𝚈𝙾𝚄𝙽𝙶 𝙻𝙾𝚅𝙴 |.𝚃𝙰𝙴�...

Door VinzVinzz

3.1K 469 27

සදාකාලික අවසානයක් දැකිය නොහැකි ආත්මීය බැඳීමකි. "අසම්මතය තුළ මා හිර වෙද්දී ලෝකය ඉදිරියේ වින්ද දුක මා තරම් දන්... Meer

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21

Chapter 16

103 17 4
Door VinzVinzz

____________________________________________________________

Guys,

අනේ දෙයක් කියන්න තියෙනවා.....ජීහුන් හැමදෙයක්ම ටේහ්‍යොන්ග්ට කිව්වත් එකම එක දෙයක් ටේහ්‍යොන්ග්ට කියන්නේ නැහැ..ඒක ඔයාලට කියවගෙන යනකොට තේරෙයි..මම කලින් chapter එකක මෝඩයෙක් වගේ ටේහ්‍යොන්ග් ඒක දන්නවා කියලා දාලා තිබුනා.ඒක ඇත්තටම මගේ අතින් වෙච්ච mistake එකක්...sorry හොඳේ....ඒත් ඇත්තටම ටේහ්‍යොන්ග් එක දන්නේ නැහැ හරිත..අනිත් එක,එදා කිව්වා වගේම new readersලා මේක ප්‍රශ්නයක් කරගන්න එපා....

16.09.2023

____________________________________________________________

අද free දවසක් නිසා living room එකේ සූත් එක්ක coffee එකක් බොන ගමන් කිම් එයාගේ company එකේ ලඟදි ඇතිඋනු ප්‍රශ්නයක් ගැන කතා කර කර හිටියා.කිම්ගේ කතාවට බාධා උනේ කවුරිහරි ගෙදරට ඇවිත් එලියේ ඉඳන් bell කරනවා ඇහුනු නිසා.සූ කිම්ට ඉන්න කියලා හඟවලා ගියේ ඇවිත් ඉන්නේ කවුද කියලා බලන්න.සූ එනකන් බලන් හිටියත් එන පාටක් නෑ කියලා තේරුනු කිම්,නැගිටලා ගියේ සූගේ පරක්කුවට හේතුව මොකක්ද කියලා දැනගන්න.

කිම් දොර ලඟට ඇවිත් දැකපු දෙයින් ඇස් පවා අදහා ගන්න බැරි උනා.කිම් තව ටිකක් ලං වෙලා බැලුවේ මෙතන තමන් හිතන කෙනාමද ඉන්නේ කියලා බලන්නයි.කිම් හරි,ඇත්තටම ගෙදරට එන තැනම සූව බදාගෙන හිටියේ වෙන කවුරුත් නෙමේ කිම්ගේ දෙවෙනි පුතා,ජීහුන්.

"ජීහුන්..!!!"

කිම් රලු කටහඬින් කෑගහලා ජීහුන්ට කතා කරාම මෙච්චර වෙලා කඳුලු පිරිච්ච ඇස් දෙක වහගෙන සූව බදාගෙන හිටපු ජීහුන් ඇස් ඇරලා බැලුවම තමයි දැක්කේ කිම් රතු කරගත්ත මූනෙන් තමන් දිහා බලන් ඉන්නවා කියලා.සූගෙන් ඈත් වෙලා අදි මදි කර කර කිම් ගාවට ආපු ජීහුන්,

"ත්......තාත්තේ........ම්.....ම්....මම..."

ජීහුන්ට කතා කරගන්න බැරි තරමටම කටහඬ වෙව්ලුවා,ඇස් දෙකෙන් හෝ ගාලා කඳුලු වැටුනා.මෙච්චර කාලයක් ගෙදර අයගෙන් ඈත් වෙලා හිටපු ජීහුන්ට කියන්න ඕන මොනවද කියලා හිතා ගන්න බැරි උනා.

"දැං ද අපිව බලන්න එන්න මතක් උනේ..?මෙච්චර කාලයක් හිටියා වගේ ඇයි එහෙටම වෙලා හිටියේ නැත්තේ...?"

බිම බලන් හිටපු ජීහුන් යාන්තමින් ඔලුව උස්සලා කතා කරන්න යනකොට ජීහුන්ගේ පැත්තට අත දික් කරපු කිම්,

"....ජීහුන්.....මට තවත් ඔයාගේ ඔය බොරු අහන්න ඕනේ නෑ...ඔයාට කාගේ විශ්වාසේ දිනා ගන්න පුලුවන් උනත්, මේ මගෙන් නම් එහෙම chance එකක් බලාපොරොත්තු වෙන්න එපා...තව දෙයක්,මෙහෙ හිටියට කමක් නෑ හැබැයි මාත් එක්ක ගනුදෙනු තියා ගන්නේ නැතුව.."

කතව නවත්තලා හොඳ හුස්මක් අරගත්තු කිම් අහක බලාගෙන,

"මේ අවුරුදු ගානටම හිටියා වගේ ඉස්සරහටත් ඉන්න එක මට මහ ලොකු දෙයක් නෙමේ...."

එහෙම කියලා කිම් එතනින් යනකොට ජීහුන්ගේ කකුල් ජීහුන් දන්නේ නැතුවම පන නැති වෙලා බිම දන ගැහුනා.දණහිස් දෙකට අත් දෙක තියා ගත්තු ජීහුන්,අමාරුවෙන් හුස්ම ගන්න ගමන් තමන්ගේ ඇස් දෙකෙන් හෝ ගාලා වැටෙන කඳුලු නවත්තන්න උත්සහ කරා.ඒත් ඒ කඳුලු නවත්තන්න බැරි කඳුලු කියලා ජීහුන්ටම තේරුනු නිසා කඳුලු වලට වැටෙන්න ඉඩ දුන්නේ තාත්තා කියපු දේ ආයිත් ආයිත් මතක් කරන ගමන්.

"ජ්....ජීහුන්.....පුතේ....තාත්තට ඔයා එකපාරටම ආපු එක හිතට දරාගන්න අමාරු ඇති....එයා ඔය කියන දේවල් එවෙලෙට විතරයි...දැන් අඬන්න එපා...මගේ හොඳ කොල්ලනේ ඔයා..දන්නවද ජීහුන්...ඔයා මෙහෙම ආපු එක ගැන මම දෙවියන්ට දහස් වාරයක් ස්තූති කරනවා....ඔයා මෙහෙන් ගිය දවසේ ඉඳන් මම හිත හදන් හිටියේ හරි අමාරුවෙන්....ඒත් දැන් මං ලඟ මගේ ජීහුන් ඉන්නවනේ...මට දැන් බයවෙන්න් කිසි දෙයක් නැහැනේ...ජීහුන්....."

ජීහුන් ඉස්සරහට ආපු සූ ජීහුන්ගේ කම්මුල් අල්ලලා වැටෙන කඳුලු පිහදාන ගමන්,

"දැන් හොඳ ලමයා වගේ ගිහින් wash එකක් දාගෙන එන්න..මං කෑම ලෑස්ති කරලා තියන්නම්....කෝ ඉතින්...අඬන්න එපා..මම කිව්වනේ,තාත්තට ඕක ඉක්මනට අමතක වෙලා යයි...ඔයා ඕක ගැන හිතන්න එපා.....හොඳ ලමයනේ...කෝ....එන්න..."

ජීහුන්ව හෙමීට නැගිට්ටවපු සූ,ජීහුන්ගේ ඔලුව ආදරෙන් අතගාලා,

"යන්න....."

සූ එහෙම කිව්වම සූගේ අත අල්ලගෙන හෙමීට ඔලුව වනපු ජීහුන් එතනින් ආවේ ඉස්සර ගෙදර අයට හොරෙන්(ටේහ්‍යොන්ග් ඇරෙන්න)මෙතනින් ආපු විදිහ මතක් කර කර.එයාගේ කාමරේට ආපු ජීහුන් ලොකු හුස්මක් පිට කරේ කාමරේ හුගක් පරන මතක් ජීහුන්ගේ හිතට එකපාරට ආපු නිසා.කරේ දාගෙන හිටපු බෑග් එක ගලවලා මේසේ උඩෙන් තියපු ජීහුන් ඇඳ උඩ ඉඳගෙන ටික වෙලාවක් ඇස් දෙක වහගෙන හිටියා.ජීහුන් ඇස් ඇරියම ජීහුන්ගේ ඇස් ඉබේටම යොමු උනේ ඇඳ එහා පැත්තේ තිබුනු පොඩි මේසේ උඩ තියෙන photo එකට.

ඒ photo එක අතට ගත්තු ජීහුන්ගේ කටේ අහිංසක හිනාවක් ඇඳුනා.ජීහුන් බලන් ඉන්න photo එකේ ඉන්නේ වෙන කවුරුත් නෙමේ,ටේහ්‍යොන්ග්.ජීහුන්ගේ කරට අතකුත් දාගෙන හිටපු ටේහ්‍යොන්ගේ ඇත්තම හිනාව තිබ්බේ ඒ දවසේ.

"එදා ඔයා මට යන්න දුන්නේ නැත්තන් මම අද මේ වගේ තැනක නැහැනේ...ටේහ්‍යොන්ග්,ඔයා මං ගැන අනිත් හැමෝටම වඩා දන්නවා..එදා ඔයා මට යන්න ඉඩ දුන්නත් මම දන්නවා ඔයා ඔයාගේ හිතත් එක්ක එකඟ වෙන්න ඇත්තේ හරි අමාරුවෙන් කියලා..ඒත් දැන්....."

ජීහුන්ට තවත් ඒ ගැන හිතන්න අමාරු උනා...ඒ පරන මතක ආයිත් තමන්ගේ ඔලුවට ආපු නිසා ජීහුන්ගේ ඇස් දෙකෙනුත් කඳුලු කැට ටිකක් වැටුනා.හෙමීට මේසේ උඩින් ආයිත් photo එක තිබ්බ ජීහුන් wash එකක් දා ගන්න කියලා හිතාගෙන ඇඳෙන් නැගිට්ටා.

..........................................................................................

Yongsan School
The School bell rings

"ඒ බන් මේ දවස් ටිකේම දේ ජන්ග්ව සෙට් උනේම නැහැනේ..?"

මේසේ උඩ තිබුනු ඔක්කොම දේවල් බෑග් එකට දා ගත්ත කන්ග් දේ ජංකුක් ගාවට එන ගමන් එහෙම ඇහුවා.

"ඌට වැඩ ඇති බන්....free නම් අනිවා අපිට කතා කරනවනේ.."

ජංකුක් එයාගේ බෑග් එක ලෑස්ති කරන ගමන් එහෙම කියනකොට ටේහ්‍යොන්ග් කරට බෑග් එකත් දාගෙන බලන් ඉන්නවා දැක්ක කන්ග් දේ ටේහ්‍යොන්ගේ මේසෙ උඩින් ඉඳගෙන,

"ඒ උනාට බන් අපි යාලුවෝ විදිහට ඌට ටිකක් කතා කරලා බලන එක හොඳ‍යිනේ..මොකද කියන්නේ...හෙට යමුද..?"

කන්ග් දේ ජංකුක්ගෙන් එහෙම අහනකොට ජංකුක් හුවාන් දිහා බලලා,

"උබට පුලුවන්ද....?"

"මට මොකද බැරි....?මම ඉන්නේ තුන්පනේ නෙමෙයිනේ...."

හුවාන් එහෙම කියලා ආයිත් මූන අමුතු කරගෙන,

"මේ ජංකුකා....උබ ඇයි මගෙන් කවදාවත් නැතුව එහෙම ඇහුවේ...?"

හුවාන් එහෙම ඇහුවම අමුතු හිනාවක් දාපු ජංකුක්,

"නෑ ඉතිම්.....දැන් උබට අපිත් නොදන්න කාරණා ගොඩක් තියෙනවනේ.....එහෙම අහන එක වැරදි නෑනේ..."

"ඕයි ජංකුකා...ඒ කාලේ යම් සිදුවීමක් උනා තමයි,ඒත් ඒවා දැන් අල්ලගෙන කියවන එකනම් එච්චර හොඳ දෙයක් නෙමේ....මං උබලට මුකුත් නොකියා ඉන්නේ නෑනේ බන්...උබලට ඔක්කොම කියනවනේ...."

එහෙම කියපු හුවාන් ඔලුව කසන ගමන් කටහඬේ සද්දෙ අඩු කරලා,

"මේකයි....උබලට කියන්න බැරි දේවලුත් තියෙනවා..ඒක වෙනම කතා...වක්...."

හුවාන් අන්තිම ටික ඇදලා කියනකොට ටේහ්‍යොන්ග්,ජංකුක්,කන්ග් දේ තුන්දෙනාම අමුතු සද්දයක් දාන ගමන් හයියෙන් හිනා උනා.

"අන්න ඒක නිසා තමා උබගෙන් මම ඇහුවේ....මේ ඒක නෙමේ....දැන් යමු...රෑ වෙනකන් මෙතන ඉන්න බෑනේ..."

පන්තියම හිස් වෙලා තියෙනවා දැක්ක ජංකුක් එහෙම කියලා බෑග් එකත් කරට දාගෙන කොල්ලෝ තුන් දෙනත් එක්ක ස්කෝලෙන් එලියට ආවා.

"එහෙනම් කොල්ලනේ, හෙට සෙට් වෙමු....අපි ගියා.."

කන්ග් දේ අත වනන ගමන් එහෙම කියලා එතනින් ගිහින් ස්කෝලෙට අනිත් පැත්තේ තියෙන පාර පැන්නේ උඩ පැන පැන.

"මමත් එහෙනම් යනවා....හෙට හම්බවෙමු ජංකුක්.."

ටේහ්‍යොන්ග් හිනා වෙලා ජංකුක්ට ඇහැක් ගහන ගමන් එහෙම කියනකොට හුවාන් අත් දෙකත් ඉනට අරගෙන,

"ආ......එතකොට උබට අපිව පේන්නේ නැද්ද..?"

"උබ...?"

"මේ ජංකුකා.....උබ ටේහ්‍යොන්ග්ට 'උබ' කියන්නේ නැති උනාට මම දැන් කියනවා...දැන් අපි ගොඩක් දන්නවනේ..."

හුවාන් මූන serious කරගෙන එහෙම කියනකොට හිනා උන ටේහ්‍යොන්ග්,

"හරි හරි.....ඕන දෙයක් කිව්වට ප්‍රශ්නයක් නෑ...ඔය මොකක් කිව්වත් මම ටේහ්‍යොන්ග් නේ..හුවාන්...එහෙනම් මම යනවා....බායි..."

ටේහ්‍යොන්ග් හුවාන්ට එහෙම කිව්වට ජංකුක්ට salute කරලා එතනින් ගියා.ජංකුක් හුවාන් දෙන්නත් කයිය ගගහා ගෙදර ගියා.

ටේහ්‍යොන්ග් ගෙදරට ආවත් කවදාවත් නැතුව බඩු පිරෙන්න බෑග් දෙක තුනක් ගෙදර දොර ලඟ බිම තිබුනු නිසා ඒ ගැන හිත හිත ගේ ඇතුලට ඇවිත්,

"අම්මේ......අර මොකද බෑග් ටිකක් එලියෙන් තියලා...?"

ටේහ්‍යොන්ග් කෑ ගහලා එහෙම අහනකොට සූත් එක්ක කාමරේ කතා කර කර හිටපු ජීහුන් ටේහ්‍යොන්ගේ කටහඬ ඇහුනු සැනින් ඇඳෙන් නැගිට්ටවුනේ ඉබේම වගේ.ටේහ්‍යොන්ග් ආපු නිසා සූ ජීහුන් දෙන්නම living room එකට ආවත් couch එකේ ඉඳගෙන හිටපු ටේහ්‍යොන්ග් දැක්කේ සූව විත‍රයි.මොකද ජීහුන් ආවේ සූට ටිකක් පිටිපස්සෙන් නිසා.

"මොකද මේ කෑ ගහන්නේ.....මොනාද බෑග් කියලා කිව්වේ..?"

සූ එහෙම ටේහ්‍යොන්ගෙන් අහනකොට ඉක්මන් අඩි තිය තිය ආපු ජීහුන්,

"ආහ් අම්මේ.....ඒවා මං එනකොට ගෙනාපු බඩු..මට ඔයාව දැක්කම ඒවත් ඇතුලට ගේන්න අමතක උනා.."

ජීහුන්ව දැක්ක ටේහ්‍යොන්ගේ හදවත හුඟක් වේගෙන් ගැහෙන්න ගත්තා.නොහිතපු වෙලාවක ජීහුන් තමන් ඉස්සරහා මෙහෙම කතාකරනකොට ටේහ්‍යොන්ග්ට ඒක විශ්වාස කරන්න අමාරු උනා.ටේහ්‍යොන්ග් හෙමීට couch එකෙන් නැගිට්ටේ ජීහුන්ගේ ඇස් දිහා බලාගෙන.ඔව්,මේ ජීහුන් තමයි.ටේහ්‍යොන්ග් ඉස්සරහා මේ හිටගෙන ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි,තමන්ට මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා building එකක ඒ rooftop එකේ මුනගැහුනු අවුරුදු 18 වයසක හිටපු ඒ තරුන පිරිමි ලමයා.ටේහ්‍යොන්ග් තමන් ලඟට එන්න ඉස්සෙල්ලා ටේහ්‍යොන්ග් ලඟට ගිය ජීහුන් ටේහ්‍යොන්ගේ කම්මුල් අල්ලගෙන,

"ඇයි...?එකපාරට මෙහෙම ආවම විශ්වාස කරන්න අමාරුයිද?ම්ම්...?"

මේ පාර නම් ටේහ්‍යොන්ගේ ඇස් දෙකෙන් හෝ ගාලා කඳුලු වැටෙන්න ගත්තා.ඒවා සතුටු කඳුලු වලට වඩා හාත්පසින්ම වෙනස් කඳුලු.මග බලන් ඉන්න තව කල් තිබ්බත් එකපාරට ජීහුන් මෙහෙම ඇවිත් තමන් ඉස්සරහා හිටගෙන ඉන්නවා දැක්කම ටේහ්‍යොන්ග්ට ඒක් විශ්වාස කරන්න අමාරු වෙන එක සාදාරණ දෙයක්.හිතේ තියෙන සතුටටත් එක්ක ටේහ්‍යොන්ග් ජීහුන්ව තදින් බදා ගත්තා.ටේහ්‍යොන්ග්ව ටිකක් වෙලා බදාගෙන හිටපු ජීහුන් ටේහ්‍යොන්ගෙන් ඈත් වෙලා,

"දැන් ඉතින් අඬන්න ඕනේ නෑනේ....මම ආවනේ.....අනිත් එක ඔයාදැන් ලොකු කොල්ලෙක් ටේහ්‍යොන්ග්...දැන් බබ්බු වගේ අඬන එක හරි නෑ.."

ජීහුන් හිනා වීගෙන එහෙම කියනකොට ටේහ්‍යොන්ග් ජීහුන්ට පොඩි හිනාවක් දාලා කඳුලු පිහදගෙන,

"ඔයා ආයිත් යනවද...?"

ටේහ්‍යොන්ග් එහෙම ඇහුවම කට කොනකින් හිනා උන ජීහුන්,

"හහ්..ඔයාලට මම ඔක්කොම කියන්නම්කෝ..අම්මේ,මොකද කියන්නේ?අද හවසට අයියත් එනවා කිව්වනේ..හවසට අපි ඔක්කොම කොහෙ හරි යමුද...?"

ජීහුන් එහෙම ඇහුවම මූනේ හිනාවක් පුරවගත්ත සූ ඔලුව වනලා,

"අපි ඔක්කොම යමු....තාත්තව මං කොහොම හරි කැමති කරවගන්නම්..දැන් ඉතින් අයියලා මල්ලිලා දෙන්නා ඕන දෙයක් කතා කරගන්නකෝ...මම යනවා..."

සූ එහෙම කියලා ජීහුන්ගෙයි ටේහ්‍යොන්ගෙයි ඔලුව අතගාලා එතනින් ගියා.ජීහුන් එයාගේ කාමරේ පැත්‍තට යන ගමන් ටේහ්‍යොන්ග්ට එන්න කියලා අතින් පෙන්නුවේ හොරෙක් වගේ.ටේහ්‍යොන්ග් එයත් එක්ක කාමරේට ආවට පස්සේ කාමරේ දොර ලොක් කරපු ජීහුන්,

"ටේහ්‍යොන්ග්,මම දැන් ඔයාට මේක කිව්වයි කියලා මගේ ඇඟට කඩන් පනින්න හදන්න එපා...මම ඔයාට මේක කිව්වෙ නැත්තේ එක හේතුවක් නිසා..."

ජීහුන් මොකක්ද කියන්න යන්නේ කියලා හරියට තේරුනේ නැති නිසා ටේහ්‍යොන්ග් ගිහින් ජීහුන්ගේ මේසෙන් ඉඳගෙන,

"හරි,මොකක්ද දැන් ඔයා මට කිව්වෙ නැති ඒ special දේ?"

"ටේහ්‍යොන්ග්,මට England වල මගේම කියලා restaurant එකක් තියෙනවා..ඒකේ owner මම,මේ ජීහුන්.."

ජීහුන් කියපු දේට ටේහ්‍යොන්ගේ කට ඉබේම ඇරුනා.මේසෙන් බැස්ස ටේහ්‍යොන්ග් ජීහුන් ලඟට ඇවිත්,

"මොකක්?ඉතින්,ඇයි ඔයා ඒක මට කිව්වේ නැත්තේ...ඒක මට කිව්වයි කියලා ඔයාට මොකක්ද වෙන්නේ...?ඔයා කිව්වනේ අයියේ මට හැම දෙයක්ම කියන්නම් කියලා.."

"ටේහ්‍යොන්ග්...ටේහ්‍යොන්ග්....calm down boy.....මම දන්නවා ඒක මම ඔයාට කියන්නම ඕනි දෙයක් කියලා...මොකද එදා ඔයා මට යන්න දෙන්නේ නැතුව අම්මටයි තාත්තටයි කිව්වනම් මං අද restaurant එකක අයිතිකාරයෙක් වෙන්නේ නැහැ..ඒත් ටේහ්‍යොන්ග්....."

ජීහුන් කිය කිය හිටපු එක නවත්තලා හොඳ හුස්මක් ගත්තා,

"මට හිතුනා ඔයා මේක අම්මට හරි තාත්තට හරි කියයි කියලා.."

"ම්....මොකක්!!අයියේ, ඔයා යන එකවත් එයාලට කියපු නැති මේ මම,ඔය වගේ දෙයක් අම්මට හරි තාත්තට හරි කියයි කියලා ඔයා කොහොමද හිතුවේ..?ඔයා කොහොමද එහෙම දෙයක් හිතුවේ....?"

"ටේහ්‍යොන්ග්....හැමදේම වැරදියට ගන්න එපා...මට හිතුනු දේ ඇත්ත....ඔයා මේක එයාලට කියයි කියලා බය උනු එකට,එහෙම හිතුනු එකට මම දහස් වාරයක් ස්තූතිවන්ත වෙනවා...මොකද එහෙම උනානම් අද මට මෙහෙම ඔයාලා ලඟට එන්න වෙන්නෙත් නැහැ..."

"කොහොමද එහෙම කියන්නේ....?මම මේක කියන්නේ නෑ කියලා ඔයා දන්නවා අයියේ....මම මොකටද ඔයා කියන්න එපා කියන දෙයක් එයාලට කියන්නේ..?මට මොනා ගන්නද..?"

"මොනව ගන්නවත් මොකටවත් නෙමේ....තාත්තා නිසා!!මම දන්නවා මං එහෙට වෙලා ඉන්නකන් තාත්තා මං ගැන අනන්ත වාරයක් කියන්න ඇති...ඒ කියන හැම වාරයක් ගානෙම කියන්නෙත් මගේ failure එක ගැන කියලා මම හොඳටම දන්නවා....අනිත් එක තාත්තා දැනගෙන හිටියා මම මෙහෙන් ගිය විදිහ..මම හරියට ඉගෙන ගත්තේ නෑ කියලත් තාත්තා දන්නවා...ඉතින් ඒ නිසා අනිවාරෙන් ඔයා ඉන්න තැන හරි නැති තැන හරි තාත්තා මං ගැන කියන දේවල් මම දන්නවා ටේහ්‍යොන්ග්..."

ටේහ්‍යොන්ග් කකුල් ඇද ඇද ගිහින් ඇඳෙන් වාඩි වෙලා බිම බලාගෙන,

"ඉතින් මම අහන්නේ තාත්තා එහෙම ඔයා ගැන අපිත් එක්ක හරි වෙන කාත් එක්ක හරි කියවන එකෙයි ඔයා මට ඒක කියපු නැති එකෙයි ඇති සම්බන්ධේ මොකක්ද..?"

"කිසි සම්බන්ධයක් නෑ ටේහ්‍යොන්ග් ඒක තමයි හේතුව..මම නිකන් හරි මට restaurant එකක් තියෙනවා කියලා ඔයාට කිව්වනම්,මට සල්ලි තියෙනවා කියලා ඔයාට කිව්වනම් ඔයා අනිවාරෙන්ම තාත්තට ඒක කියනවා....මම දන්නවා තාත්තා මට unsuccessful කෙනෙක් කියලා බනිනකොට ඔයාට ඉවසන්න බැහැ කියලා..ඔයා ගැන මම දන්නවා ටේහ්‍යොන්ග්..ඒ නිසා තමයි ඔයාට මම ඒක කිව්වේ නැත්තේ...ඔයා දැන් කිව්වට කියන්නේ නැහැ කියලා ඔයාගේ හිත දන්නවා ඒ වෙලාවට ඔයාට ඉවසන් ඉන්න බැහැ කියලා.."

එහෙම කියලා ටේහ්‍යොන්ග් ලඟට ඇවිත් වාඩිඋනු ජීහුන් ටේහ්‍යොන්ගේ කරට අතක් දාලා,

"මාව තේරුම් ගන්න ටේහ්‍යොන්ග්....ඔයාට තව මගෙන් අහන්න ප්‍රශ්න ඇති,ඒත් මම ඒවට උත්තර දෙන්නම් පස්සේ...මේ වෙලාවේ බැහැ.."

"අයියේ.....ඔයාව වැරදියට තේරුම් ගන්න මට ඕන නැහැ...ඇත්තටම ඔයාට එහෙම හිතුනු එක හොඳයි..තාත්තා ඔයාට බනිනකොට මට හුඟක් වෙලාවට ඔයා ගැන බොරු කියන්න හිතුනා..ඔයාට හොඳ car එකක් තියෙනවා,ඔයා ලොකු අයියා වගේ හොඳට ඉගෙන ගෙන හොඳ ජීවිතයක් ගෙවනවා,ඔයාට එහෙ ලොකු ගෙයක් තියෙනවා......අන්න ඒ වගේ බොරු කියලා තාත්තා ඔයාට දීලා තියෙන තැන අයින් කරන්න හිතුන වාර ගොඩයි.."

ටේහ්‍යොන්ග් එහෙම කියනකොට හිනා උන ජීහුන්,

"ඒව බොරු නෙමෙයි ටේහ්‍යොන්ග්....ඒව ඇත්ත..."

"ආහ්....?"

ටේහ්‍යොන්ග් ජීහුන් දිහා ඇස් ලොකු කරලා බලන ගමන් එහෙම ඇහුවා.

"හ්ම්..හැබැයි එකක් ඇර,මම අයියා වගේ හොඳට ඉගෙන ගත්තෙනම් නෑ...මැට්ටෙක්ට තමයි අර වගේ ලොකු ගෙයක්,හොඳ car එකක්,luxury restaurant එකක් තියෙන්නේ...."

"ඒ උනාට අයියේ ඔයාට මොලේ නෑ කියලා නම් කියන්න බැහැ...ඒ කාලේ ඔයා මට කරන්න කියලා දුන්න වැඩ එක්ක බැලුවම...."

"අහ්....ඒවා දැන් මතක් කරන්නේ නැතුව ඉමු නේද..?

ජීහුන් ඉස්සර ටේහ්‍යොන්ග්ට කරන්න කියලා දුන්න එක එක හරක් වැඩ (ජීහුන්ට හරක් වැඩ උනාට ටේහ්‍යොන්ග්ට නම් ඒවා මහ ලොකු වැඩ)මතක් කරනකොට ජීහුන්ගේ මූන ටිකක් රතු උනා.

"ආ....මොකද මේ ලැජ්ජ වෙන්නේ....ඒ කාලේ කියලා දෙන්න පුලුවන්නම් ඇයි දැන් මතක් කරනවට අකමැති...?ඒ ඇත්තටම අයියට මතක ඇති නේ අපි පොඩි කාලේ කරපු වැඩ ගැන...?"

"හ්ම්ම්.....මතකයි..."

ජීහුන් එහෙම කියලා ටේහ්‍යොන්ග්ට හෙමින් ලං වෙන ගමන් ටේහ්‍යොන්ග්ව කිති කවන්න ඇඟිලි ටිකත් හදාගත්තම මූන අමුතු කරගත්ත ටේහ්‍යොන්ග්,

"ම්ම්...මොකක්ද...?ආ....අපෝ....ඕවනම් දැන් එපා....ඒහ් අයියේ....ඒ කාලේ මම හිච්චෙක් උනාට දැන් ලොකු කොල්ලෙක්....ආ....ඕහ්...අයියේ..එ...එපා...."

ජීහුන් ටේහ්‍යොන්ග්ව අල්ලගෙන කිති කවන්න යද්දී හුඟක් ශක්තිමත් උනු ජීහුන්ව සැනින් මෙහාට තල්ලු කරපු ටේහ්‍යොන්ග් කොට්ටෙත් අරගෙන ඇඳෙන් එහා පැත්තට පැන්නා.

"ඕහ්.....මේකා ඇත්තටම ලොකු වෙලානේ...."

ජීහුන් එහෙම කියලා ටේහ්‍යොන්ග්ව අල්ලන්න විනාඩි ගානක් ඇඳ වටේ දිව්වත් ජීහුන්ට ටේහ්‍යොන්ග්ව අල්ලගන්න බැරි උනා.අන්තිමට තමන්ටම මහන්සිය දැනුනු නිසා හති අරින ගමන් ජීහුන් ඇඳ ලඟ බිමින් වාඩි උනා.ජීහුන්ව දැකලා හිනා උනු ටේහ්‍යොන්ග් ඇවිත් ජීහුන් ගාවින් ඉඳගත්තා.

"අන්තිමට ඉතින්.....ආවා...දැන් නම් ආයිත් යන්න හිතන්නවත් එපා.."

ටේහ්‍යොන්ග් එහෙම කියනකොට ජීහුන් කරේ හිනා උන එක විතරයි.සූ ඇවිත් දොරට ගහනකන්ම දෙන්නා හිටියේ ඉස්සර වෙච්ච දේවලුයි ජීහුන් රට ගියාට පස්සේ උනු දේවලුයි ගැන කතා කර කර.

......................................................................................................

Hello,

ඔන්න තව chapter එකකුත් දුන්නා.කිව්වට මේකත් පරක්කුයි නේද?Sorry හොඳේ....මගේ කතාව කියවද්දී ඔයාලට හොඳට feel වෙනවා නේද?මම හිතනවා එහෙම වෙන්න ඇති කියලා...නියපොතු වවලා තියෙන නිසා කුනුහරුප type වෙන්නේ...සමහර වෙලාවට තුන් හහර පාරක් ආයිත් මකලා type කරනවා..ඒ වෙලාවට එනවා feeling එකක්........mm....හරි සනීපයි...😂හරි ඒනම්...මම යන්නම්...තව ලස්සන ලස්සන chapters ගොඩක් ඉස්සරහට දෙන්නම්.හැබැයි sad ඒවත් හරියට තියෙනවා ඉස්සරහට...එහෙනම් ඊලඟ chapter එකෙන් මුනගැහෙමු. Good bye👋.....

Ga verder met lezen

Dit interesseert je vast

23K 4.4K 19
පොඩි එකී සමග අසරණ වූ විට නුඹයි ආවේ අසම්පූර්ණ මම සම්පූර්ණ කරන්නට මටත් වඩා ඔබ පෙම් කරන විට අප දෙදෙනාට සදා ණයගැති ඔබ ලබා දුන් පෙමට...❤️ ⦿ short Stor...
2.7K 478 12
1932 වර්ශයේදී අැඩොල්ෆ් හිට්ලර් ජර්මන් චාන්ස්ලර්වරයා ලෙස පත්වූ අවධියේ ඔහු යටතේ සේවය කල කපිතාන් කිම් වුඩ්රෝ ටේහියුන්ග් සහ යුදෙව් ජාතික ජියොන්...
1.2M 65.4K 59
𝐒𝐜𝐞𝐧𝐭 𝐨𝐟 𝐋𝐨𝐯𝐞〢𝐁𝐲 𝐥𝐨𝐯𝐞 𝐭𝐡𝐞 𝐬𝐞𝐫𝐢𝐞𝐬 〈𝐛𝐨𝐨𝐤 1〉 𝑶𝒑𝒑𝒐𝒔𝒊𝒕𝒆𝒔 𝒂𝒓𝒆 𝒇𝒂𝒕𝒆𝒅 𝒕𝒐 𝒂𝒕𝒕𝒓𝒂𝒄𝒕 ✰|| 𝑺𝒕𝒆𝒍𝒍𝒂 𝑴�...
4.4M 280K 104
What will happen when an innocent girl gets trapped in the clutches of a devil mafia? This is the story of Rishabh and Anokhi. Anokhi's life is as...