලව්වට එක්කන් යන්න ආවා කිව්වේ...."

"එ ගිහින් ඇවිත් පස්සෙ...."

"ඉතින් ඔක එක පාර තෙරෙන්න කියන්න බැරිද....."

"දැන් ඔයා ගිහින් ලැස්ති වෙනවද නැද්ද....."

"හරි හරි ඉන්න.... මන් ඇග සොදන් තුවාලෙටත් බෙහෙත් දාන්ම ලැස්ති වෙලා එන්නම්......"

"ම්ම්ම්....."

සිතුක නොන්ඩි ගහන ගමන් ගිහින් අත පය පොඩ්ඩක් සොදගෙන තුවාලෙටත් බෙහෙත් දලා ලැස්ති වෙලා ආවා. එතකොට බෙබි හාමුත් ස්තොප්පුවෙ පුටුවකට වෙලා ඉදගෙන සිතුකගෙ අම්මා එක්ක කතාවක.

"ඔයා ඔක නෙවෙයි ඇදන් හිටියේ....."

"ඔව් ඉතින් කලින් එකෙ මඩනේ...."

"එතකොට ඔය කලිසම කොහෙන්ද....."

"කාර් එකෙ මගෙ ඇදුන් වගයක් තියෙනවා...... දැන් එහෙනම් අපි යමුද......"

"ම්ම්ම් යමු......"

"වෙද නැන්දේ අපි ගිහින් එන්නම්......"

"හරි බෙබි හාමු.... මෙකව පොඩ්ඩක් බලා මුට තියෙන්නේ එසෙ මෙසෙ විසයක් නෙවෙයිනේ......"

"අනේ අම්මා......"

ඉතින් සිතුක බෙබි හාමු එක්ක ටව්න් එකට ඇවිත් ගියේ පාර්ක් එක්කට. පාරක් එකට ගිහින් කාටහරි කොල් එකක් ගත්ත බෙබි හාමු ගියේ ලොකු හහක්‍ යට හදලා තිබ්බ බෙන්ච් එකක් තියෙන හරියකට, ඉතින් ඇතින් එයාලා එනවා දැකපු එ බෙන්ච් එකෙ හිටිය කෙල්ලෙක් දුවලා ඇවිත් බෙබි හාමුව බදා ගත්තේ කාලෙන් දැක්ක එකෙ සතුටට.

"ඔයා කිව්වා වගෙම ආවා නෙද බබෝ......."


______________________________________________________




අනෙ සොරි අනේ මේ කොටසනම් පොඩ්ඩක්වත් ලස්සන නැ කියලා මන් දන්නවා. ටයිප් කරලා ආපහු කියපු මටම තෙරුනා. මන් මෙහෙම නෙවෙයි මේ කොටස ලියන්න හිටියේ. මම මේ දවස් වල පොඩ්ඩක් අව්ලෙන් ඉන්නෙ. හෙට හොඳ කොටසක් අනිවාරෙන් අරන් එන්නම්. කතාව එපා කර ගන්න එපා හොදේ. කාතාවේ අව්ල් තැන් වැරදි තැන් හදන්න ඔනි තැන් පුළුවන්නම් මට කියන්න. මොකද මන් අලුතින් කාතවක් ලියන කෙනෙක්නෙ වැරදි ඇති. පුළුවන්නම් කියන්න හොදේ 🥺❤️

ආදරෙයි ඔයාලට 😚❤️

මම,

මාහි 💚👉🏻👈🏻

Continue Reading

You'll Also Like

611 96 9
පොකුරු වැස්සකට වඩා හාස්කම් මම දැක්කා.. ඒ අස්රත්ගෙ අළුපාට හීන අස්සෙ !!! මටම මෙල්ල වුනු හදවත ඇතුළෙ !!! ඉඳලා ඉඳලා මාත් නතර උනේ මාරම තැනක. මම සකුන්තලාවත...
17.1K 691 16
I try and update the story every day! Also have little story's here and there (one shots) {{I try and update every day}}
3.4K 196 2
සියුම් සිතිවිලි හද කොණ ඇවිළූ ආදර කවිපද මිමිණූ ලන්දූ අවසර නැතිවද හද දොර ඇහිරූ විවර කරනවද ප්‍රේමයේ කවුලූ.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
1.1K 79 4
අහම්බෙන් දැක්ක අහංකාර ඇස් අස්සේ අතරමං උනේ මන් මටත් නොදැනීම.... දිලිසෙන ඇස්වලින් හොරෙන් කී කතාවෙ තේරුම අදටත් හොයනවා මන් තාම.... දනිමි මන් අහසක් තරම් ව...