අළු පරෙවි 🖤

sakunwirajEddirimann

305 39 8

අපෙ හැගීම්, කත කරන දෙවල් එයලට තෙරෙනවා වගේම, එයලගෙ හැඟීම්, අපිට තෙරුම් ගන්න පුළුවන් වුනා නම්.... මේ වගෙ අය ගො... Еще

කෙටි කතාවකි..

305 39 8
sakunwirajEddirimann

#අළු_පරෙවි  🖤

___________________________________________

දවසක් අම්මයි තාත්තයි දෙන්නම හිටියේ නෑ ගෙදර.. මායි අයියයි විතරයි ගෙදර ඉඳියේ..

"ඉස්සර වගේ නෑ.. දැන් කෑමත් හිඟයි, නේ නෝනේ.."

"ම්.. ඔව්, අහන් ලොකූ පුතේ.. මල්ලිව බලා ගනින්.. අපි එද්දි ටිකක් හවස් වෙයි.."

මේ කාලේ කෑම හිඟයි.. ඒක අපි දෙන්නට හොදටම දැනුනා. වෙනදා ගේන රස කෑම අම්මා ගෙනාවෙත් නෑ තාත්තා ගෙනාවෙත් නෑ.. පරිප්පු ඇට, මම ආසම ඒවට..
එදා තමයි මට මෙහෙම උනේ.. අයියයි මායි වැස්සෙ තෙමෙන්න ගියේ හිටපු ගමන් වැස්ස නිසා..ඉරත් පායලා, යාන්තමට එදා ඒත් වැස්සා..

"අව්වයි - වැස්සයි
                  නරියගෙ - මගුලයි.."

අපි වැස්සෙ පොඩ්ඩක් තෙමුනේ කාලෙකින් වැස්ස නිසා.. හිතුවෙවත් නැති වෙලාවක කරදරයක් උනා.. අයියා නොහිටින්න අද මම නෑ මේ ලොකේ.. මගෙ කකුලක් කැඩුනේ එදයින් පස්සෙ.. අම්මායි තාත්තයි ගොඩාක් දුක් උනා.. තාත්තා උදේ හවස වෙනදට වඩා ගෙදර ආවා. ඒ ආවේ බෙහෙත් අරන්. මගෙ කකුල සනීප උනේ ඒ හින්දමයි.. ඒත් මම තාමත් කොර ගහනවා..

මම එන්න එන්නම ලොකු උනේ කකුලේ කොරෙත් එක්ක..
හැමෝම මට විහිළු කලා. මට විහිළු නොකරපු අය උනේ අයියයි අම්මයි තාත්තයි විතරමයි.. ස්කොලේ යද්දි මට හැමෝම කිව්වෙ නොන්ඩියා කියලා.. සෑහෙන්න දුක හිතුනේ මම බැරිමර ගාතෙ අවිදින කාලෙ මගෙ කකුල් ලස්සනට තිබුන නිසා.. උපන්ගේ නැති අඩුවක් ගැන හැමෝම විහිළු කරද්දි මම ඇඬුවා.. ඉස්කොලෙදි අයියා ඒ වගේ උන්ට අම්බානෙකට නෙලලත් තියනවා..

ඒ වගේ රණ්ඩු උන දවසක්දා තමයි අයියට ස්කොලේ තහනමක් වැටුනේ. එදයින් පස්සෙ අයියා ස්කොලේ ආවේ නැ. මටත් ගොඩක් අය විහිළු කලේ නැ. මගෙ ලොකේ විරොයො දෙන්නයි.. ඒ තාත්තයි අයියයි..
අයියා නම් ලඟකදි ඉඳන් පටලැවිල්ලක් කරගෙන තිබුනා අක්ක කෙනෙක් එක්ක.. අයියා ගෙදරින් ගියේ අම්මටයි තාත්තටයි කියලා.. ඒ උනත් ඌ නැති ගෙදර පාළුවට ගිහින්..

ඔන්න ආයෙ අපේ අම්මා ප්‍රෙග්නට් උනේ ඊට පස්සෙ.. තාත්තයි අම්මයි වෙනම තැනක පදිංචියට ගිහින් තිබුනා.. අපි ඉඳපු ගේ මගෙ නමටම ලියලා තිබුනා අම්මා.. හරිනම් මම, මටම කියලා ගෙයක් හදාගන්න ඕනේ වයස මේ..

මට තාමත් තනියම හොයාගෙන කන්න බොන්න බෑ.. මම නෙවෙයි අම්මයි තාත්තයි හිතුවෙ එහෙමයි.. මාව ගෙදරම නවත්තන්නයි අම්මටයි තාත්තටයි උවමනාව.. අම්මා නම් අලුත් ගෙදර මාතෘ සුව විදිනවාලු. තාත්තගෙන් ඇහුවම කිව්වෙ එහෙම.. තාත්තා පරිප්පු ගෙනල්ලා තිබුනා. මම ලොකු උනත් තාත්තට තාම මගේ ආස කෑම මතකයි... මම ගියා තාත්තා ගාවට..

"පරිප්පු කොහෙන්ද..?"

"කඩේකින්.."

"හොරාටද ගෙනාවේ.."

"නෑ බිම වැටිලා තිබ්බ ටිකක්.."

"ඇයි මේ එහෙනම් තුවාල..."

"එද්දි යකඩෙක පැටළුනා.."

"තාත්තා බොරු කියන්නේ.."

"කන්න.. කලා නිදාගන්න.. මම යන්නම්.."

"මල්ලිලා හම්බුනාද අම්මට..?"

"තාම නෑ.."

"හම්බුනාම කියන්න මම එන්නම්.."

"අම්ම නම් කැමති නංගි කෙනෙකුටලු.."

"ම්... නංගි කෙනෙකුත් හොදයි.. ගෙට එලිය වැටෙයි මේ ගෙදරට වඩා.."

"උඹ තමා අපේ ගෙදර එලිය..."

"ඒ තාත්තටයි, අම්මටයි, අයියටයි විතරයි.. අනිත් හැමෝටම මාව නොන්ඩියෙක්.."

"පන්ඩිතකම් වැඩක් නෑනේ.. මම කිපදෙනෙක්ගෙන් ඇහුවා.. උඹ දැන් දීගයන වයසෙ චූටී ඉන්නේ.."

ඔව් මම දීග යන වයසෙ තමයි. ඒත් මට දීග යන්න බෑ.. ඒ ගැන හිතද්දිත් හිතට බයක් විතරයි දැනෙන්නේ.. සනුහරේම නොනාටාපු ආඩපාලියක් තමයි මම නටන්නේ.. ඒ ගෝමර අයියා එක්ක...

ගෝමර කියන්නේ අපේ පැත්තෙම හිටපු ලස්සනම පිරිමියා කිව්වොත් හරි..මම දන්නෑ දවසක් මම හෙමින් හෙමින් ගියේ වෙනදා නාන කාණුවට..
මම දැක්ක ගෝමර අයියා අලුත බැඳපු අක්කත් එක්ක නාන්න ඇවිත්..

මේ උදේ පාන්දර මොකෝ මුන් දෙන්නා, මී හරක් මස් කාලද නාන්නේ.. මම එතන තිබ්බ ගලකට හේත්තු වෙලා උන් දෙන්න නාලා එනකම් බලාගෙන හිටියා..

"අහ් චූටි නාන්නද..?"

"ම්...ඔව් අයියේ.."

"හ්ම්..නා ගන්න අපි නාලා ඉවරයි.."

එදා තමයි මම ගෝමර අයියව ලඟින්ම දැක්කේ.. නාලා තෙතට තෙතේ යද්දි ඒ පිරිමියා ලස්සනයි කියලා දැනුනේ ඇයි.. මම අයියට හොරා අක්ක දිහා බැලුවේ එහෙම ලස්සනක් මට අක්කගෙත් පේනවද කියලා.. නෑ.. මට අක්ක වතුර බේරි බේරි හිටියත් ලස්සනක් පෙනුනෙ නෑ.. අයියගෙ තෙත බෙල්ලට උදේම ඉර එළිය වැටිලා දිළිසෙද්දි ඇත්තටම ඒ දිහා මම බලාගෙන ඉන්නවා වරුවක් අක්ක නොහිටින්න..

මට අයියව ආපහු හම්බුනේ මාස දෙකකට අස්සෙ..
ඒ දං ගහට ගියපු වෙලාවක.. අයියා දං කඩ කඩ හිටියේ. ඒ අක්කට වෙන්න ඇති. අයියගේ ඇඟේ තිබ්බ පිරිපුන් ගතිය මම ඈත ඉදන් බලාගෙන ඉඳලා ඉඳලා බැරිම තැනයි දං ගහට ආවේ..

"අහ් තනියමද අද.."

"අහ් චූටි.. ඔව් බං.. අක්කා ගෙදර.."

"අක්කා අසනීපෙන්ද..?"

සාමන්‍යයෙන් දං කන්නේ ඇගේ ලේ අඩු උනාම.. ඇඟට හයිය එන්න.. තව බබාලා හම්බුන අයටත් හොදයිලු.. තුවල එහෙමත් හොද වෙනවා කියලයි හැමෝම කියන්නේ..

"ඔව්, කොල්ලෙකුයි කෙල්ලෙකුයි ආවනේ අලුතින් ගෙදරට.."

"අනේ එහෙමද?.. එහෙනම් ගෝමර අයියා දැන් තාත්තා කෙනෙක්.."

එහෙම කියද්දිත් අයියගේ මූණේ ආඩම්බර කමක් පෙනුනා.. ඇත්තටම ඒ පෙනුම අයියට ලස්සනයි. මම අයියා දිහාම බලාගෙන හිටියා.. අයියා එක දෙක දං කන ගමන් ඊට වඩා දං එකතු කරනවා..

"චූටි, ඒ... මොකෝ බං කතා නැත්තේ.."

"අහ් නෑ.. අයියෙ. තාත්තා කෙනෙක් උනාම වගකීම් වැඩී නේද.. ? ඒ ගැන මම කපනා කලේ  "

"හ්ම් එහෙම තාමා පිරිමි උනාම.. චූටි අහ් කාපං.."

අයියා මට දං ගෙඩි දෙකක් දික්කලා.. මම ඒක ගත්තේ හීන ලෝකෙන් කලබලෙන් අවදි වෙලා වචන අහුලන ගමන්.. මම බලන් ඉන්නවා අයියා දැක්කද දන්නෑ.. අයියා දං ටිකත් අරන් ගියේ පරක්කු වෙනවා කියලා. අයියගෙ මූණත් අමුතුයි.. හිතට දැනුනේ බයක්. මම බලන් ඉදපු නිසාද අයියා එකපාරම යන්න ගියේ.

මට දං කන්න හිතක් තිබ්බෙ නෑ. මම අයියා දුන්න දං ගෙඩි දෙකත් අරන් එන්න ආවා. දවල්ට කෑවෙ එච්චරයි. කන්න පිරියක් නෑ, හිතට දැනුනෙම දං ගහේදි ගෝමර අයියා අමුතු විදිහට මං දිහා බලලා ගිය එක.. මම බලාගෙනත් හිටියේ අයියගෙ මූණ දිහා නෙවෙයි.. කැත හිතක් නෙවෙයි.. මට බලන්න හිතුනා ඒ දිහා.. මම බලන් හිටියේ අක්කට අයිති අයියගේ ඇඟේ එක තැනක් දිහා.. මට මාවම එපා වෙන සීන් එකක් දැනුනා ඒක මතක් වෙද්දි. මම හවස්වෙලා මූණ කට හෝදගෙන ආවේ ගේ ගාව පොඩි කාණුවෙන්.. රෑට හරි මොනා හරි කන්න හදාගන්නයි හිතුවේ.. ගේ ගාව කවුද ඉන්නවා දැක්කේ මම මූණ හෝඳන් එද්දියි..

"අහ්.. අයියා.. මම බැලුවා කවුද කියලා.."

"ලඟකට ආවා ගමන්.."

"අහ් එහෙමද.. දැන් ඇවිදින එක එහෙම වැඩී නේද, තාත්තා කෙනෙක්නේ.."

"හ්ම්ම් ඒ වගේම තමා අනිත් පැත්තත්.."

"අනිත් පැත්ත කිව්වෙ...?"

"අනිත් පැත්ත කිව්වෙ මේ පැත්ත.."

මම උඩ ගියේ අයියා මං ගාවට ඇවිත් කරපු දේට.. මම බැලුවේ වටපිට. හවස් ජාමේ නිසා හැමෝම එලියට බහින වෙලාව නිසා.. අයියා මගෙ ඇඟෙන් අල්ලදි අවුලක් නෑ.. අල්ලලා අතගාපු තැනයි අවුල..

"කවුරුවත් එන්නෑ.."

"පිස්සුද අයියේ.."

"අනේ බං.."

"කෝ අතාරින්න.."

"බොරුවට දඟලන්නෙපා. මම දැක්කා දවස් කීපයක්ම මං දිහා බලං ඉන්නවා.."

මට තරු පෙව්නා.. දෙයියනේ මොනාද මේ කියන්නේ. මම බිම බලාගෙන ඉදලා බැලුවේ අයියගෙ ඇස් දිහා. ඒවා  දිළිසෙනවා. අයියා තව ටිකක ලඟට ආවේ මම ඇඳි ඇඳී පස්සට ගිහින් තිබුන නිසා. අයියා එහෙම්ම මාව ගේ ඇතුලට තල්ලුකරන් ගියා..

"දැන් තාත්තා ඒවි අයියේ.."

"තාත්තා අද එන්නෑ.. තාත්තා පරිප්පු ටිකක් දුන්න අන්න.. මට ගිහින් දෙන්න කියලා.."

"තාත්තා.. ඔයාට හබුනාද..?"

"හ්ම්.. ඔව්.. කො ඒව වැඩක් නෑ.. කැමතිද..?"

අයියා අන්තිම ටික කිව්වෙ මගේ මූණට එබිලා.. මගෙන් උත්තරයක් බලාපොරොත්තු උනා වගේ.. ඒත් මට උත්තරයක් දෙන්න තෙරෙන්නෙ නෑ මම බිම බලා ගත්තා..

"අහ් බං.. කියපංකො, කැමතිද නැද්ද..?"

"ම්.. මොකටද..?"

"අක්කටත් බෑ බං තුවලා සනීප නෑ තාම.."

ඒ ඇස් වල තිබ්බේ මං ගැන ආසාවක් විතරයි.. මම බෑ කිව්වෙ ඒ ඇස් දකිද්දියි. ඒ වගේම මට දුකක් දැනුනා.. මම ආසම ඇස් දෙකක් තමයි ගෝමර අයියට තිබ්බේ ඒත්.. ඒ ඇස් මං දිහා ඒ විදිහට බලනවට මම කැමති උනේ නෑ.. මම අයියව එලියට තල්ලු කලා..

"ඇයි උඹට බැරිද බං.."

"ඔයාට තියෙන්නෙ ආසාව විතරයි.."

"මට උඹ ගාව නවතින්නද කියන්නේ.."

"මම එහෙම කිව්වෙ නෑ.."

"එහෙනම් ප**ටද මං දිහා බලන්නේ.."

"හරි මං ආයෙ බලන්නේ නෑ.."

අයියා මං දිහා බලන් ඉන්න ඇති. මම පාඩුවේ කෑම ටික ලෑස්ති කලා. මම ටිකකින් බලද්දි අයියා ගිහින්. මම එලියට ඇවිත් බැලුවා.. පරිප්පු ඇට ටිකක් ඉස්සරහා ගහේ එල්ලලා ගිහින් තිබුනා.. මට දැනෙනේ පලුවක්.. මට එදා කෑම හැදුවට කෑවේ අයියා ගෙනත් දුන්න පරිප්පු ඇට ටික විතරයි..

හැමදාම අයියා හවසට අපේ ගෙදර එන එක පුරුද්දක් වෙලා තිබුනා.. තාත්තත් දැන් ඉස්සර වගේ ආවෙ නෑ. තාත්තටත් අසනීපයි දැන්.. මට ඒ නිසා ඉස්සර වගේ
තාත්තව දකින්න ලැබුනේ නෑ. මාස තුන හතකරක උඩදි අම්ම ඇවිත් ගියා..
එච්චරමයි අද වෙනකම්...

"චූටි.. මම එන්නද..?"

මහ රෑ දවසක් අයියා ගෙදර ආවා.. මම නිදගෙන හිටියේ. මම කලබලෙන් ඇහැරිලා අයියට ගේ ඇතුලට එන්න දුන්නා..
ඔලුව සෙරම අවුල් වෙලා පිස්සෙක් වගේ.. අයියා ඇවිත් තියෙන්නේ අක්ක එක්ක රණ්ඩු වෙලා වෙන්න ඇති..

"ඇයි රණ්ඩු උනාද.."

"අරකි වෙන එකෙක් එක්ක බුදි මම යද්දි.."

"මොකක්.. සුද්දි අක්කා.."

"කෙ**වලා ආවේ ඔක්කොටම.."

"අයියේ.. රණ්ඩු උනාද..?"

"නැතුව මට ඒවා බලන් ඉන්නද කියන්නේ.."

"ඔයා උනත් හරි මිනිහෙක්ද..?"

"මොකද්ද මගෙ වරද.."

"තමුසෙ මෙහේ යන එන එක අක්ක දන්නවා.."

"මොකක්.."

"ඔව්.."

දවසක් අක්ක ඇවිත් මට කෑ ගහලා ගියපු සේරම මම අයියට කිව්ව..

"ගෑනියෙක් ගෙනත් දාගනින්කෝ පිරිමි ගේ අස්සෙ දා ගන්නේ.."

"අනේ අක්කේ කෑ ගහන්නෙපා.."

"කෑ ගහන්නෙපා.. අහල ගම් හතම දැනගත්තාවේ මේවා.. ලැජ්ජ නැති කමනේ.. උබේ අම්මත් ඔහොම වෙන්න ඇති... අනුන්ගෙ මිනිස්සු ගේ පල්ලේ දා ගන්නේ.."

සුද්දි අක්කා කියපු සෙරම මම අයියට කියද්දි අයියා අහගෙන හිටියා..

"ඇයි උඹ කිව්වෙ නැත්තේ.."

"බය හිතුනා.."

"මොකටද..?"

"ඔයා නෑවිත් ඉදී කියලා.."

"මම එහෙම කරන්නෑ බං.. මම උඹට ආදරෙයි.."

ඔව්.. අපි අපේ උනේ අයියගේ බල කිරීමට.. මට එයාව ඕන උනාටත් වඩා එයාට මාව දවසින් දවස ඕනේ උනා.. මම බෑ කියද්දි මුලදි රන්ඩු වෙලා ගෙදරින් යන එකා.. පස්සෙ පස්සෙ නොයාම ඉන්න ගත්තා. දවසක් මම බෑ, යන්න කියද්දි.. අයියා ගියේ නෑ..

"උඹට බෑද.."

"අයියේ.. තෙරුම් ගන්නකො.. ඔයාට අක්ක ඉන්නවා.. යන්න ගෙදර.."

"මට උඹත් ඕනේ.."

අයියා එහෙම්ම මගේ ගාවට පැනගෙන ආවා. මට හෙල්ලෙන්නවත් බැරි උනා. එයා මගේ පිට උඩට ආවා.. මම පාත් උනේ එයාගෙ බරට.. කකුල අමාරු දැනුනත් එයා වෙනුවෙන් මම ඒ අමාරුව ඉවසුවා.. එයාගෙ රහස් ප්‍රදේශයේ තිබ්බ පිහාටු බලෙන්ම මගේ පෙඳේට යටින් ඇතිල්ලෙද්දි දැනුනේ කවදාවත් නැති නැවුම් ආස්වාදයක්..
මම ඇස් පියා ගත්තා.. අයියා එයාගෙ ලොකු පිහාටු දෙක ඇතුලේ මාව හංඟ ගත්තේ සුද්දි අක්ක ආවත් නොපෙනෙන ගානට.. එයා, එයාගෙ මහා රාජකාරිය කරගෙන මගෙන් ඈත් වෙලා මං ගාවම වට කීපයක් කැරකුනේ මගෙන් උපරිම සතුටක් ගත්ත විදිහට..
එයාට එකපාරක් මදිද මන්දා. තාමත් මං ගාවට වෙලා කැරකෙනවා.. මම නැගිටලා යන්න ගියෙ මගෙ කකුලේ අමාරුව හැමදේම උනාට පස්සෙ දැනෙන්න ගත්ත නිසා...

මේ විදිහට එයාට මාව ඔනේ හැමදාකම හවසට ගෙදර ආව. ඒ කියන්නෙ මාසේ දවස් 30හම ගෙදර නාවත් පුළුවන් හැම වෙලාවකම අයියා ගෙදර ආවා. මොනාම හරි මට උස්සගෙනයි ආවේ..

කාලේ ගෙවුනා.. මං ජිවත් වුනේ ගොමර අයියා වෙනුවෙන් විතරයි කිව්වොත් හරි.. මගෙ එක කුස උපන් අයියා, ගෙදරින් ගියා ගියාමයි ආවේ නෑ ආයේ පැත්ත පලාතේ.. අම්මයි තාත්තයිත් අසනීප වෙලා එකපාරම නැති උන බව මට කිව්වෙත් ගේමර අයියමයි.. මගෙ හැමදේකටම හිටියේ එයා තමා ඉතින්.

අත්තක් දෙකක් පහු කරලා පියෑඹුවට වෙන අය වගේ මට ගව් ගානක් පිහාඹින්න බෑ..
මට ඔනේ හැම කෑම ජාතියකම පොඩ්ඩක් හරි අයියා අරන් ආවේ මට ගොඩක් දුර යන්න බෑ කියලා දන්න හින්දා වෙන්න ඇති..
මමත් එයාගෙ නැටුම් හැමදාම බලලා එයාගෙ පිහාටු යටට වෙන්නෙ ආසාවෙන්.. අයියා හොයලා හොයලා මගෙ රසම තැන පිහාටු වලින් පිරිමදිද්දි දැනුනේ අයියව හැමදාම ඕනේ කියන හැගීම විතරයි.

"අක්කට වඩා උඹව දැනෙනවා චුටී මට.."

හැමදාම ලඟට ඇවිත් කිව්වෙ ඔහොම. ඉතින් පහුවදාට මම ඊට වඩා දශමයක් හරි අයියව සතුටු කලා.. මට එහෙම කරන්න ඔනේ වුනා කිව්වොත් හරි..
මම ගෙව්වෙ කාලෙකට පස්සෙ ආදරණීය දවස් ටිකක්.. ජිවිතේ ගැන ආසාවක් දැනුනේ අයියා මගෙ ජීවිතේට ආවයින් පස්සෙයි.. එයා මාව බාලා ගත්තේ පොඩි ළමයෙක් බලා ගන්නවා වගේ. ඉස්සර තාත්තා වගේම අයියත් හවසට එද්දි පරිප්පු ඇට අරන් එනවා..
එයාගෙන් ඒ වගේ වෙලාවට ලැබුනේ තාත්තගේ වගේ ආදරයක්.. ඒත් සමහර වෙලාවට එයා මගෙ පිට උඩදි එයාගෙ ලොකේම මං කරගන්නවා. මම ආසා ඒකට..
තව දෙයක් මගෙ කකුල් අමාරු නිසාම එයා ගොඩාක් වෙලාවට මගෙ දකුණු කකුලේ පැත්තට බර නොවී ඉන්නවා. එයාට මුළු ලොකෙම අමතක වෙලා වගේ මාව පිහාටු අස්සෙ හංඟගෙන අපි අපේම උනත් එයාට මගෙ කකුල ගැන කවදාවත් පිට උඩදි අමතක වෙන්නෙ නෑ. මුලදිටත් වඩා එයාගෙ ආදරේ මට දැනුනා.

අපි මාස තුනක් මේම ඉන්න ඇති.. අපිට ආවේ නරක කාලයක්.. ඉස්සර වගේම කෑම හිඟ කාලයක්.. අයිය හවස ගෙදර එන එක අඩු උන කාලයක්..

"ඇයි ඊයේ ආවේ නැත්තේ.."

"කෑම හොයන්න හන්දියට ගියා. එද්දි රෑ වුනා.."

"හ්ම්.."

"මොකො තරහින්.."

"නෑ.."

"අම්මේ මූණ.. කො.."

"අනෙ, කෝ. ඉන්න පැත්තකට වෙලා ආව නම්.."

"පැත්තකට වෙලා ඉන්න නෙවෙයි ආවේ.."

"කෝ අනේ.."

එයාගේ පිහාටු මගෙ ඇඟ සෙරම ඇතුල්ල අතුල්ල කැරකෙද්දි මටම හිනහයි.. දරුවො ඉන්න තාත්තා කෙනෙක් නේද මේ..

"අනේ වරෙන් කෙල්ලයි කොල්ලයි, තාත්තගේ නැටුම් බලන්න.."

"ආව දෙන් මට මොකො.."

ඇත්තටම එයාට මොකෝ.. එයාගෙ වැඩේ හැමදාම වෙලාවට කලාවට උනා. කෑම වල හිඟ කම් දැනුනේ අයියා නාව දවසට විතරමයි. එයා.. ආව දවසට ප්‍රශ්න මොකුත් මටවත් එයාටවත් මතක නෑ...

දවසක් අපි එහෙම හිටපු අන්තිම දවස් ආවා.. ඒ කියන්නේ අපිට ප්‍රශ්න පිට ප්‍රශ්න ආව කාලයක් තිබුනා.. මාස තුනකට පස්සෙ...

අක්කාගෙ වැරදි හදාගෙන එකට ඉන්න කිව්වෙත් මම ම තමයි. මට ඔනේ උනේ නෑ පවුලක් කඩන්න..

සුද්දි අක්ක වැරදි හදාගෙන අයිය එක්ක ජිවත් උනා. ඒත් අයිය ගෙදර එන යන එක නතර උනේ නෑ, ඒ තරහට වෙන්න ඇති.. අක්කයි, තව කවුදෝ මන්දා පිරිමි දෙන්නෙකුයි එදා ආවේ මහ දවල් මම නාගෙන ගෙට එද්දියි..

"මෙන්න මූ.."

"අහ් එහෙමද.. අපි බලාගන්නම් සුද්දි.. උඹ යමන්.."

අක්ක යන්න ගියා. මොනාද උනේ කියලා මට හිතා ගන්න බැරි උනා.. ආව පිරිමි දෙන්නා මාව වට කර ගනිද්දි මම බය උනා.. කකුලත් බැරි මම මොනා කියලා කරන්නද.. ගොමර අයියව මතක් උනේ මට එවෙලෙමයි.. ඒත් අයියා කවදාවත් මේ වෙලාවට ගෙදර එන්නෙ නෑ.. උන් ගෙට ආවා එපා කියද්දිම.. මගෙ හොටෙන් ගැහුවත්  වැඩක් නෑ. උන් ඒ පාරවල් කකාම මගෙ පිට උඩට නගින්න ආවා. දෙන්නෙක් නිසා මට මොකුත් කර ගන්න බැරි කමක් දැනුනේ වෙන මොකුත් නිසා නෙවෙයි.. උන් මගෙ ඔළුවට එක පාරම දහපාරක් විතර  කොටද්ද්දියි. එකෙක් මාව අල්ලගෙන ඉද්දි අනිකා මට කරන්න ඔනේ බලුම වැඩේ කලා. දෙන්නම මාරුවෙන් මාරුවට එකම දේ කරද්දි මට තුවාල වෙන්න ඇති.. මම එදා දවසෙම ඉදියේ නොක මයි..

හවස අයියා ආවා. මට දැනුනේ අමුතුම ගැහීමක්.. මොකුත් නොවුනා වගේ ඉන්නවද? අයියට කියනවද..? මම හුස්මක් අරන් ගේ ඉස්සරහට ගියේ හැමදේම කියන්න. ඒත් අයියගේ ඔළුවේ ලේ පෙරිලා තියෙද්දි මට හැමදේම අමතක උනා..

"අනෙ, අයියේ..., ඇයි මේ..?"

මොකුත් නොකියා පරිප්පු ඇට ටිකක් විතරම් මගෙ කකුල් දෙක ගාව ඇතෑරියා..

"පරිප්පු ගෙනාවෙ හොරාටද..?"

"කෑම නෑ කොහෙවත්.. බඩගිණ්නේ ඉන්න බෑ චූටි කාට උනත්.."

"ඇයි මහත්තයෝ ඉතින්.. මොනා හරි කාල ඉන්නවනේ.. ගොඩක් තුවාලද කෝ.."

මම අයියා ගාවට කිට්ටු උනා. අයියා මට ඔලුව පාත් කලේම නෑ. මම බලෙන්ම පාත් කරන් බැලුවා.. ගොඩක් තුවාල වෙලා. පරිප්පු ඇට ටිකක් ගත්තට මේ වගේද මිනිස්සු සලකන්නේ.. ? මට දැනුනේ මිනිස්සු ගැන කේන්තියක්..
මම අයියව තුරුල් කරගත්තා..

"මම ගිහින් එන්නම්.."

"පරිප්පු ටිකක් ඇති.. කලා යන්න.."

"බෑ.. මම ගිහින් එන්නම්. පරක්කුයි. ගෙදර නොයා මේ ආවේ.. උඹව දකින්නැතුව ඉන්න බෑ බං.. "

පපුවට හේත්තු කරන් කියද්දි ඒ වචන දැනුනෙ මගෙ පපුවට..
අයියා මොකුත්ම නොයිල්ලා යන්න ගියා..  නොඉල්ලපු එකම හොදයි.. අද දවල් උන දේ නිසා මට අයියගෙ වෙන්න බෑ වෙනදා වගේ.. උන් නරුමරො වගේ මාව නොමරා මැරුවා.. මම දවල් උන දේ ගැන ආයෙ ආයෙමත් දුක් උනා. පසුතැවිලි උනා..

කෑම හිඟය එන්න එන්නම වැඩි උන නිසා.. අපේ ගොඩක් අය මැරුනා. අයියා මට දවසක් ඇර දවසක් හරි මොනාම හරි ගෙනත් දුන්නා.. පමණක් දාට ගෙදර කෑම මදි වෙනවා ඇති.. ඉස්සර වගේ නෙවෙයි. එදා සුද්දි අක්කා එවපු වසවර්ති පරවියො දෙන්නා මගෙ කකුලෙ ඉතුරු ටිකත් කඩලා දලයි ගියේ..

"උඹට ඕනේ ගෑනු ඉන්න උන්නේ... අපිටත් බැඳලා ගැණු ඉන්නව. බැඳපුවයින් කද්දි රහ ඇති නේ උඹට..?"

"මගෙ ක..කකුල.."

උන්ට මගේ වෙඳනාවේ ගානක් උනේ නෑ. දෙන්නම පිට උඩ නටද්දි බර වැඩි නිසාම මගේ සොත්ති කකුල ඇඹරිලා ගිහින් උන් උන්ගේ වැඩේ කරගන්නකම් ම කකුල අඹරිලාම තිබ්බා.. එදයින් පස්සෙ මට, වෙනදා පියාඹන අත්තටවත් පියාඹ ගන්න බැරි උනා..
කකුලටත් පමණක් දාට ගෝමර අයියා බෙහෙත් ගෙනත් දැන්මා. ඒත් අයියට මගෙ කකුල සනීප කර ගන්න බැරි උනා.. ඒත් වචනෙකින්වත් ඒ ආදරේ අඩුවක් මම දැක්කෙ නෑ..
රණ්ඩු උන දාට එනවා මූණත් එල්ලගෙන මහ රෑම අපෙ ගෙදර..

"අදත් රණ්ඩුද.."

"ඒකි එක්ක වසන්න බෑ මට.."

"එහෙම කියලා බෑනේ.."

ගොමර අයියා කටක් හෙල්ලුවෙ නෑ.. ඇස් දෙකත් රතු වෙලා.. මම නිසාද රන්ඩු වෙන්න ඇත්තෙ. ගෙදර අඩුපාඩු කරනවද දන්නෑ අයියා මම හින්ද.. මට දැනුනෙ මහා පව්කාරකමක්..
අයියා බලා ගත්ත අතම බලාගෙන ඉන්නව..

"කලද ඉන්නෙ. නෑනේ..? එන්න කමු.."

"බඩගිණිනෑ.."

"මේ අහන්න දැන් ගෙදර යන්න.. සුද්දි අක්.."

" සුද්දි අක්ක, සුද්දි අක්ක.. අක්කගේ දෙයක් ඇරෙන්න වෙන කතාවක් ඇත්තෙම නැද්ද උඹට.."

"පරිප්පු ටිකක් අරන් එන්නද එහෙනම්.."

"උඹ කෑවද..?"

"නෑ තාම.."

"යමං කාලා ඉමු.."

මම පරිප්පු ටිකක් වෙනදා හංගන තැනින් ගන්න අත්තේ උඩහට ආවා.. අයියත් පස්සෙන්ම ඇවිත්.. මම පිටිපස්ස බලද්දිම අයියා පිට උඩට ගොඩ වෙන්න ලෑස්ති වෙලා හිටියා. මම කකුල දිගෑර ගත්තේ එයා කලින් කියලා දීලා තිබ්බ විදිහට. මොහොතකින් අපි අපේ උනා..

"මට සුද්දි ගාව සතුටක් නෑ චූටි.."

"කලා ඉන්නකො ඉස්සෙල්ලා.."

එදා රෑ උනත් මම හිත හදලයි යැව්වෙ..
කොහොම උනත් හැමෝම දැන ගත්තා ගෝමර අයියයි මායි ගැන.. ගොඩක් අය දොස් කිව්ව.. ඒ ගෑණු අය.. පිරිමි අය නම් සමහරු ගෝමර අයියට ගරු කරන නිසා මට මොකුත් නොකියා හිටියා.. ඒ බය, ගරුත්වය වැඩි උනේ සුද්දි අක්ක එවපු අර පරවියො දෙන්නට ගොමර අයියා කොටලා තිබ්බ නිසා.. ගොඩක් අය ඒ සිද්දියෙන් පස්සෙ ගොමර අයියට බය උනා..

එදා තමයි මට මගෙ ජිවිතේම නැති උන දවස. එදා හොදට පායපු දවසක්..
මම කූඩුවේ සමහර තැන් දැන් දිරලා නිසා, මහ දවල් කෝටු ඇහිඳ ඇහිඳ හිටියේ.. යාන්තමට කකුල් තියලා මම පොඩ්ඩක් ඈතට ගියේ ඉන්න තැනත් නැතිවෙන්න යයි කියන බයට.. ගොමර අයිය දන්නව නම් කූඩුවක් හදයි.. ඒත් මට ඔනේ අයියා සතුටින් ඉන්නවට.. අක්කා එක්ක විතරක්. මං ගාවට ආවොත් මම දන්නවා එයාව සතුටින් තියන්න.. අක්ක ගැන කතා කරද්දි මං එක්ක රණ්ඩු වෙලා ගියත් ආයෙ ඇවිත් යනවා ගොඩක් දවසට. එයාට මං එක්ක තරහ වෙලා ඉන්න බෑ.. එයාට වගේම මටත්..

"දලා ගියාට යන්න බෑ මට.. එකයි ආවෙ.. ලඟට වරෙන් පොඩ්ඩක්.."

"යන්න තිබ්බනේ.. ඇයි ආවේ.."

"මෙන්න මෙහෙ වරෙන්.. පලු ගහත් පාස් කරලා ගිහින් ආයෙ ආවේ.. මම එච්චර දුරක් ආයෙ ආවා.. උඹට මේ අඩිය එන්න බැරිද..?"

මම ගිහින් තුරුල් වුනේ බෙල්ල වටේට තිබ්බ දිලිසෙන කොටසට. මගේ ඒ තරම්ම නැත්තෙ ඇයිද මන්දා..
හැමදාම ඒ වගේ.. කවදාවත් මං හින්දා එයාවත්, එයා හින්දා මං වත් දුකින් ඉඳලා නෑ.. ඒකයි අක්ක එක්ක ඉද්දි මට අයියගෙ සතුට වැදගත් උනේ..

ඒකයි අයියට බරක් නොදැනෙන්න හෙමින් දිරපු දර කූරු අස් කර කර අලුත් දර කූරු ගැහුවේ.. එක පැත්තක් සම්පූර්ණයෙන්ම හැදුවා. වෙනවට වඩා ලස්සනයි දැන් කූඩුව.. මම ඈතට වෙලා ටිකක් ඒ දිහා බලන් ඉදියා.. එක පාරටම අව්ව වැහිලා හෙවනැල්ලක් කූඩුවට වැටීගෙන ගියා.. මම බැලුවේ අහස දිහා..

මගෙ කකුල කඩපු එකාගේ ලොකු පුතා බව මම ටිකක් වෙලා බලං ඉද්දි අඳුර ගත්තා.. උගේ ඉලක්කය උනේ මම.. මම පුළුවන් තරම් කකුල් තියලා බෙනේ අස්සට රින්ග ගන්න උත්සහ කලා. මම පරක්කු වැඩී...

කුරුළු ගොයාගේ අපි ආසම නැති සද්දෙත් එක්ක මාව බදාගෙන පෙරලගෙන බිම වැටුනා. මට ඌ එක්ක නහින්න බෑ.. ඌ උගේ තාත්තටත් වැඩිය හයි හත්තියයි.. උගෙ නිය පාරවල් මගෙ ඉල ඇටත් පෑදෙන්න හූරගෙන යද්දි මට දැනුනේ වේදනාවක්..

"මට ඉන්න දීපං යකෝ..."

මම පුළුවන් තරම් හයියෙන් කෑ ගැහුවෙ අහල පහල කාට හරි ඇහෙන්න හිතන්..
කාටවත් ඇහුනේ නෑ.. කුරුළුගොයාගෙ කකුල් වලින් මගෙ හොටේ පෑගෙද්දි මට කෑ ගහ ගන්නත් බැරි උනා..

හාක් හූවක් නැතුව මගෙ බෙල්ල හරියෙන් හිල් කරලා. වක් උන හොටෙන් අදිද්දි මට මර බිය දැනිලා ඉවරයි.. මාව බේර ගන්න කවුරුවත් ආවත් දැන් වැඩක් නෑ කියලා හිතුනේ මගෙ බෙල්ලට වදින වක් හොට පාරවල් ගාන වැඩි වෙද්දියි.. ඇස් පියවිලායනවා වගේ දැනුනා.. මෙච්චර වෙලා දැනුන වෙදනාව එකපාරටම වැඩි වෙලා නොදැනී යනවා වගේ දනුනා..

"ගෝමර අයියා හිටියා නම්.. අද මට මෙහෙම වෙන්නෙ නෑ.. "

එක පාරටම මට ඇස් ඇරුනා..
කලින්ට වඩා දාස් ගුණයක වෙඳනාවක් මගෙ බෙල්ල හරියෙන් දැනෙන්න ගත්තා.. මගේ පිහාටු හැමතැනම..
මට මතක් උනේ අයියාව. මට මතක් උනා විතරයි.. එවෙලෙම එතනට ආවේ ගොමර අයියා.. මට එතන ඊට පස්සෙ මොනාද වෙන්නෙ කියල හිතන්නවත් වෙලාවක් උනේ නෑ. අයියා ආව ගමන් එයාගෙ බෙල්ල වටේ තියන ගෝමර පුම්ඹගෙන කුරුළුගොයා ගාවට පැන්නා. නොහිතපු වෙලාවක පහරදීමක් නිසාම කුරුළුගොයා අයියගෙන් හොදටම පහර කීපයක් කෑවා. අයියා ගොයාව පෙරලගෙන කොටද්දි මට බයක් දැනුනා.
කුරුළුගොයාට දැනෙන්න ඇති අයියගෙන් බේරුමක් නෑ කියලා.. ගොයා යන්න ගියේ කෑ ගහගෙනමයි.. අයියා ඌ පස්සෙ පන්න පන්න කොටන්න ගත්තා. මට එයාලා එක්ක පියාඹගන්න හයියක් නෑ..
මම එතනටම වෙලා හිටියා අයියා එනකම්.. අයියගේ යාලුවො කීපදෙනෙක් මාව වටකරන් මං දිහා බලන් ඉන්නවා මම දැක්කෙ ඊට පස්සෙයි.. අයියත් එවෙලෙම ආවේ තැනින් තැන ලේත් පොඩ්ඩක් පෙරාගෙන..

"චුටී, නැගිටපන් මැණික.."

ගොමර අයියට පිස්සුද.. යාලුවො ඉස්සරහ මෙහෙම කෑ ගහන්නේ..දාඩියට තෙමුන කොන්ඩ පිහාටු කෑලි වගෙම ලේ වලට තෙමුන පිහාටු කැලි නිසා අයියගෙන් දැක්කෙ මම මහන්සි පාටක්. කවුරු නිසද මෙහෙම නහින්නෙ මහත්තයෝ.. මම උඹේ කවුද? කාත් කවුරුවත් නැති එකා මම.. ඇයි මං වෙනුවෙන් මේ තරම්.. මට අයියගෙ ලේ දැක්කම දැනුනේ මගෙ තුවල වලට වඩා වෙඳනාවක් වෙන්න ඇති..

"උඹට බෑ මාව දලා යන්න චූටි, මම කොහොමද බං ඉන්නේ... යන්නෙපා බං.. යන්නෙපා..."

"යන්නෑ මහත්තයො.."

මම අයියගේ බෙල්ල ගාවින් බෙල්ල තියලා තුරුල් උනේ ඒ පපුවට.. ඒත් මට අයියව ඇතැරිලා විසි වෙලා ගියා වගෙ උනා.. මම බැලුවේ ඇයි අයියව මට අල්ලන්න බැරි කියලා. අයියා පිටිපස්සෙ ඉඳන් කැගහනවා ඇහුනා..

"මගෙ ජිවිතේ ගොඩාක් තැන් ලස්සන කරේ උඹ බං.. සුද්දිට මාව එපා වෙද්දි, මට සුද්දිව එපා වෙද්දි අපිව එකතු කලේ උඹ..
නැගිටපං චුටි, උඹේ අයියා ආව බං.. ඔහොම ඉන්නෙපා රත්තරන්.."

අයියා මාව තුරුල් කරන් අඩනවා. මම කොහොමද එතන ඉන්නේ. නෑ.. මම කොහොමද මෙතන ඉන්නේ.. එකම මන් තැන් දෙකක.. මම ආයෙම අයියව අල්ලන්න ලඟට ගියා. මට අයියව අල්ලන බෑ.. මම අයියට කතා කලා.. අයියට මාව ඇහෙන්නෙ නෑ...
මම මැරිලද?.. මම අයියගෙ අතේ ඉන්න මං දිහා, මගේ ඇඟ දිහා බැලුවා. මගෙ බෙල්ල හරියෙන් බාගෙකටත් වඩා අරූ කලා.. ලොකු වලක් හැරිලා තිබුනා..මට වෙදනාවක් ආවේ මේ කැක්කුම තමා එහෙනම්.. කඳුළු වලින් පෙගුන මගෙ ඇස් පියවිලා තිබුනා.. ඒත් එක්කම මාව වෙන පැත්තකට ඇදෙනවා මට දැනුනා..
එක පැත්තක සුදු ආලෝක කුහරයකුත් තවත් පැත්තකින් අඳුරු, කිසි දෙයක් නොපෙනෙන කළු ගුහාවකුත් දැක්කා. මාව ඇදිලා යනේ ඒ අඳුරු පැත්තට..
මම අවසාන වතාවට ගෝමර අයියගෙ මූණ දිහා බැලුවා.. ඒ ඇස් තෙමිලා, පෙගිලා ගිහින්..

"උබේ අයියා අද ඉඳන් තනිවෙනවා එහෙනම්.. කමක්නෑ උඹට යන්න ඔනේනම් පලයන් චූටි, මම තරහ නෑ. අයියට දාස් වාරයක් සමාවෙයං උබ ගාව ඉන්න් බැරි උනාට...."

ඒ වෙනස් පාටවල් වල ආලොක කුහර වලින් මාව ඇදිලා ගියේ කළු කුහරෙට.  මට කිසිදෙයක් නොපෙනී ගියේ ඒකයි..
කියන්න දේවල් දාහක් හිතෙ හිර උනා විතරයි.. මම ඇත්තටම මැරුනේ එතනින් පස්සෙයි..

                             ..... නිමී .....

මම - සකූ.. ✍️

Продолжить чтение

Вам также понравится

4.3K 570 13
ඌ හැදුනෙම ඌට ඕන තාලෙට, මං වෛර කරද්දිත් ඌ හරි ලස්සනට හැමදේම අමතක කරලා මං එක්ක හිනා උනා, ඒකයි මට තරහා....
6K 646 7
werewolf x human "it's been years, I have been waiting for u , now pls come to me my mate" "it's so hard to live, I wish I could get some love " " i...
33.3K 7.8K 59
"ඉරණම් ගමනේ පෙරුමන් පිරුවේ... රිදුමන් සඟවා නිබඳේ... සැනසුම දිවියේ හැම දේ තිබුණේ... ඔය උණුසුම ළඟ ළමැදේ...." 🐉🐉🐉 මෙය ශාපයක්.... සමලිංගිකත්වය පාපයක්...
822 80 5
" සොකරී එන්නි සබයෙන් අවසර ගන්නී... නැටුම් නටන්නී තාලෙට රාග තියන්නී..." " මම උඹට හරි ආදරෙයි දේව්......." "ඉතින් එහෙනම් ඇයි මේ ඇස් වල කදුලු...