THE DUMB HEART

By SHenyaKHDaisy

577 68 56

ගොළු හදවතක සිනහ පොද.. More

ගොළු හදවත..
ගොළු හදවත 01
ගොළු හදවත 02
ගොළු හදවත 03

ගොළු හදවත 04

138 9 21
By SHenyaKHDaisy

***
වෙල්යාය මැද්දෑවෙන්ම හීන් සැරේ එක පොදියටම ගලාගෙන ආ මඳ පවන වෙල්යායේ ලතාවට නැලවෙන ගොයම් ගස් වලට සතුටු සිනා රැල් දී ආවා සේ
උන් තාලෙට එහා මෙහා වෙන්නට විය..
මඳ හුළඟටම වෙලුණු නැවුම් සුවඳැල් හාල් ඇටයේ පුසුඹත් සමඟම,
පෙර දොහේ ගංගොඩැල්ලට මහ ගඟුලෙන් ගලනු ලැබූ රොන් මඩ ඩිංගිත්තකද පුසුඹ වෙලී තිබිණි...

රං මැණිකාගේ අතීත ඡීවන ඇත්තා⁣ ඡීවත් වූ එදෙසෙන් හමා ආ පුසුඹ රං මැණිකා ඉණ කිලුටු වූ දොහේක තාන්තුවා ගෙදරදී  තම අත්තම්මා කියූ යමක් අනුස්මරණය කරන්නට කාරි සැලැස්වීය,..

"පොඩි කෙල්ලේ,මෙහෙ වරෙන්..හොඳට අහගන් ඔය කං දෙකෙන් මං මේ කියන වගතුග.."උබලා දැන් පටන් ඔය තන් දෙක එළියට දමාගෙන අර එළි පහළියේ දඟලන්ට කොරන්න බැහැ,මොකදැයි කීවොත් උබ අර හිටි හිච්චි එකී නෙවෙයි,උබලා දැන් ගැටිස්සියක්..මතක තියාගන්,..ඉණ කඩ වැහෙන්⁣ට උඩින් පල්ලෙන් නැතිව රෙද්දක් හරිහැටි ඇඳන් පලයන්..නානවනම් අර ⁣ගංගොඩැල්ලෙදි..
තව එකම එක කාරණාවක්,තියේ උබලගේ ඔය මොළ ගෙඩියේ උබ යංදාක පුරුසයෙක්ගේ වන දාට තියාගන්ට,..අහගන්..,උබලට මේ කලට එක එක එව්වා මෙව්වායේ ලොකූ වෙනහක් දැනෙන බව මතක තියාගන්,උබ හිච්චි එකීලයේ කඩිත්තුවලට ඇහැ නොදාන අර පැල් කොටයකම රිංගාන ඉන්ට හැම දොහේම මොන වංගියක් හෝ කියා යන්ට සැරෙසෙන්ට පුළුවන්,!මේ ඩිංග ඇස් කං හොඳ හැටි ඇරන් අහපන්"උබලට යම් පුරුසයෙක් හිතට ඇල්ලුහාම උබලටත් මදනේ ගහලා ඌගේ කැටයමට වහල් වෙලා,ඌගේ නොමනා එපාකම් ඉස්ට කොරන්ට යන්ට හදන්ට එපා,ඌ උබලයේ ඇඳි වතෙන් වහාන ඉන්ට සේරෝම දැක දැක උබලා,ඌට පෙන්නුහම නිකාන ඉන්ට ගහක් ගලක් කියලත් හිතන්ට එපා,උන්ට උබලයේ ඔය තනේ පැත්ත පෙනුනත් ඇති බොලන් උබලව ආං අර පැදුරට දමන්න..පස්සේ පහුං උබලට අතින් කටින් ⁣⁣පුංචි එව්න් අරන් මේන් මේ අම්මා අප්පා ළඟට එන්ට වෙන්නේ..!"

අත්තම්මා කියූ අපමණ දෑ වල මතක රං මැණිකාට හොඳ හැටි මතකය...රෑ අඳුර කෙමෙන්,කෙමෙන් වියැකී යත් ම සුදු එළි ඡාමය එය ආක්‍රමණය කරයි..රං මැණිකාගේ අත්තම්මාම ඕ හට පැවසූ
අලුයම් මැදිරියේ සුදු එළි ඡාමේ කෙසේ වුවත් සුන්දර වග බව හා සුදු එළි ඡාමේ සිද්ධවෙන අපූරු සංසිද්ධීන්ද ඇති වග අත්තම්මා රං මැණිකාටද,රං මැණිකා සීවලී මැණිකාටද කියා දී තිබිණි...

පපුව මැද්දෑවෙන්ම ආ හීන් ඉකියක් හිර කරගත් රං මැණිකා වෙල්යායේ සුවඳැල් හාලේ පුසුඹ ද,ගංගොඩැල්ලේ රොන් මඩේ පුසුඹද, වෙලී ආ මඳ පවනට තමන්ගේ මුළු සරීරෙන්ම ගත් සුසුමක් පිට කර හැරියේ,තවත් උණු කඳුළක් දෙකොපුල් මතින් බස්සවා අලුයමටද පූඡා කරමය..

අවුරුදු කීපයකට කලියෙන් යම් දිනක සිටි රං මැණිකා,මේ ගම් පියසට බඩ ගෑවේ කුස තුළ දරු ගැබක්ද හොවාගෙනමය..සීවලී මැණිකා හා ඇය තම ගමෙන් බඩ ගාගෙන ආවේ මහා මූකලාන රාස්ස කැල අස්සෙන් වුවද,ඇයට ඒවා පිරික්සන්නට මහා වෙලා නොවුණි..දරු ගැබත් අනෙක් අතින් තදකර ගත් ඕ,අනෙක් අතින් හයිය දණ්ඩක් අල්වාගෙන පා තබන්නට විය..රං මැණිකාට තමන්ගේම වීර්යය ආවර්ඡනය විය..රං මැණිකා වට්ටක්කා ගැට පහ හයකට අත මාරු කරගත් අලුත්ම රතු කහ වෛවර්ණ පැදුරු කඩමාල්ල අද වන විට පැහැය වියැකුනු ඡරා ඡීර්ණ වී දුම්මල කහටද ගත් යටින් එකයි,උඩින් එකයි පන් කෑලි ඇබරුණු පැදුර අමුම අමු කඩමාල්ලක්ම බඳු විය...

තම අතීත ගම් පියසේ තමා,අම්මා,නඟා,අත්තම්මා,අප්පච්චි ලෙසින් සතුටු සිතින් ගෙවූ කාලය රං මැණිකාට වෙල්යායේ හාල් ඇටය,රොන්මඩ එක්වෙච්චි පුසුඹ ඇගේ මතක අවුස්සන්නට විය..යළි යළිත් ගිනි පුළිඟු සේ පුපුරු ගසන ඇගේ වේදනා බරිත ඡීවන අන්දරය ඕ සිතින් මෙනෙහි කළාය..සීවලියගේ අප්පච්චි වූ ඒ ගරු උත්තමයන් පිළිබඳව ඇය ගෞරවාන්විත හදින් මෙනෙහි කළාය..ඕ දැන උන් සෑම පුරුෂයාම වැදගැම්මකට නැති,කෙසඟ සරීර වලින් යුක්ත ඇදී ගිය අයෙකු වන කොට,ඇය ඔහුව පළමු වරට,ගාම්භීර,ආඩම්බරකාර,පුරුෂයෙකු ලෙස දැක්කා පමණක් නොව ඔහුව තම හදවතේම පැළ පැදියම් කළ ගත්තාය..
කල්ප කාලයක් ගියත් ඇගේ ගෑනු සිත ඔහුටම සින්න විණි..ඇගේ පළමු අයිතිය පමණකුදු නොව අවසන් අයිතිය වුව ඇය එදින ඔහුටම පවරා තිබිණි..

වියැකී ගිය පැදුරු කඩමාල්ලේ ඒ අතට මේ අතට හැරෙමින් සුව නින්දක් සොයන  තවමද ගලේ ගැහුවා සේ නිදා සි⁣ටින ඇගේ එකම වස්තුව දෙස රං මැණිකා කඳුළු උනන නෙතඟින් බලා හිඳයාය..ඇගේ ගෙලෙහි වම් පසට වන්නට පිහිටා තිබුණු උපත් ලපය රං මැණිකාගේ නිනව්වක් නැති ආවර්ඡනයන්වල තනිකරන්නට විය..

"උබ ධනසිංහ පරපුරේ දුවෙක්ම තමයි පැංචියේ!"රං මැණිකා ඇසෙන නෑසෙන ගනනට ⁣මුමුණන්ට විය..අතීතය වළලන්නට තනන සෑම මොහොතක්ම නිස්කාරණේ යටි ගං බලා යෑමක් පමණක්ම බව ඕ ඉටා ගත්තද,..මේ මහා පොළෝ තලයේ පස් පිඩක්වත් දමා වසන්නට බැරි ඕනෑ තරම් සාක්කි ඇය අසලම තිබෙන බවද ඇය දැන උන්නාය..

ඩිංග ඩිංග උස් මහත් වෙන සීවලියගේ ළපටි කල පටන් අද දක්වාම වූයේ ඕ තම අතීතය මෙනෙහි කිරීම පමණමය..මඳකට ආවර්ඡනය මතින්ම ඕ තම එකම වස්තුව වූ තම දියණියගේ නළල් තලය මත තම වියළි ⁣පැලුණු තැලී ගිය තොල් නතර කර,ඕ,
"මගේ කෙලීට රත්නත්තරේ සරණයි!,උබලට වරදින්නෑ පැංචියේ,උඹලයේ ඡීවිතේ මං තරම් දුක් ගැහැට විඳින්ට තියාන මා අත පැත්ත දමාගෙන ඉන්නේ නෑ,උබලා යන තැන හොඳින් ඉන්න බව මං දන්නවා පැංචියේ!"මවක වශයෙන් ඇය නව මසක් තම පණ මෙන් ඕ රැක ගත්තාය..අපමණ වුව,කටුක වුව,..ඇගේ ළපටි කල සුන්දර බව රැක්මට,ඇය ඇගේ පිරිපුන් ගතෙහි සුන්දරත්වය වික්කාය..

දහදුරා මනුසත්තුන්ගෙන් ඡරා ඡීර්ණ වූ ලෝකයේ අපමණ දෙනා කියන කතාවලට උත්තර නොදීම,තම දරුවාගේ ලපටි කළ ඕ සුන්දර කළාය..ඇගේ වැඩිවිය පැමිණ දොහ ගමේ මොන උන්දැටවත් නොකිය ඇයම අතේ සතේ නැතිව වුව හැකි පමණ ඇගේ දවස් සුන්දර කළාය..සීවලියගේ වයසේදී,ඇය පිරිපුන් වැඩිවිය පැමිණි ගැටිස්සියකි..අද කෙසඟ වූත් වැහැරී ගිය සැකිල්ලක සරීරෙන් යුක්ත,දෙඅත්ල කරගැට වූවද,ඇය තවමත් එදා පටන් බිඳකුදු වුව නොවෙනස් වූ සිනහව ඇගේ සිනහව හදවත මතින්ම අන් අයට පිදුවාය..ඇයත් නිහඬ වතකින් සියලු කම් කටොලු දරා ගත් ගැහැනියකි..අපමණ දුක් වින්දද මෙපමණයි කියා කවරදාවත් තම දියණියට වරද පටවා නැති මවකි..අනුන්ගේ යහනතේ නිදි වැදුණද, තමන්ගේ යහනත වූ පැදුරු කඩමාල්ලට පමණක් සිමාවී නින්ද පූඡා කළ ඉකිබිඳුම් වැළඳගත් කතකි...

"උබලා නිදි නැත්ද මයේ අම්මා!"සීවලී මැණිකා නිදිගැට කඩමින් නැගී සිටින්ට විය..
"මං මේ උබලා ඇහැරෙන්ට කලියෙන් ඇහැ ඇරුණේ,මේන් ⁣මයේ ඇඟ පත ඩිංගිත්තක් කසන්නට වගේ ගත්තා නෙව,..දැන් ඉතින්,මේන් මේ පැදුරු කෑල්ලත් දිරලා ගිහින් නෙව,..!"රං මැණිකා ඇගේ ඉකිබිඳුම් තමා තුළම සඟවා ගනිමින් පවසන්නට විය..

"අර උන්දැ,කීවනේ තංගු හාමි මාමණ්ඩි තකහනියක්ම එනවය කියලා,උන්දැලා එන්ට කලියෙන් රෙදි පොට්ටනිය ලක ලෑස්ති කරොත් හොඳයි මයේ අම්මා!"

"ආං අර වට්ටක්කා ගැටෙත් දාගන් ඕන් ඕකට,මේන් මේ කඡු පුහුලන් දෙකත් දාගන්,උබලට දෙන්නය කියලා අරකි සියඹලා ඩිංගිත්තකුත් දුන්නා,ආ දාගන්.."රං මැණිකා ඇගේ පොට්ටනියට බහාලන්ට වූ සියක් දෑ දෙස සීවලී මැණිකා කඳුළු පොරකන දෑසින් බලා හිඳින්නට විය..

රෑ තිස් පැයම සුවබර යහනතෙහි සුවය හොරු රැගෙන ගොස් සිටිද්දි කැතරින් තම දණිස් පොල් කටු දෙකේ උවනත හොවා ගත්තාය..මහ වලව්වකාරියක ලෙස ගම් දනව් ගම් වල කැතරින් බවලතියක ලෙස වැඡඹෙද්දි,ඇය තම අත්තම්මා වූ රොසි ⁣නෝනාට පමණක් කියූ අතීත කතාවක ගිලී හුන්නාය..

ඕ ඡනෙල් පොලු අතරින් සුදු තිර රෙද්දෙනුත් ⁣බොඳ වී පෙනෙන අලුයම ඡාමය දෙස බලා හිඳියාය..රාත්‍රිය පමණක් දීර්ඝ වූ බවත්,සුව නින්ද රාත්‍රිය පැහැරගත් බවත්,එතැන් සිට මතක ඇය සමඟ තනි රකින බවත් ඕ හට වැට⁣හිණි...

"රෑ ඡාමේ මේ තරම්ම දිග උනේ උබ නිසාද කොහේද!"කැතරින් තම සිතැඟි මත වචන මැව්වාය..
ඕ හට ඇගේ නින්ද නැති වුණේ,දින කීපයකට කලියෙන් වුවද,ඇයට තම සිහින මත මැවෙන රුවනම්,දින කීපයකට කලියෙන් නොව තම දිවියේ අනේක වාරයක් පෙනුනු රුවක්ම විය..ඇය ඇගේ දිවියේ අඩකටත් වඩා පමණ එය දැක තිබුණාය...

ඕ තම හිස දණහිසින් මෑත් කර යහනතෙහි උඩුබැලි අතට දිගා විය..හිසට යටියෙන් තම දෑත තබා අනෙක් අත තම වම් පියයුරට යටියෙන් තාල නොතියාම තාල තියන හෘදය උඩහින් තබා දීර්ඝ සුසුමක් ගත්තාය..

ඕ ගංගොඩැල්ලේ පුසුඹටම වෙලී ආ මඳ පවන නාස් කුහර තුළින් ඇඳගත්තේ මුළු ගතම පුරවා, ඒ සා සුසුමක්ද හැර දෑස්ද වසා⁣ගන්නා ගමනය..

***
"තුනුරුවන්ගෙම පිහිටයි මයේ අම්මට..!"රං මැණිකා⁣ තම දෙපා මුල වැඳවැටීගෙන දණහිසම පොළොවට තබාගෙන,"මාතූ පාදං නමා මහං!"අවසන් පද පේළිය කියා නැගිටගත් තම අඩුමල් දියණිය වූ සීවලී මැණිකාව තම ළය මත⁣ට කරගෙන තදින් ඇගේ නළලත සිප ගත්තාය..

"අපේ අම්මේ!,දැන් ඇති නෙවැ.."සීවලී මැණිකා ක⁣ටකාර කෙලි පොඩ්ඩකි..තවම දහසය හැවිරිදි සීවලී මැණිකාට පොල්ගස් දූවම මූළු හදවතින්ම සෙනෙහස පෑවාය..සීවලී මැණිකා තම හදවතින්ම අනෙකාට කරුණාවන්ත කෙල්ලකි....

"ඕං උබලා කැතරින් නෝනාට කරදර හෙම කරනවා නොවැ.."රන් මැණිකා ⁣ඉරී ගිය සුදු පැහැ වියැකී ගිය පොට්ටනියක් ගෙන එයට අඩුම කුඩුම එක්රැස් කළාය..

"මට ඒතරම් ගායක් නෑ නොවැ අම්මේ!"සීවලී මැණිකා කැඩී ගිය බංකු කෑල්ලක් තමා තිබූ පිලෙහි හිඳගෙන දෙකකුල් එහෙට මෙහෙට වනමින් තමා දැන් යන ගමන පිළිබඳ දුරකට සිතන්නට විය...
"මේ අහගනින්..,"රන් මැණිකා හේ ⁣වෙන අතක බලා හිඳිද්දි ඇගේ අතට පොට්ටනිය දුන්නාය..
"කියාපන් ඉතින්!"සීවලී මැණිකා රන් මැණිකා දෙස බැලුවාය..ඇගේ මුවඟෙහි පැහැය දැන් දැන් වියැකී ඇත..කාලයක සිට වී අහුරක් දෑහට දකින්නට නොතිබුණාය...උදේ හවා කොස්,පොළොස් කඩන්නට බඩගාද්දි ඇගේ මුවඟ සහ කයද සැරව තුවාලවලින් පිරිණි...සීවලී මැණිකාට කඳුළු උනන්නට විය..

"ඔය සුදු මහත්තුරු එක්ක වැඩි ඇයි හොඳැයි පවත්වනවා හෙම නොවැ,..කැතරින් නෝනා⁣ගේ වැඩක් පලක් බලන් හිටු..තේරුණාද මයේ අම්ම⁣ට..උබව යවන්නේ හිතකින් නෙවෙයි පැංචියේ.."රං මැණිකා හැට්ට කරෙන් වැක්කෙරෙන කඳුළු පිසදාගත්තද,.සීවලී මැණිකා දිටීය...

"කාරි නෑ කාරි නෑ..උබ යන ගමනට රත්නත්තරේ පිහිට හැමදාම ති⁣යෙයි..!"රන් මැණිකා සීවලී මැණිකා වැළඳගත්තේ,කඳුළු උනන ⁣නෙතිනි..
"අම්මා ඔය කොරන්නේ මාවත් වැලහින්නි ගානට දමන එකමයි.."සීවලී මැණිකාටද කදුළු එකපිට එක උනන ගමන ඇය මිමිණීය...
"ආං ගොං කරත්තේ ඇදෙනෝ..හා හා පලයන්...ගෙයි වැඩ කොරන් හොඳට හිටපන් මයේ අම්මා!"නැවතත් සීවලී මැණිකාගේ හිස සිඹි රන් මැණිකා ඇයව තංගු හාමිගේ ගොං කරත්තයට නැග්ගුවාය...

සීවලී මැණිකා කඳළු උනන නෙතඟ හැට්ට කරෙන් පිසදමාගත්තේ "මයේ අම්මටත් දළදා සමිඳු පිහිටයි..!"කියමින්මය..
වෙල්යාය දෙසින් කරත්තය ඇදී යද්දි සීවලී මැණිකාගේ  පිඳුරු සෙවිලි කළ වහලයක් දමා තිබූ මැටි ⁣නිවහන කළු පැහැ තිතක් වී නොපෙනී ගියේය..අරලිය මල් ගොං කරත්⁣තෙට යටවෙද්දි,..සීවලී මැණිකාට කඳුළු නතර කරගැන්මටම නොහැකි විය..

"අඬලා දොඬලා පලක් නෑ බං,..නික්කාසුවේ වලව්වේ වැඩක් පලක් කොරන් හිටු...මෙහේ මේ නහින ගානට වඩා උබට එහේ නහින්ට කාරි නෑ.
නෙවැ..!"තංගු හාමි කළු පැහැ අම්බරුවා දක්කන ගමන ඉකිගසන සීවලී මැණිකාව අස්වසනු පිණිස එක එක වග තුග කීවද,සීවලී මැණිකාට තම මව වූ රන් මැණිකාගේ වියැකී ගිය මුවඟ මතකෙට නැගෙන වාරයක් පාසා ඇයට කඳුළු ඉනුවාය...

***

"දෙයි හාන්දුරුවනේ!,"සීවලී මැණිකාගේ දෙතොල්පත් ඇරිණි..ඇයට තවමත් නිච්චි නැත මේ තරම් විසල් නිවාස තම ගම් පළාතෙහි තිබෙන බව..
"ඕං උබ ටිකයි දැක්කේ..ඔහොම නෙමෙයි..අර වලව්ව ඇතුළේ තියෙන වංගි ටික උබ දැක්කනම් මේං මෙතනම කම්බස්.."තංගු හාමි බුලත් විටක් කන ගමන කඩපිලෙහි ගොං කරත්තය නැවැත්තුවේය...
වෙල්යාය අද්දරට වන්ට සාදා තිබී වලව්ව දැක සීවලී මැණිකාගේ දෑසද විසල් විය..

"මාමේ!,මේ ලොකු මැටි ගෙවල් වල කීයක් නම් මිනිස්සු ඡීවත් වෙනවා ඇත්ද..අනේ මගේ මේ අත් දෙකෙන් කීයක් නම් බත් පිහින්න වෙයිද.."සීවලී මැණිකා තම තලෙලු දෑත දෙස බලා සුසුමක් හෙලීය...
"හොහ් හොහ් හා..,උබට පිස්සුද සීවලියේ..වලව්වේ ඉන්නවනම් ඉන්නේ කැතරින් නෝනයි,..උන්දැගේ මව් තුමියයි තමයි..බන්!"තංගුහාමි සිනාසී සීවලී මැණිකා දෙස බැලීය..

"උන්දැලට පිස්සුද..අර තරම් ලොකු ගෙදරක ඡීවත් වෙන්න..මමයි අම්මයිත් ඡීවත් වුණේ අපේ ⁣පුංචි පැල් කොටේනේ..මුන් දැලට පිස්සු ඇති.."සීවලී මැණිකා සිනාසුණද,"කට කට සීවලියේ,..උබට පිස්සුද..සුදු මහත්තරුන්ට ඇහුනනම් උබයි මායි දෙන්නටම දඬු කද තමයි.."තංගුහාමි ගොං කරත්තයට නැග දක්කන්ට වූයෙන් නැවතත් සීවලී මැණිකා දෙතොල් තද කරගත්තාය..

"පලයන් මෙතන ටැග් ගැහෙන්නේ නැතිව.."තංගු හාමි හා සීවලී මැණිකා විසල් වලව්ව ඉදිරිපස සිටගෙන සිටියෝය..
"වරෙන් ඔතන ඉන්නේ නැතිව.."දායිසීලි නොහොත් කැතරින් ගේ මව් වූ කාන්තාව තංගු හාමිට හා සීවලී මැණිකාට කෑගැවේ කාලය කා දමන එවුන්ට සේය..

"ආනේ,...නෝනේ..මේ තමයි අර රං මැණිකාගේ බාල කෙලී..වැඩට කෙනෙක් නෝනා සොය සොය හිටි නිසා මේං මේකි කැමති වුනා එන්ට..කැතරින් නෝනත් මේකිව එක්ක එන්නය කියලා මට කළුහාමි අතේ පයිණ්ඩේ එව්වා.."තංගු හාමි තම උරපතෙහි දමා තිබූ තුවායද දෑතෙන්ම අල්ලාගෙන හතරට නැමී දයාසීලිට පවසන්නට විය..
"ආ උබ වරෙන් බලන්න.."පසෙක සිටගෙන සිටි සීවලී මැණිකා දෙස බැලූ ඇය..එන්නට පැවසුව කල සීවලී මැණිකා ඇය දෙසට යන්නට විය..

"නම කිව්වනම් මේකිගේ..!"දයාසීලී සීවලීගේ මුවඟ මත දෑස් යවා ඇය දෙස බැලීය..
"සීවලී මැණිකා..!"සීවලී මැණිකා මිමිණීය...
"හයියෙන් කියාපන්.."
"ස් සීවලී මැණිකා.."තම රෙදි පොට්ටනිය ඇගේ පපුවටම තදකර ගත් ඇය පවසන්නට විය...

"අම්මා!,"රතු පැහැ දිගු ගවුමට කෙස් කළඹ කඩා හැලෙන්න දමා සිටි කැතරින් රුවැත්තියකි..හෙමි හෙමින් තංගු හාමි දෙසද තම මව්තුමිය දෙසද බලා පසුව සීවලී මැණිකාට දෑස හැරවූ කැතරින් දුටුවේ තමා සඳුදා දිනයේ වෙල්යාය අද්දරින් ඇවිද යද්දි සරුංගලයක් බේරාගන්නට පොඩි කොල්ලෝ කුරුට්ටෝ පස් හය දෙනෙක් වට කරගත් සීවලි මැණිකාය..
කැතරින් ආඩම්බරකාර වුවද කරුණාවන්තය..ඇය වෙල්යාය අද්දරින් බැස ගෙන ගඟට බොහෝ සේ ප්‍රියැත්තියකය..
යම් දිනෙක ඇය දිටියේ,..⁣⁣තෙත් වුණු හැට්ටය අතරින් පිටතට නෙරා ආ සීවලියගේ පපු ⁣ප්‍රදේශය හා හීනි ඉඟටියය..මල් මල් චීත්තයෙන් බේරී පිටට පෙනුනු තලෙලු දෙපරැන්ද අතර ඇගේ නෙත නතර විය..

"තංගු හාමි නෙවැ මේ,..කවුදැයි මේ හිමිච්චි.."කැතරින් තම දෑත පිටුපසට කර වෙලා ගත්තාය..
"සීවලී මැණිකා!" සීවලී මැණිකා කැතරින් දෙස දෑස යා කරද ඇගේ හිසට පහරක් වැදිණි..
"තොට කොයින්ද පාහරියේ අපේ කැතරින් නෝනා දිහා ඔය මැටි ඔළු ගෙඩිය උස් කරලා බලන්ඩ තරම් හයියක්.."දයාසීලි කෑ ගැසුවේ සීවලී මැණිකාට තරමක පහරක්ද දීමය..
"හා හා අපේ අම්මට පිස්සුද..ඔය අහිංසක කෙල්ලට තඩි බාන්ඩ.."කැතරින් ඇගේ දෑතෙන් දයාසීලිගේ දෑත අල්වා නැවැත්තුවාය..

"පලයන් ගෙට..ගිහින් අර කුස්සියේ වැඩක් පලක් කොරගනින්..."දයාසීලි කෝප දෑසින් යුතුව සීවලී මැණිකාට බැන වැදුණේ,..තංගුහාමි තුවා පොටෙන් දෑස පිසදාගනිද්දිය...
"පලයන් සීවලියේ!,"තංගු හාමි ඇයව අස් වැසුවේ,මවත් නැති දියණිය දැන් තවත් තනිවෙද්දිමය..දයාසීලි හා තංගුහාමි වෙල දිහාවට කතිකා කරගෙන යද්දි කැතරින් හා සීවලී මැණිකා තනිවිය..
"සීවලී මැණිකා නෙවැ නම,..මං මැණිකා කියන්නම්.."කැතරින් සීවලී මැණිකා දෙස බැලී පැවසී හෙයින් සීවලී මැණිකා සිනාසීය..
"මොකෑ උබ හිනාවෙන්නේ කිව්වනම්..මැණිකෝ!.."කැතරින් සීවලී දෙස බලා තම දෑස විසල් කරගත්තේ,"නෝනා රාස්සිගේ පෑවිල්ල වෙලාවෙත් මං ගඟේ නාන දොහේ බලා ඉඳි වග මතක් වුණා..මං හිතුවේ නෝනා යාවිය කියලා,..ඒත් නෝනා ගියේ නැති කළ මට නෝනා ගැන සාංකාවක් හිතුණා..කට්ට කර පෑවිල්ලේ නෝනා මා දිහා බලන් ඉද්දි නෝනා පිච්චෙන වග දැන ගත්තම,මම රෙදි ටිකත් උහාගෙනම පැල් කොටේට යන්ට ගත්තත් නෝනා කරේම මා දිහා බලන් උන්නු එකමනේ.."සීවලී මැණිකා සිනා සී කැතරින් දෙස බැලුවේ කැතරින් කියන සුනංගුවටම මුවඟ රතු පැහැ කරගද්දිමය..
"උබනම් මහ අම්මණ්ඩි කෙනෙක්මයි..ඇරපු අතක් නෑ.."කැතරින් සීවලී මැණිකාගේ දෙකොපුලක් නොරිදෙන්නට තද කර සීවලී මැණිකාව ගෙතුළට රැගෙන ගියාය..

මේ chapter එකට අර මුලින්ම ලියපු කොටස දාන්න වෙනවා,නැත්නම් කතාව හරියට ගලන් යන්නේ නැහැ..

ස්තුතියි කියවන ඔයාලා හැමෝටම..
❤️🌼😁

Continue Reading

You'll Also Like

128K 14.3K 30
"သူက သူစိမ်းမှ မဟုတ်တာ..." "..............." "အဟင်း..ငယ်သူငယ်ချင်းလို့ပြောရမလား..အတန်းတူတက်ခဲ့ဖူးတဲ့ အတန်းဖော်လို့ ပြောရမလား...ဒါမှမဟုတ်..ရန်သူတွေလို...
29.8K 2.5K 45
Story of a family - strict father, loving mother and naughty kids.
332K 19.2K 41
You live in a different time zone Think I know what this is It's just the time's wrong
5.3M 46.3K 57
Welcome to The Wattpad HQ Community Happenings story! We are so glad you're part of our global community. This is the place for readers and writers...