අස්ථාවර-❕

By Celeste_Lilou

6.5K 620 310

අස්ථාවර පද පෙළක් අන්තරාවක පටලලා නොලී ඒ පෙම් කවක් ලියන්නට සිදුවුනා! -අස්ථාවර.. Nonfic-01 ශ්‍රී ලංකා-02 Nonfict... More

1 වන පරිච්ඡේදය
2 වන පරිච්ඡේදය
3 වන පරිච්ඡේදය
4 වන පරිච්ඡේදය
5 වන පරිච්ඡේදය
6 වන පරිච්ඡේදය
-6 හි අවසන් කොටස.
7 වන පරිච්ඡේදය
09 වන පරිච්ඡේදය
10 වන පරිච්ඡේදය
11 වන පරිච්ඡේදය

08 වන පරිච්ඡේදය

594 49 20
By Celeste_Lilou

වැස්සේ නාගෙන ගෙට ගොඩවෙද්දි දොරවල් වහලා.මේ වේලාවට සුදුඅම්මා ගෙදර නෑ කියන්නේ සාමාන්‍යයෙන් වෙන දෙයක් නෙමෙයි.එයා මොන ලොකේ ගියත් මන් ගෙදර එද්දි දොර ඉස්සරහ ඉන්නවා.සපත්තු දෙක ගලවන්නවත් සිහියක් නැතුව මන් මගේ බෑග් එකෙ තිබුනු යතුරෙන් දොර ඇරගෙන ඇතුළට ගියා.මේසේ උඩ කොළ කෑල්ලක් තියෙනවා.සුදුඅම්මටත් මාව එපා වෙලා එයා ගිහින්වත්ද? එකපාරටම හිතට එන දාහක් සිතුවිලි එක්ක මගේ ඔලුවත් රිදෙන්න ගත්තා.ඒ මදිවට සීතලත් එක්ක.

'සීයාට අසනීප වෙලාලු පුතේ.මන් හවස් වෙන්න කලින් එනවා,බත් උයලා තියෙන්නේ.එනකම් පරිස්සමින් ඉන්න.'

ඒ කොළේ ලියලා තිබ්බේ එහෙම.මන් මොනා කරන්නද කියලා මට හිතාගන්න බැහැ.ඉස්සර මොන දේ උනත් සුදුඅම්මා අස්සට වෙලා උන්නු මට අක්කලා දෙන්නා ගැනවත් සීයා ගැනවත් මතක් උනේ නැහැ.ඒත් දැන් මන් හොදටම දන්නවා මන් නිසා වෙලා තියෙන්නේ ඒ පවුල වෙන්වුනු එක කියලා.මන් කොල්ලෙක්.මට තනියම ඉන්න පුලුවන් වෙයි.අනිවාරෙන් මට පුලුවන්.ඒත් අක්කලා දෙන්නා? ඒ දෙන්නම කෙල්ලෝ.එයාලගේ ජිවීතේ අම්මව ඕනම කාලේ නේද මන් නිසා නාස්ති උනේ?

තාමාත් වහිනවා.ටයිල් එකත් සීතලයි ඒ මදිවට මේ ඇදුම් ඇගට ඇලිලා තවත් සීතලයි.මට කරන්න දෙයක් හිතාගන්න බැහැ.මන් මොනා කරන්නද? තනියම ජීවත් වෙන්න තරම් අනන්‍යතාවයක් ගොඩ නගාගන්න මට හයියක් තියෙනවද? සුදුඅම්මව දැන්වත් එයාගේ අයට දෙන්න මට හිත හදාගන්න බැරිද? ඇයි මේ හැමදේම මටම වෙන්නේ? ඇයි තාත්තේ ඔයාත් මාව දාලා ගියේ? අඩුම මන් මැරුනොත් මේ දේවල් හොදින් සිද්ද වෙයි නේද?
මන් ආද්විනුට ලන් වෙයි කියලා ආරෝ අම්මා බය වෙන්නේ නැතිවෙයි,ආද්විනු මාව අමතක කරලා ජීවත් වෙයි,සුදුඅම්මා එයාගේ පවුලට යාවි....හැමදේම හොදින් සිද්ද වේවී.

හිතන්න පුළුවන් හුගක් දේවල් ගැන හිතලා මන් ලොකු හුස්මක් ගත්තා.සීතලේ ගැහෙනවා උනත් බාතෘම් එක අස්සට රින්ගුවේ නාගන්න කියලා.පැය භාගෙකින් විතර නාගෙන එළියට ඇවිත් උණු වතුර ටිකකුත් බීලා පැනඩෝල් පෙත්තකුත් ගහලා ඇදට වැටුනේ මේ වේලාවේ හිතට ඕන හොද නින්දක් විතරක් නිසා.

...

'සුදුමහත්තයා....නැගිටින්න ළමයෝ..'

'අ....අ..ම්..මා'

'දරුවෝ....මොකද මේ ?ඇගත් රස්නෙයි හොදටම..මේන් යාලුවෙක් ඇවිදින්..'

'කවුද...? අම්මා වේලාව කීයද?'

'එකොළහ හමාරයි..කාලාවත් නෑනේද තාම..කෝ නැගිටින්න.'

'කවුද අම්මා ආවේ?'

'ඉන්න මන් බත් එක ගේන්න..නොකා නොබී ඉදියම හරියයි.'

'අම්මා..! කවුද ආවේ?'

'සුදු මහත්තයෝ කාලා නිදාගන්න.සීයාට අමාරුයි නේ මම ආපහු යනවා..ඔය විදිහට හෙට ඉස්කොලේ යන්න එපා.යනවා නම් ලොකු අක්කට කෝල් කරන්න එයා බත් එකක් ගෙනත් දෙවී හරිද?'

මන් ඇහැරුනේ සුදුඅම්මගේ කටහඩට.දැන් පාන්දරද?.ඉස්කොලේ යන්නත් ඕනනෙ!.ඒත් ඇස් ඇරියම සුදුඅම්මා හිටියේ එයා වෙනදට කඩේ යන්න අදින ඇදුමක් ඇදගෙන.එ කියන්නෙ දැන් පාන්දර නෙමෙයිද? වේලාව ඇහුවම කිව්වා 11:30යිලු.නින්ද ගියපු පාර හොද නින්දක් ගිහින් වගේ.ඒත් කවුද මේ ආවායි කියන යාලුවා? අනික කොච්චර ඇහුවත් කියන්නේ නැහැනේ? සුදුඅම්මගෙන් ප්‍රතිචාරයක් නැති තැන මට සද්දෙන් කෑගැහුනා.හවස උනු ඒවගේ තරහ මට තාම තියෙනවා!

ඔලුව පැලෙන්න වගෙ රිදෙද්දි මන් කොහොමද සුදුඅම්මේ හෙට ඉස්කොලෙ තියා ඇදෙන්වත් නැගිටින්නේ? බඩගිනිත් නෑ මට.මැරෙන්න වගේ නිදාගන්න පුලුවන් නම් ඒ හොදටෝම ඇති.හීන ලෝකෙ මන් සතුටින්.මගේ ෆැන්ටැසිය ඇතුලේ මන් සතුටින්! සුදුඅම්මා කාමරෙන් එළියට ගියපු ගමන් මන් ආපහු බ්ලැන්කට් එක පොරවගත්තා.සෑහෙන්න දාඩියයි.ෆෑන් එකවත් දාන්න පුලුවන් නම්..

ආද්විනු දිව්‍යදර Pov'

කවදාවත් නැතුව අද ආරෝ අම්මත් වාහනේ හිටියා.වෙනදට ඩ්‍රයිවර් අන්කල් වුනු ඇලෙක්ස් අන්කල් & මන් විතරක් ඉන්න වාහනේ බැක්සීට් එකෙ ආරෝ අම්මත් ඉන්නවා දැකලා ඇත්තටම මට ටිකක් කේන්ති ගියා.ආරු දැක්කා නම් ආරෝ අම්මා ඉන්නවා,ඒ ළමයට මොන තරම් දුක හිතෙයි ද?

'ඔහ් පුතා.How was ur day?'

'Nice!'

'ම්ම්..ඩැඩාත් නැති එකෙ අපි අද කැෆේ එකක් පැත්තේ යමුද? ඔයාව බලන්නවත් වේලාවක් හම්බුනේ නෑනේ ළමයෝ.'

'ඔයා කැමති තැනකට යන්න..'

'ඇයි ළමයෝ මෙච්චර මුරණ්ඩු..?'

'හේතු පිට හේතු දැන දැනත් අහන්න ඔයාට ලැජ්ජා නැද්ද..දන්නවද මට ඔයාව මගේ තාත්තාගේ Second Wife විතරමයි! ඔයා මගේ අම්මා නෙමෙයි..'

'ළමයෝ...'

'තමන්ගේ දරුවව එපා කියපු ඔයා මට ආදරේ කරන්නෙ කොහොමද?'

එතනින් එහා මන්වත්,ආරෝ අම්මවත් වචනයක් කිව්වේ නැහැ.හැබැයි ආරෝ අම්මා ඇලෙක්ස් අන්කල්ට කැෆේ එකක් ලගින් නවත්තන්න කිව්වම මමත් බැස්සේ මගේ අතේ තියෙන සල්ලි වලින් මොනාහරි ගන්න කියලා හිතාගෙන.ආරෝ අම්මගේ සල්ලි වලින් මට තඹ සතයක් එපා!
ඒ ආරු එනවයි කිව්ව කැෆේ එක.දැන් නම් එයා නැතුවැති.

එහෙම හිතාගෙන ඇතුළට ගියාට තිශේන්ලා එක්ක එක මේසේ ඉදගෙන හිටපු ආරු එකපාරටම ආරෝ අම්මා දිහා බලලා මන් දිහා බලද්දි මන් මොනා කියන්නද? මට ඕන නෑ මමයි ආරෝ අම්මයි එකට ඉන්නවා ආරුට පෙන්වන්න.එතනින් පස්සේ මොනා උනාද කියලා මට සිහියක් නැහැ.ආරෝ අම්මාත් ලැජ්ජා නැතුව ආරු දිහා බලන් හිටියා.ඒ ළමයා ඇස් දෙකෙ කදුලු පුරවගෙන එළියට යනකොට මන් මොනා කරන්නද? එතනින් යන්න ඕන උනත් ආරෝ අම්මා මගේ අත තද කරලා අල්ලගත්තේ මට යන්න දෙන්නේ නෑ කියලා නොකියා කියලා.

හවස ගෙදර ආවාම ආරෝ අම්මා මාත් එක්ක කතා කරන්න මාර උත්සාහයක් ගත්තා.බැරිම තැන බනින්න පුලුවන් හොද විදිහකට බැනලා මම මගේ කාමරය ඇතුළට ගිහින් දොර ලොක් කරා.ආරු මේ වේලාවේ මොනා කරනවා ඇතිද?
එයාට මැසෙජ් එකක් දැම්මට ඔන්ලයින් හිටියේ නැහැ.කෝල්ස් ආන්ස්වර් කරන්නේ නැහැ ෆෝන් ඔෆ් ලු.එළියේ හොදටම වහිනවාත් එක්ක.වැස්සට කවදාවත් අකුණු ගහනවා කියලවත් ආරු ෆෝන් ඔෆ් කරන්නේ නැහැ.හිනීයට බයක් නොදැනුනා නෙමෙයි,ඒත් හොදින් ඉන්නවා ඇති කියලා හිතුනු නිසා මම වැඩිය හිතන්න ගියේ නැහැ.රෑ නවය හමාරයි.වෙනදට මම මේ වේලාවට ඉන්නේ ආරුගේ ගෙදර ඉස්සරහ ලයිට් කණුව යට.

දැන් නම් වැස්සත් නැවතිලා.ආපහු කෝල් කරාට තාමාත් ෆෝන් ඔෆ්.දැන් නම් මට බයක් නැත්තේ නැහැ.හවස උනු දේත් එක්ක ආරු ඇත්තේ හිතේ අවුලෙන්.මොන ලබ්බ උනත් කමක් නෑ කියලා හිතහදාගෙන පහළ ටිවී බලන ආරෝ අම්මටත් හොදට රවලා මන් ගෙදරින් එළියට බැස්සේ රෑ වෙලා කොහෙද යන්නේ කියලා ආරෝ අම්මා දොරකඩ ළග ඉදන් කෑගහද්දි.වෙනදට මන් කොහෙද යන්නේ කියලා බලන්නත් එයා හිටියේ නැහැනේ!

ආරුගේ ගෙදරට ළගට ගියහම තමයි දැක්කේ වෙනදා නැති මූසල කළුවරක් මුළු ගෙදරම වහගෙන කියලා.දහයටත් ලන් වෙලා ගෙදර ලයිට්ස් එකක්වත් ඔන් නැත්තේ එක්කෝ ලයිට්ස් ඔන් කරන්න අමතක වෙලා නිදිද නැත්තන් ගෙදර නැතිද? තවත් විනාඩි විස්සක් විතර මන් එතන ඉන්න ඇති.මගේ හිත නම් කිව්වෙම ආරු ගෙදර ඉන්නවා කියලා.ගේට් එක ඉස්සරහින් නවත්තපු KDH එක දැකලයි මගේ හිතේ බය තවත් වැඩි උනේ..

'සුදුඅම්මා..'

බඩු මල්ලකුත් උස්සගෙන වාහනෙන් බැහැපු සුදුඅම්මා දිහාවට මන් දුවගෙන ගියේ ඇයි කියලා මට හිතාගන්නත් අමාරුයි.මන් එයාව දකින්නේ මාස කීයකට පස්සෙද? එදා මන් හොස්පිට්ල් ඉද්දි සුදුඅම්මා ඇතුළට එද්දි මට ආරු එක්ක රන්ඩු වුනු දුකටයි තරහටයි කාත් එක්කවත් කතා නොකර හිටියානේ.සුදුඅම්මා එන්නේ දැන් කියන්නේ ආරු ඉන්නේ ගෙදර තමා.මගේ හිත හරි.ඒත් මේ ළමයා ලයිට්ස්,ෆෝන් ඔෆ් කරන් බම්බුවද කරන්නේ?

'අනේ දරුවෝ..මේ වේලාවෙ කොහෙද මෙහෙ?..දැන් කොහොමද පුතේ අත එහෙම?'

'ලොකුවට රිදෙන්නේ නෑ සුදුඅම්මේ..ටිකයි..'

'අනේ එහෙම තියාගෙනද මේ දඩුමොණරේ පදින්නේ?..'

'එන්නේ නැතුව ඉදලා බැරි ගමනක් ආවේ සුදුඅම්මේ...'

'අතට මොනාහරි උනොත් තේරෙයි..'

'අතට වඩා වටිනවා මට එයාව..'

මන් බිම බලන් කියද්දි සුදුඅම්මා මගේ ඔලුව අතගෑවා.ආරු මේ තරම් සුදුඅම්මට ආදරේ ඇයි කියලා දැන් තේරෙනවා ඇති.එයා තනිකර නිදහසක්.පැය ගාණක් වුනත් කියවන්න පුලුවන් කෙනෙක්.ආරුගේ හිත නිවන තැන තමා එයාගේ සුදුඅම්මා.ඕනම තුවාලෙකට බෙහෙත් දාන කෙනෙක්.පෞද්ගලිකව මමත් සෑහෙන්න ආදරේ කරන චරිතයක්.ඇත්තටම කැපකිරීම් දෙනෝදාහක් කරපු මනුස්සයෙක්! මන් ආදරේ කරන,මගේ මුළු ජිවීතේම උනු කොල්ලගේ හුස්ම පොද ගැටගහන්න එයාගේ ජිවීතේම පැත්තකට කරපු මනුස්සයෙක්!.

'එන්නකෝ ඇතුළට යන්න..සුදුමහත්තයට නින්ද ගිහින්ද මන්දා ලයිට්ස් ඔන් කරලා නැත්තේ..?'

'එයාගේ ෆෝන් එකත් ඔෆ් සුදුඅම්මේ..'

'අනේ ඒක තමයි මේ අපේ සුදුපුතා අත පැත්‍තකින් තියාගෙන මෙහෙ ඇවිත් තියෙන්නේ..'

'සුදුඅම්මේ..'

'මේ ටිකේම මෙහෙ එක්කෙනා ඉන්නෙත් හිත නරක් කරගෙන..සැරින් සැරේ අසනීප වෙනවා.'

'එයා මුරණ්ඩුයි හොදටෝම..සුදුඅම්මා මේ කොහෙ ගිහින් එනගමන්ද?'.

'සීයාට අසනීප වෙලා පුතේ..එයාව බලලා එන්න ගියා.ආයේ යන්න වෙවී වගේ.අපේ චුටී කෙල්ලටත් අසනීප වෙලා..'

'ඒ කියන්නේ ආරුට තනියමද ඉන්න වෙන්නේ?.'

'ඔව් පුතේ..එන්න කිව්වට එන්නෙත් නැහැ...බලන්න ඕන මොනාහරි කරන්න..'

මම මේ ටිකේ හිටියා වගේ තමා තව ටික දවසකට ආරුට ඉන්න වෙන්නෙත්.එයා මන් වගේ නෙමෙයි.අඩුම යාලුවෙක්ගෙ ගෙදරවත් යන්නේ නැහැ.සුදුඅම්මා එහෙමම ආරුගේ කාමරේ පැත්‍තට ගියා.එයා නිදි ඇති.මට මන් ගැනම මහ කලකිරීමක් ආවා.මොකුත්ම කරගන්න බෑ වගේ හැගීමක්.මට කියලා කරන්න කිසිම දෙයක් ඉතුරුවෙලා නැහැ.ඉතින් මන් මොනා කියලා කරන්නද? ඒත් තවමත් මොනා හරි ඉතුරු වෙලා තියෙනවා කියලා මගේ හිත කියනවා.

ටික වේලාවකින් සුදුඅම්මා ආයෙ ආවා..

'සුදුමහත්තයට නින්ද ගිහින් පුතේ..මට ආයේ යන්න වෙනවා.පුතා කාලාද ආවේ නැත්තන් දෙන්නටම බෙදලා තියලා යන්නද?..'

'එපා අම්මා..මන් කාලා ආවේ.'

සුදුඅම්මා පිටිපස්සෙන් මමත් කුස්සියට ගියා.එයා ආරුට බත් එක බෙදනවා.කයිද දන්නෙත් නැහැ බත් කන්න හරි හොරයි නේ.

'ම්ම්..දැන්ම යනවද පුතේ?'

'මන් නොගිහින් හිටියට කමක් නැද්ද?'

'ආරු ළග ඉන්නද කියලද අහන්නෙ?'

'ඔව්...'

'ඕක මගෙන් අහන්න දෙයක් නෙමෙයි පුතේ..අපේ කොල්ලගේ හිතේ තියෙන ඒවා දන්නේ එයාමයි.මම හිතනවා ඔය දෙන්නගේ ඔය චුටි චුටී ප්‍රශ්න ටික දෙන්නා විසදගනිවී කියලා..'

'ස්තූතියි සුදුඅම්මේ..'

'මමයි ස්තූති කරන්න ඕන..ආරෝ හැමවෙලෙම රිද්දුව අපෙ කොල්ලව ආරෝගෙම පුතෙක් වෙලත් ඔයා හරි ලස්සනට බලාගත්තා...මොනාම හරි දෙයක් වෙලා ආර්යන් ඔයාගෙන් ඈත් උනාට එ හිතේ ඉන්නෙත් ඔයාම තමා..මගේ අත්වල හැදුනු,මන් පස්සෙම හිටපු මගෙ කුසින් නොවැදුවට මගෙම ළමෙක් වුනු ආර්යන් ට එයාගේ සුදුඅම්මට බොරු කරන්න තව ඉගෙනගන්න වෙනවා කියලා තේරෙන්නේ නැහැ..'

'මට තේරෙන්නේ නෑ අම්මේ..හැමදේම හොදින් වෙයි කියලා බලන් ඉන්නවා..'

'අපි කවුරුත් බලන් ඉන්නේ කැලැන්ඩරේ ලියවිලා නැති 'හොද දවස' එනකම් තමා පුතේ..මන් ගිහින් එන්නම් පුතේ..දෙන්නා පරිස්සමින් ඉන්න හරිද?.'

'හරි අම්මා..'

මන් සුදුඅම්මටත් දණගහලා වැදලා එයා යනකම් ගේට් එක ළගටම ගිහින් එයා ගියාට පස්සේ මගේ බයික් එක අරන් ඇවිත් වැරැන්ඩාවට දැම්මා.ගේට් එකයි ඉස්සරහ දොරයි දෙකම ලොක් කරලා සුදුඅම්මා බෙදපු බත් එකත් අරගෙන ගිහින් ආරුගේ කාමරේ මෙසේ උඩින් තිබ්බේ බ්ලැන්කට් එක පොරවන් ඉන්න ආරු දිහා ඇස් කොණෙන් බලන ගමන්.නිකමට මට හිතුනු නිසා ෆෑන් එක දැම්මා.

ආර්යන් මිතාශ්ම Pov'

හුළං සද්දේ එද්දි තමයි මන් බ්ලැන්කට් එකෙන් ඔළුව ඉස්සුවේ.මේ වේලවේ කොහෙත්ම බලාපොරොත්තු නොවුනු චරිතයක් මගේ ඇස් ඉස්සරහ ඉද්දි මම ගැස්සුනේ නෑ කිව්වොත් වැරදි..ආද්විනු..එයා මොනාද මේ වේලාවේ මෙහෙ කරන්නේ?

'ඇයි මෙහෙ..'

'ම්ම්..'

එයා මට එහාපැත්තෙන් ඉදගෙන මගේ නළලට අත තිබ්බේ නළලේ තිබුනු කොණ්ඩ කෑලි අහකට කරන ගමන්.එයාගේ බැන්ඩේජ් කරපු දකුණු අතේ ඇගිලි මගේ අතක් එක්ක පැටලෙද්දි ඒ අළු ඇස් වල මාව විනිවද යන බැල්ම මගේ ඇස් එක්ක පැටලිලා තිබුනා.මේ වේලාව මෙතන නතර වෙනවා නම්.එහෙම වෙනවා නම් මන් හැමදාම මෙහෙමම ජීවත් වෙනවා ආද්විනු..

'මන් ආවේ දෙයක් කියලා යන්න ආරු..'

'මොකද්ද?..'

'අදටත් මම ආදරේ විශ්වාස කරනවා නම් ඒකට හේතුව ඔයා..ඉතින් ආරු ඔය හිනාව හැමදාටම පරිස්සම් කරගන්න.මට ජීවත් වෙන්න ආසාවක් ගෙනල්ලා දුන්නේ ඔයා..මගේ කතාවේ හිස්‍තැන් තිබුනාවේ කමක් නැහැ.හැබැයි ඔයාගේ කතාව සම්පූර්ණයෙන් ලියවෙන්න ඕන..'

'ආදරේ කරද්දි හිමිවීම කියන්නේ වචනයක් විතරයි කියලා මට තේරුම් කරාටත් ස්තූතියි ආදී..! '

-Chapter 8 End-

ඕතර්'ස් ටයිම්.

අයිම් බැක්! මාසෙකට විතර පස්සෙ.කොහොමද ඉතින් ඇපල් මල්.

මන් කවර් එක වෙනස් කරා මේකේ හොදේ..
මන් හොදින් ඉන්නවා කියලා හිතනවා මන් හිතනවා..මේ ටිකේ බිසී අනෙහ්..

පුලුවන් වෙලෙක අප්ඩේට්ස් දෙන්නම් හරිද?
සෑඩ් එන්ඩින් නෙමෙයි හොදේ..

බායි බායි...ආයෙ ළගදීම එනවා අනෙ..!

Continue Reading

You'll Also Like

8.3K 852 85
" දන්නවද අභී..! එයා හරියට වැස්සක් වගේ...!" " වැස්සක් !?...'' '' ඔව් වැස්සක්...එයාගෙ ආදරෙත් හරියට වැස්සක් වගේ...කාලයක් මාව ඒ වැස්සෙන් තෙම්මලා....එයා ය...
43.7K 5.9K 52
"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින්න දඟලන ඇටි කිච්චන්ව පේන්න බෑ. ඒ නිසා මට...
79.8K 1.1K 7
နိုရာနဲ့ပထွေးဖြစ်သူတို့ဘယ်လိုမျိုးဇာက်လမ်းဖြစ်ကြမလဲ 21+ရိုင်းပါတယ်နော် ကလေးများမဖတ်ပါနဲ့
33.9K 527 51
What the title said. You are a Worker Drone BTW Slow Updates because My motivation is dying.