ආර්යන් මිතාශ්ම Pov
'දැන් අඩලා ඉවරයි නේද..මොකද ඒපාර තුරුල් වෙලා නිදිද..?'
'නෑ....මන් ඇහැරලා...'
'ඔව් පේනවා....'
'මන් දැන් යන්නම් නේද....හුගක් වෙලා ගියා...'
'හවස ප්‍රැක්ටිස් නැත්තන් මන් එනකම් ඉන්න....කියන්න දෙයක් තියේ...'
ආද්විනු දැනටමත් පඩිපෙළ බැහැලා පහල හිටගෙන ඉද්දි මමත් ඇදුමේ තිබුනු දූවිලි ගසන ගමන් නැගිට්ටා.එච්චර වෙලා ගිහින් නැහැ.කොහෙද ඉතින් මේ මනුස්පයගේ සුවද සෙන්ට් එකට මාවත් පිස්සු වැටෙනවනෙ.ඕවාට නේද ආරු උබ කාලෙකට කලිනුත් පිස්සු වැටුනෙ.
'හරි මන් ඉන්නම්...'
'හ්ම් පන්තියට යන්න දැන්..මට ප්‍රිෆෙක්ට් රූම් එකට යන්න තියේ..හවසට හම්බෙමුකෝ..අපි කතා කරපු බව ආග්‍රට කියන්න එපා ආදී...'
'හ්ම්ම්..'
එයා ගිහින් ටික වේලාවක් යනකම් ඉදලා මමත් ගියේ පන්තිය පැත්තේ.එකටම ගියා නම් එහෙම තව මගුලක් නේ.කොහොමින් කෝම හරි අන්තිමේ 1:30 බෙල් එක ගහන්න විනාඩි 10ක් තියලා මන් පන්තියෙන් එලියට බැස්සේ ආද්විනුලගේ පන්තියට රබර් ඇහැ දාගෙනමයි.අනූපත් එවෙලෙ එලියට ආවා.ඌත් ප්‍රිෆෙක්ට් කෙනෙක්නේ.සරලව මට අනූප එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ.ඒත් මූයි ආද්විනුයි ඇලෙන්න ගියාම ගැරඩි සංසර්ගයේ යෙදෙනවා වගේ.
ඒ දෙන්නා 1 ඉදන් යාලුවෝනේ ඉතින්.ඒත් ඉතින් මටත් ඉරිසියයි නේ? ඒක සාදාරණ නැද්ද මන් අහන්නේ.? අනූපත් සින්ගල්.ඒ අස්සෙ මුන් දෙන්නගෙ ටොයින් ටොයින් එකක් තිබ්බොත් ඒම.අනේ මන්දා මමත් මොනා කියවනවද කියලා.වෙන්ඩ හෙඩ් හැටියට මන් ඔඩ්ටෝරියම් එක ලග පෝලිමට ඉන්න ප්‍රිෆෙක්ට්ස්ලාගෙ ඩියුටි පොත් වලටත් සයින් දදා ඔහේ හිටියා.අන්තිමෙ ආද්විනු ගේට් එක ලග ඉන්නවා දැකපු නිසා ඩිපියුටි හෙඩ් කෙනෙක්ට පොත් ටික සයින් කරන්න කියලා හීයක වේගෙන් දුවගෙන ආවේ මූට විනාඩියත් ඇති නිසා අතුරුදහන් වෙන්න.
'මන් හිතුවේ යයි කියලා...'
'ඉන්න කිව්වනේ ඔයා...'
'හ්ම්ම්....මේ...'
'ඕ කියන්න..'
'අයියෝ...මාර වැඩෙනෙ අප්පා..'
මල මගුලයි නේ..තිශේන් උදේ කිව්වනේ බාලිකාව ලගට යන්න වරෙන් කියලා.මට ඒකත් මිස් උනානේ අනේ..සැහ්ක් දැන් ඕකා මාව මරාවි..විනාසයි නේ.ඒ අස්සේ මන් දැන් කොහොමද ආද්විනුට මේක කටක් ඇරලා කියන්නෙ මන් කියන්න ආපු එක?
'ඇයි මොකද..'
'මන් උදේ තිශේන්ට පොරොන්දු උනානේ බාලිකාව ලගට එන්නම් කියලා..බලනවා දැන් මේකා මගේ කෙස් ගහේ ඉදන් හූරන් කාවී හෙට..'
'ඇයි බාලිකාව ලගට යන්නේ ??..'
'යා කෙල්ලෝ ටෝක් කරන්න නෙමේ..මොනාද මගුලකටලු.මේ එක්කෝ ඔයා යන්න ගෙදර..මන් ඒක බලලා එන්නම්.අරූ මාව තියන්නැතිවෙයි නොගියොත්..'
'හ්ම්ම්ම්....මොකද්ද කියන්න තියේ කිව්වෙ...?'
'කතා කරන්න දෙයක් තියේ නම් ලයිබ්‍රි එක ලග විතරක් හම්බෙමු..ප්‍රශ්න දාගන්න ඕන නෑනේ..'
'ඔයා කියන්නේ මට වෙන තැන් වල කතා කරන්න එපා කියලද..?'
'එහෙම නෙමෙයි ඒත්-'
'මට තේරෙනවා..ඔයා සුන් ටූ බී හෙඩ් ප්‍රිෆෙක්ට්.මොනා හරි උනොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා.අපෙ තාත්තාත් නිකන් ඉන්නේ නැහැනේ.ඔයාගෙ නමටත් ප්‍රශ්නයක් වෙයි ඒකනේ..?'
'ආද්විනු අහන්නකෝ....ඔයාට ඕන පොඩි කතාබහක් නිසා හැමදාටම ඈත් වෙලා ඉන්නද..?'
'හරි මට තේරෙනවා.එහෙනන් ඔයා යන්න.තිශේන් බලාගෙන ඇති'
'පරිස්සමෙන් යන්න.'
'ඔයාත්.'
එයා ටිකක් එහයින් නවත්තලා තිබුනු වාහනේට නගිද්දි මන් බස් එකක එල්ලුනේ ඉක්මනටම බාලිකාව ළගට යන්න.බාලිකාව කොණේ කැෆේ එක ලග තමයි අපි හම්බුනේ.මම එතනට යද්දිත් අදුරන අය දෙතුන් දෙනෙක් වගේම නොදන්න කෙල්ලෙකුත් හිටියා.
'බල්ලෝ මොකද පරක්කු?' තිශේන් උච්ච ස්වරයෙන් අමතද්දි මන් කරේ අත් දිග ශර්ට් එක වැලමිට ළගට නවාගෙන පුටුවට වැටුනු එක.
'Sorry for the late! මොකද්ද කියන්න තියෙන්නේ?'
'අපේ නන්ගි කියාවී' තිශේන්ට එහා පැත්තෙන් ඉදගෙන හිටපු කොණ්ඩේ කොට නෙට්බෝල් කිට් එක ඇදන් හිටපු කෙල්ල හිටියේ ඒ වෙනකොටත් මනුල දිහාවට දුශ්ඨ බැල්මක් දීගෙන.මනුල,තිශේන්,උන්ගෙ නන්ගි,මම,තෙහංස කියන පස් දෙනාම හිටියා.
'ආ ඊටකලින් මන් විස්තරයක් දෙන්නම්.ඇත්තටම මේකෙන් අපිට වැඩක් නෑ But මේ මනුලයා මොන ලබ්බක්ද කරන්නේ කියලා දැනගන්න එපැයි' කැෆේ එකෙ වටේ ඉන්න මිනිස්සු දිහාත් බල බල තිශේන් කියද්දි අපි දැක්කා තුහාන් ගේ කසින් කෙනෙක් වුනු තෙනුරි කැෆේ එකෙන් එළියට යනවා.යසයි යසයි.මම,තෙනුරි,තුහාන් තුන් දෙනාම කලින් ඉස්කොලේ හිටියේ එකටනේ.දැන් තෙනුරි හැසිරෙන්නේ මාව කවදාවත් දැකලා නෑ වගේ.අනේ හාල් කෑලි වලට අවධානේ දෙන්න වේලාවක් නෑ මටත්.
'මේකයි ආරු හරිද.දැන් ටික දවසක් මේ දේ වෙලා.උබ අපේ තෙහංස ව දන්නවනේ? මේ මේකා බන්.ඒත් උබ මගේ නන්ගි ශයීනාව නොදන්නවා ඇති.මුන් දෙන්නා ලව්ලු බන්.මුන් දෙන්නගේ අතට තව ලව් එකක් අහු වෙලා ඒ තමයි අපේ ආදරණීය මනුලගෙයි අර බේසික තුහානුයි.කොහොමින් කොහොමහරි ඔය ඔක්කොම මාට්ටු උනේ ආග්‍රට.'
'ආග්‍රගේ කෙනා කවුද?'
'තාම නැහැ ඌට කවුරුත්..'
'ඩැනියෙල්කාරයා?..' අපි මුලදි හිතාගෙන හිටියේ ආග්‍ර තෙහංසට කැමති කියලා.මොකද උන් දෙන්නා අස්සේ තිබ්බෙම ඒවගේ ලයින්.ඒත් මෙතන වෙලා තියෙන්නේ වෙන මගුලක් නේ යකෝහ්!
ඒ අස්සේ මනුලගෙයි තුහාන්ගෙයි? ඕක නම් අල්ලේ පැළවෙන බොරුවක් වෙන්න ඕන.අනික මනුලට පිස්සුද තුහාන් එක්ක යාලුවෙන්න?
'උබලා දන්නවනේ,කරන්න බැරි දේවල් වලටමයි මගේ හිත යන්නේ කියලා.ඉතින් අන්තිමේ තුහාන්ව දාගත්තා.යකෝ අවුරුදු තුනක් කට්ට කෑවා.මන් පොරොන්දු වෙනවා උබලට උගෙන් එන ප්‍රශ්න සියල්ල වහලා දෙන්නම් කියලා.'
'උබ ඌව දාගන්න හේතුව ඒක නේද..?'
'ඒකත් එකක්.ඌ උබලට කරුමයක් උනු විදිහ මට පේන්න බැහැ.2 වෙනි හේතුව උගේ මුරණ්ඩුකම! මහ Cari මුරණ්ඩුකමක් තිබ්බේ.මට අන්න ඒකත් පේන්න බෑ..හැබැයි දැන් ඒකට කැමති..' මනුල මනමාල හිනාවක් දාලා ඇහැක් ගහද්දි අපිට තේරුනා වෙන්න ඕන හුගක් දේවල් වෙලා කියලා! ඒ කියන්නේ මම තමයි මේවා නොදන්න එකම එකා! උබ මෙච්චර කල් මොන ලොකේද හිටියේ ආර්යන්? උබේම සෙට් එකෙ එකෙක් උබේ ලොකුම හතුරෙක් එක්ක පෙම් කෙළින තරම් දෙයක් වෙද්දිත් උබ කොහෙද හිටියේ ? උබේ හොදම යාළුවාට නන්ගි කෙනෙක් ඉන්නවා කියලා නොදැන උබ කොහෙද හිටියේ ?
මන් මගෙන්ම ප්‍රශ්න කරා.තිශේන්ට මාව තේරුනා වගේ මගේ උරහිසට තට්ටුවක් දැම්මා.කැෆේ එකෙ Door එකක් Open වෙද්දි මන් ඒ පැත්තේ බැලුවේ කවුද ආවේ බලන්න.මන් එහෙම සාමාන්‍යයෙන් වටේ දේවල් බලන්නෑ ඒත් මට බැලුනා! දෛවය කොච්චර මාත් එක්ක සරදම් කරනවද කිව්වොත් ඒ ඇවිත් හිටියේ ආරෝ අම්මා! අපි හිටිය ටේබල් එක පාස් කරන් ගිහින් එයා මොනාහරි ඕඩර් එකක් දැම්මා.එවෙලෙ තමයි එයාට පිටිපස්සෙන් ආද්විනු ඇවිත් හිටගත්තේ.වාව්! මගේ ඇස් පින් කරලා තියෙනවා මේ දර්ශනේ බලාගන්න.
ඒ දෙන්නාම ඇවිත් ඉදගත්තේ අපිට එහාපැත්තේ ටේබල් එකෙන්.ආද්විනු ඇස් කොනින් මන් දිහා බලලා බිම බලාගත්තා.මන් මොනා කරන්නද? හැගීම් දැනීම් නැති එකා වගේ ඉස්සරහ බලාගෙන ඔහේ හිටියා.තෙහංස මටත් තට්ටුවක් දාගෙන නැගිටලා යද්දි ශයීනා නන්ගිත් ඌ පස්සෙන් ගියා.මනුල ඇවිත් මන් ලගින් ඉදගෙන ඉන්නවා.තිශේන් මට ඉස්සරහ ඉදගෙන.
මටත් තියෙන්නේ හිතක්! දහනවයක් කියන්නේ මට ලොකු වයසක් නෙමෙයි.ඔයා මාව අතෑරියාට මන් ඔයාව අතෑරලා නෑ අම්මේ!
ඔයා නිසා මට නැති වුනු දේවල් ඇති නැද්ද? දැන් ඇයි මට ආද්විනුවත් නැති කරන්න හදන්නේ? ඔයාට ඇයි තේරුම් ගන්න බැරි මමත් හැගීම් දැනීම් තියෙන මනුස්සයෙක් ය කියලා? මොන දේ උනත් මම ඔයාගේ කුසින් ඉපදුනු එකම දරුවා කියලා?
මට හිත හදාගන්න වෙලා තියෙන්නේ.මොකද ඉතින් අම්මා ආදරේ එයාගේ අලුත් පවුලට! එයාගේ දැන් පවුලට.මීට අවුරුදු දහසයකට කලින් තමයි එයා මාව එපා කිව්වේ,ඒත් මොනා කරන්නද අදටත් මට හිත හදාගන්න බැරි වෙලා! හැබැයි මට එහෙම කරන්න වෙනවා.
ආද්විනු ආසාවකටවත් මන් දිහා බැලුවේ නැහැ.මට තවත් එතන ඉන්න උවමනාවක් නැහැ.තිශේන්ටයි මනුලටයි ගුඩ් බායි බැල්මක් දීලා මන් එළියට බැස්සා.කැෆේ එක ඉස්සරහ බස් නවත්තනවා.එතනින් හිටගෙන තාප්පෙට හේත්තු උනේ එන ඕන බස් එහෙක මොන ලොකේට යන්න.කැෆේ එකෙ වීදුරු අස්සෙන් ආරෝ අම්මා මගේ දිහා බලාගෙන ඉන්නවා මට පේනවා.මනුල තිශේන් වගේම ආරො අම්මත් මන් දිහා බලාගෙන.ටිකින් ටික පොද වැස්සක් වහින්න ගත්තා.තාප්පේ දිගට ආසාවකට ගහක් නැහැ මුවාවෙන්නවත්.මටත් ඒක මීටර් උනේ නැහැ.මන් බලන් හිටියෙත් මට පේන අම්මගේ රූපේ දිහා! එයාට තරහා ඇති එදා මන් ආද්විනු හොස්පිට්ල් ඇඩ්මිට් කරපු දවසෙවත් ඇවිත් බලලා ගියාට.එදායින් පස්සේ මන් නොගියෙත් ඒ නිසාමයි! ආද්විනුට පුළුවන් උනාට ආරෝ අම්මට විරුද්ධ වෙන්න,මට බෑ හිත හදාගෙන එහෙම කරන්න.
මුලින් වැටුනු පොද වැස්ස වැඩිවෙලා අනෝරා වැස්සක් ඇද හැලෙන්න ගනිද්දි මන් හන්ගන් හිටපු මගේ ඇස් වල කදුළුත් කම්මුල් දිගේ ලිස්සන බෝට්ටු පදින්න පටන් ගත්තා.එන යන බස් ගැන ගාණක් නැතුව මන් ස්කූල් යුනිෆෝම් එකෙන් ම තෙමීගෙන ඇවිදගෙන ගියා.අන්තිමේ ආපු බස් එහෙක එල්ලුනේ තෙමිච්ච කුකුළා ගානට.කොන්දොස්තර මන් දිහා බැලුවේ මූ නාන ගමන් ඇවිත් ද වගේ ලයින් එකකින්!
----
1100+ Words
සොරි ඇපල් මල්!
මට ඔයාලාව සෑහෙන්න මිස් උනා ළමයිනේ.
මන් එදා රෑ අප්ඩේට් දෙන්න හිටියට මට අප්ඩේට් දෙන්න බැරි උනානේ.ඔන්න අද මන් පුලු පුලුවන් හැම පොතේම එක චැප්ටරේ ගාණේ හරි දෙන්න බලනවා හරිද? ප්‍රොමිස් එකක්!
කමෙන්ටුවක් දාගෙන යන්න! මන් විතරද අනෙව් ටීම් ආරු ඉන්නේ? ඔයාලා හැමෝම ටීම් ආදී ද?
ආදරෙයි ඇපල් මල්~
මීට,
කැෆේ එක ළග ඇහැළ ගහ උඩ සිට මිල්ක්ශේක් බොන ඕතර්~