" මේක එසේ මෙසේ කාරණාවක් නෙවෙයි කියලා මගෙ දැනුම, පියදාස උන්නැහැ. කොලුවා තනිපංගලමේ ගමේ රස්තියාදුවෙ යවන්ඩ එපා කියලා මං උබලට කිව්වානෙව. "
නෙලුම් කොට බිච්චියේ හිදගෙන වහලය උසුලා සිටි තේක්ක කොටයට පිට දුන්නේය. ඔහු තවමත් වෙවුලුවේය. ඉදහිට විමසූ දෙයකට වචනයෙන් දෙකකින් පිලිතුරු දුන්නේය. එහෙත් දණහිසක් පපුවට බදාගෙන අතේ ඇගිල්ලක නියපොතු සපමින් ඈත බලාගෙන වෙව්ලුවේය.
" අනේ.. මූ එපා කිව්වට අහන එකක් යැ ගුරුන්නාන්සෙ. මොකට කොහෙ ගියාද දන්නෑ. ගුරුන්නාන්සෙ මුණගැහිලා එද්දි ඇගට අමාරුයි කියලා ගෙට ගොඩවෙච්ච හැටියෙ ඇදට වැටුණා. කොයි වෙලේ කොහෙ ගියාද අපි දන්නෑ. "
" කොලුවගෙ වරදක් නෑ. ඌ නින්දෙන් ගියා වෙන්න පුලුවන්... මළගිය ප්‍රාණකාරයෙක් හීනෙකට රිංගලා අතින් අල්ලගත්තහම ආතුරයා නවතින්නෙ අරූ නවතින තැන. කොල්ලා පනපිටින් ඉන්න එක ගැන සන්තෝස වෙන එකයි කාරණාව..."
" මේකට මොකද කොරන්නෙ ගුරුන්නාන්සෙ? මේකා ඉලන්දාරියා නෙව. ගෙට කොටුකරලා තියන්ඩ අද ඊයෙ ගෙට වුණ ලමිස්සියෙක් නෙවෙයිනෙ. මූ එක තැන ඉන්න එකෙක් නෙවෙයි.. "
" එහෙම කියලා හරියන්නෑ. උබලා මූ ගැටගහල හරි ගෙයි තියාගන්ඩ ඕනැ. පොඩි සාත්තුවක් කොරලා හරියන්නෙ නෑ.. මේ ප්‍රේතාත්මය බලගතු වැඩී මට පේන්නෙ. කලමනා ලැහැස්ති කරගෙන හත් දොහක් පේ වෙලා මේ වැඩේට අතගහන්ඩ ඕනැ අපි."
" ...... ලොකු වියදමක්.. යයිද ගුරුන්නාන්සෙ? "
" වියදම් ගැන කලබල වෙන්න එපා අප්පච්චි. මං ඒව බලාගන්නං. " දර්ශනගේ මැදිහත්වීම ගැන අමා මුහුණෙන් අකමැත්ත පල කලත් ඈ කිසිත් නොකීවාය. ඒශ්වර් කිරි වීදුරුවක් අතැතිව විත් කොට බිච්චියේ නෙලුම් අහල හිදගත්තේය. ඔහුගේ අතට කිරි වීදුරුව පත් කිරීම ඊලඟ අභියෝගය විය. බැරිම තැන ඔහු එය නෙලුම්ගේ මුවට ලං කළේය. හිස පිටුපසින් මෘදුව අල්ලා ඔහුට එය පෙව්වේය. නෙලුම් ඒශ්වර්ගේ මුහුණ දෙස බැලුවේය. ඔහුගේ ඇස්වල ලොකු කතාවක් ලියෑවි තිබෙන බව පමණක් ඒශ්වර්ට කිවහැකි විය.
නෙලුම්ගේ තොල් නලියෑවේය. ඔහු ඒශ්වර්ගේ ගෙල වටා දෑත් ඔතා ඔහු වැලඳගත්තේ ඇස් තද කර වසාගනිමිනි. කිරි උගුරු දෙක තුනක් ගොම පොලව මත විසිරුණේය.
" එහෙම ලොකු වියදමක් වෙන්නෑ.. උවමනා කලමනා කාරණා ටික ගැන බලාගනිල්ලකො. උබලව හූරගෙන කන්ඩ මට ඕන්නෑ.. මට පඩුරු එපා කොලුවව ගොඩ ඇරගෙන ඉමුකො.. "
ගුරුන්නාන්සෙ ගෙපිලට බැස්සේය. නෙලුම් හා ඒශ්වර් දැක සිනාසුනේය. " ආහ්.. මේ ඉන්නෙ යස මලයණ්ඩි කෙනෙක්.. අයියව බලාගන්ඩ. " ඔහු ඒශ්වර්ගේ හිස අතගාමින් මිදුලට බැස්සේය. අත්තා ඔහු ඉස්සර කරගෙන කඩුල්ල දක්වා ගියේය.
" ම්..මාව බලාගන්න ඔයාට පුලුවන්ද ඒශ්වර්..? " නෙලුම්ගේ වචන වෙව්ලුවේය. ඒවා ඇසෙන නෑසෙන තරම් විය. සැබවින්ම ඒ වචන නෙලුම්ගේ මුවින් පිට වූවාද.. ඔහු මවාගත්තාද කියා ලාබාල කොලුවාට විශ්වාස නොමැති විය.
♡♡♡♡♡♡♡♡♡♡♡♡
" වසත් මට තේරෙන්නෑ.. මොකුත් වරදක්.. අඩුපාඩුවක් වුණාද අපේ අතින්..? "
" අනේ වචනෙකින්වත් එහෙම දෙයක්නම් වෙලා නෑ ටීච'. මගෙ අම්මා තරම් හොයලා බලලා ටීච' වුණත් මාව බලාගත්තා. එහෙම හිතන්න එපා. "
" එහෙනම් හදිස්සියෙම ඇයි මේ වගේ තීරණයක් අරගත්තෙ? " අක්කා සමඟ රූපලාවණ්‍යයාගාරයට ගොස් පැය ගණනක් හෙම්බත් වූ මායාන් අතුරු පාරට හැරෙන මග අයිනේම බස්වා ඈ අමතර පන්තියට පිටත් ව ගියාය. ගෙට ගොඩ වන විට මිදුලේ නවතා ඇති යතුරුපැදිය දැකීමෙන් හිත පිරුණේය. අම්මා අතින් සෑදූ උණු චොකලට් කෝප්පයක් ගැන තිබහක් ආ බැවින් ඔහු කාමරයට නොයා ම මුලුතැන්ගෙය දෙසට ගියේය. මුලුතැන්ගෙට ඇතුල්වන ශාලාවේදී ඇසුණු වචන කිහිපයක් විසින් ඔහු එයට ඇතුල්වීම වලක්වන ලදී.
මොහොතක නිහැඬියාවකට පසු වසත් කතා කළේය. " මායාන් හින්දා මිස්.. " ලාබාල හදවත මදකට නතර විය. ඔහුට දැනුණේ බයකි. වසත්ගේ ඊලඟ වදන් අසන්නට ඔහු බිය විය. " මං එනකොට මායාන් තමයි ඉස්කෝලෙ දක්ෂම ස්ටුඩන්ට්. ඒත් මට හිතෙනවා දැන් මායාන් ටිකක්.. කම්මැලි වෙලා කියලා. එයාගෙ අක්කත් ස්කූල් එකේ.. මමත් ස්කූල් එකේ.. ගුරුවරු වුණත් අපේ හිත් නරක් වෙයි කියලා වගේ අපි ඉන්න තැන එයාට සැර කරන්න දෙපාරක් හිතන වගක් මට දැනිලා තියෙනවා.. ඒ හින්දා එයාට අනිත් අයට වගේ ප්‍රෙශර් එකක් එන්නෑ. ඒ හින්දා එයාගෙ performance ටිකක් මන්දගාමී වෙලා වගේ.. "
" දරුවා වෙනදටත් වඩා හොද ග්‍රේඩ්ස් අරගන්නවනෙ වසත්.. ඔයා හිතනවා වැඩී.. "
" ග්‍රේඩ්ස් නං හොදයි.. ඒත් එයා ටිකක් හිතුවක්කාර වෙලා වගේ.. හුරතලේ වැඩීනෙ. "
" ගහන්න වසත්. වැරැද්දක් කරොත් දෙපාරක් හිතන්නෙපා ගහන්න. ඇහෙන්න නොකීවත් ඔය ලකුනක් දෙකක් අඩු වුණා කියලා අපි දරුවව press කරලා ඔලුව කන්න හදන දෙමාපියො නෙවෙයි කියලා වසත් දන්නවනෙ. ඒත් වරදට දඩුවම එවෙලෙම හම්බවෙන්න ඕනැ. නැතුව කොහොමද දරුවො හදන්නෙ? "
" ගැහුවා ටීච'.. ගැහුවා බැන්නා කියලා ළමයි හැදෙන්නෙ නෑ කියලා මට ඊටපස්සෙ තේරුණා. උං තව ඇට්ටර වෙනවා විතරයි. ජීවිතේ එක පාරයි වේවැල අතට ගත්තෙ. ආපහු ඒ වැරැද්ද කරන්නෑ ටීච'. ඊටපස්සෙ හිත හිත මාස ගණන් පසුතැවෙන්න ඕනෙත් මංමයි.. ඌ නම් පාර කාලා අඩලා හරි අමතක කරයි.. "
" වසත්ගෙ ප්‍රතිපත්තිවලට බලපෑම් කරන්න මං කැමති නෑ වසත්. ඒත් මෙහෙන් ගියා කියලා මායාන් හැදෙයි කියලද වසත් විශ්වාස කරන්නෙ? "
" ඉන්ග්ලිශ් මිස් නම් සැර කරනවා. එයා එක්ක ඕනවට වඩා හුරතලේට යන්නෑ ඉස්කෝලෙදි. මං කොච්චර බැන්නත් මූ කනකට ගන්නෑ. මං හිතන්නෙ කොල්ලා මට ක්ලෝස් වුණා වැඩී. මං ටිකක් දුරස් වුණානං මේ ප්‍රශ්නෙ තව දලුදාන එකක් නෑ. "
" අනේ මංදා වසත්. පුතාට කතා කරන්නද මං? "
" නෑ මිස්. මායාන් ඔය මොකුත් කනකට ගන්නෙ නෑ දැන්. අවුරුදු 13-19 කියන්නෙ ළමයෙක් එක්ක පරිස්සමෙන් ම වැඩ කරන්න ඕනැ කාලයක්. එයාලගෙ මූඩ් ස්වින්ග්ස්.. මෙන්ටැලිටි.. ඕවා ගැන මං ටීච' ට අමුතුවෙන් කියාදෙන්න ඕන්නෑනෙ.. ටීච' මට වඩා එක්ස්පීරියන්ස් අරන් ඉන්න කෙනෙක් නෙ.. "
" පරිස්සමෙන් වැඩ කරන්න ඕනැ වසත්. ඒත් අනවශ්‍ය බුරුලත් අයාලෙ යෑමට හේතුවක්.. හරි.. මං බලපෑම් කරන්නෑ වසත්. ඔයා තව ටිකක් හොදට හිතලා.. මහත්තයා එක්කත් ටිකක් කතා කරලා බලන්න. ඉස්කෝලෙ ගුරු නිවාසෙ ඉන්න පුලුවන් වෙයි කියලා මං නම් හිතන්නෑ. ඕක සුද්ද කරන්නම මාසයක්වත් යයි වසත්ට. "
" මං ගමේ කොල්ලො දෙන්නෙකුට බාරදුන්නා ටීච' ඒක අස්පස් කරලා තින්ත ටිකක් එහෙම ගාලා ගන්න කියලා. දැන් ගිහින් තේ ටිකක් අරන් දෙන්න ඕනැ. යුතුකමක් තියෙනවනෙ මෙච්චර කාලයක් මට අඩුවක් වෙන්න නොදී බලාගත්ත ගෙදර දැනුවත් කරලා ඉන්න. කියන්නෙ කොහොමද හිතාගන්න බැරුව හිටියට ටික කාලයක ඉදන් මං මේ ගැන හිතේ තියන් හිටියෙ ටීච'. "
" ඒ කියන්නෙ වසත් ගෙ තීරණේ වෙනසක් වෙන්නෙම නෑ කියන එක නේ?. මං දන්නෑ පුතා.. දැන් පුතත් ගෙදර දරුවෙක්ම වෙලා අපිට. අංකල් දැනගත්තම කන පුරෝලා අහගන්න පුලුවන් දැන්.. " අම්මාගේ සුසුම් හඩ මායාන්ගේ කදුලු බිදුව හා එක් වුණි. බිත්තියට පිට දී බිමට රීටූ ඔහුගේ කම්මුල් දිග උණු කදූලු කැට ඔහේ රෝල් විය.
" ඉන්න. වැඩට ඉන්න දරුවන්ට තේ ටිකක් ලෑස්ති කරලා දාල දෙන්නං මං.. "
" නැ ටීච' ඔයා උයන්න. අර දෙන්නා දැන් කන්න බලාගෙනනෙ ගෙට ගොඩවෙන්නෙ. අනික කන්නත් මොනාහරි අරන් දෙන්න ඕනැ. එක්කන් ගිහින් කඩෙන් අරන් දෙනවා. ඒක ලේසී. "
වසත්ගේ අසුන පස්සට ඇදෙන හඩ මායාන්ට නෑසුනා නොවේ. අම්මාට සමු දී එන ඔහුගේ අඩි හඩ ලගම ඇසුනේය. මුලුතැන්ගෙයි ආරුක්කුවෙන් පිට වත්ම ඒ පසෙක බිම හිද සිටි මායාන් ඔහු දුටුවේය. දෙදෙනාගේ නෙත් හමු වූයේ මොහොතකට ය. වසත් පුදුම වූ බවක් පෙනුනේය. මායාන්ගේ නෙත්වල රැදුණේම බිදුණු හදවත යි.
" - " යමක් පවසන්නට විවර වූ මුව එසේම වසාගත්තේ වසත් ය. ඔහු සිය බදට තද කර මුව අතින් වසාගෙන මවගේ කන්වලින් ඈතට ඔහු ඇදගෙන යනු ලැබුවේය.
ඔහු අතහැරියේ වත්ත පහළ ද මැදක් ගොස් කිසිවෙකු වටපිටාවේ නැති බව තහවුරු කරගෙන ය.
" ඇයි මට මෙච්චර නපුරුකම් කරන්නෙ? " මායාන් ඉකිබින්ඳේ වසත්ගේ පපුව අතකින් තල්ලු කර දමමිනි. " ඇයි මට මෙහෙම කරන්නෙ?! කොහොමද දෙයියනේ මනුස්සයෙක් ඔච්චර අසත්පුරුෂ වෙන්නෙ?! "
" මායාන්. තමුසෙගෙ ෆැන්ටසි ලෝක අස්සට මට රිංගන්න බෑ ඒක තේරුම් ගන්නවා. මිලියන ගණන්වලින් සැලරි ගන්න පුලුවන් ජොබ් ගන්න කොලිෆිකේශන්ස් තියාගෙන රුපියල් හතලිස්පන්දාහෙ සොච්චමට ගමකට ඇවිත් දුක් විදින්නෙ කොහෙවත් කහනවට නෙවෙයි! පොඩි කාලෙ ඉදන් දැක්ක හීනෙ මේක මගෙ.. නිකම්ම ජොබ් එකක් නෙවෙයි! දුශ්කර පලාතක අහිංසක පොඩි එකෙකුට අකුරක් උගන්නලා ඒකා පිට ලෝකෙ ලස්සන බලන්න පඩියක් උස්සලා තියන එක. නැත්තම් මං අඩුගානෙ කොලඹ ඉස්කෝලයකට ට්‍රාන්ස' වෙනවනෙ. මේ මගෙ අම්මා මාව ලොකු කරපු විදිය. මගෙ මේ ජොබ් එක තමුසෙට ජොබ් එකක් විතරක් වුණාට මේක මගෙයි මගෙ අම්මගෙයි ජීවිතේ කරපු ලොකුම කැපකිරීම. තමුසෙ කෙලින පිස්සුවලට සම්මාදන් වෙන්න ගිහින් ජොබ් එකත් නැති කරගෙන, ලෝකෙටම අපරාධකාරයෙක් වෙලා හිරෙත් ලැගලා, මගෙ අම්මට මූණ දෙන්න නැති කරගෙන එයාවත් ඩිසපොයින්ට් කරන්න මට බෑ මායාන්! මං වැඩිහිටියෙක් තමුසෙ ළමයෙක්. මං ගුරුවරයෙක් තමුසෙ ශිෂ්‍යයෙක්. මං පිරිමියෙක් තමුසෙ කොල්ලෙක්. තමුසෙට මේකෙ බරක් පතලක් නොතේරුණාට වැඩිහිටියෙක්, පිරිමියෙක් විදියට ඒ හැමදේම දැන දැන දවල් වලේ වැටිලා උබත් දාන්න මට බෑ මායාන්. මීටවඩා පැහැදිලි කරන්න මට තේරෙන්නෑ. තමුසෙ මොලේ තියෙන කොල්ලෙක්. හැඟීමකට වහල් වෙලා මුලු ජීවිතේම අපායක් කරගන්න තරම් තමුසෙ මෝඩ නෑ කියලා මං දන්නවා. තමුසෙ දන්නවද මේ විකාරවලින් තමුසෙගෙ ජීවිතේට වෙන්න පුලුවන් විනාසෙ? අපරාදෙ මායාන්, තමුසෙ මේ වෙලාවෙ විනාශ වෙන්න දගලලා කවදාහරි මටත් ශාප කරයි උබෙ ජීවිතේ අපායක් කරේ මම කියලා. "
" නෙලුම් තරං මං ලස්සන වුණානම් ඔයා ඔච්චර දුර හිතයිද? "
" .... මගෙන් කුනුහරුප විතරක් අහන්න එපා මායාන්. කදුලු පිහගෙන ගෙට යනවා ආන්ටි වොරි කරන්නැතුව. "
" ඇයි නෙලුම් ගැන අහද්දි කවදාවත් එහෙම දෙයක් නෑ කියලා කියන්නෙ නැත්තෙ?! ඇයි හැමදාම ඒක මගාරින්නෙ? ! "
" උබ කෙලින පිස්සුවලට උත්තර දෙන එකත් ගොංකමක් හින්දා! " වසත්ගේ හඩ වත්තේ දෝංකාර දුන්නේය. මායාන් කදුලු පිසිමින් ඔහුගේ ඔහුගේ ගතට ම බර විය. වසත් තල්ලු කරන තරමට ඔහු තව ඔහුගේ ගත වටා දෑත් පටලන්නට තැත් කළේය. ඔහුගේ අත් සිය දරදඩු අත් තුල සිර කරගෙන හකු එකට තද කර වසත් මුරණ්ඩු කොල්ලාගේ දෑස් තුලට එබී රැව්වේය. " ඔන්න ඕක හින්දා තමයි මං මෙහෙන් යන්නෙ. "
" අහ්නේ... " හිතුවක්කාරකමට වසත් යටත් කරගත නොහැකි බව මායාන් තේරුම් ගත්තේය. ඔහු බැහැපත් ලෙස වසත් දෙස බයාදු බැල්මක් හෙලුවේය. " අනේ යන්න එපා. මං කාටවත් නෝට් වෙන්නැති වෙන්න ඉන්නං.. "
" මොකද්ද කිව්වෙ? "
" ...... යන්න එපා.. අනේ මං කොහොමද තමුසෙ නැතුව ඒ රූම් එකේ ඇස් දෙක පියාගන්නෙ?! "
" මායාන් ඔය කෙලින පිස්සුව නම් වහාම නවත්තන්න ඕන තමුසෙ හොදද?! මට බෑ අන්තිමට තමුසෙගෙ පව් වලට කරගහන්න. මං යනවා. " වසත් ඔහු එහි අතහැර දැමුවේය. වේගවත් දෙපා වත්ත උඩහට ඇදුණි. යතුරුපැදිය පනගැන්වෙන හඩ ඇසුණේය. මායාන් බිම හිදගෙන අත්ලෙන් කමිසය මිරිකාගත්තේය. ඔහුගේ හදවත බොහෝ වේදනා දුනි.
♡♡♡♡♡♡♡♡♡♡♡♡