"එත්- එතකොට ඔයා..... බෙබි හාමු!....."
"ම්ම්ම් ඔව් බෙබි හාමු තමා..... දැන් වැවෙන් ගොඩට ආවනම් හොඳයි......."
"එත් මන් මේ...."
"මන් එකම දේ ආය ආය කියන කෙනෙක් නෙවෙයි sweety......"
'ස්විචී තමා' ඉතින් සිතුක බෙබි හාමුට විවිරුද්ධ වෙන්න විදිහක් නැති නිසා වැවෙන් ගොඩට ආවා, මොකද මේ වැව අයිති වලව්වට නිසා, හැබැයි වැවෙන් ගොඩට ආව කොල්ලා දැක්කෙ නැ බෙබි හාමු එයා දිහා රාගික ඇස් වලින් බලන් ඉන්නවා කියලා, ඉතින් සිතුක ආය බෙබි හාමු දිහා බලන්නෙවත් නැතුව එයා කාඩා ගත්ත මල් ටිකත් අරන් යන්න ලැස්ති උනා,
"දැන් ඔය කොහෙද යන්න ලැස්ති...."
"ගෙදර තමා ඉතින්..... ඇයි දැන් මන් ගෙදර යන එකත් බෙබි හාමු තහනම් කරන්නද ලැස්ති....."
"කොච්චි කරලක් වගේ....."
"මොකක්ද බෙබි හාමු කිව්වේ......"
"අහ්ම්.... මුකුත් නැ... මන් අහන්න ගියේ ඔයා ඔය ඉන්න විදියටමද යන්න ලැස්ති කියලා......"
"මන් ඉන්න විදියට.... ඇයි මන් ඉන්න විදිහ මොකක්ද තියෙන අව්ල....."
"ඔය සුදු කකුල් දෙක ඔහොම එලියේ දාන්ද යන්න ලැස්ති.... it's really bad sweety..... because you are so sexy...."
"I can take care of myself, so you don't worry.... okay බෙබි හාමු..."
එහෙම කියන් සිතුක උස්සලා තිබ්බ ශොට් එක හරියට හදා ගත්තා, සිතුක english වලින් කතා කරාම බෙබි හාමු පොඩ්ඩක් පුදුම උනේ ගමේ ස්කොලේ ගිහින් කාටහරි මෙහෙම english ඉගෙන ගන්න පුළුවන්ද කියලා හිතලා, මොකද බෙබි හාමු රට ගියේ එයාට අවුරුදු දහයෙදි ඉතින් එයා මෙහෙම පුදුම වෙන එක සාධාරණයි, හැබැයි බෙබි හාමුට සතුටක් හිතුනේ නැතුවම නෙවෙයි, ගමක කෙනෙක් කියලා හිතන්න බැරි තරම් ලස්සන මේ කොල්ලා හොදට ඉගෙනගෙන තියෙනවා නෙද කියලා හිතලා, මල් ටිකත් අරන් සිතුක යන්න හදහදනකොට බෙබි හාමු සිතුකගේ අතින් අල්ලගෙන නතර කර ගත්තා. ඉතින් ඔන්න සිතුක කොල්ලට තරහා ගියා මොකද එයාගෙ අකමැත්තෙන් එයාව අල්ලනවට සිතුක පොඩ්ඩක්වත් කැමති නැ, සිතුක බෙබි හාමුට රවලා එයාගෙ අතින් අල්ලන් ඉන්න බෙබි හාමුගෙ අත දිහත් බලලා ආපහු බෙබි හාමුට රැව්වා,
"මගෙ අත අරින්න......"
"මොකද සුදු බබෝ මේ රතු වෙලා......"
"කිව්වම මගෙ අත අත් අරින්න බෙබි හාමු!!"
"මොකද තමුසෙගෙ සද්දේ ආහ්..... මන් කවුද කියලා දැන දැනම මටම කැ ගහනවද තමුසෙ......"
"ඔයා වලව්වේ බෙබි හාමු කියලා මන් හොදටම දන්නවා...... හැබැයි හිතුන හිතුන වෙලාවට මාව මෙහෙම අල්ලන්න අඅයිතියක් ඔයාට නැ..... ඉතින් කරුණාකරලා ඔය අත ගන්නවා......"
"තමුසේ!!!"
සිතුක තමන්ට සැරින් කතා කරපු නිසා තරහා ගියපු බෙබි හාමු, සිතුකගේ අතින් ඇදලා ගත්ත පාර සිතුක අතේ තිබ්බ මල් දාපු මල්ලත් අත ඇරිලා කෙලින්ම නතර උනේ බෙබි හාමුගෙ පපුවේ වැදිලා, එ වෙලාවෙම සිතුකගෙ ඉන වටේ අත් දලා සිතුකව තමන්ගෙ ඇගට ලන් කර ගත්ත බෙබි හාමු. තමන්ගෙ තරහා නැති කර ගත්තෙ සිතුකගේ බෙල්ලට පහත් වෙලා හයියෙන් හපලා,
( චටාස් )
"තමූසේ!!! තමුසෙ එහෙනම් මට ගැහුවා....."
"ඔව් ගැහුවා තමා යකෝ...... බෙබි හාමු මේ.... තමුසෙ හාමු කෙනෙක් උන පලියට තමුසෙට හිතෙන හිතෙන එක කරන්න පුළුවන් කියලා හිතන්න එපා.... දැන් තමුසෙ මේ කරපු දේ මහම මහා වනචර වැඩක් ඔයි..... ඔයා රට ගිහින් නටපු නාඩගම් මේ මන් එක්ක නටන්න එන්න එපා බෙබි හාමු...."
තව වචනයක්වත් බෙබි හාමුට කියන්න ඉඩ දුන්නෙ නැති සිතුක මල් ටිකත් අරන් ඉක්මනට ගෙදරට එන්න ආවා. සිතුක යන දිහා රතු උන ඇස් වලින් බෙබි හාමු බලන් හිටියේ ගොඩක් ලොකු කෙන්තියකින්, මොකද මේ එයා කෙනෙක්ගෙන් කමකම්මුල් පාරක් කාපු සහ ප්‍රතික්ෂේප උන පලවෙනි වතාව, මොකද බෙබි හාමු රට ඉන්න කාලේ උනත් එයාට කොල්ලො කෙල්ලො දෙගොල්ලොන්ගෙම ආර්ශනය හම්බුනා එත් මේ පලවෙනි වතාව කෙනෙක් එයාව ගනන් ගත්තේ නැතිව ගිය, එකත් තමන්ම බලෙන් ලගට ගන්න හදපු කෙනෙක්,
"ඔයා එක්ක මන් නටලා පෙන්නන්නම්කෝ සුදු බබෝ....."
සෙල්ලක්කාර හිනාවකින් සිතුක දිහා බලම් කියපු බෙබි හාමු ආපහු කාර් එකට නැගලා වලව්වට ගියා, සිතුක ගෙදර ආවේ බෙබි හාමුට හිතින් දෙස් තියන ගමන්, ගෙට්ටුවත් හෙන ගහන්න වගෙ ඇරන් සිතුක ගෙදරට ආවේ දහ දෙනෙක්ට ගහන්න යනවා වගෙ, මිදුලට වෙලා වෙලෙන්න දාපු කහ ටික තුනි කර කර හිටපු වෙද හාමිනේත් ඇත ඉදන් සිතුක මේ එන විදිහ බලන් හිටියා,
"මොකද සුදුවෝ මේ..... උබට ගිනිපුග් ගාය හැදිලද......"
"මට නෙවෙයි.... අර මහ ලොකු වලව්වේ බෙබ් හාමුවට තමා මොනා හරි වෙලා තියෙන්නේ, ස්විච් හාර්ච් තමා....."
"මොනවද කොල්ලො උබ මේ කියන්නෙ......"
"අර වලව්වට ඇවිත් ඉන්න බෙබි හාමුවා මට වැවට බහින්න තහනම් කරා..."
"ඒ මොන හෙතුවකටද ඒ......"
"මන් කොහොමද දන්නෙ අම්මේ..... මන් යනවා අර රෙණු ටික අයින් කරලා නා ගන්න.... මදැයි මාත් මල් කඩන්න ගියා...."
සිතුක තරහින් පුපුර පුපුර ගෙට ගිහින් නෙලුම් මල් වල් රෙණුයි පෙතියි වෙන් කරලා ඉවර වෙලා, ළිඳ ලගට ගියා නා ගන්න, මොකද වැවේ ඉදලා ආපු නිසා, එයා ළඟ මඩ ගදයි, ඉතින් සිතුක නලා කුස්සිය පිල පැත්තෙන් ගෙට ඇවිත් කාමරෙට යන්න හදනකොටම තමා එයාට ඇහුණේ අම්මයි අප්පච්චි එලියේ කතා කරන සද්දේ, ඉතින් සිතුකත් එ පැත්තට ගියා,
"බෙබි හාමු අපේ කොල්ලට වැවට බහින්න තහනම් කරා කියලා කියන්නෙ......"
"අහ් ඔව් මේ-......."
"ඔව් අම්මේ ඔකා මට වැවට බහින්න එපා කිව්වා..... රට ඉදන් ආව නිසා ලොකුකම එ මිනිහගේ... ඇත්තමයි මටනම් පෙන්-..... තමුසෙ මෙහෙ...."
අම්මා කියන එක ඇහුන සිතුක බෙබි හාමුට බැන ගෙන ස්තොප්පුවට එද්දියි දැක්කේ අම්මා එක්ක කතා කර කර ඉදලා තියෙන්නේ බෙබි හාමු කියලා. බෙබි හාමු දිහා රවලා බැලුවත්, බෙබි හාමුගේ මුනෙ තිබ්බ හිනාව දැදැකලා සිතුකට එ ඇයි කියලා තෙරුම් ගන්න ගොඩක් වෙලා ගියා, බෙබි හාමු සිතුක දිහා බලන් කට කොනින් හිනා වෙලා සිතුකගේ උඩ ඉදලා යටටම බැලන් සිතුකගේ මුන රතු කරලා, අන්න එතකොට තමා සිතුකට තෙරුම් ගියේ එයා ඇවිත් ඉන්නෙ තුවාය විතරක් යටට ඇදගෙන කියලා, සිතුක ලැජ්ජාවෙන් රතු වෙලා කාමරෙට දිව්වේ බෙබි හාමුට හිනාවක් යද්දි, හැබැයි බෙබි හාමු ලෙසියෙන් මෙහෙම හිනා වෙන කෙනෙක් නෙවෙයි කියලා දන්න වෙද හාමිනේනම් මේ බලන් ඉන්නෙ පුදුම වෙලා,
"අනේ හාමු අපේ කොල්ලා කිව්ව දෙවල් වැඩිය හිතන්න එපා......"
"මන් කොහොමත් ආවේ මල්ලිව හම්බෙන්න තමයි.... මොකද මන් වැරැද්දක් කරා එයාව බය කරලා......"
"ඔයා? ඔයා ඇයි මෙහේ....."
"මන් ආවේ ඔයා එක්ක කතා කරන්න....."
"මන් එක්ක මොනා කතා කතා කරන්නද...."
"Actually really sorry.... මන් කරෙ වැරැද්දක්..... මට ඇත්තටම සමාවෙන්න සුදු- අහ්ම්... මන් කිව්වේ මල්ලි.... මට ඔයාගෙන් මේ උදව්වක් ඔනි මන් එක්ක එක්ක ගමනක් යන්න එනවාද?"
"අනේ මට බැ මට වෙන වැඩ තියෙනව....."
"එහෙනම් මන් ආපහු ඔයාගෙ බෙල්-...."
"නැ නැ හරි හරි එන්නම්....."
ආපහු පාරක් මෙකා අම්මා ඉස්සරහා බෙල්ල කයි කියලා බයටම සිතුක බෙබි හාමු එක්ක යන්න අකැමැත්තෙන් උනත් කැමති උනා.
"වෙද නැන්දේ මන් මෙයාව එක්කන් යන්නම් කමක් නැ නේද......"
"කමක් නැ බෙබි හාමු... හැබැයි පරිස්සමින් හාමු....."
"වෙද නැන්දා බය වෙන්න එපා..... මන් මෙයාව පරිස්සමින් ආපහු එක්කන් එන්නම්....."
"මන් කිව්වේ මෙකා ගැන නෙවෙයි හාමු..... හාමුට මෙකගෙන් පරිස්සම් වෙන්න කියලා....."
"අනේ අම්මේ....."
"මොකද උබ..... රැ වෙන්න කලින් බෙබි හාමු එක්ක ගිහින් ඉක්මනට වරෙන්....."
"හරි... හරි අම්මා...."
මෙයා මොකටද එන්නෙ හදන්නෙ කියලා හිත හිත සිතුක බෙබි ගාමු එක්ක කාර් එක ලගට ආවා,
"දැන් අපි මෙකෙද යන්නේ....."
"ම්ම්ම් ඔව් ඇයි සුදු බබා කැමති නැද්ද...."
"මට සුදු කියන්න එපා.... මම බබෙක් නෙවෙයිනේ...."
"හරි එහෙනම් නම කියන්නකෝ මට සුදු බබාගේ....."
"සිතුක...."
"ම්ම්ම්.... සිතු!!.... හරි එහෙනම් මන් ඔයාට සිතු කියන්නම්..."
"ම්ම්ම්ම්....."
"සිතු.... මන් එක්ක පොඩි තැනකට යන්න එනවද....."
"ක්-කොහෙද...."
"බය වෙන්න එපා ලමයෝ.... මන් ඔයාට මුකුත් කරන්න නෙවෙයි යමු කියන්නෙ...."
"හරි එත් ඇයි ඔයා මට මෙහෙම කතා කරන්නෙ බෙබි හාමු.... කලින් වගෙම මට සැරින් කතා කරන්නෙ නැත්තේ ඇයි....."
"අනේ.... ඇම් රියලි සොරි සිතු.... මට එ වෙලාවේ ඔයාව චුට්ටක් අව්ස්සන්නයි ඔනි උනේ..... අනික මන් කලින් ඉදලම දැනන් හිටියා ඔයා වෙද මාමාගෙ පුතා කියලා..... ඉතින් මට ඔනි උනේ ඔයාව ෆ්‍රෙන්ඩ් කෙනෙක් කර ගන්න......"
"එතකොට මෙක..... ඇයි මාව හැපුවේ ආහ්....."
"අහ් එක මේ.... මේ මට ඔයාට චුටි පාඩමක් උගන්වන්න ඔනි උනේ.... හි හි....."
"හරි දැන් කොහෙද ඔය යමු කිව්වේ...."
'සිතුකට පුළුවන්ද මාව මෙහෙ තියෙන රබර් කැලේට එක්කන් යන්න....."
"රබර් කැලේට? මේ හවස් වෙලා..... අනික ඒ පැත්තේ කවුරුත් නැ.... ඔයා මොකටද එන්න හදන්නෙ බෙබි හාමු....."
"මන් තමුසෙට මුකුත් කරන්නෙ නැ සිතු.... එහෙ මට වටින දෙයක් තියෙනවා.... එකයි මට යන්න ඔනි....."
"හරි අපි යමුකෝ....."
ඉතින් සිතුක බෙබි හාමුට පාර කියනකොට බෙබි හාමු රබර් කැලේට ආවා, රබර් කැලේ කියන්නෙ ඉස්සර කිරි කපලා දැන් අත ඇරලා තියෙන කැලයක්, මේ කැලෙට සාමාන්‍යයෙන් කවුරුත් එන්නෙ නැ. බෙබි හාමු රට ඉදලා ආවත් හරි කරෙ මෙ කැලේට එන පාර හොයපු ඒක, මොකද එයාට ගම ගැන එ හැටි මතකයක් තිබ්බෙ නැ, ඉතින් සිතුක කිව්ව විදිහට බෙබි හාමු රබර් කැලේට ඇවා, කාර් එක නතර කරලා එලියට බැස්ස බෙබි හාමු වටෙම හැරිලා හොදට බලන්න ගත්තා,
"සිතු එන්න යමු....."
"ක්-කොහෙද..... ඇයි මේ කැලේ අස්සෙ රිංගන්න හදන්නේ...."
"කැලේ නැනෙ ලමයෝ.... රබර් ගස් විතරයිනේ තියෙන්නේ... මෙන්න මෙහෙ එනවා යන්න....."
"එත් බෙබි හාමු අනේ....."
"අප්පෝ ඔයි තමුසෙගේ කට විතරයි..... මට කැ ගහපු විදියට මන් හිතුවේ හෙන චන්ඩියෙක් කියලා......"
"එක හරි එත් මන් මේ..... අනෙ මට බයයි......"
"බය වෙන්න එපා සිතු මන් ඉන්නවනේ....... කෝ මගෙ අත අල්ල ගන්න......"
බෙබි හාමු සිතුකවත් අල්ලන් රබර් කැකේ ඇතුලට ගියා, සිතුක දැන් බෙබි හාමුගේ අතේ බය එල්ලිලා ඉන්නෙ කලින් මෙයාද මට කැ ගැහුවේ කියලා බෙබි හාමුවත් පුදුම කරන්, සිතුකවත් අතින් අල්ල කැලේ ඇතුලට වෙන්න ආව බෙබි හානු නැවතුනේ පරන පොඩි ගෙයක් ඉස්සරහා, කැලේ වැවිලා මඩ, දිය සෙවල බැදිලා තියෙන පොඩි හොල්මන් ගෙයක් ඉස්සරහා, එක දැකපු සිතුක තවත් බය වෙලා බෙබි හාමුගේ අතේ එල්ලුනේ අත හිර කරලා තදින් අල්ල ගන්න ගමන්, මොකද සිතුක මෙච්චර ගමේ හිටියත් එයා දැනගෙන හිටියේ නැ රබර් කැලේ ඇතුලේ මෙහෙම තැනක් තියෙනවා කියලා, එයාට පුදුමයි අවුරුදු ගානක් ගමේ ඉදලා මෙහෙම තැනක් එයා නොදැන ඉන්නත් රට හිටපු කෙනෙක් මෙහෙම තැනක් දන්න එක ගැනත්,
"ඒ... ඒ මේ එක....."
"ම්ම්ම්.... මන් පොඩි කාලේ අම්මා එක්ක ආපු තැනක්......"
"ඉතින් අද ඇයි ඔයා මෙතනට ආවේ......."
"මන් මෙතන වට්න දෙයක් දලා ගියා සිතු..... අන්න එක ගන්න මන් ආවේ....."
"ඒ මොකක්ද......"
"එන්නකෝ යන්න ගිහින් බලමු......"
බෙබි හාමු එක්ක සිතුක ඒ ගේ ලගටම ආවා. ජනෙ දොරවල් දිරලා වෙයෝ කලා කැඩිලා ගිහින්. ඇතුල කොල වලින් පිරිලා. ගේ ඇතුලට ගිය බෙබි හාමුගේ පස්සෙන් සිතුකත් ගේ ඇතුලට ආවා. ටිකක් දුර ගිහින් බිත්යක මුල්ලක් ලග නතර උන බෙබි හාමු, බ්ත්තියේ තිබ්බ වේ පස් ගලවලා අයින් කරා, එතකොට තමා බිත්තියේ කාලෙකට කලින් කවුරු හරි ඇන්ද රව්මක් පෙන්න ආවේ, එතනම බිමට පාත් උන බෙබි හාමු ළඟ තිබ්බ ලියකින් පොලව හාරන්න ගත්තා, සිතුකනම් බෙබි හාමු මේ කරන දේ බලන් ඉන්නෙ ඇස් දෙකත් ලොකු කරන් කටත් ඇරන්, ටිකක් හැරුවට පස්සෙ එතනින් හම්බුනේ මලකඩ කාපු පොඩි යකඩ පෙට්ටියක්, එක නිකම් හරියට වලව්වල ගැනු අය රත්තරන් මාල වලලු දාන පෙට්ටියක් වගෙ එකක්, පෙට්ටිය පරිස්සමින් අරන් බිමින් තියලා, බොහොම අමාරුවෙන් එ පෙට්ටිය ඇර ගත්තේ එක හොදටම මල බැදිලා තිබ්බ නිසා, ඊට පස්සෙ බෙබි හාමු එක ඇතුලෙන් ගත්තේ පරන උන රෙදි කැල්ලක ඔතපු මාලයක්, ඔව් එක ලොකට් එකක් තියෙන මාලයක්
"මාලයක්?"
_________________________________________
•
•
•
•
•
•
මේ කොටසනම් එච්චර හොඳ නැතුව ඇති, මොකද මන් මේ දවස් ටිකෙ දුකින් ඉන්නෙ අනෙ කතාව ටයිප් කරන්න හිතෙන්නෙත් නැ, අලුත් කොටසකින් ආපහු එන්නම්,
ආදරෙයි 😚❤️
මම,
මාහි 👉🏻👈🏻