One raining day ( Short story...

By Bear_Lavender

34 7 29

"පුංචි පුංචි වතුර බිංදු එකතු වෙලා ලොකු වැස්සක් වහින්නේ... ඒ වාගේම තමා පුංචි පුංචි අකුරු හැදිලා තමා ගොඩාක් ලොක... More

One raining day

34 7 29
By Bear_Lavender

?-:""පුංචි පුංචි වතුර බිංදු එකතු වෙලා ලොකු වැස්සක් වහින්නේ... ඒ වාගේම තමා පුංචි පුංචි අකුරු හැදිලා තමා ගොඩාක් ලොකු වාක්‍ය හැදෙන්නේ.. ඒ වාගේම තමා පුංචි පුංචි සිදුවිම් එකතු වෙලා තමා මතක හැදෙන්නේ... ඒ වාගේම තමා මගේ හිතේ තියෙන මතකත්... මේ ලොකු වැස්ස වාගේ... කොයිලෙලේ වැස්ස නවතීද දන්නේ නෑ... ඒ වාගේම තමා මාත්..
වාහ් වාහ්... ඒක නම් උකෘෂ්ඨයි.. නිදිවර්ජිතයි.. හද පතුලත් හාරගෙන ගියා.. බලන්න ඒක ලියපු එකාහ්... ම්හ්...writhing by Bear_01..."

මේ ගෑණු ළමයා කවුද?? 

ඒ ගෑණු ළමයා කාමරයෙන් කිචන් එකට ගියේ කන්න මොනවා හරි ගන්න... 

?-:"ආහ්... මුකුත්ම නෑනේ. ෂිට්.මට අමතක වුණානේ... දුක නෑරේ සංසාරේ.... 🎶
ඉක්මනට ගිහින් රෑටත් මොනවා හරි උස්සගෙන එනවා....
ලෝකේ මැද ගෙයක් තියෙනවා.. එහි කෙල්ලෙක් ඉන්නවා... කෙල්ලට මිනාහ් කියනවා... ඒකී ගොන් ආතල් දෙනවා... 🎶"

සිංදුවේ හැටියට ගෑණු ළමයාගේ නම මිනාහ් ලූ... 

ටිකක් නට්ලූස් වාගේ.. පරිස්සමින් කල් ගෙවන්න වෙනවා...

අහස කලුවර වෙලා වුණත් තරු පේන තෙක් මානයක තිබුණේ නෑ.. මොකද ඒ වෙලේ ඒ කලුවර එක්කම තව වැහිබර වලාවක් තිබුණ නිසා..

වහී වාගේ තිබුණ නිසා ලස්සන කුඩයක් අරගෙන මිනාහ් එලියට බැස්සේ ෆුට්සිටි යන්න.... 

යනකම් නම් වැස්සට හිතුනේ නෑ මෙයාට බාධා කරන්න.. ඒත් නොහිතපු විදිහට එයා ඉන්න හරියට ළං වෙන වීදියට ආව හැටියෙම ඒ වැහිබර වලාවෙන් පුංචි පුංචි බිංදු පොලොවට වැටුණා . 

Minah-:"අනාහ්හ්හ්හ්හ්හ්... වහිනවා... හුරේ" 

ඒ බඩු එක්ක තෙමි තෙමි හෙමින් හෙමින් ගෙදර යනකොට විරුද්ධ පැත්තෙන් පිරිමි ළමයෙක් වැස්සෙන් බේරෙන්න දිව්වා. මිනාහ්ගේගේ ඇගේ හැප්පෙන්න නොහැප්පෙන්න වාගේ පාස් කරන් යද්දී මිනාහ් ඒ පිරිමි ළමයාව නැවැත්තුවා...

Minah-:" මේ කුඩේ ගන්න.. ඔයා මේ පැත්තේ නෙමෙයි වාගේ... ගොඩක් දුර යන්න ඕන වාගේ " 

??-:"ස්තුතියි."

Minah ත් එයාගේ ගමන පටන් ගත්තා..

ඔන්න ඔය විදිහට තමයි මිනාහ් දවස ගෙව්වේ... 

.

.

.

ඒ රෑම තව පිරිමි ළමයෙක් ගෙදර එනවා... ඒ වෙන කවුරුත් නෙමෙයි මිනාහ් ගේ කුඩේ වත්මන් අයිතිකාරයා.  සුදුමැලි මුහුණක් , ටිකක් දිග කොණ්ඩයක් ඔහුට තිබුනා. 

හදිසියේම ආව කැස්සක් නිසා ඒ පිරිමි ළමයා අතින් කටත් වහගෙන වෝශ්රූම් එකට ගියා... 

??-:"හ්ම්... මට තව එච්චර කාලයක් නෑ වාගේ.. "

ලේ වලින් නැහැවුණු සුදු රෝස මල් පෙති කිහිපයක් අතේ තියාගෙන ඒ පිරිමි ළමයා කණ්ණාඩිය දිහා බලාගෙන තමන්ටටම කියා ගත්තා... 

.

.

.

.

Next day morning....

Minah -:"අරිශ්ටේ බීලායි මම ඉන්නේ
හරකුත් නෑ දැන් විකුණන්නේ
ඔක්කොම අරගෙන මම යන්නෙ 
හිතුනොත් හරකුන් දන් දෙන්නේ 
කරත්තය ඇදගෙන මම යන්නෙ....🎶
ඕහ්.. Good morning sir... may I can help you😊??"

පුංචි ආතල් එකක් ගන්න කියලා තාල තිය තිය කවියක් කියාගෙන ඉන්න කොට මිනාහ්ගෙ කුඩ කුමරයා ආවා... මිනාහ් ට මෙයා ගැන ලොකු මතකයක් තිබුනෙත් නෑ... ඒ පිරිමි ළමයාටත් ඒමමයි...

??-:"One raining day පොත තියෙනවාද??" 

 Minah-:"ඔව් සර්... 😊"

මිනාහ්ගෙ පස්සෙන් ඒ පිරිමි ළමයාත් ගියා... මිනාහ් පොත ගන්න කලින් ඒ පිරිමි ළමයා ඒ පොත ගත්තා.. ඒ අත අල්ලද්දී මිනාහ් ට දෙයක් දැනුනා...  ඒත් නොහිතපු විදිහට ඊලඟ තත්පරයෙන් ඒ අත ගස්සලා පිරිමි ළමයා කවුන්ටරය ගාවට ගියා.. 

Minah-:"හිතාගෙන ඉන්නේ හරි ලස්සන එකෙක් කියලා... බුම්මැට්ටා. කොස් ගෙඩිය 😒" 

ඔහොම කිය කිය කවුන්ටරය පැත්තේ ගියා..

??-:"මෙන්න පොතේ ගාන"

Minah-:"සර්... කරුණාකරලා අත පොඩ්ඩක් දෙනවාද??" 

??-:"ඒ මොකටද??" 

Minah-:"ඒ උත්තරය වෙනස් වෙන්නේ සර් ගන්න තීරණයෙන් " 

ඒකට එහා මුකුත්ම නොකියා ඒ පිරිමි ළමයා අත දුන්නා... 

මැණික් කටුව අල්ලලා බැලුවා.. 

??-:"මම යනවා සුභ දවසක් 😑"

Minah-:"හනහකි..." 

ඒ වචන වලට පුලුවන් වුණා ඒ පිරිමි ළමයාව ගල් කරන්න...

??-:"කොහොමද දැනගත්තේ?" 

Minah-:"ඇයි මනුස්සයෝ මම අත අල්ලලා නාඩි බැලුවා දැක්කේ නැද්ද බුම්මැට්--😒 සොරි සොරි සර්😊"

මුල් ටික කේන්තියෙන් කියලා අන්තිම ටික හරිම ශාන්ත දාන්තව ඇස් බෝල කරලා කිව්වා... 

.

.

.

Minah-:"මෙහෙමයි beomgyu ඕකට තියෙන ක්‍රම දෙකත් ඔයා දන්නවා නේද? අනික ඕක අන්තිම අදියරේ තියෙන්නේ... " 

Beomgyu-:"ඔයා මොකක්ද කියන්න හදන්නේ?" 

Minah-:" මම මුකුත්ම කියන්නේ නෑ... මොකද ඒක වැඩක් නෑ... ඔපරේෂන් එක කරන එක ඔයාගේ හිතට අමාරු දෙයක්.. තමන්ගේ හදවතේ පැළයක් හට ගන්න තරමට ඒ ආදරේ කොච්චර ශක්තිමත් ද??? ඉතින් ඒ ආදරේ නැති කරගන්න කවුද කැමති.??? ඉතින් හොදම දේ තමයි එයාට ඔයාගේ හිතේ තියෙන දේ ගැන කියන්න. උදව්වක් ඕන වුනොත් කියන්න..."

Beomgyu-:"හ්ම්...." 

Minah-:"එච්චරයි නේද??" 

Beomgyu-:" ඔව්. ඒක නෙමෙයි මේ කුඩේ අයිතිකාරයාව දන්නවාද?  මේ කුඩේ ඊයේ මට හම්බ වුණේ." 

Minah-:" මම දන්නවා... එයාගෙ නම Kim Minah.. 😊" 

Beomgyu-:"ස්තුතියි.. සුභ දවසක් "

Beomgyu ගියාට පස්සෙ මිනාහ් සුපුරුදු පරිදි කවි ගායනය කරන ගමන් book shop එකේ කල් ගෙව්වා...

.

.

.

.

.

.

Beomgyu-:"එයා කියන කතාවත් ඇත්ත... "
.

.

.

.

Minah-:" දෙන්නම් අද පප්පලාට... රැජිණට යවනවා කේක් එක... ලස්සන පාටට තියෙන්නට..
සායම් දානවා බේසමට...🎶" 

මිනාහ් දවල්ට කන්න ඔම්ලට් එකක් හදන ගමන් ඉන්නේ... නිකම් බාස්ගෙයි ඇටකටුස්ගෙයි මී පාසාණන් කේකයි මිනාහ්ගෙ කිකිළි බිත්තර ඔම්ලට් එකෙයි අතරේ සම්බන්ධය නම් තේරුම් ගන්න අමාරුයි🙂

ඔන්න ඔය වෙලාවේ book shop එකේ Door bell එක වදින්න ගත්ත නිසා නිදහසේ කන්න හදපු එක එක කටට ඔබා ගෙන book shop එක පැත්තට ආවා. 

Minah-:"ආයෙත් ඔයා??? " 

???-:"හායී මිනාහ්...." 

Minah-:"ආයෙත් මොකටද ආවේ?" 

???-:"ඔයාව බලන්න... මට මගේ gf ව බලන්න බෑද?" 

Minah -:"මම ඔයාගේ gf නෙමෙයි... ඔයාට කැමති කෙනෙක් ගැන බලාගෙන ඉන්න බැරිද??? අපරාදේ මගේ ඔම්ලට් එක. මේ වාගේ ගේ මැස්සෙක් ට පුදන්න වුණානේ... දැන්  යන්න... සුභ දවසක් 😒😑  "

???-:"ඔයා මට කැමති වෙන දවසක් එයි... බලාගෙන ඉමුකෝ " 

ඒ පිරිමි ළමයා කේන්තියෙන් ගියා... 

Minah-:"යාහ්... දොර කඩන්න එපාආආආආආආආආආආආ..😡💥." 

ඒ අහිංසක කෙල්ලට ඩෝං ගිහින්... 

.

.

.

.

.

.

Next day morning... 

Minah-:"good morning beomgyu මගෙන් ඕන උදව්ව මොකක්ද??😊"

Beomgyu-:"මම මොකක්ද කරන්න ඕන??" 

Minah-:"ම්හ්..හරි. " 

Door එක වහලා ඒකෙ board එක closed කියලා දාලා කතාවට ආවා... 

Minah-:"ඉස්සෙල්ලම  එයා එක්ක ටිකක් ළඟින් කතා කරන්න යාලුවෙක් වාගේ... ඊට පස්සෙ පාක් එකක් වාගේ එයා ආස තැනකට ගිහින් කතා කරන්න... මල් ටිකක් අරන් යන්න අමතක කරන්න එපා. හැබැයි එයා ඒවාට කැමතිද කියලා හොයාගන්න... ඊට පස්සෙ දවසක් බලලා හිතේ තියෙන දේ කියන්න... ලේසි නම් නෑ... ඒත් ඔයාට පුලුවන්.. හැබැයි පරක්කු වෙන්නත් එපා. " 

Beomgyu-:"මේවා ගැන හොද දැනුමක් තියෙනවා වාගේ " 

Minah-:"ඕවා සාමාන්‍ය දැනීම " 

Beomgyu-:"ඔයා කොහොම ද හනහාකි ගැන දන්නේ??" 

Minah -:"මගේ දෙමාපියන් ඩොක්ටර්ස්ලා.. මගේ හරාබොජී පෙරදිග වෛද්‍යවරයෙක්... නාඩි බලන එකයි ඔය වාගේ මිථ්‍යාත්මික රෝග ගැනයි හොද දැනුමක් තියෙනවා. එතකොට මගෙන් ම මේ ගැන අහන්න ඕන කියලා හිතුනේ ඇයි??.." 

ඒ ප්‍රශ්නයට නම් බොම්ග්‍යුට උත්තර නැති වුණා... ඒත් ඒකට උත්තරේ හොයාගන්නකම් මෙයා ඉන්නේත් නෑනේ...

Beomgyu-:" මට එච්චර යාළුවො නෑ. ඉන්න අයටත් මේවා ගැන දැනුමක් නෑ... උන්ට මේවා ගැන ඔලුවට දාලා තියෙන පිස්සුව වැඩි කරන්න කැමතිත් නෑ...😂."

Minah-:"හිනා වෙන්නත් පුළුවන් නේද ? මම හිතුවේ බෑ කියලා 😂" 

Beomgyu-:"මම කොහෙද හිනා වුණේ????😑" 

Minah-:"ඒක නෙමෙයි... අහන්නකෝ... මී මැස්සෙක් දුකින් ඉන්නවාලූ... එයාව සතුටින් තියන්න මොනවද කියන්න ඕන??" 

Beomgyu-:"ම්හ්... අනේ මන්දා" 

Minah-:"Be happy  කියලා.. බී හැපී😊😂" 

Beomgyu-:"😂be happy " 

Minah -:"ඔන්න තා එකක්... ඔයා දන්නවාද මෙහෙ බිත්ති නැති rooms තියෙ කියලා 😂" 

Beomgyu-:"ෂුවර් එකටම බිත්ති බැදපු  නැති කාමරයක් ඇති." 

Minah-:"නෑ නෑ හලෝ... මස්rooms😂😂"

Beomgyu-:"ඔන්න මම එකක් අහන්න ද??." 

Minah-:"really??? Ok.. tell me "

Beomgyu-:"කුකුලන් අකැමැති දවස?"

රාමෙන් කටක් දාගන්න ගමන් ඇහුවා...

Minah-:"ඉරිදා 😂😂" 

Beomgyu-:"වැරදි " 

Minah-:"සිකුරාදා " 

Beomgyu-:"නෑ නෑ... ෆ්‍රයිday😂😂" 

Minah-:"වාව්😂 මම එකක් අහන්නද?? ඒත් wild විදිහට හිතුවොත් කවදාවත් ම උත්තරය හොයාගන්න බෑ... ඒ දේ සුද්දාගෙත් කලුයි මගෙත් කලුයි ඔයාගෙත් කලුයි.. මේ ලෝකේ හැම එකාටම තියෙනවා.."

( ඇඩ් එකක්... ඕක අපේ English teacher ඇහුවේ අපෙන්... ඇත්තටම උත්තරේ හොයාගන්න ම බැරි වුණා 😂... නැවතත් කතාවට)

ඒ තේරවිල්ලට beomgyu කාපු රාමෙන් එකත් පිට උගුරේ ගියා😂

Beomgyu-:"ක්හැක්...ක්හැක්.. මො..මොකක්?"

Minah-:"හිතුවා නේද wild විදිහට 😂හොද වැඩේ" 

Beomgyu-:"හරි හරි මම පරාදයි... මොකක්ද උත්තරය?" 

Minah-:"හෙවනැල්ල 😂😂 තව එකක්... කාර් එකේ යට තියෙන පණ තියෙන මාලුවා මොකාද??? ගොන් ප්‍රශ්නයක් වාගේ නේද😂 "

Beomgyu-:"එන්ජිම ද??" 

Minah -:"නෑ නෑ.. ටයර් එක" 

Beomgyu-:"ඔයා නම් හරි funny .. කොහොම ද ඔය විදිහට ඉන්නේ?" 

Minah -:"සරලයි. පහසුයි. සරල ව හිතන්න... 😊" 

ඔන්න ඔය වෙලාවේ කලින් දා මිනාහ්ගෙ දොර කඩන්න try කරපු කොල්ලා කඩාගෙන බිඳගෙන ආවේ...

Minah-:"beomgyu... මේ මැස්සෝ නම් කොහොම එනවාද මන්දා... දොර ඇරගෙන එන එක තමා පුදුමේ😒" 

??-:"මේ කවුද මිනාහ්??" 

Minah-:"අදාල නෑනේ😒"

??-:"ඒ ඇයි??" 

Minah -:"ඒ මොකද??? ඔයා මගේ කවුරුත් නෙමෙයි 😒" 

??-:"මම යුනිවර්සිටි කාලේ ඉදන් ඔයාට කැමති... මගේ අඩුව මොකක්ද  දෙයියනේ ??." 

Minah-:"ඔයාගේ වැරුද්දක් නෙමෙයි... "

??-:"ඒම නම් ???" 

Minah-:" ඔයා ආදරේ දෙන්න ඕන තමන්ට ආදරේ කරයි කියලා විශ්වාස කෙනෙකුට... ඔයා කෙනෙකුට ආදරේ කරාට වැඩක් නෑ එයා ඔයාට ආදරේ නැතතං.. ඔයා දන්නවා ද  කෙනෙක් ඔයා වෙනුවෙන් ඉන්නවා කියල "

??-:"ඒ කවුද???" 

Minah-:" මට එයාව කියන්න බෑ... ඒත් ළඟදීම දැනගන්න පුලුවන්... මොකද එයා ඔයා ළගම ඉන්නේ... දැන් ගියා නම්??" 

ඒ පිරිමි ළමයා නිකම් වෙනම ලෝකයකින් ආවා වාගේ ඒ කවුද කියලා කල්පනා කරනවා.. ඒ වාගේම තමා beomgyu ත්... මෙතැන මොකද වුණේ කියලා ඔලුව තීරණය කරන කම් බලාගෙන ඉන්නවා... 

ඒ පිරිමි ළමයා ගියාට පස්සෙ බොම්ග්‍යු අමුතුම විදිහට මිනාහ් දිහා බැලුවා.

Minah-:"මොකෝ මං දිහා ඕම බලාගෙන ඉන්නේ?? මම බොරුවක් නෙමෙයි කිව්වේ... එයාත් ඔයා වාගේ.. 🙂" 

රැප් එකක් වාගේ එක හුස්මට කියාගෙන ගියාම අර අහිංසකයා තවත් කොම්ෆියුස් වෙන්න ඇති.. 

.

.

.

.

Beomgyu-:"ස්තුතියි මගේ හිත සැහැල්ලු කරන්න උදව් වුණාට... ඔයාට ගැලපෙන්නේ ඩොක්ටර් කෙනෙක් වෙන්නම තමයි." 

ඒ කතාව කියනවාත් එක්ක ම ටිකක් මිනාහ්ගෙ මූණ වෙනස් වුණත් එයා එක පෙන්නන්නෙ නැතුව ඉන්න උත්සාහ කරා

Minah-:"හේ හේ... තවත් පරක්කු වෙන්න එපා... ළගම දවසක් ගන්න.
ඒක නෙමෙයි ... ඒ ගෑණු ළමයාගේ B-Day එක කවද්ද??" 

Beomgyu-:"December වල" 

Minah-:"December නම් ඉතිම් මොකක් හරි මැජික් පවර් එකකින් තමා ජීවත් වෙන්න වෙන්නේ.. 😂 ඔයාගේ B-Day එක කවද්ද??" 

Beomgyu-:"March. තාම ළං වුණේ නෑ සතියක් විතර තියෙනවා "  

Minah -:"දැන්ම ඉදන් ලෑස්ති වෙන්න... ඔයාට පුලුවන්..." 

Beomgyu ප්ලෑන් එකක් එක්ක එලියට ආවේ

Minah-:"හදවතින්ම ප්‍රාර්තනා කරන්නේ ඔයාගේ ප්‍රාර්තනාව ඉෂ්ඨ වෙන්න කියලා... " 

ඒත් ආයෙත් beomgyu දොරෙන් බෙල්ල දාලා අහපු ප්‍රශ්න  ඇයි ඇහුවේ කියන එක මිනාහ්ට විතරක් නෙමෙයි ඔයාලාටත් ප්‍රශ්නයක් ඇති වෙයි...

Beomgyu-:"ඔයා ආස මල් මොනවද??" 

Minah-:"හෑහ්. අම්.... lavender, snowdrop"

Beomgyu-:"Birth flower??" 

Minah-:"buttercup 🙂 "

beomgyu - :"එච්චරමද ඔයා ආස මල්?"

Minah - :' lavender rose🙂"

.

.

.

.

.

"ලැවෙන්ඩර් මල තරම් 
සරල, 
සන්සුන්,
ගැඹුරු
ස්නොඩ්‍රොප් මල තරම් 
උත්සාහවන්ත,
ආදරණීය,
බටර්කප් මල් වාගේ
ආලෝකයක් වුණ කෙනෙක්
ජීවිතේ ඉන්නම ඕන...

Writing by
Bear_01"

Minah -:"ඒක ගොඩාක් ලස්සනයීඊඊඊඊඊඊඊඊ... පොඩ්ඩක් ඉන්න... මේ මං ආස මල් නේද... ආහ්..,, වෙන්න බෑඈ... දැන් රෑ වෙලා... දැන් ඔයා නිදාගන්න... " 

.
.
.

ඕම දවස් ගානක් ගෙවිලා ගියා... බොම්ග්‍යු කැමති ගෑනු ළමයාට තමන්ගේ හැඟීම් කියන්න තියෙන දවසත් ඕම ළං වුනා...

බොම්ග්‍යු ටිකක් ලස්සනට ඇඳගෙන ගෙදරින් එලියට ආවේ එයාගේ ජීවිතේ විශේෂ වැඩක් කරන්න..

ඒමම බොම්ග්‍යු ගියේ Flower shop එකට...

beomgyu - :" red rose flowers දෙන්න... ගෑණු ළමයෙක්ට... "

:" දේ... "

.
.
.

වෙලාව රෑ අටයි

beomgyu - :"යූන්.. "

Yoon-:" ඔප්පා... Happy birthday "

beomgyu - :" thanks... මෙන්න "

yoon - :" වාව්... ඒක ගොඩක් ලස්සනයි..."

beomgyu - :"මට... කියන්න දෙයක් තියෙනවා... මම... ඔයාට... කැමතියි..."

yoon-:"ආහ්??"

beomgyu - :"ඔයා ටිකක් - - -"

yoon-:"නෑ... මට ඇත්තටම සමාවෙන්න ඔප්පා.. මම කෙනෙකුට කැමැත්තෙන් ඉන්නවා..."

beomgyu - :" ආහ්... හා... හා... "

yoon-:" ඇත්තටම සමාවෙන්න.. මට වෙනස් කරන්න බැරි  සිදුවීමකට මම මූණ දීලා ඉන්නේ "

beomgyu - :" මට තේරුම් ගන්න පුළුවන්.."

ඒම කියලා බොම්ග්‍යු දුකත් සතුටත් පිරුණු හිනාවකින් මූණ සරස ගත්තා.

ඊට ටික වෙලාවකට පස්සේ බොම්ග්‍යු එතැනින් එළියට ආවා.. ඒත් එක්කම වාගේ වහින්නත් පටන් ගත්තා. අතේ මිනාහ් දුන්න කුඩේ තිබුණත් ඒක ඒ වෙලාවේ පාවිච්චි කරේ නෑ...

එයා ඒ විදියට ම පයින් ආවේ මිනාහ්ගෙ book shop එකට.

ඒ වෙනකොටත් වෙලාව නවයයි හතලිස් පහට විතර ඇති...

මිනාහ් තියෙන වැඩ කරලා නිදාගන්න යන්න ලෑස්ති වෙන කොටම door bell එක වැදුන නිසා ඔක්කොම පැත්තක දාලා ආව හාල්පාරුවාව බලන්න ගියා...

ඒත් එතැන හාල්පාරුවෙක් වෙනුවට හිටියේ බොම්ග්‍යු.

සුදුමැලි වුණ, ඇස් රතු වෙලා හිටිය, තොල් ලේ පාටට හැරුණු බොම්ග්‍යු.

Minah - :"බොම්ග්‍යු..."

beomgyu - :"ස්තූතියි හැම දෙයකටම... ඒත් මට සමාවෙන්න..."

ඒ එක්කම සිහි නැතිව මිනාහ්ගේ ඇඟට වැටුණා

Minah - :"බොම්ග්‍යු..."

ගොඩක් අමාරුවෙන් බොම්ග්‍යුව සොෆා එකේ තියපු මිනාහ් කෙනෙකුට කොල් කරා...
.
.
.
.
.

Minah - :"තැන්ක්ස් කරන උදව්වට දොහ්වා... "

Dohwa-:"ඕක මොකක්ද මිනාහ්... මගේ බැජ් එකේ හොඳම යාළුවාට උදව් නොකර කොහොමද??? ඒක නෙවෙයි.. මම පේෂන්ට් ගැන බැලුවා.. තව ටිකක් පරක්කු වුනා නම් අපිට ඔපරේෂන් එක කරන්න වෙන්නේ නෑ... තව ටිකකින් ඔපරේෂන් එක පටන් ගන්නවා.."

Minah - :"හරි... එයාට සිහිය එන්න කලින් මම යනවා... එයාට මං ගැනවත්, හනහකි ගැනවත් කියන්න එපා "

Dohwa-:" හරි "

ඊට පස්සේ ඒ ඩොක්ටර් ඔපරේෂන් එක කරන්න ගියා.. මේකෙන් එහාට මිනාහ් ට මුකුත් කරන්න තිබුණේ නැහැ.

කල්පනා කරන්න දෙයක්වත් ඔලුවට ආවේ නෑ... හිස් හැඟීමෙන් බිත්තිය දිහා බලාගෙන පරණ මතකයන් එක්ක වෙලාව ගත කරා... මීට අවුරුදු හතරකට කලින් වුණ සිද්ධියක් එයාට මතක් උනා... එතකොට එයාට අවුරුදු විස්සයි...

එතකොට මිනාහ් බොඩින් වෙලා ඉගෙන ගන්න ළමයෙක්... එක දවසක් රෑ තමන්ගේ දුවව පුදුම කරන්න ඕන කියලා හිතපු මිනාහ් ගේ දෙමාපියන් රෑ කාර් එකෙන් මිනාහ් හිටපු තැනට ආවත්, අතර මඟදී වුණ අනතුරක් නිසා මිනාහ්ට දෙමාපියන් නැති වෙනවා... එයා මෙඩිකල් ඉගෙන ගත්තත් ඩොක්ටර් කෙනෙක් වුණේ නැත්තේ එයා බය වුණා තමන්ගේ අතින් ජිවිතයක් නැති වෙනවාට...

ඒ මතක එක්ක මිනාහ් පැය භාගයක් ගත කරලා ඉවර වෙන කොට දොහ්වා මිනාහ් ව හම්බ වෙන්න ඇති ආවා...

dohwa-:"ඔපරේෂන් එක සාර්ථකයි..."

Minah - :"ස්තූතියි.. මේ දේ ගැන මුකුත් වාර්තාවක් තියන්න එපා..."

dohwa-:"හරි... ඒක නෙවෙයි... ඔයා කොහෙද වැඩ කරන්නේ??"

Minah - :"මම ඩොක්ටර් කෙනෙක් නෙවෙයි..."

Dohwa-:"ආහ්... සමාවෙන්න.."

Minah - :"මම යන්නම්... ස්තූතියි කරපු උදව්වට "

Dohwa-:"ඒක සුළු දෙයක්..."
.
.
.
.
.
.
.

Few days after...

හැම දෙයක්ම වෙනස් වෙලා... පොඩි කාලයට... බොම්ග්‍යුට මේ වෙනකොට යූනා ගැනවත්,  යූනා නිසා හම්බ වුණ මිනාහ්වත් මතක නෑ. එත් හනහාකි එක්ක ගත කරපු ජීවිතේ ගැන අපැහැදිලි මතක ටිකක් ඉතුරු වෙලා තියෙනවා... ඇත්තටම කිව්වොත් බොම්ග්‍යු දැන් සැහැල්ලුවෙන් ඉන්නවා.. ඒත් ඒ අමතක මතක එයා හොයනවා...

උදෙන්ම වැඩට යන්න ලෑස්ති වෙන කොට නිකමට වාගේ බොම්ග්‍යුගේ පුංචි පුස්තකාලය පැත්තට හැරුණා... එතැන තිබුණ එක පොතකට බොම්ග්‍යුගේ මුලු අවදානයම ගියා..

beomgyu - :"one raining day"

ඒ පොතත් , තමන් කවදාවත් නොදැකපු ඒත් දන්න කුඩයත් අරගෙන ඉක්මනට ආවේ flower shop එකට..

beomgyu - :"ලැවෙන්ඩර් මල් තියෙනවාද?"

.
.
.
.

" අමතක මතක අතරේ ගෙවනා ජීවිතය මොනවාගේද??? "

  minah-:" ඒකෙ තේරුම මොකක්ද??? ඇත්තටම මේ බෙයා නම් හරිම අමුතුයි...  හැම දෙයක්ම හොදින් වෙනවා..
යූනාට මැස්සා සෙට් වුනා.. බොම්ග්‍යු හොදින් ඉන්නවා... මෙකේ අස්සෙ ඉන්නේ නැතුව වටයක් ගහන්න ඕන... එතකොට මටත් හොඳ කාලයක් එයි"

ඉතින් හොදට ඇඳලා පැළදලා පාක් එක පැත්තේ රවුමක් දාන්න යන්න හැදුවත් දොර ගාවට එනකොටම පතරංග ධාරාණිපාත වැස්සක් වහින්න ගත්තා...

Minah - :" මම කිව්වේ... පතරංග අපලයක් හිස් මුදුනේ තියෙනවා කියලා... මල්සරාට අපිව මීටර් නැති වුණත් හෙනහුරාට නම් මීටර් 🙂"

ආයෙත් වම් කකුල පිටුපසට තියලා හැරෙන්න ලෑස්ති වුණත් පුරුදු කුඩයක් යටින් පුරුදු මනුස්සයෙක් තමන්ගේ පැත්තට එනවා දැක්කා...  ඒ කෙනාගේ මූණ කුඩයට වැහිලා තියෙන්නේ... ඊට පස්සේ ළඟට ආපු ඒ කෙනා ඒ කුඩේ මිනාහ්ට ඇල්ලුවා.

? - :"හායි... ඔයා මිනාහ් නේද?? "

ඒ මූණ...
ඒ කටහඬ...
මීනාහ් ඒ කව්ද කියලා අඳුන ගත්තා...

Minah - :", මගේ නම කොහොමද දැනගත්තේ?? "

? - :" අමතක මතක අතරේ ගෙවනා ජීවිතය මොනවාගේද???
වේදනාකාරී... ඒත්... ඔයා තමයි මට ඒකෙන් එළියට එන්න උදව් කරන්න ඕන... snowie "

Minah - :" එතකොට ඒ ඔයාද... බෙයා... ඔයාද ඒවා ලිව්වේ???වාව් බොම්ග්‍යු??? කොහොමද මාව මතක? "

ඒත් ඒ එකකටවත් උත්තර නොදී අතේ තිබුණ ලැවෙන්ඩර් මල් මිටයි පොතකුයි දුන්නා...

beomgyu - :" මට උදව් කරපු කෙනෙක්ව මට එහෙම අමතක වෙන්නේ නෑ... අමතක වෙන්න දෙන්නෙත් නෑ... ස්තූතියි හැම දෙයකටම "

මිනාහ් ඒ දුන්න පොතේ නම ඇහෙන නොඇහෙන ගානට කියෙව්වා...

Minah - :" One raining day ??"

                                තවත් ආදර කතාවක මුල් පරිචේඡදය එසේ ලියවුණි... 💙
එකමත් එක වැහි දවසක වූ කතාවේ අවසානය... 💜

•~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~•

Happy Beomgyu day 💙Moa💜 🎂🎂 🥳
එයාට දැන් 23 යි නේද 🥰💞

කොහොමද ඉතින් කතාව...

One raining day වුණාට දවස් හතර පහක් ම වැස්සාද කොහේද😂😂 ලියපු දවස්වල වැස්ස අනාහ්😂🙂 මාර්තු වහින්නේ නෑ තමයි... 🙃 ඒත් ලියපු දවස්වල වැස්සනේ🙂🙂

මට ආසාවක් තිබුණා හනහකි ගැන ලියන්න... ඕයේ.. මම ලිව්වා... රම්පපපපර 😂🎺

දෙයියනේ දෙයියනේ🙂😂 ඔයාලට කියන්න, මම හිතුවේ මේක sad ending දෙන්න.... ඒත් කරේ නෑ😁

කතාව කොහොමද???

තා කතාවක් තියේ... මේ කතාව මගේ ඔලුවට ආවේ එක්දහස් අටසිය ගණන්වල...
නෑ නෑ😂😂
2023 අගොස්තු වාගේ... සැප්තැම්බර් වල වාගේ txt ලා කුඩ සීන් එකක් tiktok දාලා තිබුණා... ඒකේ බොම්ග්‍යු කුඩේ අල්ලන විදිහමයි අන්තිමට බොමී මීනාහ්ට කුඩේ අල්ලන්නේ... ඕවාට කියන්නේ දෛවයේ සරදම් කියලා 😂

හරි... තව දෙයක්...
මම මේකට මිනාහ් කියන චරිතය ගත්තේ මට වෙලාවක් තිබුනේ නෑ තව චරිතයක් හදන්න... මිනාහ් ව මේකට ගත්ත එක අවුලක් වගේ ද?

අවසාන වශයෙන් ස්තූතියි කතාව එක්ක එකතු වෙලා හිටියාට

අවුල් ද මන්දා 🙄

ආදරෙයි ගොඩක් 💜 කතාව ගැන වචනයක් පවසන්න

--Minah💜❄️

Continue Reading

You'll Also Like

100K 879 41
She's loved by many especially YG and Bigbang, never wanted to be an idol until she was found by the media and scouted by many companies. 41# G-drago...
101K 232 7
Emily is your classic good girl. Shes 18 years old. Her life seems all planned out but what happens when she is taken and forced into diapers? Will s...
41.7K 2.8K 35
« ហឹក អ្ហឹក ៗ ខ្ញុំមិនចង់បានបែបនិងទេ ខ្ញុំចង់ឲ្យប៉ាស្រឡាញ់ខ្ញុំក្នុងនាមស្នេហាមិនមែនរវាងប៉ាកូន » « រវាងយើងទៅមិនរួចទេជុងគុក ប៉ាមិនបានគិតលើឯងលើសពីចំណងប៉...
797 197 30
කිසිම බලාපොරොත්තුවක් නැතුව ඔහේ ගෙවිලා ගිය මගේ ජීවිතේට සතුට අරන් ආවට ගොඩක් ස්තූතියි....... මගේ ආදරණීය නත්තල් තෑග්ග..... මං ඔයාට ගොඩක් ආදරෙයි........♡~