πŸ”₯β­•πŒπ€π…πˆπ€ 𝐇𝐔𝐒𝐁𝐀𝐍𝐃⭕...

By cherry__yoon

6.4K 446 11

Kim teahyung sinhala fan fiction 🚫Don't copy my work 🚫 More

πŸ”₯ACCIDENTπŸ”₯
πŸ”₯WEDDING DAYπŸ”₯
πŸ”₯NEW FAMILYπŸ”₯
πŸ”₯KIM COMPANYπŸ”₯
πŸ”₯LOVEπŸ”₯
πŸ”₯SHOPPING MALLπŸ”₯
πŸ”₯LOVE BITESπŸ”₯
πŸ”₯YOHAπŸ”₯
πŸ”₯STAYINGπŸ”₯
πŸ”₯PASTπŸ”₯
πŸ”₯LOSTπŸ”₯
πŸ”₯STUPID GIRLπŸ”₯
πŸ”₯YURIπŸ”₯
πŸ”₯MIN HARIπŸ”₯
πŸ”₯REASONπŸ”₯
πŸ”₯UNKNOWNπŸ”₯
πŸ”₯PAINπŸ”₯
πŸ”₯HURTπŸ”₯
πŸ”₯HIDDENπŸ”₯
πŸ”₯VILLAINπŸ”₯
πŸ”₯ATTACKπŸ”₯

πŸ”₯SOOBINπŸ”₯

201 19 0
By cherry__yoon

ටිකක් හවස් වෙලා ඇහැරුන සුගා තමන්ට තුරුලු වෙලා නිදා ගෙන ඉන්න යුන්හි දිහා බලාන ඉදලා side table එකේ තිබුන phone එකෙන් වෙලාව බැලුවා.හවස 5.45 කියලා තිබුන නිසා සුගා යුන්හි ඇහැරෙන්නේ නැති වෙන්න නැගිටලා ටවල් එකක් ඇදගෙන යුන්හිට බෙඩ්ෂීට් එකත් පෙරවලා washroom එකට ගියා..

විනාඩි විස්සකට විතර පස්සේ සුගා එලියට එනකොට යුන්හි ඇදේ headboard එකට හේත්තු වෙලා පපුව ලගට බෙඩ්ෂීට් එක ලංකරගෙන බලාන ඉන්නවා.

"බේබි..නැගිට්ටද.."

"අහ්..කොහෙද ගියේ.."

සුගා යුන්හි ලගින් ඇවිත් ඉදගත්තා..

"වොශ් එකක් දාගන්න ගියේ..එන්න යන්න වොශ් දාන්න.."

"මට පුලුවන්.."

රතු උන කම්මුල් සුගාගෙන් හංගන ගමන් යුන්හි කියද්දි සුගා යුන්හි දිහා ඇහි බැමක් උස්සලා බැලුවා.

"හාකෝ.."

සුගා එහෙම කිව්වම බෙඩ්ෂීට් එකත් ඔතාන යුන්හි ඇදෙන් නැගිටින්න හදද්දිම යුන්හිව ආයෙත් ඇදෙන් ඉන්ද උනා.

"ආව්.."

යටි බඩ හරියෙන් එන වේදනාව නිසා යුන්හි තොලේ කොනකුත් හපාන එක අතක් බඩෙන් තියාන ඇස් තද කරලා පියාන ඉදියා..

"ඒක තමයි කිව්වේ..මෙහෙ එනවා.."

"ආආ...වැටෙයි.."

සුගා යුන්හිව උස්සලා අරගෙන washroom එකට යනකොට යුන්හි කෑ ගැහුවේ වැටෙයි කියලා.සුගා කෙල්ලව සින්ක් එක උඩින් ඉන්දවලා බාත්ටබ් එකට වතුර පුරවලා කෙල්ලව ඒකෙන් තිබ්බා..

"බේබි ඉක්මනට යමු..අද මෙහේ ඩිනර් එකක් තියෙනවා.."

"අද.."

"ඔව්.."

යුන්හිවත් වොශ් කරවලා ඇදුමකුත් අන්දවලා painkillers දෙකකුත් පොවලා සුගා පහලට ගියේ නම්ජූන්ව හොයාගෙන හෙට රෑට ක්ලබ් එකේ තියෙන diamond deal එක ගැන කතා කරගන්න..

සුගා යනකොට නම්ජූන් හොබී එක්ක document වගෙයක් බලනවා.සුගාත් ගිහින් එතනින් ඉදගත්තා

"ආහ්..යුන්ගි හියෝන් "

"ම්ම් හෙට වැඩේ හරි නේද.."

අතේ තිබුන පෑන කරකව කරකව සුගා ඇහුවේ හොබී දිහයි නම්ජූන් දිහායි මාරුවෙන් මාරුවට බලලා.

"ඔව්..හෙට රෑ හතට මිස්ටර් කිම් එනවා කිව්වා diamond ටිකත් අරගෙන.."

"හරි.."

"හියොන් මොකද ඔය බෙල්ල.."

කරකව කරකව හිටපු පෑනත් අතෙන් බිමට වැටුනේ නම්ජූන් සුගාගේ බෙල්ල පැත්තට අත දිග් කරලා අහනකොට.

"ආ..මේ මොකුත් නෑ.."

නම්ජූන් හොබී දෙන්නා හිනාව කගෙන ඉදියේ බෙල්ලට මොකද උනේ කියන්න හොදටම දන්න නිසා.

ඒ අතරේ යෝහ එක්ක වීඩියෝ ගේම් play කර කර ඉදිය ජන්කුක් ගේම් එක දින්න නිසා වීඩියෝ ගේම් එක පැත්තකට දාලා living room එකට ඇවිත් කයියක් ගහගෙන ඉදියා.

"නූනා..ඔයා අපි කව්ද කියලා දැනගත්ම බය උනේ නැද්ද..."

ජන්කුක් ඇහුවේ සෝෆා එකේ ඉදගෙන ස්නැක්ස් පැකට් දෙක තුනක් වට කරගෙන කන යෝහගෙන්.

"අපෝ නෑ කුක්සන්.."

යෝහා එහෙම කිසිම ගානක් නැතුව කියලා දැම්මේ තුන් වෙනි පැකට් එකත් කඩන ගමන්..

"යාහ් ඕක කියන්න එපා.."

"ඇයි ඒක ලස්සනයි හැමෝම කුකී ජේකේ කියනකොට මම කියන්නම් කුක්සන්.."

යෝහා එහෙම කියනකොට ජන්කුක්ට යෝහගේ ඔලුවට බුලට් එකක් බස්සන්න හිතුනත් කොල්ලා අහක බලා ගත්තේ ගැරඩියෙක් මරලා දාන්න ඕන නැති නිසා.

"ආ යුන්හි නූනා..මොකද කොර ගහන්නේ.."

පඩිපෙල බැහැගෙන එන යුන්හිව දැකලා ජන්කුක් කියනකොට යෝහාත් ඒ පැත්ත බලලා ඒක අනුමත කරන්න වගේ ඔලුව වැනුවා..

"ආහ්..මේ කුකී නූනා washroom එකේ වැටුනනේ ඒකයි.."

යුන්හි ඇවිත් ජන්කුක් ලගින්ම ඉදගෙන ගොන් හිනාවක් දාන ගමන් තාත්වික බොරුවක් කිව්වා.යෝහා නම් යුන්වි දිහා ඇස් හීනි කරගෙන බලාන ඉන්නේ නිකන් ස්කෑන් කරනවා වගේ..

"වැටෙනකොට ඔන්නි බෙල්ලට මොකද උනේ.. "

යුන්හිගේ බෙල්ල දිහාට අත් දික් කරලා යෝහා කියනකොට යුන්හිගේ තාත්වික විදිහට ආව බොරුව ඒ වෙලාවෙම අතාත්වික උනා..

"ආ මේ බාත්ටබ් එකේ වැදුනේ.. "

"මුලු බෙල්ලම නිකන් සතෙක් කාලා වගේ.."

ජන්කුක් නෝන්ඩි හිනාවක් දාගෙන යුන්හිට කියනකොට එතනට ආවේ සුගා..

"මොකද කියන්නේ කව්ද කෑවේ.."

සුගා යුන්හි ලගින් ඉදගෙන ජන්කුක් දිහායි යෝහා දිහායි බලන ගමන් කිව්වා

"නෑ මේ නූනා වැටිලනේ හියෝන් ඒකයි අනිත් එක බෙල්ලත් වැදිලනේ බාත්ටබ් එකේ..ආ හියොනුත් වැටුනද හියොන්ගේ බෙල්ලත් රතු වෙලා තැන් තැන්.. "

ජන්කුක් සුගා දිහාත් බලලා කියද්දි යුන්හි නම් රතුම රතු වෙලා.

"ඒක තමා ඔප්පා"

"උබලා නිකන් NIS එකෙන් වගේනේ..ගහප් යන්න තොපි දෙන්නට"

සුගා ජන්කුක් යෝහා දෙන්නට රවලා කියද්දි දෙන්නටම හිනා ගියා.යුන්හි නැගිටලා කිචන් එකට යනකොට කිචන් එකේ ඉන්සු හේසු සෝහා තුන් දෙනා ඉන්නවා.ජීහා නම් ජීවුන් බබාව වඩාගෙන හුරතල් කරනවා.යුන්හිත් ගිහින් ඉන්සු ලගින් ඉදගත්තා

"යුන්හියා ඩිනර් එක රෙඩි කරමු නේද..."

"හරි ඔන්නි..
ඒක නෙවේ කෝ ජින් ඔප්පලා.."

යුන්හි ඇහුවේ පහලට ආව වෙලේ ඉදලා ජින් ටේ ජීමින් තුන් දෙනා හිටපු නැති නිසා.

"එයාලා ගියා ක්ලබ් එකේ වැඩ වගෙයක් බලන්න...."

"හරි හරි "

ඉන්සු හේසු සෝහා යුන්හි හතර දෙනා උයන්න පටන් ගන්න කොට යෝහත් ඇවිත් උයන්න උදව් උනා..ජීහා ජීවුන් බබාව හුරතල් කර කර  dinning table එකේ ඉදගෙන ඉදියා.නම්ජූන් සුගා හොබී ජන්කුක් හතර දෙනා කම්පැනි එකේ වැඩක් ගැන කතා කර කර ඉද්දි ටේ ජීමින් ජින් තුන් දෙනාත් ආවා.

පැයකට විතර පස්සේ ඩිනර් එක රෙඩි කරලා ඉවර උනු හැමෝම ගියේ වොශ් එකක් දාගන්න තම තමන්ගේ කාමර වලට..

කාමරේට ආව ජීහා කොන්දත් අල්ලගෙන ඇදෙන් ඉදගෙන ඉද්දි එතනට ආවේ ටේහ්‍යුන්

"ජීහා බේබි...අමාරුද"

ටේ එන එක වත් දැනුනේ නැති ජීහා ගැස්සිලා ගියේ ටේ ඇවිත් කතා කරපු නිසා.

"කොන්ද රිදෙනවා ටේ.."

ජීහා එහෙම කිව්වම ටේ ජීහගේ කොන්ද හිමීට හෙමීට අත ගෑවා..

"වොශ් එකක් දාගෙන එමු හොදද.."

ජීහාත් ඔලුව වනලා යමු කිව්වම ටේ ජීහාවත් එක්කගෙන washroom එකට ගිහින් ජීහවත් වොශ් කරවලා එයත් වොශ් එකක් දාගෙන එලියට ආවා.ජීහට ඇදුමකුත් අන්දවලා ටේ ජීහව ඇදෙන් හාන්සි කරා.ජීහට මහන්සියට නින්ද යද්දි ටේත් ඇදුමක් ඇදගෙන පහලට ආවේ සූබින්ලා මට එනවා කියපු නිසා..

ඒ අතරේ ජීමින් කාමරේට යන ගමන් ඉදියේ යෝහාගේ කාමරේ පහු කරගෙන.යෝහගේ කාමරේ දොර ඇරලා නිසා නිකමට ජීමින් ඔලුව දාලා බැලුවේ යෝහා මොකද කරන්නේ කියලා..

"ඕයි.."

ජීමින් ජනේලෙන් එලිය බලාගෙන ඉදිය යෝහ ලගට ගිහින් කෑ ගහලා කියනකොට යෝහා ගැස්සිලා ගියා.

"මොකද මනුස්සයෝ..තව ටිකෙන් අධි රුධිර පීඩනේ හැදෙන්නේ.."

යෝහා රවලා කියනකොට ජීමින්ට හිනා ගියා

"මොකද තමුසේ හිනා වෙන්නේ ආ.."

"ඇයි දැන් මට හිනා වෙන්නත් තමුසෙගෙන් අවසර ගන්න ඕනද.."

"ඇයි ආවේ.."

"නිකන් මම හිතුවේ මැරිලා වත් ද කියලා..
දොරත් ඇරලා දාලනේ.."

ජීමින් නොන්ඩියට හිනා වෙලා කියනකොට නම් යෝහට යකා නැග්ගා..

"ආශ්...fuck තමුසෙ නම්.."

"ඕඕඕ fuck කරන්නත් මට පුලුවන් බේබි ඔයාට ඕන නම්.."

ජීමින් යෝහගේ මූනට එබිලා එහෙම කිව්වේ යෝහාගේ කම්මුල් ලා රෝස පාට වීගෙන එද්දි.යෝහා ජීමින්ගේ නලලට ඇගිල්ලකින් ඇනලා එහාට තල්ලු කරලා ඈත් උනා

"අනේ මේ..යනවා යන්න.."

"කැමති වෙලාවක කතා කරන්න බේබි මට ඕන වෙලාවක පුලුවන්.."

ජීමින් දොර ලගට ගිහින් ආයේ යෝහා පැත්තට හැරිලා wink කරලා යන්න ගියේ යෝහා ජීමින්ගේ හත් මුතු පරම්පරාවම මතක් කරද්දි..

රෑ අට විතර වෙනකොට කොල්ලෝ හත් දෙනායි ඉන්සුයි හේසුයි සෝහයි යෝහායි living room එකේ ඉද්දි එනවා කිව්ව අය ආවා..

ගාර්ඩ් කෙනෙක් දොර ඇරලා ඇතුලට එන්න කියද්දි සුගා ගියේ යුන්හි තාම නැත්තේ මොකද කියලා බලන්න.කාමරේට ආව සුගා යුන්හිව හොයද්දි කෙල්ල එතකොටම එලියට ආවා.

"ඕහ්..ඔයා ලස්සනයි මගේනේ.."

"අහ්.."

සුගා යුන්හිගේ තොල් වලට බර වෙලා හෙමීට කිස් කරද්දි යුන්හිත් ආපිට සුගාව කිස් කරා.විනාඩි පහකට විතර පස්සේ යුන්හිගෙන් ඈත් උන සුගා යුන්හිවත් එක්ක ගෙන පහලට ගියා.

ඒ අතරේ සූබින් වගේම මිස්ටර් කිම් දෝයොන් ලී මින්සුක් හන් මූයොන් කියන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෝ හතර දෙනා එක්ක ටේ ජීමින් ජින් නම්ජූන් හොබී ජන්කුක් කතා කර කර ඉද්දි ඉන්සු හේසු සෝහා එක්ක dinning table එක රෙඩි කරා.ජීහාට අමාරු නිසා ජීහව ඇහැරුවේ නැති නිසා ටේ තනියම තමයි පහලට ආවේ..

"ඉතින් කොහේමද මිස්ටර් කිම්.."

ලී මින්සුක් එහෙම ඇහුවේ තමන්ට ඉස්සරහින් ඉදගෙන ඉන්න ටේහ්‍යුන්ගෙන්..

"වරදක් නෑ මිස්ටර් ලී.."

"කෝ ඔයාගේ වයිෆ් මිස්ටර් ටේහ්‍යුන්.."

සූබින් ටේට කිව්වේ නෝන්ඩි හිනාවක් දාන ගමන්.ටේත් ඊට නොදෙවෙනි හිනාවකින් සූබින්ට සංග්‍රහ කරලා ජීහට අමාරු නිසා නිදි කිව්වා.
ඒ අතරේ පහලට එන ගමන් හිටපු යුන්හි එක තැන ගල් උනේ පහල ඉදපු කෙනා දැකලා.යුන්හි නැවතුනේ ඇයි කියලා බලන්න සුගා බලනකොට යුන්හිගේ ඉහෙන් කනෙන් දාඩිය වැක්කෙරෙන්න පටන් ගත්තේ AC තියෙන කොට...

"Baby what happened..?"

සුගා යුන්හි හිටපු පඩියට ආපහු නැගලා යුන්හිගේ අතක් අල්ලගෙන කතා කරා.

"යු..යුන්ගියා..සූ..සූබින් මො..මොකද මෙහේ කරන්නේ...
එයාද එනවා කිව්වේ...."

යුන්හිට වචනත් පැටලෙනවා.සුගා බලාන ඉදියේ යුන්හිගේ බය වෙච්ච මූණ දිහා.

"ඔව් ඒ සූබින් තමා..මොකක්ද ප්‍රශ්නේ.."

සුගා යුන්හිව එක්ක ගෙන කිචන් එක පැත්තට ගියා.ගියපු ගමන් වතුර එකක් බිගෙන බීගෙන ගියපු යුන්හි හයියෙන් හුස්ම ගත්තා..

"ජීහා..ජීහා නෑ නේද.."

"ජීහා පහල නෑ..මොකද උනේ ම්ම්"

සුගා කෙල්ලව පපුවට තුරුලු කර ගෙන ඔලුව අතගෑවා

"ටේ..ටේ ඔප්පට එන්න කියනවද ටිකක්..ඉක්මනට..මම සේරම කියන්නම් ඔයාට ඒත් දැන් නෙවේ.."

"හරි ඉන්නකෝ.."

යුන්හි එහෙම කිව්වේ හේතුවක් ඇතුව කියලා හිතපු සුගා living room එකේ හිටපු ටේට එන්න කිව්වේ යුන්හි ඉක්මනට එන්න කිව්වා කියලා..
ටේ එතනට ආව ගමන් යුන්හි කතා කරා..

"ඔප්පා..ජීහා කෝ.."

"ජීහා නිදි යුන්හියා..කොන්ද රිදෙනවා කිව්වා.."

ලොකු හුස්මක් පහළට දාලා යුන්හි සූබින් හිටපු පැත්තත් බලලා ආයෙත් ටේ දිහායි සුගා දිහායි බැලුවා..

"මම පස්සේ විස්තරේ කියන්නම්..
ජීහව අද මෙතනට ගේන්න එපා..සූබින්ට ජීහව මුන ගස්සවන්න එපා ඔප්පා.."

"ඒත් ඇයි යුන්හි.."

"ඒක ලොකු කතාවක්..දැන් යමු.."

යුන්හි සුගාවයි ටේවයි එක්කගෙන living room එකට එද්දි යුන්හිව දැකපු සූබින්ගේ ඇස් ගැස්සුනත් ආයෙත් කට කොනින් හිනාවක් දාගෙන යුන්හි දිහා බැලුවා.යුන්හිත් ඊට නොදෙවෙනි වෙන්න හිනාවක් සූබින්ට දාලා සුගා ලගින් ඉදගත්තා..

නම්ජූන් හොබී හේසු සෝහා හතර දෙනා කලින්ම අදුන ගෙන හිටපු මේ අය යුන්හි දිහායි සුගා දිහායි බැලුවා..

"මිස්ටර් මින් මේ.."

"මේ මගේ වයිෆ් මිස්ටර් ලී..මින් යුන්හි.."

මිස්ටර් ලී දිහා බලලා හිනා උනු යුන්හිගේ හිනාව නැති උනේ සූබින් කියපු එකට..

"ඉතින් කොහොමද යුන්හි..සතුටින් ඉන්නවද..?.."

සූබින් කියපු එකෙන් අනිත් අය confused උනාට සුගා ටේ දෙන්නනම් එහෙමම ඉදියා..

"ඕහ්..මම හොදින් ඉන්නවා මිස්ටර් සූබින්.."

"ඔයාලා අදුනනවද කලින්..?"

ජින් ඇහුවේ අනිත් හැමෝටම තිබුන ප්‍රශ්නයක් .

"මොකද නැත්තේ..මගේ නෑනව මම අදුරන්නෙ නැතුව ඉන්නවද..?."

"ඒක තමා නේද මිස්ටර් සූබින්.."

යුන්හි සූබින්ට හිනා වෙවීම උත්තර දුන්නේ අනිත් ඊයට වෙනසක් නොපෙන්වා හිත යටින් තරහක් වෛරයක් වගේම දුකක්ද හිර කරගෙන.හැබැයි යුන්හිගේ හුස්ම ගන්න රටාව පවා අදුනන සුගාට නම් ඒක තේරුම් ගන්න වැඩි වෙලාවක් ගියේ නෑ..

ටිකකින් ඩිනර් එකත් අරගෙන බිස්නස් වැඩ ටිකත් කතා කරගෙන අර හතර දෙනා යන්න පිටත් උනේ හැමෝගෙම හිතේ කුතුහලයක් ඉතිරි කරලා.හැමෝම ගියාට පස්සේ කට්ටියම හැරුනේ යුන්හි දිහාට..
හුස්මක් පහළට දාපු යුන්හි සූබින් ගැන හැම දෙයක්ම කියන්න පටන් ගත්තා..

To be continue..

සූබින් කව්ද....?

යුන්හි කොහොමද සූබින්ගේ නෑනා උනේ යුන්හිට කව්රුත් නැත්තන්..?

ඉක්මනට දෙන්නම් ඊලග එකත්..



Continue Reading

You'll Also Like

14.2K 1K 19
#sinhala #jk #fanfiction Written by ΰΆ½ΰ·ΰΆ ΰ·’ΰΆΈΰ·ΰΆ½ΰ·ΰΆ½ΰ·βœ¨οΈ 20 / 11 / 2022
564K 20.5K 95
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! πŸ˜‚πŸ’œ my first fanfic...
851K 52.3K 116
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
7.1K 343 17
he promised not to be like him. - COMPLETED βœ“