න පු රු ඇ ස්
..
..
..
හිතු මතේ ඉගිල යන කෙහෙ රැල්ල
රත් පැහැ ගැන් වුන සුදූ මූණ
මත් වුන බඹරෙක් වාගේ ඔය මූණ
බලා හිදිද්දි දැනෙනවා මට ලෝභ..
..
..
..
ඉන්න දෙන්න යීබෝ.....
දැන් නම් මේක කරන්න බෑ.. යීබෝ බීලා තියෙන්නේ මොනවද කියලා ශාන්ට හිතා ගන්න බැරිව මේ ඉන්නේ.. බීපු මිනිස්සුත් දැකලා තියෙනවා ඒත් මේ වගේ මිනිහෙක් නම් තුන් ලෝකෙන්ම දැකලා නෑ.. මෙච්චර පිස්සු කෙලින්න තරම් මේ යකා මොනවද බීලා තියෙන්නේ..
ඔක්කෝමත් හරි කියෝනවා කියෝනවා ඉවරයක් නෑ.. කටට මැශිමක් හයි කරලා වගේ.. ඒ මදිවට ශාන්ට සද්ද නැතුව ඉන්න දෙන්නෙත් නෑ.. ශාන්ගෙ කට ගලවන්නමයි ලෑස්තිය..
හිතාගන්න පුලුවන්ද ඇස් වලින් මිනිස්සු පුච්චලා කන්න හදන මනුස්සයා මෙච්චර ෆනී කියලා බිව්වාම...
වෙන වෙලාවක නන් ශාන්ට පුළුවන් මේවට හිනා වෙන්න.. ඒත් මේ වෙලාවෙ ශාන් ඉන්නෙ හැම පැත්තෙන්ම හිර වෙලා.. ඔලුවෙ තියෙන්නේ ලොකු ප්‍රශ්නයක්.. හදවතේ තියෙන්නෙ කියා ගන්න බැරි තරම් ලොකු දුකක්.. ඒ අස්සේ යීබෝ පිස්සු නටනවා..
මේ අහන්න යීබෝ.. මන් ඔයාගෙ ගේ දන්නෙ නෑ ..
ආ මන් දන්නවා.. මන් දන්නවා... ඕම.. යන්... ඕම්ම යන්.. හම්බෙයි...
අනේ දෙයියනේ මේ මිනිහගෙ ඔලුව පලන්න ඇත්නම් මට.. ශාන්ට දැන් මේක අහලම එපා වෙලා.. ශාන් යීබෝගේ ගේ කොහෙද කියලා දන්නෙත් නෑ.. යීබෝගෙන් අහගන්න යන හැම වෙලාවෙම ආ මන් දන්නවා මන් දන්නවා කියලා ඊටපස්සෙ සිංදු කියනවා පාර කියන්නෙත් නෑ...
යීබෝ ඕම යන් ඕම යන් කිව්ව හැම සැරේම ඕම ගිහිල්ලා දෙන්නත් එක්ක දැන් සෑහෙන්න දුරකුත් ඇවිල්ලා ඉන්නෙ මේ..
ප්ලීස් යීබෝ.. වෙලාව පාන්දර දෙකයි.. ඔයා ගෙදරට යන පාර මට කිව්වෙ නැත්තම් මන් ඔයාව පාරේ දාලා යනවා..
අනේ ඒම කරන්නෙපා ඒයී.. මන් අහිංසකයි බබෙක් වගේ තොත්ත...
ආච්චිගෙ රෙද්ද...
ආච්චි නෑ ශාන්.. මලානේ...
ඔව් ඉතින් තමුසෙ එක්ක ඒ මිනිස්සුන්ට වත් ඉන්න බැරිව ඇති...
වෙන්නැති.. අතින් යන අය හිතින් අල්ලා නවත්තන්නට බෑනේ...
ඔය කිව්වෙ ඉතින් මේකාගෙ නම් කට තලන්න ඕනේ... මේ මගුල නම් හරියන්නෙ නෑ.. කෝම හරි මේ කොල්ලව ගෙදර ගිහින් දාන්නත් වෙනවා...
පාර කියනවකෝ...
හරි පාරද...
නැත්තම් මනුස්සයෝ...
උප්ස්... හරි වසයි...
මගුලක් කියෝනවා..
ඒක තමයි මගුලක් කියෝලා අපිට වෙච්ච දෙයක් නෙහ්...
පාර කියනවා යීබෝ......ඕඔ......
ශාන් කාර් එක දෙදරන්න කෑ ගැහුවෙ. දැන් නම් ඉවසීමේ සීමාව පැනලා ඉවරයි.. බීලා කියලා මෙච්චර පිස්සු නටන්න ඕනද. කරුමයක් උනානෙ දැන් මේක ...
දෙනවා ෆෝන් එක..
බ්ලෑ.. ඒක මගේ...
ඇත්තමයි යීබෝ මන් තමුසෙට පයින් එකක් ගහනවා එලියට විසික් වෙන්න..
ඇයි එකක්.. ගහන්නකෝ දෙකක්...
මන් ඉතින් කියන්නෙ නෑ...
ශාන් අත දාලා හෙන අමාරුවෙන් හොයා ගත්තේ යීබෝගේ ෆෝන් එක කලිසම් සාක්කුවෙන්... දවල්ට යකෙක් වගේ ඉන්න යීබෝ කිචිය තද වෙලා නහයෙන්ම අඩන්න අරන් ඒ අස්සේ...
අම්මෝ... කිචී..
අනේ තමුසෙගෙ කිචිය.. කියනවා පාස්කෝඩ් එක...
ඒ මොකක්ද..
යීබෝ මේ ..
හරි හරි ඉන්නකෝ මතක් කරන්න...
යීබෝ නිකටට අතකුත් තියන් කල්පනා කරනවා.. ශාන්ට බෑ තවත් මේක කරන්න.. යන්නෙ නෑ මෙතනින් එහාට එක අඩියක් ඉස්සරහට.. අපරාදේ පෙට්‍රල් ටික.. එහාට යනවා මෙහාට යනවා ඉවරයක් නෑනේ... මෙහෙම ගියොත් දෙන්නා නවතින්නෙ ලෝකේ කෙරවලටම ගිහින්...
හරි පත්තු උනා...
කියනවකො ඒනම්...
එකයි එකයි දෙකයි......
ම්ම්.. හරි..
දෙකයි දෙකයි හතරා....යී...
ම්ම්ම්...
හතරයි හතර....
අනේ නවත්තනවා ඕයී බොරු නොකියා.. රෙද්ද....
ශාන් අහක බලා ගත්තා... ඕන කෙන් ගෙඩියක් එක්කෝ මේ මිනිහව ශියාඕ ගෙදරට අරන් යනවා.. ඔව්නෙ.. මුලින්ම කරන්න තිබ්බෙ ඒකනෙ.. බොරුවට කියව කියව ඉන්න වෙලාවේ.. ඒම උනා නම් දෙන්නම මෙලහකට නිදි..
අහ්...
ශාන් කාර් එක හරව ගන්නයි ලෑස්ති උනේ.. ඒත් එක්කම ශාන්ගෙ අතේ තියන යීබෝගේ ෆෝන් එක නාද වෙන්න ගද්දි කොල්ලා ආයෙමත් කාර් එක නැවැත්තුවා..
අම්මෝ දෙයියනේ අංකල්..
ශාන්ට නිකන් නිවන් ගියා වගේ හැගීමක් දැනුනෙ... වන්ග් කෝල් කරන නිසාම හොදයි..
හෙලෝ.. අංකල්..
ආ.. කවුද මේ.. මේ යීබෝගේ ෆෝන්...
අංකල් මන් ශාන්...
ඔහ්... මයි ගෝඩ්.. ශාන් පුතා.. ඔයා ඔයා ඇයි...
අංකල් යීබෝ බීලා ඉන්නෙ.. මන් එයාව කාර් එකේ දාන් ආවා.. ඒත් එන්න මන් පාර දන්නෑ.. මෙයාගෙන් ඇහුවාම විකාර කියෝනවා... දැන් නම් නින්ද ගිහින්...
ශාන් නිකන් පත්තර වාර්තා කාරයෙක් වගේ කියවගෙන කියවගෙන යනවා...වන්ග් හොදින් අහන් ඉදලා අන්තිමට ගෙදරට එන පාර කිව්වාමයි ශාන් කෝල් එක කට් කරලා වාහනේ ස්ටාට් කරේ..
අනේ පුතා තෑන්ක්ස් දරුවෝ..මූ නම් හදන්නම බෑ..
මන් යනවා අංකල්..
පාන්දර තුනයි පුතේ.. ඔයාට යන්න පුලුවන්ද..
අවුලක් නෑ.. මන් යන්නම්..
පරිස්සමෙන් පුතා...
ශාන් ආපහු එන්න ආවා.. යීබෝව සාලේ සෝෆා එක උඩට අතෑරියෙ ශාන් නම් පුදුම කේන්තියකින්... බීලා ජෝගි නැටුවා මදිවට ශාන්ගෙ ඇගේ එල්ලිලා ගෙට ආවේ...
එක දවසට ඒකා මට ඌව එපාම කරා..
ගෙදරට ශාන් එද්දි 3.15 යි.. එහෙම්ම කාමරේට ආව ශාන් ඇදුම් ඔහේ ගලවලා දාලා ෆෝන් එක අතට අර ගත්තා...
තමන්ට වඩා ගොඩාක් පුංචි ඇගක් තිබ්බ සැලීව තුරුල් කරන් ශාන් ගහපු ෆොටෝ දිහා ශාන් බැලුවෙම හූල්ලන ගමන්... දෙයියනේ මේක පුදුම වේදනාවක්..
ආදරේ කරන කිසිම කෙනෙක් දුරස් වෙන්න හොද නෑ.. දුරස් කරන්නත් හොද නෑ.. ඒක ලොකු පවක්... ඒත් තමන්ගෙ ඩෑඩ්ට පව් පිරෙන්න කියලා ශාන්ට නිකමට වත් හිතන්න බෑ...
ශාන්ගෙ ඇස් පිය වුනා... හෙට දවසෙ සැලී එක්ක කතා කරන්න ඕනේ.. ඒත් කොහෙන්ද මේවා කියන්න පටන් ගන්නෙ කියලා ශාන් දන්නෙ නෑ... ශාන් උදේ අවදි උනෙත් ගොඩාක් පරක්කු වෙලා උනත් ශාන් ඔෆිස් යන්න ලෑස්ති උනා.. මොන ප්‍රශ්න ඇති උනත් තමන්ගෙ වැඩ ටික හරියට කරන්න ඕනේ...
ශාන් දැක්කා සැලීගෙන් මිස් කෝල් ගොඩාක් තියෙනවා.. ඊයේ හමු උනේ නැති නිසා උදේ එන්නම් කිව්ව ශාන් උදෙත් නැති වෙද්දි ඒ කෙල්ලට මොනවා නම් හිතෙන්න ඇතිද...
ඇත්තටම ශාන්ට ගොඩාක් ආදරේ කරන කෙල්ලෙක් විදියට සැලීට හරි දුකයි ශාන්ව නොදැක ඉද්දි.. ඔක්කෝටම වඩා ශියාඕ ශාන්ව හිර කරන් වගේ ඉන්න නිසා සැලීට තරහයි...
ලෑස්ති උන ශාන් ඉක්මනින් ආවා පහළට.. ඩෑඩ් අද ඔෆිස් යන්නෙ නෑ වගේ... කෑම මේසේ වාඩි වෙලා ඉන්නවා... ශාන්ට අද කන්න වෙලාවක් නැති උනත් ඩෑඩ්ව මග ඇරලා යන්න බෑ..
ශාන් කෑම මේසෙන් වාඩි උනා... ඒත් ඩෑඩ් නම් නිකන් වත් ශාන් දිහා බලන්නෙ නම් නෑ...
ඩෑ.....
නෝනා... නෝනා...
ආ.. මහත්තයෝ..
මගෙ බේත් ටික....
බෙහෙත්.. ඒ මොනවටද .. ඩෑඩ්ට කිසි ලෙඩක් නෑනේ... ඉතින් ඇයි බෙහෙත් බොන්නේ... ශාන් මාම් දිහා බැලුවෙ පුදුමෙන්...
රෑ ඉදන් පපුව රිදෙනවා කියනවා පුතා... පාන්දර ඩොක්ටර් ඇවිල්ලා බැලුවා...
මට කතා කරේ නැත්තෙ ඇයි මාම්...
ශාන් ඇහුවෙ ලොකු වරදකාරී බවකින්.. තමන්ට තමන්ගෙ දෙමාපියන් මග ඇරිලද...
අපිට ආදරේ නැති දරුවෝ ඉතින් අපිව බලයිද...
ඩෑඩ්......😡😡😡😡
ශාන් නැගිට්ටෙ කෑ ගහගෙන. කොහොමද ඉවසන්නෙ මේ කතන්දර.. ඊයේ රෑ ඉදන් ඇයි ආදරේ නෑ ආදරේ නෑ කියලා කියන්නේ.. මේ පුතා කොච්චර ආදරෙයිද කියලා නොදැනද මෙහෙම කතා කරන්නේ...
ආදරේ නෑ කියලා කියන්න එපා ඩෑඩ්.. ඇත්තමයී මට මැරෙන්න හිතෙනවා. මෙච්චර කාලෙකට ඔයා කරන්න කිව්ව හැමදේම මම කරා.. එපා කිව්වොත් කිසිම දෙයක් කරේ නෑ... පණ වගේ ආදරේ කරනවා මන් ඔයාලා දෙන්නට.. ඒක දන්නෙ නෑ වගේ ඔහොම කියන්න එපා ඩෑඩ් මට දරාගන්න බෑ.... මන් තාමත් ඔයාගෙ කීකරු පුතාම තමයි ඩෑඩ්...
ශාන් ශියාඕව බදාගන්න හදන ගමන් අන්තිමට ඉකි ගහද්දි ශියාඕ දුන්නෙ නෑ ශාන්ට එයාව අල්ලන්න... ශියාඕ එයාගෙ පුතාගෙ අත ගසලා දැම්මා... ඇත්තටම ශාන්ට එයාගෙ ඩෑඩ් තරහින් ඉන්න එක දරාගන්න අමාරුයි.. ඩෑඩ් කවදාවත් ශාන් එක්ක තරහා වෙලා ඉදලා නෑ...
මොන හේතුවක් නිසා හරි ශියාඕ ශාන්ගෙ හිත දැන් හොදටම රිද්දනවා... දරුවා බව ඇත්ත.. දරුවගෙ හොදට මේ දේවල් කරන එකත් ඇත්ත.. ඒත් මෙච්චර දරුණු වචන එක්ක ශාන්ට තේරුම් කරවන්න පුළුවන් වෙයිද...
නෝ....න්...නා...
අපේ මහත්තයා...
ඩෑ...ඩ්.... මො... මොකද මේ...
ශාන්ට වත් මෙන්ග් යීට වත් එක පාරටම උනේ මොකක්ද කියලා හිතා ගන්න බැරි උනා... ශියාඕ පපුවෙ වම් පස අල්ල ගනිමින් වැටෙන්න යද්දි ශාන් ඉක්මනින් ශියාඕව අල්ල ගත්තා... ශියාඕව සම්පූර්ණයෙන්ම ශාන්ගේ ඇගට වත්තම් කර ගත්ත ශාන්...
ඩෑඩ්... අනේ ඇයි මේ..
නෝ..න්....
කතා කරන්න එපා ඩෑඩ්.. මාම් ඉක්මනින් හොස්පිටල් යන්....
හා හා... ඩොක්ටර් ශින් ට මන් කෝල් කරන්නම්...
ශියාඕගේ මිතුරෙක් වෙන ශින් සියල්ල දැනුවත් වෙලා උන්න නිසා මෙන්ග් යී ඉක්මනින් කෝල් කරේ ශින්ට... පුළුවන් ඉක්මනින් අරන් එන්න කියද්දි ශියාඕ මෙන්ග් යී සමග පිටුපස ඉද්දි ශාන් පුළුවන් තරම් වේගෙන් කාර් එක අරන් ගියේ හොස්පිටල් එකට..
අනේ වන්ග් ....
................
අපේ මහත්තයට අමාරුයි..
.................
ඔව් අනේ එන්න....
...................
ඔව් ඔව් මේ හොස්පිටල් එකට යන ගමන්...
ශාන් බලන් ඉද්දිම මෙන්ග් යී කෝල් කරේ වන්ග්ට.. ශියාඕ තමන්ගෙ බිරිදගෙ උකුලෙ හිස තියන් බලන් උන්නෙම ශාන් දිහා වෙද්දී..
ඩෑඩ් මාව දාලා යන්නෙපා...
ශාන් මිමිනුවේ කීවෙනි වතාවටද මන්දා.. හදවත පැලිලා යන්න තරම් වේදනාවක් තමන්ගෙ ඩෑඩ් වේදනාවෙන් බලන් ඉද්දි දැනෙද්දී ශාන් වේගයෙන් ගියේ හොස්පිටල් එකට...
එන්න ඩෑඩ්...
ශාන් හයිය තියන ලොකු කොල්ලෙක්.. අත් දෙකට ශියාඕව උස්සගෙන හොස්පිටල් එකට දුවද්දි ට්‍රොලියක් ආව නිසා ශාන් පරිස්සමෙන් ශියාඕව තිබ්බා.. සත්තයි ශාන් කලබල වෙලා ඉන්න විදියට මෙන්ග් යීගෙ ඇස් වල කදුළු පිරිලා තිබ්බෙ දරාගන්න බැරි සෙනෙහසින්...
ඩොක්ටර් ශින්...
ඉක්මනට පේශන්ව ඇතුලට ගන්න... ඔයාලා එලියෙන් ඉන්න...
අනේ ඩෑඩ්...
ඔලුව හොදටම රිදෙන්න ගත්තා... ශාන් එහෙම්ම බිත්තිය අල්ලන් බිත්තියට වාරු වෙද්දි මෙන්ග් යී ශාන්ගෙ අතින් අල්ල ගත්තා...
මාම් බය වෙන්නෙපා ඩැඩ්ට මුකුත් වෙන්නෙ නෑ...
අනේ පුතේ...
ඔලුව ගිනි අරන්.. මේ ඔක්කොම තමන් නිසාද.. එතකොට තමන්ගෙ වචන නිසා හොදට උන්න ඩෑඩ් ලෙඩ උනාද.. මේ හැම දේකටම මුල තමන්මද...
ශාන් පුතා....
අ...අංකල්...
වන්ග් දුවගෙන ඇවිල්ලා අල්ල ගත්තේ ශාන්ගේ අතින්... ශාන් ඉක්මනින් වන්ග්ව බදා ගත්තේ මේ වෙලාවෙ තමන්ට දැනෙන හැගීම එක්ක පපුව පැලෙන්න එද්දි...
මම නිසාද අංකල් මෙහෙම උනේ...
නෑ නෑ පුතා... කෝ මේ බලන්න...
මල කදක් වගේ ඉන්න ශාන්ගෙ අත් දෙකෙන් තද කරලා අල්ලගෙන වන්ග් ශාන්ව තදට කෙලින් කර ගත්තා... හැමදේම හොදින් වෙන්න ඕනේ.. හැබැයි මේ කොල්ලට මනසින් කඩා වැටෙන්න දෙන්න බෑ...
ඔයාගෙ ඩෑඩ්ගෙ පණ ඔයා පුතේ..
මන් ඒක දන්නවා අංකල්..
එයා ඉල්ලන දේ ඔයාට දෙන්නම බැරිද රත්තරන් පුතේ..
වන්ග් ඇහුවෙ ශාන්ගේ මූණ අත ගාලා... ඊයේ වගේම ශාන් එක පාට්ට ගොලු වෙලා ගියා ඒ ප්‍රශ්නේ ඉදිරියේ... ශාන් ආයෙමත් වන්ග්ව බදාගෙන වන්ග් ගෙ උරහිස් වල එල්ලුනා...
යීබෝ..
ම්ම්... ශාන් දැක්කෙ තමන්ලා ඉන්න පැත්තට එන යීබෝව... කොල්ලට ඊයේ රෑ බීපුවා නිසා තාම උතුර දකුණ මාරු වෙලාද මන්දා..
ආන්ටි මොකද උනේ...
අනේ පුතේ අංකල්ට පපුවෙ අමාරුවක්...
හුටා... අංකල් කාරයා වලකජ්ජවත් ගහයිද...
ඒ අස්සේ යීබෝ මූසල කතා හිතන්නෙ ඉහෙන් බහින රෝගයක් නැතුව අර රෝහල් කාමරයක් අස්සෙ රිංගන් ඉන්න මනුස්සයා ගැන...
ශාන්ව වන්ග් වත්තම් කරගෙන.. වෙන කරන්න දෙයක් නැති නිසා යීබෝ මෙන්ග් යීගෙ අතින් අල්ලගෙන රෝහල් කාමරේ දිහා බලන් ඉද්දි පැය භාගෙකට පස්සෙ ඩොක්ටර් ශින් කාමරෙන් එලියට එද්දි
ඩොක්ටර්.. මගේ ඩෑඩ්.. එ.. එයාට කොහොමද..
ම්ම්... අහන්න පුතා කලබල වෙන්න එපා...
කොහොමද දෙයියනේ කලබල නොවෙන්නෙ.. ඒ ඉන්නේ ශාන්ගේ ඩෑඩ්නෙ.. ඔහොම කියන්න කියන්න තවත් බය වෙන එක නෙවෙයිද වෙන්නෙ...
ඔයාගෙ ඩෑඩ්ට හාට් ඇටෑක් එකක් පුතා...
අහ්...
පු...තා....
වන්ග් අල්ලගෙන ඉදියත් ශාන්ව වැටෙන්න ගියා.. වන්ග්ටත් කලින් ශාන්ව තදට අල්ල ගත්තෙ යීබෝ... යීබෝට අමතක නෑ එයාගෙ මමා එයාව දාලා ගිය විදිය.. හදිස්සියේ වත් අංකල් ශියාඕත් ඒ වගේ යන්න ගියොත් පුතෙක් විදියට ශාන් කොච්චර අසරණ වෙයිද....
ම...ම... මොකක්ද ක..රන්නේ... දැ..න්....
ශාන් ගොත ගහන්නේ ඇස් වල කදුළු බේරිලා යද්දි... ශාන්ට ලන් වෙලා උන්න යීබෝ වචනයක් වත් කතා කරේ නම් නෑ...
පුතා මොකක් හරි හිතට වද දෙන දෙයක් ඔයාගේ ඩෑඩ්ට උනාද.. එයා මොනවා හරි දුකක් හිතේ හිර කරන්ද ඉන්නේ.. ඔයාලා දන්නවද...
මෙන්ග් යී විතරක් නෙවෙයි වන්ග් පවා ශාන් දිහා එක එල්ලේ බලද්දී යීබෝත් ගැස්සුනා ඒ බැල්මට.. මොකටද එහෙම බලන්නෙ කියලා යීබෝත් කල්පනා කරමින් බැලුවෙ ශාන් දිහා...
මූ වැලහින්න වගේ අඩනවනෙ ඉතින්.. හයියට ඉදපන් ශාන්.. මගුල..
යීබෝ අත් වලින් තද කරා ශාන්ව... ශාන්ට දැනෙන්නේ මහ අසරණ බවක්...
ඩොක්ටර්.. මට ඩෑඩ්ව බලන්න පුලුවන්ද...
අන්තිමට ශාන් කතා කරා.. දැන් ශාන්ට ඕන එකම එක දෙයයි.. ඒ එයාගේ ඩෑඩ්... වෙන මුකුත්ම එපා...
ඔව් පුළුවන්.. ඒත් එයාව වැඩිය මහන්සි කරන්නත් එපා... දුක හිතෙන දෙයක් කියන්නත් එපා...
ම්ම්...
යීබෝ ශාන්ව එක්කන් යන්න...
ඈ.. හා හා...
අන්තිමට රෝහල් කාමරේට ශාන්ව එක්කන් යීබෝ ගියා... ඔක්සිජන් මාස්ක් එකක් දාලා මැශින් එකකට හයි කරලා... වයර් ගොඩයි.. ශාන්ට හිතුනා මෙතනම මැරිලා යන්න...
ඩෑඩ් නිවිසැනසිල්ලේ ඇස් දෙක වහගෙන... යීබෝ ශාන්ව අතෑරියේ නෑ... එදා එයාගෙ මමා යන්න යද්දි එයාව අල්ලන් ඉන්න මේ වගේ කිසි කෙනෙක් නොහිටිය නිසා යීබෝ ගොඩාක් අසරණ උනා.. එයා ශාන්ට එහෙම වෙන්න ඉඩ දුන්නෙ නෑ...
ඩෑ...ඩ්... ම..ගෙ ඩෑ...ඩ්.....
ම්ම්ම්....
යීබෝ.. මාව අතාරින්න....
පිස්සු නොකියා ඉන්නවා ශාන්.. තමුසේ කඩන් වැටෙන්න ඔන්න මෙන්න ඉන්නේ...
වැටෙන්නෑ...
කට පියන් ඔහොම කතා කරනවා...
යීබෝ අල්ලගෙනම ඉන්නවා.. ශාන් ශියාඕගේ කොන්ඩ ගස් අස්සෙන් ඇගිලි අරන් යද්දි යන්තමින් ඇස් ඇරපු ශියාඕ යන්තමින් ශාන් වගේම යීබෝ එක්ක හිනාවෙද්දී..
යී...බෝ... පු...තා....
අනේ මෙච්චර දුකින් ඉන්න තමන්ව පේන්නෙ නැද්ද.. ශාන් එහෙම්ම පාත් වෙලා ශියාඕගේ නළල සිපගත්තා... ශියාඕගේ ඇස් වලිනුත් කදුළු පිට උනේ තමන් හොදින්ම තමන්ගෙ පුතාගේ ආදරේ දැක්ක නිසා ...
ම...ම... කැ..මතී.. ඩෑ..ඩ්... වෙ..ඩින් එක...ට....
පුතා .. .හ්..... ඇ...ත්....
ඇත්ත ඇත්ත ඩෑඩ්.. මන් යීබෝව මැරි කරනවා.... 🥺🥺😭
..
..
..
..
මතු සම්බන්දයි
..
..
..
..
ටැංට ටැංට ටෑන්
හරි දැන් නාට්ටි බලලා ඉවර නම් ඔය ළමයි ගිහින් වැඩක් බලා ගන්න...
එයාලා ලස්සනට රගපෑවා.. අන්තිමට ඕන උත්තරෙත් ගත්තා...
පව් ඉතින් සැලී කෙල්ල... 😏😏වාවන්නෙ නෑ මට.. අහිංසක කෙම්ල... ජුකයි සෑහෙන්න..
ඇත්තටම අම්මලා තාත්තලා නිසා ඔය වගේ වෙන් වෙන්න වෙච්ච අය කොච්චර ඇතිද නේද... පව්..
මෙය මාගේ හිතේ ඇදුන.. හිතට ආස හිතුන විදියට ලියන දිග කතාවක් විතරයි.. එයාලගෙ සැබෑ ජීවිතේ එක්ක නම් කිසිම සම්බන්දයක් නෑ හොදේ..
එහෙනම් ඔයාලගෙ ලස්සන අදහසකුත් දීලා යන්න කතාවට..
මම ගුස්ති වයිපරේ මධු🤓