The game of death

De ja-n-je23

528 97 121

🖤-----Zzzzzz උබලා ඇත්තටම මහ කමකට නැති වල් බැල්ලියෝ.... උබලටයි ඕන කරේ මැරෙන්න.. මරණය එක්ක සෙල්ලම් කරන්න .. ස... Mais

introduction
episode 01 ♡
episode 02 ♡
episode 03..♡
episode 05
episode..06 ♡
episode 07.♡
episode 08 ♡..(bonus )
●●episode 09 ●●
episode 10
last episode

episode 04

37 6 10
De ja-n-je23

episode 04

ruus's p.o.v :

පහුගිය රැයේ මම විදපු හැම භයානක හැගීම් ඔක්කොම මෙහෙය වූයේ මනස කියලා මම ඒ හැමදේම අමතක කරා ..

මායා ඇත්තටම දන්නෙ නෑ මම අද එනබවක්
ඉක්මනට එනව කිව්වට දවසක් කිව්වෙ නෑනේ ..
දැන් තියෙන්නෙ ගිහින්
සප්‍රයිස් කරන්න..

ඒත් මම ඔලුව කස කස කල්පනා කරේ මොකො ඉන්දියාව කියන්නේ නිව්යෝර්ක් නෙවෙයි නෙ .
මෙහෙ නම් මම වැඩි හරියක් ම කරේ පාරවල් වල කරක් ගහපු එක
ඒ හැමදාකම මං ලග මම ආසම සින්දු list එක play වෙන කනට ගහගත්ත hands-free දෙක,මූණ බාගෙකට වහගන්න දාපු කැප් එක ,සමහර වෙලාවට සිගරට් එකක් දෙකක් වරදින්නෙම නෑ ...
මායා ආපු මුල් දවස් වල මම හිතුවේ මට බනි කියලා. මොකද මට මායා ඉන්දියන් කෙල්ලෙක් කිව්ව ගමන් මගේ හිතේ ඇදුනෙ සංස්කෘතිකත්වයේ ලිං පතුලේ ඉදන් ඉන්න කනට ඇහෙන්න වචනයක් කතා නොකරන ඕනාවටත් වඩා ලජ්ජාශීලී ගෑනියෙක් කියලා තමන්ගෙ රෝම කූපේ ඉදන් ම විනයට අනුව හැඩ ගැහුනු කෙල්ලෙක් විදිහට...

හම්මෝ මට වැරදුනා
වැරදුනා කිව්වට ලෙසටම කෙල උනා මගේ මනෝ පාරේ ඉදපු ඉන්දියන් කෙල්ල මායා roommate වෙලා සතියෙන් rip

ඇමෙරීකන් කෙල්ලන්ට සෙකන්ඩ් නොවෙන්න මායා කොටට හිරට ඇදුම් ඇන්දා .
බින්දි තිලක ජූන්කා තෝඩු කෙසෙ වෙතත් එයා හිතුන හිතුන දාට දාන්න පුලුවන් කම්බි ගොඩවල් ඔක්කොම කනේ නහයේ ගහගත්තා. දිගට තියෙන කොණ්ඩෙ කපන්නැතුව සතියෙන් සතියට එක එක colour කරා.කනට ඇහෙන එක කෙසෙ වෙතත් අල්ලපු ගෙවල් ඔක්කෝටම ඇහෙන්න සීනූ කටක් ඒකීට තිබුනෙ.සමහර වෙලාවට මට තමයි ලැජ්ජාව ඔලුවට ගැහුවෙ.
එයා කිව්වේ මට ඕනේ පියාබන්න. කවුරුත් නෑ මෙහෙ හිර කරන්න.
මායාගෙ සංස්කෘතිය මාරයි.එයාලගෙ පවුල් වලින් ලමයින් සංකේතාත්මක ව විවාහ ගිවීස්සනව ඒ වයසෙ ම කොල්ලෙක් ට.
මායා ත් එහෙමයි.
කවදහරි දැන් මායා බදින්න ඕන ඒ කොල්ලව. කොල්ලත් බදින්න ඕන මායාවම.
ඒක මහ ගොන් සිරිතක්.
ඉතින් ඒකී උපරිම ජීවිතේ වින්දා හැබැයි සීමා ඇතුලේ ..
මායා මගේ නිදහස් ජීවිතයට ලෝබ වෙනකොට මම ඒකීව සාරියක් අන්දලා මමම තිලකයක් තියලා ලොකු කරාබු කුට්ටමක් කනේ දාලා මෙහෙන්දි ටිකක් අතේ ඇදල මම වින්දා
සංස්කෘතියෙ සිරිත් විරිත් කොහොම උනත් මම ගහපු මනෝ පාරේ ඉදපු කෙල්ලට හිතින් ආදරේ කරා .
සැබෑ ලෝකේ මං ලග ඉදපු එකීත් එක්ක පොලවෙ පය ගැහුවා..
මොකක්ද හේතුවකට මට මහ පාලුවක් දැනෙනවා.
ඒකී ඉන්දියාවටම අයිති උනත් මට දැනුනෙ ඒක නිවාඩුවක් නෙවෙයි කියලා
මට බය හිතුනා හදිසියේ ඔය නිවාඩුවේ ඒකීව බන්දලා දුන්නොත් ඒකී ඉදී සින්දූර් ගාගෙන සාරි පොටෙන් බාගයක් ඔලුව වහගෙන වලලු හැටක් දාගෙන ලිපක් ලග තෝසේ පුච්ච පුච්ච

මං ගහන මනෝ පාරේ ඒ වගේ කෙල්ලක් වෙයන් කියල හීනෙකින්වත් මම හිතල නෑ ..
එතකොට මට ඔය සාරියි ඔය අරුංගල් ඔක්කොම ගලවලා ගිනි තියන්න හිතේවී.
වෙන්න යන්නෙ මොනවද මේ කතාව ඉවර වෙන විදිහක් මම දන්නේ නෑ.
කොහොම වුනත් මට යථාර්තයට මුහුණ දෙන්න වෙනව.
මොකද ඉතින් මම ඒකීව බැදන් මෙහෙ ගේන්නයැ
උන්ගේ පරම්පරාවේ උන් ඒකී මැරැනා කියල අවමංගල සිරිත් ටිකත් කරයි එහෙම උනොත්.
පවුලේ ගෑනියක් දෙන්නක් ගින්නකට පනී පවුලේ නම්බුව නැති උනා කියලා.
ඉතින් හොදම දේ වෙන දෙයක් වෙන්න කලින් ජීවීතෙ විදින එක ...

🕖  වේලාව - රාත්‍රී නවයයි තිස්නවයයි,මුම්බායි

හනේ හම්මෙ මම ආවා .
ඉන්දියාවට ආවා .........
මට ඒක ගැන වචනෙන් කියන්න තේරෙන්නෑ
මම ගමන හෙට උදේට කල් දාලා බුක් කරපු හොටෙල් කාමරයට ආවා ..

no 345
මැඩ්රාස් මාවත ,
ජායිපූර්,
රාජස්ථාන්

මායාගෙ address එක ..
මම ඒක දිහා බලන් ඇදට වැටිලා ඔහේ බලන් ඉදියා...
හෙට ඉතින් මම ගිහින් ගේට් එක ලග හිටගනිද්දි එයා ඉදී මම කවදාවත් හරියටම නොදැකපු ඉන්දියන් ම කෙල්ලක් වෙලා
පුදුම ත් වෙයි
ඊටපස්සේ බනියි නොකියා ආවා කියලා
එතකොට නැදෑයෝ දෙසීයක් විතර ඉන්න එයාගේ පරම්පරාවටම මාව අදුන්වල දෙයි මේ මගේ හොදම යාලුවා කියලා. මමත් හිතුනොත් සල්වාරියක් කුර්තාවක් අදිනවා.
ඊටපස්සේ ඉට්ලි චට්නි තෝසේ වඩෙ සාම්බාරැ
ම්ම්ම් මතක් වෙද්දිත් කටට කෙල උනනව...
මතක විදිහට ජායිපූර් හරි ලස්සන පැත්තක්.
මමත් මේ කාලේ බාගෙට ඉන්දියන් කෙල්ලක් වෙයි
රික්ශෝවක නැගලා කුණු අඩුවක් නැතුව තියෙන පාරවල් වල මම ආසාවෙන් යයි.
පාර අයිනෙ පොඩි කඩයකින් කිරිකෝපි එකක් බොන්නත් පුලුවන්
ඇයි කෝවිල් යන්නත් පුලුවන් නෙ ...
එතකොට එයා ලගෙ ගෙදර වටපිටාව මේ හැමදේම හරි ලස්සනට මට පෙනේවී...

මම ඇත්තටම හීන ලෝකෙක අතරමං උනා.
මම හිතින් නිවාඩුව වින්දා . පැයක්වත් ගත නොකර මම හිතින් සති දෙකක් ඉන්දියාවේ ගත කරා ..

මගේ මනෝ ලෝකෙ අහවර උනෙ අඩි සද්දයක් ඇහිලා...

ඒක ඇහුනෙ සිවිලීමෙ..
මම බුක් කරේ සාමාන්‍යයෙන් හොදයි කියල  දැනුන හෝටලයක්. සමහර විට සිවිලීමෙ සතෙක් වෙන්න ඇති .ඒ අස්සේ බාත්රූම් එකෙ වතුර සද්දයක්
මම ආයෙත් ඔලුව කස කස නැගිටලා ඒ පැත්තට ගියේ මගේ සිහිය ගැන මටම දෙස් තිය තිය
හැබැයි බාත්රූම් එකෙ වතුර ලීක් එකක් තිබුන්නෑ ..
මම ඒක බලල ආයෙත් එන්න කලින් ලයිට් ගියා ..
තව ටිකෙන් කලුවරේ ඇවිදින්න ගිහින් ඔලුව වදිනව බිත්තියේ හයි කරපු කණ්ණාඩියෙ..

මගේ වෙලාව හොද නිසා ආයෙත් ලයිට් ආවා ..
ඒත් මම එකපාරටම අමුත්තක් දැනිල පිටිපස්ස බැලුව
කවුරුත් නෑ

ආයෙම මම බැලුවේ කණ්ණාඩිය දිහා..

මම ජීවිතේ ට දැකපු කැත ම නක්කල් හිනාව ඒක වෙන්නැති ..

මගේ කකුල් පණ නැතුව වෙවීලුවා...
ඔව් ඒකී ගෙ ලේ පිරුන අතක් කණ්ණාඩියෙන් එනව මගේ ලගට
නිකම් නෙවෙයි පණ ගැහෙන හදවතක් අරන්

ඒකීගෙ කටේ දෙපැත්තෙන් ලේ පෙරෙනව...

මම පිටිපස්සට අඩි තියන්න තියන්න ඒකී මට අඩි දෙකක් ලං වෙනව
කාමරේ මිනී කුණු ගදයි.
මට හුස්ම ගන්න ත් බෑ
ඒ මදිවට හෙලවෙන්නත් බෑ ...කෑ ගහන්න හැදුවට ඒක කරගන්න කටවත් අරින්න බෑ
ඒකී එනව
මේක කාලා බලහන් කියනව.
රහයි කිය කිය ඒ අමු හදවතෙන් කෑල්ලක් සූප්පු කරන දිහා බලද්දි මගේ බඩ කැලතෙන්න අරන් ඔක්කාරෙට ආවා ...

මම එපා කියන්න ඔලුව වැනුවා...
ඒත් එක්කම පොලොව ඉරි තලල ගිහින් පදාසියක් යටට කඩාගෙන ගියා ..
මට රස්නෙයක් දැනුනා කකුලට
මම බිම බැලුවා ඒ කඩන් වැටුන පදාසිය අස්සෙ කුහරයක්...
දෙයියනෙ....ඒක ලාවා ගගක් වගේ කැලතෙනව.
ගොඩක් පහලින් තිබුනට රස්නෙ යටිපතුල් පුච්ටනව. ඒකී ලගට එන්න එන්න පොලොව පුපුරනවා.
මගේ කට ගාවට ඒකී අර ගැහෙන හදවත ලං කරා
කාපන් කියද්දී මම අහක බලා ගත්තේ දරා ගන්න බැරි අප්‍රසන්න ගදට...

තෝ එහෙනම් පල පාතාලෙට..

ඒකීගෙ උල් නියපොතු අතින් මගේ බෙල්ල කඩනවත් එක්කම














මම යටිගිරියෙන් කෑ ගැහුව...



දෙයියනෙ මම ඇද උඩ..
නෑවට හපන් දාඩිය ඇගම තෙත් කරන්
address එකත් මගේ අතේ

යකෝ ඒක හීනයක් ද ...

මම පලවෙනි වතාවට ද කොහෙද හිත සැනසුනා මගේ බෙල්ලෙ මුකුත් ලේ පැල්ලමක් නැති උන එක ගැන ...
මං තාම ජීවත් වෙනව කියල පපුව නිවුනට ඒක ගැහෙන වේගෙටම මාව මැරෙයි කියල හිතුනා

මගේ අත් මගේ පපුව ලගට ගිහින් නතර උනා ...
බය වුන පාරට මම ලග තිබුන වතුර වීදුරුව බීගෙන බීගෙන ගියා ..

____________________________

වෙලාව පාන්දර හතරයි තිහයි.
වේලාසනින් මම ඇහරැනේ ආයෙමත් මහ විකාර හීනයක් නිසා බය වෙලා..
මේ පාර නම් මගේ හොද පණ ගිහින් තිබුනේ...

ආයෙත් නින්ද අහලකවත් නැති නිසා
මුලු room එකේම ලයිට් දාලා ඇද උඩ වාඩි වෙලා මම කල්පනා කරේ මේ මොන රෙද්දක් ද දකින්නෙ කියල.
යකෝ හීනෙන් බය වෙන එක කොහොමත් සාමාන්‍යයෙන් වෙනව
ඒත් අර වගේ හීනයක් දැක්කොත් ඇහරෙන එකත් ෂුවර් නෑ එතනම පණ left නෙ ..

මං කාලෙකින් භූත serch පාරක් දැම්මෙත් නෑ.කොහෙද ඉතින් එදා පුස්තකාලෙ ගත්ත පොතත් අර මල හෝන්තුව ලගනෙ...

ඇත්තටම මම ඔය දේවල් විශ්වාස කරේ  10% ක් වගේ. ඒකත් බොරු යි කියල ඔප්පු කරගන්න ම බැරි සිද්ධීන්
මම පුංචි කාලේ ඉදන් ම ඕවා විශ්වාස කරේ නෑ.ඒකට අපේ ගෙදර උන් ඕවා ඕනෑවටත් වඩා විශ්වාස කරා.වැඩිපුරම අම්මා...
ඒකයි මම පොඩි කාලේ ඉදන් ම වගේ මේ ගැන හොයන්න හිතුවේ.ඒකත් ඕවා බොරු කියලා ඔප්පු කරගන්නත් දැනගෙන ඉන්න ඕනාවට.
කාලයක් යද්දී ඕක මගේ interesting hobby එකක් උනා ..
හොයනව කිව්වට දවස ගානේ විශේෂයෙන් හෙව්වේ නෑ.ඉඩ හම්බ වුන වෙලාවක ඔය topic එකට සම්බන්ධ සිද්ධියක් පත්තර පිටුවක හරි තිබුනොත් කියෙව්වා..
නැතිනම් ඉතින් මේ ඉගෙන ගන්න එකයි ඩැඩීගෙ බිස්නස් වලට උදව් වෙන වැඩයි නතර කරල ඕවා හෙව්වොත් අපේ ගෙදරින් ම මාව මළගිය ආත්මයක් බවට පත් කරන එක නම් සීයට දෙදාහක් ෂුවර්...

හදිසියේ ම මට ආයෙමත් මේක ඔලුවට  ආවේ දැකපු ජරා හීන නිසා.
මම වටපිටාව එලිය වැටෙනකන් ඉදලා බාත්රූම් එකට රිංගලා නා ගත්තා.
නාන ගමන් නම් මම කල්පනා කරේ ජායීපූර් යන එක පරක්කු කරල හරි පල්ලියට ගිහින් හිතවත් නිවාගෙන එන්න ..
හීනයක් කියලා මට ඒක අමතක කරන්න බැරි දේවල් මගේ වටේ තියෙනවා කියල හිතෙනව දෙයියනෙ..
මොකද එදා හීනෙ දි වගේ මේ හීනෙන් ඇහැරිලා ඒක හීනයක් කියල හිත හදා ගන්න හිතුව විතරයි බාත්රූම් එකේ mirror එකෙ එක තැනක් පුපුරලා..
ඒකත් හරි මැද්දෙන්..
මට හොදටම ෂුවර් මම ඊයේ නිදා ගන්න කලින් ඇවිත් නා ගත්ත වෙලේ එහෙම මුකුත් තිබ්බෙ නෑ කියලා.
ඒත් කියන්න බෑ මහන්සියට එක්ක විකාර පේනවද දන්නෙ නෑ.
කෝකටත් කියලා මට පල්ලියට යන එක හොදයි කියලා හිතුන...

next episode coming soon friends
vote and comment plz guys

හායි භූත පැටියෝ ටිකට.
update දෙන්න බැරි වුනා පහුගිය ටිකේ.ඒකට සොරි ඈඈඈ
සොරි කියන්න ඕනත් නෑ හැබැයි
දැනට නම් මේක එහෙම කවුරුත් මග බලාගෙන ඉන්න තරම් ඇබ්බැහියක් නෙවෙනෙ...
ඒන් ඒකට කමක් නෑ.
මම අද ඉදන් daily update දෙන්නම්
තව එකක් ලමායි. මම ඉපදිලා තියෙන්නෙ කම්මැලි නැකතකින්නෙ.
ඉතින් මට වචන ටයිප් කරන්න ත් හරි කම්මැලි. 1000පැන්න ම ඉතින් එක එපියක් මම අනිවා publishe කරනවා. ඉතින් මේ ප්‍රමාණය ඔයාලට ඇති නේද ...?

Continue lendo

Você também vai gostar

106K 16K 62
How Is it to have Found Love in Childhood Right ! A dream come true for many, Your soulmate is none other than your best friend from years Ever thoug...
1.2K 206 11
"අවසානයක් නොවුණ අවසානයකින් හමුවුණු , අහස පොළොව මෙන් වූ හදවත් දෙකක් අතර ආදරණීය කතාවක ආරම්භය ... !"
5.4K 461 25
"ඒයි ඔලමොට්ටල පොල් කුරුමිනියා මගෙ පාට පැන්සල කෝ..." "ඒයි පොඩි එකෝ මගෙන් මැරුන් නොකා ඔය පින්සල දෙනවා....අදින්න දන්න චිත්‍රකුත් නෑ ...." ගෙට ඇතුල් වෙද...
765K 26K 149
Urban legends and myths from around the world will be published here.