***
ගොළු හදවත..01
වැහැරී ගිය හැට්ට රෙද්දේ පැහැය ද කෙමෙන් කෙමෙන් වියැකී,ඇති අතර ඇයද හැට්ට රෙද්ද මෙන්ම වියැකී ගොස් ඇති බව සීවලී මැණිකාට සිතෙන්නට විය..කැඩුණු පැල්කොටේ තුළ,වියැකී යන ඇය මෙන්ම,කුස්සියද දිරාපත්ව යන සැටි ඇයට දැනෙන්නට විය..
අතීතයේ දිනක ඇය දුටු පිරිපුන් ගැහැනිය අද මස් කඳක් නැති දර කෝටුවකට සමාන කළ හැකි බව ඇයට දැනිනි...
ඇය තමා ඇගේ ගැබ තුළ සිටිනා බව දැනගත් දාම තම පියා දමා පලා ආ සැටි ඇයට එල්ල වූ නේක විද අපහාස,ඇය සැබැවින්ම වීර්යයයෙන් තමා රැකගත් මවයි..
සීරුණු දෑත් පය,වණ වී තුවාල වන තෙක්ම,අතේ සතයක් නැති කමට ඇය කොස් පොළොස් කඩා ගව් ගනන් දුර ගෙවා පොළ වෙත ගාටන්නීය...
යන එන තාන්න මාන්න වලින් හෙබි බොහෝ ගරු ගාම්භීර මහා උත්තමයෝ ඇයව කෙලෙසන්න මඟ බලා සිටියද,ඇය ඒ කිසිත් සීවලී මැණිකාට කරදර නොවන ලෙස සිදු කලේ,ඇගේ ආර්ථික හිඟතාවය නිසාමය...
"මොකෑ උබ මා දිහා බලන් කොරන්නේ.."රං මැණිකා කොස් පලුවකට කැත්තෙන් තඩිබාන ගමන සීවලී මැණිකා ඇගේ දෙස බලා සිටින බව දැක්මෙන් ඇගෙන් හේතු කාරණා විමසුවද සීවලී මැණිකා කිසිත් නොදෙඩුවාය...
තවමත් දහසය හැවිරිදි කෙලි ලොල් වියේ සිටින ගැටිස්සියක වූ සීවලී මැණිකා ඡීවිතේ අපමණ තරම් තමා වෙනුවෙන් දුක් විඳින මව් දැක දහස් වාරයක් තම සිතැඟින් හැඬුවාය...
දවස් පතා සති පතා ඇය වියැකී යද්දී,අතීතයේ ගමේ සැවොම දෙනාගෙන්ම සුන්දරම යුවතිය වූ තම මව් වුන රං මැණිකාට එසේ සිදුවීම සීවලී මැණිකාව කම්පනය කළේය..
"උබලා දැන් අපටත් ගොරවන්ට පටන් ගත්තද..ඈ බන් සීවලියේ!"රං මැණිකා තමා අතේ ගෑවුණු කොස් කිරි,ඉතිරි වී ඇති පොල්තෙලෙන් පිසදාගත්තාය...
"අම්මණ්ඩිට ඇහැක් නම් මට කොරන්ට රස්සාවක් හොයලා දීපල්ලකෝ.."ඇහෙන නෑහෙන ගානට පිල් ගැට්ට උඩ වාඩිවෙලා මෙතෙක් වෙලා මීයට පිම්බ සීවලී මැණිකා කටහඬ අවදි කළාය..
"ඈ බන්,උබ මොනවද කුටු කුටු ගාන්ටේ..,ආ අර සියදෝරිස්ලයේ ගෙදරට ගොහින් මේන් මේ කොස් පලුව දීලා ඔය පලා මල්ලක් උස්සන් වරෙන්.."රං මැණිකා
කොස් පලුව දෙකට කපා සීවලී මැණිකාට දිගු කලාය..
"ආ අරන් වරෙන් බන්.."
සීවලී මැණිකා කොස් පලුව ඉනට තද කරගෙන යායට වැවිච්චි නිල් ගැහිච්ච කුඹුර දිහාද බල බල අඩිය තියන්නට ගත්තාය...
වෙල්යායෙන් එන වී වල සුවඳ නාස් පුඩු ඔස්සේ මුළු ගතටම ගෙන යද්දි සීවලී මැණිකා දෑස් පියාගෙන සුසුමක් පා කළාය..
"අනේ දළදා හාන්දුරුවනේ! ඉක්මනටම සුවඳැල් හාලේ බතක් ගමේ හැමෝටම කන්ට ලැබෙන්ට ඕන.."සීවලී මැණිකා කුඹුර දෙස බලා හිඳ යළිත් ගමන අරඹන්නට විය..
"සියදෝරිස් මාමේ!,සියදෝරිස් මාමේ!"සීවලී මැණිකා කෑ ගැවේ එකඳු මනුස්ස ප්‍රාණියෙක්වත් ඇහැට පෙනෙන්නට නොසිටි බැවිනි...
"මොකෑ බන් බෙරිහන් දෙන්නේ.."සියදෝරිස්ලගේ මායියා වුණ කරුණා,සීවලී මැණිකා දුටු තැන ඇය වෙත අඩිය තිව්වාය...
"ආ,බන් සීවලියේ..මොකෑ උබ මෙහෙ ගාටන්ට කාරනේ..මොකෝ උබලයේ අම්මණ්ඩිට තවත් මිනිහෙක් උවමනා වෙලාද.."
එය මිනිසුන්ගේ කට වචනයයි..ඉපදුණු දා සිට මේ දක්වා ඇය තම මවට මෙවැනි වදනින් දමා ගසනා ඕනෑ තරන් මනුෂ්‍යයින් දැක ඇත..
"ඒ පරට්ටිට කොහේ ගියත් මිනිහෙක් නෙවැ.,උබත් මොන මිනිහගේ අංශුවත් ද දන්නේ යෑ ඒකිවත්.."කම්මුලේ අත ගසාගත්,කරුණා රං මැණිකාට පද හදමින් රසකර දෙහි කපන්න විය..
"උබලවවත් දෙයියෝ බලාගන්ට ඕන.."සීවලී මැණිකාගේ කොපුලක් අත ගෑ ඇය,ඇය අතේ තිබූ කොස් පලුව ගත්තාය..
"ම්!,රස පාටයි..මොනවා නැතත් උබලයේ ගහේ කොස් රසයි,..ඒකනේ වවුල්ලු උනත්
ඒ ගහටම ඇදෙන්නේ..."
කොස් පලුවේ පුසුඹ නාස් පුඩු තුළට රිංගුවාගත් ඇය රං මැණිකාට ආයේ ආයෙත් ඇනුම් පද කියන්නට විය...
"උබලයේ!"
"නැන්දේ පලා මල්ලක් තියේනම් දෙන්නකෝ,නැත්නම් මම යන්නම්.."
සීවලී මැණිකා දරදඬු වුණ දෑත් මතින්ම දත් මිටි කමින් කියන්නට විය...
"හරි හරි බන්!,තකහනියක් නැහැනේ ඉදහන්.."කරුණා කටවසාගෙන පැල් කොටේට ගොස් පලාමල්ලක් ගෙන සීවලී මැණිකාට දීය..
"සීවලියේ!,"සීවලී මැණිකා කරුණාට තමාට වලංගු වුණ සිතැඟි මතින් කරුණාට දෙහි කපන ගමන් වැටෙන් මෙහාට අඩිය තියන්නටත් පෙර දිව ආවේ කරුණාය..
"මොකෑ නැන්දේ!"
"ආං අර කඩප්පුලි හරකා ඔය යන එන අතරේ හිටියොත් මේන් මේක දීලා පලයන්..."කරුණා ඇය අතට බුලත් කොළ හතරක් පහක් දෑතට ගුලි කිරීය..
"සියදෝරිස් මාමද.."
"නැතුව,නැතුව වෙන මිනිස්සු ඉන්නවයැ මට..උබලයි!"
"මං යන්නම් නැන්දේ!"සීවලී මැණිකා තවත් එතැන නොසිට වැටෙන් පැන යන්නට විය..
"මේකිත් මහ ඒකිටම හරියනවා..,ඕං සීවලියේ උබටත් ඔය සෙතේ වදින්න කලින් දීග පලයන්.."කරුණා කෑගැසුවේ සීවලි මැණිකා අත මට මොලවගද්දිමය..
පිරිපුන්,මේරූණු අඟ පසඟ වලින් හෙබි ගැටිස්සියක වුණ සීවලී මැණිකා,තමා පරෙස්සම් කරන්නට ගමේ අනෙක් ගැටිස්සියන් සේ ගෙට වී සිටියේ නැත..
ඇය තම මව්ට හැකි පමණ වේලාවේ හෝ අවේලාවේ හෝ වැඩ කර දුන්නාය..කුඹුරු කොටන්නට හැකි පමණ තම දායකත්වය දී සතයක් හෝ සොයන්නට වෙහෙසුණාය...
බොරලු පාරේ නිරුවත් දෙපා වදිද්දි රිදෙන තරමටම,සීවලී මැණිකා නේක විද මිනිස්සුන්ගේ කයි කතන්දර තම මව මෙන්ම දරා සිටියාය...
වෙල් යායට මායිම් වෙච්ච විසල් කොස් ගස,ඇයට සහා තම මව්ට ඡීවිතය සොයා දෙන වග ඇය දැන උන්නාය...නියඟයේදි අන්ත අසරණ වන වාරයක් පාසා,හාල් ඇටයක් සොයාගන්නට නොහැකි වන අපමණ කුසගින්නේ හිඳි දිනවල තම මවගේ හා ඇගේ බඩ කට පිරෙව්වේ මේ විසල් ගස බව ඇයට නොරහසක්ය...
"උබලට තව වැඩි වැඩියෙන් ලැබෙන්ඩ ඕන.."
සීවලී මැණිකා විසල් කොස් ගසට ප්‍රාර්ථනාවක් සුවඳැල් හාලේ පුසුඹ මිශ්‍රිත මදනලට පා කර හැරියාය..පොල්ගස්දූව ග්‍රාමය මුළුමනින්ම සුදු මහත්තරු වැඩ සිටි ග්‍රාමයක් බව සීවලී මැණිකා දැන සිටියාය..ඔවුන් තම ගමේ බවලතියන්ව රැගෙන තම කාර්යයන් ඉටු කරගන්නා බවද රං මැණිකා ඇය ගෙට වුණ දවසේදීම පැවසුවාය..ඇය වැඩිවිය පැමිණුන දවස් වල ඇගේ තනියට තනිරැක්ක සිරියලතා ද අද වන කොට මාතර දොහින් දීග ගොස් ඇති බව ඇයට දැනගන්නට ලැබීය...
කොපමණ ඇයි හොඳැයි කම් පැවැතුවද මනුස්සයා මනුස්සයාම බව සීවලී මැණිකාට පසක් වුණේ ඇය එම පයින්ඩය ඇසූ දාමය...
"ඕන් මන් උබලා ගොහින් ඇන්න ආවා..මං ගඟට යනවා මේන් මේ රෙදි පොට්ටනියයි,හෝදලා ගන්ටයි,නාගන්නටයි.."
ගෙයි පිල උඩින් පලා මල්ල දැමූ සීවලී මැණිකා,හැට්ට කෑලි දෙක තුනක් හා චීත්ත රෙද්දක්ද දමාගෙන,..පොට්ටනියක් බැඳගත්තේ ගඟ අසබඩට ගාටන්නටය...
"ඔහොම නැවතියන්,..!"
රං මැණිකා දැලි පිරුණු දෑත චීත්ත රෙද්රෙන් පිහන ගමන් අඩියට දෙකට සීවලී මැණිකා අසලට දිව ආවාය...
"සුදු මහත්තුරු ගැවසෙන තැන් වල නොඉද,තකහනියක් පැල් කොටේට වරෙන්..අර යසවතීවත් ඇන්න ගොහින්..වරෙන් තකහනියක් අඩිය ඉක්මන් කොරලා.."
"උබලා,බය නොවී ඉඳපල්ලා,..උන්ට වහල්කම් කොරන්න නෙයිනේ අපි ඉන්නේ..පඩත්තර බල්ලෝ!"සීවලී මැණිකාගේ කට දෑතින් වසන්නට තැත් කෙරූ රං මැණිකා,
"උබ නහින්නේ ඔය කට හින්දා කවදහරි දවසක..වහගන් ඔය වක්කඩේ!,මොකාගේ කටක්ද බන් උබට ඇවිත් තියෙන්නේ.."
"උබලත් නොදන්න මගේ අප්පුච්චා කවුදැයි කියන්න මං දන්නවායැ.."සීවලී මැණිකා යන්නට වුණද රං මැණිකා කඳුළු පිරි දෙනෙතින් ඇය යන මඟ දෙස බලා හිඳියාය..
"සමාවෙයන්,සීවලියේ..සමාවෙයන්..උබලයේ අප්පුච්චා කවුදැයි කියලා කියන්ටවත් මට ඒ නම කියන්ට බෑ,ඒ තරම් මේ මම පහත්..උබලයේ අප්පුච්චාට වඩා දස දහස්වාරයක් පහත්.."
රං මැණිකා තම කඳුළු දෑතින් පිසදාගෙන ඇගේ පුංචි පැල් කොටයට ගාටන්නට විය..
"උබලා මං පස්සේ ගාටන්ඩ ඕන නෑ,උබලා පලයල්ලා.."
සුදු පැහැ කඩා හැලෙන දිගු ගවොමක් හැඳ ගරු ගාම්භීරත්වයකින් අශ්වයා පිටින් බැසගත්තේ චර්ච් වලව්වේ ගරු ආදිපාදවරිය ලෙස හැඳින්වූ ඉසබෙලා කැතරින් චර්ච්ය...ඇගේ උපත් නම වූයේ නීලා කැතරින් චර්ච් වුවද ඇය එය වෙනස් කරගත්තේ ඉංගිරිසි ආණ්ඩුව සහ ඇය අතර ඇති වූ ගිවිසුමකට අනුවය..
තමා විසින්ම ගංගොඩැල්ලේ තනිව ඇවිද යන්නට ඇතිවන ප්‍රියතාවය හේතුවෙන් ඇය ඉඩ ලැබෙන දිනයක එහි ඇවිත් තමා ආ ගමන ආවර්ඡනය කළාය..ඇය නිතරම සිතුවේ ඡීවිතය ගැනය..පටු මඟක් වගේ ගෙවුණු ඇගේ ඡීවිතය පිළිබද ඇය කල්පනාවෙන් නිමග්නව සිටිද්දි අසලින් ඇසුණේ"ඡබොහ්"ගා වතුරට පනින හඬකි..
කැතරින් අසල විසල් ගසට මුවා වූයේ ඇයිද යන්න ඇයවත් නොදැන සිටියාය..
තල එලු පැහැයට හුරු දෑතක් වතුර මත එහා මෙහා යද්දි ඇය බලා හිඳියේ වතුර මතින් කවුදැයි එළියට පිහිනන්නේ කියාය..
"ගැටිස්සියක්!"
කැතරින් විසල් වුණ දෑසින් ඇය දෙස බලා හිඳියේ ගැටිස්සියක පිරිවරක් නොමැතිවම දිය නාන සැටි මුල්වරට දැකීමෙන් තැතිගෙනය..
සීවලී මැණිකා තෙත ඇඳුම් උනාදමන්නට සැරසෙත්ම ඇය දුටුවේ දිගු කේශ කල්‍යාණියක්ය...
"මේ මොන මල යකෙක්ද..මහා සෝනා මෙව්ලෙට එන්ටේ නැහැ නෙවැ.."
සීවලී මැණිකා තමන්ටම මුමුණගත්තාය..
"දෙයි හාන්දුරුවනේ!,කැතරින් නෝනා!"ඇය ඇගේ දුඹුරු පැහැ දෑස අඳුරගත්තාය..ඇයට පමණක්ම පිහිටා තිබූ ඒ දුඹුරු පැහැ දෑස් යුවල සීවලී මැණිකා දුටු සැනින් අඳුරගත්තාය..
"රාස්සිගේ පෑවිල්ලේ කැතරින් නෝනා මොන සමයමක්ද මේ ගංගොඩැල්ලේ කොරන්නේ..මහා ඇත්තුන්ට අර විසාල වලව් වල ඉන්ට බැරිව මේ ගං වල ගාටන්ට මොන කාරියක්ද.."
සීවලී මැණිකා තම හැට්ට කර සකසාගෙන කැතරින් තමා හට නොපෙනුනා සේම චීත්තයක් කළු ගලේ ගසා සෝදන්නට විය...
"ඒ්ත්,අර මහ ඇත්ති මේ මර අව්වට කරවෙනවා ඇති නෙවැ.."සීවලී මැණිකා ආයෙත් විසල් ගසට මුවා වුණු,කැතරින් දෙස බලා කල්පනා කරන්නට විය..
"පව් නේ,මේ හේදුව චීත්ත රෙද්ද ඇති,අම්මත් අර කහට ගැහිච්ච එකම නෙව අඳින්නේ.."
සීවලි මැණිකා තම ඉඟටියට රෙදි පොට්ටනිය තද කරගත්තේ කැතරින් ඇය දෙස බලා දෑස් හීනිකර,"මේ අර වෙල්යායේ සරුංගලේ බේරපු එකී නෙව.."කැතරින් හට සිනහවක්ද පැමිණියේ,ඇගේ දස්කම මතක් වීමය..
"අනේ අපට සමාවෙන්ට නෝනා..!"
"අයින් වෙයල්ලා,අයින් වෙයල්ලා.."
කරත්තකරු කරත්තය මත නැගී යද්දි බරාදය යට සිටි කැතරින් දෑස යොමුකරේ,"පඩත්තර,!"ගත් කටටම අප්‍රංභංෂ සේ කරත්තකරුවාට කුණුහර්පයෙන් බැනගෙන යන සීවලී මැණිකා දෙසටය..
සීවලි මැණිකා,නොපෙනී යන තෙක්ම මුවා වී සිටි කැතරින් මින් මතුවට කාරණා සිතමින් තමාගේ පිරිවර වෙත ඇවිද යන්නට විය..
***
Complete කරපු short story එකක් දිගටම ලියන්න කියලා ආසා කරපු අය හිටපු නිසාම දිගටම ලියන්න ගත්තා..
පුළුවන් නම්,
කතාව ගැන ඔයාලගේ අදහස් කියන් යන්න..
කියවන හැමෝටම ගොඩක් ස්තුතියි!..❤️😁🌹