උරුමක්කාරයා

By Osi_Yr_

30.9K 4.1K 1.7K

කිරුළ නොපලන් රජෙකුගෙ කතාව More

01
02
03
04
05
07
note
08
9
10
11
12
13
14
15
16
17
18
19
20
21 B
22
23
24
25
26
27
28
29
30
31
32
33 B
34
35
36
37
38
39
39 - 2
40
41
42
43
44
45
46
47
48
48-2
49
50
51
52
53
A/n
Intro
54
55
a/n
56
57
58
59
60
61
62

06

608 72 6
By Osi_Yr_

"උඹලා දෙන්නා ගිහින් කාපල්ලා මට වැඩක් තියෙනවා "

මොකද්ද කින්ද මන්ද අහන්නත් කලින් එහෙම කියලා අයේෂ්‍ය පන්තියෙන එලියට යන දිහා රහේන් වගේම මේසෙයි පුටුවයි අතර කකුල හිරකරගෙන නැගිට ගන්න බැරුව දගල දගල උන්න යේශුත් කට ඇරගෙන බලාගෙන හිටියා..

"අඩෙව් හුත්තෝ මට උදව් කරපන් " තුවාල් අත නිසා මේසෙ එහාට කර ගන්න බැරුව යේශ් අන්තිමට කෑ ගැහුවා..

"අම්මෝ බන් කව්ද බන් උබව ඒ ලෙවල් ක්ලාස් එකට දාපු එකා "

සුපුරුදු පරිදි ‍රහේන් නොහොක්කාඩු කියන ගමන් මේසෙ ඉස්සරහට අරගෙන හිර වෙලා තිබ්බ යේශ්ගෙ කකුල එලියට ගත්තා..

අයේෂ්‍ය කෙලින්ම ගියෙ කොමස් එකට ඒ ශ්‍රීව හොයාගෙන ..ඒත් අයේෂ්‍ය හොයන කෙනා පන්තියෙ නැති වෙද්දි හැරිලා යන්න හැදුවත් ඇහුන හඩට එතනම නතර උනා..

" ඒ අයා මොකො මේ පැත්තේ " ප්‍රිෆෙට් බෝඩ් එකේ සමාජිකයෙක් අයේෂ්‍ය ගෙ ඉස්සරහට ආවේ ඉදුල් ගෑවුන අතත් උස්සගෙන ..

"මොකො සීන් එක "

" ආ නෑ බන් ..ළමෙක් හොයන්න ආවේ "

"කව්ද "

"ශ්‍රී "

"කව්ද අර එහා වැටේ ඩයල් එක "

"ඔව් බන් ...උබ කකා ද උන්නෙ "

අයේෂ්‍ය ඒ එක්කම තවත් ප්‍රශ්නයක් ඇහුවෙ නැත්තන් හොයන්නෙ මොකටද කින්ද මන්ද වෙනකන්ම මේ ප්‍රශ්න ඇහිල්ල දුර දිග යන බව අත්දැකීමෙන් ම දන්න නිසා ...

" ආ ඔව් බන්..ශ්‍රී නම් පලවෙනි පීරියඩ් දෙකෙන් පස්සෙ මන් දැක්කෙ නෑ බන් "

දැන් කොල්ලට ආයෙමත් බත් එකකට හොම්බ දාන්න හදිස්සිය ..අවසන් ගමන් ගියත් කාල යන්න ඕනා කියනවනෙ ..

"හරි බන් මන් බලන්නම් " කොල්ලගෙ පිටටත් තට්ටුවක් දාලා අයේෂ්‍ය ශ්‍රී ඉදී කියලා හිතපු හැම තැනකම ගිහින් බැලුවත් අයේෂ්‍ය ට ශ්‍රී ගෙ හෙවනැල්ලක් වත් හොයා ගන්න බැරි උනා..

ඊලගට වැටිලා තියෙන්නෙ git නිසා අයේෂ්‍ය ඒ ගැන වැඩිය නොහිතා ආයෙමත් කොමස් එක පැත්තට ගියා..

" අයේෂ්‍ය පුතා.." යන්න ගියපු ගමන ඔහොම්ම නතර කරලා කොල්ලට උනේ ප්‍රින්සිපල් ඔෆිස් එක ළග නතර වෙන්න ...
.
.
.

" හරිද බලන්න ..ඔක්කොම ෆයිල් දාසයක් තියෙනවද බලන්න .."

"ඔව් මැඩම් " ඔෆිස් එකේ ෆයිල් කබඩ් එකක් ඉස්සරහා ෆයිල් ගොඩකුත් කරගහගෙන හිටපු අයේෂ්‍ය ගනන් කරලා ඉවර වෙලා කිව්වා..

" හරි එහෙනම් ..ඔය ටික ගෙනිහින් පුස්තකාලේ රැක් එක බලලා පොඩ්ඩක් තියන්න "

ප්‍රියමනාප හිනාවකින් අයේෂ්‍ය සංග්‍රහා කරලා සචිනි මිස් කිව්වෙ කරටත් අත තියන ගමන් ..

' හිනාව නම් කන්නද මිස් ' යේශ් හිටියා නම් අනිවාර්යයෙන් ඕක අහනවා කියලා කොල්ලට හිතුනෙ මිස්ගෙ අමුතු හිනාව දැකලා..

ඔලුවත් පොඩ්ඩක් දෙපැත්තට ගසලා අයේෂ්‍ය ෆයිල් ටිකත් උස්සන් ආවේ පුස්තකාලෙට ..අන්තිමට පැය බාගයක් තිස්සෙ හොයපු රූපෙ අපර්ණා මිස් ගේ පිහිටෙන් හොයා ගත්තෙ පුස්තකාලෙ ඇතුලෙ කෙලවරේම මේසෙක පොතකට ඔලුව ඔබාගෙන ඉන්න කොට ..

පුස්තකාලේ දොරෙන් ඇතුල් වෙලා කබඩ් එක්ක් ලග නතර උන අයේෂ්‍ය ට ඇහුනේ දොර ලග තිබුන පාපිස්සෙ සපත්තු ගැටෙන හඩක් ..

"උබ නිකන් ඇවිදින්නෙ මැර්තන් දුවනවා වගේ නේ බන් " ඇතුලට ආපු යේශ් කිව්වා..

"මේ ටික දාපන් " අතේ තිබ්බ ෆයිල් මිටිය යේශ් ගෙ ඇගේ ගහලා අයත්ම ගියේ වගේ වගක් නැතුව තාමත් පොතක් බදාගෙන ඉන්න ශ්‍රී ලගට ..

" ඒ මොකද ඒ උනේ " තාමත් වෙච්ච දේ හිතා ගන්න බැරුව උඩබිම බලන ගමන් යේශ් ඇහුවෙ ලග උන්න රහේන් ගෙන් ..

" ඒකට කියන්නේ ඉල්ලන් කනවා කියලා..මෙන්න මෙහෙ වරෙන් ඕක දාන්න "
මුල් ටික කින්ඩියට වගේ කියලා අන්තිම හරිය සැරෙන් කියලා ෆයිල් එකකුත් උදුරගෙන රහේන් කබඩ් එකක් ඇතුලට දැම්මා..

" උගන්නන වෙලේ මෙතන මොකද කරන්න "

අයත්මගෙ ගැඹුරු කටහඩට දැහැන බිද ගත්ත ශ්‍රී ගැස්සිලා ඔලුව ඉස්සුවා..

" අද උගන්නන්නෙ නෑ " ශ්‍රී කරේ ආයෙමත් අයේෂ්‍ය ව ගනන් නොගෙන පොතට එබුන එක ..

" මට කතා කරන්න ඕනේ "

"ඉතින් කතා කරනවා මට මොකද !!" අයේෂ්‍ය ශ්‍රීත් එක්කෙනෙක්ට එක්කෙනෙක් දෙවෙනි නෑ ගහ ගන්න කතාව..

'දඩස් !!'

ශ්‍රී ගේ ඉස්සරහා හිටන් හිටපු අයේෂ්‍ය මේසෙට අත් දෙක ගහලා ශ්‍රීගෙ මූන ට එබුනා ..

"මොකද්ද උබට අර සුමුදුත් එක්ක තියෙන ඇයි හොදැයිය.."

අයේෂ්‍ය හිමින් උනත් තදින් ඇහුවා .

ඒකට ශ්‍රී ගෙන් නම් ලැබුනේ කට කොනේ හිනාවක් .

"ඇයි මන් ඒක උබට කියන්න ඕනේ "
අයේෂ්‍ය ට දැනුන කේන්තියට මොහොතකට තොල් එකට තද කර ගත්තා .. මේ ඉන්නෙ තමන්ගේ සහෝදරයගෙ වෙන්ඩ වාහේ නොවුන නම් අයේෂ්‍ය හැරිලා වත් බලන්නෙ නෑ ..ඒත් ඉතින් දැන් නොබලා බෑනේ . මොකද මූ කතාවක් හදා ගන්න කන් බලන් ඉන්න කියලා යෑ ..

"උබ මගෙ අයියාව බදින්න ඉන්නෙ කියන එක අමතක කරලා ද ඔය නටන්නෙ . කරුණාකරලා ඒකිගෙන් ඈත් වෙලා ඉදපන් "

"දෝණිගෙන් ඈත් වෙලා ඉදපන්!! කිව්වා වගේ නේ බන් ඒක " ඒ අස්සෙ ෆයිල් අස්ස කරන්න බාර දුන්න යේශ් , රහේන්ට ඇගිල්ලෙන් ඇනලා රගපාලත් කියන්කොට අයේෂ්‍ය ගෙන් වගේම ශ්‍රී ගෙනුත් යේශ්ට ලැබුනේ එක සමාන බැල්මවල් දෙකක් .

"මේක ඉල්ලිමක් නෙවෙයි අවවාදයක් හරී.. තවත් මොනා හරි මට ආරංචි උනොත් මන් මේක මෙහෙම කියන එකක් නෑ "

"මේ මේක පුස්තකාලයක් පොඩ්ඩක් සද්දෙ අඩු කරපල්ලා . අනිත් මිනිස්සුත් වැඩ කර ගන්න ඕනේ ..".

ඒ සද්දෙට නම් අයේෂ්‍ය ගැස්සුනා . මොකද කොල්ලා හිතන් හිටියේ පුස්තකාලේ ඇතුලේ ඉන්නෙ කියලා උනත් දැන් ඒ ආගන්තුක හඩත් එක්ක එයාලගෙ සංවාදේ යන්න ඕනෙ කෙනෙක් ගෙත් කනට නෑ යන්න ඕනේ නැති දෙන්නෙක් ගෙ කන් වලට අහු වෙලා ඉවරයි .

"කවදා ඉදන් ද යකෝ ඇමති පුතුකියගෙ කුක්කට සිරිමත් වැහුනේ "

අහක හිටපු යේශ් ගෙ කුඩික්කියත් ඒ වෙලාවෙම ඇරුනා .

"බලෙන් දෙන්නෙ නැතුව ඉදපන් පො#න්නයො "
එහා පැත්තෙනුත් නිකන් හිටියේ නෑ උසස්ම තත්වයේ ආමන්ත්‍රණය කින් යේශ් ව අමතනකොට යේශ් තවත් ඇවිලුනා .

"කව්ද හු#තො පො#න්නයා . වරෙන් උඹට පෙන්නන්න මම "

කඩාගෙන බිදගෙන ඇමති පුතුකියා දිහාට යන්න හදන යේශ්ව අත් වලින් රහේන් හිර කර ගත්තා.

" උබට එච්චර අසහනේද " ඒත් එක්කම රාක්කෙට එහා පැත්තෙ වාඩි වෙලා හිටපු කෙනා නැගිටලා ඇවිත් මේසෙට හේත්තු උනා .

"අහ් !! මේ ඉන්නෙ ඇමති පුතුකියත් "
රහේන් අල්ලන් ඉන්නෙ යේශ් ගෙ අත් වලින් විතරනි .ඉතින් අර නිදහසේ තියෙන කටෙන් යේශ් වැඩේ ඇතෑරියෙ නෑ .

"කට වහ ගන්නවා ඔක්කොම . යේශ් යනවා ක්ලාස් එකට " තවත් විනාඩි කීපයකට නුදුරු අනාගතෙයේ ආරම්භ වෙන්න තිබුන වලියක් අයේෂ්‍ය ඔය විදිහට සමතයකට පත් කරන්න උත්සහා කරා .

අනේ ඉතින් අපරාදෙ කියන්න බෑ .. කොච්චර සීදේවි දරු පැටව් ටික . හතර පස්දෙනා එක තැනකට එකතු උනොත් නහයක් අතක් පයක් කඩාගෙනමයි පස්ස බලන්නේ ..එච්චරටම ආදරණීය බැදීමක් මේ කණ්ඩායම අතරේ තිබුනේ . අයේෂ්‍ය ඉන්න තැනක් නම් ගොඩාක් වෙලාවට බැජ් එක හින්දම තත්වය සමනය උනත් අනිත් වෙලාව ගැන නම් කතා නොකර ඉන්න තරමට හොදයි .

අනිත් එක තමයි ඇමති පුතුකියා සහ කුක්කා ඒ කණ්ඩායමේ නම් සාමාජිකයෝ කීප දෙනෙක් අඩුයි .. ඒ උනාට ඉතින් මුන් දෙන්න තනියම කියලත් වෙනසක් නෑ ..ගෑවුණ තැනක අනිවාර්යයෙන් ම වලියක් . වෙන මොනාද ඉතින් ඇමති පුතාලනේ ..ඔලුවනේ..

නිතික රූරස් බණ්ඩාර මෛත්‍රී බණ්ඩාර ඇමති තුමාගෙ එකම පුත්‍ර රත්ණය . වැඩි විස්තර ඕනේ නෑ ඉතිරිය ඉස්සරහට දැන ගන්න බැරියෑ ..

එතකොට නෙරාල් විශ්වජිත්.. රූරස් ගේ දකුනු අත හෙවත් යේශ් ගෙ විදිහට කියනවා නම් ඇමති පුතුකියගේ බලු කුක්කා . මුන් දෙන්නටම හැබැයි ඉපදෙනකොටම ඇමති නහරේ කියලා අමුතු නහරයක් වැඩියෙන් තියනවා .

ඉතින් අපි බලමුකෝ .. මේ නහර කාරයොයි නීති කාරයොයි අසහනකාරයොයි අස්සේ වෙන්ඩ වාහෙ කෙනෙක් වත් ගෙනත් ඇතෑරියම කොහොමට හිටීද හියලා .

නෑ නෑ තව ඉවර නෑ තව අය ඉන්නවා හම්බේන්න .. පතාගෙන ආපු උන් කවදා හරි කොතනදී හරි ම හමුවෙන්න ඕනේ .. හමුවෙන්නම ඕනේ ..එච්චරයි..

.

.

.

.

.

කොහොමත ලමයී...ඊයෙ පෙරේදා දෙන්න බැරි උනානෙ ..ඒක දිග කතාවක් අද හවසට දෙන්න බලන්නම් ..

මන් බලාපොරොත්තු වෙනවා ඒ කතාවට වගේම මේ කතාවටත් ඔයාල මට උදව් කරයි කියලා..

ආතරෙයි ...මගෙ සොම්බි පැටව් හැමෝටම 😌🖤

Continue Reading

You'll Also Like

65.8K 10.5K 49
මන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = .................. Cover by...
25.6K 4.5K 63
විෂ කැවුණු සෙල් හදක ආලෝකයක් උපදින්නට,විනාශයටම උපන් අයෙක් දිවිතුරා රකින්නට,අවසානය නොදකින ශාපලත් දෛවයක් දහස් වසරකට පතන්නටත් තරම්..... ආදරය...... එය එතර...
6.2K 996 7
ග්‍රත්‍ය දාසයක ලෙසින් දෙවියන්ට කැප වූවත්.... භක්ත දාසයක ලෙස දෙවියන්ට කැපව සිටින ඔහු... දේව්දාස්.. . . yizhan ff
334K 10.3K 66
"ငါယဥ့်ကိုဘယ်တော့မှချစ်လာမှာမဟုတ်ဘူး" "ငါလည်း ညီ့ကိုချစ်တယ်လို့မပြောမိပါဘူး " "နင်စိတ်ချပါ နန်းစုယဥ်ဆိုတဲ့ငါက ကိုယ့်လည်ပင်းကိုကိုယ်ကြိုးကွင်းပြန်မစွပ...