✮ 🅑🅐🅓 🅓🅐🅓🅓🅘🅔🅢 ✮...

By Madhu_96

9.9K 1.9K 642

නරක තාත්තලා 😳😳 තාත්තලා කවද්ද නේද නරක උනේ 🥰 Yizhan Zhanyi ඕන එකක් More

දෙවන කොටස
තෙවන කොටස
සිව්වන කොටස
පස්වන කොටස
සයවන කොටස
හත්වන කොටස
අටවන කොටස
නවවන කොටස
දසවන කොටස
එකොළොස් වන කොටස
අවසාන කොටස

පළමු කොටස

2.2K 218 173
By Madhu_96

B A D • D A D D I E S

..

..

..

..

රාත්‍රියට හැරුණු අහස.. අහසෙ එක තරුවක්වත් පායලා නෑ.. හඳ කොහේදෝ  මන්දා හැංගිලා.. මහා අදුරු මූසල පාටක් අහසෙ තියෙන්නෙ වැහි බර වෙච්ච වළාකුළු නිසා වෙන්න ඇති...

හරිම මුස් පේන්තු වටපිටාව.. අහස වගේමයි.. අවටින් දිස් වෙන්නෙත් මහ මූසල පාටක්.. කලුවර වටපිටාවෙ එලිය හරිම අඩුයි..

එහෙට මෙහෙට හෙවනැල්ලක් දැක්කත් බුරන බලු නකුට්ටෝ... හැම වෙලේම කන්න දෙයක් හොයන චෑස් චෑස් ගාලා කනට අහන් ඉන්න බැරි වෙද්දි පයින් දෙකක් අනින්න හිතෙන පූස් නාම්බෝ...  කලුවර අහසෙ පියාඹනවා කියලා වත් නොපෙනෙන ක්‍රෑස් හඩින් කෑ ගහන් යන කුරුල්ලෝ.. මූසල පරිසරය තවත් මූසල කරන්නෙ අන්න ඒ විදියට...

පාරටම සෑහෙන්න ඈතින් ඈතින් තියෙන විදුලි ආලෝක කනු.. ඒ කනු වල ආලෝකයන් තවත් සමහරක් පත්තු වෙන්නෙත් නෑ... තව සමහරු නිවි නිවි පත්තු වෙනවා... ඒ අසලින් මනුස්සයෙක් ආසාවට හරි ගියොත් දකින අනෙක් මිනිස්සුන්ට හිතෙන්නේ හොල්මන් සැරිසරනවා කියලා.. මූසල වටපිටාව මදිවට හොල්මන් හැගීමක් තමයි පේන්න තියෙන්නෙ...

එක්තරා විදුලි ආලෝක කනුවක් ලග තාප්පෙකට ඇගේ බර තියන් ඉන්න මැර මූණවල් දිස් වෙන්න තියන මිනිස්සු.. දුම් සුටුට්ටු අදින ගමන් මොන මොනවාදෝ කියවනවා..

තරුණ උනත් සමහරුන්ගෙ මූණූ වල තිබ්බෙ වියැළුණු කැපුම් සලකුණු.. සමහරු ඉන්නේ අත් බැන්ඩේජ් කරන්.. හැබැයි ගානක් වත් නෑ... සුරුට්ටුව ඇදලා දුම් ටික නහයෙන් එලියට එවන ගමන් ගොරෝසු හඩින් කියවනවා...

පාරටම ඉන්නේ මේ නපුරු පාට මිනිස්සු හා වැඩ රාජකාරී ඉවර කරලා ගෙවල් වලට යන මිනිස්සු කීප දෙනෙක් විතරයි... ඒ නපුරු මිනිස්සු පාරේ යන මිනිස්සුන්ට නම් උසුලු විසුලු කරනවා වත් පේන්න නම් නෑ.. හොද මැරයොද දන්නෑ නෙද...

💚 ආ... සුගා..... මොකෝ වෙන්නෙ ඉතින්....

කොහේදෝ මන්දා ඉදන් කඩන් පාත් උන තරුණයෙක් අතේ තියන ශොපින් බෑග් එකත් පස්සට කරන් කතා කරේ අර මිනිස්සු ගැන්සියේ මිනිහෙක්ට..

එකෙක්ට කතා කරාට මොකද සැට් එකම එක පාර හැරිලා බැලුවෙ අර තරුණයගෙ දිහාව...

" මොනා වෙන්නද බන් ඉතින්.. දවසෙ හම්බ කරලා දැන් ඉතින් පාටී දාන්න හදන්නේ... "

💚 ආ හොදා හොදා..

" උබත් වරෙන්... "

💚 බෑ බන්.. අරූ ලෙඩ ගානෙනේ... මේ කෑම අදිනවා ඌට...

තරුණයා කිව්වේ අතේ තියෙන බත් බෑග් එකත් පෙන්නලා... ඉතින් අනෙක් ඔක්කොම හිස සලද්දි මේ හරියෙ ඉදන් ගෙවල් විසි පහක පමණ දුරින් තියන තමන්ගෙ ගෙදරට ඒ තරුනයා යන්න පිටත් උනේ පොදයක් දෙකක් වැටෙන්නත් පටන් ගද්දි...

💚 ශිට්.. මේ කරුම වැස්ස නම්.. හැමදාම හවස් වෙද්දි පටන් ගන්නවා චුරු චුරුව....

හොද චුරු චුරුව... පොඩියට පටන් ගත්තට දැන් නම් තරුණයව තෙමිලා යන්න තරම් වැස්ස වැටෙනවා.. කොල්ලා බැලුවෙ පිටිපස්ස.. අරුන් ටික ඉන්නවද කියලා.. කෝ ඉතින් නෑනේ.. එක වැස්සට උන් ගිහිල්ලත් ඉවරයි...

💚 මරු හොරු.. 😃😃

කොල්ලා... නමින් කිව්වොත් යීබෝ... වැඩි විස්තර වාසගම් අනන් මනන් මුකුත් නෑ එයා යීබෝ... වයසත් ඉතින් අනේ මන් දන්නෑ කියලා තමයි කියන්න වෙන්නේ... හැබැයි කොල්ලට දැන් වයස අවුරුදු 25ක් වෙනවා...

කොහේ කොහොම කා ගාව ඉපදුනාද කියලා වත් නොදැන කොහොමද නමක් වයසක් දන්නේ.. කොල්ලා හිතන්නෙ අන්න ඒ විදියට.. කවුරු කිව්වත් කොල්ලගෙ වයස 25යි කියලා කොල්ලා පිලිගන්නෙ නෑ.. කොල්ලටම හිතිලා දා ගත්ත නමක් තමයි යීබෝ කියන්නේ....

💚 වැස්ස එක්ක මොකක් හරි ආත්මීය බැදීමක් තියෙනවද මන් දන්නෑ යකූ මට...

කොල්ලා කිව්වේ තව තෙමුනොත් බත් එක සුප් එකක් වෙන නිසා ළග ගෙදරක ගේ පිලිකන්නකට මුවා වෙන ගමන්... පුංචි පුංචි පෙට්ටි ගෙවල්.. මේ හරියෙ තියෙන්නේ ඒ වගේ ගෙවල්... ලොකු ලොකු මිනිස්සු නෑ මෙහේ ඉන්නෙ එදා වේල හම්බ කරගන්න කුලී වැඩ හොර වැඩ කරන එවුන්ම තමයි....

කොල්ලා අතින් ඇගේ තියන වතුර ටිකක් පිහලා දැම්මා... කොල්ලට හැමදාම වැස්ස වෙලාවට මතක් වෙන්නෙ මේ ගමට ආව හැටි.. 

නමක් ගමක් නැතුව කුණු කානුවක ඉදලා තිබ්බ කිරි සප්පයෙක්ව මඩමකට ගෙනල්ලා දීලා තිබ්බේ පාරෙ යද්දි දැක්ක මනුස්සයෙක්... ඉතින් කොල්ලට කන්න බොන්න අඩුවෙන් හරි යන්තමින් අත පය වැඩෙනකල් ඉන්න මඩමක් නම් තිබ්බා... හැබැයි කොල්ලට දුන්න නම තමයි සං කියලා කියන්නෙ....... කොල්ලා නම් හැබැයි ආස උනේ නෑ ඒකට... නිකන් හුරතල් මෙලෝ රහක් නැති නමක් විදියට තමයි කොල්ලා ඒ නම දැක්කෙ.. යීබෝ.. ඒ නම නම් ඕනම කෙනෙක්ට ගැම්මෙන් කියන්න පුලුවන් නමක්.. කොල්ලා ඒ නිසයි ඒක තමන්ව හදුන්වන්න දා ගත්තෙ...

මඩමෙත් ඉන්න බෑ මහ එකී පොඩ්ඩ මිස් වෙන්න බෑ හැරෙන හැරෙන අතට අල්ලන් ගහනවා කියලා කොල්ලා මඩමෙන් පනිද්දි කොල්ලට යන්තම් අවුරුදු දහය පැන්නා විතරයි...

ඉතින් මේ වෙද්දි අවුරුදු 15ක්ම ගෙවිලා ගිහින්... කොල්ලා මඩමෙන් පැනලා එද්දි අහුවෙන අහුවෙන බස් වලට නැගලා සල්ලි නැති නිසා බස් වලින් ගහලා බස්සලා අන්තිමට බස් ගානක නැගලා බැහැලා වැස්ස නිසා ගොඩ වුන ගම තමයි මේක....

💚 ෆූ... අරූට බඩගිනිත් ඇති...

වැස්ස නවතින පාටක් තියා අඩුවෙන පාටකුත් නෑ.. යීබෝ බිත්තියට හේත්තු වෙලා බැලුවෙ අහස දිහා.. අහස ඉරි තලලා යන්නම විදුලි කොටද්දි අද නම් කොල්ලට ගානක් වත් නෑ... හැබැයි එදා...

එදා නොදන්න පැත්තක අතරමන් වුන කොල්ලා විදුලි කොටද්දි ගුලි වෙලා හැංගුනෙත් කුණු බක්කියකට... වැස්සෙන් තෙත බරිත වෙලා කන්න බොන්න දෙයක් නැති උනත් කොල්ලා හයියට හිත තද කරන් ඉදියා... කුනු බක්කියක් අස්සෙ කොහෙද නේද ආරක්ෂාවක්.. ඒත් කොල්ලා වහන් උනේම මේ කුණු බක්කියට..

💚 රෙද්ද...

කේන්ති ‍යන්නෙ වැස්ස නතර වෙන්නෙ නැති උනාම තමයි.. වහිනවා නම් පොඩ්ඩක් වැහැලා පායකපන්කෝ.. මේක එහෙම නෑ දෙනවා දොඹෙන් යන්න හැට පැයක් චොර චොර ගාලා...

ඕන කෙන් ගෙඩියක් කියලා යන්න හිතෙනවා වැස්සෙම ගෙදර.. බක පණ්ඩිත කම නොදා ගෙදර ඉව්වනම් මෙහෙම තෙමෙන්න වෙන්නෙත් නෑනේ.. අර යකා ගෙදර උයපන් කියලා කිව්වත් යීබෝ නෙවෙයි ඉව්වේ.. තනියම මහන්සි වෙලා ගෙදර ඇවිල්ලත් උයපන්කො කියලා බැනලා තමයි යීබෝ ගෙයින් දොට්ට බැස්සෙ කන්න ගේන්න...

💚 අප්පා ඉස්සර කියනවා අරූ මට වඩා වැඩිමල් නිසා ඌ කියන දේ අහපන් කියලා.. අපරාදේ.. ඇහුවනම් මෙහෙම නාන්න වෙන්නෑනේ...

අප්පා... යීබෝ වැස්ස දිහා බලාගෙන කල්පනා කරේ එදා වැස්සෙ තෙමිලා හෙම්බත් වෙලා ඉද්දි කොල්ලව උස්සන් ගිය මනුස්සයා ගැන...

එදා ඒ මනුස්සයා තමන්ව එක්ක ගිහින් ඒ මනුස්සයා මැරෙන තුරාවටම බලාගත්තනෙ... අකුරු සාත්තරේ නෙවෙයි තමන් දන්න හොර කම හරි තමන්ට උගන්නලා එදා වේල පිරිමහගන්න පුලුවන් විදියක් හදලා දුන්නාට නම් කොල්ල තාමත් ඒ මැරුණ මිනිහට පිං දෙනවා...

අප්පා අකුරු සාස්තරේ දන්නෙ නෑ.. හැබැයි දන්න මිනිස්සු ලගට කොල්ලො දෙන්නව යැව්වෙ තමන් වගේ මෝඩයෙක් කරන්න බැරි නිසා මේ කොල්ලොන්ව... තමන්ගෙන් හොරකම වගේම අකුරු දන්න උන්ගෙන් අකුරුත් කොල්ලො දෙන්නා ඉගන ගත්තා..

" මට කොල්ලො දෙන්නෙක් වැඩි නෑ බන්.. හැබැයි පුතෝ උබලා දැන් ලොකු නිසා හම්බ කරන් කාපල්ලා ඈ... "

යන්තම් යීබෝට හා අනිත් කොල්ලට වයස 14 පනිද්දි අප්පා කිව්වෙ එහෙම.. බොරු සෝබන බොරු ආදරේ ඒ මිනිහා ගාව තිබ්බෙ නෑ.. අහු නොවෙන්න හොරකම් කරන්න තමයි අප්පා මෙවුන්ට ඉගැන්නුවෙ....

ඉතින් යීබෝ අප්පගෙ ගෙදරට ඇවිල්ලා අප්පයි අප්පා පාරෙන් ඇහිද ගත්ත කොල්ලයි එක්ක යීබෝ ජීවත් උනා..

යීබෝ කියන්නෙ නහර කාරයෙක්... හැබැයි යීබෝගෙ කනට දෙකක් ගහලා යීබෝව මෙල්ල කරන්න ඕනම වෙලාවක අප්පටයි අර කොල්ලටයි පුලුවන් කම තිබ්බා...

අප්පා මේ ලෝකෙන් යන්නම ගිහින් දැනට අවුරුදු තුනයි... අප්පා ජීවත් වෙනකල්ම කොල්ලො දෙන්නා කරේ හොරකම... හැබැයි අප්පගෙ ඇවෑමෙන් පස්සෙ නම් ඒ දේ වෙනස් උනා... අතට ගානක් හොයාගන්න හැමදාම කොහොමද පිට්පොකට් ගහන්නෙ.. ඒ ගාන මදි.. සමහර දවසට දෙන්නා ලොකු ගේමක් දීලා ගහන පර්ස් එක දිගෑරියම ආයේ ඒ මිනිහව හොයාගෙන ගිහින් ඌට කීයක් හරි දෙන්න හිතෙනවා.. එච්චරටම සෝචනීයයි....

හරියන්නෙ නෑ මේක... කොල්ලො දෙන්නා ගමෙන් ඈත ටවුමට ගිහින් හොර වැඩ කරද්දි තමයි බොස් හැංගා හම්බුනේ... ඌ තනිකරම කුළී මිනීමරුවෙක්.. සල්ලි කිව්වොත් අම්මා අප්පා උනත් මරලා දායී.. ඌට දුක වේදනාව ලැජ්ජා බය ගෑවිලා වත් නෑ...

කොල්ලො දෙන්නා සෙට් උනේ ඌට.. හොදට ගාන නම් හම්බුනා.. හැබැයි කොල්ලො දෙන්නගෙ වැඩත් එක්ක ඒ දක්ෂ කම් හා හොරාකාලා තියෙන පලපුරුද්ද එක්කම කොල්ලොන්ට සෙට් උනේ කුලියට පොඩි පොඩි මිනී මරන කේස්...

පොඩි උනත් ලොකු උනත් මිනී මරණවා කියන්නෙ ආයේ ඒ ගැන කතා කරන්න දෙයක් තියෙනවද... කොච්චර නහර කාරයා උනත් යීබෝ පලවෙනි පාරට මිනිහෙක් මරලා කොල්ලා හූ කියලා ඇඩුවා...

කොල්ලගෙ අනිකා කොල්ලට කිව්වෙ මේක අතෑරලා පරණ රස්සාවම කරමු කියලා.. වැඩක් නෑ මුන් දෙන්නටම ඕනේ ලොකු ගානක්... ජීවත් වෙන ටික කාලේ හොදට කාලා බීලා ඉන්න...

ඒත් වැඩක් තියෙනවද... මිනී මරලා....

💚 ඕයී මන් ආවා.. ආ කෑම එක ..

යීබෝ ගෙට ආවෙම බෙරිහන් දීගෙන.. පුංචි පෙට්ටි ගේ.. ගෙටම තිබ්බෙ එක කාමරයයි කුස්සි කෑල්ලයි පිලිකන්නෙ තියෙන වැසිකිළියයි විතරයි..

ඉස්සර නම් කාමරේ ඇද අප්පට දීලා කොල්ලො දෙන්නා බිම නිදා ගත්තා.. හැබැයි දැන් ඉතින් අප්පා නෑනේ.. කොල්ලො දෙන්නා ඇදේ නිදියනවා...

කොච්චර වත් රණ්ඩු වලින් ගෙදර පිරිලා තිබ්බත් මේ කොල්ලො දෙන්නට එකාට එකෙක් නැතුවම බෑ.. කටවල් නම් පඩික්කම් වගේ දෙන්නගෙ කෙරුවාවල් එක්ක කටවල් පඩික්කම් නොවුනොත්නෙ ඉතින් පුදුමෙ..

💚 කෝ බන් උබ...

කොල්ලා ගෙට ඇවිල්ලා බෙරිහන් දුන්නත් අනිත් එකා නැති තැන කුස්සිය දොරෙන් එලියට ඔලුව දාලා වැස්සෙම කෑ ගැහුවා..

.

.

.

.

.

.

.

.

.

.

.

❤️ ඉදපන් යකෝ ලැට් එකේ ඉන්නේ...

💚 ආ හරි හරි...

අතත් එල්ලන් ඉන්න එකා කොහෙට තොලොන්චි උනාද කියලා කොල්ලා බැලුවෙ.. ඉන්නවා නම් ඉතින් කමක් නෑ...

යීබෝ තෙමුන පඩංගුව ගලවලා කලිසමක් විතරක් ඇදන් ඇවිත් බත් එක ලෙහලා ගත්තා.. පංකාදු පහයි.. රස පාටයි.. කොච්චර උයන්න පුළුවන් වුනත් දෙන්නම කැමති කඩෙන් කන්න... ලේසි වැඩේනේ ඉතින්.. හැබැයි අද උයපන් කියලා කොල්ලට අනිකා කිව්වත් කොල්ලා ඉව්වෙ නෑ.. ඉතින් නාගෙනම කෑම ගෙනාවා...

💚 මොකෝ උබේ බඩ වේලලද... ඔච්චර වාඩිවෙලා ඉන්නෙපා යකෝ...

යීබෝ කෑ ගැහුවෙ වැඩේ කරන් ඉවර වෙලා එනකල් ඉන්න බැරුව..

බත් එකත් ලෙහාගෙන හක්කට අතකුත් ගහන් පට්ට සීතලේ බාගෙටත් ඇදන් යීබෝ මේ බලන් ඉන්නේ අනිකා එනකල්.....

බඩේ පනුවො බොක්සින් පිට බොකිසින් ගැහුවත් අනිකට නෑ කිසි ගානක්.. ඒකා තමන්ගෙ වැඩේ කරගෙන මිසක් එලියට නම් එන්නෙ නෑ...

යන්තමින් මාසයක් පුරාවටම එල්ලන් ඉදපු අත හොද උනා විතරයි.. තවමත් එල්ලගෙන ඉදියෙ වෙදමාමා කිව්ව නිසා.. නැත්තම් තියන ගායට ඕක ගලවලා සෑහෙන්න කල්..

වැදුන පිහි පාරත් එක්ක අත ගැන ආසාවක් තියෙනවා නම් අත එල්ලන් ඉදපන් කියලා වෙද මාමා කිව්ව නිසායී යීබෝගෙ ටිං බෙලෙක්ක හඩ නිසායි දෙයියනේ කියලා මාසයක් අත එල්ලන් උන්නා.. හැබැයි ඉතින් ඒකෙන් උනේ පර්ස් එකට තට්ටු උන එක තමයි...

යීබෝ තනියම මිනී මරන්න ගියේ නෑ.. අනිකා තනියම කොල්ලව යැව්වෙත් නෑ.. ඒ නිසා මිනී මරන්න නම් අනිකගෙ අත හොද වෙන්න ඕනා කියලා බොස් දන්නවා.. ඒ නිසා මාසයක් තිස්සෙ කන්නෙ බොන්නෙ යීබෝ ගහන පිට් පොකට් එකකට පිං සිද්ද වෙන්න තමයි...

❤️ ආ උබ කන්නත් ලෑසිතිද....

..

..

..

මතු සබැදී.....

..

..

..

කොහොමද ඉතින්...

අලුත් එකක් අරන් ආවා ඕන්.. චුට්ටක් වෙනස් පරාදීසයකට ආවා මන්.. මැර කොල්ලො හොයන්... ආ නෑ නෑ නරක තාත්තලා හොයාගෙන...

තාත්තලා... 😳😳 ඒත් කෝ බබාලා... 🤭 බබාලත් කොහේ හරි ඇති නෙහ්.. අපි බලමු...

ඉතින් කතාව කියවන්න කැමති අය කියවන්න සෙට් වෙන්න...

මේක ආදරණීය පෝසත් දගකාර ආදරකතාවක් නෙවෙයි.. මැර මිනීමරු හොර ආදරකතාවක්...

අර ලැට් ගත වෙලා උන්න හාදයා අතකුත් කඩාගෙනලු ඕන්...

කතාවෙ වචන ස්ටයිල් එක ඉතින් සවුත්තුයි.. පැත්තෙ හැටියටනෙ කතාව.. අරූ මූ කියලා කතා කරාට කොල්ලො දෙන්නා ගැන වැරදි අදහසකින් ලියලා නෑ... වැරදි ඇතොත් සමාවෙන්න...

මෙය මාගෙ හිතේ ඇදුන අදහසක් මිසක් ඔවුන්ගෙ සැබෑ ජීවිතය හා කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව කරුණාවෙන් සලකන්න..

කතාවට ලස්සන කවර් එකක්... සඳූ මැණිකගෙන්... ගොඩක් ස්තූතියි පැටියෝ.. ආදරෙයී..


මම ගුස්ති වයිපරේ මධූ

Continue Reading

You'll Also Like

128K 28.7K 76
හීන ........ හැමෝගෙම හිත්වල හීන තියෙනවා .... ඒත් විවිධාකාරයි.... සමහර හීන අහසට පොළොව වගේ...... ඒත් කොතනකදි හරි මේ හීන එකට මුණගැහුනොත්...... එහෙම වෙ...
57.9K 7.8K 31
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...
46.8K 9.8K 32
💚💚 නුඹ හැර ........ ඔය රූපය හැර මේ රාජධානියේ අන් සියල්ලට මා පෙම් කරන්නේය... කර්කෂ රාජධානියෙන් මා රැගෙන ආවාට තුති......... කම් නැත මා සියල්ල දරාගන්න...
67.9K 17.6K 60
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥