Vmin ff collection 💗

By parkshinhay5427

2.2K 426 227

විමින් සිංහල 💛💞💚 More

01: day 02/14 💖
02: I can't do this 😩💔(part 1)
02: I can't do this 😩💔 (part 2)
02: I can't do this 😩💔 (part 3)
02: I can't do this 😩💔 (part 4)
02: I can't do this 😩💔 (part 5)
02: I can't do this 😩💔 (part 6)
02: I can't do this 😩💔 (final part)
03: Mr.park (part 1)
03: Mr.park (part 2)
03: Mr.park (part 4)
03: Mr.park (Last part)
04: My boy....😚💖 (part 1)
04: My boy....😚💖 (part 2)
04: My boy....😚💖 (part 3)
04: My boy....😚💖 (part 4)
04: My boy....😚💖 (part 5)
04: My boy....😚💖 (part 6)
04: My boy....😚💖 (part 7)
04: My boy....😚💖 ( Last part)

03: Mr.park (part 3)

109 23 16
By parkshinhay5427

දවස් තුනක් මන් කියන දේ අහලා සාන්ත දාන්ත තින්ත කුප්පිය වගේ හිටිය ජිමින් එයාගේ පොත් සම්පූර්න කරගෙන ඉවර වුනාට පස්සේ ආයෙම එයාගේ ගෙදර නවතින්න ගියා..

කොහොමත් එයයි මායි එක ගෙදරක ඉන්න එක ඒ තරම්ම හොද දෙයක් නෙමෙයිනේ...

පහුවෙනිදා මන් ස්කූල් යනකොට ජිමින් තව යාලුවෝ දෙන්නෙක් එක්ක ඔෆිස් එක ලග හිටගෙන හිටියා...

අදත් මොකක් හරි ජංජාලයක් වගේ..මගේ හිත මටම කිව්වා .

ජිමින් එක්ක හිටිය අනික් ලමයි දෙන්නා බිම බලාගෙන ඉද්දි මා දිහා බැලුව ජිමින් ඇහැක් ගහලා කටකොනින් හිනාවෙද්දි මේකවනම් හදන්න බෑ කියන්න වගේ මන් ඔලුව දෙපැත්තට වැනුවා..

"බලන්න ටේහියුන් සර්...මිස්ටර් පාර්ක් කරලා තීන වැඩේ..."

ඔෆිස් එකට ඇතුල් වෙනවත් එක්ක ස්කූල් හෙඩ් කිම් නම්ජූන් එහෙම කියද්දි මගේ යටිහිත හිනාවුනේ ප්‍රින්සිපල් සර්ත් ජිමින්ට මිස්ටර් පාර්ක් කියලා කතාකරන නිසයි..

"මොකක්ද සර් ජිමින් කරලා තීන්නේ...."

"අර සයන්ස් සෙක්ෂන් එකේ ඉස්සරහා තීන පයිතගරස්ගේ පිලිමෙට මෙයා ගිහින් කඩල පුරවලා..."

බැරෑරුම් හඩකින් ප්‍රින්සිපල් සර් එහෙම කිව්වත් ජිමින් පයිතගරස්ට කඩල කවන හැටි මට මැවිලාපේද්දි පනින්න ගිය හිනාව මන් නවත්ත ගත්තේ හරිම අමාරුවෙන්...

"මන් කොල්ලගේ ඔම්මට කෝල් කරත් එයාලට ස්කුල් එන්න බෑලූ..මට කැමති දඩුවමක් දෙන්නලූ.ඒ මිනිස්සුන්ටත් එපා වෙලා ඇති මේ යකාගේ වැඩ..."

"ඔහ්..එහෙමද...එතකොට අනිත් පිරිමි ළමයි දෙන්න කවුද..."

"ආ....ඒ ඔත්තු බලපු ජෝඩුව....මිස්ටර් පාර්ක්ගේ අතිජාත යාලුවෝ දෙන්නා ජන්ග් හේසෝක් & ජියෝන් ජන්කුක්..."

"මේ ලමයින්ගේ දෙමාපියෝ හරිම වැදගත් අය.මෙයාලා එයාලට දෙන්නේ පුදුමවදයක් අපි මෙයාලා ගැන කොච්චර කම්ප්ලේන් කලත් දැන් එයාලා එන්නෙත් නෑ..."

මට ජිමින් ගැන දුක හිතුනා..

ජිමින් ආස දේ එයාට කරන්න ලැබුනනම් එයා මෙහෙම නොවෙන්නත් ඉඩ තිබුනා කියලා මට හිතුනා...

ආයේ ජිමින් අතින් වරදක් වෙන්න මම ඉඩ නොදෙන බව ප්‍රින්සිපල් සර්ට පොරොන්දු වුන මන් ජිමින්වයි අනික් ලමයි දෙන්නවයි පන්තිවලට යවන්න අවසර ඉල්ල ගත්තා...

"යන් ක්ලාස් එකට..."

"මෙච්චර ඉක්මන්ට..."

ක්ලාස් එකක් අස්සේ ඇස් අතරමං කරන් හිටි ජිමිනි කටත් භාගෙට ඇරම් එහෙම අහද්දි මට පොඩි හිනාවක් ගියා...

"ඔය ලමයි දෙන්නත් ක්ලාස් එකට යන්න.."

බිම බලන් ඉන්න කොල්ලො දෙන්නට මන් එහෙම කිව්වමයි එයාලා ඔලුව ඉස්සුවේ..

එතකොටයි කලින් දවසක මන් එක්ක ලස්සනට හිනාවුන කොල්ලත් එතන ඉන්නවා කියලා මන් දැක්කේ..

"තෑන්ක් යූ සර්..."

හා හිනාවක් එක්ක එක කොල්ලෙක් කියද්දි ජිමින් හොබී කියලා කතාකල කොල්ලත් ලස්සන හිනාවකින් සංග්‍රහා කරලා ඉක්මනින් එයාලගේ ක්ලාස් වලට දිව්වා...

"අපි යන් දැන්..."

ආයෙම ක්ලාස් එකක් අස්සේ ඇස් අතරමං කරන් ඉන්න ජිමින්ට මන් කිව්වා..

"ශිට්..බලන්න සර් ඔයා මගෙයි ජිනීගෙයි අයි කන්ටැක් එක කඩලා දැම්මනේ...."

"දැන් මා එක්ක යන්න නාවොත් මන් ඔයගේ දත් සෙට් එකයි කඩලා දාන්නෙ.."

මන් තරවටු හඩින් එහෙම කියද්දි හයියෙන් හිනාවුන ජිමින් මගේ කම්මුලකට ඇගිල්ලෙන් අනලා,

"ඔහොම ජෙලස් උනොත් ඇති " කිව්වා..

අනේ මන්දා මේ කොල්ලට ඉන්නේ ස්කූල් එකේ,මන් එයාගේ ගුරුවරයා කියලවත් ගානක් නැති හැටී...

ඒ අවුරුද්දේ මාස තුන හතරක් යනකොට ජිමින් මට ගොඩක් ලං වුනා...

ඒ දගකාර කොලු පැටියට මේ වෙද්දි මන් මාර විදිහට ආදරේ කරන්න අරන් තිබුනා..

මාව වැරදියට තේරුන් ගන්න ඕනී නෑ..

මන් එයාට ආදරේ කරේ හුරතල්, දග, කටකාර, නිර්භීත,කියලා නිම කරන්න බැරි එකිනෙකට වෙනස් ගති ලක්ෂන නිසයි...

එයාගේ දඟකාරකම්,ඒ මැරකම් මාව අමුතුම ලෝකයකට ගෙනිහින් තිබුණා...

අනිත් ගුරුවරු මොනව කියල බැන්නත් ගැහුවත් මට ජිමින්ට වචනයක්වත් කියන්න හිතුනෙ නෑ..

ජිමින්ගෙ නසරානි වැඩ ඇත්තෙන්ම මගේ යටි හිත කුල්මත් කළා..

මට ආපහු මගේ පාසල් කාලය මතක් කලා...

ප්‍රින්සිපල් සර් ජින්ව වෙන ස්කූල් එක්කට මාරු කලා..

ජින් කියන්නෙ සර් මැරි කරන්න ඉන්න බෝයී..

ඒත් මගේ හිතනම් කියන්නේ සර් යුන්ගි එක්කත් යුන්ගී ජින් එක්කත් මොකක් හරි හුටපටයක් තීන බවයි..

ඒකනේ ජින්ව මාරුකල ස්කූල් එකට යුන්ගි සර්ත් මාරු වුනේ..

කොහොමහරි මට ඒ වලින් වැඩක් නෑ..

හැබැයි ජින් ස්කූල් මාරු කල එක ගැන අවුල් වුන ජිමින් ගැන මං වදවුනා...

ජින් ස්කූල් එක මාරු කලා කියලා ජිමින් දැනගත් දවසේ සුදු මූන රතුකරන් මුලු දවසම කතාවක් බහක් නැතිව ඔහේ ජනේලෙන් එලිය බලන් හිටි හැටි මට තාම මතකයි...

මන් ඒ හිතහදන්න මාරෙට මහන්සිවුනා...

පහුවෙනිදා,

සයන්ස් පීරියඩ් දෙක අවසානයේ මන් පන්තියෙන් එලියට ආවේ ඊලග පන්තියට යන්න හිතාගෙනයි..

ඒත් එකසැරේම ඔෆිස් එක පැත්තෙන් ඩෝං ගාන සද්දයක් ආව නිසා මන් බය වුනා..

ඒ වෙලාවේ ස්කූල් එකට අධ්‍යාපන ඇමති ඇවිත් හිටි නිසා කලබල වුන එතුමගේ ආරක්ෂකයින් හතර වටේම දුවන්න ගත්තේ කවුරුහරි වෙඩි තිබ්බා කියලා හිතලයී...

කලබලයක් සිද්ධ වෙච්ච නිසා ඒ ළඟම හිටපු මමත් ඉක්මනටම ඔෆිස් එකට දුවලා ගියා..

එතකොටයි මන් ඔෆිස් එක ලගම මල්පෝච්චියේ පැලේ අස්සට වෙන්න හදුන්කූරක ගැටගහලා තිබ්බ රතිඤ්ඤා කරලක් හරි ගානට වෙලාවට පුපුරලා තියෙන විදිහ දැක්කේ...

මේක කලේ කවුද කියලා අමුතුවෙන් හොයන්න දෙයක් නැති නිසා මන් කෙලින්ම ගියේ මගේ ක්ලාස් එකට...

මන් ක්ලාස් එකට යනකොට ජිමින් කිසිම දෙයක් නොවුන ගානට පුටුවේ වාඩිගෙන ඩෙස් එක බදන් හිටියා...

"ජිමින්..."

මගේ කටහඩ ඇහුනම ඔලුව උස්සලා මන් දිහා බැලුව ජිමින් බිම බලා ගද්දි වචනයක් වත්නොකියපු මන් ජිමින්ව එක්කන් කැෆේ එකට ගියා...

ජිමින්ට ඇතිවෙන්න කෑම බීම ජාති ගොඩක් අරගත්තු මන් ඒවා ජිමින්ට කන්න කිව්වා..

"එපා..."

"කන්න..."

"මන් හිතුවේ සර් ගහයි කියලා.."

"මට ඔයාට අත උස්සන්න උවමනාවක් නෑ"

"ම්..."

"ආයේ මේ වගේ වැඩ කරන්න එපා.."

"..."

"හැමදේකම ලිමිට් එකක් තීනවා කියලා මතක තියාගන්න.."

"හ්ම්..."

"එක්සෑම් එක ගොඩ දාගෙන ඔයාගේ හීන වලට යන්න..."

අද ගෙදර යන්න කලින් ජිමින්ට දෙන්න කියලා ලග තියන් හිටි ලියුම ජිමින් ලගින් තියන ගමන් මන් එහෙම කියද්දි සද්දෙට මිල්ක්ශේක් එකක් බිබී හිටි ජිමින් කුතුහලෙන් මන් දිහා බැලුවා..

"ඇරලා බලන්න.."

"ලව් ලෙටර් එකක්ද..."

කටකොනින් හිනාවෙලා ලියුම අතට ගත් ජිමින් ඒක අරිද්දි මන් සද්ද නැතිව එයා දිහා බලන් හිටියා..

"සර් මේක විහිලුවක්ද..."

"නෑ ජිමින්...ඔය මගේ යාලුවෙක්ගේ කම්පැනි එකක්..."

ජිමින්ගේ මොඩ්ලර් කෙනෙක් වීමේ හීනෙට මුල් අඩිතාලම දාන්න මගේ යාලුවෙක්ගේ කම්පැනි එකට ජිමින් බදවා ගත්තා කියන ආරංචිය සටහන් කරලා තිබ්බ ලියුම දිහා බොදවුන ඇස්වලින් බලන් ඉන්න ජිමින්ට මන් කිව්වා...

"මන් ඔයාට ගොඩක් ආදරෙයි සර්...😩💝"

ලියුම පපුවට තදකරගත්තු ජිමින් මේ සැරේනම් එයාගේ ඇස්වල හිරවෙලා තිබ්බ කදුලු ඇත්තටම කම්මුල් දිගේ ගලන් යන්න ඉඩහැරියා...

"අඩන්න එපා..මේ මූනට කදුලු ගැලපෙන්නේ නෑ..."

ජිමිනි දිහාට ලේන්සුවක් දික් කල මන් එහෙම කියද්දි පුටුවෙන් නැගිටලා මට ලන්වුන ජිමින් මාව තදින් හග් කලා..

වෙලාවට ඒක දකින්න තරම් කෙනෙක් ඒ අවට හිටියේ නෑ...

"දැන් පිස්සු නටන එක නවත්තලා හරියට ඉගෙනීමේ වැඩ කරන් ඔයාගේ හීනෙට යන්න..නැත්තන් ඔයාට ජීවත් වෙන එක අමාරු දෙයක් වේවී..."

ජිමින්ව ඈත් කරලා ඒම කිව්ව මන් ජිමින්ගේ ඔලුව ආදරෙන් පිරිමැද්දා...

එතනින් පස්සේ ජිමින් එයාගේ පිස්සු වැඩ වලට ලිමිට් තියන් හරි පාරේ ලස්සනට පියවර තිබ්බා...

ජිමින් එයාගේ ඉගේනීමේ වැඩ එක්කම එයාට මොඩ්ලර් කෙනෙක් වෙන්න ඕනී කරන සුදුසු කම් එකින් එක සම්පූර්න කරගත්තා..

කාලය ඉක්මනින් ඉගිල්ලෙද්දි ජිමින් එයාගේ ෆයිනල් එක්සෑම් ඉවර කරලා එයාගේ මොඩ්ලින් ලයිෆ් එකත් එක්ක බිසීවුනා...

රිසාල්ට් ආ දවස වෙනකන් එයාගේ මේ ලයිෆ් එක එයාගේ දෙමාපියන්ට රහසක් වුනා..

මොකද මන් කාගෙන්වත් බැනුම් අහනවට ජිමින් කැමති වුනේ නෑ..

ජිමින්ගේ ගෙදරින් මේක දැනගත් දවසේ
ජිමින් යුනී සිලෙක්ට් වෙන තරමට හොද රිසාල්ට් එකක් අරන් තිබුන නිසා ජිමින්ට ගෙදරින් බැනුම් අහන්න උනේ නෑ..

හැබැයි ජිමින්ට යුනි ගිහින් ඩිග්‍රි එක ගන්න ඕනී කියන කොන්දේසිය ගෙදරින් වැටුනා..

ඒ කොන්දේසිය ජිමින්ගේ යහපත වෙනුවෙන් නිසා මාත් ජිමින්ට යුනි යන්න කියලා උපදෙස් දුන්නා..

ඉතින් අන්තිමට ජිමින් යුනි යන්න තීරනේ කලා..

කොහොමහරි කාලය තවත් අවුරුදු දෙක්කින් ගතවෙද්දි මට මගේ පවුලේ අය නිසා ඇමරිකා යන්න වුනා..

ඒ මගේ ජොබ් එකෙන් අයින් වෙලා සෑහෙන කාලයක් වෙනුවෙන්...

ඒ කාලෙදි මන් ලග ජිමින්ගේ නම්බර් එක තිබුනත් ජිමින් වගෙම මාත් ගොඩක් බිසී ලයිෆ් එක්කට ඉන්වෝල් වෙලා තිබුන නිසා අපිට කතාබහ කරන්න වෙලාවක් ලැබුනේ නැති තරම්..

මේ වෙද්දි harvard university එකේ ප්‍රොෆෙසර් කෙනෙක් හැටියට සේවය කරමින් හිටි මන්,

දවසක් මැගසින් එකක් කියවද්දි දැකපු දෙයින් පුදුමෙටත් සතුටටත් පත්වුනා...

"මෙවර අන්තර්ජාතික කෙටි චිත්‍රපට තරගාවලියේ දී හොඳම නළුවා ලෙස මිස්ටර් පාර්ක් සම්මානයට පාත්‍ර වේ.."

"හොදම නිරූපන ශිල්පියා සම්මානයද දිනාගත් මොහු කොරියාවේ ආකර්ශනීය මිනිසුන් අතරින් ප්‍රමුඛ ස්තානය ලබාගනී.."

ජිමින්ගේ කඩවසම් ෆොටෝ කීපයක් එක්ක ජිමින්ගේ තොරතුරුවලින්ම පිරුනු ඒ සගරාව මන් කියෙව්වේ බොදවුන ඇස් වලින්..

Actually, I am not the real owner of this award.sir kim taehyung who showed me the right way.....

ස්කූල් කාලේ හිටි ජිමින්ට වඩා ගොඩාක් ලස්සන පෙනුමකින් ඒ සගරාවේ හැම තැනම බැබලුන ජිමින් රත්තරං පාට සම්මානය උස්සන් ඉන්න ෆොටෝ එකට පහලින් තද කලු පාට අකුරින් සටහන් වෙලා තීබුන ඒ වචන දැක්ක මන් ඒක කියෙව්වේ ඇස්දෙකෙ කදුලු කම්මුල් දිගේ පහලට ගලන් යද්දියි...

"ඔය තරම්ම සතුටුද මන් ගැන...."

ගෙවල් ලග පාර්ක් එකේ බෙන්ච් එකක් උඩ වාඩිගෙන හිටි මගේ කන ලගින්ම ඇහුන ඒ කටහඩ කාගෙද කියලා අදුන ගන්න මට හැරිලා බලන්න උවමනා වුනේ නෑ...

"mr.park..."

"නෑ...සර්ගේ ජිමින්..."

පුරුදු විදිහටම දග හඩින් එහෙම කිව්ව ජිමින් මගේ අතක් එයාගේ චූටි අතකට මැදිකරන් මගේ ඉස්සරහට ආවා...

"මේ සම්මානේ අයිති සර්ට...සර් අයිති මට..."

හොදමනිරූපන ශිල්පියා සම්මානය මන් අතට දෙනගමන් එයා අල්ලන් හිටි මගේ අතින් හාදුවක් තියලා ජිමින් එහෙම කියද්දි මට හිනාගියා...

"අඩ අඩ හිනාවෙද්දි ශෝයී..."

"ඔයානම් කොල්ලො ඉස්සර වගේමයි..."

"සර්නම් හැබැයි වෙනස් වෙලා..ටිකක් වයසට ගිහින් ද මන්දා..."

"යනවා යන්න..."

"ඇත්තටම සර්..සර් හිටියට වඩා දහස් ගුනේකින් තව ලස්සන වෙලා..."

"ඔයත් ගොඩාආආආආරියක් ලස්සන වෙලා.දැන් මතක තියාගන්න බැරි තරමට කට්ටියට ලයින් දානවා ඇති නේද..."

"සර් ගියත් හරි ලයින් දාන්න තරම් කෙනෙක් සෙට් උනේ නෑ.."

"හනේ ඇත්තට.."

"ඔව් ඇත්තටම..කොහෙද සර් යද්දි මටත් නොකියා මගේ හදවත අරන් ගියානේ.."

කටත් පොඩ්ඩක් ඇදකරන් එහෙම කිව්ව ජිමින් මන් හිනාවෙන අතරෙදි මන් ලග දන ගැහුවේ මාව පුදුමෙට පත්කරමින්...

"මන් විහිලුවට නෙමෙයි සර් අයිති මට කියලා කිව්වේ...will you marry me"

දග හිනාවක් එක්ක එහෙම කිව්ව ජිමින් මන් එයා දිහා පුදුමෙන් බලන් ඉද්දි මගේ දකුනු අතේ වෙදැගිල්ලට මුද්දක් දැම්මා..

දම්පාට මැනික් ගලකින් හැඩවුන ඒ මුද්ද ගොඩක් ලස්සනයි...මගේ මූනේ හිනාවක් ඇදුනේ ඉබේමයි...

Continue Reading

You'll Also Like

97.1K 6.4K 31
"ဘယ်က ဇယားလေးလဲ? Kim" "အကြွေးနဲ့ သိမ်းလာတာလေ မွေးစားဖို့" "ဘယ္က ဇယားေလးလဲ? Kim" "အေႂကြးနဲ႕ သိမ္းလာတာေလ ေမြးစားဖို႔"
77.7K 10.9K 46
Sithara Raghuvaran, a 21 year old girl who is broken, scared and struggling hard to get used to the new world which looks straight opposite to the wo...
422K 88.6K 106
මේ ලෝකෙ කැතයි කියලා පාටක් නෑ... හැම පාටම ලස්සනයි.... ඔයා සුදු පාටට ආසයි... මම කලුපාටට ආසයි... සරලයි ... ඔයා ආස දේ මම ආස දේ නොවෙන්න පුලුවන් ... ඒත් මම...
584K 101K 91
මා දන්නා ප්‍රේමනීයම යක්ශපරානය අග්නි!!