දේව්දාස් ||

Oleh luciDech

6.3K 1K 1K

ග්‍රත්‍ය දාසයක ලෙසින් දෙවියන්ට කැප වූවත්.... භක්ත දාසයක ලෙස දෙවියන්ට කැපව සිටින ඔහු... දේව්දාස්.. . . yizha... Lebih Banyak

ඇරඹුමට පෙර
ඇරඹුම
විවාහය
විවාහ රාත්‍රිය
වෙනසක්
වරදක්

මල් උයන

962 150 96
Oleh luciDech

කවදාවත් නැති තරම් තද නින්දකට පස්සේ මං ඇහැරුනා.... හැමදාකම ඉර නැගෙන්න කලින් අවදිවෙන වෙන මං අද ඇස් අරිද්දී ලාවට ඉර එළිය වැටිලා තිබුනා..... ඇරල තිබුන හුලං කවුලුවෙන් ලා රත්තරන් පාටට ගස් අතරින් පෙරිලා වැටෙන ඉර එළිය එක්ක සීතලම සීතල සුලඟක් මගේ ඇග වටේ එතෙන්න ගද්දී මං මගේ සලුවකින් මගේ නිරුවත් උන ඇග වහගත්තා....

මුලු කාමරෙ පුරාම තවමත් නෙලුම් මල් සුවඳ දැනෙද්දී ඊයේ රැයක් පුරාවට කුටිය එළිය කරපු දීපාවලී නිමිලා ගිහින් තිබුනා.... යහන වැහෙන්න තිබුන මල් පෙති සී සීකඩ ඉහිරිලා තියෙද්දී එල්ලලා තිබුන සමන්පිච්ච මල් වැල් කැඩිලා වැටිලා තිබුනා.... ඊයේ රෑ මගේ ඇගේ තිබුන ආභරණ තවමත් ඇඳේ කොනක තනිවෙලා තියෙද්දී ඊයේ අනංග දෙවොලක් උන යහන් ගැබ අද යක්ෂ විමනක් හා සමාන උනා....

මුලු රැයක් පුරාවට මාව උණුහුම් කල එයාගේ ඡායාවක්වත් අද හොයන්න නැති වෙද්දී මං හෙමීට ඇඳේ කෙලින් උනා.... ඊයේ මුලු රාත්‍රියම ඒ හැඩිදැඩි සිරුරට යට වෙලා හිටිය මට හරිනම් අද නැගිටින්න බැරි තරම් අමාරු වෙන්න ඕනි උනත් මගේ ඇගට කිසිම අපහසුවක් දැනුනේ නෑ.....

ඇඳෙන් නැගිටලා මුලින්ම මං කකුල බිමින් තියනවා එක්කම ඇහුන හීනි සීනු හඬ එක්ක මං ආයේ මගේ කකුල උඩට ගත්තා..... මගේ පා සලඹ... මෙච්චර දවසක් මගේ කකුල් රිදුන බර සිලම්බු දෙක ඇඳේ කොනක තියෙද්දී මගේ කකුලේ තිබුනේ එයා ඊයේ දුන්න සැහැල්ලු පාද සලං දෙක... රත්තරන් සීනු... මැණික් මුතු වලින් හැදිලා තිබුන ඒ දෙක ලස්සනයි... පුදුම ලස්සනයී.... සැහැල්ලුයි.......

අභීර්... අභීර් ආදිත්‍ය... මගේ පිරිසිදුකම අයිතිකරගත්ත... මගේ හදවත ලියාගත්ත මගේ සදාකාලික ප්‍රේමවන්තයා...

පොරොන්දු වෙනවා ඔබේ නමින් ඉපද ඔබේ නමින්ම මිය යන්න.... පිටස්තර ස්පර්ශයක්වත් නොලබා ඔබේ නමටම ලියැවෙන්න.....

හිතින් මටම පොරොන්දු උන මං හෙමින් යහනෙන් බැස්සා.... ඊයේ රාත්‍රිය කොයි තරම් සරාගිකයිද කියන්න බිම පුරාවටමත් මල් පෙති විසිරිලා ගිහින් තියෙද්දී දැනුන කෝල කමත් එක්කම මං යහන් ගැබෙන් එළියට ආවා...

තවමත් මගේ නිරුවත වැහුවේ සිනිඳු රතු පැහැ සේද සලුවක් වෙද්දී මං රන් දෙවොලේ පිටුපස දොරෙන් හෙමීට එළියට ආවා..... තවමත් ඉර සම්පූර්ණෙන් පායලා නොතිබුනත් ලාවට ඉර එළිය ගස් අතරින් පෙරි පෙරී වැටෙන ගමන් තිබුනා.. ඊයේ රැය පුරාවටම තිබුන සිහින් පොද වැස්සෙන් ඉතුරු උන තුෂර බිඳු වලට ඉර එළිය වැටිලා රත්තරන් පාටින් දිලිසෙද්දී මං හෙමින් හෙමින් අඩිය තිය තිය දිය ඇල්ල දිහාට ඇදුනා....

සුවඳයි... මුලු දේවාල බිමම මල් සුවඳයි.. වටේම තියෙන පොකුණු වල නෙලුම් මල් පිරිලා තියෙද්දී හැම ගහකම මල් පිරිලා තිබුනා... පුංචි පුංචි කුරුල්ලන්ගේ හඬ තැනින් තැන ඇහෙද්දී මං පාසි බැඳුන ගල් උඩින් හෙමින් අඩිය තියන ගමන් දියපාර ලඟට ගියා.....

සීතලයි... ඒත් උදේම පිරිසිදු වෙන එක මට චාරිත්‍රයක් වෙද්දී මං ඒ සීතල දිය පාරට අඩිය තියලා බැස්සා... මුලු ඇගම සීතලින් වෙලිලා ගියත් ඒ එක්කම ඇගට පුදුම සනීපයක් දැනෙද්දී මං උදේම ඒ දිය පොකුණේ ගිලිලා නෑවා....

දුහුල් රතු සලුව ඇගටම ඇලිලා ගිහින් නිරුවතේ සියුම් රේඛා බේරිලා පෙනුනත් මේ භූමියේ ඉන්නේ මාත් ඔහුත් විතරක් නිසා මං හොඳින් නාගත්තා...

ටික වෙලාවක් යද්දී මං නනා හිටිය වතුර පොකුණ සම්පූර්ණෙන් මල් පෙති වලින් වහගනිද්දී මගේ මූණට හිනාවක් ආවා... එහෙම කරන්න ඉන්නේ ඉතින් වෙන කවුද ඔහු මිසක්....

සුදු හඳුන් එක්ක කස්තුරි කහ මිශ්‍ර උන තෙල් එකක් ඇගේම තවරගෙන නාලා මං තෙත කොණ්ඩයත් කඩාහැලෙන්න දාගෙන සුදු පැහැ යට සලුවක් ඉණ පටලවන් ආයෙත් දෙවොලට ආවා.....

මට අඳින්න ශ්වෙත ඇඳුම් කට්ටලයක් එක්ක රිදී පැහැ මිශ්‍ර උන රන් ආභරණ කට්ටලයක් යහන මත තියෙද්දී මං ඒක ඇඳගත්තා.... රිදී පැහැ මුව ආවරණයකින් මුව ආවරණය කරන් සුවඳ විලවුන් වලින් සුවඳ උනා... උදේ යක්ෂ විමනක් උන යහන් ගැබ ආයෙත් මල් පෙත්තක්වත් නැති වෙන්න අස් කරලා මල් පෙති ටික නුග ගහ පාමුලට දාලා මං එළියෙන්ම දෙවොලේ ඉස්සරහා පැත්තට ගියා...

හෙමින් හෙමින් නැගුන ඉර දැන් සම්පූර්ණෙන් පායලා තියෙද්දී මං ඝංටාර කුලුණ ලඟට ගියා... රන් පැහැ විශාල ඝංටාරය දරාගත්ත ඝංටාර කුළුන තිබුන තැනට මුලු ගන්ගදීපයම පෙනෙද්දී මං ඒ දිහාට හැරුනා.... රැයක් පුරාවට තුෂර පින්නකින් නැහැවුන හැම ගහක්ම පිරෙන්න මල් පිපිලා තියෙද්දී මුලු ගන්ගදීපයම මල් උයනක් වගේ උනා.... ගස්වල කොල පැහැය නොපෙනෙන තරමට මල් වලින් වැහිලා ගිහින් තිබුනා..... පිරිසිදු ආත්මයක් දෙවියන්ට පූජා කල සතුටට දෙවියන් ගන්ගදීපයටම ආශිර්වාද කරලා තිබුනා..  

ඉතින් අදින් පසුවත් ගන්ගදීපය මල් ඵල බර වේවී.. අටුකොටු සරු වේවී.. රෝග බිය තුරන් වේවී.. සශ්‍රීක රාජ්‍යයක් වේවී... අනාගතය වෙනුවෙන් තවත් පුත්කුමරෙකු දරන්න පාර්වි දේවියගේ ගැබ ආශිර්වාද වේවී.... ගන්ගදීපය තව වසර ගණනාවක් වැජඹේවී.....

පුංචි වහල අතරින් ඈතින් මාලිගය පෙනෙද්දී ඇස් වලට උනපු කඳුලු පටලයත් එක්ක මගේ මූණට හිනාවක් ආවා... ඒත් ඒ මාලිගය හෝ වැසියන් එක්ක තවදුරටත් මට බැඳීමක් නැති නිසා මං මගේ හිත පාලනය කරගත්තා...

"සුවෙන් වෙසෙන්න....!! "

මං මුලු ගන්ගදීපය වෙනුවෙන්ම පිරිසිදු සිතින් ප්‍රාර්තනා කරන ගමන් ඝංටාරය හත්වරක් නාද කලා......

මුලු රන් දෙවොලම වට වෙලා තිබුන පොකුණු වලින් නෙලුම් මල් දෝත පුරා නෙලාගෙන මං ප්‍රධාන දොරටුව ලඟ හිටගෙන කහ වතුරෙන් පාද දොවනය කරන් ඇතුලට ගියා.... මුලු පූජාසනයම අස් කරලා නෙලුම් මල් වට්ටියක් එක්ක නැවුම් පලතුරු වට්ටියක් පූජා කරලා පහන් දල්වලා සුවඳ දුම් දැල්වූවා..

මගේ වගකීම... අද ඉදන් මැරෙනතුරුම... ඔහු වෙනුවෙන් මේ දෙවොල වෙනුවෙන් කැප වෙන එක... මේ දෙවොලේ හැම දෙයක්ම ඉටු වෙන්න ඕනි මගේ අතින්... අදින් පසුව මගේ දිවි තිබෙන තුරු මෙම දෙවොලෙහි දේවදාසයා වෙන්නේ මම....

ඉතින් පුද පූජා සියල්ලම ඉවර කරලා මං මගේ විශාල සිතාරයත් අරන් රඟ මඬල මැද ඉදගත්තා.... ඔහු වෙනුවෙන් ගයන්න... ස්ත්‍රෝත්‍ර වගේම ගීතත්.....

අඩ හෝරාවක් පමණ ඔහු වෙනුවෙන් ගායනය වාදනය කරලා මං ආයෙත් දෙවොල පසුපසට ගියා... උදේ කෑමට සුපුරුදු විදිහට මාත් පළතුරු කාලා ඔහු වෙනුවෙන් දිවා ධානය පිසින්න සූදානම් උනා....

ඉතාමත් පිරිසිදුව භක්තියකින් ඔහු වෙනුවෙන් ධානය සූදානම් කල යුතු නිසා මං මුලු හිතම ඒ වෙනුවෙන් පමණක් යොදවලා දිවා දානය සූදානම් කලා..... මස් මාංශ පිලී වර්ග මුලු දේව අඩවියේම පවා තහනම් වෙද්දී ගන්ගදීපයේ වැසියන් දෙවියන් වෙනුවෙන්ම වෙන්කල ඔවුන්ගේ වගාවල පලමු කොටස දෙවොලට පූජා කලා... ඉතින් ඒ දේවල් වලින් තමයි ඔහුගේ ආහාර සැකසෙන්නේ....

මගේ අත් වලින්ම දිවා ආහාරයත් සූදානම් කරලා මං දහවල් එකේ හොරාවට කලින් ඔහුට පූජා කලා... පූජාවන්ගෙන් පස්සේ මාත් දිවා ආහාරය අරන් රන් දෙවොලේ පසුපස දිහාට ඇවිදන් ගියා...

කම්මැලි.. ඔහු භාවනාවේද දන් නෑ... දවල් වෙලාවේ ඔහු දකින්න නොලැබේවිද කියන්නත් දන්නේ නෑ... ශිවාවත් හිටියා නම් ඔහුගේ නිමක් නැති කතන්දර ඕපදූප අහන්න තිබුනා.. නමුත් මේ දෙවොලේ මට තනිකමක් පාලුවක් දැනුනා....

ගස් වල මල් පිරිලා තියෙද්දී පොකුණු වල නෙලුම් මල් පිරිලා තිබුනා... මං ඒ අතරින් හෙමින් හෙමින් ඇවිඳගෙන දෙවොල පිටිපස්සේ තිබුන පුංචි කුටියක් ලඟින් නැවතිලා නෙලුම් බීජ කඩාගෙන කන්න ගත්තා... රසයි.... ඒවා කිරි රසයි.... සුද්ද කරපු නෙලුම් බීජ ටිකක් උකුලේ තියාගෙන එන ගමන් කඩාගත්ත චෙරි මල් පොකුරකුත් අතේ තියන් මං දෙවොල ලඟින්ම කඩා හැලෙන දිය ඇල්ල දිහා බලාගෙනම කල්පනාවකට වැටුනා...

ඔහු කුමක් කරනවා ඇතිද... නුග ගහ පාමුල භාවනාවේ යෙදෙනවා ඇති... ඔවුන්ගේ ආධ්‍යාත්මික ශක්‍තිය වඩවාගන්න ඔවුන් භාවනාවේ යෙදෙන බව මට ගුරුතුමා කිව්වා... ඒ නිසායි ඔවුන් නිහඬ මේ වගේ නිස්කලංක තැන්වල ඉන්නේ... දෙවිවරු ස්වර්ගෙන් මනු ලොවට එන්නේ කුමක් හෝ හේතුවක් නිසාලු.. එහෙමත් නැත්නම් ඔවුන්ව පලවා හරින නිසාලු..

ඔවුන්ගේ බලය වැඩි වෙන්න නම් ඔවුන්ට පුදපූජා කරන පිරිස වැඩි වෙන්න ඕනිලු.. ඔවුන්ට පින් අනුමෝදන් කරද්දී ඔවුන් බලවත් වෙනවාලූ.. මගේ අභීර් උතුමාණන්ට නම් මුලු ගන්ගදීපයම උදේ හවා වන්දනා කරනවා.. ඔහු ගොඩක් බලවත් ඇති....

ඒත්... ඇත්තටම ඔහු ඇයි දෙව්ලොවෙන් මනු ලොවට වැඩියේ...

නෙලුම් බීජයක් හපන ගමන් මලකුත් අතින් කරකව කව මං කල්පනා කරද්දී මට මතක් උනේ ඊයේ රෑ... මං නින්දට වැටෙන්න කලින් ඔහු කියපු වචන මට ආයෙත් මතක් උනා...

"අයියණ්ඩිය... මා නැවතත් දින්නා....."

ඔව්ව්.. ඔහු කිව්වේ එහෙම... ඒත් මට ඒ වචන වල තේරුමක් හිතාගන්න බෑ... නැවත දින්නා කියන්නේ.. ඔහු මොකක්ද නැවත දින්නේ... බැරි වෙලාවත් ඒ වචන ඇතුලේ ඔහු මනු ලෝකෙට එන්න හේතුව තියෙනවාද... ඒත්..... අනේ මන්දා මට නම් තේරෙන්නේ නෑ.....

මං ආයෙත් නෙලුම් බීජයක් කටට දාන් හපන්න ගත්තා.. මේවා නම් පුදුම රසක්...

එයා එතනින් එහාට කියපුවා මට ඇහුනේ නෑ.. තව මොනා හරි කිව්වද දන් නෑ... කොහෙද ඒ ශක්තිමත් පපුවේ උණුහුමට මට හරි ඉක්මනට නින්ද ගියානේ.... එතනින් එහාට මොනා උනාද කියන්නවත් මං දන්නේ නෑ..

ඒ එක්කම ඊයේ රෑ මතක් වෙලා ආයේ මාව රතු වෙන්න ගත්තා... ඇත්තටම ඔහු කඩවසම්... ඔහුට තිබුනේ කඩවසම්කම උතුරන රූපයක්... කිරිගරිඩ තරම් ලස්සන හමක්... ඇත්තෙන්ම ඉතින් ඔහු දෙවි කෙනෙක්නේ.... දේවරූප කියන්නේ නිකන් නෙමෙයිනේ... ඒත් ඔහු දෙවිවරු අතරිනුත් කඩවසම්ම කෙනාද දන් නෑ... ඊටත් එහා කඩවසම් කමක් මේ තුන් ලෝකෙම නැතුව ඇති...

ඇත්තෙන්ම ඔහු ආදරණීයයි... යහනේදී පවා ඔහු සන්සුන්.. රාගයෙන් දැවිය යුතු තැනේදිත් ඔහු සන්සුන්.. ඔහු සමඟ යහන් වැදීමත් භාවනාවක් හා සමානයි... නමුත් ඔහු හරි අපූරුවට නිල තේරුවා... මට මිහිපිට තුසිතය ඇස් ඉස්සරහා මවන ගමන්ම ඔහු මාව හැඟීම් වලින් මත් කලා... ඒ නිසායි ඔහු ආදරණීය... ඒක රාගයට එපිට ගිය හැඟීමක්....

ඊයේ රාත්‍රියේ ඔහු මාව නැවැත්තුවේ නැත්නම් මං ඔහුව ස්පර්ශ කරනවා.. ඒ සියුම් රේඛා මගේ සිහිය ඈතකට ගිහින් තිබුනානේ.. බැරි වෙලාවත් මත් රාගීය සිතුවිල්ලකින් ඔහුව ස්පර්ශ කලා නම්... එසේ නම් පළමු රැයෙන්ම මට වස් වඳීවී.. ගුරුතුමාගේ වචන මට මොහොතකට අමතක උනා....

මා ඔහුගේ දාසයා හැර වෙන කෙනෙක් නොවෙයි... මං ඉන්නේ ඔහුගේ සතුට වෙනුවෙන් මිස මට ඔහුගෙන් සතුටු වෙන්න අවසරයක් නැති උනා... ඔහුට පුද පූජා පැවැත්වීම වගේම යහනේදි ඔහුව සතුටු කිරීමත් මගේ වගකීමක් උනා...

ඒත් ඒ හැම මොහොතකම මගේ සිතුවිලි පිරිසිදු වෙන්න ඕනි... රාගයෙන් මට ඔහුව දකින්න තහනම්.. ඔහුගේ සිරුර රාගී අදහසින් දැකීම වගේම ස්පර්ශයත් තහනම්... ඔහුගේ සිරුර දිහා බලලා මගේ රාගී හැඟීම් මතු කරගන්න එක මට අකැප උනා..

ඔහුගේ සිරුර දිහා බලන් මගේ හැඟීම් අවදි උනොත් එය පවක්.. ඔහුගේ මතකෙන් ස්වයං වින්දනයේ යෙදීමත් ඔහු සමඟ යහන් ගත වෙද්දී මට ඕනි දේවල් ඔහුගෙන් ඉල්ලීමත් තහනම්... ඔහු දෙන දේ විතරක් මට අයිති උනා.. ඔහුව සිපගන්න එක පවා මට තහනම් උනා.... ඔහු මාව සිපගත්තාත් මට ඔහුව සිපගැනීම තහනම් උනා... ඔහු මාව කෙතරම් වින්ඳත් මට ඔහුව විඳීම අකැප උනා...

මා ඔහුගේ දාසයා.. ඔහු මාගේ ස්වාමියා... එපමණයි...!!

නමුත්... මට බයයි.... මගේ හිත දැනටමත් ඔහුට ආදරෙයි....

මං ලොකූ හුස්මක් පහල හෙලන ගමන් ඈත බලන් තව නෙලුම් බීජයක් කටට දාගත්තා......

"ආරුල්....."

ඒ එක්කම මගේ පිටිපස්සෙන් ඇහුන මහ මුහුද තරම් ගැඹුරු ඒත් නිවුනු හඬට මගේ ඇග පුරාම හිවුඩු පිපුනා.... ඒ එයා.... එයා ඇවිත්....

මං ඉක්මනින් ඔලුව හරෝලා පිටිපස්ස බලනවා එක්කම මං එක මොහොතකට ගල් උනා.... මුලු ලෝකෙම එක තැනක නැවතුනා වගේ දැනුනා....

ඊයේ හඳ එළිය පහන් එළිය අතරින් යාන්තමින් පෙනුන රූපේ දැන් මගේ ඇස් පනා පිට පැහැදිලිව පෙනෙද්දී මගේ ඇස් මට අදහගන්න බැරි උනා.....

දෙවියනේ ඒ නම් දේව රූපයක්මයි... දෙවිවරුන්ව ලස්සනට ආදේශ කලත් ඒක අද මගේ ඇස් පනාපිට ඔප්පු උනා.... නිවුන දිගු දෑසක්... පුදුම තරම් පැහැදිලි නිවුනු දෑසක්.. දිගු නාසය නෙලුම් පෙති වගේ තොල්පෙති ඝණ ඇහිබැමි... වචන වලින් මට විස්තර කරගන්න බැරි තරම් කඩවසම් බවක්... ඒ කඩවසම් බව ඇතුලෙම තිබුන නිවුනු සන්සුන් කමක්... ඇහිපිය නොගහන ඒ ඇස් දිහා මං හුඟ වෙලාවක් බලන් ඉන්න ඇති....

"මල් අතරේ පිපුන තව හැඩම මලක්......"

මගේ දිහාම බලන් හිටිය ඔහු මට කලින් ඉස්සර වෙලා කතා කරද්දී මාත් පියවි ලෝකෙට ආවා....

"ස්...ස්වාමිනී... ක්ක්.. කමා කරන්න....."

මං ඉක්මනින් දඩිබිඩි ගාලා නැගිටින්න හැදුවත් ඔහු මගේ උරහිසෙන් අත තියලා නැවැත්තුවා...

"අවශ්‍ය නෑ ආරුල්.. නුබ දැන් නැගිට්ටොත් ඔය උකුලේ තිබෙන නෙලුම් බීජ ටික සීසීකඩ යාවී.... "

ඒ හඬ පුදුම සන්සුන්.. වචනයක් පාසා කිව්වේ සන්සුන් හඬකින් උනත් ඒ හඬ ගැඹුරු උනා... ඒ මූණේ දසන් පේන්න විශේෂ හිනාවක් නැති උනත් කොහොමත් ඒ මූණේ පුංචි හිනාවක සේයාවක් රැඳිලා තිබුනා....

ටික වෙලාවක් මගේ දිහා බලන් හිටිය ඔහු මං ලඟින්ම භාවනායෝගී ඉරියව්වකින් වාඩි උනා....

"ආරුල්... නුබ මල් උයනේ තනිවම කල්පනාවක... මං ඇවිදින් ටික වෙලාවක්.. ඒත් නොදැනෙන්න තරම් බර කල්පනාවක්..."

"සමාවෙන්න උතුමාණනී.. මා.. මා දුටුවේ නෑ....."

"ම්ම්... "

මං ටික වෙලාවක් ඔහු දිහා බලන් ඉදලා ආයෙත් නෙලුම් ඇටයක් අරන් ඔහුට දික් කලා...

"ස්වාමිනී.... ඔබ වහන්සේට....."

මං හිනා වෙලා කියද්දී ඒ දිහා බලන් හිටිය ඔහු ආයෙත් මගේ දිහා බැලුවා....

"නුබ ඉඳුල් කරපුවා නුබ මට දෙනවාද ආරුල්.. ම්ම්...?? "

ඔහු අහද්දී මගේ මගේ හිනාව කොහෙද නැති වෙද්දී මට බයක් දැනුනා... මං ඉක්මනින් ඔහු ඉස්සරහා දණ ගැහුවේ නෙලුම් බීජ ටික විසිරිලා යද්දී.....

"ස්... සමාවෙන්න ස්.. ස්වාමිනී.. මා මා සිතුවේ නෑ... මට ස...මාවෙන්න...."

ඔහුගේ ඇස් බිම පුරා විසිරුන නෙලුම් බීජ පසුපසින් ගිහින් ආයෙත් මගේ ඇස් දිහාට හැරුනා.. ඒ ඇස්වල වෙනසක් නෑ.. තවමත් පැහැදිලියි....

"ආරුල්... ඇයි කලබල වෙලා ම්ම්.. එයට කම් නෑ... මා නුබට මතක් කලා පමණයි.. මගේ අකමැත්‍ත නොවෙයි ආරුල්.. මට බය නුබට පව් පිරේවි කියා පමණයි..  පැමිණෙන්න.. "

ඔහු මාව අතින් ඇඳලා ඔහුගේ උකුලට ඇඳලා ගනිද්දී වාරු නැති උන මං ඔහුගේ උකුලට වැටුනා...

"ස්... ස්වාමිනී.... "

"නොසෙල්වී ඉන්න.... "

එහෙම කියලා ඔහු ඒ ලඟම තිබුන නෙලුම් බීජ පොකුරක් කඩන් මගේ අතට දුන්නා...

"ම්ම්.. පලමු කොටස මට දීලා ඉතිරිවා නුබ රස බලන්න..."

මං ඔහුගේ උකුලේ ඉදන්ම නෙලුම් බීජ තෝරලා අහුරක්ම ඔහුගේ අතට දෙද්දී ඔහු ඒවා අතට අරගනිද්දී ඉතුරු ටික මං කෑමට ගත්තා....

හිරු බැස යනකන් අපි එහෙම හිටියත් වචනයක් දෙකක් ඇරෙන්න අපි අතරේ ලොකු දෙයක් හුවමාරු උනේ නැති උනා...

"ස්වාමිනී..... "

"මට යන්න අවසරද.... සවස පූජා පිලිවෙත් තිබෙනවා.... "

"ම්ම්... අවසරයි..... උදෑසම ගායනය අපූරුයි... මිහිරියි.... "

"ස්තූතියි ස්වාමිනී... "

මං කෝලකමින් කියන ගමන් ඔහු ලඟින් නැගිට්ටා...

"සවස පූජාවට නර්තනයක්... හැකියිද ආරුල් නුබට...."

"නුබේ සතුට ඉටු කිරීම මගේ වගකීම ස්වාමිනී.. අවසරයි...... "

"ම්ම්.. දීපාවලී සුවඳ දුන් දල්වා නැවත පැමිණෙන්න.... මා ප්‍රියයි මෙතනදී නුබේ නර්තනය දකින්න...."

"එසේයි ස්වාමිනී... "

මං ඔහුට හිස නමා ආචාර කරලා නැවත දෙවොලට ගියා... ඔහු වෙනුවෙන් පහන් දල්වලා සුවඳ දුම් පූජා කරලා මං ආයෙත් හෙමින් ඔහු හිටිය කුටිය දිහාට ඇවිඳන් ගියා....

ඔහු ඒ කුටිය මැද දෑස් පියාගෙන සිටියත් මගේ පියවර හඬට ඔහු දෑස් විවර කලා...

"ආරුල්.... "

"අවසර ස්වාමිනී.... "

මං ඔහුට ආචාර කරලා  නමස්කාරය කරලා මගේ නර්තනය අරභන්න සූදානම් උනා.... ගායනයත් මගේ කටින්ම ගායනා කරන ගමන් මං ඔහු ඉදිරියේ තරමක සරාගී සාම්ප්‍රදායික නර්තනයක් කරද්දී ඔහුගේ දෑස් එක මොහොතකටවත් මගෙන් ඉවතට නොයා තිබුනා.... ඒ අඩවන් සන්සුන් දෑස් තවමත් සන්සුන්ව මගේ නර්තනය විඳිමින් තිබුනා....

අඩ හෝරාවකින් පමණ මං නර්තනය නතර නොකලත් ඔහු මගේ දෑතින් ඇද ඔහු ලඟට ගත්තා.... මාව ඔහුගේ උකුලෙන් තියාගෙන ටික වේලාවක් මගේ දිහා බලන් හිටිය ඔහු මාගේ තොල්පෙති හරි සියුම්ව සිපගනිද්දී මගේ ඇස් පියවෙලා ගියා....

තප්පර කිහිපයක හාදුවකින් පසුව මගේ තොල් අත ඇරිය ඔහු මාව දෝතින්ම හරහට ඔසවා ගනිද්දී මං කලබල උනා....

"ස්වාමිනී.... "

"නොසෙල්වී ඉන්න ආරුල්..."

ඔහු මාව ඔසවාගෙන ගියේ දෙවොල පිටුපස තිබුන මං නාන පොකුණ ලඟට... ඔහු මාව ප්‍රවේශමෙන් එතනින් තිබ්බා.....

"ස්නානය කරන්න....."

ඔහු සියුම් හඬින් කියද්දී මගේ ආභරණ සියල්ල ගලවා උඩ ඇඳුමත් ගලවලා හෙමීට පොකුණට බැහැලා මැදට පීනගෙන ගියා.... ඔහු පොකුණේ ඉවුර අසලට වෙලා මගේ දිහා බලා ඉදිද්දී සතර දෙසින්ම කණාමැදිරියන් පියඹන්න පටන් ගත්තා....

සීතල වතුර පිරුන පොකුණට හඳ එළිය වැටිලා නිල් පාටින් දිලිසෙද්දී මගේ වටේම රන් පැහැ එලි විහිදුවමින් කණාමැදිරියන් පියාඹන්න ගත්තා....

මගේ දිහා හුඟ වෙලාවක් බලන් හිටිය ඔහු ටිකකින් ඔහුගේත් උඩු සලුව ගලවා දමන ගමන් පොකුණ මැදට එද්දී මං ඔහු ලඟට පිහිනගෙන ගියා....

"ආරුල්... මගේ ශ්වේත සියපත..... "

හෙමින් මුමුණන ගමන් පොකුණේදීම මාව හරි සියුම්ව සිපගනිද්දී මාත් දෑස් පියාගෙනම ඒ සිපගැනීමට හවුල් උනේ තවත් සුන්දර සරාගී ආදරණීය හෝරා කිහිපයකට ආරාධනා කරන ගමන්......

👼👼👼

Hello Angels..

Thank you for 340 reads 111 votes and 137 comment..

මේක ඉතින් කෙටි කතාවක්නේ ලමයි.. කොටස් දහයට අඩුයි... ඉවරයි.... ඒ නිසා ලොකූවට විස්තර කරන්නේ නෑ...

නොතේරුන දේවල් තේරුනාද.. මෙතන ආදරේ කරන්න තහනමක් නෑ ලමයි.. ඒත් දෙවිකෙනෙක් එක්ක දාසයෙක්ට සීමා තියෙන්න එපැයි...😋

එක්තරා ආකාරයක බඩසමක් තමයි.

😂😂

Thank you !!

👼👼

01/10/2023

Lanjutkan Membaca

Kamu Akan Menyukai Ini

623K 59.3K 36
Taekook 💜 ( Own Creation )
127K 13.1K 51
-من هەڵەم نەکرد بچکۆلەکەم، من تەنیا خۆشم ویستی... -تاک و تەنیا ئاواتی من داهاتووێک بوو لەگەڵ تۆ~ -عەشقی من بۆتۆ ئەو ئۆقیانووسە قوڵەیە کە دەمەوێ تێیدا...
17.2K 3.6K 52
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~
42.2K 6.1K 39
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...