ලෝහිත

By __Ramona_

33.2K 6.2K 872

" උබ දන්නවද අල්මාරියේ එච්චර පිහි තියෙන්නෙ ඇයි කියලා? " තිසුරගේ කටහඬ අනුකම්පා විරහිත විය. " ඒ තමයි මගෙ සෙල්ලම... More

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24

25

1.9K 271 125
By __Ramona_

යුවිනු ඇදගෙන වැටුණු අයුරින්ම සිටිමින් වේගයෙන් හුස්ම ගත්තේ ය. තමන් දුටුවේ මිනිසෙක් ද මළ මිනියක්ද යන්න පිළිබඳව යුවිනු කල්පනා කළේ ය.

නැවතත් නැගී සිටි යුවිනු කාමරයේ විදුලි පන්දම දැල්වූ අතර අපහසුවෙන් ඇවිදිමින් එහි සිටි මිනිසා දෙසට ගමන් කලේ ය.

"තිසුර!"

යුවිනු තිසුර අසලින් වාඩි වුනු අතර තිසුර ආලෝකයට තම ඇස් හුරු කරමින් යුවිනුට සිනහවකින් සංග්‍රහ කළේ ය. යුවිනු තිසුර දෙස පරීක්ෂාකාරීව බැලූ අතර ඔහුව බැඳ තිබෙන අයුරු දුටු යුවිනුගේ දෙනෙතට කඳුලු පිරෙන්නට විය. තිසුර ඒ වන විට අධික ලෙස කෙට්ටු වී සිටි අතර ඔහුව අඳුර ගැනීම පවා යුවිනුට අපහසු විය.

"තිසුර අපි යමු" යුවිනු තිසුරගේ කම්මුල් දෙපසින් තම අත් තබමින් පැවසුවේ ය.

"කොහොමද සීනිබෝලෙ මාව හොයාගත්තෙ ?" තිසුර යුවිනු දෙස බලමින් විමසුවේ ය. යුවිනු ඒ වන විටත් තිසුරගේ පාදයක් සහ අතක් බැඳ දමා තිබුණු දම් වැල් පරීක්ෂා කරන්නට විය.

"මේක ගලවන්නෙ කොහොමද? අක්කා කොහොමද මේවා දැම්මෙ?" යුවිනු ප්‍රශ්න කළේ තිසුරගේ පාදය වටා ඇති දම්වැල සම්බන්ධ යකඩ වළල්ල පරීක්ෂා කරමිනි.

"මන්දා...මට මතක නෑ, මම සිහියෙන් හිටියෙ නෑ!" තිසුර කීවේ ය.

යුවිනු තවත් පැය බාගයක් පමණ තමන්ට හැකි සියලු උපක්‍රම යොදා දම්වැල් ඉවත් කිරීමට උත්සහ කළ ද එය සාර්ථක නොවී ය. එවර යුවිනු දුරකථනය අතට ගත්තේ ය.

"මොකද්ද කරන්න හදන්නෙ?" තිසුර අපහසුවෙන් තම ඉරියව්ව වෙනස් කරමින් ඇසුවේ ය.

"අක්කා මෙතන්ට එන්න කලින් මොකක් හරි කරන දෙයක් කරන්න ඕනි, දැන් කොහොමටත් වෙන කරන්න දෙයක් නැහැ. මම පොලිසියට කෝල් කරනවා" යුවිනු කීය. ඒත් සමගම යුවිනුගේ හිසට පහරක් එල්ල වූ අතර යුවිනු සිහි නොමැතිව ඇදගෙන වැටිණි.

"යුවිනු!!!" තිසුර කෑ ගසමින් යුවිනු අසලට දණ ගෑවේ ය. නමුත් ඒ වන විටත් තිසංසා යුවිනු අසලට ගොස් තිබිණි. තිසංසා බිම වැටී සිට තම සහෝදරයාගේ එක් අතක් තමා වෙතට ඇදගත්තාය. ඉන්පසු තමා ළඟ තිබුණු පිහියක් පිටතට ගත් ඇය යුවිනුගේ දෑතේ පිහියෙන් කැපුමක් සිදු කළා ය. එයින් පිටවුණු රුධිරය තම නහයට ළං කරමින් ආශ්වාදයක් ලබා ගත් ඇය යුවිනුව කාමරයේ අනෙක් කෙළවරට ඇදගෙන යාමට පටන් ගත්තා ය.

තිසුර අපහසුවෙන් යුවිනුව අල්ලා ගනිමින් තිසංසාව වැළැක්වීමට උත්සහ කළ ද තිසුරගේ වෑයම සාර්ථක නොවී ය. එවර තිසුර තිසංසා අසලට යමින් ඇගේ පාදයෙහි එල්ලෙන්නට විය.

"යුවිනුව අත අරින්න ! ප්ලීස් තිසංසා මම ඕනි දෙයක් කරන්නම්!!!" තිසුර තිසංසාගේ පාදයක් බදා ගනිමින් බැගෑපත් විය. තිසංසා තිසුරගේ වදන් සත පහකටවත් මායිම් නොකලා ය. ලේ සුවඳින් මත්ව සිටි තිසංසා තිසුරට පයින් ගසා දැමූ අතර අතිශය දුර්වලව සිටි තිසුර පා පහරින් තල්ලු විය.

තිසංසා නැවතත් යුවිනුව ඇදගෙන යාම ආරම්භ කළ අතර තිසංසා සතුව තිබූ පොල්ල ඇය විසින් පසෙක දමා ඇති අයුරු තිසුරගේ නෙත ගැටුණි. තම තුවාල වලින් එන වේදනාව, දවස් කිහිපයක් නිරාහාරව සිටි නිසා දැණුන ක්ලාන්ත ගතිය සහ තමන්ව බැඳ තිබුණු දම්වැල් වල දරාගත නොහැකි බර අමතක කළ තිසුර පොල්ල අතට ගනිමින් නැගී සිටියේ ය. ඉන්පසු තමන්ගේ උපරිම ශක්තිය යොදමින් තිසංසාගේ පිට පෙදෙසට පහරක් එල්ල කළේ ය.

තිසංසා වැටෙන්නට ගොස් අපහසුවෙන් සිට ගත්ත ද ඇයට හානියක් වීමට තරම් පහර ප්‍රබල නොවීය. යුවිනුව අතහැරි ඇය තිසුර දෙසට ගමන් කළා ය. ඒ වන විටත් තිසුර බිමට ඇද වැටී සිටි අතර ඇය තිසුරගේ ඇස් මට්ටමට නැවී ඔහු දෙස මදක් බලා සිටියා ය.

"යුවිනුට මුකුත් කරන්න එපා!" තිසුර නැවතත් තිසංසාට ආයාචනා කළේ ඇගේ අතකින් අල්ලාගනිමිනි. තිසංසා තිසුර තම අතින් අල්ලා සිටින දෙස බලමින් තනිවම සිනාසුණු අතර ඉන්පසු නැවතත් තිසුර දෙස බැලුවා ය.

"තමුසෙ අපේ මල්ලිට එච්චර ආදරෙයිද?" තිසංසා විමසුවා ය.

"ඔව්, මටත් වැඩිය මම යුවිනුට ආදරෙයි" තිසුර තිසංසාගේ ඇස් දෙස කෙලින් බලමින් කීවේ ය.

"එහෙනම් ඔහොම බලන් ඉඳපන්" කියමින් තිසංසා පිහිය පිටතට ගෙන තම දෑතින්ම පිහිය අල්ලා ගෙන තිසුරගේ උදරයට පිහිය කිඳා බැස්සවී ය. ඉන්පසු පිහිය තවත් උදරයට තද කළ තිසංසා පිහිය නැවතත් පිටතට ඇද්දා ය. තිසුරගේ මුවින් පවා රුධිරය පිටතට ආ අතර තිසුරට කතා කර ගැනීමටවත් හැකියාවක් ඒ වන විට නොතිබිණි.

තිසංසා නැවතත් යුවිනු දෙසට ගමන් කළ අතර ඇය යුවිනුගේ හිස උඩට සිටින පරිදි ඔහුව හරවා ඔහුගේ ඇඟ දෙපසින් තම දණහිස් තබමින් හිඳ ගත්තාය. යුවිනු දෙස මොහොතක් බලා සිටි තිසංසා යුවිනුගේ ගෙල ඉලක්ක කරමින් තිසුරගේ ලෙයින් පෙඟුනු පිහිය නැවතත් එසෙව්වා ය.

"ලොකූ..." තමා වෙතට පිහිය එල්ල කරගෙන සිටින තම සහෝදරිය දෙස බලමින් යුවිනු කීවේ ය. තිසංසා එලෙසම සිටිමින් යුවිනු දෙස බැලුවා ය.

"ඇයි? ඇයි මේ?? මටවත් මල්ලිටවත් නැතත් නෙහාරා අක්කට එහෙම කරේ ඇයි???" යුවිනු ඇසුවේ ය. තිසංසා පිහිය පහතට දමමින් යුවිනු දෙස බලා වේගයෙන් හුස්ම ගත්තා ය. ඉන්පසු නැවතත් පිහිය පෙර ලෙසම වේගයෙන් ඉහලට ගත් අතර යුවිනු තම දෑස් තද කර පියා ගත්තේ තමන්ගේ මොහොත උදා වී ඇති බව සිහි කරමිනි.

නමුත් හදිසියේ ම කුටීරය තුල වෙඩි ශබ්දයක් පැතිර ගිය අතර පිහිය අතහැරි තිසංසා ක්ලාන්තයෙන් මෙන් යුවිනුගේ ඇඟ මතට පතිත විය.
.
.
.
.
.
.
.
.
.
.
.
යුවිනු රෝහලේ ඇඳ මත නිදා සිටින තිසුර දෙස නොනවත්වා බලා සිටි අතර අවසානයේ තිසුර අවදි වන බව දුටු යුවිනුට මද සිනහවක් පහල විය.

"ඔන්න හරි" යුවිනු අසල සිටි විහාරා සිනාසෙමින් කීවේ යුවිනුගේ උරහිසට තට්ටු කරමිනි. තිසුර ඇස් අරිමින් වටපිට බැලුවේ ඔහුට කිසිවක් සිතා ගත නොහැකි වීමෙනි. ඔහුගේ අවසන් මතකය වූයේ ඔහු දින ගණනක් සිර වී සිටි අඳුරු කාමරයයි.

"කොහෙද මේ?" තිසුර විමසුවේ ය.

"හොස්පිට්ල් එකේ. පෙරේදා රෑ ආවෙ, ඊයෙ දවසම නිදි ඔයා. දැන් කොහොමද? බඩගිනිද? මම කන්න මොනාහරි අරන් එන්නද" යුවිනු ප්‍රශ්න වැලක් අසාගෙන ගියේ ය.

"නෑ නෑ මොකද වුනේ? කෝ තිසංසා??" තිසුර විමසීය.

"තිසංසා යුවිනුට පිහිය උස්සද්දිමයි මම ඇවිත් එයාට වෙඩි තිබ්බෙ" විහාරා පිලිතුරු දුන්නා ය.

"ඔයා එතන්ට ආවෙ කොහොමද?" තිසුර ඇසුවේ ය. එවිට යුවිනු සහ විහාරා එදින තිසංසා ගැන ඇහැ ගහගෙන සිටි අයුරු යුවිනු පැහැදිලි කළේ ය.

"මම තිසංසා පස්සෙ අඟුරුවැල්ල පාරෙ ටිකක් දුර ගියා. තිසංසා කඩ කාමරයක් ළඟ නතර කරලා ඒක ඇතුලට ගිහින් ටික වෙලාවකින් ආයෙත් ආවා. මම අදයි දැනගත්තෙ ඒක යුවිනුගෙ තාත්තට අයිති තවත් ගොඩනැගිල්ලක් කියල. තිසංසා ආයෙත් කඩේටම ආවා. මම යුවිනුට කෝල් ගත්තත් එයා ෆෝන් එක ගත්තෙ නෑ. ඒ නිසා නිකමට වගේ කඩේට හොරෙන් පැනල ඇවිදිනකොට තමයි මට සද්දයක් ඇහුනෙ. වෙලාවට වගේ මම ඇවිත් තිබුනෙ" විහාරා කීවා ය.

"ඔවු, විහාරා නැත්තන් අපි දෙන්නම අද නෑ" යුවිනු එක් කළේ ය.

"එතකොට තිසංසා කෝ දැන්" තිසුර විමසීය.

"ලොකූගෙ බොඩි එක අද උදේ ගෙදර අයට බාර දුන්නා" යුවිනු කීවේ ය.

"ඔයාට අවුලක් නැද්ද?" තිසුර යුවිනුගේ අතින් අල්ලාගත්තේ ය.

"ටිකක් දුකයි, ඒත් එයාට එහෙම වෙන්න ඕනි තිසුර. අම්මටයි තාත්තටයි නම් අවුල් ටිකක්" යුවිනු කීවේ ය.

"මම තිසුරගෙන් සමාව ගන්න ඕනි, මනීෂාව මැරුවෙ ඔයා කියලයි මම හිතුවෙ" විහාරා කීවා ය.

"ඒකට කමක් නෑ, එහෙම හිතපු එක සාධාරණයි" තිසුර කීවේය.

"තව ටිකකින් පොලිසියෙන් එයි ඔයාලගෙන් කට උත්තර ගන්න. මොකද ඔයාලා දෙන්නම දැන් ඇසින් දුටු සාක්ෂි කාරයෝ. අනික අඹේපුස්සෙ දි අපිට හම්බුන කෙස් ගහ තිසංසාට මැච්, අපිට තව සීසීටීවී රෙකෝඩ්ස් වගේකුත් හොයාගන්න පුලුවන් වුණා" විහාරා කීවා ය.

"ඒත් ඇයි? තිසංසා මෙහෙම කරන්න හේතුව මොකද්ද?" තිසුර විමසීය.

"පූසො...තිසංසාට පූසො ගැන තිබුණ ආදරය තමයි ලොකුම හේතුව. ඒක අන්තිමට මානසික රෝගයක් වගේ වෙලා, ඒ කියන්නෙ ඒක පිස්සුවක්ම වෙලා. මුලින් යෙවාන් අතින් එයාගෙ පූසා මැරුනහමයි මේක පටන් ගන්න ඇත්තෙ, යෙවාන් අතින් පූසව මැරුනා ඒ නිසා තිසංසා යෙවාන්ව මැරුවා" විහාරා කීවා ය.

"අනිත් අය අතිනුත් දැනුවත්ව හෝ නොදැනුවත්ව පූසොන්ට බරපතල විදිහට කරදර වෙලා තියනවා" යුවිනු එක් කළේ ය.

"හැබැයි තිසංසා ලේ සුවඳට පුදුම විදිහට ආසයි. එයා ඒකෙන් මත් වෙනවා" තිසුර කීවේ ය.

"ඒක ගොඩක් මිනීමැරුම් කරපු අය අතර තියන දෙයක්. සමහර සාමාන්‍ය අය අතරත් ලේ වලට ඒ සුවඳට ආස අය ඉන්නවා" විහාරා පිලිතුරු දුන්නා ය.

"නෙහාරා අක්කව මැරුවෙ ඇයි?" යුවිනු විමසීය.

"තිසංසා එයාව මැරුවෙ මගෙ ඇස් ඉස්සරහමයි. අයියව මැරුවෙ මාව ඔයාව මරන්න හැදුවෙ අපි එයාගෙ වැඩේ දැනගත්ත නිසා. මට එදා ඇහිච්ච දේවල් වල හැටියට නෙහාරාටත් මේක අහුවෙලා තියනවා, එයා පොලිසියට කියන්නයි හදලා තියෙන්නෙ" තිසුර කීවේ ය.

"ඔච්චර එකට හිටපු එකේ අහු නොවුනොත් තමයි පුදුම!" යුවිනු පැවසුවේ ය.

"තිසංසා කරේ හරි වැඩක් නෙවෙයි හැබැයි දැන් මිනිස්සු සත්තුන්ට අත තියද්දි දෙපාරක් හිතයි" විහාරා කීවා ය.

"ඒක ඇත්ත" තිසුර එය සනාත කළේ ය.සියල්ලන්ම සුලු මොහොතකට නිහඬව සිටි අතර පසුව විහාරා නැගී සිටියා ය.

"මම පස්සෙ එන්නම්, පොඩි වැඩ වගයක් තියනවා" කියමින් විහාරා පිටව ගියා ය. යුවිනු සහ තිසුර රෝහල් කාමරයේ තනි වූ අතර ඔවුන් දෙදෙනා මුහුණෙන් මුහුණ බලා සිනාසුනහ. අවසානයේ යුවිනුගේ කමිස කොලරයෙන් අල්ලා ගත් තිසුර යුවිනුව ඔහු වෙතට ඇද ගත්තේ ය.

"ම් ම්..." තම ඇගිලි වලින් තමන්ගේම තොල් යුවිනුට පෙන්වමින් තිසුර කෙඳිරි ගෑවේ ය.

"ඇයි මොකද?" යුවිනු සිනා සෙමින් විමසී ය.

"දෙනවකො" තිසුර එවර ඇඹරෙමින් කීය.

"මේක හොස්පිට්ල් එක" යුවිනු කීවේ ය.

"ඉතින් මේකෙ අපි විතරනෙ ඉන්නෙ"

"ඇයි දැන්ම ඇරියස් කවර් කරන්න පටන් ගන්නද හදන්නෙ?"

"ඔව්...සීනිබෝලෙව කිස් කරන්න නැතුව පිස්සු වගේ මට" තිසුර එසේ කියනවාත් සමගම තිසුර දෙසට නැඹුරු වූ යුවිනු, තිසුරව සිපගත්තේ ය.

"දැනට ඔච්චරයි! ඉතුරු ටික ගෙදර ගිහාම" යුවිනු කීවේ ය. තිසුර පොඩි ළමයෙක් මෙන් දත් පෙන්වමින් සිනාසුණු අතර ඒ දෙස බලා සිටි යුවිනු තිසුර ව උණුසුම් ලෙස වැළඳගත්තේ ය.

෴නිමි෴







...........................................................

Hehehe 😌

හැමෝටම thanks !

Continue Reading

You'll Also Like

14.4K 342 22
Young and Hot India Love. It's as if she became "famous" overnight with her modeling career jumping off.... After she's exposed by the man she fell...
44.2K 483 9
Your fantasies. [ this book is old and unedited. ]
9.9K 1.2K 14
එක පාරටම ලයිට්ස් ඕෆ්.... ආයෙත් ලයිට්ස් ඔන් වුණා තප්පර ගාණක් යන්නත් කලින්.... " ඇති යන්තං අර ඉන්නේ....." සැනසුම් සුසුම පහතට දැම්ම දීශ්ට නම් ආයෙත් හරි...
1K 79 4
අහම්බෙන් දැක්ක අහංකාර ඇස් අස්සේ අතරමං උනේ මන් මටත් නොදැනීම.... දිලිසෙන ඇස්වලින් හොරෙන් කී කතාවෙ තේරුම අදටත් හොයනවා මන් තාම.... දනිමි මන් අහසක් තරම් ව...