නාරි living room එකට ගිහින් call එකක් ගත්තේ ජංකුක්ට උනත්, ජංකුක් එයාගේ phone එක answer කරන පාටක් පෙනුනේ නැති නිසා කලබල උනා නාරි ඉක්මනට හුවාන්ට call එකක් ගත්‍තා. මොකද හුවාන් කියන්නේ ජංකුක්ගේ හොඳම යාලුවා වගේම ජංකුක් කොහේ ගියත් මොනවා කරත් ඒ හැම දෙයක්ම දන්න එකම කෙනා නිසා.හුවාන් call එක answer කරන්න වැඩි වෙලාවක් ගත්ත එකත් නාරිගේ හිත තවත් කලබල වෙන්න හේතුවක් උනා.
"හ්....හෙලෝ ආන්ටි......"
මුලදි හුවාන්ගේ කටහඬ ඇහුන නාරි පොඩ්ඩක් සන්සුන් උනත්, හුවාන්ගේ කටහඬෙත් පොඩි කලබල ගතියක් තියෙනවා කියලා තේරුනාම නාරි phone එක කනට තද කර ගත්තා.
"අහ් පුතේ....ඔයාලා කොහෙද ඉන්නේ..?ජංකුක් මොකද කරන්නේ...?එයා...."
"ආන්ටි......කලබල වෙන්න එපා....ජංකුකා අපිත් එක්ක ඉන්නවා...එයාට ටිකක් සනීප නැහැ වගේ...අපි මේ ගෙදර එන ගමන් ඉන්නේ.."
"ඇ....ඇයි ජංකුක්ට මොකද උනේ...?හෙලෝ...හුවාන්....හුවාන්..."
නාරිට සිද්ධ උන දේ දැනගන්න ඕන උනත් ඒක දැනගන්න තිබුනු අවස්ථාව නැති උනේ හුවාන් call එක කට් කරපු නිසා.නාරි කිහිප සැරයක්ම හුවාන්ට කතා කරත් ඒ හැම සැරේම අහන්න ලැබුනේ 'Phone එකෙන් කිසිම ප්‍රතිචාරයක් නැහැ'යි කියලා.
නාරි එහෙමම ගිහින් couch එකෙන් වාඩි වෙලා ජංකුක් එකපාරට අසනීප වෙන්න හේතුව මොකක්ද කියලා කල්පනා කරනකොට,ජංකුක් ඊයේ රෑ වගේම අද හවසත් කෑම පල්ලෙහා කන්නේ නැතුව උඩට ගෙනිච්චා කියලා නාරිට මතක් උනා.ඒ ගැන පොඩි සැකයක් ඇතිඋනු නිසා නාරි ජංකුක්ගේ කාමරේට ගිහිල්ලා බැලුවම,ජංකුක් උඩට ගෙනාපු ඔක්කොම කෑම එහෙමම මේසේ උඩ තියෙනවා දැක්කා.
ඒ එක්කම පල්ලෙහායින් ඇහුනු කටහඬවල් නිසා නාරි ඉක්මනට කාමරේ දොරත් වහගෙන පල්ලෙහාට ආවා.පල්ලෙහා ගෙදර දොර ලඟ පිරිමි ලමයි හතර දෙනෙක් ඉන්නවා දැක්කත් එතනින් එක්කෙනෙක්, ඒ කියන්නේ ජංකුක් ටේහ්‍යොන්ගේ කරට අතක් දාගෙන ඇඟ පහලට බර කරගෙන ඉන්නවා දැක්කම නාරි ඇවිදන් ආපු වේගේ තවත් වැඩි කරා.
"මගෙ ජංකුක්......"
නාරි ජංකුක් ලඟට ඇවිත් ජංකුක්ගේ අනිත් අත නාරිගේ කරට දාගෙන ටේහ්‍යොන්ගේත් උදව් එක්ක ජංකුක්ව couch එකෙන් වාඩි කෙරෙව්වා.
"ජංකුක්....පුතේ මොකද උනේ...?ඔයාට සනීප නැද්ද..?"
ජංකුක් මුකුත් කියන්නේ නැතුව ඇස් දෙක වහගෙන ඔලුව පිටිපස්සට බරකරගත්තා.
"අපි කෑම කන්න එලියට ගිහින් ඉද්දි මෙයාට සිහිය නැති උනා ආන්ටි...දන්නේ නැහැ එකපාරට මොනවා උනාද කියලා..."
හුවාන් ජංකුක්ට එහා පැත්තෙන් ඉඳන් හිටපු ටේහ්‍යොන්ග් ලඟින් වාඩි වෙන ගමන් එහෙම කිව්වා.
"කෑම ටික කාලා නෑ කියලා දැක්කම මටත් ඒක හිතුනා..."
"ඒ...ඒ කියන්නේ ආන්ටි ජංකුක් අද කෑම කාලා නෙමෙයිද ආවේ..?"
"ඔයාලට ඒ ගැන ජංකුක් කිව්වේ නැද්ද...?"
නාරි ටේහ්‍යොන්ග් දිහා බලන් එහෙම ඇහුවම ටේහ්‍යොන්ග් ඔලුව දැපැත්තට වැනුවේ නෑ කියන්න වගේ.
"ජංකුක් ඊයේ රෑ කෑමයි අද හවස කෑමයි දෙකම කාලා නැහැනේ දරුවෝ....අනිවාරෙන්ම උදේ කෑම එකත් මෙයා නොකා ඉන්න ඇති..."
නාරි එහෙම කියන ගමන් හුවාන් දිහා බැලුවේ උත්තරයක් බලාපොරොත්තුවෙන්.
"එ....එහෙම නෑ ආන්ටි....මෙයා අද අපිත් එක්ක එකට කෑවා....අනිත් එක මෙයාට එහෙම අසනීපයක් තියෙනවා කියලා පෙනුනෙත් නැහැ.."
තද නින්දක වැටිලා ඉන්න ජංකුක් දිහා බලන් හුවාන් කියපු දේ අහන් හිටපු නාරි ජංකුක්ගේ නලලෙන් අත තියලා,
"මං හිතුවා හරි......ජංකුක්ට උණ අරගෙන...ඊයේ රෑ ඉඳන් කොල්ලට මේක තියෙන්න ඇති...ඒකයි කෑම කෑවේ නැත්තේ..."
"ඊයේ ජංකුක් වැඩිය පහලට ආවේ නැත්තෙත් ඔය නිසා වෙන්න ඇති.."
මෙච්චර වෙලා කාගෙවත් අවධානය යොමු වෙලා තිබුනේ නැති ජොන්,ජංකුක්ට එහා පැත්තේ couch එකෙන් ගිහින් වාඩි වෙන ගමන් එහෙම කිව්වා.
"අපි බය උනා ජංකුක් එකපාරට බිම වැටුනම..මොකද කවදාවත් අපි එහෙම දෙයක් අපේ වෙන යාලුවෙක්ටවත් වෙලා තියෙනවා දැකලා නැහැනේ..."
හුවාන් කියපු එක අනුමත කරන්න ජීහුන් ඔලුව වැනුවත් ටේහ්‍යොන්ග්ට ඒ කිසිම දෙයක් ඇහුනේ නැහැ.එයා ජංකුක් දිහා දුකෙන් බලන් ඉන්න ගමන් කල්පනා කරේ ඇයි එයාට ජංකුක්ගේ අසනීපේ කලින් අඳුනගන්න බැරි උනේ කියලා.
"අපි දැන් ජංකුක්ව කාමරේට ගෙනියමු නේද?....එයාට මෙතන මෙහම නිදාගන්න අමාරුත් ඇතිනේ..."
"ඔව් ඒක හරි...ආ...මට අඳුර ගන්නත් බැරි උනා..පුතා අපේ ජංකුක්ගේ යාලුවෙක්ද..?ඒත් මං කලින් දැකලා නම් නැහැ..."
ජීහුන් කතා කරාම නාරි ජීහුන් දිහා බලලා එහෙම ඇහුවේ නාරිට හුරු ගතියක් දැනුනේ නැති නිසා.
"ආහ්....මම ටේහ්‍යොන්ගේ අයියා.ජීහුන්..."
ජීහුන් නාරි දිහාත් ජොන් දිහාත් මාරුවෙන් මාරුවට බලන් ගමන් එහෙම කිව්වා.couch එකෙන් නැගිටපු නාරි ජංකුක්ගේ එක අතක් අල්ලගෙන ටේහ්‍යොන්ග් දිහා බලලා,
"ජංකුක්ට දැන් නින්ද ගිහින් ඉන්න නිසා උස්සගෙන තමයි යන්න වෙන්නේ...අහ්...එපා එපා...ඔයාලා මෙයාව ගෙදරටම අරන් ඇවිල්ලත් මම තවත් කරදර කරනවා...."
එහෙම කියපු නාරි ජොන් දිහා බැලුවම ඊට ඉස්සර උන ටේහ්‍යොන්ග්,
"අහ්....ප්‍රශ්නයක් නෑ ආන්ටි....ම..මම ජංකුක්ව එයාගේ කාමරේට ගෙනියන්නම්....ඒක අව්ලක් නැහැ..."
එහෙම කියපු ටේහ්‍යොන්ග් ඉක්මනට couch එකෙන් නැගිටලා ජංකුක්ව එයාගේ පිටිපස්සෙන් වඩා ගත්තේ නාරිගෙත් උදව් ඇතිව.ඒ කරපු දෙයින් ටිකක් නින්ද කැඩුනු ජංකුක් ආයිත් හොඳ නින්දකට වැටුනේ ටේහ්‍යොන්ගේ බෙල්ලත් තදින් බදා ගෙනයි.
"මම අද මෙහෙ ඉන්නද ආන්ටි..?තාත්තට call කරලා කියන්නම් ජංකුකාට අසනීපයි කියලා..."
කාමරේට ඇවිත් ටේහ්‍යොන්ග් ජංකුක්ව ඇඳ උඩින් තිබ්බට පස්සේ හුවාන් නාරි ලඟට ඇවිත් එහෙම කිව්වා.
"ඔව්....ඔයා ඉන්න එක හොඳයි....මටත් ගෙදර වැඩ එක්ක හැමවෙලේම මෙතන ඉන්න බෑනේ...හුවාන්ට ප්‍රශ්නයක් නැත්තන් අද මෙහෙ ඉන්න.."
නාරි එහෙම කියපු ගමන් හුවාන් එලියට ගියේ තාත්තට call කරන්න.ඒත් එක්කම ජීහුන් හෙමීට ටේහ්‍යොන්ග් ලඟට ඇවිත්,
"ඒ.....යන්න හිතක් නැද්ද...කීය වෙනකන් මෙතන ඉන්නද..?"
"හරි තව ටික වෙලා....."
ටේහ්‍යොන්ග්ට ඉතුරු ටික කියා ගන්න ලැබුනේ නැත්තේ නාරි එකපාරට තමන් ලඟට ආපු නිසා.
"අද කරපු දේට අපේ ටේහ්‍යොන්ග්ටයි ඔය ලමයටයි කොහොම ස්තූති කරන්නද මන්දා..යාලුවෙක්ට අසනීප උනා හරි වෙන මොකක් හරි උනාම ඔයාලා වගේ යාලුවෝ ලඟින් ඉන්න එකනම් ඇත්තටම වටිනවා..."
"අහ්....ඒක එච්චර දෙයක් නෙමෙයි ආන්ටි....බය වෙන්න එපා...ජංකුක්ගේ මේ යාලුවෝ ටික ඉන්නකන් ජංකුක්ට කිසිම ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.."
ජීහුන් නාරිට එහෙම කියන ගමන් ටේහ්‍යොන්ගේ ඇස් දිහා කෙලින්ම බැලුවේ අමුතු හිනාවකුත් දාන ගමන්.ඒක ටේහ්‍යොන්ග් දැක්කේ නැති උනත් නාරි දැක්කා.ඒත් ඒ බැල්ම මොකක්ද කියලා නාරිට අඳුර ගන්න බැරි උනා.
ජංකුක් ලඟ ටික වෙලාවක් හිටපු ටේහ්‍යොන්ග්,අන්තිමට එයාගේ අයියගේ කීමට එකඟ වෙන්න උනේ අකමැත්තෙන්.ගෙදර හිටපු ඔක්කොටම කියලා, තව එක පාරකුත් ජංකුක්ව බලලා, ටේහ්‍යොන්ග් එයාගෙ අයියා ජීහුන් එක්ක ගෙදරින් එලියට ආවා.
"දැන් ඉතින් ගෙදර යන්නේ කොහොමද..?"
මෙච්චර වෙලා ජංකුක්ගේ ගෙදර හිටපු නිසා ගෙදර යන එක ගැන වැඩි සැලකිල්ලක් තිබුනේ නැති ජීහුන්ට ගෙදරින් එලියට ආවම ඒ ගැන මතක් වෙලා ටේහ්‍යොන්ගෙන් එහෙම ඇහුවේ ඔලුවත් කසන ගමන්.
"මේ එක් දහස් නමසිය ගනන් නෙමෙයි අයියේ....සල්ලි තියෙනවද..?"
ටේහ්‍යොන්ග් එහෙම කිව්වම ජීහුන් කට කොනින් හිනා වෙලා එයාගේ ඩෙනිමේ සාක්කුවට අත දැම්මේ පාරට අත දික් කරන ගමන්.
.............................................................................................
"හේජුන්....!!හේජුන්.....!!!පුතේ මේ දොර අරින්න.."
හේජුන් එයාගේ පොඩි කාමරේ තද නින්දකට වැටිලා ඉද්දී ඒ නින්ද කැඩුනේ තමන්ගේ කාමරේ දොරට කවුරුහරි තට්ටු කරනවා ඇහුනු නිසා.හේජුන් ඇහැරිලා ඇඳේ ඉඳගන්නකොට තමයි එයාගේ අම්මගේ කටහඬ ඇහුනේ.
"ආ එනවා...."
එහෙම කියන ගමන් ඔලුවත් කස කස ගිහින් දොර අරිනකොටම අම්මා කාමරේ දොර ගාව වැටිලා ඉන්නවා දැක්ක හේජුන්,
"අම්මේ....!!ඇයි මේ.....?මොකද උනේ.....?"
"හේජුන්.......හේජුන් ඇයි අපිට මෙහෙම උනේ....."
"ඇයි මේ අඬන්නේ....මොකද්ද උනේ කියන්නකෝ...."
හේජුන් අම්මා ලඟින් දණගහගෙන එහෙම අහනකොට අම්මා අඬන එක නවත්තගන්න උතසහා කරා,
"ඔ.....ඔයාගේ තාත්තා....."
"අඬන්නේ නැතුව කියන්නකෝ අම්මේ...තාත්තා මොනාද කිව්වේ..?"
හේජුන් එහෙම ඇහුවත් හේජුන්ගේ අම්මට ඉකි ගගහා ඇඬුනා මිසක් කිසි වචනයක් පිට උනේ නැහැ.
"හරි......හරි....දැන් අඬන්නේ නැතුව මාත් එක්ක එන්නකෝ...."
හේජුන් අම්මට හෙමින් නැගිට්ටවලා එහෙම කියන ගමන් ලඟ තිබුනු පුටුවෙන් වාඩි කෙරෙව්වා.
"දැන් මට කියන්න....තාත්තා මොනවද අම්මට කිව්වේ..?"
හේජුන් අම්මා ලඟින් වාඩි වෙලා අම්මගේ අත් දෙක අල්ලලා එහෙම ඇහුවම අම්මා,
"ත්...තාත්‍තා මුකුත් කිව්වේ න්..නෑ..හේ...ජු..න්..."
"එහෙනම් මොනවද උනේ අඬන්න තරම්....?"
"තාත්තා.....තා...ත්තා....."
"ඔව් තාත්තා..?"
"S.....Suicide කරගෙන...!!!"
"ම්....මොකක්....?"
හේජුන්ට අම්මා කියන දේ විශ්වාස කරන්න බැරි උනා.තාත්තා හොඳටම බිව්වත් ඒ වගේ මෝඩ වැඩක් කරයි කියලා හේජුන් කවදාවත් හිතුවේ නැහැ.ටික වෙලාවක් නිහඬව ඔහේ හිටපු හේජුන් අන්තිමට අම්මා දිහා බලලා,
"අ....අම්මා කොහොමද ඒක දැනගත්තේ...?"
හේජුන්ගේ අම්මට හිතේ තියෙන දුක නිසා උත්තර දෙන්න අමාරු උනත් අම්මා ඒ ප්‍රශ්නෙට උත්තර දුන්නේ මේසේ උඩ තිබුනු phone එක දිහා බලලා.තත්පරයක්වත් පරක්කු නොවුනු හේජුන් ඉක්මනට ගිහින් phone එකේ අන්තිමට කෝල් එකක් ආපු number එකට කෝල් එකක් ගත්තා. අදාල පුදගලයා ඉක්මනට phone එක answer කරාම හේජුන්ගේ හදවත වේගෙන් ගැහුනේ අහන්න ගිය දේත් අමතක වෙන ගමන්.
"හෙලෝ....."
"ආ......මේ Mr.Soen ගේ පුතා වෙන්න ඇති..."
"ඔ...ඔව්...එයා ත..මයි..."
"ඇත්තටම කණගාටුයි පුතා....අපිත් මේ දේ දැනගත්තේ අද උදේ....Mr.Soen Suicide කරගෙන තියෙන්නේ ඊයේ රෑලූ...ඔයාලට පුලුවන් නම් Mr.Soen ගේ mansion එකට දැන්ම එන්න..."
"හ....හරි..එන්නම්...."
හේජුන් phone එක මේසේ උඩින් තියලා අම්මා ලඟට හෙමින් ඇවිදගෙන ගිහින්,
"අම්මේ....අපි ගිහින් බලමු...මම දන්නවා අම්මගේ හිතට මේක දරාගන්න අමාරුයි කියලා...ඒත් අපි තාත්තා suicide කරගත්තු හේතුව දැනගන්න ඕනෙනේ...එකපාරට මෙහෙම වෙන්න විදිහක් නෑනේ..."
හේජුන්ගේ අම්මා එයාගේ කඳුලු පිහදගෙන අමාරුවෙන් කතා කරා.
"න්...නෑ.......ම්..මම...දන්....නවා එයාට ම්...මැරෙන්න හිතුනු හ්...හේතුව.....එයා.....එයා....අපි නිසා තමයි.........."
හේජුන්ගේ අම්මට තවත් වචනයක් වත් කියන්න බැරි උනේ තමන්ට අඬන එක් නවත්වගන්න අමාරු නිසා.
"හරි....එහෙනම් අම්ම ටිකක් ඔහොම ඉන්න..අම්මට හිතුනු වෙලාවක කියන්නකෝ..අපි ලෑස්ති වෙලා එහෙට යමු.."
හේජුන් යන්න හදනකොට හේජුන්ගේ අතින් අල්ලගත්ත අම්මා,
"නෑ....අපි යමු.....ම්....මම....ලෑස්‍ති වෙලා එන්නම්...."
හේජුන්ගේ අම්මා හෙමීට පුටුවෙන් නැගිටලා එතනින් ගියා.හේජුන් පොඩ්ඩක් හරි සතුටින් හිටියේ එයාගෙ අම්මා සතුටින් හිටපු නිසා.ඒත් දැන් ඇත්තටම තමන් ලඟ තිබුනු ඒ පුංචි සතුට හරි නැති උනේ මේ හේතුව නිසා.මේ හේතුවටත් තව එකම එක හේතුවක් තිබුනා.ඒ හේජුන්ගේ හිතට හැමවෙලේම වද දෙන වචනය උන 'Kim'.ඔව්,මේ හැමදේකටම හේතුව Mr.Kim තමයි.
ඒ වගේම තමන් මෙතන හිතින් හුඟක් කඩන් වැටිලා ඉන්නකොට අනිත් පැත්තෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව ලස්සනට ජීවත් වෙන ටේහ්‍යොන්ග් එක්කත් හේජුන්ට කවදාවත් ආපු නැති ලොකු තරහක් ඇති උනා.
..............................................................................................
හුවාන් ජංකුක්ගේ ඇඳට ටිකක් මෙහායින් පුටුවේ ඉඳගෙන කොච්චර බලන් හිටියත් ජංකුක් ඇහැරෙනවා තියා හෙල්ලුනේවත් නැහැ.සමහර වෙලාවට හුවාන්ගේ හිතට එන මහ කාලකන්නි හැඟීම් නිසා හුවාන් ජංකුක් ලඟට ගිහින් ජංකුක්ගේ නහට යටින් ඇගිල්ල තියලා,ඇඟිල්ලට උනුසුමක් දැනුනම හිනාවක් මුහුන රඳවගෙන ගිහින් ආයිත් ඉඳගන්නවා.
මේ විදිහට එක එක සිදුවීම් එක්ක වෙලාවත් ටික ටික යනකොට,හුවාන්ගේ හිතට සැනසීමක් ආවේ ජංකුක් හිරි අරින ගමන් හෙමීට නැගිටලා ඇඳ උඩ ඉඳගන්නකොටයි.
"ආ බොසාට දැන් මොකද...?"
"ම්හ්ම්....."
ජංකුක්ගේ හැසිරීමෙන් අසනීපේ පොඩ්ඩක්වත් හොඳ නෑ කියලා තේරුනු හුවාන් ජංකුක් ලඟට ගිහින් ජංකුක්ගේ එහා පැත්තෙන් වාඩි උනා.
"මේකෙන් උබේ උණ නම් අඩුවෙන පාටක් නැහැ වගේ...."
හුවාන් ජංකුක්ට ඇඳ එහා පැත්තේ තියෙන පොඩි Design table එක පෙන්නන ගමන් එහෙම කිව්වම ජංකුක් ඒ පැත්ත බැලුවා.Table එක උඩ තිබ්බේ ඇතුලේ රෙදි කෑල්ලක් පොඟවලා තියෙන පොඩි වතුර භාජනයක්.
"මගේ ඇඟට අමාරුයි බන්....."
ජංකුක් ඇස් පියාගෙන එහෙම කිව්වම හුවාන් ඉක්මනට නැගිටලා ජංකුක්ව ඇඳට හේත්තු කරේ ජංකුක්ගේ පිටිපස්සෙන් කොට්ටයක් තියලා.ජංකුක් ලඟට පුටුව අරන් ඇවිත් ඉඳගෙන භාජෙනේ ඇතුලේ තිබුන් රෙදි කෑල්ලෙන් ජංකුක්ගේ නලල තෙතමාත්තු කරන ගමන්,
"ඔය මගුලේ උණේ ගත්තම කොහොමත් ඇඟට අමාරුයි තමයි....ඒක නිසා හොඳට කාලා බීලා ඉන්න ඕනේ...දැන් උබ නැගිටපු එකේ රස්නෙට සුප් එකක් බොන්න බැරි කමක් නෑනේ.."
"ම්හ්ම්....බෑ බෑ......මට ඕවා බොන්න නම් බැහැ.... මෙහෙමම ඉන්න දෙන්න....එතකොට අඩු වෙලා යයි..."
"ආ.......ඒක යකාගේ කතාවක්නේ ඕයි....කන්නේ බොන්නේ නැතුව අසනීප හොඳ වෙන්නේ මොකාටද කියලා කියපන්...මේ...ගොන් හරකෙක් වෙන්න එපා....මම ආන්ටිට කියනවා.....ආ නෑනේ....ආන්ටිනේ සුප් එක අරන් එන්නේ..උබට ආන්ටිත් එක්ක බේරෙන්න බෑ.."
"බෑ බෑ.....අම්මට කියන්න සුප් එක බොන්න කියලා...ම්හ්ම්...මං කිව්වනේ..."
"උබ මට හිතුවක්කාර උනාට ආන්ටි ආවට පස්සේ උබට ඔහොම හිතුවක්කාර වෙන්න බෑ....අනිත් එක උබට හොඳ වෙන්න ඕන නැත්තන් කෑම කන්නේ නැතුව,සුප් බොන්නේ නැතුව ඇඳ උඩටම වෙලා හිටපන්...ස්කෝලේ ගිහින් ආතල් ගන්න ඕන නැත්තන් ඔහොමම මෝඩ යකෙක් වගේ හිටපන්...එච්චරයි මට කියන්න තියෙන්නෙ...."
හුවාන් කියන දේ ඇස් වහගෙන අහගෙන හිටිය ජංකුක්ට කිසිම දෙයක් බොන්නවත් කන්නවත් පොඩ්ඩක්වත් කැමැත්ත තිබුනේ නැහැ.ඒ වගේම දෙන්නගෙන් එක්කෙනෙක්වත් කතා කරපු නැති නිසා මුලු කාමරේම මූසල නිහඬ ගතියක් තිබුනා.හැබැයි ඒ ගතිය තිබුනේ ටික වෙලාවයි.මොකද හුවාන්ගේ phone එක ඒ නිහැඬියාව නිසාම සද්දෙට vibrate උන නිසා.හුවාන් නැගිටලා ගිහින් phone එක අතට අරන් කට කොනින් හිනා වීගෙන ඒක ජංකුක්ට දික් කරා.
"මේ අටවෙනි පාර...."
....................................................................................................
Hello,
ඔන්න 19 වෙනි chapter එකත් දැම්මා.මේ chapters පරක්කු වෙලා දාන එක ගනන් ගන්න එපා හරිත.පොඩ්ඩක් ඩාං වෙන්වා ඩූං වෙනවා...ඒව එහෙම තමයි.කතාව ලස්සනට ගලාගෙන යනවා ඇති කියලා මම හිතනවා...එක තැනකවත් හිඩැසක් නැතුව ඇති.ප්‍රශ්නයක් තියෙනවනම් එක්කෝ comment එකක් දාන්න නැත්තන් private msg එකක් දාන්න..මම ඒවට උත්තර දෙන්නම්...එහෙනම් තව curious chapter එකකින් මුනගැහෙමු...good bye👋..
Extra